දුට‍්ඨුල‍්ලසික‍්ඛාපදං
6. 7. 4.
6. 7. 4.
දුට‍්ඨුල‍්ලසික‍්ඛාපදං
දුට්ඨුල්ල ශික්‍ෂාපදය
1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො සඤ‍්චෙතනිකං සුක‍්කවිස‍්සට‍්ඨිං ආපත‍්තිං ආපජ‍්ජිත්‍වා භාතුනො සද‍්ධිවිහාරිකස‍්ස භික‍්ඛුනො ආරොචෙසි: අහං ආවුසො සඤ‍්චෙතනිකං සුක‍්කවිස‍්සට‍්ඨිං ආපත‍්තිං ආපන‍්නො මා කස‍්සචි ආරොචෙහීති. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු සඤ‍්චෙතනිකං සුක‍්කවිස‍්සට‍්ඨිං ආපත‍්තිං ආපජ‍්ජිත්‍වා සඞ‍්ඝං තස‍්සා ආපත‍්තියා පරිවාසං යාචි. තස‍්ස සඞ‍්ඝො තස‍්සා ආපත‍්තියා පරිවාසං අදාසි. සො පරිවසන‍්තො තං භික‍්ඛුං පස‍්සිත්‍වා එතදවොච: “අහං ආවුසො සඤ‍්චෙතනිකං සුක‍්කවිස‍්සට‍්ඨිං ආපත‍්තිං ආපජ‍්ජිත්‍වා සඞ‍්ඝං තස‍්සා ආපත‍්තියා පරිවාසං යාචිං, තස‍්ස මෙ සඞ‍්ඝො තස‍්සා ආපත‍්තියා පරිවාසං අදාසි සොහං පරිවසාමි, වෙදියාමහං ආවුසො වෙදියතීති මං ආයස‍්මා ධාරෙතූ”ති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙත්. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර දැනැ දැනැ සුක්විසැටි ඇවැතකට පැමිණ බෑයාගේ සද්ධිවිහාරික භික්‍ෂුහට ඇරොජී යැ: ඇවැත්නි මම දැනැ දැනැ සුක්විසැටි ඇවැතකට පැමිණියෙමි, කිසිවක්හට නහමක් ඇරොජ යි. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් දැනැ දැනැ සුක්විසැටි ඇවැතකට පැමිණ සඞ්ඝයාගෙන් ඒ ඇවැතට පිරිවෙස් යැදී යැ. සඞ්ඝ තෙමේ ඔහුට ඒ ඇවැතට පිරිවෙස් දුන්නේ යැ. හේ පිරිවසනුයේ එමහණහු දැකැ මෙය කී යැ: “ඇවැත්නි, මම දැනැ දැනැ සුක්විසැටි ඇවැතකට පැමිණ සඞ්ඝයාගෙන් ඒ ඇවැතට පිරිවෙස් යැදීමි. සඞ්ඝ තෙමේ ඒ මාහට ඒ ඇවැතට පිරිවෙස් දුන්නේ යැ. හේ මම පිරිවසමි. ඇවැත්නි, මම දනිමි. මා දනී යැ යි ආයුෂ්මත් තෙමේ දරාව යි.
2. කිං නු ඛො ආවුසො යො අඤ‍්ඤොපි ඉමං ආපත‍්තිං ආපජ‍්ජති සොපි එවං කරොතීති. එවමාවුසොති. අයං ආවුසො ආයස‍්මා උපනන්‍දො සක්‍යපුත‍්තො සඤ‍්චෙතනිකං සුක‍්කවිස‍්සට‍්ඨිං ආපත‍්තිං ආපජ‍්ජිත්‍වා සො මෙ ආරොචෙසි මා කස‍්සචි ආරොචෙහීති. කිම‍්පන ත්‍වං ආවුසො පටිච‍්ඡාදෙසීති. එවමාවුසොති. අථ ඛො සො භික‍්ඛු භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසි. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති:
2. කිමෙක් ද? ඇවැත්නි, අන් යමෙකුත් මේ ඇවැතට පැමිණේ නම් හෙතෙමේත් මෙසේ කෙරේ දැ යි. ඇවැත්නි, එසේ යැ. ඇවැත්නි, මේ ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර දැනැ දැනැ සුක්විසැටි ඇවැතකට පැමිණ හේ කිසිවක්හට නහමක් ඇරොජ යි මට දැන්වී යැ. කිමෙක් ද? ඇවැත්නි, තෙපි පිළිසන් කරවූ දැ යි. ඇවැත්නි, එසේ යැ. එකල්හි ඒ මහණ මහණුන්හට තෙල කරුණ දැන්වී යැ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරවත්:
“කථං හි නාම භික‍්ඛු භික‍්ඛුස‍්ස ජානං දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං පටිච‍්ඡාදෙස‍්සතී”ති -පෙ- සච‍්චං කිර ත්‍වං භික‍්ඛු භික‍්ඛුස‍්ස ජානං දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං පටිච‍්ඡාදෙසීති. සච‍්චං, භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම ත්‍වං මොඝපුරිස භික‍්ඛුස‍්ස ජානං දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං පටිච‍්ඡාදෙස‍්සසි. නෙතං මොඝපුරිස අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:
“කෙසේ නම් මහණෙක් මහණක්හුගේ දුළුල් ඇවැතක් දැනදැන පිළිසන් කෙළේ” දැ යි ... සැබෑ ද මහණ, තෙපි මහණක්හුගේ දුළුල් ඇවැතක් දැනැ දැනැ පිළිසන් කරවු දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහු ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි මහණක්හුගේ දුළුල් ඇවැතක් දැනැ දැනැ පිළිසන් කළහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යො පන භික‍්ඛු භික‍්ඛුස‍්ස ජානං දුට‍්ඨුල‍්ලං ආපත‍්තිං පටිච‍්ඡාදෙය්‍ය පාචිත‍්තිය”න‍්ති.
“යම් මහණෙක් මහණක්හුගේ දුළුල් ඇවැතක් දැනැ දැනැ පිළිසන් කරන්නේ නම් පචිති වේ” ය යි.
3. යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති. භික‍්ඛුස‍්සාති: අඤ‍්ඤස‍්ස භික‍්ඛුස‍්ස. ජානාති නාම: සාමං වා ජානාති, අඤ‍්ඤෙ වා තස‍්ස ආරොචෙන‍්ති, සො වා ආරොචෙති. දුට‍්ඨුල‍්ලා නාම: ආපත‍්ති චත‍්තාරි ච පාරාජිකානි තෙරස ච සඞ‍්ඝාදිසෙසා. පටිච‍්ඡාදෙය්‍යාති: ඉමං ජානිත්‍වා චොදෙස‍්සන‍්ති සාරෙස‍්සන‍්ති ඛුංසෙස‍්සන‍්ති වම‍්භෙස‍්සන‍්ති මඞ‍්කුකරිස‍්සන‍්ති නාරොචෙස‍්සාමීති ධුරං නික‍්ඛිත‍්තමත‍්තෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. භික්ඛුස්ස: අන් මහණක්හුගේ, ජානාති නම්: තෙමේ හෝ දනී, අන්හු හෝ ඔහුට ඇරොජත්. හෙතෙමේ හෝ ඇරොජයි. දුට්ඨුල්ල නම්: සතර පරිජි හා තෙළෙස් සඟ වෙසෙස් හා ඇවැති. පටිච්ඡාදෙය්‍ය; මෙ කරුණ දැන සොයන්නාහ සිහිකරවන්නාහ හෙළා දක්නාහ, ගරහන්නාහ, මකුකරන්නාහ, නො ඇරොජන්නෙමැ යි ධුරය බහා තැබූ කෙණෙහි පචිති ඇවැත් වේ.
දුට‍්ඨුල‍්ලාය ආපත‍්තියා දුට‍්ඨුල‍්ලාපත‍්තිසඤ‍්ඤී පටිච‍්ඡාදෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. දුට‍්ඨුල‍්ලාය ආපත‍්තියා වෙමතිකො පටිච‍්ඡාදෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. දුට‍්ඨුල‍්ලාය ආපත‍්තියා අදුට‍්ඨුල‍්ලාපත‍්තිසඤ‍්ඤී පටිච‍්ඡාදෙති ආපත‍්ති දුක‍්කටස‍්ස.
දුළුල් ඇවැතෙහි දුළුල් ඇවැත් සන් ඇතියේ පිළිසන් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. දුළුල් ඇවැතෙහි විමති ඇතියේ පිළිසන් කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. දුළුල් ඇවැතෙහි නො දුළුල් ඇවැත්සන් ඇතියේ පිළිසන් කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
අදුට‍්ඨුල‍්ලං ආපත‍්තිං පටිච‍්ඡාදෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුපසම‍්පන‍්නස‍්ස දුට‍්ඨුල‍්ලං වා අදුට‍්ඨුල‍්ලං වා අජ‍්ඣාචාරං පටිච‍්ඡාදෙති ආපත‍්ති දුක‍්කටස‍්ස.
නො දුළුල් ඇවැතක් පිළිසන් කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හුගේ දුළුල් වූ හෝ නො දුළුල් වූ හෝ අධ්‍යාචාරයක් පිළිසන් කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
අදුට‍්ඨුල‍්ලාය ආපත‍්තියා දුට‍්ඨුල‍්ලාපත‍්තිසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. අදුට‍්ඨුල‍්ලාය ආපත‍්තියා වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. අදුට‍්ඨුල‍්ලාය ආපත‍්තියා අදුට‍්ඨුල‍්ලාපත‍්තිසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස.
නො දුළුල් ඇවැතෙහි දුළුල් ඇවැත්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දුළුල් ඇවැතෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දුළුල් ඇවැතෙහි නො දුළුල් ඇවැත්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
අනාපත‍්ති: “සඞ‍්ඝස‍්ස භණ‍්ඩනං වා කලහො වා විග‍්ගහො වා විවාදො වා භවිස‍්සතීති නාරොචෙති, සඞ‍්ඝභෙදො වා සඞ‍්ඝරාජි වා භවිස‍්සතීති නාරොචෙති, අයං කක‍්ඛලො ඵරුසො ජීවිතන‍්තරායං වා බ්‍රහ‍්මචරියන‍්තරායං වා කරිස‍්සතීති නාරොචෙති. අඤ‍්ඤෙ පතිරූපෙ භික‍්ඛූ අපස‍්සන‍්තො නාරොචෙති, නඡාදෙතුකාමො නාරොචෙති, පඤ‍්ඤායිස‍්සති සකෙන කම‍්මෙනාති නාරොචෙති, උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.
සඞ්ඝයාගේ භණ්ඩනයෙක් හෝ කලහයෙක් හෝ විග්‍රහයෙක් හෝ විවාදයෙක් හෝ වන්නේ යැ යි නො ඇරොජා නම්, සඞ්ඝභේදය හෝ සඞ්ඝරාජිය හෝ වන්නේ යැ යි නො ඇරොජා නම්, මෙතෙමේ කර්‍කශ යැ පරුෂ යැ දිවියට අනතුරු හෝ බඹසරට අනතුරු හෝ කරන්නේ යැ යි නො ඇරොජා නම් අන් සුදුසු මහණුන් නො දක්නේ නො ඇරොජා නම්, නො වසනු කැමැත්තේ නො ඇරොජා නම්, සිය කැමින් පැනෙන්නේ යැයි නො ඇරොජා නම් ඇවැත් නො වේ. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
දුට‍්ඨුල‍්ලසික‍්ඛාපදං චතුත්‍ථං
සතරවැනි දුට්ඨුල්ල ශික්‍ෂාපදයි.