සහධම්මිකසික්ඛාපදං
6. 8. 1.
6. 8. 1.
සහධම්මිකසික්ඛාපදං
සහධම්මික ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ඡන්නො අනාචාරං ආචරති. භික්ඛූ එවමාහංසු. “මාවුසො ඡන්න, එවරූපං අකාසි නෙතං කප්පතී”ති. සො එවං වදෙති. “න තාවාහං ආවුසො, එතස්මිං සික්ඛාපදෙ සික්ඛිස්සාමි යාව න අඤ්ඤං භික්ඛුං ව්යත්තං විනයධරං පරිපුච්ඡාමී”ති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු කොසඹෑ නුවරැ ඝෝෂිතාරාමයෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ආයුෂ්මත් ඡන්නයෝ අනාචාරයෙහි හැසිරෙති. භික්ෂූහු මෙසේ කීහු. “ඇවැත්නි, ඡන්නයෙනි, මෙබන්දක් නහමක් කරව, මෙය නො කැප”යැ යි. හේ මෙසේ කියයි. “ඇවැත්නි, මම යම්තාක් ව්‍යක්ත වූ විනයධර වූ අන් මහණක්හු පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙමි”යි.
2. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම ආයස්මා ඡන්නො භික්ඛූහි සහධම්මිකං වුච්චමානො එවං වක්ඛති, න තාවාහං, ආවුසො එතස්මිං සික්ඛාපදෙ සික්ඛිස්සාමි යාව න අඤ්ඤං භික්ඛුං ව්යත්තං විනයධරං පරිපුච්ඡාමී”ති. -පෙ- සච්චං කිර ත්වං ඡන්න, භික්ඛූහි සහධම්මිකං වුච්චමානො එවං වදෙසි. “න තාවාහං ආවුසො, එතස්මිං සික්ඛාපදෙ සික්ඛිස්සාමි යාව න අඤ්ඤං භික්ඛුං ව්යත්තං විනයධරං පරිපුච්ඡාමී”ති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස, භික්ඛූහි සහධම්මිකං වුච්චමානො එවං වක්ඛසි, “න තාවාහං ආවුසො, එතස්මිං සික්ඛාපදෙ සික්ඛිස්සාමි යාව න අඤ්ඤං භික්ඛුං ව්යත්තං විනයධරං පරිපුච්ඡාමී”ති. නෙතං මොඝපුරිස, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
2. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආයුෂ්මත් ඡන්නයෝ භික්ෂූන් විසින් පැනවූ සිකපදයෙන් කියනු ලබන්නෝ මෙසේ කීහු ද “ඇවැත්නි, මම යම් තාක් ව්‍යක්ත විනයධර අන් මහණක්හු පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙමැ”යි ... සැබෑ ද ඡන්නයෙනි, තෙපි භික්ෂූන් විසින් පැනවූ සිකපදයෙන් කියනු ලබන්නහු මෙසේ කියා ද, “ඇවැත්නි, මම යම් තාක් ව්‍යක්ත විනයධර අන් මහණක්හු පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙමැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි භික්ෂූන් විසින් පැනවූ සිකපදයෙන් කියනු ලබන්නහු මෙසේ කීහු ද? “ඇවැත්නි මම යම් තාක් ව්‍යක්ත විනයධර අන් මහණක්හු පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙමැ”යි. හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යො පන භික්ඛු භික්ඛූහි සහධම්මිකං වුච්චමානො එවං වදෙය්ය න තාවාහං ආවුසො, එතස්මිං සික්ඛාපදෙ සික්ඛිස්සාමි යාව න අඤ්ඤං භික්ඛුං ව්යත්තං විනයධරං පරිපුච්ඡාමීති පාචිත්තියං. සික්ඛමානෙන භික්ඛවෙ, භික්ඛුනා අඤ්ඤාතබ්බං පරිපුච්ඡිතබ්බං පරිපඤ්හිතබ්බං. අයං තත්ථ සාමීචී”ති.
“යම් මහණෙක් භික්ෂූන් විසින් පැනවූ සිකපදයෙන් කියනු ලබන්නේ ඇවැත්නි, මම යම් තාක් ව්‍යක්ත විනයධර අන්‍ය මහණක්හු පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙමැ”යි මෙසේ කියන්නේ නම් පචිති වේ. මහණෙනි, හික්මෙන මහණහු විසින් දතයුතු යැ පිළිවිසිය යුතු යැ සිතිය යුතු යි. මේ එහි අනුධර්‍මතා යි.”
3. යො පනාති: යො යාදිසො භික්ඛූති -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
භික්ඛූහීති: අඤ්ඤෙහි භික්ඛූහි.
භික්ඛූහි; අන්‍ය භික්ෂූන් විසින්;
සහධම්මිකං නාම: යං භගවතා පඤ්ඤත්තං සික්ඛාපදං එතං සහධම්මිකං නාම. තෙන වුච්චමානො.
සහධම්මික නම්: භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද යම් සිකපදයෙක් වේ නම් මෙය සහධම්මික නම් වේ. එයින් කියනු ලබන්නේ;
එවං වදෙය්යාති: න තාවාහං ආවුසො, එතස්මිං සික්ඛාපදෙ සික්ඛිස්සාමි යාව න අඤ්ඤං භික්ඛුං ව්යත්තං විනයධරං පරිපුච්ඡාමීති පණ්ඩිතං ව්යත්තං මෙධාවිං බහුස්සුතං ධම්මකථිකං පරිපුච්ඡාමීති භණති ආපත්ති පාචිත්තියස්ස.
එවං වදෙය්ය: ඇවැත්නි, මම යම් තාක් ව්‍යක්ත වූ විනයධර වූ අන්‍ය භික්ෂුනමක් පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙ මැ යි. පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණැති වූ බහුශ්‍රුත වූ ධර්මකථිකයක්හු පිළිවිසිමැ යි බෙණේ නම් පචිති ඇවැත් වේ.
උපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී එවං වදෙති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ වෙමතිකො එවං වදෙති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී එවං වදෙති, ආපත්ති පාචිත්තියස්ස.
උපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ මෙසේ කියා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ මෙසේ කියා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ මෙසේ කියා නම් පචිති ඇවැත් වේ.
අපඤ්ඤත්තෙන වුච්චමානො ඉදං න සල්ලෙඛාය න ධුතාය න පාසාදිකතාය න අපචයාය න විරියාරම්භාය සංවත්තතීති එවං වදෙති “න තාවාහං ආවුසො, එතස්මිං සික්ඛාපදෙ සික්ඛිස්සාමි යාව න අඤ්ඤං භික්ඛුං ව්යත්තං විනයධරං පණ්ඩිතං මෙධාවිං බහුස්සුතං ධම්මකථිකං පරිපුච්ඡාමී”ති භණති ආපත්ති දුක්කටස්ස.
(ප්‍රඥප්ත ශික්ෂාපද තබා) සූත්රාභිධර්මයෙන් කියනු ලබන්නේ මෙය සලේ පැවැත්මට කෙලෙස් කැපීමට පැහැදුම් එළවීමට නිවනට වැරඇරැඹුමට නො පවතී යැ යි මෙසේ කියයි. ඇවැත්නි, මම යම් තාක් ව්‍යක්ත වූ විනයධර වූ පණ්ඩිත වූ නුවණැති වූ බහුශ්‍රුත ධර්මකථික අන්‍ය භික්ෂුනමක් පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙ මැ යි බෙණේ නම් දුකුළා ඇවැත් වේ.
අනුපසම්පන්නෙන පඤ්ඤත්තෙන වා අපඤ්ඤත්තෙන වා වුච්චමානො ඉදං න සල්ලෙඛාය න ධුතාය න පාසාදිකතාය න අපචයාය න විරියාරම්භාය සංවත්තතීති එවං වදෙති, “න තාවාහං ආවුසො, එතස්මිං සික්ඛාපදෙ සික්ඛිස්සාමි යාව න අඤ්ඤං භික්ඛු, ව්යත්තං විනයධරං පණ්ඩිතං මෙධාවිං බහුස්සුතං ධම්මකථිකං පරිපුච්ඡාමී”ති භණති ආපත්ති දුක්කටස්ස.
අනුපසපනක්හු විසින් පනවන ලද සිකපදයෙන් හෝ සූත්රාභිධර්මයෙන් හෝ කියනු ලබන්නේ මෙය සලේ පැවැත්මට කෙලෙස් කැපීමට පැහැදුම් එළවීමට නිවනට වැර ඇරැඹුමට නො පවතී යැ යි මෙසේ කියයි. “ඇවැත්නි, මම යම් තාක් ව්‍යක්ත වූ විනයධර වූ පණ්ඩිත වූ නුවණැති බහුශ්‍රුත ධර්මකථික අන්‍ය භික්ෂුනමක් පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙමැ”යි බෙණේ නම් දුකුළා ඇවැත් වේ.
අනුපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස.
අනුපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
සික්ඛමානෙනාති: සික්ඛිතුකාමෙන.
සික්ඛමානෙන යනු: හික්මෙනු කැමැත්තහු විසින්;
අඤ්ඤාතබ්බන්ති: ජානිතබ්බං.
අඤ්ඤාතබ්බං: දතයුතු යැ;
පරිපුච්ඡිතබ්බන්ති: ඉදං භන්තෙ කථං ඉමස්ස ක්වත්ථොති.
පරිපුච්ඡිතබ්බං යනු වහන්ස මෙය කෙසේ ද? මෙහි අර්ත්ථය කුමක් දැ යි.
පරිපඤ්හිතබ්බන්ති: චින්තෙතබ්බං තුලයිතබ්බං.
පරිපඤ්හිතබ්බං යනු සිතිය යුතු යැ, තුලනය කළ යුතු යි,
අයං තත්ථ සාමීචීති: අයං තත්ථ අනුධම්මතා.
අයං තත්ථ සාමීචි යනු මේ එහි අනුධර්‍මතා යි.
අනාපත්ති: ජානිස්සාමි සික්ඛිස්සාමීති භණති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
දන්නෙමි හික්මෙන්නෙමැ යි බෙණේ නම් ඇවැත් නැත. උම්මත්තක හට, ආදිකම්මිකහට ඇවැත් නැති.
සහධම්මිකසික්ඛාපදං පඨමං.
පළමුවැනි සහධම්මික ශික්ෂාපද යි.