යෙදුමෙන් කියවන්න

උක‍්ඛිත‍්තසම‍්භොගසික‍්ඛාපදං

6. 7. 9.

6. 7. 9.

උක‍්ඛිත‍්තසම‍්භොගසික‍්ඛාපදං

උක්ඛිත්තසම්භෝග ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ජානං තථාවාදිනා අරිට‍්ඨෙන භික‍්ඛුනා අකටානුධම‍්මෙන තං දිට‍්ඨිං අප‍්පටිනිස‍්සට‍්ඨෙන සද‍්ධිං සම‍්භුඤ‍්ජන‍්තිපි සංවසන‍්තිපි සහාපි සෙය්‍යං කප‍්පෙන‍්ති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ජානං තථාවාදිනා අරිට‍්ඨෙන භික‍්ඛුනා අකටානුධම‍්මෙන තං දිට‍්ඨිං අප‍්පටිනිස‍්සට‍්ඨෙන සද‍්ධිං සම‍්භුඤ‍්ජිස‍්සන‍්තිපි සංවසිස‍්සන‍්තිපි සහාපි සෙය්‍යං කප‍්පෙස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ, ජානං තථාවාදිනා අරිට‍්ඨෙන භික‍්ඛුනා අකටානුධම‍්මෙන තං දිට‍්ඨිං අප‍්පටිනිස‍්සට‍්ඨෙන සද‍්ධිං සම‍්භුඤ‍්ජථාපි සංවසථාපි සහාපි සෙය්‍යං කප‍්පෙථාති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා, ජානං තථාවාදිනා අරිට‍්ඨෙන භික‍්ඛුනා අකටානුධම‍්මෙන තං දිට‍්ඨිං අප‍්පටිනිස‍්සට‍්ඨෙන සද‍්ධිං සම‍්භුඤ‍්ජිස‍්සථාපි සංවසිස‍්සථාපි සහාපි සෙය්‍යං කප‍්පෙස‍්සථ. නෙතං මොඝපුරිසා, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ, ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේ පිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු එසේ මැ කියන ඒ ලබ්ධිය නො හළ ඔසාරණය නො කළ අරිට්ඨ මහණහු සමඟ දැනැ දැනැ සම්භෝග ද කෙරෙති, විනයකර්‍ම ද කෙරෙති, එක් වැ ශයනය ද කෙරෙත්. යම් භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු දැනැ දැනැ එසේ මැ කියන ඒ ලබ්ධිය නො හළ ඔසාරණය නො කළ අරිට්ඨ මහණහු සමඟ සම්භෝගත් කොළෝ ද විනයකර්‍මත් කොළෝ ද එක් වැ ශයනයත් කොළෝ” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි දැනැදැනැ එසේ මැ කියන ඒ ලබ්ධිය නො හළ ඔසාරණය නො කළ අරිට්ඨ මහණහු සමඟ සම්භෝගත් කරවු ද විනයකර්‍මත් කරවු ද එක් වැ ශයනයත් කරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දැනැ දැනැ එසේ මැ කියන ඒ ලබ්ධිය නො හළ ඔසාරණය නො කළ අරිට්ඨ මහණහු සමඟ සම්භෝගත් කළහු ද විනයකර්‍මත් කළහු ද එක් වැ ශයනයත් කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද වනාහි මහණෙනි, මේ සිකපදය උදෙසවු:

“යො පන භික‍්ඛු ජානං තථාවාදිනා භික‍්ඛුනා අකටානුධම‍්මෙන තං දිට‍්ඨිං අප‍්පටිනිස‍්සට‍්ඨෙන සද‍්ධිං සම‍්භුඤ‍්ජෙය්‍ය වා සංවසෙය්‍ය වා සහවාසෙය්‍යං කප‍්පෙය්‍ය, පාචිත‍්තිය”න‍්ති.

“යම් මහණෙක් දැනැ දැන එසේ මැ කියන ඒ දෘෂ්ටි නො හළ ඔසාරණය නො කළ මහණක්හු සමඟ සම්භෝග කරන්නේ නම් හෝ විනයකර්‍ම කරන්නේ නම් හෝ එක් වැ ශයනය කරන්නේ නම් හෝ පචිති වේ” යයි.

2. යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

2. යො පන; යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහිලා අදහස් කරන ලද භික්‍ෂු යි.

ජානාති නාම: සාමං වා ජානාති, අඤ‍්ඤෙ වා තස‍්ස ආරොචෙන‍්ති. සො වා ආරොචෙති.

ජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහුට ඇරොජත් හෙතෙමේ හෝ ඇරොජයි.

තථාවාදිනාති: තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා යෙ මෙ අන‍්තරායිකා ධම‍්මා වුත‍්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන‍්තරායායාති එවං වාදිනා.

තථාවාදිනා: භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ යි මෙසේ කියන්නාවූ;

අකටානුධම‍්මො නාම: උක‍්ඛිත‍්තො අනොසාරිතො.

අකටානුධම්ම නම්: උකෙච්නීකම් කරන ලදුයේ–ඔසාරණය නො කරන ලදුයේ යි.

තං දිට‍්ඨිං අප‍්පටිනිස‍්සට‍්ඨෙන සද‍්ධින‍්ති එතං දිට‍්ඨිං අප‍්පටිනිස‍්සට‍්ඨෙන සද‍්ධිං.

තං දිට්ඨිං අප්පටිනිස්සට්ඨෙන සද්ධිං: තෙල දෘෂ්ටි නො හැරැපියන ලදහු සමඟ;

සම‍්භුඤ‍්ජෙය්‍ය වාති: සම‍්භොගො නාම ද‍්වෙ සම‍්භොගා ආමිසසම‍්භොගො ච ධම‍්මසම‍්භොගො ච. ආමිසසම‍්භොගො නාම: ආමිසං දෙති වා පතිගණ‍්හාති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ධම‍්මසම‍්භොගො නාම: උද‍්දිසති වා උද‍්දිසාපෙති වා, පදෙන උද‍්දිසති වා උද‍්දිසාපෙති වා, පදෙ පදෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අක‍්ඛරාය උද‍්දිසති වා උද‍්දිසාපෙති වා අක‍්ඛරක‍්ඛරාය ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

සම්භුඤ්ජෙය්‍ය වා සම්භෝග නම්: සම්භෝගයෝ දෙදෙනෙකි ආමිස සම්භෝගය ද ධම්ම සම්භෝගය දැයි. ආමිසසම්භෝග නම්: ආමිෂයක් දේ නම් හෝ පිළිගනී නම් හෝ පචිති ඇවැත් වේ. ධම්මසම්භෝග නම්: උදෙසා නම් හෝ උදෙසවා නම් හෝ, පදයෙන් උදෙසා නම් හෝ උදෙසවා නම් හෝ පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වෙයි. අක්‍ෂරයෙන් උදෙසා නම් හෝ උදෙසවා නම් හෝ අකුරෙහි අකුරෙහි පචිති ඇවැත් වේ.

සංවසෙය්‍ය වාති: උක‍්ඛිත‍්තකෙන සද‍්ධිං උපොසථං වා පවාරණං වා සඞ‍්ඝකම‍්මං වා කරොති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

සංවසෙය්‍ය වා: උකෙච්නීකම් කරන ලද්දක්හු සමඟ පොහොය හෝ පවුරුණු හෝ සඟකම් හෝ කෙරේ නම් පචිති ඇවැත් වේ.

සහ වා සෙය්‍යං කප‍්පෙය්‍යාති: එකච‍්ඡන‍්නෙ උක‍්ඛිත‍්තකෙ නිපන‍්නෙ භික‍්ඛු නිපජ‍්ජති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස. භික‍්ඛු නිපන‍්නෙ උක‍්ඛිත‍්තකො නිපජ‍්ජති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උභො වා නිපජ‍්ජන‍්ති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උට‍්ඨහිත්‍වා පුනප‍්පුනං නිපජ‍්ජන‍්ති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

සහ වා සෙය්‍යං කප්පෙය්‍ය: එක් සෙවින්නෙහි උක්ඛිත්තකයා හොත් කල්හි මහණ හො වී නම් පචිති ඇවැත් වෙයි. මහණ හොත් කල්හි උක්ඛිත්තකයා හො වී නම් පචිති ඇවැත් වෙයි. දෙදෙන ම හෝ හොවිත් නම් පචිති ඇවැත් වෙයි. නැඟිට පුන පුනා හොවිත් නම් පචිති ඇවැත් වේ.

උක‍්ඛිත‍්තකෙ උක‍්ඛිත‍්තකසඤ‍්ඤී සම‍්භුඤ‍්ජති වා සංවසති වා සහ වා සෙය්‍යං කප‍්පෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උක‍්ඛිත‍්තකෙ වෙමතිකො සම‍්භුඤ‍්ජති වා සංවසති වා සහ වා සෙය්‍යං කප‍්පෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. උක‍්ඛිත‍්තකෙ අනුක‍්ඛිත‍්තකසඤ‍්ඤී සම‍්භුඤ‍්ජති වා සංවසති වා සහ වා සෙය්‍යං කප‍්පෙති අනාපත‍්ති.

උක්ඛිත්තකයා කෙරෙහි උකෙච්නීකම් කළ සන් ඇතියේ සම්භෝග කෙරේ නම් හෝ විනයකර්‍ම කෙරේ නම් හෝ එක් වැ ශයනය හෝ කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උක්ඛිත්තකයා කෙරෙහි විමති ඇතියේ සම්භෝග කෙරේ නම් හෝ විනයකර්‍ම කෙරේ නම් හෝ එක් වැ ශයනය හෝ කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වෙයි. උක්ඛිත්තකයා කෙරෙහි උකෙච්නීකම් නො කළ සන් ඇතියේ සම්භෝග කෙරේ නම් හෝ විනයකර්‍ම කෙරේ නම් හෝ එක් වැ ශයනය හෝ කෙරේ නම් හෝ ඇවැත් නැති.

අනුක‍්ඛිත‍්තකෙ උක‍්ඛිත‍්තකසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුක‍්ඛිත‍්තකෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. අනුක‍්ඛිත‍්තකෙ අනුක‍්ඛිත‍්තකසඤ‍්ඤී අනාපත‍්ති.

උකෙච්නීකම් නො කළහු කෙරෙහි උකෙච්නීකම් කළ සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. උකෙච්නී කම් නො කළහු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. උකෙච්නීකම් නො කළහු කෙරෙහි උකෙච්නීකම් නො කළ සන් ඇතියේ නම් ඇවැත් නැති.

අනාපත‍්ති: අනුක‍්ඛිත‍්තොති ජානාති, උක‍්ඛිත‍්තො ඔසාරිතොති ජානාති, තං දිට‍්ඨිං පටිනිස‍්සට‍්ඨොති ජානාති, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

උකෙච්නීකම් නො කෙළෙකැ යි දනී නම්, උකෙච්නීකම් කරන ලදු වැ ඔසාරණය කරන ලද්දෙකැයි දනී නම්, ඒ දෘෂ්ටි හැරැපියන ලද්දේ කැ යි දනී නම්, උම්මත්තකයහට ආදිකම්මිකයහට, ඇවැත් නැති.

උක‍්ඛිත‍්තසම‍්භොගසික‍්ඛාපදං නවමං.

නවවැනි උක්ඛිත්තසම්භෝග ශික්‍ෂාපද යි.