විලෙඛනසික්ඛාපදං
6. 8. 2.
6. 8. 2.
විලෙඛනසික්ඛාපදං
විලේඛන ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා භික්ඛූනං අනෙකපරියායෙන විනයකථං කථෙති විනයස්ස වණ්ණං භාසති, විනයපරියත්තියා වණ්ණං භාසති ආදිස්ස ආදිස්ස ආයස්මතො උපාලිස්ස වණ්ණං භාසති. භික්ඛූ “භගවා ඛො අනෙකපරියායෙන විනයකථං කථෙති විනයස්ස වණ්ණං භාසති විනයපරියත්තියා වණ්ණං භාසති ආදිස්ස ආදිස්ස ආයස්මතො උපාලිස්ස වණ්ණං භාසති හන්ද මයං ආවුසො ආයස්මතො උපාලිස්ස සන්තිකෙ විනයං පරියාපුණාමා”ති තෙ ච බහූ භික්ඛූ ථෙරා ච නවා ච මජ්ඣිමා ච ආයස්මතො උපාලිස්ස සන්තිකෙ විනයං පරියාපුණන්ති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භාග්‍යවත්හු නොයෙක් අයුරින් විනයකථා කෙරෙති, විනයෙහි ගුණ පවසති, විනය වනපොත් කිරීමෙහි අනුසස් පවසති, පුනපුනා ආයුෂ්මත් උපාලි තෙරුන්ගේ ගුණ පවසත්. භික්ෂූහු “භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් විනයකථාව කරන සේක, විනයෙහි ගුණ පවසන සේක, විනය වනපොත් කිරීමෙහි අනුසස් දෙසන සේක, පුනපුනා ආයුෂ්මත් උපාලි තෙරුන්ගේ ගුණ පවසන සේක, එබැවින් ඇවැත්නි, ඇපි ආයුෂ්මත් උපාලි තෙරුන්ගේ සමීපයෙහි විනය පිරිවහම්හ’ යි කීහු. ස්ථවිර නවක මධ්‍යම ඒ බොහෝ භික්ෂූහු ආයුෂ්මත් උපාලි තෙරුන් සමීපයෙහි විනය පිරිවහති.
2. අථ ඛො ඡබ්බග්ගියානං භික්ඛූනං එතදහොසි: “එතරහි ඛො ආවුසො බහූ භික්ඛූ ථෙරා ච නවා ච මජ්ඣිමා ච ආයස්මතො උපාලිස්ස සන්තිකෙ විනයං පරියාපුණන්ති සචෙ ඉමෙ විනයෙ පකතඤ්ඤුනො භවිස්සන්ති අම්හෙ යෙනිච්ඡකං යදිච්ඡකං යාවතිච්ඡකං ආකඩ්ඪිස්සන්ති පරිකඩ්ඪිස්සන්ති, හන්ද මයං ආවුසො විනයං විවණ්ණෙමා”ති. අථ ඛො ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛූ උපසඞ්කමිත්වා එවං වදෙන්ති: “කිං පනිමෙහි ඛුද්දානුඛුද්දකෙහි සික්ඛාපදෙහි උද්දිට්ඨෙහි යාවදෙව කුක්කුච්චාය විහෙසාය විලෙඛාය සංවත්තන්තී”ති.
2. එකල්හි සවග මහණුන්හට තෙල සිත විය: මෙකල්හි ඇවැත්නි, ස්ථවිර නවක මධ්‍යම බොහෝ භික්ෂූහු ආයුෂ්මත් උපාලි තෙරුන් සමීපයෙහි විනය පිරිවහති. ඉදින් මොහු විනයෙහි දැනුමැතියෝ වන්නාහු නම් අප රිසිතෙනකට රිසිසේ රිසිතාක් අදනාහ, ඔබ මොබ අදනාහ. එබැවින් ඇවැත්නි, ඇපි විනය ගරහම්හ යි. එකල්හි සවග මහණහු මහණුන් වෙතැ එළැඹැ මෙසේ කියත්: “මේ කුඩා ඉතා කුඩා සිකපද උදෙසීමෙන් කවර වැඩෙක් ද? හුදෙක් කුකුස් පිණිස වෙහෙස පිණිස සැක පිණිස වැටෙති යි.
3. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ විනයං විවණ්ණෙස්සන්තී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ, විනයං විවණ්ණෙථාති. සච්චං, භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා විනයං විවණ්ණෙස්සථ. නෙතං මොඝපුරිසා, අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ, ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
3. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු විනය ගරහත් දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි විනය ගරහවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ” ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි විනය ගරහවු ද? හිස් පුරුෂයෙනි, තෙල අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යො පන භික්ඛු පාතිමොක්ඛෙ උද්දිස්සමානෙ එවං වදෙය්ය කිං පනිමෙහි ඛුද්දානුඛුද්දකෙහි සික්ඛාපදෙහි උද්දිට්ඨෙහි, යාවදෙව කුක්කුච්චාය විහෙසාය විලෙඛාය සංවත්තන්තීති සික්ඛාපදවිවණ්ණකෙ පාචිත්තිය”න්ති.
“පාමොක් උදෙසනු ලබන කල්හි යම් මහණෙක් “මේ කුඩා අනුකුඩා සිකපද උදෙසීමෙන් කවර වැඩෙක් ද හුදෙක් කුකුස් පිණිස වෙහෙස පිණිස සැක පිණිස වැටෙති” යි මෙසේ කියන්නේ නම් සිකපද ගැරහීමෙහි පචිති වේ” යි.
4. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
4. යො පන යනු: යම්බඳු ... භික්ඛු යනු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
පාතිමොක්ඛෙ උද්දිස්සමානෙති: උද්දිසන්තෙ වා උද්දිසාපෙන්තෙ වා සජ්ඣායං වා කරොන්තෙ.
පාතිමොක්ඛේ උද්දිස්සමානෙ යනු උදෙසන කල්හි හෝ උදෙසවන කල්හි හෝ හැදෑරීම කරන කල්හි හෝ,
එවං වදෙය්යාති: කිං පනිමෙහි ඛුද්දානුඛුද්දකෙහි සික්ඛාපදෙහි උද්දිට්ඨෙහි යාවදෙව කුක්කුච්චාය විහෙසාය විලෙඛාය සංවත්තන්තීති යෙ ඉමං පරියාපුණන්ති තෙසං කුක්කුච්චං හොති විහෙසා හොති විලෙඛා හොති. “යෙ ඉමං න පරියාපුණන්ති තෙසං කුක්කුච්චං න හොති විහෙසා න හොති විලෙඛා න හොති. අනුද්දිට්ඨං ඉදං වරං අනුග්ගහිතං ඉදං වරං අපරියාපුණිතං ඉදං වරං, අධාරිතං ඉදං වරං විනයො වා අන්තරධායතු, ඉමෙ වා භික්ඛූ අපකතඤ්ඤුනො හොන්තූ”ති උපසම්පන්නස්ස විනයං විවණ්ණෙති ආපත්ති පාචිත්තියස්ස.
එවං වදෙය්ය යනු උදෙසන ලද මේ කුඩා අනුකුඩා සිකපදවලින් කවර වැඩෙක් ද? හුදෙක් කුකුස් පිණිස වෙහෙස පිණිස සැක පිණිස වැටෙති. යම් කෙනෙක් මෙය පිරිවහත් නම් ඔවුනට කුකුස් වෙයි. වෙහෙස වෙයි. සැක වෙයි. යම් කෙනෙක් මෙය නො පිරිවහත් නම් ඔවුනට කුකුස් නො වෙයි. වෙහෙස නො වෙයි. සැක නො වෙයි. මෙය නො උදෙසන ලද නම් මැනැවැ. මෙය නො ඉගෙන ගනු ලද නම් මැනැවැ, මෙය නො පිරිවහන ලද නම් මැනැවැ, මෙය නො දරන ලද නම් මැනැවි. විනය හෝ අතුරුදන් වේවා. මේ භික්ෂූහු හෝ නො දනුමැතියෝ වෙත්ව යි උපසපනක්හට විනය ගරහා නම් පචිති ඇවැත් වේ.
5. උපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී විනයං විවණ්ණෙති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ වෙමතිකො විනයං විවණ්ණෙති ආපත්ති පාචිත්තියස්ස. උපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී විනයං විවණ්ණෙති ආපත්ති පාචිත්තියස්ස.
5. උපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ විනය ගරහා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ විනය ගරහා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ විනය ගරහා නම් පචිති ඇවැත් වේ.
6. අඤ්ඤං ධම්මං විවණ්ණෙති ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නස්ස විනයං වා අඤ්ඤං වා ධම්මං විවණ්ණෙති ආපත්ති දුක්කටස්ස.
6. අන් දහමක් ගරහා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හට විනය හෝ අන් දහමක් හෝ ගරහා නම් දුකුළා ඇවැත් වේ.
7. අනුපසම්පන්නෙ උපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නෙ අනුපසම්පන්නසඤ්ඤී ආපත්ති දුක්කටස්ස.
7. අනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
8. අනාපත්ති: න විවණ්ණෙතුකාමො ඉඞ්ඝ තාව සුත්තන්තෙ වා ගාථායො වා අභිධම්මං වා පරියාප්රණස්ස්ර, පච්ඡාපි විනයං පරියාපුණිස්සසීති භණති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
8. නො ගරහනු කැමැත්තේ දැන් පළමු කොට සූත්‍රාන්තයන් හෝ ගාථා හෝ අභිධර්මය හෝ හදාරව පසු වැ විනය ද හදාරවයි බෙණේ නම් ඇවැත් නො වේ. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
විලෙඛනසික්ඛාපදං දුතියං.
දෙවැනි විලේඛන ශික්ෂාපද යි.