යෙදුමෙන් කියවන්න

කණ‍්ටකසික‍්ඛාපදං

6. 7. 10.

6. 7. 10.

කණ‍්ටකසික‍්ඛාපදං

කණ්ටක ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන කණ‍්ටකස‍්ස නාම සමණුද‍්දෙසස‍්ස එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං හොති, “තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා වුත‍්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන‍්තරායායා”ති. අස‍්සොසුං ඛො සම‍්බහුලා භික‍්ඛූ කණ‍්ටකස‍්ස නාම කිර සමණුද‍්දෙසස‍්ස එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා වුත‍්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන‍්තරායායා”ති. අථ ඛො තෙ භික‍්ඛූ යෙන කණ‍්ටකො සමණුද‍්දෙසො තෙනුපසඞ‍්කමිංසු, උපසඞ‍්කමිත්‍වා කණ‍්ටකං සමණුද‍්දෙසං එතදවොචුං: “සච‍්චං කිර තෙ ආවුසො කණ‍්ටක එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා යෙ මෙ අන‍්තරායිකා ධම‍්මා වුත‍්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන‍්තරායායා”ති. එවංබ්‍යාඛො අහං භන‍්තෙ, භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා යෙ මෙ අන‍්තරායිකා ධම‍්මා වුත‍්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන‍්තරායායා”ති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි කණ්ටක නම් හෙරණහට මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන්නේ වෙයි. “භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ” යි. බොහෝ භික්‍ෂූහු කණ්ටක නම් හෙරණහට මෙබඳු ලාමකදෘෂ්ටියෙක් උපනැයි ඇසූහු. “භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ” යි. එකල්හි ඒ භික්‍ෂූහු කණ්ටක හෙරණහු වෙත එළැඹියහ. එළැඹැ කණ්ටක හෙරණහට මෙය කීහු. සැබෑ ද ඇවැත් කණ්ටකය, තොපට මෙබඳු ලාමක දෘෂ්ටියෙක් උපන්නේ ද? “භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමි” යි. භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසෙයින් ස්වාමීනි, භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමි.

2. මා ආවුසො කණ‍්ටක, එවං අවච මා භගවන‍්තං අබ‍්භාචික‍්ඛි න හි සාධු භගවතො අබ‍්භක‍්ඛානං. න හි භගවා එවං වදෙය්‍ය අනෙකපරියායෙන ආවුසො කණ‍්ටක, අන‍්තරායිකා ධම‍්මා අන‍්තරායිකා වුත‍්තා භගවතා අලඤ‍්ච පන තෙ පටිසෙවතො අන‍්තරායාය, අප‍්පස‍්සාදා කාමා වුත‍්තා භගවතා බහුදුක‍්ඛා බහුපායාසා ආදීනවො එත්‍ථ භිය්‍යො, අට‍්ඨිකඞ‍්ඛලූපමා කාමා වුත‍්තා භගවතා බහුදුක‍්ඛා බහූපායාසා ආදීනවො එත්‍ථ භිය්‍යො -පෙ-

2. ඇවැත් කණ්ටකය, මෙසේ නහමක් කියව, භාග්‍යවතුන්හට නහමක් නුගුණ කියව, භාග්‍යවතුන්හට නුගුණ කීම නො මැනැවි. භාග්‍යවත් තෙමේ මෙසේ නො මැ වදාරන්නේ යැ. ඇවැත්නි කණ්ටකය, නොයෙක් කරුණෙන් අන්තරායකර ධර්‍මයෝ අන්තරායකරහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදහ. ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ වෙත් මැයි. කාමයෝ අල්පාස්වාද ඇතියහ. බොහෝ දුක් ඇතියහ. බොහෝ දැඩි ආයාස ඇතියහ, මෙහි ආදීනවය බෙහෙවැ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද. බොහෝ දුක් ඇති බොහෝ දැඩි ආයාස ඇති කාමයෝ ඇට සැකිල්ලක් බන්දහ මෙහි ආදීනවය බෙහෙවැ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද. ...

සප‍්පසිරූපමා කාමා වුත‍්තා භගවතා බහුදුක‍්ඛා බහූපායාසා ආදීනවො එත්‍ථ භිය්‍යොති. එවම‍්පි ඛො කණ‍්ටකො සමණුද‍්දෙසො තෙහි භික‍්ඛූහි වුච‍්චමානො තථෙව තං පාපකං දිට‍්ඨිගතං ථාමසා පරාමස‍්ස අභිනිවිස‍්ස වොහරති, එවංව්‍යාඛො අහං භන‍්තෙ, භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි “යථා යෙ මෙ අන‍්තරායිකා ධම‍්මා වුත‍්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන‍්තරායායා”ති.

බොහෝ දුක් ඇති බොහෝ දැඩි ආයාස ඇති කාමයෝ සර්‍ප ශීර්‍ෂ බන්දහ. මෙහි ආදීනවය බෙහෙවැ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද. මෙසේ ද වනාහි කණ්ටක හෙරණ ඒ භික්‍ෂූන් විසින් කියනු ලබන්නේ එසේ මැ ඒ ලාමක දෘෂ්ටිය දැඩිසේ අල්වාගෙනැ (එයට) බැසැගෙනැ බැවහර කෙරෙයි. “භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ ස්වාමීනි, භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ” යි.

3. යතො ච ඛො තෙ භික‍්ඛූ නාසක‍්ඛිංසු කණ‍්ටකං සමණුද‍්දෙසං එතස‍්මා පාපකා දිට‍්ඨිගතා විවෙචෙතුං, අථ ඛො තෙ භික‍්ඛූ යෙන භගවා තෙනුපසඞ‍්කමිංසු. උපසඞ‍්කමිත්‍වා භගවතො එතමත්‍ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතාපෙත්‍වා කණ‍්ටකං සමණුද‍්දෙසං පටිපුච‍්ඡි. සච‍්චං කිර තෙ කණ‍්ටක, එවරූපං පාපකං දිට‍්ඨිගතං උප‍්පන‍්නං, “තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා වුත‍්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන‍්තරායායා”ති. “එවං ව්‍යා ඛො අහම‍්භන‍්තෙ, භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි. “යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා වුත‍්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන‍්තරායායා”ති.

3. ඒ භික්‍ෂූහු කණ්ටක හෙරණහු තෙල ලාමකදෘෂ්ටියෙන් වෙන් කරන්නට යම් හෙයකින් නො හැකිවූහු ද, එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වෙතැ එළැඹියහ. එළැඹැ භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා බික්සඟන රැස් කරවා කණ්ටක හෙරණහු පුළුවුත් සේකැ. සැබෑ ද කණ්ටකය, තොපට මෙබඳු ලාමකදෘෂ්ටියක් උපන්නේ ද? “භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය දනිමැ” යි. භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසෙයින් ස්වාමීනි, භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමි.

4. කස‍්ස නු ඛො නාම ත්‍වං මොඝපුරිස, මයා එවං ධම‍්මං දෙසිතං ආජානාසි? නනු මයා මොඝපුරිස, අනෙකපරියායෙන අන‍්තරායිකා ධම‍්මා අන‍්තරායිකා වුත‍්තා. අලඤ‍්ච පන තෙ පටිසෙවතො අන‍්තරායාය, අප‍්පස‍්සාදා කාමා වුත‍්තා මයා බහුදුක‍්ඛා බහූපායාසා, ආදීනවො එත්‍ථ භිය්‍යො, අට‍්ඨිකඞ‍්කලූපමා කාමා වුත‍්තා මයා -පෙ- සප‍්පසිරූපමා කාමා වුත‍්තා මයා බහුදුක‍්ඛා බහුපායාසා ආදීනවො එත්‍ථ භිය්‍යො, අථ ච පන ත්‍වං මොඝපුරිස, අත‍්තනා දුග‍්ගහිතෙන අම‍්හෙ චෙව අබ‍්භාචික‍්ඛසි අත‍්තානඤ‍්ච ඛණසි බහුඤ‍්ච අපුඤ‍්ඤං පසවසි, තංහි තෙ මොඝපුරිස, භවිස‍්සති දීඝරත‍්තං අහිතාය දුක‍්ඛාය. නෙතං මොඝපුරිස අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි, තෙන හි භික‍්ඛවෙ සඞ‍්ඝො කණ‍්ටකං සමණුද‍්දෙසං නාසෙතු. එවඤ‍්ච පන භික‍්ඛවෙ නාසෙතබ‍්බො. “අජ‍්ජතග‍්ගෙ තෙ ආවුසො කණ‍්ටක, න චෙව සො භගවා සත්‍ථා අපදිසිතබ‍්බො. යම‍්පි චඤ‍්ඤෙ සමණුද‍්දෙසා ලභන‍්ති භික‍්ඛූහි සද‍්ධිං දිරත‍්තතිරත‍්තං සහසෙය්‍යං සාපි තෙ නත්‍ථි චර පරෙ විනස‍්සා”ති. අථ ඛො සඞ‍්ඝො කණ‍්ටකං සමණුද‍්දෙසං නාසෙසි.

4. හිස් පුරුෂය, තෙපි මා විසින් කවරක්හට නම් එසේ ධර්‍මය දෙසන ලදැ යි දනිවු ද? හිස් පුරුෂය, මා විසින් නොයෙක් කරුණෙන් අන්තරායකර ධර්‍මයෝ අන්තරායකරහ යි දෙසන ලද්දහු නො වෙද්ද? තව ද ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ නො වෙද්ද? කාමයෝ අල්පාස්වාද ඇතියහ. බොහෝ දුක් ඇතියහ. බොහෝ දැඩි ආයාස ඇතියහ. මෙහි ආදීනවය බෙහෙවැ යි මා විසින් වදාරන ලද යැ. කාමයෝ ඇටසැකිල්ලක් බන්දහ යි මා විසින් දෙසන ලද ... බොහෝ දුක් ඇති බොහෝ දැඩි ආයාස ඇති කාමයෝ සර්‍පශීර්‍ෂ බන්දහ. මෙහි ආදීනවය බෙහෙවැ යි මා විසින් දෙසන ලද. එතෙකුදු වුවත් හිස් පුරුෂය, තෙපි තමා විසින් නපුරු කොට ගන්නා ලද දෘෂ්ටියෙන් අපට ද නුගුණ කියව, තමා ද සැරූ ගුණ අතියව. බොහෝ පව් ද රැස් කරහි. හිස් පුරුෂය, එය බලත් තොපට දිගුරැයක් අහිත පිණිස දුක් පිණිස වන්නේ යැ. හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමැතූ සේකැ. එකරුණෙන් මැ මහණෙනි, සඞ්ඝතෙමේ කණ්ටක හෙරණහු (දණ්ඩකර්‍මනාසනායෙන්) නසාවා. මෙසේ ද මහණෙනි, නැසිය යුත්තේ යි. “ඇවැත්නි කණ්ටකය, අද පටන් කොට ඒ භාග්‍යවත් තෙමේ තොප ශාස්තෘ යැ යි නොම කියා යුත්තේ යැ. අන් හෙරණහු මහණුන් සමග යම් දෙතුන්රැයක් එක් වැ ශයනය ලබත් නම් ඒ එක් වැ ශයන ද තට නැති, මමතා නැත්තව, බැහැරැ යා, නො දැක්මට යව” යි. ඉක්බිති සඞ්ඝ තෙමේ කණ්ටක හෙරණහු නැසී යැ.

5. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ජානං තථානාසිතං කණ‍්ටකං සමණුද‍්දෙසං උපලාපෙන‍්තිපි උපට‍්ඨාපෙන‍්තිපි සම‍්භුඤ‍්ජන‍්තිපි සහාපි සෙය්‍යං කප‍්පෙන‍්ති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති, “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ජානං තථා නාසිතං කණ‍්ටකං සමණුද‍්දෙසං උපලාපෙස‍්සන‍්තිපි උපට‍්ඨාපෙස‍්සන‍්තිපි සම‍්භුඤ‍්ජිස‍්සන‍්තිපි සහාපි සෙය්‍යං කප‍්පෙස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ, ජානං තථා නාසිතං කණ‍්ටකං සමණුද‍්දෙසං උපලාපෙථාපි උපට‍්ඨාපෙථාපි සම‍්භුඤ‍්ජථාපි සහාපි සෙය්‍යං කප‍්පෙථාති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා, ජානං තථා නාසිතං කණ‍්ටකං සමණුද‍්දෙසං උපලාපෙස‍්සථාපි උපට‍්ඨාපෙස‍්සථාපි සම‍්භුඤ‍්ජිස‍්සථාපි සහාපි සෙය්‍යං කප‍්පෙස‍්සථ. නෙතං මොඝපුරිසා, අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ, ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

5. එසමයෙහි වනාහි සවග මහණහු දැනැ දැනැ එසේ නසන ලද කණ්ටක හෙරණහු නැළවීම ද කෙරෙති. උවටැන් කරවා ගැනීම ද කෙරෙති. සම්භෝග ද කෙරෙති, එක් වැ ශයනය ද කෙරෙති. යම් භික්‍ෂූ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරවත්: “කෙසේ නම් සවග මහණහු දැනැ දැනැ එසේ නසන ලද කණ්ටක හෙරණහු නැළවීමත් කොළෝ ද උවැටන් කරවා ගැනීමත් කොළෝ ද සම්භෝගත් කොළෝ ද එක් වැ ශයනයත් කොළෝ” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි දැනැ දැනැ එසේ නසන ලද කණ්ටක හෙරණහු නැළවීමත් කරවූ ද උවැටන් කරවා ගැනීමත් කරවු ද සම්භෝගත් කරවුද එක් වැ ශයනයත් කරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දැනැ දැනැ එසේ නසන ලද කණ්ටක හෙරණහු නැළවීමත් කළහු ද උවැටන් කරවා ගැනීමත් කළහු ද සම්භෝගත් කළහු ද එක් වැ ශයනයත් කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු

“සමණුද‍්දෙසොපි චෙ එවං වදෙය්‍ය, තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා වුත‍්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන‍්තරායායාති සො සමණුද‍්දෙසො භික‍්ඛූහි එවමස‍්ස වචනීයො, මා ආවුසො සමණුද‍්දෙස, එවං අවච මා භගවන‍්තං අබ‍්භාචික‍්ඛි න හි සාධු භගවතො අබ‍්භක‍්ඛානං, න හි භගවා එවං වදෙය්‍ය. අනෙකපරියායෙන ආවුසො සමණුද‍්දෙස, අන‍්තරායිකා ධම‍්මා අන‍්තරායිකා වුත‍්තා භගවතා අලඤ‍්ච පන තෙ පටිසෙවතො අන‍්තරායායාති. එවඤ‍්ච පන සො සමණුද‍්දෙසො භික‍්ඛූහි වුච‍්චමානො තථෙව පග‍්ගණ‍්හෙය්‍ය, සො සමණුද‍්දෙසො භික‍්ඛූහි එවමස‍්ස වචනීයො. අජ‍්ජතග‍්ගෙ තෙ ආවුසො සමණුද‍්දෙස, න චෙව සො භගවා සත්‍ථා අපදිසිතබ‍්බො. යම‍්පි චඤ‍්ඤෙ සමණුද‍්දෙසා ලභන‍්ති භික‍්ඛූහි සද‍්ධිං දිරත‍්තතිරත‍්තං සහසෙය්‍යං සාපි තෙ නත්‍ථි චර පරෙ විනස‍්සාති. යො පන භික‍්ඛු ජානං තථා නාසිතං සමණුද‍්දෙසං උපලාපෙය්‍ය වා උපට‍්ඨාපෙය්‍ය වා සම‍්භුඤ‍්ජෙය්‍ය වා සහ වා සෙය්‍යං කප‍්පෙය්‍ය, පාචිත‍්තිය”න‍්ති.

“හෙරණකුදු “භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අනතුරු පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ” යි මෙසේ කියන්නේ නම් ඒ හෙරණ මහණුන් විසින් “ඇවැත් හෙරණ, මෙසේ නහමක් කියව, භාග්‍යවතුන්හට නහමක් නුගුණ කියව, භාග්‍යවතුන්හට නුගුණකීම නො මැනැවි, භාග්‍යවත් තෙමේ මෙසේ නො මැ වදාරන්නෙ යැ, ඇවැත් හෙරණ, නොයෙක් කරුණෙන් අන්තරායකර ධර්‍මයෝ අන්තරායකරහ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද. ඒ ධර්‍මයන් සෙවුනාහට අනතුරු පිණිස සමර්‍ත්‍ථ වෙත් මැ යි, මෙසේ කියයුත්තෙක් වන්නේ යැ. මෙසේ ද වනාහි ඒ හෙරණ මහණුන් විසින් කියනු ලබන්නේ එසේ මැ දැඩි වැ ගන්නේ නම් ඒ හෙරණ මේ මහණුන් විසින් “ඇවැත, හෙරණ, අද පටන් කොට ඒ භාග්‍යවත් තෙමේ තාගේ ශාස්තෘ යැ යි නො මැ කිය යුත්තේ යැ, අන් හෙරණෝ මහණුන් සමඟ යම් දෙතුන් රැයකුදු එක් වැ ශයනය ලබත් නම් ඒ එක් වැ ශයනය ද තොපට නැති. මමතා නැත්තව, බැහැරැ යා, නො දැක්මට යව යි මෙසේ කියයුත්තෙක් වන්නේ යැ. යම් මහණෙක් දැනැ දැනැ එසේ නසන ලද හෙරණක්හු නළවන්නේ නම් හෝ උවටැන් කරවා ගන්නේ නම් හෝ සම්භෝග කරන්නේ නම් හෝ එක් වැ ශයනය කරන්නේ නම් හෝ පචිති වේ” යයි.

6. සමණුද‍්දෙසො නාම: සාමණෙරො වුච‍්චති.

6. සමණුද්දෙස නම්: හෙරණැ යි කියනු ලැබේ.

එවං වදෙය්‍යාති: තථාහං භගවතා ධම‍්මං දෙසිතං ආජානාමි යථා යෙමෙ අන‍්තරායිකා ධම‍්මා වුත‍්තා භගවතා තෙ පටිසෙවතො නාලං අන‍්තරායායාති. සො සමණුද‍්දෙසොති යො සො එවං වාදී සමණුද‍්දෙසො;

එවං වදෙය්‍ය: භාග්‍යවතුන් විසින් යම් අන්තරායකර ධර්‍ම කෙනෙක් වදාරන ලදහු නම් ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස යම්සේ සමර්‍ත්‍ථ නො වෙද්ද, එසේ භාග්‍යවතුන් වදාළ ධර්‍මය මම දනිමැ යි. සො සමණුද්දෙසො: යමෙක් මෙසේ කියන සුලු නම් ඒ හෙරණ තෙමේ;

භික‍්ඛූහීති: අඤ‍්ඤෙහි භික‍්ඛූහි. යෙ පස‍්සන‍්ති යෙ සුණන‍්ති තෙහි වත‍්තබ‍්බො ම, ආවුසො සමණුද‍්දෙස, එවං අවච මා භගවන‍්තං අබ‍්භාචික‍්ඛි න හි සාධු භගවතො අබ‍්භක‍්ඛානං න හි භගවා එවං වදෙය්‍ය, අනෙකපරියායෙන ආවුසො සමණුද‍්දෙස, අන‍්තරායිකා ධම‍්මා අන‍්තරායිකා වුත‍්තා භගවතා අලඤ‍්ච පන තෙ පටිසෙවතො අන‍්තරායායාති. දුතියම‍්පි වත‍්තබ‍්බො, තතියම‍්පි වත‍්තබ‍්බො. -පෙ- සචෙ පටිනිස‍්සජ‍්ජති ඉච‍්චෙතං කුසලං, නො චෙ පටිනිස‍්සජ‍්ජති සො සමණුද‍්දෙසො භික‍්ඛූහි එවමස‍්ස වචනීයො: “අජ‍්ජතග‍්ගෙ තෙ ආවුසො සමණුද‍්දෙස, න චෙව සො භගවා සත්‍ථා අපදිසිතබ‍්බො යම‍්පි චඤ‍්ඤෙ සමණුද‍්දෙසා ලභන‍්ති භික‍්ඛූහි සද‍්ධිං දිරත‍්තතිරත‍්තං සහසෙය්‍යං සාපි තෙ නත්‍ථි චර පිරෙ විනස‍්සාති.

භික්ඛූහි: අන් මහණුන් විසින් යම් කෙනෙක් දකිත් නම් යම් කෙනෙක් අසත් නම් ඔවුන් විසින් “ඇවැත් හෙරණ, මෙසේ නහමක් කියව, භාග්‍යවතුන්හට නහමක් නුගුණ කියව, භාග්‍යවතුන්හට නුගුණ කීම නො මැනැවි. භාග්‍යවත් තෙමේ මෙසේ නො මැ වදාරන්නේ යැ, ඇවැත් හෙරණ, නොයෙක් කරුණෙන්, භාග්‍යවතුන් විසින් අන්තරායකර ධර්‍මයෝ අන්තරායකරහ යි වදාරන ලද. ඒ ධර්‍මයන් සෙවුනාහට අන්තරාය පිණිස සමර්‍ත්‍ථ වෙත් මැ යි කියයුත්තේ යැ. දෙවනවට දු කියයුත්තේ යැ, තෙවනවට දු කිය යුත්තේ යි ... ඉදින් හැරැපියා නම් මෙසේ තෙල හැරැපීම මැනැවි. ඉදින් නො හැරැපියා නම් ඒ හෙරණ මහණුන් විසින් “ඇවැත් හෙරණ, අද පටන් කොට ඒ භාග්‍යවත් තෙමේ තොපගේ ශාස්තෘ යැ යි නො මැ කිය යුත්තේ ය. අන් හෙරණහු මහණුන් සමඟ යම් දෙතුන් රැයකුදු එක් වැ ශයනය ලබත් නම් ඒ එක් වැ ශයනය ද තොපට නැති, මමතා නැත්තව, බැහැරැ යා, නො දැක්මට යව යි.

යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති: අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

යො පන: යම්බඳු ... භික්ඛු ... මේ තෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂූ යි.

ජානාති නාම: සාමං වා ජානාති අඤ‍්ඤෙ වා තස‍්ස ආරොචෙන‍්ති. සො වා ආරොචෙති.

ජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහුට ඇරොජත් හෙතෙමේ හෝ ඇරොජයි.

තථා නාසිතන‍්ති: එවං නාසිතං.

තාථානාසිතං: එසේ නසන ලද;

සමණුද‍්දෙසො නාම: සාමණෙරො වුච‍්චති,

සමණුද්දෙස නම්: හෙරණැ යි කියනු ලැබේ.

උපලාපෙය්‍ය වාති: තස‍්ස පත‍්තං වා චීවරං වා උද‍්දෙසං වා පරිපුච‍්ඡං වා දස‍්සාමීති උපලාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

උපලාපෙය්‍ය වා; ඔහට පාත්‍රයක් හෝ සිවුරක් හෝ උදෙසීමක් හෝ පිළිවිසීමක් හෝ දෙන්නෙමැ යි නළවා නම් පචිති ඇවැත් වේ.

උපට‍්ඨාපෙය්‍ය වාති: තස‍්ස චුණ‍්ණං වා මත‍්තිකං වා දන‍්තකට‍්ඨං වා මුඛොදකං වා සාදියති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

උපට්ඨාපෙය්‍ය වා; ඔහුගේ සුණු හෝ මැටි හෝ දැහැටු හෝ මුව දෝනාදිය හෝ ඉවසා නම් පචිති ඇවැත් වේ.

සම‍්භුඤ‍්ජෙය්‍ය වාති: සම‍්භොගො නාම: ද‍්වෙ සම‍්භොගා ආමිසසම‍්භොගො ච ධම‍්මසම‍්භොගො ච. ආමිසසම‍්භොගො නාම: ආමිසං දෙති වා පතිගණ‍්හාති වා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. ධම‍්මසම‍්භොගො නාම: උද‍්දිසති වා උද‍්දිසාපෙති වා, පදෙන උද‍්දිසති වා උද‍්දිසාපෙති වා පදෙ පදෙ ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අක‍්ඛරාය උද‍්දිසති වා උද‍්දිසාපෙති වා අක‍්ඛරක‍්ඛරාය ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

සම්භූඤ්ජෙය්‍ය වා: සම්භෝග නම්; සම්භෝගයෝ දෙදෙනෙකි. ආමිස සම්භෝගය ද ධම්ම සම්භෝගය දැ යි. ආමිසසම්භෝග නම්: ආමිසයක් දේ නම් හෝ පිළිගනී නම් හෝ පචිති ඇවැත් වේ. ධම්ම සම්භෝග නම් උදෙසා නම් හෝ උදෙසවා නම් හෝ පදයෙන් උදෙසා නම් හෝ උදෙසවා නම් හෝ පෙදෙහි පෙදෙහි පචිති ඇවැත් වෙයි. අක්‍ෂරයෙන් උදෙසා නම් හෝ උදෙසවා නම් හෝ අකුරෙහි අකුරෙහි පචිති ඇවැත් වේ.

සහ වා සෙය්‍යං කප‍්පෙය්‍යාති: එකච‍්ඡන‍්නෙ නාසිතකෙ සමණුද‍්දෙසෙ නිපන‍්නෙ භික‍්ඛු නිපජ‍්ජති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. භික‍්ඛු නිපන‍්නෙ නාසිතකො සමණුද‍්දෙසො නිපජ‍්ජති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උභො වා නිපජ‍්ජන‍්ති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. උට‍්ඨහිත්‍වා පුනප‍්පුනං නිපජ‍්ජති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

සහ වා සෙය්‍යං කප්පෙය්‍ය: එක් සෙවින්නෙහි නැසූ හෙරණක්හු හොත් කල්හි මහණ හො වී නම් පචිති ඇවැත් වෙයි. මහණහු හොත් කල්හි නැසූ හෙරණ හො වී නම් පචිති ඇවැත් වෙයි. දෙදෙන මැ හෝ හොවිත් නම් පචිති ඇවැත් වෙයි. නැඟිට පුන පුනා හොවිත් නම් පචිති ඇවැත් වේ.

නාසිතකෙ නාසිතකසඤ‍්ඤී උපලාපෙති වා උපට‍්ඨාපෙති වා සම‍්භුඤ‍්ජති වා සහ වා සෙය්‍යං කප‍්පෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. නාසිතකෙ වෙමතිකො උපලාපෙති වා උපට‍්ඨාපෙති වා සම‍්භුඤ‍්ජති වා සහ වා සෙය්‍යං කප‍්පෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. නාසිතකෙ අනාසිතකසඤ‍්ඤී උපලාපෙති වා උපට‍්ඨාපෙති වා සම‍්භුඤ‍්ජති වා සහ වා සෙය්‍යං කප‍්පෙති අනාපත‍්ති.

නැසුවහු කෙරෙහි නැසුණු සන් ඇතියේ නළවා නම් හෝ උවටැන් කරවා ගනී නම් හෝ සම්භෝග කෙරේ නම් හෝ එක් වැ ශයනය කෙරේ නම් හෝ පචිති ඇවැත් වෙයි. නැසුවහු කෙරෙහි විමති ඇතියේ නළවා නම් හෝ උවටැන් කරවා ගනී නම් හෝ සම්භෝග කෙරේ නම් හෝ එක් වැ ශයනය කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වේ. නැසුවහු කෙරෙහි නො නැසුණු සන් ඇතියේ නළවා නම් හෝ උවටැන් කරවා ගනී නම් හෝ සම්භෝග කෙරේ නම් හෝ එක් වැ ශයනය කෙරේ නම් හෝ ඇවැත් නැති.

අනාසිතකෙ නාසිතකසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. අනාසිතකෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. අනාසිතකෙ අනාසිතකසඤ‍්ඤී අනාපත‍්ති.

නො නැසුවහු කෙරෙහි නැසුණු සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො නැසුවහු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො නැසුවහු කෙරෙහි නො නැසුණු සන් ඇතියේ නම් ඇවැත් නැති.

අනාපත‍්ති: අනාසිතකොති ජානාති, තං දිට‍්ඨිං පටිනිස‍්සට‍්ඨොති ජානාති, උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

නො නැසුවෙකැ යි දනී නම්, ඒ දෘෂ්ටිය හැරැපුවෙකැ යි දනී නම්, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.

කණ‍්ටකසික‍්ඛාපදං දසමං.

දසවැනි කණ්ටක ශික්‍ෂාපද යි.

සප‍්පාණකවග‍්ගො සත‍්තමො

සප්තම සප්පාණක වර්‍ග යි.

තස‍්සුද‍්දානං:

එහි උදානය:

සඤ‍්චිච‍්චවධසප‍්පාණං - උක‍්කොටං දුට‍්ඨුල‍්ලඡාදනං, ඌනවීසතිසත්‍ථඤ‍්ච - සංවිධානං අරිට‍්ඨකං, උක‍්ඛිත‍්තං කණ‍්ටකං චෙව - දසසික‍්ඛාපදා ඉමෙති.

සඤ්චිච්චපාණ යැ සප්පාණක යැ උක්කෝටන යැ දුට්ඨුල්ල යැ ඌනවීසතිවස්ස යැ ථෙය්‍යසත්‍ථ යැ සංවිධාන යැ අරිට්ඨ යැ උක්ඛිත්තසම්භෝග යැ කණ්ටක ය දැ යි මේ සිකපදයෝ දස දෙනෙකි.