සභොජන සික්ඛාපදං
6. 5. 3.
6. 5. 3.
සභොජන සික්ඛාපදං
සභෝජන ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො සහායස්ස ඝරං ගන්ත්වා තස්ස පජාපතියා සද්ධිං සයනිඝරෙ නිසජ්ජං කප්පෙසි. අථ ඛො සො පුරිසො යෙනායස්මා උපනන්දො සක්යපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො පුරිසො පජාපතිං එතදවොච. “දෙහය්යස්ස භික්ඛ”න්ති. අථ ඛො සා ඉත්ථි ආයස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස භික්ඛං අදාසි අථ ඛො සො පුරිසො ආයස්මන්තං උපනන්දං සත්යපුත්තං එතදවොච: “ගච්ඡථ භන්තෙ යතො අය්යස්ස භික්ඛා දින්නා”ති. අථ ඛො සා ඉත්ථී සල්ලක්ඛෙත්වා පරියුට්ඨිතො අයං පුරිසොති ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං එතදවොච. “නිසීදථ භන්තෙ මා අගමිත්ථා”ති. දුතියම්පි ඛො සො පුරිසො -පෙ- තතියම්පි ඛො සො පුරිසො ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං එතදවොච: “ගච්ඡථ භන්තෙ යතො අය්යස්ස භික්ඛා දින්නා”ති. තතියම්පි ඛො සා ඉත්ථි ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං එතදවොච: “නිසීදථ භන්තෙ මා අගමිත්ථා”ති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍ර යහළුවක්හුගේ ගෙට ගොස් ඔහුගේ අඹුව සමග යහන්ගෙයි හිඳීම කෙළේයැ. එකල්හි ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් උපනන්ද ශාක්‍ය පුත්‍රයා වෙත එළැඹියේයැ, එළැඹ ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයා සකසා වැඳ එකත්පසෙකැ හුන්නේ යැ, එකත් පසෙකැ හුන් ඒ පුරුෂ තෙමේ ‘ආර්‍ය්‍යයහට (වහන්දෑට) භික්ෂාව දෙව’ යි අඹුවට කී යැ. ඉක්බිති ඒ ස්ත්‍රී තොමෝ ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයහට භික්ෂාව දුන්නී යැ, එකල්හි ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයහට මෙය කී ය. “ආර්‍ය්‍යයහට භික්ෂාව දෙනලද හෙයින් වහන්ස, වඩින්නැ” යි. එකල්හි ඒ ස්ත්‍රීතොමෝ “මේ පුරුෂ රාගපර්‍ය්‍යුත්‍ථිත” යැයි සලකා ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයහට මෙය කිවුය; “වැඩ හිඳින්න වහන්ස, නහමක් වඩින්නැ” යි. දෙවනවටදු ඒ පුරුෂ තෙමේ ... තෙවනවට දු ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයහට මෙය කී ය: “ආර්‍ය්‍යයහට භික්ෂාව දෙන ලද හෙයින් වහන්ස, වඩින්නැ” යි. තෙවනවටදු ඒ ස්ත්‍රී තොමෝ ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයහට මෙය කිවු ය: “වැඩ හිඳින්නැ වහන්ස, නහමක් වඩින්නැ” යි.
2. අථ ඛො සො පුරිසො නික්ඛමිත්වා භික්ඛූ උජ්ඣාපෙසි. “අයං භන්තෙ අය්යො උපනන්දො මය්හං පජාපතියා සද්ධිං සයනිඝරෙ නිසින්නො සො මයා උය්යොජියමානො න ඉච්ඡති. ගන්තුං බහුකිච්චා මයං බහුකරණීයා”ති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ආයස්මා උපනන්දො සක්යපුත්තො සභොජනෙ කුලෙ අනුපඛජ්ජ නිසජ්ජං කප්පෙස්සතී”ති -පෙ- සච්චං කිර ත්වං උපනන්ද සභොජනෙ කුලෙ අනුපඛජ්ජ නිසජ්ජං කප්පෙසීති සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස සභොජනෙ කුලෙ අනුපඛජ්ජ නිසජ්ජං කප්පෙස්සසි, නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ.
2. ඉක්බිති ඒ පුරුෂ තෙමේ නික්මැ මහණුන් (හමුයෙහි) දොස් පැවැරී යැ: “ස්වාමීනි, මේ ආර්ය උපනන්ද තෙමේ මාගේ අඹුව සමග යහන්ගෙයි හුන්නේ යැ, හේ මා විසින් නඟා යවනු ලබන්නේ යන්නට නො කැමැති වෙයි, ඇපි බොහෝ කිස ඇතියම්හ. බොහෝ කරණී ඇති යම්හ”යි. යම් ඒ භික්ෂූ කෙනෙක් අපිස්වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්, “කෙසේ නම් ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍ර තෙමේ අඹුසැමියුවළ සහිත කුලයෙකැ ඇතුළට වැද හිඳීම කෙළේ දැ යි ... සැබෑද උපනන්ද, තෝ අඹුසැමියුවළ සහිත කුලයෙකැ ඇතුළට වැද හිඳීම කෙළෙහි දැයි. සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු නොයෙක් අයුරින් ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂය! තෝ අඹුසැමියුවළ සහිත කුලයෙකැ ඇතුළට වැද හිඳීම කෙළෙහි ද? හිස් පුරුෂය මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නොවෙයි. ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු.
“යො පන භික්ඛු සභොජනෙ කුලෙ අනුපඛජ්ජ නිසජ්ජං කප්පෙය්ය පාචිත්තිය”න්ති.
යම් මහණෙක් අඹුසැමියුවළ සහිත කුලයෙකැ ඇතුළට වැද හිඳීම කරන්නේ නම් පචිති වේ යැයි.
3. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
3. යො පන: යම් යම්බඳු ... භික්ඛු: ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
සභොජනං නාම කුලං: ඉත්ථි චෙව හොති පුරිසො ච ඉත්ථි ච පුරිසො ච උභො අනික්ඛන්තා හොන්ති උභො අවීතරාගා.
සභෝජන කුල නම්: ස්ත්‍රී තොමෝත් වෙයි. පුරුෂ තෙමේත් වෙයි. ස්ත්‍රිය ද පුරුෂයා දැයි දෙදෙන (ගෙයින්) නො නික්මුණෝ වෙති. දෙදෙන නො පහකළ රාග ඇතියෝ ද වෙත්.
අනුපඛජ්ජාති අනුපවිසිත්වා.
අනුපඛජ්ජ: ඇතුළට පිවිසැ,
නිසජ්ජං කප්පෙය්යාති: මහල්ලකෙ ඝරෙ පිට්ඨසඞ්ඝාටස්ස හත්ථපාසං විජහිත්වා නිසීදති ආපත්ති පාචිත්තියස්ස. ඛුද්දකෙ ඝරෙ පිට්ඨිවංසං අතික්කමිත්වා නිසීදති ආපත්ති පාචිත්තියස්ස.
නිසජ්ජං කප්පෙය්ය: මහත් යහන්ගෙයකැ දොරබාවෙහි (දෙරියන්වියත්) අත්පස හැරපියා හිඳී නම් පචිති ඇවැත් වෙයි. කුඩා යහන්ගෙයකැ ගෙමැද ඉක්මවා හිඳී නම් පචිති ඇවැත් වේ.
සයනිඝරෙ සයනිඝරසඤ්ඤී සභොජනෙ කුලෙ අනුපඛජ්ජ නිසජ්ජං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස. සයනිඝරෙ වෙමතිකො සභොජනෙ කුලෙඅනුපඛජ්ජ නිසජ්ජං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස. සයනිඝරෙ න සයනිඝරසඤ්ඤී සභොජනෙ කුලෙ අනුපඛජ්ජ නිසජ්ජං කප්පෙති ආපත්ති පාචිත්තියස්ස.
යහන්ගෙයි යහන්ගෙයෙකැ යන සන් ඇතියේ අඹුසැමියුවළ සහිත කුලයෙකැ ඇතුළට වැදහිඳීම කෙරේ නම් පචිති ඇවැත් වෙයි. යහන්ගෙයි විමති ඇතියේ අඹුසැමියුවළ සහිත කුලයෙකැ ඇතුළට වැද හිඳීම කෙරේ නම් පචිති ඇවැත් වෙයි. යහන්ගෙයි යහන්ගෙයෙකැ යන සන් නැතියේ අඹුසැමියුවළ සහිත කුලයෙකැ ඇතුළට වැද හිඳීම කෙරේ නම් පචිති ඇවැත් වෙයි.
න සයනිඝරෙ සයනිඝරසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. න සයනිඝරෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. න සයනිඝරෙ න සයනිඝරසඤ්ඤී අනාපත්ති.
නො යහන්ගෙයි යහන්ගෙයෙකැ යන සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො යහන්ගෙයි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො යහන්ගෙයි නො යහන්ගෙයෙකැ යන සන් ඇතියේ නම් ඇවැත් නැති.
අනාපත්ති: මහල්ලකෙ ඝරෙ පිට්ඨසඞ්ඝාටස්ස හත්ථපාසං අවිජහිත්වා නිසීදති, ඛුද්දකෙ ඝරෙ පිට්ඨිවංසං අනතික්කමිත්වා නිසීදති, භික්ඛු දුතියො හොති උභො නික්ඛන්තා හොන්ති, උභො වීතරාගා න සයනිඝරෙ, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
මහත් යහන්ගෙයි දොරබාවෙහි අත්පස නො හැරපියා හිඳී නම්, කුඩා යහන්ගෙයි ගෙමැද නො ඉක්මවා හිඳී නම්, මහණක්හු දෙවැනි කොට ඇතියේ වේ නම්, දෙදෙන නික්මුණාහු වෙත් නම්, දෙදෙන පහකළ රාගඇතියෝ නම්, නො යහන්ගෙයි නම්, ඇවැත්නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
සභොජන සික්ඛාපදං තතියං.
තෙවැනි සභෝජන ශික්ෂාපදයි.