සප‍්පාණකසික‍්ඛාපදං
6. 7. 2.
6. 7. 2.
සප‍්පාණකසික‍්ඛාපදං
සප්පාණක ශික්‍ෂාපදය
1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ජානං සප‍්පාණකං උදකං පරිභුඤ‍්ජන‍්ති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ජානං සප‍්පාණකං උදකං පරිභුඤ‍්ජිස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ ජානං සප‍්පාණකං උදකං පරිභුඤ‍්ජථාති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා ජානං සප‍්පාණකං උදකං පරිභුඤ‍්ජිස‍්සථ. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි සවග මහණහු දැනැදැනැ පණුවන් සහිත ජලය පරිභෝග කෙරෙති යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු දැනැදැනැ පණුවන් සහිත ජලය පරිභෝග කළාහු දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි දැනැදැනැ පණුවන් සහිත ජලය පරිභෝග කරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු නොයෙක් අයුරින් ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දැනැදැනැ පණුවන් සහිත ජලය පරිභෝග කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යො පන භික‍්ඛු ජානං සප‍්පාණකං උදකං පරිභුඤ‍්ජෙය්‍ය පාචිත‍්තියන‍්ති.”
“යම් මහණෙක් දැනැදැනැ පණුවන් සහිත ජලය පරිභෝග කරන්නේ නම් පචිති වේ” යි.
2. යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති. ජානාති නාම: සාමං වා ජානාති අඤ‍්ඤෙ වා තස‍්ස ආරොචෙන‍්ති. සප‍්පාණකන‍්ති ජානන‍්තො පරිභොගෙන මරිස‍්සන‍්තීති ජානන‍්තො පරිභුඤ‍්ජති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
2. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. ජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහුට ඇරොජත්. පණුවන් සහිත යැ යි දන්නේ පරිභෝගයෙන් මැරෙති යි දන්නේ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වේ.
සප‍්පාණකෙ සප‍්පාණකසඤ‍්ඤී පරිභුඤ‍්ජති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. සප‍්පාණකෙ වෙමතිකො පරිභුඤ‍්ජති ආපත‍්ති දුක‍්කටස‍්ස. සප‍්පාණකෙ අප‍්පාණක සඤ‍්ඤී පරිභුඤ‍්ජති අනාපත‍්ති.
පණුවන් සහිතයෙහි පණුවන් සහිතය යන සන් ඇතියේ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වෙයි. පණුවන් සහිතයෙහි විමති ඇතියේ පරිභෝග කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. පණුවන් සහිතයෙහි පණුවන් රහිතය යන සන් ඇතියේ පරිභෝග කෙරේ නම් ඇවැත් නැති.
අප‍්පාණකෙ සප‍්පාණකසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. අප‍්පාණකෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. අප‍්පාණකෙ අප‍්පාණකසඤ‍්ඤී අනාපත‍්ති.
පණුවන් රහිතයෙහි පණුවන් සහිතය යන සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පණුවන් රහිතයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පණුවන් රහිතයෙහි පණුවන් රහිතය යන සන් ඇතියේ නම් ඇවැත් නැති.
අනාපත‍්ති: අප‍්පාණකන‍්ති ජානන‍්තො, පරිභොගෙන න මරිස‍්සන‍්තීති ජානන‍්තො පරිභුඤ‍්ජති, උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.
පණුවන් රහිත යැ යි දන්නේ නම්, පරිභෝගයෙන් නො මැරෙති යි දන්නේ නම්, ඇවැත් නො වේ. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
සප‍්පාණකසික‍්ඛාපදං දුතියං.
දෙවෙනි සප්පාණක ශික්‍ෂාපද යි.