උක්කොටන සික්ඛාපදං
6. 7. 3.
6. 7. 3.
උක්කොටන සික්ඛාපදං
උක්කෝටන ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ජානං යථාධම්මං නිහතාධිකරණං පුනකම්මාය උක්කොටෙන්ති, අකතං කම්මං දුක්කතං කම්මං පුන කාතබ්බං කම්මං අනිහතං දුන්නිහතං පුන නිහනිතබ්බන්ති, යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ ජානං යථාධම්මං නිහතාධිකරණං පුනකම්මාය උක්කොටෙස්සන්තී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ ජානං යථාධම්මං නිහතාධිකරණං පුනකම්මාය උක්කොටෙථාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා ජානං යථාධම්මං නිහතාධිකරණං පුනකම්මාය උක්කොටෙස්සථ නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු ධර්ම වූ පරිද්දෙන් සන්සිඳුවන ලද අධිකරණය දැනැදැනැ යළි කරනු පිණිස මතු කරලති. “කර්මය නො කරන ලදැ යැ, කර්මය නපුරු කොට කරන ලද යැ, කර්මය යළි කළයුතු යැ, නො සන් හිඳුවන ලද යැ, නපුරු කොට සන්හිඳුවන ලද යැ, යළි සන්හිඳවිය යුතු” යැ යි. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු ධර්ම වූ පරිද්දෙන් සන්හිඳුවන ලද අධිකරණය දැනැදැනැ යළි කරනු පිණිස මතු කොළෝ” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි ධර්ම වූ පරිද්දෙන් සන්සිඳුවන ලද අධිකරණය දැනැ දැනැ යළි කරනු පිණිස මතු කරහු දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු නොයෙක් අයුරින් ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි ධර්ම වූ පරිද්දෙන් සන්සිඳුවන ලද අධිකරණය දැනැදැනැ යළි කරනු පිණිස මතු කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:
“යො පන භික්ඛු ජානං යථාධම්මං නිහතාධිකරණං පුන කම්මාය උක්කොටෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මහණෙක් ධර්ම වූ පරිද්දෙන් සන්සිඳුවන ලද අධිකරණයක් දැනැ දැනැ යළි කරනු පිණිස මතු කරලන්නේ නම් පචිති වේ” යි.
2. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
2. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
ජානාති නාම: සාමං වා ජානාති, අඤ්ඤෙ වා තස්ස ආරොචෙන්ති, සො වා ආරොචෙති.
ජානාති නම්: තෙමේ හෝ දනී, අන්හු හෝ ඔහුට ඇරොජත් හෙතෙමේ හෝ ඇරොජයි.
යථාධම්මං නාම: ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන කතං, එතං යථාධම්මං නාම.
යථාධම්ම නම්: ධර්මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් කරන ලද්ද යැ. මේ යැ යථාධම්ම නම්;
අධිකරණං නාම: චත්තාරි අධිකරණානි විවාදාධිකරණං අනුවාදාධිකරණං ආපත්තාධිකරණං කිච්චාධිකරණං.
අධිකරණ නම්: විවාදාධිකරණ යැ අනුවාදාධිකරණ යැ ආපත්තාධිකරණයැ කිච්චාධිකරණ යැ යි අධිකරණ සතරෙකි.
පුනකම්මාය උක්කොටෙය්යාති: අකතං කම්මං දුක්කතං කම්මං පුනකාතබ්බං කම්මං අනිහතං දුන්නිහතං පුන නිහනිතබ්බන්ති ජානන්තො උක්කොටෙති ආපත්ති පාචිත්තියස්ස.
පුනකම්මාය උක්කොටෙය්ය: කර්මය නො කරන ලද යැ කර්මය නපුරු කොට කරන ලද යැ කර්මය යළි කළ යුතු යැ නො සන්හිඳු වන ලද යැ නපුරු කොට සන්හිඳුවන ලද යැ යළි සන්හිඳවිය යුතු යැ යි දනිමින් මතුකරා නම් පචිති ඇවැත් වේ.
ධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී උක්කොටෙති ආපත්ති පාචිත්තියස්ස. ධම්මකම්මෙ වෙමතිකො උක්කොටෙති ආපත්ති දුක්කටස්ස. ධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී උක්කොටෙති අනාපත්ති.
දැහැමිකම්හි දැහැමිකමෙක යන සන් ඇතියේ මතු කරලා නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි විමති ඇතියේ මතු කරලා නම් දුකුළා ඇවැත් වෙයි. දැහැමිකම්හි නො දැහැමිකමෙක යන සන් ඇතියේ මතු කරලා නම් ඇවැත් නැති.
අධම්මකම්මෙ ධම්මකම්මසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අධම්මකම්මෙ අධම්මකම්මසඤ්ඤී අනාපත්ති.
නො දැහැමිකම්හි දැහැමිකමෙක යන සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නො දැහැමිකමෙක යන සන් ඇතියේ නම් ඇවැත් නැති.
අනාපත්ති: අධම්මෙන වා වග්ගෙන වා න කම්මාරහස්ස වා කම්මං කතන්ති ජානන්තො උක්කොටෙති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
අධර්මයෙන් හෝ ව්‍යග්‍රයෙන් හෝ කර්‍මාර්‍හ නොවනුවක්හට හෝ කර්ම කරන ලදැ යි දන්නේ මතුකරලා නම් ඇවැත් නො වේ. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
උක්කොටනසික්ඛාපදං තතියං.
තුන්වැනි උක්කෝටනශික්ෂාපද යි.