යෙදුමෙන් කියවන්න

ථෙය්‍යසත්‍ථසික‍්ඛාපදං

6. 7. 6.

6. 7. 6.

ථෙය්‍යසත්‍ථසික‍්ඛාපදං

ථෙය්‍යසත්‍ථ ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො සත්‍ථො රාජගහා පටියාලොකං ගන‍්තුකාමො හොති. අඤ‍්ඤතරො භික‍්ඛු තෙ මනුස‍්සෙ එතදවොච: “අහම‍්පායස‍්මන‍්තෙහි සද‍්ධිං ගමිස‍්සාමී”ති. මයං ඛො භන‍්තෙ සුඞ‍්කං පරිහරිස‍්සාමාති. පජානාථාවුසොති. අස‍්සොසුං ඛො කම‍්මිකා සත්‍ථො කිර සුඞ‍්කං පරිහරිස‍්සතීති. තෙ මග‍්ගෙ පරියුට‍්ඨිංසු. අථ ඛො තෙ කම‍්මිකා තං සත්‍ථං ගහෙත්‍වා අච‍්ඡින්‍දිත්‍වා තං භික‍්ඛුං එතදවොචුං: “කිස‍්ස ත්‍වං භන‍්තෙ ජානං ථෙය්‍යසත්‍ථෙන සද‍්ධිං ගච‍්ඡසීති පළිබුද‍්ධිත්‍වා මුඤ‍්චිංසු. අථ ඛො සො භික‍්ඛු සාවත්‍ථිං ගන‍්ත්‍වා භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසි. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති:

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි එක්තරා ගැල් සාත්තුවෙක් රජගහ නුවරින් පැසුළුදිගට යනු කැමැත්තේ වෙයි. එක්තරා මහණෙක් ඒ මිනිසුන්හට මෙය කී යැ. “මමද ඇවතුන් සමග යන්නෙමැ” යි. ස්වාමීනි, ඇපි වනාහි සුංවත් වළහා යන්නම්හ, ඇවැත්නි, දනුවයි. අයකැමියෝ වනාහි සාත්තුවෙන් සුංවත් වළහා යන්නේ යැ යි ඇසූහු. ඔවුහු මගෙහි නැඟී සිටියහ. ඉක්බිති ඒ කැමියෝ ඒ සාත්තුව ගෙනැ අසිඳ එමහණහට මෙය කීහු: “කුමකට ස්වාමීනි, නුඹ වහන්දැ දැනැදැනැ සොරසාත්තුවක් සමග යනදෑ දැ යි වද දී මුදාහළහ. ඉක්බිති ඒ මහණ සැවැතට ගොස් මහණුන්හට තෙල කරුණ දැන්වී යැ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරවත්:

“කථං හි නාම භික‍්ඛු ජානං ථෙය්‍යසත්‍ථෙන සද‍්ධිං සංවිධාය එකද‍්ධානමග‍්ගං පටිපජ‍්ජිස‍්සතී”ති. -පෙ- සච‍්චං කිර ත්‍වං භික‍්ඛු ජානං ථෙය්‍යසත්‍ථෙන සද‍්ධිං සංවිධාය එකද‍්ධානමග‍්ගං පටිපජ‍්ජසීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම ත්‍වං මොඝපුරිස ජානං ථෙය්‍යසත්‍ථෙන සද‍්ධිං සංවිධාය එකද‍්ධානමග‍්ගං පටිපජ‍්ජිස‍්සසි. නෙතං මොඝපුරිස අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන, භික‍්ඛවෙ, ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

“කෙසේ නම් මහණෙක් දැනැ දැනැ සොරසාත්තුවක් සමග බැණ ගෙනැ එක් වැ අදන්මගට පිළිපන්නේ” දැ යි ... සැබෑ ද මහණ, තෙපි දැනැ දැනැ සොරසාත්තුවක් සමග බැණගෙනැ එක් වැ අදන්මඟට පිළිපන්හු දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. කෙසේ නම් හිස් පුරුෂය, තෙපි දැනැ දැනැ සොරසාත්තුවක් සමග බැණගෙනැ එක් වැ අදන්මඟට පිළිපන්හු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:

“යො පන භික‍්ඛු ජානං ථෙය්‍යසත්‍ථෙන සද‍්ධිං සංවිධාය එකද‍්ධානමග‍්ගං පටිපජ‍්ජෙය්‍ය අන‍්තමසො ගාමන‍්තරම‍්පි පාචිත‍්තිය”න‍්ති.

“යම් මහණෙක් දැනැ දැනැ සොරසාත්තුවක් සමඟ බැණගෙනැ එක් වැ අදන්මඟට–යටත් පිරිසෙයින් අන් ගමකටදු පිළිපදනේ නම් පචිති වේ” ය යි.

2. යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති. ජානාති නාම: සාමං වා ජානාති, අඤ‍්ඤෙ වා තස‍්ස ආරොචෙන‍්ති, සො වා ආරොචෙති. ථෙය්‍යසත්‍ථො නාම: චොරා කතකම‍්මා වා හොන‍්ති අකතකම‍්මා වා, රාජානං වා ථෙය්‍යං ගච‍්ඡන‍්ති සුඞ‍්කං වා පරිහරන‍්ති. සද‍්ධින‍්ති: එකතො. සංවිධායාති: “ගච‍්ඡාම ආවුසො ගච‍්ඡාම භන‍්තෙ, ගච‍්ඡාම භන‍්තෙ, ගච‍්ඡාම ආවුසො. අජ‍්ජ වා හිය්‍යො වා පරෙ වා ගච‍්ඡාමාති සංවිදහති ආපත‍්ති දුක‍්කටස‍්ස. අන‍්තමසො ගාමන‍්තරම‍්පීති: කුක‍්කුටසම‍්පාතෙ ගාමෙ ගාමන‍්තරෙ ගාමන‍්තරෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අගාමකෙ අරඤ‍්ඤෙ අද‍්ධයොජනෙ අද‍්ධයොජනෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

2. යො පන; යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි. ජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහුට ඇරොජත්, හෙතෙමේ හෝ ඇරොජයි. ථෙය්‍යසත්‍ථ නම්: කළසොරකම් ඇත්තා වූ හෝ නො කළ සොරකම් ඇත්තා වූ හෝ සොරු වෙති. සොරකමට රජහු වෙතැ හෝ යෙති. සුංවත් හෝ වළහා යෙත්. සද්ධිං: එක් වැ. සංවිධාය: යමු ඇවැත්නි, යම්හ ස්වාමීනි, යම්හ ස්වාමීනි, යම්හ ඇවැත්නි, අද හෝ හෙට හෝ අනිද්දා හෝ යම්හ යි සංවිධාන කෙරේ නම් දුකුළා ඇවැත් වේ. අන්තමසෝ ගාමන්තරම්පි: කුකුළුගමන් ඇති ගමෙහි නම් ගමතුරෙහි ගමතුරෙහි පචිති ඇවැත් වෙයි. ගමක් නො වන ආරණ්‍යයෙහි නම් අඩයොදුනෙහි අඩයොදුනෙහි පචිති ඇවැත් වේ.

ථෙය්‍යසත්‍ථෙ ථෙය්‍යසත්‍ථසඤ‍්ඤී සංවිධාය එකද‍්ධානමග‍්ගං පටිපජ‍්ජති අන‍්තමසො ගාමන‍්තරම‍්පි ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ථෙය්‍යසත්‍ථෙ වෙමතිකො සංවිධාය එකද‍්ධානමග‍්ගං පටිපජ‍්ජති අන‍්තමසො ගාමන‍්තරම‍්පි ආපත‍්ති දුක‍්කටස‍්ස. ථෙය්‍යසත්‍ථෙ අථෙය්‍යසත්‍ථසඤ‍්ඤී සංවිධාය එකද‍්ධානමග‍්ගං පටිපජ‍්ජති අන‍්තමසො ගාමන‍්තරම‍්පි අනාපත‍්ති.

සොරසාත්තුවෙහි සොරසාත්තුසන් ඇතියේ බැණගෙනැ එක් වැ අදන්මඟට යටත්පිරිසෙයින් අන් ගමකටදු පිළිපදනේ නම් පචිති ඇවැත් වෙයි. සොරසාත්තුවෙහි විමති ඇතියේ බැණගෙනැ එක් වැ අදන්මඟට යටත් පිරිසෙයින් අන්ගමකටදු පිළිපදනේ නම් පචිති ඇවැත් වෙයි. සොරසාත්තුවෙහි නො සොරසාත්තුසන් ඇතියේ බැණගෙනැ එක් වැ අදන්මඟට යටත් පිරිසෙයින් අන්ගමකටදු පිළිපදනේ නම් ඇවැත් නැති.

භික‍්ඛු සංවිදහති මනුස‍්සා න සංවිදහන‍්ති ආපත‍්ති දුක‍්කටස‍්ස. අථෙය්‍යසත්‍ථෙ ථෙය්‍යසත්‍ථසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. අථෙය්‍යසත්‍ථෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. අථෙය්‍යසත්‍ථෙ අථෙය්‍යසත්‍ථසඤ‍්ඤී අනාපත‍්ති.

මහණ සංවිධාන කෙරේ නම් මිනිස්සු සංවිධාන නො කෙරෙත් නම් දුකුළා ඇවැත් වෙයි. නො සොරසාත්තුයෙහි සොරසාත්තුයෙක යන සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො සොරසාත්තුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො සොරසාත්තුයෙහි නො සොරසාත්තුයෙක යන සන් ඇතියේ නම් ඇවැත් නැති.

අනාපත‍්ති: අසංවිදහිත්‍වා ගච‍්ඡති මනුස‍්සා සංවිදහන‍්ති භික‍්ඛු න සංවිදහති, විසඞ‍්කෙතෙන ගච‍්ඡති, ආපදාසු උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

සංවිධාන නො කොට යේ නම්, මිනිස්සු සංවිධාන කෙරෙත් නම් මහණ සංවිධාන නො කෙරේ නම්, කාලවිසඞ්කෙතයෙන් යේ නම් ඇවැත් නො වේ. ආපදාවෙහි, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.

ථෙය්‍යසත්‍ථසික‍්ඛාපදං ඡට‍්ඨං.

සවැනි ථෙය්‍යසත්‍ථ ශික්‍ෂාපද යි.