රහොනිසජ්ජ සික්ඛාපදං
6. 3. 10.
6. 3. 10.
රහොනිසජ්ජ සික්ඛාපදං
රහෝනිසජ්ජ ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මතො උදායිස්ස පුරාණදුතියිකා භික්ඛුනීසු පබ්බජිතා හොති. සා ආයස්මතො උදායිස්ස සන්තිකෙ අභික්ඛණං ආගච්ඡති. ආයස්මාපි උදායී තස්සා භික්ඛුනියා සන්තිකෙ අභික්ඛණං ගච්ඡති. තෙන ඛො පන සමයෙන ආයස්මා උදායී තස්සා භික්ඛුනියා සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙසි.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උදායී තෙරණුවන් පැරණි අඹුව මෙහෙණන් කෙරෙහි පැවිදිවූවා වෙයි. ඕ නිරතුරු ආයුෂ්මත් උදායී තෙරණුවන් වැළතට යෙයි. ආයුෂ්මත් උදායී තෙරණුවෝ ද ඒ මෙහෙණ වැළතට නිරතුරු යෙති. එකල්හි එකලා වූ ආයුෂ්මත් උදායී තෙරණුවෝ එකලා වූ මැ එමෙහෙණ හා සමඟ නොරඹුරෙහි (පිළිසන් තැනෙකැ) හිඳීම කළහ.
2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උදායි භික්ඛුනියා සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙස්සතී”ති -පෙ- සච්චං කිර ත්වං උදායි, භික්ඛුනියා සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස, භික්ඛුනියා සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙස්සසි. නෙතං මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
2. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් එකලා වූ ආයුෂ්මත් උදායී එකලා වූ මෙහෙණක හා සමඟ නොරඹුරෙහි හිඳී දැ යි ... සැබෑ ද? උදායී, එකලා වූ තෙපි එකලා වූ මෙහෙණක හා සමඟ නොරඹුරෙහි හිඳිවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, එකලා වූ තෙපි එකලා වූ මෙහෙණක හා සමඟ නොරඹුරෙහි හිඳිවු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යො පන භික්ඛු භික්ඛුනියා සද්ධිං එකො එකාය රහො නිසජ්ජං කප්පෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මහණෙක් එකලා වූයේ එකලා වූ මෙහෙණක හා සමඟ නොරඹුරෙහි (පිළිසන් තැනෙක) හිඳිම කරන්නේ නම් පචිති වේ” යයි.
3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
3. යො පන යනු: යම්, යම් බඳු ... භික්ඛු නම්: මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
භික්ඛුනී නාම: උභතො සඞ්ඝෙ උපසම්පන්නා.
භික්ඛුනී නම්: දෙසඟුන් කෙරෙහි උපසපන් වූවා.
සද්ධින්ති: එකතො.
සද්ධිං: එක් වැ.
එකො එකායාති: භික්ඛු චෙව හොති භික්ඛුනී ච.
ඒකෝ ඒකාය: මහණෙක් ද වෙයි, මෙහෙණක් ද වෙයි.
රහො නාම: චක්ඛුස්ස රහො සොතස්ස රහො. චක්ඛුස්ස රහො නාම: න සක්කා හොති අක්ඛිං වා නිඛණීයමානෙ භමුකං වා උක්ඛිපීයමානෙ සීසං වා උක්ඛිපීයමානෙ පස්සිතුං. සොතස්ස රහො නාම: න සක්කා හොති පකතිකථා සොතුං.
රහෝ නම්: ඇසට නො හමු යැ, කනට නො හමු යැ. චක්ඛුස්ස රහෝ නම්: ඇස හෝ කසනු ලබන කල්හි බැම හෝ නඟනු ලබන කල්හි හිස හෝ ඔසවනු ලබන කල්හි බලන්නට නො හැකි වෙයි. සෝතස්ස රහෝ නම්: පියවි බස් අසන්නට නො හැකි වෙයි.
නිසජ්ජං කප්පෙය්යාති: භික්ඛුනියා නිසින්නාය භික්ඛු උපනිසින්නො වා හොති උපනිපන්නො වා ආපත්ති පාචිත්තියස්ස. භික්ඛු නිසින්නෙ භික්ඛුනී උපනිසින්නා වා හොති උපනිපන්නා වා ආපත්ති පාචිත්තියස්ස. උභො වා නිසින්නා හොන්ති උභො වා නිපන්නා, ආපත්ති පාචිත්තියස්ස.
නිසජ්ජං කප්පෙය්ය යනු: මෙහෙණ හුන් කල්හි මහණ වෙතැ හුන්නේ නම් හෝ වෙතැ හොත්තේ නම් හෝ පචිති ඇවැත් වෙයි. මහණ හුන් කල්හි මෙහෙණ වෙතැ හුන්නී නම් හෝ වෙතැ හොත්තී නම් හෝ පචිති ඇවැත් වේ. දෙදෙන මැ හෝ හුන්නාහු වෙත් නම් දෙදෙන මැ හෝ හොත්තාහු වෙත් නම් පචිති ඇවැත් වේ.
රහො රහොසඤ්ඤී එකො එකාය නිසජ්ජං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස. රහො වෙමතිකො එකො එකාය නිසජ්ජං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස. රහො අරහොසඤ්ඤී එකො එකාය නිසජ්ජං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස.
නොරඹුරෙහි නොරඹුරුසන් ඇතියේ මහණ මෙහෙණක හා සමඟ හිඳීම කෙරේ නම් පචිති ඇවැත් වෙ යි. නොරඹුරෙහි විමති ඇතියේ මහණ මෙහෙණක හා සමඟ හිඳීම කෙරේ නම් පචිති ඇවැත් වෙයි. නොරඹුරෙහි හමුසන් ඇතියේ මහණ මෙහෙණක හා සමඟ හිඳීම කෙරේ නම් පචිති ඇවැත් වේ.
අරහො රහොසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අරහො වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අරහො අරහොසඤ්ඤී අනාපත්ති.
හමුයෙහි නොරඹුරු සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි, හමුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වේ. හමුයෙහි හමුසන් ඇතියේ නම් ඇවැත් නැති.
අනාපත්ති: යො කොචි විඤ්ඤූ දුතියො හොති තිට්ඨති න නිසීදති අරහොපෙක්ඛො අඤ්ඤවිහිතො නිසීදති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
යම් කිසිදු දැනුමැති දෙවැන්නෙක් වේ නම්, සිටී නම් නොහිඳී නම්, අනෙකක් කරනුයේ හිඳී නම්, නොරඹුරෙහි ලෝකාස්වාද රතියක් නැතියේ නම්, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
රහොනිසජ්ජසික්ඛාපදං දසමං.
දසවැනි රහෝනිසජ්ජ ශික්ෂාපද යි.
භික්ඛුනොවාද වග්ගො තතියො.
තුන්වැනි භික්ඛුනෝවාද වර්ග යි.
තස්සුද්දානං:
එහි උද්දානය:
අසම්මත‘ත්ථඞ්ගතා, උපස්සයං ආමිසදානෙන සිබ්බති අද්ධානං නාවං භුඤ්ජෙය්ය, එකො එකාය තෙ දසා’ති.
(අසම්මත වැ මෙහෙණන්හට ඔවා දීමෙන් පැන වූ) ඕවාද ය, අත්‍ථඞ්ගත යැ, භික්ඛුනී උපස්සය යැ, ආමිස යැ, චීවරදානය සමඟ චීවරසිබ්බන යැ, සංවිධාන යැ, නාවාභිරූහන යැ, පරිපාචිත යැ, රහෝනිසජ්ජ යැ යි සිකපදහු දස දෙනෙකි.