විකප‍්පනසික‍්ඛාපදං
6. 6. 9.
6. 6. 9.
විකප‍්පනසික‍්ඛාපදං
විකප්පන ශික්‍ෂාපදය
1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො භාතුනො සද‍්ධිවිහාරිකස‍්ස භික‍්ඛුනො සාමං චීවරං විකප‍්පෙත්‍වා අපච‍්චුද‍්ධාරකං පරිභුඤ‍්ජති අථ ඛො සො භික‍්ඛු භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසි: “අයං ආවුසො ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො මය‍්හං සාමං චීවරං විකප‍්පෙත්‍වා අප‍්පච‍්චුද‍්ධාරණං පරිභුඤ‍්ජතී”ති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො භික‍්ඛුස‍්ස සාමං චීවරං විකප‍්පෙත්‍වා අපච‍්චුද‍්ධාරකං පරිභුඤ‍්ජිස‍්සතීති -පෙ- සච‍්චං කිර ත්‍වං උපනන්‍ද භික‍්ඛුස‍්ස සාමං චීවරං විකප‍්පෙත්‍වා අපච‍්චුද‍්ධාරකං පරිභුඤ‍්ජසීති. සච‍්චං භගවා විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම ත්‍වං මොඝපුරිස භික‍්ඛුස‍්ස සාමං චීවරං විකප‍්පෙත්‍වා අපච‍්චුද‍්ධාරකං පරිභුඤ‍්ජිස‍්සසි. නෙතං මොඝපුරිස අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර බෑයාගේ සද්ධිවිහාරික භික්‍ෂුහට තමා මැ සිවුරක් විකපා නොපසුදුරා පරිභොහ කෙරෙයි. එකල්හි ඒ මහණ මහණුන්හට තෙල කරුණ දැන්වී යැ: “ඇවැත්නි, මේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර මාහට තමා මැ සිවුරක් විකපා නො පසුදුරා පරිභොහ කෙරේ” ය යි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර මහණක්හට තමා මැ සිවුරක් විකපා නො පසුදුරා පරිභෝග කෙළේ” දැයි ... සැබෑ ද, උපනන්‍ද, තෙපි මහණක්හට තමා මැ සිවුරක් විකපා නො පසුදුරා පරිභොහ කරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි මහණක්හට තමා මැ සිවුරක් විකපා නො පසුදුරා පරිභොහ කළහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි! මෙසේ මේ සිකපදය උදෙසවු:
“යො පන භික‍්ඛු භික‍්ඛුස‍්ස වා භික‍්ඛුනියා වා සික‍්ඛමානාය වා සාමණෙරස‍්ස වා සාමණෙරියා වා සාමං චීවරං විකප‍්පෙත්‍වා අපච‍්චුද‍්ධාරකං පරිභුඤ‍්ජෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.
“යම් මහණෙක් මහණක්හට හෝ මෙහෙණක්හට හෝ සික්මනුවක්හට හෝ හෙරණකුහට හෝ හෙරණකහට හෝ තෙමේ සිවුරක් විකපා නො පසුදුරා පරිභෝග කෙරේ නම් පචිති වේ” යයි.
2. යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.
2. යො පන: යම් යම්බඳු ... භික්ඛු ... මෙ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
භික‍්ඛුස‍්සාති: අඤ‍්ඤස‍්ස භික‍්ඛුස‍්ස.
භික්ඛුස්ස: අන් මහණක්හට.
භික‍්ඛුනී නාම: උභතොසඞ‍්ඝෙ උපසම‍්පන‍්නා.
භික්ඛුනී නම්: දෙසඟුන් කෙරෙහි උපසපන් වූවා.
සික‍්ඛමානා නාම: ද‍්වෙ වස‍්සානි ඡසු ධම‍්මෙසු සික‍්ඛිත සික‍්ඛා.
සික්ඛමානා නම්: දෙවසක් සදහම්හි හික්මුණු සික ඇත්තී.
සාමණෙරො නාම: දසසික‍්ඛාපදිකො.
සාමණේර නම්: දස සිකපද ඇතියේ.
සාමණෙරී නාම: දසසික‍්ඛාපදිකා.
සාමණෙරී නම්: දස සිකපද ඇත්තී.
සාමන‍්ති: සයං විකප‍්පෙත්‍වා.
සමං; තෙමේ විකපා
චීවරං නාම: ඡන‍්නං චීවරානං අඤ‍්ඤතරං චීවරං විකප‍්පනුපගං පච‍්ඡිමං.
චීවර නම්: ස වැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා විකපුන් පොහෝනා පැසුළු සිවුරක්.
විකප‍්පනා නාම ද‍්වෙ විකප‍්පනා: සම‍්මුඛා විකප‍්පනා ච පරම‍්මුඛා විකප‍්පනා ච.
විකප්පනා නම්: හමුයෙහි විකප්පනා යැ, නොහමුයෙහි විකප්පනා යි විකප්පනා දෙකෙකි.
සම‍්මුඛාවිකප‍්පනා නාම: ඉමං චීවරං තුය‍්හං විකප‍්පෙමි ඉත්‍ථන‍්නාමස‍්ස ති.
සම්මුඛා විකප්පනා නම්: මේ සිවුර තොපට හෝ මෙනම් අතියහුට හෝ විකපමි.
පරම‍්මුඛාවිකප‍්පනා නාම: ඉමං චීවරං විකප‍්පනත්‍ථාය තුය‍්හං දම‍්මීති. ... තෙන වත‍්තබ‍්බො –කො තෙ මිත‍්තො වා සන්‍දිට‍්ඨො වාති. ඉත්‍ථන‍්නාමො ච ඉත්‍ථන‍්නාමො චාති. තෙන වත‍්තබ‍්බො. අහං තෙසං දම‍්මි, තෙසං සන‍්තකං පරිභුඤ‍්ජ වා විස‍්සජ‍්ජෙහි වා යථාපච‍්චයං වා කරොහීති.
පරම්මුඛා විකප්පනා නම්: මේ සිවුර විකපුන් සඳහා තොපට දෙමැ යි. කවරෙක් තාගේ මිතුරු හෝ දුටුමිතුරු හෝ වේ දැ යි ඔහු විසින් කිය යුත්තේ යි. මෙනම් ඇතියේ ද මෙනම් ඇතියේ දැ යි ඔහු විසින් කිය යුත්තේ යි. මම ඔවුනට දෙමි, ඔවුන් සතු වූව පරිභෝග හෝ කරව, දීම හෝ කරව, රිසියෙන්නක් හෝ කරව යි.
අපච‍්චුද‍්ධාරණං නාම: තස‍්ස වා අදින‍්නං, තස‍්ස වා අවිස‍්සසන‍්තො පරිභුඤ‍්ජති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අපච‍්චුද‍්ධාරකෙ අපච‍්චුද‍්ධාරණසඤ‍්ඤී පරිභුඤ‍්ජති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අපච‍්චුද‍්ධාරකෙ වෙමතිකො පරිභුඤ‍්ජති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අපච‍්චුද‍්ධාරකෙ පච‍්චුද‍්ධාකසඤ‍්ඤී පරිභුඤ‍්ජති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
අපච්චුද්ධාරක නම්: ඔහුට නො දෙන ලද්ද හෝ ඔහුට අවිස්වසින් හෝ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වෙයි. නො කළ පසුදුරුණෙහි නො කළ පසුදුරුණු සන් ඇතියේ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වෙයි. නො කළ පසුදුරුණෙහි විමති ඇතියේ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වෙයි. නො කළ පසුදුරුණෙහි කළ පසුදුරුණු සන් ඇතියේ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වේ.
අධිට‍්ඨෙති වා විස‍්සජ‍්ජෙති වා ආපත‍්ති දුක‍්කටස‍්ස. පච‍්චුද‍්ධාරකෙ අපච‍්චුද‍්ධාරකසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. පච‍්චුද‍්ධාරකෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. පච‍්චුද‍්ධාරකෙ පච‍්චුද‍්ධාරකසඤ‍්ඤී අනාපත‍්ති.
ඉටා නම් හෝ විසඳා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. කළ පසුදුරුණෙහි නො කළ පසුදුරුණු සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. කළ පසුදුරුණෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. කළ පසුදුරුණෙහි කළ පසුදුරුණු සන් ඇතියේ නම් ඇවැත් නැති.
අනාපත‍්ති: සො වා දෙති තස‍්ස වා විස‍්සසන‍්තො පරිභුඤ‍්ජති උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.
හෙතෙමේ දෙයි හෝ, ඔහු කෙරෙහි විස්වස් කරමින් පරිභෝග කෙරෙයි හෝ ඇවැත් නො වේ. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
විකප‍්පන සික‍්ඛාපදං නවමං.
නවවැනි විකප්පනශික්‍ෂාපද යි.