යෙදුමෙන් කියවන්න

අරිට‍්ඨසික‍්ඛාපදං

6. 7. 8.

6. 7. 8.

අරිට‍්ඨසික‍්ඛාපදං

අරිට්ඨ ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අරිට‍්ඨස‍්ස නාම භික‍්ඛුනො ගද‍්ධබාධිපුබ‍්බස‍්ස එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං හොති, “තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා වුත‍්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන‍්තරායායාති”. අස‍්සොසුං ඛො සම‍්බහුලා භික‍්ඛූ “අරිට‍්ඨස‍්ස කිර නාම භික‍්ඛුනො ගද‍්ධබාධිපුබ‍්බස‍්ස එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා වුත‍්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන‍්තරායායා”ති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ගිජුලිහිණියන් මැරූ කුලෙහි උපන් අරිට්ඨ නම් මහණහට මෙබඳු ලමු දිට්හයෙක් උපන්නේ වෙයි. “භාග්‍යවතුන් විසින් යම් මේ අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අනතුරු පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමි” යි. බොහෝ භික්‍ෂූහු ගිජුලිහිණියන් මැරූ කුලෙහි උපන් අරිට්ඨ නම් මහණහට භාග්‍යවතුන් විසින් යම් මේ අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අනතුරු පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ යි මෙබඳු ලමු දිට්හයෙක් උපනැයි ඇසූහු.

2. අථ ඛො තෙ භික‍්ඛූ යෙන අරිට‍්ඨො භික‍්ඛු ගද‍්ධබාධිපුබ‍්බො තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා අරිට‍්ඨං භික‍්ඛුං ගද‍්ධබාධිපුබ‍්බං එතදවොචුං: “සච‍්චං කිර තෙ ආවුසො අරිට‍්ඨ, එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං,– තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා වුත‍්තා භගවතා, තෙ පටිසෙවතො නාලං අන‍්තරායායාති. එවං බ්‍යා ඛො අහං ආවුසො, භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි “යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා වුත‍්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන‍්තරායායා”ති. මා ආවුසො අරිට‍්ඨ, එවං අවච. මා භගවන‍්තං අබ‍්භාචික‍්ඛි. න හි සාධු භගවතො අබ‍්භක‍්ඛානං. න හි භගවා එවං වදෙය්‍ය. අනෙකපරියායෙන ආවුසො අරිට‍්ඨ, අන‍්තරායිකා ධම‍්මා අන‍්තරායිකා වුත‍්තා භගවතා අලඤ‍්ච පන තෙ පටිසෙවතො අන‍්තරායාය: අප‍්පස‍්සාදා කාමා වුත‍්තා භගවතා බහුදුක‍්ඛා බහූපායාසා ආදීනවො එත්‍ථ භිය්‍යො. අට‍්ඨිකඞ‍්ඛලූපමා කාමා වුත‍්තා භගවතා බහුදුක‍්ඛා බහුපායාසා, ආදීනවො එත්‍ථ භිය්‍යො, මංසපෙසූපමා කාමා වුත‍්තා භගවතා -පෙ- තිණුක‍්කූපමා කාමා වුත‍්තා භගවතා- අඞ‍්ගාරකාසූපමා කාමා වුත‍්තා භගවතා- සුපිනකූපමා කාමා වුත‍්තා භගවතා- යාචිතකූපමා කාමා වුත‍්තා භගවතා- රුක‍්ඛඵලූපමා කාමා වුත‍්තා භගවතා- අසිසූනූපමා කාමා වුත‍්තා භගවතා- සත‍්තිසූලූපමා කාමා වුත‍්තා භගවතා-සප‍්පසිරූපමා කාමා වුත‍්තා භගවතා බහුදුක‍්ඛා බහුපායාසා ආදීනවො එත්‍ථ භිය්‍යොති.

2. ඉක්බිති ඒ භික්‍ෂූහු ගද්ධාබාධිපුබ්බ (ගිජු ලිහිණියන් මැරූ කුලෙහි උපන්) අරිට්ඨ නම් මහණහු වෙතැ එළැඹියහ. එළැඹැ ගද්ධාබාධිපුබ්බ අරිට්ඨ නම් මහණහට මෙය කීහු. සැබෑ ද ඇවැත්නි අරිට්ඨයෙනි, භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අනතුරු පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ යි මෙබඳු ලාමක දෘෂ්ටියක් තොපට උපන්නේ ද? භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අනතුරු පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසෙයින් ඇවැත්නි, භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමි, ඇවැත්නි අරිට්ඨයෙනි, මෙසේ නහමක් කියව, භාග්‍යවතුන්හට නහමක් නුගුණ කියව, භාග්‍යවතුන් හට නුගුණකීම නො මනා මැ යි. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නො වදාරන සේක් මැ යි. ඇවැත්නි අරිට්ඨයෙනි, භාග්‍යවතුන් විසින් නොයෙක් කරුණෙන් අන්තරායකර ධර්‍මයෝ අන්තරායකරහ යි වදාරන ලද යැ. තව ද ඒ ධර්‍මයන් සෙවුනාහට අනතුරු පිණිස සමර්‍ත්‍ථ වෙත් මැ යි. කාමයෝ අල්පාස්වාද ඇතියහ බොහෝ දුක් ඇතියහ බොහෝ දැඩි ආයාස ඇතියහ. මෙහි ආදීනවය බෙහෙවැ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද. බොහෝ දුක් ඇති බොහෝ දැඩි ආයාස ඇති කාමයෝ ඇටසැකිලි බන්දහ මෙහි ආදීනවය බෙහෙවැ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද. කාමයෝ මස් වැදැලි බන්දහ ... භාග්‍යවතුන් විසින් වදාරන ලද. කාමයෝ තණහුලක් බන්දහ ... භාග්‍යවතුන් විසින් වදාරන ලද. කාමයෝ අඟුරුවළක් බන්දහ ... භාග්‍යවතුන් විසින් වදාරන ලද. කාමයෝ සිහිනයක් බන්දහ ... භාග්‍යවතුන් විසින් වදාරන ලද. කාමයෝ පිරුළින් අළදැයක් බන්දහ ... භාග්‍යවතුන් විසින් වදාරන ලද. කාමයෝ රුක්පල බන්දහ ... භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. කාමයෝ අසිසූනා බන්දහ ... භාග්‍යවතුන් විසින් වදාරන ලද. කාමයෝ ශක්තිශුල බන්දහ ... භාග්‍යවතුන් විසින් වදාරන ලද. බොහෝ දුක් ඇති බොහෝ දැඩි ආයාස ඇති කාමයෝ සර්‍ප ශිර්‍ෂ බන්දහ. මෙහි ආදීනවය බෙහෙවැ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද්දේ යැ.

3. එවම‍්පි ඛො අරිට‍්ඨො භික‍්ඛු ගද‍්ධබාධිපුබ‍්බො තෙහි භික‍්ඛූහි වුච‍්චමානො තථෙව තං පාපකං දිට‍්ඨිගතං ථාමසා පරාමස‍්ස අභිනිවිස‍්ස වොහරති “එවං ව්‍යාඛො අහං ආවුසො, භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා යෙ මෙ අන‍්තරායිකා ධම‍්මා වුත‍්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන‍්තරායායාති. යතො ච ඛො තෙ භික‍්ඛූ නාසක‍්ඛිංසු අරිට‍්ඨං භික‍්ඛුං ගද‍්ධබාධිපුබ‍්බං එතස‍්මා පාපකා දිට‍්ඨිගතා විවෙචෙතුං. අථ ඛො තෙ භික‍්ඛූ යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

3. මෙසේ ද වනාහි ගද්ධබාධිපුබ්බ අරිට්ඨ මහණ ඒ භික්‍ෂූන් විසින් කියනු ලබන්නේ එසේ මැ ඒ ලාමකදෘෂ්ටිය දැඩිසේ අල්වා ගෙනැ (එයට) බැසැගෙනැ බැවහර කෙරෙයි. “භාග්‍යවතුන් විසින් යම් මේ අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ ඇවැත්නි, භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ” යි. ඒ භික්‍ෂූහු වනාහි ගිජුලිහිණියන් මැරූ කුලෙහි උපන් අරිට්ඨ මහණහු තෙල ලමු දිට්හයෙන් වෙන් කරන්නට යම් හෙයකින් නොහැකිවූහු ද එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වෙතැ එළැඹියහ. එළැඹ භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු.

4. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතාපෙත්‍වා අරිට‍්ඨං භික‍්ඛුං ගද‍්ධබාධිපුබ‍්බං පටිපුච‍්ඡි. සච‍්චං කිර තෙ අරිට‍්ඨ එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං, තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි, යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා වුත‍්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන‍්තරායායාති. එවං ව්‍යාඛො අහං භන‍්තෙ, භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි, යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා වුත‍්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන‍්තරායායාති. කස‍්ස නු ඛො නාම ත්‍වං මොඝපුරිස, මයා එවං ධම‍්මං දෙසිතං ආජානාසි. නනු මයා මොඝපුරිස අනෙකපරියායෙන අන‍්තරායිකා ධම‍්මා අන‍්තරායිකා වුත‍්තා, අලඤ‍්ච පන තෙ පටිසෙවතො අන‍්තරායාය. අප‍්පස‍්සාදා කාමා වුත‍්තා මයා බහුදුක‍්ඛා බහූපායාසා ආදීනවො එත්‍ථ භිය්‍යො, අට‍්ඨිකඞ‍්කලූපමා කාමා වුත‍්තා මයා -පෙ- මංසපෙසූපමා කාමා වුත‍්තා මයා- තිණුක‍්කූපමා කාමා වුත‍්තා මයා- අඞ‍්ගාරකාසූපමා කාමා වුත‍්තා මයා- සුපිනකූපමා කාමා වුත‍්තා මයා- යාචිතකූපමා කාමා වුත‍්තා මයා- රුක‍්ඛඵලූපමා කාමා වුත‍්තා මයා- අසිසූනූපමා කාමා වුත‍්තා මයා- සත‍්තිසූලූපමා කාමා වුත‍්තා මයා- සප‍්පසිරූපමා කාමා වුත‍්තා මයා බහුදුක‍්ඛා බහුපායාසා ආදීනවො එත්‍ථ භිය්‍යො.

4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා බික්සඟන රැස්කරවා ගිජුලිහිණියන් මැරූ කුලෙහි උපන් අරිට්ඨ මහණහු පිළිවුසූ සේකැ. සැබෑ ද අරිට්ඨය, භාග්‍යවතුන් විසින් යම් මේ අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ යි මෙබඳු ලමු දිට්හයෙක් තාහට උපන්නේ දැ යි. භාග්‍යවතුන් විසින් යම් මේ අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසෙයින් ස්වාමීනි, භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමි. හිස් පුරුෂය, තෙපි මා විසින් කවරක්හට නම් එසේ ධර්‍මය දෙසන ලදැ යි දනිහු ද? හිස් පුරුෂය, මා විසින් නොයෙක් කරුණෙන් අන්තරායකර ධර්‍මයෝ අන්තරාය කරහ යි වදාරන ලද්දාහු නො වෙද්ද? තවද ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ නො වෙද්ද? කාමයෝ අල්පාස්වාදයහ. බොහෝ දුක් ඇතියහ. බොහෝ දැඩි ආයාස ඇතියහ. මෙහි ආදීනවය බෙහෙවැ යි මා විසින් වදාරන ලද. කාමයෝ ඇටසැකිල්ලක් බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ මස් වැදැල්ලක් බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ තණහුලක් බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ අඟුරුවළක් බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ සිහිනයක් බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ පිරුළු අළදැයක් බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ රුක්පල බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ අසිසුනා බන්දහ ... මා විසින් වදාරන ලද. කාමයෝ ශක්තිශූල බන්දහ ... මා විසින් වදාරන ලද. බොහෝ දුක් ඇති බොහෝ දැඩි ආයාස ඇති කාමයෝ සර්‍පශීර්‍ෂ බන්දහ මෙහි ආදීනවය බෙහෙවැ යි මා විසින් වදාරන ලද්දේ යි.

5. අථ ච පන ත්‍වං මොඝපුරිස, අත‍්තනා දුග‍්ගහිතෙන අම‍්හෙ චෙව අබ‍්භාචික‍්ඛසි, අත‍්තානඤ‍්ච ඛණසි, බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවසි. තං හි තෙ මොඝපුරිස, භවිස‍්සති දීඝරත‍්තං අහිතාය දුක‍්ඛාය, නෙතං මොඝපුරිස, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

5. එතෙකුදු වුවත් හිස් පුරුෂය, තෙපි තමා විසින් නපුරු කොට ගන්නා ලද දිට්හයෙන් අපට ද නුගුණ කියව, තමා ද සැරූ ගුණ ඇතියව, බොහෝ අකුසල් ද රැස් කරව, හිස් පුරුෂය, එය බලත් තා හට දිගුරැයක් අහිත පිණිස දුක් පිණිස වන්නේ යැ, හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු.

“යො පන භික‍්ඛු එවං වදෙය්‍ය, තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා වුත‍්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන‍්තරායායාති, සො භික‍්ඛු භික‍්ඛූහි එවමස‍්ස වචනීයො, මා ආයස‍්මා එවං අවච, මා භගවන‍්තං අබ‍්භාචික‍්ඛි, නහි සාධු භගවතො අබ‍්භක‍්ඛානං, නහි භගවා එවං වදෙය්‍ය, අනෙකපරියායෙන ආවුසො, අන‍්තරායිකා ධම‍්මා අන‍්තරායිකා වුත‍්තා භගවතා අලඤ‍්ච පන තෙ පටිසෙවතො අන‍්තරායායාති. එවඤ‍්ච පන සො භික‍්ඛු භික‍්ඛූහි වුච‍්චමානො තථෙව පග‍්ගණ‍්හෙය්‍ය සො භික‍්ඛු භික‍්ඛූහි යාවතතියං සමනුභාසිතබ‍්බො තස‍්ස පටිනිස‍්සග‍්ගාය. යාවතතියං චෙ සමනුභාසියමානො තම‍්පටිනිස‍්සජ‍්ජෙය්‍ය ඉච‍්චෙතං කුසලං, නො චෙ පටිනිස‍්සජ‍්ජෙය්‍ය පාචිත‍්තියන‍්ති.

“භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ යි යම් මහණෙක් මෙසේ කියන්නේ නම් ඒ මහණ මහණුන් විසින් ඇවැත්නි, මෙසේ නහමක් කියව, භාග්‍යවතුන්හට නහමක් නුගුණ කියව භාග්‍යවතුන් හට නුගුණ කීම නො මැනැවි, භාග්‍යවත් තෙමේ මෙසේ නො මැ වදාරන්නේ යැ, ඇවැත්නි නොයෙක් කරුණෙන් අන්තරායකර ධර්‍මයෝ අන්තරායකරහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද. ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ වෙත් මැ යි මෙසේ කිය යුත්තෙක් වන්නේ යැ. මෙසේ ද වනාහි ඒ මහණ මහණුන් විසින් කියනු ලබන්නේ එසේ මැ දැඩි වැ ගන්නේ නම් ඒ මහණ මහණුන් විසින් ඒ දිට්හය හැරැපීම පිණිස තුන්යළ තෙක් සමනුභාසන කර්‍ම කළ යුත්තෙක් වෙයි. ඉදින් තුන්යළ තෙක් සමනුභාසනර්‍ම කරනු ලබන්නේ ඒ දිට්හය හැරැපියන්නේ නම් මෙසේ තෙල හැරැපීම මැනැවි. ඉදින් නො හැරැපියන්නේ නම් පචිති වේ” යයි.

6. යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

6. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.

එවං වදෙය්‍යාති: තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි, යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා වුත‍්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන‍්තරායායා”ති.

එවං වදෙය්‍ය: භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ යි.

සො භික‍්ඛූති: යො සො එවංවාදී භික‍්ඛු.

සො භික්ඛු: යමෙක් මෙසේ කියන සුලු නම් ඒ මහණ තෙමේ;

භික‍්ඛූහීති: අඤ‍්ඤෙහි භික‍්ඛූහි; යෙ පස‍්සන‍්ති යෙ සුණන‍්ති තෙහි වත‍්තබ‍්බො මා ආයස‍්මා එවං අවච මා භගවන‍්තං අබ‍්භාචික‍්ඛි, න හි සාධු භගවතො අබ‍්භක‍්ඛානං නහි භගවා එවං වදෙය්‍ය, අනෙකපරියායෙන ආවුසො අන‍්තරායිකා ධම‍්මා අන‍්තරායිකා වුත‍්තා භගවතා, අලඤ‍්ච පන තෙ පටිසෙවතො අන‍්තරායායාති. දුතියම‍්පි වත‍්තබ‍්බො තතියම‍්පි වත‍්තබ‍්බො. සචෙ පටිනිස‍්සජ‍්ජති ඉච‍්චෙතං කුසලං නො චෙ පටිනිස‍්සජ‍්ජති ආපත‍්ති දුක‍්කටස‍්ස. සුත්‍වා න වදන‍්ති ආපත‍්ති දුක‍්කටස‍්ස.

භික්ඛූහි: අන් මහණුන් විසින්; යම් කෙනෙක් දකිත් නම් යම් කෙනෙක් අසත් නම් ඔවුන් විසින් ඇවැත්නි, මෙසේ නහමක් කියව, භාග්‍යවතුන්හට නහමක් නුගුණ කියව, භාග්‍යවතුන්හට නුගුණ කීම නො මැනැවි. භාග්‍යවත් තෙමේ මෙසේ නො වදාරන්නෙ යැ, ඇවැත්නි, නොයෙක් කරුණෙන්, අන්තරායකර ධර්‍මයෝ අන්තරායකරහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද. ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ වෙත් මැ යි කියයුත්තේ යැ. දෙවනවටදු කියයුත්තේ යැ. තෙවන වටදු කිය යුත්තේ යි. ඉදින් හැරැ පියා නම් මෙසේ තෙල හැරපීම මැනැවි. ඉදින් නො හැරැපියා නම් දුකුළා ඇවැත් වෙයි. අසා නො කියත් නම් දුකුළා ඇවැත් වේ.

7. සො භික‍්ඛු සඞ‍්ඝමජ‍්ඣම‍්පි ආකඩ‍්ඪිත්‍වා වත‍්තබ‍්බො මා ආයස‍්මා එවං අවච, මා භගවන‍්තං අබ‍්භාචික‍්ඛි, න හි සාධු භගවතො අබ‍්භක‍්ඛානං න හි භගවා එවං වදෙය්‍ය, අනෙකපරියායෙන ආවුසො අන‍්තරායිකා ධම‍්මා අන‍්තරායිකා වුත‍්තා භගවතා. අලඤ‍්ච පන තෙ පටිසෙවතො අන‍්තරායායාති. දුතියම‍්පි වත‍්තබ‍්බො තතියම‍්පි වත‍්තබ‍්බො, සචෙ පටිනිස‍්සජති ඉච‍්චෙතං කුසලං, නො චෙ පටිනිස‍්සජති ආපත‍්ති දුක‍්කටස‍්ස.

7. ඒ මහණ සඟමැදට බහා ගෙනැ ඇවැත්නි, මෙසේ නහමක් කියව භාග්‍යවතුන්හට නහමක් නුගුණ කියව, භාග්‍යවතුන්හට නුගුණ කීම නො මැනැවි. භාග්‍යවත් තෙමේ මෙසේ නො මැ වදාරන්නෙ යැ, ඇවැත්නි, නොයෙක් කරුණෙන් අන්තරායකර ධර්‍මයෝ අන්තරායකරහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද. ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ වෙත් මැ යි කිය යුත්තේ යැ, දෙවනවටදු කිය යුත්තේ යැ, තෙවනවට දු කිය යුත්තේ යි. ඉදින් හැරැපියා නම් මෙසේ තෙල හැරැපීම මැනැවි. ඉදින් නො හැරපියා නම් දුකුළා ඇවැත් වේ.

8. සො භික‍්ඛු සමනුභාසිතබ‍්බො, එවඤ‍්ච පන භික‍්ඛවෙ සමනුභාසිතබ‍්බො. බ්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො.

8. ඒ මහණ මහණුන් විසින් සමනුභාසන කර්‍ම කළයුත්තේ යැ. මෙසේ ද වනාහි මහණෙනි, සමනුභාසන කර්‍ම කළයුත්තේ යැ, ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණක්හු විසින් සඞ්ඝයා දැන්විය යුත්තේ යි.

“සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා වුත‍්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන‍්තරායායාති. සො තං දිට‍්ඨිං න පටිනිස‍්සජ‍්ජති. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමං භික‍්ඛුං සමනුභාසෙය්‍ය තස‍්සා දිට‍්ඨියා පටිනිස‍්සග‍්ගාය, එසා ඤත‍්ති.

ස්වාමීනි, සඞ්ඝයා මවදන් අසාවා, මෙනම් ඇති මහණහට මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන. “භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ” යි. හෙ ඒ දෘෂ්ටි නො හැරැපියයි. ඉදින් සඞ්ඝයාහට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝයා මෙනම් ඇති මහණහට ඒ දෘෂ්ටි හැරැපීම පිණිස සමනුභාසන කර්‍ම කරන්නෙ යැ. මේ ඥප්තිය යි.

සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො. ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා වුත‍්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන‍්තරායායාති. සො තං දිට‍්ඨිං න පටිනිස‍්සජ‍්ජති, සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමං භික‍්ඛුං සමනුභාසති තස‍්සා දිට‍්ඨියා පටිනිස‍්සග‍්ගාය. යස‍්සායස‍්මතො ඛමති ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො සමනුභාසනා තස‍්සා දිට‍්ඨියා පටිනිස‍්සග‍්ගාය, සො තුණ‍්හස‍්ස යස‍්ස නක‍්ඛමති සො භාසෙය්‍ය. දුතියම‍්පි එතමත්‍ථං වදාමි -පෙ- තතියම‍්පි එතමත්‍ථං වදාමි. සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි, යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා වුත‍්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන‍්තරායායාති . සො තං දිට‍්ඨිං නප‍්පටිනිස‍්සජ‍්ජති. සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමං භික‍්ඛුං සමනුභාසති තස‍්සා දිට‍්ඨියා පටිනිස‍්සග‍්ගාය. යස‍්සායස‍්මතො ඛමති ඉත්‍ථන‍්නාමස‍්ස භික‍්ඛුනො සමනුභාසනා තස‍්සා දිට‍්ඨියා පටිනිස‍්සග‍්ගාය සො තුණ‍්හස‍්ස යස‍්ස නක‍්ඛමති සො භාසෙය්‍ය.

ස්වාමීනි, සඞ්ඝයා මවදන් අසාවා, මෙනම් ඇති මහණහට මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන. “භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ යි. හෙ ඒ දෘෂ්ටි නො හැරැපියා යි. සඞ්ඝයා මෙනම් ඇති මහණහට ඒ දෘෂ්ටි හැරැපීම පිණිස සමනුභාසන කර්‍ම කරයි. මෙනම් ඇති මහණහුගේ ඒ දෘෂ්ටි හැරැපීම පිණිස සමනුභාසන කර්‍මය යම් ආයුෂ්මත් නමක්හට රුස්නේ නම් හේ නිහඬ වන්නේ යැ, යමක්හට නො රුස්නේ නම් හෙ කියන්නේ යි. දෙවනවට දු තෙල කරුණ කියමි ... තෙවනවට දු තෙල කරුණ කියමි. වහන්ස, සඞ්ඝයා මවදන් අසාවා, මෙනම් ඇති මහණහට මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන. “භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ” යි. හෙ ඒ දෘෂ්ටි නො හැරැපියයි. සඞ්ඝයා මෙනම් ඇති මහණහට ඒ දෘෂ්ටි හැරැපීම පිණිස සමනුභාසන කර්‍ම කරයි. මෙනම් ඇති මහණහුගේ ඒ දෘෂ්ටි හැරැපීම පිණිස සමනුභාසන කර්‍මය යම් ආයුෂ්මත් නමක්හට රුස්නේ නම් හේ නිහඬ වන්නෙ යැ, යමක්හට නො රුස්නේ නම් හේ කියන්නේ යි.

සමනුභට‍්ඨො සඞ‍්ඝෙන ඉත්‍ථන‍්නාමො භික‍්ඛු තස‍්සා දිට‍්ඨියා පටිනිස‍්සග‍්ගාය. ඛමති සඞ‍්ඝස‍්ස තස‍්මා තුණ‍්හී එවමෙතං ධාරයාමී”ති.

සඞ්ඝයා විසින් මෙනම් ඇති මහණ ඒ දෘෂ්ටි හැරැපීම පිණිස සමනුභාසන කර්‍ම කරන ලදුයේ යැ. සඞ්ඝයාහට රුස්නේ යැ. එහෙයින් නිහඬ වන්නෙ යි. මෙසේ මෙය දරමි.

9. ඤත‍්තියා දුක‍්කටං. ද‍්වීහි කම‍්මවාචාහි ද‍්වෙ දුක‍්කටා, කම‍්මවාචාපරියොසානෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

9. ඥප්තියෙහි දුකුළායෙකි. දෙ කම් වදනින් දෙ දුකුළායෙකි. කම්වදන් අවසන්හි පචිති ඇවැත් වේ.

ධම‍්මකම‍්මෙ ධම‍්මකම‍්මසඤ‍්ඤී නප‍්පටිනිස‍්සජ‍්ජති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ධම‍්මකම‍්මෙ වෙමතිකො නප‍්පටිනිස‍්සජ‍්ජති ආපත‍්ති පාචිත‍්තියස‍්ස ධම‍්මකම‍්මෙ අධම‍්මකම‍්මසඤ‍්ඤී නප‍්පටිනිස‍්සජ‍්ජති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

දැහැමිකම්හි දැහැමිකම්සන් ඇතියේ නො හැරැපියා නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි විමති ඇතියේ නො හැරපියා නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි නො දැහැමිකම්සන් ඇතියේ නො හැරැපියා නම් පචිති ඇවැත් වේ.

අධම‍්මකම‍්මෙ ධම‍්මකම‍්මසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. අධම‍්මකම‍්මෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. අධම‍්මකම‍්මෙ අධම‍්මකම‍්මසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස.

නො දැහැමිකම්හි දැහැමිකම්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නො දැහැමිකම්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසමනුභාසන‍්තස‍්ස පටිනිස‍්සජ‍්ජන‍්තස‍්ස, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

සමනුභාසන කර්‍ම නො කළහුට, (ලබ්ධිය) හැරැපියන්නහුට උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.

අරිට‍්ඨසික‍්ඛාපදං අට‍්ඨමං.

අටවැනි අරිට්ඨ ශික්‍ෂාපද යි.