ඌනවීසතිවස්සසික්ඛාපදං
6. 7. 5.
6. 7. 5.
ඌනවීසතිවස්සසික්ඛාපදං
ඌනවීසතිවස්ස ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන රාජගහෙ සත්තරසවග්ගියා දාරකා සහායකා හොන්ති. උපාලිදාරකො තෙසං පාමොක්ඛො හොති. අථ ඛො උපාලිස්ස මාතාපිතූනං එතදහොසි: “කෙන නු ඛො උපායෙන උපාලි අම්හාකං අච්චයෙන සුඛඤ්ච ජීවෙය්ය න ච කිලමෙය්යා”ති. අථ ඛො උපාලිස්ස මාතාපිතූනං එතදහොසි: “සචෙ ඛො උපාලි ලෙඛං සික්ඛෙය්ය එවං ඛො උපාලි අම්හාකං අච්චයෙන සුඛඤ්ච ජීවෙය්ය න ච කිලමෙය්යා”ති. අථ ඛො උපාලිස්ස මාතාපිතූනං එතදහොසි: “සචෙ ඛො උපාලි ලෙඛං සික්ඛිස්සති අඞ්ගුලියො දුක්ඛා භවිස්සන්ති. සචෙ ඛො උපාලි ගණනං සික්ඛෙය්ය එවං ඛො උපාලි අම්හාකං අච්චයෙන සුඛඤ්ච ජීවෙය්ය න ච කිලමෙය්යා”ති. අථ ඛො උපාලිස්ස මාතාපිතූනං එතදහොසි: “සචෙ ඛො උපාලි ගණනං සික්ඛිස්සති උරස්ස දුක්ඛො භවිස්සති. සචෙ ඛො උපාලි රූපං සික්ඛෙය්ය එවං ඛො උපාලි අම්හාකං අච්චයෙන සුඛඤ්ච ජීවෙය්ය න ච කිලමෙය්යා”ති. අථ ඛො උපාලිස්ස මාතාපිතූනං එතදහොසි: “සචෙ ඛො උපාලි රූපං සික්ඛිස්සති අක්ඛීනි දුක්ඛා භවිස්සන්ති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ කලන්දක නිවාප නම් වේළුවනයෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි රජගහ නුවරැ සතළොස්වග දරුවෝ යහළුවෝ වෙති. උපාලි දරු ඔවුන්ගේ ප්‍රමුඛයා වෙයි. එකල්හි උපාලිහුගේ මාපියනට මෙ සිත විය: “කි නම් උපායෙකින් උපාලි තෙමේ අපගේ ඇවෑමෙන් සැපසේ දිවි වටන්නේත් නො මිරිකෙන්නේත් වේ දැ යි. එකල්හි උපාලිහුගේ මාපියනට මෙ සිත විය: ඉදින් උපාලි තෙමේ ලෙඛනයෙහි හික්මෙන්නේ නම් මෙසේ උපාලි තෙමේ අපගේ ඇවෑමෙන් සැපසේ දිවි වටන්නේත් නො මිරිකෙන්නේත් වෙයි. එකල්හි උපාලිහුගේ මාපියනට මේ සිත විය: ඉදින් උපාලි තෙමේ ලෙඛනයෙහි හික්මෙන්නේ නම් ඇඟිලි රිදෙයි. ඉදින් උපාලි තෙමේ ගණිතයෙහි හික්මෙන්නේ නම් මෙසේ උපාලි තෙමේ අපගේ ඇවෑමෙන් සැපසේ දිවි වටන්නේත් නො මිරිකෙන්නේත් වෙයි. ඉක්බිති උපාලිහුගේ මාපියනට මෙ සිත විය: ඉදින් උපාලි තෙමේ ගණිතයෙහි හික්මෙන්නේ නම් ළයට දුක් වන්නේයැ. ඉදින් උපාලි තෙමේ රූපසූත්‍රයෙහි හික්මෙන්නේ නම් මෙසේ උපාලි තෙමේ අපගේ ඇවෑමෙන් සැපසේ දිවි වටන්නේත් නො මිරිකෙන්නේත් වෙයි. එකල්හි උපාලිහුගේ මාපියනට මෙසිත විය: ඉදින් උපාලි තෙමේ රූපසූත්‍රයෙහි හික්මෙන්නේ නම් ඇස් රිදෙයි.
2. ඉමෙ ඛො සමණා සක්යපුත්තියා සුඛසීලා සුඛසමාචාරා සුභොජනානි භුඤ්ජිත්වා නිවාතෙසු සයනෙසු සයන්ති. සචෙ ඛො උපාලි සමණෙසු සක්යපුත්තියෙසු පබ්බජෙය්ය එවං ඛො උපාලි අම්හාකං අච්චයෙන සුඛඤ්ච ජීවෙය්ය න ච කිලමෙය්යාති. අස්සොසි ඛො උපාලිදාරකො මාතාපිතූනං ඉමං කථාසල්ලාපං. අථ ඛො උපාලිදාරකො යෙන තෙ දාරකා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ දාරකෙ එතදවොච: “එථ මයං අය්යා සමණෙසු සක්යපුත්තියෙසු පබ්බජිස්සාමා”ති. සචෙ ඛො ත්වං අය්ය පබ්බජිස්සසි එවං මයම්පි පබ්බජිස්සාමාති.
2. මේ ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ වනාහි සුවසැහැවි ඇතියෝ සැප පැවතුම් ඇතියෝ මනා බොජුන් වළඳා සිසිල් යහන්හි සැතැපෙත්. ඉදින් උපාලි තෙම ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් කෙරෙහි පැවිදි වන්නේ නම් මෙසේ උපාලි තෙමේ අපගේ ඇවෑමෙන් සැපසේ දිවි වටන්නේත් නො මිරිකෙන්නේත් වෙයි. උපාලි දරු තෙමේ මාපියන්ගේ මේ කතාබහ ඇසුයේ යි. ඉක්බිති උපාලි දරු තෙමේ ඒ (යහළු) දරුවන් වෙතැ එළඹියේ යැ. එළැඹැ ඒ දරුවනට මෙය කී යැ: “එව සගයෙනි ඇපි ශ්‍රමණ ශාක්‍යපුත්‍රයන් කෙරෙහි පැවිදි වම්හ” යි. ඉදින් සගය තෙපි පැවිදි වන්නහු නම් මෙසේ ඇපිදු පැවිදි වම්හ යි.
3. අථ ඛො තෙ දාරකා එකමෙකස්ස මාතාපිතරො උපසඞ්කමිත්වා එතදවොචුං: “අනුජානාථ මං අගාරස්මා අනගාරියං පබ්බජ්ජායා”ති. අථ ඛො තෙසං දාරකානං මාතාපිතරො සබ්බෙපි මෙ දාරකා සමානච්ඡන්දා කල්යාණාධිප්පායා”ති අනුජානිංසු. තෙ භික්ඛූ උපසඞ්කමිත්වා පබ්බජ්ජං යාචිංසු. තෙ භික්ඛූ පබ්බාජෙසුං උපසම්පාදෙසුං. තෙ රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය රොදන්ති: යාගුං දෙථ භත්තං දෙථ ඛාදනීයං දෙථාති, භික්ඛූ එවමාහංසු. ආගමෙථ ආවුසො යාව රත්ති විභායති. සචෙ යාගු භවිස්සති පිවිස්සථ සචෙ භත්තං භවිස්සති භුඤ්ජිස්සථ. සචෙ ඛාදනීයං භවිස්සති ඛාදිස්සථ. නො චෙ භවිස්සති යාගු වා භත්තං වා ඛාදනීයං වා පිණ්ඩාය චරිත්වා භුඤ්ජිස්සථාති. එවම්පි ඛො තෙ භික්ඛූ භික්ඛූහි වුච්චමානා රොදන්තෙව යාගුං දෙථ භත්තං දෙථ ඛාදනීයං දෙථාති. සෙනාසනං ඌහදන්තිපි උම්මිහන්තිපි. අස්සොසි ඛො භගවා රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය දාරකසද්දං. සුත්වාන ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “කින්නුඛො සො ආනන්ද දාරකසද්දො”ති. අථ ඛො ආයස්මා ආනන්දො භගවතො එතමත්ථං ආරොචෙසි.
3. ඉක්බිති ඒ දරුවෝ එකිනෙකාගේ මාපියන් වෙතැ එළැඹැ මෙය කීහු: “ගිහිගෙයින් නික්මැ සස්නෙහි පැවිදිවීමට මට අනුදනුව” යි එකල්හි ඒ දරුවන්ගේ මාපියෝ මේ හැම දරුවෝ මැ සමසඳැතියෝ කලණ අදහස්ඇතියෝ යැ යි අනුදත්හ. ඔහු මහණුන් වෙතැ එළැඹැ පැවිද්ද යැදූහ. භික්ෂූහු ඔවුන් පැවිදි කළහ, උපසපන් කළහ. ඔහු රෑ පසොස්සල්හි (අලුයම) නැගිට හඬත්: “හඹු දෙව, බත් දෙව, කෑයුතුදැය දෙව” යි. භික්ෂූහු මෙසේ කීහු: ඇවැත්නි, පහන් වන තෙක් පොරොත්තු වවු, ඉදින් හඹුවන්නේ නම් පානය කරන්නහු යැ, ඉදින් බත් වන්නේ නම් වළඳන්නහු යැ, ඉදින් කෑයුතුදැය වන්නේ නම් කන්නහු යැ. ඉදින් හඹු හෝ බත් හෝ කෑයුතුදැය නො වන්නේ නම් පිඬු පිණිස හැසිරැ වළඳන්නහු යැ යි. මෙසේ මහණුන් විසින් කියනු ලබන්නා වූ ඒ භික්ෂූහු “හඹු දෙව, බත් දෙව, කෑයුතුදැය දෙව” යි හඬත් මැ යි. සෙනසුනැ මල පැහැරීම ද කෙරෙති. සුලුදිය පහකිරීම ද කෙරෙත්. භාග්‍යවතුන් වහන්සේ රෑ පසොස්සල්හි නැඟිට දරුහඬ අසා ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමැතූසේකැ කිමෙක් ද ආනන්ද, ඒ දරුහඬැ යි. එකල්හි ආයුෂ්මත් ආනන්දස්ථවිර තෙමේ භාග්‍යවතුන් හට තෙල කරුණ දැන්වී යැ.
4. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ භික්ඛු සඞ්ඝං සන්නිපාතාපෙත්වා භික්ඛූ පටිපුච්ඡි. සච්චං කිර භික්ඛවෙ භික්ඛූ ජානං ඌනවීසතිවස්සං පුග්ගලං උපසම්පාදෙන්තීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තෙ භික්ඛවෙ මොඝපුරිසා ජානං ඌනවීසතිවස්සං පුග්ගලං උපසම්පාදෙස්සන්ති. ඌනකවීසති වස්සො භික්ඛවෙ පුග්ගලො අක්ඛමො හොති සීතස්ස උණ්හස්ස ජිඝච්ඡාය පිපාසාය ඩංසමකසවාතාතපසිරිංසප සම්ඵස්සානං දුරුත්තානං දුරාගතානං වචනපථානං උප්පන්නානං සාරීරිකානං වෙදනානං දුක්ඛානං තිප්පානං ඛරානං කටුකානං අසාතානං අමනාපානං පාණහරාණං අනධිවාසක ජාතිකො හොති. වීසතිවස්සොව ඛො භික්ඛවෙ පුග්ගලො ඛමො හොති සීතස්ස උණ්හස්ස -පෙ- පාණහරානං අධිවාසකජාතිකො හොති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙඅවසරයෙහි ලා බික්සඟන රැස් කරවා මහණුන් පුළුවුත් සේකැ: සැබෑ ද මහණෙනි, භික්ෂූහු දැනැ දැනැ උනුවිසිවස් ඇති පුඟුලක්හු උපසපන් කරවද්දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් මහණෙනි, ඒ හිස් පුරුෂයෝ දැනැදැනැ උනුවිසිවස් ඇති පුඟුලක්හු උපසපන් කොළෝ දැ යි. මහණෙනි, උනුවිසිවස් ඇති පුඟුල් තෙමේ සිහිලස උණුසුම සාගිනි පවස නො ඉවසන්නෙක් වෙයි. ඩැහැමැසි මදුරු වා හිරුරැස් දිග්දෑ පහස ද දුබැසි දුවදනා වදන්මග ද සිරිරි පිළිබැඳි උපන් නො සිහිය හැකි බහල තියුණු රළු නො මිහිරි නො මනවඩන දිවි හරන වෙයිනුදු නො ඉවසන සැහැවි ඇති වෙයි මහණෙනි, විසිවස් ඇති පුඟුල් තෙමේ වනාහි සිහිලස උණුසුම ... ඉවසන්නෙක් වෙයි. දිවිහරන වෙයිනුදු ඉවසන සැහැවි වෙයි. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මහණෙනි මෙසේ මේ සිකපදය උදෙසවු:
“යො පන භික්ඛු ජානං ඌනවීසතිවස්සං පුග්ගලං උපසම්පාදෙය්ය සො ච පුග්ගලො අනුපසම්පන්නො තෙ ච භික්ඛූ ගාරය්හා ඉදං තස්මිං පාචිත්තියන්ති.”
“යම් මහණෙක් දැනැ දැනැ උනු විසිවස් පුඟුලක්හු උපසපන් කරවා නම් ඒ පුද්ගල ද අනුපසපන් වූයේ වෙයි. ඒ භික්ෂූහු ද ගැරහිය යුත්තෝ යැ, ඒ උපාධ්‍යායයා කෙරෙහි මේ පචිති ඇවැත් වේ” යි.
5. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති. ජානාති නාම: සාමං වා ජානාති අඤ්ඤෙ වා තස්ස ආරොචෙන්ති, සො වා ආරොචෙති. ඌනවීසතිවස්සො නාම: අප්පත්තවීසතිවස්සො.
5. යො පන: යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි. ජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහුට ඇරොජත්. හෙතෙමේ හෝ ඇරොජයි. ඌනවීසතිවස්ස නම්: නො පත් විසිවස් ඇතියේ යි.
උපසම්පාදෙස්සාමීති ගණං වා ආචරියං වා පත්තං වා චීවරං වා පරියෙසති සීමං වා සම්මන්නති, ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං. ද්වීහි කම්මවාචාහි දුක්කටා. කම්මවාචාපරියොසානෙ උපජ්ඣායස්ස ආපත්ති පාචිත්තියස්ස. ගණස්ස ච ආචරියස්ස ච ආපත්ති දුක්කටස්ස.
උපසපන් කරවන්නෙමියි ගණයා හෝ ඇජරක්හු හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. ඥප්තියෙහි දුකුළායෙක් වෙයි. දෙකම් වදනින් දෙ දුකුළායෙක් වෙයි. කම්වදන් අවසන්හි වත්හිමිහට පචිති ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරහටද දුකුළා ඇවැත් වේ.
ඌනවීසතිවස්සෙ ඌනවීසතිවස්සසඤ්ඤී උපසම්පාදෙති ආපත්ති පාචිත්තියස්ස. ඌනවීසතිවස්සෙ වෙමතිකො උපසම්පාදෙති ආපත්ති දුක්කටස්ස. ඌනවීසතිවස්සෙ පරිපුණ්ණවීසතිවස්සසඤ්ඤී උපසම්පාදෙති අනාපත්ති.
උනුවිසිවස් ඇතියහු කෙරෙහි උනුවිසිවසැයි සන් ඇතියේ උපසපන් කරවා නම් පචිති ඇවැත් වෙයි. උනුවිසිවස් ඇතියහු කෙරෙහි විමති ඇතියේ උපසපන් කරවා නම් දුකුළා ඇවැත් වෙයි. උනු විසිවස් ඇතියහු කෙරෙහි පිරිපුන් විසිවසැයි සන් ඇතියේ උපසපන් කරවා නම් ඇවැත් නැති.
පරිපුණ්ණවීසතිවස්සෙ ඌනවීසතිවස්සසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. පරිපුණ්ණවීසතිවස්සෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. පරිපුණ්ණවීසතිවස්සෙ පරිපුණ්ණවීසතිවස්සසඤ්ඤී අනාපත්ති.
පිරිපුන් විසිවස් ඇතියහු කෙරෙහි උනුවිසිවසැයි සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පිරිපුන් විසිවස් ඇතියහු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. පිරිපුන් විසිවස් ඇතියහු කෙරෙහි පිරිපුන් විසිවසැයි සන් ඇතියේ නම් ඇවැත් නැති.
අනාපත්ති: ඌනවීසතිවස්සං පරිපුණ්ණවීසතිවස්සසඤ්ඤී උපසම්පාදෙති පරිපුණ්ණවීසතිවස්සං පරිපුණ්ණවීසතිවස්සසඤ්ඤී උපසම්පාදෙති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
උනු විසිවස් ඇතියක්හු පිරිපුන් විසිවසැයි සන් ඇතියේ උපසපන් කරවා නම්, පිරිපුන් විසිවස් ඇතියක්හු පිරිපුන් විසිවසැයි සන් ඇතියේ උපසපන් කරවා නම් ඇවැත් නො වේ. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
ඌනවීසතිවස්සසික්ඛාපදං පඤ්චමං.
පස් වැනි ඌනවීසතිවස්ස ශික්ෂාපද යි.