යෙදුමෙන් කියවන්න

සංවිධානසික‍්ඛාපදං

6. 7. 7.

6. 7. 7.

සංවිධානසික‍්ඛාපදං

සංවිධාන ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු කොසලෙසු ජනපදෙ සාවත්‍ථිං ගච‍්ඡන‍්තො අඤ‍්ඤතරෙන ගාමද‍්වාරෙන අතික‍්කමති. අඤ‍්ඤතරා ඉත්‍ථි සාමිකෙන සහ භණ‍්ඩිත්‍වා ගාමතො නික‍්ඛමිත්‍වා තං භික‍්ඛුං පස‍්සිත්‍වා එතදවොච: “කහං භන‍්තෙ, අය්‍යො ගමිස‍්සතීති. සාවත්‍ථිං ඛො අහං භගිනි ගමිස‍්සාමීති. අහම‍්පය්‍යෙන සද‍්ධිං ගමිස‍්සාමීති. එය්‍යාසි භගිනීති. අථ ඛො තස‍්සා ඉත්‍ථියා සාමිකො ගාමතො නික‍්ඛමිත්‍වා මනුස‍්සෙපුච‍්ඡි, “අපාය්‍යා, එවරූපිං ඉත්‍ථිං පස‍්සෙය්‍යාථා”ති. එසා අය්‍ය, පබ‍්බජිතෙන සහ ගච‍්ඡතීති. අථ ඛො සො පුරිසො අනුබන්‍ධිත්‍වා තං භික‍්ඛුං ගහෙත්‍වා ආකොටෙත්‍වා මුඤ‍්චි. අථ ඛො සො භික‍්ඛු අඤ‍්ඤතරස‍්මිං රුක‍්ඛමූලෙ පධූපෙන‍්තො නිසීදි. අථ ඛො සා ඉත්‍ථි තං පුරිසං එතදවොච: “නාය්‍යො සො භික‍්ඛු මං නිප‍්පාතෙසි; අපි ච අහමෙව තෙන භික‍්ඛුනා සද‍්ධිං ගච‍්ඡාමි. අකාරකො සො භික‍්ඛු ගච‍්ඡ නං ඛමාපෙහීති.” අථ ඛො සො පුරිසො තං භික‍්ඛුං ඛමාපෙසි.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි සිටැ සැවැතට යන්නේ එක්තරා ගම්දොරක් ඉක්මවයි. එක්තරා ස්ත්‍රියක් තොමෝ සැමියා සමග ඩබර කොට ගමින් නික්මැ එමහණ දැකැ මෙය කිවු යැ. “ස්වාමීනි, ආර්‍ය්‍යයෝ කොහි වඩිත්” දැ යි, බුහුන මම වනාහි සැවැතට යන්නෙමි” යි. “මම ද ආර්‍ය්‍යයන් සමඟ යන්නෙමැ” යි. “එන්නැ බුහුනැ” යි. එකල්හි ඒ ස්ත්‍රියගේ සැමියා ගමින් නික්මැ මිනිසුන් පිළිවිසී යැ. සගයෙනි, මෙබඳු ස්ත්‍රියක දක්නහු දැයි. ආර්‍ය්‍යය, තෙල මාගම පැවිද්දකු සමඟ යේ යැ යි. එකල්හි ඒ පුරුෂ තෙමේ ලුහුබැඳ එමහණ ගෙනැ අකොළා මුදාලී යැ. ඉක්බිති ඒ මහණ එක්තරා රුක්මුලෙකැ (තමාට මැ) අවමන් කරමින් හුන්නේ යැ. එකල්හි ඒ ස්ත්‍රී තොමෝ ඒ පුරුෂයාට මෙය කිවු යැ. “ආර්‍ය්‍ය වූ මේ භික්‍ෂු තෙමේ මා ගෙනැ නො ආයේ යැ, වැළිදු මම මැ ඒ මහණහු සමඟ යමි. ඒ මහණ අකාරක යැ. යා, එ මහණහු කමාකරව යි. එකල්හි ඒ පුරුෂ තෙමේ එමහණහු කමා කැරැවී.

2. අථ ඛො සො භික‍්ඛු සාවත්‍ථිං ගන‍්ත්‍වා භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසි. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති. “කථං හි නාම භික‍්ඛු මාතුගාමෙන සද‍්ධිං සංවිධාය එකද‍්ධානමග‍්ගං පටිපජ‍්ජිස‍්සතී”ති. -පෙ- සච‍්චං කිර ත්‍වං භික‍්ඛු මාතුගාමෙන සද‍්ධිං සංවිධාය එකද‍්ධානමග‍්ගං පටිපජ‍්ජසීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම ත්‍වං මොඝපුරිස මාතුගාමෙන සද‍්ධිං සංවිධාය එකද‍්ධානමග‍්ගං පටිපජ‍්ජිස‍්සසි. නෙතං මොඝපුරිස අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

2. ඉක්බිති ඒ මහණ සැවැතට ගොස් තෙල කරුණ මහණුන්හට දැන්වී යැ. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති දොස් පතුරුවත්: “කෙසේ නම් මහණෙක් මාගමක සමඟ බැණ ගෙනැ එක් වැ අදන්මඟට පිළිපන්නේ” දැ යි ... සැබෑ ද මහණ, තෙපි මාගමක සමඟ බැණගෙනැ එක් වැ අදන්මඟට පිළිපන්නහු දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි මාගමක සමඟ බැණගෙනැ එක් වැ අදන්මඟට පිළිපන්නහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:

“යො පන භික‍්ඛු මාතුගාමෙන සද‍්ධිං සංවිධාය එකද‍්ධානමග‍්ගං පටිපජ‍්ජෙය්‍ය අන‍්තමසො ගාමන‍්තරම‍්පි පාචිත‍්තිය”න‍්ති.

“යම් මහණෙක් මාගමක සමඟ බැණ ගෙනැ එක් වැ අදන්මගට – යටත් පිරිසෙයින් අන් ගමකට දු – පිළිපදනේ නම් පචිති වේ” යයි.

3. යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති:.… අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.

මාතුගාමො නාම: මනුස‍්සිත්‍ථි න යක‍්ඛී න පෙතී න තිරච‍්ඡානගතා විඤ‍්ඤූ පටිබලා සුභාසිතදුබ‍්භාසිතං දුට‍්ඨුල‍්ලාදුට‍්ඨුල‍්ලං ආජානිතුං.

මාතුගාම නම්: මිනිස් ඉතිරි යැ. යකින්නක් නො වෙයි. ප්‍රෙතියක් නො වෙයි. තිරිසන් ගිය මාගමක් නො වේ. සුබැසි දුබැසි දුළුල් නො දුළුල් තෙපුල් දැන ගන්නට පිළිවන් දැනුමැතියා යි.

සද‍්ධින‍්ති: එකතො.

සද්ධිං: එක් වැ.

සංවිධායාති: ගච‍්ඡාම භගිනි, ගච‍්ඡාම අය්‍ය, ගච‍්ඡාම අය්‍ය, ගච‍්ඡාම භගිනි, අජ‍්ජ වා හිය්‍යො වා පරෙ වා ගච‍්ඡාමාති සංවිදහති ආපත‍්ති දුක‍්කටස‍්ස.

සංවිධාය: යම්හ බුහුන, යම්හ ආර්‍ය්‍යය, යම්හ ආර්‍ය්‍යය, යම්හ බුහුන, අද හෝ හෙට හෝ අනිද්දා හෝ යම්හ යි සංවිධාන කෙරේ නම් දුකුළා ඇවැත් වේ.

අන‍්තමසො ගාමන‍්තරම‍්පීති: කුක‍්කුටසම‍්පාතෙ ගාමෙ ගාමන‍්තරෙ ගාමන‍්තරෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අගාමකෙ අරඤ‍්ඤෙ අද‍්ධයොජනෙ අද‍්ධයොජනෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

අන්තමසෝ ගාමන්තරම්පි: කුකුළුගමන් ඇති ගමෙහි නම් ගමතුරෙහි ගමතුරෙහි පචිති ඇවැත් වෙයි. ගමක් නො වන අරන්හි නම් අඩ යොදුනෙහි අඩ යොදුනෙහි පචිති ඇවැත් වේ.

මාතුගාමෙ මාතුගාමසඤ‍්ඤී සංවිධාය එකද‍්ධානමග‍්ගං පටිපජ‍්ජති අන‍්තමසො ගාමන‍්තරම‍්පි ආපත‍්ති පාචිත‍්තියස‍්ස. මාතුගාමෙ වෙමතිකො සංවිධාය එකද‍්ධානමග‍්ගං පටිපජ‍්ජති අන‍්තමසො ගාමන‍්තරම‍්පි ආපත‍්ති පාචිත‍්තියස‍්ස. මාතුගාමෙ අමාතුගාමසඤ‍්ඤී සංවිධාය එකද‍්ධානමග‍්ගං පටිපජ‍්ජති අන‍්තමසො ගාමන‍්තරම‍්පි ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

මාගම කෙරෙහි මාගමක යන සන් ඇතියේ බැණ ගෙනැ එක් වැ අදන් මඟට යටත් පිරිසෙයින් අන්ගමකට දු – පිළිපදනේ නම් පචිති ඇවැත් වෙයි. මාගම කෙරෙහි විමති ඇතියේ බැණගෙනැ එක් වැ අදන්මඟට යටතින් අන් ගමකට දු – පිළිපදනේ නම් පචිති ඇවැත් වෙයි. මාගම කෙරෙහි නො මාගම් සන් ඇතියේ බැණගෙනැ එක් වැ අදන්මඟට යටතින් අන්ගමකට දු, පිළිපදනේ නම් පචිති ඇවැත් වේ.

භික‍්ඛු සංවිදහති මාතුගාමො න සංවිදහති ආපත‍්ති දුක‍්කටස‍්ස. යක‍්ඛියා වා පෙතියා පණ‍්ඩකෙන වා තිරච‍්ඡානගතමනුස‍්සවිග‍්ගහිත්‍ථියා වා සද‍්ධිං සංවිධාය එකද‍්ධානමග‍්ගං පටිපජ‍්ජති අන‍්තමසො ගාමන‍්තරම‍්පි ආපත‍්ති දුක‍්කටස‍්ස.

මහණ සංවිධාන කෙරේ නම් මාගම සංවිධාන නො කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. යකින්නක හෝ ප්‍රේතියක හෝ පණ්ඩකයකු හෝ තිරිසන් ගිය මිනිස් සිරිරි දරන ඉතිරියක හෝ සමඟ බැණගෙනැ එක් වැ අදන්මඟට – යටත්පිරිසෙයින් අන්ගමකට දු – පිළිපදනේ නම් නම් දුකුළා ඇවැත් වේ.

අමාතුගාමෙ මාතුගාමසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. අමාතුගාමෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. අමාතුගාමෙ අමාතුගාමසඤ‍්ඤී අනාපත‍්ති.

නො මාගම්හි මාගම්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො මාගම්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො මාගම්හි නො මාගම්සන් ඇති යේ නම් ඇවැත් නැති.

අනාපත‍්ති: අසංවිදහිත්‍වා ගච‍්ඡති, මාතුගාමො සංවිදහති භික‍්ඛු න සංවිදහති, විසඞ‍්කෙතෙන ගච‍්ඡති, ආපදාසු උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

සංවිධාන නො කොට යේ නම්, මාගම සංවිධාන කෙරේ නම් මහණ සංවිධාන නො කෙරේ නම්, කාලවිසඞ්කෙතයෙන් යේ නම්, ආපදාවෙහි, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.

සංවිධානසික‍්ඛාපදං සත‍්තමං.

සත්වැනි සංවිධාන ශික්‍ෂාපද යි.