සඤ්චිච්චපාණසික්ඛාපදං
6. 7. 1.
6. 7. 1.
සඤ්චිච්චපාණසික්ඛාපදං
සඤ්චිච්චපාණ ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උදායී ඉස්සාසො හොති, කාකා චස්ස අමනාපා හොන්ති සො කාකෙ විජ්ඣිත්වා විජ්ඣිත්වා සීසං ඡින්දිත්වා සූලෙ පටිපාටියා ඨපෙසි. භික්ඛූ එවමාහංසු: කෙනිමෙ ආවුසො කාකා ජීවිතා වොරොපිතාති. මයා ආවුසො අමනාපා මෙ කාකාති. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: කථං හි නාම උදායී සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙස්සතීති -පෙ- සච්චං කිර ත්වං උදායි සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙසීති. සච්චං භගවා විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උදායී දුනුවායෙක් වෙයි. කපුටුවෝ ඔහුට අමනාප වෙති. හේ කපුටුවන් විද විද හිස සිඳ හුලෙහි පිළිවෙළින් තැබී යැ. භික්ෂූහු මෙසේ කීහු: ඇවැත්නි කවරක්හු විසින් මේ කපුටුවෝ දිවියෙන් තොර කරන ලද්දාහු දැ යි. ඇවැත්නි, මා විසින් මට කපුටුවෝ අමනාපයෝ යි. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් උදායී තෙරණුවෝ දැනැ දැනැ සතක්හු දිවියෙන් තොර කළෝ”දැ යි. ... සැබෑ ද උදායී, තෙපි දැනැදැනැ සතක්හු දිවියෙන් තොර කළහු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි දැනැදැනැ සතක්හු දිවියෙන් තොර කළහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි මෙසේ මේ සිකපදය උදෙසවු:
“යො පන භික්ඛු සඤ්චිච්ච පාණං ජීවිතා වොරොපෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මහණෙක් දැනදැන සතක්හු දිවියෙන් තොර කරන්නේ නම් පචිති වේ” යි.
2. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
2. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
සඤ්චිච්චාති: ජානන්තො සඤ්ජානන්තො චෙච්ච අභිවිතරිත්වා වීතික්කමො.
සඤ්චිච්ච: දන්නේ මැනැවින් දන්නේ සිතා මෙහෙයා විකුම් කිරීම යි.
පාණො නාම: තිරච්ඡානගතපාණො වුච්චති.
පාණ නම්: තිරිසන් ගිය සතෙකැ යි කියනු ලැබෙයි.
ජීවිතා වොරොපෙය්යාති: ජීවිතින්ද්රියං උපච්ඡින්දති උපරොධෙති සන්තතිං විකොපෙති ආපත්ති පාචිත්තියස්ස.
ජීවිතා චෝරොපෙය්ය: ජීවිතේන්ද්රිය සිඳලා නම් වළහා නම් සන්තතිය විකෝපනය කෙරේ නම් පචිති ඇවැත් වේ.
3. පාණෙ පාණසඤ්ඤී ජීවිතා වොරොපෙති ආපත්ති පාචිත්තියස්ස. පාණෙ වෙමතිකො ජීවිතා වොරොපෙති ආපත්ති දුක්කටස්ස. පාණෙ අප්පාණසඤ්ඤී ජීවිතා වොරොපෙති අනාපත්ති.
3. සතක්හු කෙරෙහි සතෙකැ යි සන් ඇතියේ දිවියෙන් තොර කෙරේ නම් පචිති ඇවැත් වෙයි. සතක්හු කෙරෙහි විමති ඇතියේ දිවියෙන් තොර කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. සතක්හු කෙරෙහි සතෙකැ යි සන් නැතියේ දිවියෙන් තොර කෙරේ නම් ඇවැත් නැති.
4. අප්පාණෙ පාණසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අප්පාණෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අප්පාණෙ අප්පාණසඤ්ඤී අනාපත්ති.
4. නො සතක්හු කෙරෙහි සතෙකැයි සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො සතක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො සතක්හු කෙරෙහි නො සතෙකැ යි සන් ඇතියේ නම් ඇවැත් නැති.
5. අනාපත්ති: අසඤ්චිච්ච, අස්සතියා, අජානන්තස්ස, න මරණාධිප්පායස්ස, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
5. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට මරණ අදහස් නැතියහුට, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
සඤ්චිච්චපාණ සික්ඛාපදං පඨමං.
පළමුවැනි සඤ්චිච්චපාණ ශික්ෂාපද යි.