පඨමපවාරණසික්ඛාපදවණ්ණනා අට්ඨකථා
පඨමපවාරණසික්ඛාපදවණ්ණනා
පඨමපවාරණ ශික්ෂාපද වර්ණනාව
පඤ්චමසික්ඛාපදෙ – භික්ඛූ භුත්තාවී පවාරිතාති බ්රාහ්මණෙන “ගණ්හථ, භන්තෙ, යාව ඉච්ඡථා”ති එවං යාවදත්ථපවාරණාය, සයඤ්ච “අලං, ආවුසො, ථොකං ථොකං දෙහී”ති එවං පටික්ඛෙපපවාරණාය පවාරිතා. පටිවිස්සකෙති සාමන්තඝරවාසිකෙ.
පඤ්චම ශික්‍ෂාපදයෙහි “භික්ඛූ භූත්තාවී පවාරිතා” බමුණන් විසින් ‘ස්වාමීනි’ යම්තාක් කැමැත්තහු නම් එපමණ ගණු මැනැවැ’යි මෙසේ සෑහෙන පමණ ගැණීමට කළ පැවරීමෙන්ද ‘ඇවැත’, පමණි, ටික ටික දෙව’යි මෙසේ තමන්ගේ ප්රතික්ෂෙ පවාරණයෙන්ද පවරන ලද්දාහුය. “පටිවිස්සකෙ” අවට ගෙවල වැසියෝ
කාකොරවසද්දන්ති කාකානං ඔරවසද්දං; සන්නිපතිත්වා විරවන්තානං සද්දං. අලමෙතං සබ්බන්ති එත්ථ තිකාරං අවත්වාව “අලමෙතං සබ්බං” එත්තකං වත්තුං වට්ටති.
“කාකොරවසද්දං” කවුඩන් හඬන හඬ. රැස්වන විරාවය කරන්නවුන්ගේ ශබ්දය. “අලමෙතං සබ්බන්ති” මෙහි තිකාරය නොකියාම “අලමෙතං සබ්බං” යන මෙපමණක් කීම වටියි.
භුත්තාවීති භුත්තවා. තත්ථ ච යස්මා යෙන එකම්පි සිත්ථං සඞ්ඛාදිත්වා වා අසඞ්ඛාදිත්වා වා අජ්ඣොහරිතං හොති, සො “භුත්තාවී”ති සඞ්ඛ්‍යං ගච්ඡති, තෙනස්ස පදභාජනෙ “භුත්තාවී නාම පඤ්චන්නං භොජනාන”න්තිආදි වුත්තං. පවාරිතොති කතපවාරණො, කතපටික්ඛෙපො. සොපි ච යස්මා න පටික්ඛෙපමත්තෙන, අථ ඛො පඤ්චඞ්ගවසෙන, තෙනස්ස පදභාජනෙ “පවාරිතො නාම අසනං පඤ්ඤායතී”තිආදි වුත්තං. තත්ථ යස්මා “අසනං පඤ්ඤායතී”ති ඉමිනා විප්පකතභොජනො, “පවාරිතො”ති වුත්තො. යො ච විප්පකතභොජනො, තෙන කිඤ්චි භුත්තං, කිඤ්චි අභුත්තං, යඤ්ච භුත්තං; තං සන්ධාය “භුත්තාවී”තිපි සඞ්ඛ්‍යං ගච්ඡති, තස්මා භුත්තාවීවචනෙන විසුං කඤ්චි අත්ථසිද්ධිං න පස්සාම. “දිරත්තතිරත්තං, ඡප්පඤ්චවාචාහී”තිආදීසු (පාචි· 61-62) පන දිරත්තාදිවචනං විය පවාරිතපදස්ස පරිවාරකභාවෙන බ්යඤ්ජනසිලිට්ඨතාය චෙතං වුත්තන්ති වෙදිතබ්බං.
“භූත්තාවී” අනුභව කළ භොජනය ඇත්තේය. එහිද යම් හෙයකින් යමකු විසින් එකද උලක් කා හෝ නොකා හෝ පරගලගත කරන ලද්දේවේද, හෙතෙමේ භුත්තාවීයි ගිණීමටයයි. එහෙයින් මේ ශික්‍ෂාපදයෙහි පදභාජනයෙහි “භුත්තාවී නාම පඤ්චන්නං භොජනානං” යනාදිය වදාළ සේක. “පවාරිතො” කළ පවාරණය ඇත්තේ. කළ ප්රතික්ෂෙප ඇත්තේ. ඒ පවාරණයද යම්හෙයකින් ප්රතික්ෂෙප මාත්‍රයෙකින් නොවේද, වැලි කෙසේ පවරණ ලද්දේවේද, යත්: පස් අඟක්හුගේ වසයෙන් වේ. එහෙයින් මේ ශික්‍ෂාපදයාගේ පදභාජනයෙහි “පවාරිතො නාම අසනං පඤ්ඤායති” යන මෙයින් අඩාල කළ භොජනය ඇත්තේද, ඔහු විසින් කිසිවක් අනුභව කරන ලද්දේය. කිසිවක් අනුභව නොකරන ලද්දේය. යමක් අනුභව කරන ලද්දේ ද, ඒ සඳහා ‘භුත්තාවී’යි ගිණීමට යන්නේය. එහෙයින් භුත්තාවී යන වචනයෙන් වෙන් වූ කිසි අර්ත්ථසිද්ධියක් නොදකිමු. ‘ද්විරත්තතිරත්තං ඡප්පඤ්චවාචාහි’ යනාදි තන්හි ද්විරත්තාදිවචන මෙන් පවාරිතපදයාගේ පරිචාරකභාවයෙන්ද බ්යඤ්ජනසිලිට්ඨතාවයෙන්ද මෙය කියන ලදැයි දතයුතුය.
අසනං පඤ්ඤායතීතිආදීසු විප්පකතභොජනං දිස්සති, භුඤ්ජමානො චෙසො පුග්ගලො හොතීති අත්ථො. භොජනං පඤ්ඤායතීති පවාරණප්පහොනකභොජනං දිස්සති. ඔදනාදීනං චෙ අඤ්ඤතරං පටික්ඛිපිතබ්බං භොජනං හොතීති අත්ථො. හත්ථපාසෙ ඨිතොති පවාරණප්පහොනකං භොජනං ගණ්හිත්වා දායකො අඩ්ඪතෙය්යහත්ථප්පමාණෙ ඔකාසෙ හොතීති අත්ථො. අභිහරතීති සො චෙ දායකො තස්ස තං භත්තං කායෙන අභිහරතීති අත්ථො. පටික්ඛෙපො පඤ්ඤායතීති පටික්ඛෙපො දිස්සති; තඤ්චෙ අභිහටං සො භික්ඛු කායෙන වා වාචාය වා පටික්ඛිපතීති අත්ථො. එවං පඤ්චන්නං අඞ්ගානං වසෙන පවාරිතො නාම හොතීති. වුත්තම්පි චෙතං –
“අසනං පඤ්ඤායති” යනාදි තන්හි අඩාල කළ භොජනය දක්නා ලැබේ. මේ පුද්ගල තෙමේ අනුභව කරන්නේ වේය යන අර්‍ත්‍ථයි. “භොජනං පඤ්ඤායති” පවාරණයට පොහොනා භොජනය දක්නා ලැබේ. ඔදනාදීන් අතුරෙහි ප්රතික්ෂෙප කටයුතුවූ එක්තරා භොජනයක් වේය යන අර්‍ත්‍ථයි. “හත්ථපාසෙ ඨිතො” ඉදින් පවාරණයට පොහොනා භොජනයක් ගෙණ දායක තෙමේ දෙරියන් හමාරක් පමණ වූ අන් පසෙහි වේනම් යන් අර්‍ත්‍ථයි. “අභිහරති” ඉදින් ඒ දායක තෙමේ ඔහුට ඒ බත කයින් එළවානම් යන අර්‍ත්‍ථයි. “පටික්ඛෙපො පඤ්ඤායති” ප්රතික්ෂෙපය දක්නා ලැබේ. එළවනලද ඒද. ඒ මහණ තෙමේ කයින් හෝ වචනයෙන් හෝ ප්රතික්ෂෙප කෙරේ නම් යන අර්‍ත්‍ථයි. මේ පස් වැදෑරුම් වූ අඞ්ගයන්ගේ වසයෙන් පවරන ලද්දේ නම් වේ.
“පඤ්චහි උපාලි ආකාරෙහි පවාරණා පඤ්ඤායති – අසනං පඤ්ඤායති, භොජනං පඤ්ඤායති, හත්ථපාසෙ ඨිතො, අභිහරති, පටික්ඛෙපො පඤ්ඤායතී”ති (පරි· 428).
‘පඤ්චහි උපාලි ආකාරෙහි පවාරණා හොති: අසනං පඤ්ඤායති, භොජනං පඤ්ඤායති, හත්ථපාසෙ ඨිතො අභිහරති, පටික්ඛෙපො පඤ්ඤායති’යි මෙසේ වදාරන ලද්දේය.
තත්රායං විනිච්ඡයො – “අසන”න්තිආදීසු තාව යඤ්ච අස්නාති යඤ්ච භොජනං හත්ථපාසෙ ඨිතෙන අභිහටං පටික්ඛිපති, තං “ඔදනො, කුම්මාසො, සත්තු, මච්ඡො, මංස”න්ති ඉමෙසං අඤ්ඤතරමෙව වෙදිතබ්බං. තත්ථ ඔදනො නාම – සාලි, වීහි, යවො, ගොධුමො, කඞ්ගු, වරකො, කුද්රූසකොති සත්තන්නං ධඤ්ඤානං තණ්ඩුලෙහි නිබ්බත්තො. තත්ථ “සාලී”ති අන්තමසො නීවාරං උපාදාය සබ්බාපි සාලිජාති. “වීහී”ති සබ්බාපි වීහිජාති. “යවගොධුමෙසු” භෙදො නත්ථි. “කඞ්ගූ”ති සෙතරත්තකාළභෙදා සබ්බාපි කඞ්ගුජාති. “වරකො”ති අන්තමසො වරකචොරකං උපාදාය සබ්බා සෙතවණ්ණා වරකජාති. “කුද්රූසකො”ති කාළකො ද්රවො චෙව සාමාකාදිභෙදා ච සබ්බාපි තිණධඤ්ඤජාති.
එහි මේ විනිශ්චය වේ. “අසනං” යමක් අනුභව කෙරේද, යම් බොජුනක් අත්පසෙහි සිටියහු විසින් එළවනලද ප්රතික්ෂෙප කෙරේද, ඒ භොජනය බත-කොමු-අස්සුනු-මාලු-මස් යන මොවුන් අතුරෙහි එකෙක්මයයි දතයුතුය. එහි ඔදන නම් හැල් වී යව තිරිඟු තණ හෙලවරා අමු යන සත් වැදෑරුම් ධාන්‍යයන්ගේ සහලින් නිපන්නේය. එහි හැල් නම් යටත් පිරිසෙයින් හුරුහැල් පටන් සියලුම හැල්වර්ගයි. ‘වී’ නම් සියලු වීවර්ගයි. යව තිරිඟුවල භෙදයක් නැත්තේය. ‘තණ’ නම් සුදු රතු කලු වූ සියලු තණවර්ගයි. ‘හෙලවරා’ නම් යටත් පිරිසයින් සිහින් වර පටන් සියලුම සුදුවන් වරාය. ‘අමු’ නම් කලුහමුද බඩහමු ආදී භෙදවත් සියලුම ධාන්‍ය වර්ගයි.
නීවාරවරකචොරකා චෙත්ථ “ධඤ්ඤානුලොමා”ති වදන්ති. ධඤ්ඤානි වා හොන්තු ධඤ්ඤානුලොමානි වා, එතෙසං වුත්තප්පභෙදානං සත්තන්නං ධඤ්ඤානං තණ්ඩුලෙ ගහෙත්වා “භත්තං පචිස්සාමා”ති වා “යාගුං පචිස්සාමා”ති වා “අම්බිලපායාසාදීසු අඤ්ඤතරං පචිස්සාමා”ති වා යංකිඤ්චි සන්ධාය පචන්තු, සචෙ උණ්හං සීතලං වා භුඤ්ජන්තානං භොජනකාලෙ ගහිතගහිතට්ඨානෙ ඔධි පඤ්ඤායති, ඔදනසඞ්ගහමෙව ගච්ඡති, පවාරණං ජනෙති. සචෙ ඔධි න පඤ්ඤායති, යාගුසඞ්ගහං ගච්ඡති, පවාරණං න ජනෙති.
මෙහි හුරුහැල් සිහින් වරාද ධාන්යානුලොමයයි කියත්. ධාන්‍ය හෝ වෙත්වා, ධාන්යානුලෝමයෝ හෝ වෙත්වා, කියූ ප්‍රභෙද ඇති මේ සත්වැදෑරුම් ධාන්‍යයන්ගේ සහල් ගෙණ බත් පිසන්නෙමු’යි හෝ කැඳ පිසන්නෙමු’යි හෝ යම් කිසිවක් සඳහා පිසත්වා ඉදින් උණුසුම් වූවක් හෝ සිහිල් වූවක් හෝ ඇඹුල් කිරීමක් ආදීන් අතුරෙහි එක්තරා එකක් පිසන්නෙමු’යි හෝ වළඳන්නවුන්ගේ වළදන කාලයෙහි ගත් ගත් තන්හි අවධි පෙනේද එය ඔදන සඞ්ග්රහයටම යයි. පවාරණය උපදවයි. ඉදින් අවධි නොපෙනේ නම් යාගුසඞ්ග්රහයයයි. පවාරණය නොඋපදවයි.
යොපි පායාසො වා පණ්ණඵලකළීරමිස්සකා අම්බිලයාගු වා උද්ධනතො ඔතාරිතමත්තා අබ්භුණ්හා හොති, ආවජ්ජිත්වා පිවිතුං සක්කා, හත්ථෙන ගහිතොකාසෙපි ඔධිං න දස්සෙති, පවාරණං න ජනෙති. සචෙ පන උසුමාය විගතාය සීතලීභූතා ඝනභාවං ගච්ඡති, ඔධිං දස්සෙති, පුන පවාරණං ජනෙති. පුබ්බෙ තනුභාවො න රක්ඛති. සචෙපි දධිතක්කාදීනි ආරොපෙත්වා බහුපණ්ණඵලකළීරෙ පක්ඛිපිත්වා මුට්ඨිමත්තාපි තණ්ඩුලා පක්ඛිත්තා හොන්ති, භොජනකාලෙ චෙ ඔධි පඤ්ඤායති, පවාරණං ජනෙති. අයාගුකෙ නිමන්තනෙ “යාගුං දස්සාමා”ති භත්තෙ උදකකඤ්ජිකඛීරාදීනි ආකිරිත්වා “යාගුං ගණ්හථා”ති දෙන්ති. කිඤ්චාපි තනුකා හොන්ති, පවාරණං ජනෙතියෙව . සචෙ පන පක්කුථිතෙසු උදකාදීසු පක්ඛිපිත්වා පචිත්වා දෙන්ති, යාගුසඞ්ගහමෙව ගච්ඡති. යාගුසඞ්ගහං ගතෙපි තස්මිං වා අඤ්ඤස්මිං වා යත්ථ මච්ඡමංසං පක්ඛිපන්ති, සචෙ සාසපමත්තම්පි මච්ඡමංසඛණ්ඩං වා න්හාරු වා පඤ්ඤායති, පවාරණං ජනෙති.
යම් කිරිබතක් හෝ කොළ ගෙඩි කිළිල් මුසු ඇඹුල් කැඳවක් හෝ උදුනෙන් බානලද ඇසිල්ල ඇත්තී ඉතා උණුසුම් වේද, සිසාරා බොන්නට පිළිවන් වේද, අතින් ගත් පෙදෙසෙහි අවධි නොදක්වාද, පවාරණය නොඋපදවයි. ඉදින් උණුසුම පහව ගිය කල්හි සිහිල් වූවා සහභාවයට යේද, අවධිය දක්වාද, නැවැත පවාරණය උපදවයි. පෙරවූ තුනීබව නොරකියි. ඉදිනුදු දී, මොරු ආදිය නගා කොළ ගෙඩි කිළිල් බහා මිටක් පමණ වූ සහල්ද, බහන ලද්දාහු වෙත්ද, වළඳන කාලයෙහි අවධිය පෙනේද, පවාරණය උපදවයි. කැඳ හැර සෙස්සෙන් කරන පැවරීමෙහි ‘කැඳ දෙන්නෙමු’යි බතෙහි පැන් කාඩි කිරි ආදිය වත්කර ‘කැඳ ගණු මැනැවැ’යි කියා දෙත්ද, ඒ කැඳ තුනී වූවා වේද, පවාරණය උපදවාය. ඉදින් පැසවූ පැන් ආදියෙහි බහා පිස දෙත්ද, යාගු සඞ්ග්රහයටම යෙයි. යාගුසඞ්ග්රහයට ගිය කල්හිද එහි හෝ අනිකක හෝ යම් තැනක මාලු මස් බහත්ද ඉදින් අබැටක් නමුදු මාලුමස් කඩක් හෝ නහරක් හෝ පෙනේද, පවාරණය උපදවයි.
සුද්ධරසකො පන රසකයාගු වා න ජනෙති. ඨපෙත්වා වුත්තධඤ්ඤානං තණ්ඩුලෙ අඤ්ඤෙහි වෙණුතණ්ඩුලාදීහි වා කන්දමූලඵලෙහි වා යෙහි කෙහිචි කතං භත්තම්පි පවාරණං න ජනෙති, පගෙව ඝනයාගු. සචෙ පනෙත්ථ මච්ඡමංසං පක්ඛිපන්ති, ජනෙති. මහාපච්චරියං “පුප්ඵඅත්ථාය භත්තම්පි පවාරණං ජනෙතී”ති වුත්තං. පුප්ඵිඅත්ථාය භත්තං නාම පුප්ඵිඛජ්ජකත්ථාය කුථිතතූදකෙ පක්ඛිපිත්වා සෙදිතතණ්ඩුලා වුච්චන්ති. සචෙ පන තෙ තණ්ඩුලෙ සුක්ඛාපෙත්වා ඛාදන්ති, වට්ටති; නෙව සත්තුසඞ්ඛ්යං න භත්තසඞ්ඛ්යං ගච්ඡන්ති. පුන තෙහි කතභත්තං පවාරෙතියෙව. තෙ තණ්ඩුලෙ සප්පිතෙලාදීසු වා පචන්ති, පූවං වා කරොන්ති, න පවාරෙන්ති. පුථුකා වා තාහි කතසත්තුභත්තාදීනි වා න පවාරෙන්ති.
පිරිසිදු රස ඇත්තක් හෝ රස යාගුවක් හෝ පවාරණය නොඋපදවයි. කියූ ධාන්‍යයන්ගේ සහල් හැර අන් හුණසහල් ආදියෙන් හෝ අලමුල් ගෙඩිවලින් හෝ යන යම් කිසිවකින් කළ බතද පවාරණය නොඋපදවයි. ඝනයාගුව කියනු කිම, ඉදින් මෙහි මාලු මස් බහත්ද, පවාරණය උපදවයි. මහාපච්චරියෙහි ඛුබ්බි නම් වූ ඛාද්‍යය පිණිස කළ බතද පවාරණය උපදවායි කියනලදී. බිබික්කම් පිණිස කළ බත නම්, බිබික්කම් පිණිස කකාළ දියෙහි බහා උණුසුම් ගන්වන ලද සහල් කියනු ලැබේ. ඉදින් සහල් වියලවා කත්ද, වටියි. බැදිපිටි ගණනට නොම යෙයි. බන් ගණනට නොයෙයි. නැවත ඒ සහලින් කළ බත පවාරණය කෙරේමය. ඒ සහල් ගිතෙල් තලතෙල් ආදියෙහි හෝ ලා පිසත්ද, පූ හෝ කරත්ද, පවාරණය නොකරයි. හබලපෙතිද ඒ හබලපෙතිවලින් කළ බැදි පිටිබත් ආදියද පවාරණය නොකරත්.
කුම්මාසො නාම යවෙහි කතකුම්මාසො. අඤ්ඤෙහි පන මුග්ගාදීහි කතකුම්මාසො පවාරණං න ජනෙති. සත්තු නාම සාලිවීහියවෙහි කතසත්තු. කඞ්ගුවරකකුද්රූසකසීසානිපි භජ්ජිත්වා ඊසකං කොට්ටෙත්වා ථුසෙ පලාපෙත්වා පුන දළ්හං කොට්ටෙත්වා චුණ්ණං කරොන්ති. සචෙපි තං අල්ලත්තා එකාබද්ධං හොති, සත්තුසඞ්ගහමෙව ගච්ඡති. ඛරපාකභජ්ජිතානං වීහීනං තණ්ඩුලෙ කොට්ටෙත්වා දෙන්ති, තම්පි චුණ්ණං සත්තුසඞ්ගහමෙව ගච්ඡති. සමපාකභජ්ජිතානං පන වීහීනං වා වීහිපලාපානං වා තණ්ඩුලා භජ්ජිතතණ්ඩුලා එව වා න පවාරෙන්ති. තෙසං පන තණ්ඩුලාදීනං චුණ්ණං පවාරෙති. ඛරපාකභජ්ජිතානං වීහීනං කුණ්ඩකම්පි පවාරෙති. සමපාකභජ්ජිතානං පන ආතපසුක්ඛානං වා කුණ්ඩකං න පවාරෙති. ලාජා වා තෙහි කතභත්තසත්තුආදීනි වා න පවාරෙන්ති. භජ්ජිතපිට්ඨං වා යංකිඤ්චි සුද්ධඛජ්ජකං වා න පවාරෙති. මච්ඡමංසපූරිතඛජ්ජකං පන සත්තුමොදකො වා පවාරෙති. මච්ඡො මංසඤ්ච පාකටමෙව. අයං පන විසෙසො – සචෙපි යාගුං පිවන්තස්ස යාගුසිත්ථමත්තානෙව ද්වෙ මච්ඡඛණ්ඩානි වා මංසඛණ්ඩානි වා එකභාජනෙ වා නානාභාජනෙ වා දෙන්ති, තානි චෙ අඛාදන්තො අඤ්ඤං යංකිඤ්චි පවාරණප්පහොනකං පටික්ඛිපති , න පවාරෙති. තතො එකං ඛාදිතං, එකං හත්ථෙ වා පත්තෙ වා හොති, සො චෙ අඤ්ඤං පටික්ඛිපති, පවාරෙති. ද්වෙපි ඛාදිතානි හොන්ති, මුඛෙ සාසපමත්තම්පි අවසිට්ඨං නත්ථි, සචෙපි අඤ්ඤං පටික්ඛිපති, න පවාරෙති.
කුම්මාස නම් යවයෙන් කළ කොමුය. අන්‍යවූද, මුං ආදියෙන් කළ කොමුව පවාරණය නොඋපදවයි. සත්තු නම් හැල් වී යවයෙන් කළ බැදිපිටිය. තණවරා අමු යන මොවුන්ගේ කරල්ද, බැද මදක් කොටා දහය්යා පොලා නැවැත දැඩිව කොටා කුඩු කරත්ද ඉදිනුදු ඒ කුඩු තෙත් බැවින් එකට බැඳුණෝ වේද, අත්සුණු ගණනටම යන්නේය. කරපාකයෙන් බදින ලද වීවල සහල් කොටා දෙත්ද ඒ කුඩුද අත්සුණු ගණනටම යයි. සමපාකයෙන් බදින ලද වීවල හෝ වී බොල්වල හෝ සහල් බැදි සහල්ම හෝ වේද, පවාරණය නොකෙරෙත්. යම් සහල් ඈ පිටි, පවරාණය කෙරේද, කරපාකයෙන් බදින ලද සහල් කුඩුද පවාරණය කරයි. සමපාකයෙන් බදින ලද අව්වෙන් වියලනලද වීවල කුඩු පවාරණය නොකරයි. විළඳ හෝ ඒ විළදින් කළ බත් අත්සුණු ආදිය හෝ පවාරණය නොකෙරෙත්. බදින ලද පිටිද යම්කිසි ශුද්ධ කැවිලියක් හෝ වේද, එද පවාරණය නොකරයි. මාලු, මස් පුරවනලද කැවිලියද බැදිපිටි පිඬු කොට නොපැසවා කළ අග්ගලාවද පවාරණය කරයි. මත්ස්‍ය මාංසය ප්‍රකටමය. මේ එහි වෙනසය. ඉදින් කැඳ බොන මහණහුට කැඳහුලු පමණවූම මස් කැබලි දෙකක් හෝ එක් බඳුනෙක හෝ නොයෙක් බඳුන්හි හෝ ලා දෙත්ද, ඒ මත්ස්‍ය මාංස නොකමින් පවාරණයට පොහොනා අන් යම් කිසි දෙයක් ප්රතික්ෂෙප කෙරේනම් නොපවරයි. එයින් කාද එකක් අතෙහි හෝ පාත්‍රයෙහි හෝ වේද, හෙතෙමේ අනිකක් ප්රතික්ෂෙප කෙරේ නම් පවරයි. දෙකම කන ලද්දේ වේද, මුඛයෙහි අබැටක් පමණ නමුදු ඉතිරි වූවෙක් නැත්තේද, ඉදිනුදු අනිකක් ප්රතික්ෂෙප කෙරේනම් නොපවරයි.
කප්පියමංසං ඛාදන්තො කප්පියමංසං පටික්ඛිපති, පවාරෙති. කප්පියමංසං ඛාදන්තො අකප්පියමංසං පටික්ඛිපති, න පවාරෙති. කස්මා? අවත්ථුතාය. යඤ්හි භික්ඛුනො ඛාදිතුං වට්ටති, තංයෙව පටික්ඛිපතො පවාරණා හොති. ඉදං පන ජානන්තො අකප්පියත්තා පටික්ඛිපති, අජානන්තොපි පටික්ඛිපිතබ්බට්ඨානෙ ඨිතමෙව පටික්ඛිපති නාම, තස්මා න පවාරෙති. සචෙ පන අකප්පියමංසං ඛාදන්තො කප්පියමංසං පටික්ඛිපති, පවාරෙති. කස්මා? වත්ථුතාය. යඤ්හි තෙන පටික්ඛිත්තං, තං පවාරණාය වත්ථු. යං පන ඛාදති, තං කිඤ්චාපි පටික්ඛිපිතබ්බට්ඨානෙ ඨිතං, ඛාදියමානං පන මංසභාවං න ජහති, තස්මා පවාරෙති. අකප්පියමංසං ඛාදන්තො අකප්පියමංසං පටික්ඛිපති, පුරිමනයෙනෙව න පවාරෙති. කප්පියමංසං වා අකප්පියමංසං වා ඛාදන්තො පඤ්චන්නං භොජනානං යංකිඤ්චි කප්පියභොජනං පටික්ඛිපති, පවාරෙති. කුලදූසකවෙජ්ජකම්මඋත්තරිමනුස්සධම්මාරොචනසාදිතරූපියාදීහි නිබ්බත්තං බුද්ධපටිකුට්ඨං අනෙසනාය උප්පන්නං අකප්පියභොජනං පටික්ඛිපති, න පවාරෙති. කප්පියභොජනං වා අකප්පියභොජනං වා භුඤ්ජන්තොපි කප්පියභොජනං පටික්ඛිපති, පවාරෙති. අකප්පියභොජනං පටික්ඛිපති, න පවාරෙතීති සබ්බත්ථ වුත්තනයෙනෙව කාරණං වෙදිතබ්බං.
කැපමස් කමින් කැපමසක් ප්රතික්ෂෙප කෙරේනම් පවාරණ කරයි. කැපමසක් කමින් අකැපමසක් ප්රතික්ෂෙප කෙරේ නම් පවාරණය නොකරයි. කුමක් හෙයින, යත්: අනතිරිත්තාපත්ති සාධකවූපවාරණයට වස්තුවක් නොවන බැවිනි. මහණහුට යමක් කන්නට වටීද, එයම ප්රතික්ෂෙප කරන මහණහුට පවාරණය වේ. මෙය දන්නේ අකැප බැවින් ප්රතික්ෂෙප කරයි. නොදන්නේද ප්රතික්ෂෙප කටයුතු තන්හි සිටියක්ම ප්රතික්ෂෙප කෙරේ නම් එහෙයින් නොපවරයි. ඉදින් වනාහි අකැප මස් කන්නේ කැපමස් ප්රතික්ෂෙප කෙරේ නම් පවාරණය වේ. කුමක් හෙයින්, යත්: අනතිරිත්තාපත්තිසාධකවූ පවාරණයට වස්තුවක් වන බැවිනි. ඔහු විසින් යමක් ප්රතික්ෂෙප කරන ලද්දේ ද, එය පවාරණයට වස්තු වේ. යමක් කාද එය ප්රතික්ෂෙප කටයුතු තන්හි සිටියේය. කනු ලබන්න, මස්බව නොහරීද, එහෙයින් පවාරණය කරයි. අකැපමස් කන්නේ අකැප මස් ප්රතික්ෂෙප කෙරේද, පෙරනයින්ම පවාරණය නොකරයි. කැපමස් හෝ අකැපම හෝ කන්නේ පස් බොජුන් අතුරෙහි යම් කිසි කැප බොජුනක් ප්රතික්ෂෙප කෙරේ ද, පවාරණය කරයි. කුලදූසක වෙජ්ජකම්ම උත්තරිමනුස්සධම්මාරොචන සාදිත රූපියාදියෙන් උපන් බුදුරජුන් විසින් පිළිකුල් කරන ලද අනෙසනයෙන් උපන් අකැප බොජුන් ප්රතික්ෂෙප කෙරේනම්, පවාරණය නොකරයි. කැප බොජුනක් හෝ අකැප බොජුනක් හෝ වළඳන්නේද, කැප බොජුන පහකෙරේද, පවාරණය කරයි. අකැප බොජුන් පහකෙරේනම් පවාරණය නොකරයි. සියලු තන්හි කියූ නයින්ම කරුණු දත යුතුය.
එවං “අසන”න්තිආදීසු යඤ්ච අස්නාති, යඤ්ච භොජනං හත්ථපාසෙ ඨිතෙන අභිහටං පටික්ඛිපන්තො පවාරණං ආපජ්ජති, තං ඤත්වා ඉදානි යථා ආපජ්ජති, තස්ස ජානනත්ථං අයං විනිච්ඡයො – “‘අසනං භොජන’න්ති එත්ථ තාව යෙන එකසිත්ථම්පි අජ්ඣොහටං හොති, සො සචෙ පත්තමුඛහත්ථානං යත්ථ කත්ථචි පඤ්චසු භොජනෙසු එකස්මිම්පි සති අඤ්ඤං පඤ්චසු භොජනෙසු එකම්පි පටික්ඛිපති, පවාරෙති. කත්ථචි භොජනං නත්ථි, ආමිසගන්ධමත්තං පඤ්ඤායති, න පවාරෙති. මුඛෙ ච හත්ථෙ ච භොජනං නත්ථි, පත්තෙ අත්ථි, තස්මිං පන ආසනෙ න භුඤ්ජිතුකාමො, විහාරං පවිසිත්වා භුඤ්ජිතුකාමො, අඤ්ඤස්ස වා දාතුකාමො, තස්මිං චෙ අන්තරෙ භොජනං පටික්ඛිපති, න පවාරෙති. කස්මා? විප්පකතභොජනභාවස්ස උපච්ඡින්නත්තා. යොපි අඤ්ඤත්ර ගන්ත්වා භුඤ්ජිතුකාමො මුඛෙ භත්තං ගිලිත්වා සෙසං ආදාය ගච්ඡන්තො අන්තරාමග්ගෙ අඤ්ඤං භොජනං පටික්ඛිපති, තස්සාපි පවාරණා න හොතී”ති මහාපච්චරියං වුත්තං. යථා ච පත්තෙ; එවං හත්ථෙපි. මුඛෙපි වා විජ්ජමානභොජනං සචෙ අනජ්ඣොහරිතුකාමො හොති, තස්මිඤ්ච ඛණෙ අඤ්ඤං පටික්ඛිපති, න පවාරෙති. එකස්මිඤ්හි පදෙ වුත්තලක්ඛණං සබ්බත්ථ වෙදිතබ්බං හොති. අපිච කුරුන්දියං එස නයො දස්සිතොයෙව. වුත්තඤ්හි තත්ථ “මුඛෙ භත්තං ගිලිතං, හත්ථෙ භත්තං විඝාසාදස්ස දාතුකාමො, පත්තෙ භත්තං භික්ඛුස්ස දාතුකාමො, සචෙ තස්මිං ඛණෙ පටික්ඛිපති, න පවාරෙතී”ති. හත්ථපාසෙ ඨිතොති එත්ථ පන සචෙ භික්ඛු නිසින්නො හොති, ආසනස්ස පච්ඡිමන්තතො පට්ඨාය, සචෙ ඨිතො, පණ්හිඅන්තතො පට්ඨාය, සචෙ නිපන්නො, යෙන පස්සෙන නිපන්නො, තස්ස පාරිමන්තතො පට්ඨාය, දායකස්ස නිසින්නස්ස වා ඨිතස්ස වා නිපන්නස්ස වා ඨපෙත්වා පසාරිතහත්ථං යං ආසන්නතරං අඞ්ගං, තස්ස ඔරිමන්තෙන පරිච්ඡින්දිත්වා අඩ්ඪතෙය්යහත්ථො “හත්ථපාසො”ති වෙදිතබ්බො. තස්මිං ඨත්වා අභිහටං පටික්ඛිපන්තස්සෙව පවාරණා හොති, න තතො පරං.
මෙසේ ‘අසනං’ යනාදිතන්හි යමක් අනුභව කෙරේද, යම් බොජුනක් අත්පසෙහි සිටියහු විසින් එළවන ලද්දක් ප්රතික්ෂෙප කරන්නේ පවාරණයට පැමිණේ. එය දැන, යම්සේ පැමිණේද, එය දැනගනු පිණිස මේ විනිශ්චය වේ. ‘අසනං භොජනං’ යන මෙහි යමකු විසින් එක් හුලක් නමුදු අනුභව කරන ලද්දේවේද, හෙතෙමේ ඉදින් පාත්‍ර මුඛ හස්ත යන මොවුන් අතුරෙහි යම්කිසි තැනක පස්බොජුන් අතුරෙහි එකකුදු ඇති කල්හි පස්බොජුන් අතුරෙහි අන් එකකුදු ප්රතික්ෂෙප කෙරේ නම්, පවාරණය කරයි. කිසිතැනක බොජුනක් නැත්තේද, ආමිසගඳ පමණක් පෙනේද, පවාරණය නොකරයි. මුවෙහිද, අතෙහිද, බොජුනක් නැත්තේද, පාත්‍රයෙහි ඇත්තේද, ඒ අසුනෙහි වනාහි හිඳ අනුභව කරනු නොකැමැත්තේ විහාරයට පිවිස අනුභව කරනු කැමැත්තේ හෝ අනිකක්හට දෙනු කැමැත්තේ හෝ ඒ අතරෙහි බොජුන ප්රතික්ෂෙප කෙරේනම්, පවාරණය නොකරයි. කුමක් හෙයින, යත්: අඩාල කළ බොජුන්බව සිඳලු බැවිනි. යමෙක් අන් තැනක ගොස් අනුභව කරනු කැමැත්තේ මුවෙහි බත් ගිල සෙස්ස ගෙන යන්නේ අතරමගදී අන් බොජුනක් ප්රතික්ෂෙප කෙරේද, ඔහුටද පවාරණය නොවේයයි මහාපච්චරියෙහි කියනලදී. පාත්‍රයෙහි යම්සේද අතෙහිද එසේය. මුවෙහි හෝ විද්යමානභොජනය ඉදින් නොබුදිනු කැමැත්තේ වේද, එකෙණෙහිද අනිකක් ප්රතික්ෂෙප කෙරේ නම් පවාරණය නොකෙරෙයි. එක්ම පදයෙක්හි කියූ ලක්ෂණය සියලු තන්හි දතයුතුවේ. තවද කුරුන්දියෙහි මේ නය දක්වන ලද්දේය. එහි ‘මුවෙහි බත් ගිලින ලදද, අතෙහි බත් ඉතිරි බත් කන්නකුට දෙනු කැමැත්තේ පාත්‍රයෙහි බත් මහණක්හට දෙනු කැමැත්තේ ඉදින් එකෙණෙහි ප්රතික්ෂෙප කෙරේ නම් පවාරණය නොකෙරේය’යි කියන ලද්දේමය. “හත්ථපාසෙ ඨිතො” මෙහි ඉදින් මහණෙක් හුන්නේවේද, අසුනෙහි පැසුළු කෙළවර පටන්, සිටියේ වේද විළුඹ කෙළවර පටන්, හොත්තේ වේද, යම් පසකින් හොත්තේ වේද, ඔහුගේ ඔබ කෙළවර පටන්, හුන්නාවූ හෝ සිටියා වූ හෝ හොත්තාවූ හෝ දායකයාගේ දිගුකළ අත හැර ඉතා ආසන්නවූ යම් අවයවයෙක් වේද, ඒ අවයවයාගේ මොබ කෙළවරින් පිරිසිඳ දෙරියන් හමාරක් අත්පසැයි දතයුත්තේය. එහි සිට එළවූවක් ප්රතික්ෂෙප කරන මහණහුට පවාරණය වේ. ඉන් ඈත සිට එළවූවක් ප්රතික්ෂෙප කරන මහණහුට පවාරණය නොවේ.
අභිහරතීති හත්ථපාසබ්භන්තරෙ ඨිතො ගහණත්ථං උපනාමෙති. සචෙ පන අනන්තරනිසින්නොපි භික්ඛු හත්ථෙ වා ඌරූසු වා ආධාරකෙ වා ඨිතපත්තං අනභිහරිත්වාව “භත්තං ගණ්හා”ති වදති, තං පටික්ඛිපතො පවාරණා නත්ථි. භත්තපච්ඡිං ආනෙත්වා පුරතො භූමියං ඨපෙත්වා “ගණ්හාහී”ති වුත්තෙපි එසෙව නයො. ඊසකං පන උද්ධරිත්වා වා අපනාමෙත්වා වා “ගණ්හථා”ති වුත්තෙ පටික්ඛිපතො පවාරණා හොති. ථෙරාසනෙ නිසින්නො ථෙරො දූරෙ නිසින්නස්ස දහරභික්ඛුස්ස පත්තං පෙසෙත්වා “ඉතො ඔදනං ගණ්හාහී”ති වදති, ගණ්හිත්වා පන ගතො තුණ්හී තිට්ඨති, දහරො “අලං මය්හ”න්ති පටික්ඛිපති, න පවාරෙති. කස්මා? ථෙරස්ස දූරභාවතො දූතස්ස ච අනභිහරණතොති. සචෙ පන ගහෙත්වා ආගතො භික්ඛු “ඉදං භත්තං ගණ්හා”ති වදති, තං පටික්ඛිපතො පවාරණා හොති.
“අභිහරති” අත්පසතුළ සිටියේ ගනු පිණිස කය එළවයි. ඉදින් ලඟ හුන්නාවූද මහණ තෙමේ අතෙහි හෝ උකුලෙහි හෝ ආධාරයක හෝ තුබූ පාත්‍රය නොඑළවාම බත් ගණුවයි කියයි. එය ප්රතික්ෂෙප කරන මහණහුට පවාරණයෙක් නැත්තේය. බත් බඳුන ගෙණවුත් ඉදිරියෙහි බිම තබා ගණුවයි කියූ කල්හිද මේ නයම වේ. මදක් උඩට නගා හෝ මහණහු දෙසටම නමා හෝ ගණිවුයි කියූ කල්හි ප්රතික්ෂෙප කරන මහණහුට පවාරණය වේ. ථෙරාසනයෙහි හුන් ස්ථවිර තෙමේ දුර හුන් ලදරු මහණක්හට පාත්‍රය යවා මෙයින් බත් ගණුව’’යි කියයි. ගෙණ ගිය නොබැණ සිටි ලදරු මහණ තෙමේ ‘මට කම්නැතැ’යි ප්රතික්ෂෙප කෙරේද, පවාරණය නොකරයි. කුමක් හෙයින, යත්: තෙරුන්ට දුරබැවින් හා දූතයාගේ එළවීමක් නැති බැවිනි. ඉදින් ගෙණ ආ මහණතෙමේ ‘මේ බත් ගණුව’යි කියා නම් එය ප්රතික්ෂෙප කරන මහණහුට පවාරණය වේ.
පරිවෙසනාය එකො එකෙන හත්ථෙන ඔදනපච්ඡිං එකෙන කටච්ඡුං ගහෙත්වා භික්ඛූ පරිවිසති, තත්ර චෙ අඤ්ඤො ආගන්ත්වා “අහං පච්ඡිං ධාරෙස්සාමි, ත්වං ඔදනං දෙහී”ති වත්වා ගහිතමත්තකමෙව කරොති, පරිවෙසකො එව පන තං ධාරෙති, තස්මා සා අභිහටාව හොති. තතො දාතුකාමතාය ගණ්හන්තං පටික්ඛිපන්තස්ස පවාරණා හොති. සචෙ පන පරිවිසකෙන ඵුට්ඨමත්තාව හොති, ඉතරොව නං ධාරෙති, තතො දාතුකාමතාය ගණ්හන්තං පටික්ඛිපන්තස්ස පවාරණා න හොති. කටච්ඡුනා උද්ධටභත්තෙ පන හොති. කටච්ඡුඅභිහාරොයෙව හි තස්ස අභිහාරො. ද්වින්නං සමභාරෙපි පටික්ඛිපන්තො පවාරෙතියෙවාති මහාපච්චරියං වුත්තං. අනන්තරස්ස භික්ඛුනො භත්තෙ දිය්යමානෙ ඉතරො පත්තං හත්ථෙහි පිදහති, පවාරණා නත්ථි. කස්මා? අඤ්ඤස්ස අභිහටෙ පටික්ඛිත්තත්තා.
බොජුන්හලෙහි සිටි එකෙක් තෙමේ එක් අතකින් බත්බඳුන, එක් අතකින් හැන්ද ගෙණ මහණුන් වළඳවාද එහි අනිකෙක් අවුත් ‘මම බත්බඳුන දරන්නෙමි, තෝ බත් දෙව’යි කියා ගත් මාත්‍රයක්ම කෙරේ වළඳවන තැනැත්තේම ඒ බත් බඳුන දරාද එහෙයින් ඒ බත් බඳුන එළවන ලද්දේම වේ. එයින් දෙනු කැමැති බැවින් ගන්නක් ප්රතික්ෂෙප කරන මහණහුට පවාරණය වේ. ඉදින් වළඳවන්නහු විසින් පැහැසූ ඇසිල්ලක් ඇත්තීමවේද, අන්යසාම ඒ බත් බඳුන දරාද, එයින් දෙනු කැමැති බැවින් ගින්නක් ප්රතික්ෂෙප කරන මහණහුට පවාරණය නොවේ. හැන්දෙන් උඩට නැගු ඇසිල්ලෙහි වේ. හැන්ද එළවීමම ඔහුගේ අභිහාරය වේ. දෙදෙනාට සමබර ඇති කල්හිද ප්රතික්ෂෙප කරන්නේ පවාරණය වේමයයි මහාපච්චරියෙහි කියනලදී. ලඟහුන් මහණට බත් දෙනු ලබන කල්හි අනික් මහණ තෙමේ අනික් පාත්‍රය වසාද, පවාරණය නැත්තේය. කුමක් හෙයින, යත්:- අන් මහණක්හට එළවූ කල්හි ප්රතික්ෂෙප කළ බැවිනි.
පටික්ඛෙපො පඤ්ඤායතීති එත්ථ වාචාය අභිහටං පටික්ඛිපතො පවාරණා නත්ථි. කායෙන අභිහටං පන කායෙන වා වාචාය වා පටික්ඛිපන්තස්ස පවාරණා හොතීති වෙදිතබ්බො.
“පටික්ඛෙපො පඤ්ඤායති” මෙහි වචනයෙන් එළවන ලද්දක් ප්රතික්ෂෙප කරණ මහණහුට පවාරණයෙක් නැත්තේය. කයින් එළවන ලද්දක් වනාහි කයින් හෝ වචනයෙන් හෝ ප්රතික්ෂෙප කරන මහණහුට පවාරණය වේයයි දතයුතුය.
තත්ථ කායෙන පටික්ඛෙපො නාම අඞ්ගුලිං වා හත්ථං වා මච්ඡිකබීජනිං වා චීවරකණ්ණං වා චාලෙති, භමුකාය වා ආකාරං කරොති, කුද්ධො වා ඔලොකෙති, වාචාය පටික්ඛෙපො නාම “අල”න්ති වා, “න ගණ්හාමී”ති වා, “මා ආකිරා”ති වා, “අපගච්ඡා”ති වා වදති; එවං යෙන කෙනචි ආකාරෙන කායෙන වා වාචාය වා පටික්ඛිත්තෙ පවාරණා හොති.
එහි කයින් කරන ප්රතික්ෂෙපය නම් ඇඟිල්ලක් හෝ අත හෝ මැසි විජිනියක් හෝ සිවුරු කොණක් හෝ සොලවයි. ඇස්බැමින් හෝ යම්කිසි ආකාරයක් කරයි. කිපියේ හෝ බලයි යන මේය. වචනයෙන් කරන ප්රතික්ෂෙපය නම් ‘පමණැ’යි හෝ නොගණිමි’යි හෝ නොබහාලව’යි හෝ පහවයව’යි හෝ කියයි. මෙසේ යම්කිසි ආකාරයකින් කයින් හෝ වචනයෙන් හෝ ප්රතික්ෂෙප කළ කල්හි පවාරණය වේ යන මේය.
එකො අභිහටෙ භත්තෙ පවාරණාය භීතො හත්ථ අපනෙත්වා පුනප්පුනං පත්තෙ ඔදනං ආකිරන්තං “ආකිර ආකිර කොට්ටෙත්වා පූරෙහී”ති වදති, එත්ථ කථන්ති? මහාසුමත්ථෙරො තාව “අනාකිරණත්ථාය වුත්තත්තා පවාරණා හොතී”ති ආහ. මහාපදුමත්ථෙරො පන “‘ආකිර පූරෙහී’ති වදන්තස්ස නාම ‘කස්සචි පවාරණා අත්ථී’ති වත්වා ‘න පවාරෙතී’”ති ආහ. අපරො භත්තං අභිහරන්තං භික්ඛුං සල්ලක්ඛෙත්වා “කිං ආවුසො ඉතොපි කිඤ්චි ගණ්හිස්සසි, දම්මි තෙ කිඤ්චී”ති ආහ. තත්රාපි “‘එවං නාගමිස්සතී’ති වුත්තත්තා ‘පවාරණා හොතී’”ති මහාසුමත්ථෙරො ආහ. මහාපදුමත්ථෙරො පන “‘ගණ්හිස්සසී’ති වදන්තස්ස නාම ‘කස්සචි පවාරණා අත්ථී’ති වත්වා ‘න පවාරෙතී’”ති ආහ.
එක් මහණක් තෙමේ බත් එළවූ කල්හි පවාරණයෙහි බියවූයේ අත්පහකොට නැවැත නැවැත පාත්‍රයෙහි බත් බහාලන්නහුට ‘බහාලව, බහාලව, කොට කොට පුරව’යි කියයි. මෙහි කෙසේදැ’යි මහාසුම්ම ස්ථවිරයන් වහන්සේ නොබහාලනු පිණිස කියූ බැවින් පවාරණය නොවේයයි කීහ. මහාපදුම ස්ථවිරයන් වහන්සේ ‘බහාලව, පුරව’යි කියන කිසිවකුට පවාරණය ඇතැ’යි කියා නොපවරායයි කීහ. අනිකෙක් බත් එළවන මහණකු සලකා ‘ඇවැත’ කිම, මෙයිනුදු කිසිවක් ගන්නෙහිද, නුඹ වහන්සේට කිසිවක් දෙමි’යි කීයේය. එහිද මෙසේ නොපැමිණෙන්නේයයි කියූ බැවින් පවාරණය වේයයි මහාසුම්ම ස්ථවිරයන් වහන්සේ කීහ. මහාපදුම ස්ථවිරයන් වහන්සේ වනාහි ‘ගන්නෙහිදැ’යි කියන්නා වූ කිසිවකුට නම් පවාරණය ඇත්තේයයි කියා නොපවරායයි කීහ.
එකො සමංසකං රසං අභිහරිත්වා “රසං ගණ්හථා”ති වදති, තං සුත්වා පටික්ඛිපතො පවාරණා නත්ථි. “මච්ඡරසං මංසරස”න්ති වුත්තෙ පටික්ඛිපතො හොති, “ඉදං ගණ්හථා”ති වුත්තෙපි හොතියෙව. මංසං විසුං කත්වා “මංසරසං ගණ්හථා”ති වදති, තත්ථ චෙ සාසපමත්තම්පි මංසඛණ්ඩං අත්ථි , තං පටික්ඛිපතො පවාරණා හොති. සචෙ පන පරිස්සාවිතො හොති, “වට්ටතී”ති අභයත්ථෙරො ආහ.
එකෙක් මස්සහිත රසයක් එළවා ‘රසය ගණිවු’යි කියයි. ඒ අසා ප්රතික්ෂෙප කරන මහණහුට පවාරණයෙක් නැත්තේය. මත්ස්යරසය මාංසරයයි කියූ කල්හි ප්රතික්ෂෙප කරන මහණහුට වනාහි පවාරණය වේ. ‘මෙය ගණු මැනැවැ’යි කියූ කල්හිද පවාරණය වේමය. මාංසය වෙන්කොට මාංස රසය ගණු මැනැවැ’යි කියයි. ඉදින් එහි අබැටක් පමණ නමුදු මස් කඩක් ඇත්තේ නම් ඒ මස් රසය ප්රතික්ෂෙප කරන මහණහුට පවාරණය වේ. ඉදින් වනාහි පෙරනලදුයේ වේනම් වටීයයි අභය ස්ථවිරයන් වහන්සේ කීහ.
මංසරසෙන ආපුච්ඡන්තං මහාථෙරො “මුහුත්තං ආගමෙහී”ති වත්වා “ථාලකං ආවුසො ආහරා”ති ආහ. එත්ථ කථන්ති? මහාසුමත්ථෙරො තාව “අභිහාරකස්ස ගමනං පඨමං උපච්ඡින්නං, තස්මා පවාරෙතී”ති ආහ. මහාපදුමත්ථෙරො පන “අයං කුහිං ගච්ඡති, කීදිසං එතස්ස ගමනං, ගණ්හන්තස්සාපි නාම පවාරණා අත්ථී”ති වත්වා “න පවාරෙතී”ති ආහ. කළීරපනසාදීහි මිස්සෙත්වා මංසං පචන්ති, තං ගහෙත්වා “කළීරසූපං ගණ්හථ, පනසබ්යඤ්ජනං ගණ්හථා”ති වදන්ති, එවම්පි න පවාරෙති. කස්මා? අපවාරණාරහස්ස නාමෙන වුත්තත්තා. සචෙ පන “මච්ඡසූපං මංසසූප”න්ති වා “ඉමං ගණ්හථා”ති වා වදන්ති, පවාරෙති. මංසකරම්බකො නාම හොති, තං දාතුකාමොපි “කරම්බකං ගණ්හථා”ති වදති, වට්ටති; න පවාරෙති. “මංසකරම්බක”න්ති වා “ඉද”න්ති වා වුත්තෙ පන පවාරෙති. එසෙව නයො සබ්බෙසු මච්ඡමංසමිස්සකෙසු.
මස්රසයෙන් විචාරන්නහු මහාස්ථවිරයන් වහන්සේ මොහොතක් බලාපොරොත්තු වෙව’යි කියා තළුතැටිය ගෙණ එවයි කීහ. එහි කෙසේද, මහාසුම්ම ස්ථවිරයන් වහන්සේ එළවන්නහුගේ ගමන සිඳුනේය. එහෙයින් පවාරණය කෙරේයයි කීහ. මහාපදුම ස්ථවිරයන් වහන්සේ වනාහි ‘මෙතෙමේ කොතැනයේද, මොහුගේ ගමන කෙබඳුදැ’යි ගන්නහුට නම් පවාරණය ඇතැ’යි කියා පවාරණය නොකෙරේය’යි කීහ. හුණ කිළිල් කොස් ආදියෙන් මිශ්‍ර කොට මාලු මස් පිසත්. එය ගෙණ කිළිල් සුප් ගණු මැනැව, කොස් ව්‍යඤ්ජනය ගණු මැනැව’යි කියත්ද, මෙයද පවාරණය නොකරයි. කුමක් හෙයින, යත්: පවාරණයට නොසුදුස්සක නමින් කියූ බැවිනි. ඉදින් මාලුසුප් මස්සුප්යි හෝ, මෙය ගණු මැනැවැ’යි හෝ කියා නම් පවාරණය කරයි. මස් සමග පිසූ මස් මුසුවෙක් වේ නම්, එය දෙනු කැමැත්තේද, ‘මස්මුසුව ගනු මැනැවැ’යි කියානම් වටියි. පවාරණය නොකෙරෙයි. මස් මුසුවැයි හෝ මේයයි හෝ කියූ කල්හි පවාරණය නොකෙරෙයි. සියලු මත්ස්‍ය මාංස මිශ්රකන්හි මේ නයම වේ.
යො පන නිමන්තනෙ භුඤ්ජමානො මංසං අභිහටං “උද්දිස්ස කත”න්ති මඤ්ඤමානො පටික්ඛිපති, පවාරිතොව හොතීති මහාපච්චරියං වුත්තං. මිස්සකකථා පන කුරුන්දියං සුට්ඨු වුත්තා. එවඤ්හි තත්ථ වුත්තං – පිණ්ඩපාතචාරිකො භික්ඛු භත්තමිස්සකං යාගුං ආහරිත්වා “යාගුං ගණ්හථා”ති වදති, න පවාරෙති. “භත්තං ගණ්හථා”ති වුත්තෙ පවාරෙති. කස්මා? යෙනාපුච්ඡිතො, තස්ස අත්ථිතාය. අයමෙත්ථ අධිප්පායො – “යාගුමිස්සකං ගණ්හථා”ති වදති, තත්ර චෙ යාගු බහුතරා වා හොති සමසමා වා, න පවාරෙති. යාගු මන්දා, භත්තං බහුතරං, පවාරෙති. ඉදඤ්ච සබ්බඅට්ඨකථාසු වුත්තත්තා න සක්කා පටික්ඛිපිතුං, කාරණං පනෙත්ථ දුද්දසං. “භත්තමිස්සකං ගණ්හථා”ති වදති, භත්තං බහුකං වා සමං වා අප්පතරං වා හොති, පවාරෙතියෙව. භත්තං වා යාගුං වා අනාමසිත්වා “මිස්සකං ගණ්හථා”ති වදති, තත්ර චෙ භත්තං බහුතරං වා සමකං වා හොති, පවාරෙති. අප්පතරං න පවාරෙති. ඉදඤ්ච කරම්බකෙන න සමානෙතබ්බං. කරම්බකො හි මංසමිස්සකොපි හොති අමංසමිස්සකොපි, තස්මා “කරම්බක”න්ති වුත්තෙ පවාරණා නත්ථි. ඉදං පන භත්තමිස්සකමෙව. එත්ථ වුත්තනයෙනෙව පවාරණා හොති. බහුරසෙ භත්තෙ රසං, බහුඛීරෙ ඛීරං බහුසප්පිම්හි ච පායාසෙ සප්පිං ගණ්හථාති විසුං කත්වා දෙති, තං පටික්ඛිපතො පවාරණා නත්ථි.
යම් මහණෙක් තෙමේ නිමන්ත්රණයෙහි වළඳනුයේ එළවනලද මසක් ‘උදෙසා කරන ලදැයි හඟිමින් ප්රතික්ෂෙප කෙරේද, වස්තුව කැපවූයේද, මේ ශික්ෂාපදය අචිත්ත බැවින් පවරණ ලද්දේම වේයයි මහාපච්චරියෙහි කියන ලද්දේය. මිශ්‍ර කථාව වනාහි කුරුන්දියෙහි මනාකොට කියනලදු, මෙසේද එහි කියනලදි. පිඩුසිඟා හැසිරෙන මහණෙක් තෙමේ බත් මුසු කැඳක් ගෙණ කැඳ ගනු මැනැවැයි කියාද පවාරණය නොකෙරෙයි. ‘බත් ගනු මැනැවැ’යි කියූ කල්හි පවාරණය කෙරෙයි. කුමක් හෙයින, යත්:- යමකින් පුළුවුස්නා ලද්දේ ද, එය ඇති බැවිනි. මේ මෙහි අදහසය:- කැඳමුසු බත ගනු මැනැවැ’යි කියාද, එහි ඉදින් කැඳ ඉතා බොහෝ හෝ වේද, සමසම හෝ වේද, පවාරණය නොකරයි. කැඳ මඳ වේද, බත් ඉතා බොහෝ වේද, පවාරණය කරයි. මෙද සියලු අර්‍ත්‍ථකථාවන්හි කියු බැවින් ප්රතික්ෂෙප කරන්නට නොහැක්කේය. කරුණ වනාහි මෙහි දැක්ක නොහැකිය. ‘බත් මුසුවක් ගණු මැනැවැ’යි කියාද බත් බොහෝ හෝ සමසම හෝ ඉතාමද හෝ වේද, පවාරණය කෙරේමය. බත් හෝ කැඳ හෝ ආර්මශනය නොකොට මිශ්රකයක් ගනු මැනැවැ’යි කියාද, එහි ඉදින් බත් බොහෝ වූයේ හෝ සමවූයේ හෝ වේද, පවාරණය කරයි. ඉතා මඳ වූයේ පවාරණය නොකරයි. මෙද මත්ස්‍ය මාංස හා සම නොකටයුතුය. කරම්බකය වනාහි මාංස මිශ්රවූයේද, මාංස මිශ්‍ර නොවූයේද වේ. එහෙයින් කරම්බකැයි කියූ කල්හි පවාරණයෙක් නැත්තේය. මෙය වනාහි බත්මුසුවූයේම වේ. මෙහි කියූ නයින්ම පවාරණය වේ. බොහෝ රසැති බතෙහි රසය, බොහෝ කිරි ඇති බතෙහි කිරිය, බොහෝ ගිතෙල් ඇති කිරිබතෙහි ගිතෙල් ගණුමැනැවැ’යි වෙන්කොට දේද, එය ප්රතික්ෂෙප කරන මහණහුට පවාරණයෙක් නැත්තේය.
යො පන ගච්ඡන්තො පවාරෙති, සො ගච්ඡන්තොව භුඤ්ජිතුං ලභති. කද්දමං වා උදකං වා පත්වා ඨිතෙන අතිරිත්තං කාරෙතබ්බං. සචෙ අන්තරා නදී පූරා හොති, නදීතීරෙ ගුම්බං අනුපරියායන්තෙන භුඤ්ජිතබ්බං. අථ නාවා වා සෙතු වා අත්ථි, තං අභිරුහිත්වාපි චඞ්කමන්තෙනව භුඤ්ජිතබ්බං, ගමනං න උපච්ඡින්දිතබ්බං. යානෙ වා හත්ථිඅස්සපිට්ඨෙ වා චන්දමණ්ඩලෙ වා සූරියමණ්ඩලෙ වා නිසීදිත්වා පවාරිතෙන යාව මජ්ඣන්හිකං, තාව තෙසු ගච්ඡන්තෙසුපි නිසින්නෙනෙව භුඤ්ජිතබ්බං. යො ඨිතො පවාරෙති, ඨිතෙනෙව, යො නිසින්නො පවාරෙති, නිසින්නෙනෙව භුඤ්ජිතබ්බං. තං තං ඉරියාපථං කොපෙන්තෙන අතිරිත්තං කාරෙතබ්බං. යො උක්කුටිකො නිසීදිත්වා පවාරෙති, තෙන උක්කුටිකෙනෙව භුඤ්ජිතබ්බං. තස්ස පන හෙට්ඨා පලාලපීඨං වා කිඤ්චි වා නිසීදනකං දාතබ්බං. පීඨකෙ නිසීදිත්වා පවාරිතෙන ආසනං අචාලෙත්වාව චතස්සො දිසා පරිවත්තන්තෙන භුඤ්ජිතුං ලබ්භති. මඤ්චෙ නිසීදිත්වා පවාරිතෙන ඉතො වා එත්තො වා සංසරිතුං න ලබ්භති. සචෙ පන නං සහ මඤ්චෙන උක්ඛිපිත්වා අඤ්ඤත්ර නෙන්ති, වට්ටති. නිපජ්ජිත්වා පවාරිතෙන නිපන්නෙනෙව භුඤ්ජිතබ්බං. පරිවත්තන්තෙන යෙන පස්සෙන නිපන්නො, තස්ස ඨානං නාතික්කමෙතබ්බං.
යමෙක් වනාහි යමින් පවාරණය කෙරේද, හෙතෙමේ යමින්ම අනුභව කිරීම ලබයි. මඩට හෝ දියට හෝ පැමිණ සිටියහු විසින් ඉතිරි කරවිය යුතුය. ඉදින් අතරම ගඟක් පිරී සිටියා වේද, ගංඉවුරෙහිවූ වනලැහැබක වට කරකැවෙන්නහු විසින් වැළදිය යුතුය. එකල්හි නැවක් හෝ හෙයක් හෝ ඇත්තේද, එයට නැගද සක්මන් කරන්නහු විසින්ම වැළදිය යුතුය. ගමන නොසිඳිය යුතුය. යානයෙහි හෝ ඇත්, අස් පිටෙහි හෝ සඳමඩලෙහි හෝ හිරුමඩලෙහි හෝ හිඳ පවරණ ලද්දහු විසින් මද්ධ්යාහ්නය යම්තාක්ද ඒතාක් එවුන් ගමන් කරන කල්හිද හුන්නහු විසින්ම වැළඳිය යුතුය. යමෙක් සිටියේ පවාරණය කෙරේද, සිටියහු විසින්ම යමෙක් හුන්නේද හුන්නහු විසින්ම වැළදිය යුතුය. ඒ ඒ ඉරියවු වෙනස් කරන්නහු විසින් ඉතිරි කරවිය යුතුය. යමෙක් උළුලුවෙන් හිඳ පවාරණය කෙරේද, ඔහු උළුලුවෙන්ම හිඳ වැළදිය යුතුය. ඒ මහණහට වනාහි යටට පලාල පීඨයක් හෝ කිසි හිඳිනා කඩක් හෝ දිය යුතුය. පුටුවෙහි හිද පවරන ලද්දහු විසින් අසුන නොසොල්වාම හෙවත් හුන් තැනින් නොනැගිටම සිවු දිසාවට හැරෙන්නහු විසින් වැළදීම වටියි. ඇඳෙහි හිඳ පවරන ලද්දහු විසින් මෙතැනින් අතකින් සැරිසරන්නට නොලබයි. ඉදින් ඔහු ඇඳ සමග ඔසොවා අන් තැනකට ගෙණ යෙත් නම් වටියි. වැදහෙව පැවරුවහු විසින් හොත්තහු විසින්ම වැළදිය යුතුය. පෙරළෙන්නහු විසින් යම් යම් පසකින් හොත්තේද, එතැන නොඉක්ම විය යුතුය.
අනතිරිත්තන්ති න අතිරිත්තං; න අධිකන්ති අත්ථො. තං පන යස්මා කප්පියකතාදීහි සත්තහි විනයකම්මාකාරෙහි අකතං වා ගිලානස්ස අනධිකං වා හොති, තස්මා පදභාජනෙ “අකප්පියකත”න්තිආදි වුත්තං. තත්ථ අකප්පියකතන්ති යං තත්ථ ඵලං වා කන්දමූලාදි වා පඤ්චහි සමණකප්පෙහි කප්පියං අකතං; යඤ්ච අකප්පියමංසං වා අකප්පියභොජනං වා, එතං අකප්පියං නාම. තං අකප්පියං “අලමෙතං සබ්බ”න්ති එවං අතිරිත්තං කතම්පි අකප්පියකතන්ති වෙදිතබ්බං. අප්පටිග්ගහිතකතන්ති භික්ඛුනා අප්පටිග්ගහිතංයෙව පුරිමනයෙනෙව අතිරිත්තං කතං. අනුච්චාරිතකතන්ති කප්පියං කාරාපෙතුං ආගතෙන භික්ඛුනා ඊසකම්පි අනුක්ඛිත්තං වා අනපනාමිතං වා කතං. අහත්ථපාසෙ කතන්ති කප්පියං කාරාපෙතුං ආගතස්ස හත්ථපාසතො බහි ඨිතෙන කතං. අභුත්තාවිනා කතන්ති යො “අලමෙතං සබ්බ”න්ති අතිරිත්තං කරොති, තෙන පවාරණප්පහොනකං භොජනං අභුත්තෙන කතං. භුත්තාවිනා පවාරිතෙන ආසනා වුට්ඨිතෙන කතන්ති ඉදං උත්තානමෙව. අලමෙතං සබ්බන්ති අවුත්තන්ති වචීභෙදං කත්වා එවං අවුත්තං හොති. ඉති ඉමෙහි සත්තහි විනයකම්මාකාරෙහි යං අතිරිත්තං කප්පියං අකතං, යඤ්ච න ගිලානාතිරිත්තං, තදුභයම්පි අනතිරිත්තන්ති වෙදිතබ්බං.
“අනතිරිත්තං” ඉතිරි නොකරන ලද්දය. නොවැඩියක යන අර්‍ත්‍ථයි. ඒ වනාහි යම් හෙයකින් කප්පිය කතාදීවූ සත්වැදෑරුම් විනයකර්මාකාරයෙන් නොකරන ලද්දේ හෝ ගිලනහුට නොවැඩිවූවෙක් හෝ වේද, එහෙයින් පදභාජනයෙහි ‘අකප්පියකතං’ යනාදිය වදාරන ලදී. එහි “අකප්පියකතං” යනු යම් ඵලයක් හෝ අල මුල් ආදියක් හෝ පස්වැදෑරුම් සමණ කැපයෙන් කැප නොකරන ලද්ද ද, යම් අකැප මසක් හෝ අකැප බොජුනක් හෝ වේද, යන මේ සියල්ල අකප්පිය නම් වේ. ඒ අකප්පිය ‘අලමෙතං සබ්බං’යි මෙසේ ඉතිරිකරන ලද්දේ ‘අකප්පියකත’යි දතයුතුය. ”අපටිග්ගහිතකතං” මහණහු විසින් නොපිළිගන්නා ලද්දම පෙරනයින්ම ඉතිරිකරන ලද්ද වේ. “අනුච්චාරිතකතං” කැප කරවන්නට පැමිණි මහණහු විසින් මදකුත් බැහැර නොකරන ලදව හෝ ඒ දිගට නොනමන ලදුව හෝ කරන ලද්ද වේ. “අභත්ථපාසෙ කතං” කැප කරවන්නට පැමිණියහුගේ අත්පසින් පිටත සිටියහු විසින් කරන ලද්දේ වේ. “අභුත්තාවිනා කතං” යමෙක් තෙමේ ‘අලමෙතං සබ්බං’යි ඉතිරි කෙරේද, ඔහු විසින් පවාරණයට පොහොනා බොජුනක් නොවැළඳූවහු විසින් කරන ලද්දේ වේ. “භුත්තාවිනා පවාරිතෙන ආසනා වුට්ඨිතෙන කතං” මෙය ප්‍රකටමය. “අලමෙතං සබ්බන්ති අවුත්තං” වාක්භෙදකොට මෙසේ නොකියන ලද්දෙක් වේ. මෙසේ මේ සත්වැදෑරුම් විනයකර්මකාරයෙන් යම් ඉතිරියක් කැප නොකරන ලදද ගිලනුන්ගෙන් ඉතිරි යමක් නොවේද, එදෙකද ‘අනතිරිත්ත’යි දතයුතුය.
අතිරිත්තං පන තස්සෙව පටිපක්ඛනයෙන වෙදිතබ්බං. අපිචෙත්ථ භුත්තාවිනා කතං හොතීති අනන්තරෙ නිසින්නස්ස සභාගස්ස භික්ඛුනො පත්තතො එකම්පි සිත්ථං වා මංසහීරං වා ඛාදිත්වා කතම්පි භුත්තාවිනාව කතං හොතීති වෙදිතබ්බං. ආසනා අවුට්ඨිතෙනාති එත්ථ පන අසම්මොහත්ථං අයං විනිච්ඡයො – ද්වෙ භික්ඛූ පාතොව භුඤ්ජමානා පවාරිතා හොන්ති – එකෙන තත්ථෙව නිසීදිතබ්බං, ඉතරෙන නිච්චභත්තං වා සලාකභත්තං වා ආනෙත්වා උපඩ්ඪං තස්ස භික්ඛුනො පත්තෙ ආකිරිත්වා හත්ථං ධොවිත්වා සෙසං තෙන භික්ඛුනා කප්පියං කාරාපෙත්වා භුඤ්ජිතබ්බං. කස්මා? යඤ්හි තස්ස හත්ථෙ ලග්ගං, තං අකප්පියං හොති. සචෙ පන පඨමං නිසින්නො භික්ඛු සයමෙව තස්ස පත්තතො හත්ථෙන ගණ්හාති, හත්ථධොවනකිච්චං නත්ථි. සචෙ පන එවං කප්පියං කාරාපෙත්වා භුඤ්ජන්තස්ස පුන කිඤ්චි බ්යඤ්ජනං වා ඛාදනීයං වා පත්තෙ ආකිරන්ති, යෙන පඨමං කප්පියං කතං, සො පුන කාතුං න ලභති. යෙන අකතං, තෙන කාතබ්බං. යඤ්ච අකතං, තං කාතබ්බං. “යෙන අකත”න්ති අඤ්ඤෙන භික්ඛුනා යෙන පඨමං න කතං, තෙන කාතබ්බං. “යඤ්ච අකත”න්ති යෙන පඨමං කප්පියං කතං, තෙනාපි යං අකතං තං කාතබ්බං. පඨමභාජනෙ පන කාතුං න ලබ්භති. තත්ථ හි කරියමානං පඨමං කතෙන සද්ධිං කතං හොති, තස්මා අඤ්ඤස්මිං භාජනෙ කාතුං වට්ටතීති අධිප්පායො. එවං කතං පන තෙන භික්ඛුනා පඨමං කතෙන සද්ධිං භුඤ්ජිතුං වට්ටති.
අතිරිත්තය වනාහි ඔහුගේම ප්රතිපක්ෂනයින් දතයුතුය. තවද මෙහි “භුත්තාවිනා කතං හොති” ලඟ හුන් සභාග භික්ෂුහුගේ පාත්‍රයෙන් එක් බත් උලක් හෝ මස් කැබැල්ලක් හෝ අනුභව කොට කරන ලද්ද, බුදින ලද්දහු විසින්ම කරන ලද්දේයයි දතයුතුය. “ආසනා අවුට්ඨිතෙන” මෙහි වනාහි නොමුළාවනු පිණිස මේ විනිශ්චය වන්නේය. භික්ෂූහු දෙනමක් උදෑසනම වළදන්නාහු පවරන ලද්දාහු වෙත්. එක් නමක් එහිම හිඳිය යුතුය. අනික් භික්ෂු නම නිතිබත් හෝ ලහබත් හෝ ගෙණවුත් එයින් අඩක් ඒ මහණහුගේ පාත්‍රයෙහි බහා අත දෝනාකොට සෙස්ස ඒ මහණහු ලවා කැප කරවා වැළඳිය යුතුය. කුමක් හෙයින, යත්: යමක් ඔහුගේ අතෙහි ඇලුනේද, ඒ ඇලුනු ආමිසය අකැප වේ. (එහෙයිනි) ඉදින් පළමු කොට හුන් මහණ තෙමේ තෙමේම ඔහුගේ පාත්‍රයෙන් අතින් බත් ගණීනම් අත් දෝනා කිසක් නැත්තේය. ඉදින් වනාහි මෙසේ කැප කරවා වලදන්නහුගේ පාත්‍රයෙහි නැවත කිසි ව්‍යඤ්ජනයක් හෝ කෑයුත්තක් හෝ බහාලත්ද, යමකු විසින් පළමු කොට කැප කරන ලද්ද, හෙතෙමේ නැවත කැප කිරීම නොලබයි. යමකින් නොකරන ලදද එයින් කටයුතුය. යමක් නොකරන ලදද, ඒ කටයුතුය. ‘යෙන අකතං’ අන් මහණක්හු විසින් යමකින් පළමු කොට නොකරන ලදද, එයින් කටයුතුය. ‘යඤ්ච අකතං’ යමකින් පළමු කොට කැප කරන ලදද, එයිනුදු යමක් නොකරන ලදද, එය කටයුතුය. ප්‍රථම භාජනයෙහි වනාහි කැප කරන්නට නොලබයි. එහි කරනු ලබත්, පළමු කරන ලද්ද සමග කරන ලද්දේවේද, එහෙයින් අනික් බඳුනෙක්හි කරන්නට වටීය යන අදහස වේ. මෙසේ අනික් බඳුනෙක්හි කරන ලද්ද, වනාහි ඒ මහණහු විසින් පළමු කැප කරන ලද්ද සමග වැළදීම වටියි.
කප්පියං කරොන්තෙන ච න කෙවලං පත්තෙයෙව, කුණ්ඩෙපි පච්ඡියම්පි යත්ථ කත්ථචි පුරතො ඨපෙත්වා ඔනාමිතභාජනෙ කාතබ්බං. තං සචෙපි භික්ඛුසතං පවාරිතං හොති, සබ්බෙසං භුඤ්ජිතුං වට්ටති, අප්පවාරිතානම්පි වට්ටති. යෙන පන කප්පියං කතං, තස්ස න වට්ටති. සචෙපි පවාරෙත්වා පිණ්ඩාය පවිට්ඨං භික්ඛුං පත්තං ගහෙත්වා අවස්සං භුඤ්ජනකෙ මඞ්ගලනිමන්තනෙ නිසීදාපෙන්ති, අතිරිත්තං කාරෙත්වාව භුඤ්ජිතබ්බං. සචෙ තත්ථ අඤ්ඤො භික්ඛු නත්ථි, ආසනසාලං වා විහාරං වා පත්තං පෙසෙත්වා කාරෙතබ්බං. කප්පියං කරොන්තෙන පන අනුපසම්පන්නස්ස හත්ථෙ ඨිතං න කාතබ්බං. සචෙ ආසනසාලායං අබ්යත්තො භික්ඛු හොති, සයං ගන්ත්වා කප්පියං කාරාපෙත්වා ආනෙත්වා භුඤ්ජිතබ්බං.
කැප කරන්නහු විසින්ද හුදෙක් පාත්‍රයෙහිම කැප කිරීම වටින්නේ නොවේ. සැළියක හෝ පැසක හෝ යන යම්කිසි බඳුනෙකලා ඉදිරියෙහි තබා නැමූ බඳුනෙහි කටයුතුය. එද මහණුන් සියයක් පවරණ ලද්දේවේද, සියල්ලන්ට වැළදීම වටියි. නොපැවරුවන්ටද වටියි. යමකු විසින් කැප කරන ලදද, ඔහුට නොවටියි. ඉදිනුදු පවරා පිඬු පිණිස ගිය මහණකු පාත්‍රය ගෙණ එකාන්තයෙන් අනුභව කරන මඞ්ගල නිමන්ත්රණයෙහි හිඳුවත්ද, ඉතිරි කරවාම වැළදිය යුතුය. ඉදින් එහි අන් මහණෙක් නැත්තේද, අසුන්හලට හෝ වෙහෙරට හෝ පාත්‍රය යවා අනුපසම්පන්නයකු අත යවා කැප කරවිය යුතුය. කැප කරන්නහු විසින් වනාහි අනුපසම්පන්නයාගේ අතෙහි තුබුනක් කැප නොකටයුතුය. ඉදින් අසුන්හලෙහි අව්‍යක්ත මහණෙක්වේද, තමා ගොස් කැප කරවා ගෙණවුත් වැළදිය යුතුය.
ගිලානාතිරිත්තන්ති එත්ථ න කෙවලං යං ගිලානස්ස භුත්තාවසෙසං හොති, තං ගිලානාතිරිත්තං; අථ ඛො යංකිඤ්චි ගිලානං උද්දිස්ස අජ්ජ වා ස්වෙ වා යදා වා ඉච්ඡති, තදා ඛාදිස්සතීති ආහටං, තං සබ්බං “ගිලානාතිරිත්ත”න්ති වෙදිතබ්බං. යං යාමකාලිකාදීසු අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ දුක්කටං, තං අසංසට්ඨවසෙන වුත්තං. සචෙ පන ආමිසසංසට්ඨානි හොන්ති, ආහාරත්ථායපි අනාහාරත්ථායපි පටිග්ගහෙත්වා අජ්ඣොහරන්තස්ස පාචිත්තියමෙව.
“ගිලානාතිරිත්තං” මෙහි ගිලනකු වළදා ඉතිරිවූ යමක් වේද, හුදෙක් එය ගිලානාතිරිත්ත නොවේ. එතකුදු වුවත් යම් කිසිවක් ගිලනකු උදෙසා අද හෝ හෙට හෝ යම් දවසක හෝ කැමැති වේද, එකල්හි අනුභව කරන්නේය’යි ගෙනෙන ලද්දේ ද, ඒ සියල්ල ගිලානාතිරිත්තයි දතයුතුය. යාමකාලිකාදීන් අතුරෙහි අනුභවයක් අනුභවයක් පාසා යම් දුක්කටයක් කියන ලද්දේ ද, එය අමිශ්‍ර වශයෙන් කියන ලදී. ඉදින් ආමිස සමග ගැටුනාහුද ආහාර පිණිසද අනාහාර පිණිසද පිළිගෙණ අනුභව කරන මහණහුට පාචිත්තියම වේ.
සති පච්චයෙති යාමකාලිකං පිපාසාය සති පිපාසච්ඡෙදනත්ථං, සත්තාහකාලිකං යාවජීවිකඤ්ච තෙන තෙන උපසමෙතබ්බකෙ ආබාධෙ සති තස්ස උපසමනත්ථං පරිභුඤ්ජතො අනාපත්ති. සෙසමෙත්ථ උත්තානමෙව.
“සති පච්චයෙ” පවස ඇති කල්හි පවස නැසීම පිණිස යාමකාලිකයද, සත්තාහකාලිකය හා යාවජීවකය ඒ ඒ දෙයින් සංසිඳවිය යුතු වූ ආබාධයක් ඇති කල්හි ඒ ආබාධය සංසිඳුවා ගනු පිණිස වළඳන මහණහුට ඇවැත් නොවේ. මෙහි සෙස්ස ප්‍රකටමය.
කථිනසමුට්ඨානං – කායවාචතො කායවාචාචිත්තතො ච සමුට්ඨාති, කිරියාකිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
කඨිනසමුත්‍ථානිකය. කායවාචායෙන් කායවාචාචිත්තයෙන් උපදි. ක්‍රියාක්‍රියසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
පඨමපවාරණසික්ඛාපදං පඤ්චමං.
පස්වන පඨමපවාරණ ශික්‍ෂාපදයයි