යෙදුමෙන් කියවන්න

චීවරාපනිධාන සික‍්ඛාපදං

6. 6. 10.

6. 6. 10.

චීවරාපනිධාන සික‍්ඛාපදං

චීවරාපනිධාන ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ, තෙන ඛො පන සමයෙන සත‍්තරසවග‍්ගියා භික‍්ඛූ අසන‍්නිහිත පරික‍්ඛාරකා හොන‍්ති. ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ සත‍්තරසවග‍්ගියානං භික‍්ඛූනං පත‍්තම‍්පි චීවරම‍්පි අපනිධෙන‍්ති, සත‍්තරසවග‍්ගියා භික‍්ඛූ ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ එතදවොචුං: “දෙථාවුසො අම‍්හාකං පත‍්තම‍්පි චීවරම‍්පී”ති. ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ හසන‍්ති. තෙ රොදන‍්ති. භික‍්ඛූ එවමාහංසු: “කිස‍්ස තුම‍්හෙ ආවුසො රොදථාති”. ඉමෙ ආවුසො ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අම‍්හාකං පත‍්තම‍්පි චීවරම‍්පි අපනිධෙන‍්තී”ති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර ජේතවන නම්වූ, අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සතළොස් වග මහණහු නො තැන්පත් කළ පිරිකර ඇතියේ වෙති. සවග මහණහු සතළොස්වග මහණුන්ගේ පා ද සිවුරු ද සඟවති. සතළොස් වග මහණහු සවග මහණුන්ට තෙල කීහු: “ඇවැත්නි, අපගේ පාත්‍ර ද සිවුරු ද දෙව” යි. සවග මහණෝ සිනා සෙති. ඔහු හඬත්. භික්‍ෂූහු මෙසේ කීහු: “ඇවැත්නි, තෙපි කුමකට හඬවු” දැ යි ඇවැත්නි, මේ සවග මහණෝ අපගේ පාත්‍ර ද සිවුරු ද සඟවති යයි.

2. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ භික‍්ඛූනං පත‍්තම‍්පි චීවරම‍්පි අපනිධෙස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ භික‍්ඛූනං පත‍්තම‍්පි චීවරම‍්පි අපනිධෙථාති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා භික‍්ඛූනං පත‍්තම‍්පි චීවරම‍්පි අපනිධෙස‍්සථ. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු මහණුන් ගේ පාත්‍ර ද සිවුරු ද සැඟවූහු” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි මහණුන්ගේ පාත්‍ර ද සිවුරු ද සඟවවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මහණුන්ගේ පාත්‍ර ද සිවුරු ද සැඟවූවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:

“යො පන භික‍්ඛු භික‍්ඛුස‍්ස පත‍්තං වා චීවරං වා නිසීදනං වා සූචිඝරං වා කායබන්‍ධනං වා අපනිධෙය්‍ය වා අපනිධාපෙය්‍ය වා අන‍්තමසො හස‍්සාපෙක‍්ඛො පි පාචිත‍්තිය”න‍්ති.

“යම් මහණෙක් යටත් පිරිසෙයින් කෙළිරිසියේ නමුදු මහණක්හුගේ පයක් හෝ සිවුරක් හෝ නිසීදනයක් හෝ හිදිගුළාවක් හෝ කාබානක් හෝ සඟවන්නේ නම් හෝ සඟවවන්නේ නම් පචිති වේ” යයි.

3. යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

3. යො පන: යම්, යම්බඳු ... භික්ඛූ ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.

භික‍්ඛුස‍්සාති: අඤ‍්ඤස‍්ස භික‍්ඛුස‍්ස.

භික්ඛුස්ස; අන් මහණක්හුගේ;

පත‍්තො නාම: ද‍්වෙ පත‍්තා අයොපත‍්තො මත‍්තිකා පත‍්තො.

පත්ත නම්: යපයැ මැටිපයැ යි දෙපයෙකි.

චීවරං නාම: ඡන‍්නං චීවරානං අඤ‍්ඤතරං චීවරං විකප‍්පනුපගංපච‍්ඡිමං.

චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා විකපුන් පොහෝනා පැසුළු සිවුරක්;

නිසීදනං නාම: සදසං වුච‍්චති.

නිසීදන නම්: දාවලු සහිත නිසීදන යැ යි කියනු ලැබේ.

සූචිඝරං නාම: සසූචිකං වා අසූචිකං වා.

සූචිඝර නම්: හිදි සහිත වූ හෝ හිදි රහිත වූ හෝ,

කායබන්‍ධනං නාම: ද‍්වෙ කායබන්‍ධනානි පට‍්ටිකා සූකරන‍්තකං.

කායබන්‍ධන නම්: පට්ටිකා යැ සූකරන්තක යැ යි දෙ කාබානෙකි.

අපනිධෙය්‍යාති: සයං අපනිධෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

අපනිධෙය්‍ය: තෙමේ සඟවා නම් පචිති ඇවැත් වෙයි.

අපනිධාපෙය්‍යාති: අඤ‍්ඤං ආණාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. සකිං ආණත‍්තො බහුකම‍්පි අපනිධෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

අපනිධාපෙය්‍ය: අනෙකක්හු අණවා නම් පචිති ඇවැත් වෙයි. වරක් අණවන ලදුයේ බොහෝ වරකුදු සඟවා නම් පචිති ඇවැත් වේ.

අන‍්තමසො හසාපෙක‍්ඛොපීති: කීළාධිප‍්පායො.

අන්තමසෝ හස්සාපේඛො යනු කෙළිරිසි ඇතියේ.

උපසම‍්පන‍්නෙ උපසම‍්පන‍්නසඤ‍්ඤී පත‍්තං වා චීවරං වා නිසීදනං වා සූචිඝරං වා කායබන්‍ධනං වා අපනිධෙති වා අපනිධාපෙති වා අන‍්තමසො හසාපෙක‍්ඛොපි ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උපසම‍්පන‍්නෙ වෙමතිකො -පෙ- උපසම‍්පන‍්නෙ අනුපසම‍්පන‍්නසඤ‍්ඤී පත‍්තං වා චීවරං වා නිසීදනං වා සූචිඝරං වා කායබන්‍ධනං වා අපනිධෙති වා අපනිධාපෙති වා අන‍්තමසො හසාපෙක‍්ඛොපි ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

උපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ යටත් පිරිසෙයින් කෙළිරිසි ඇතියේ නමුදු පාත්‍රයක් හෝ සිවුරක් හෝ නිසීදනයක් හෝ හිදිගුළාවක් හෝ කාබානක් හෝ සඟවා නම් හෝ සඟවවා නම් හෝ පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ ... උපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ යටත් පිරිසෙයින් කෙළිරිසි ඇතියේ නමුදු පාත්‍රයක් හෝ සිවුරක් හෝ නිසීදනයක් හෝ හිඳිගුළාවක් හෝ කාබානක් හෝ සඟවා නම් හෝ සඟවවා නම් හෝ පචිති ඇවැත් වේ.

අඤ‍්ඤං පරික‍්ඛාරං අපනිධෙති වා අපනිධාපෙති වා අන‍්තමසො හස‍්සාපෙඛොපි ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නස‍්ස පත‍්තං වා චීවරං වා අඤ‍්ඤං වා පරික‍්ඛාරං අපනිධෙති වා අපනිධාපෙති වා අන‍්තමසො හස‍්සාපෙඛොපි ආපත‍්ති දුක‍්කටස‍්ස.

යටත් පිරිසෙයින් කෙළිරිසි ඇතියේ නමුදු අන් පිරිකරක් සඟවා නම් හෝ සඟවවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. යටත් පිරිසෙයින් කෙළිරිසි ඇතියේ නමුදු අනුපසපනක්හුගේ පයක් හෝ සිවුරක් හෝ අන් පිරිකරක් හෝ සඟවා නම් හෝ සඟවවා නම් හෝ දුකුළා ඇවැත් වේ.

අනුපසම‍්පන‍්නෙ උපසම‍්පන‍්නසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නෙ අනුපසම‍්පන‍්නසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස.

අනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: න හස‍්සාධිප‍්පායො දුන‍්නික‍්ඛිත‍්තං පටිසාමෙති ධම‍්මිං කථං කථෙත්‍වා දස‍්සාමෙති පටිසාමෙති උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

කෙළිඅදහස් නැතියේ නම්, නො මනාසේ තබන ලද්දක් තැන්පත් කෙරේ නම්, දැහැමි කථා කොට දෙන්නෙමැ යි තැන්පත් කෙරේ නම් ඇවැත් නො වේ. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.

චීවරපනිධානසික‍්ඛාපදං දසමං.

දසවැනි චීවරාපනිධාන ශික්‍ෂාපද යි.

සුරාපානවග‍්ගො ඡට‍්ඨො.

සවැනි සුරාපාන වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උද්දානය:

සුරා අඞ‍්ගුලි හාසො ච අනාදරියඤ‍්ච භිංසනං ජොති නහාන දුබ‍්බණ‍්ණං සාමං අපනිධෙන චාති.

සුරාපාන යැ අඞ්ගුලිපතෝදක යැ, භාස්සධම්ම යැ, අනාදරිය යැ, භිංසාපනක යැ, ජෝති යැ, නහාන යැ, දුබ්බණ්ණකරණ යැ, චීවරාපනිධාන සිකපදය සමග විකප්පනය ද වෙයි.