යෙදුමෙන් කියවන්න

විලෙඛනසික‍්ඛාපදවණ‍්ණනා අට‍්ඨකථා

විලෙඛනසික‍්ඛාපදවණ‍්ණනා

විලේඛන ශික්‍ෂාපද වර්ණනාව

දුතියෙ – විනයකථං කථෙතීති විනයකථා නාම කප‍්පියාකප‍්පියආපත‍්තානාපත‍්තිසංවරපහානපටිසංයුත‍්තකථා, තං කථෙති. විනයස‍්ස වණ‍්ණං භාසතීති විනයස‍්ස වණ‍්ණො නාම පඤ‍්චන‍්නම‍්පි සත‍්තන‍්නම‍්පි ආපත‍්තික‍්ඛන්‍ධානං වසෙන මාතිකං නික‍්ඛිපිත්‍වා පදභාජනෙන වණ‍්ණනා, තං භාසති. විනයපරියත‍්තියා වණ‍්ණං භාසතීති විනයං පරියාපුණන‍්තානං විනයපරියත‍්තිමූලකං වණ‍්ණං ගුණං ආනිසංසං භාසති. විනයධරො හි විනයපරියත‍්තිමූලකෙ පඤ‍්චානිසංසෙ ඡානිසංසෙ සත‍්තානිසංසෙ අට‍්ඨානිසංසෙ නවානිසංසෙ දසානිසංසෙ එකාදසානිසංසෙ ච ලභති තෙ සබ‍්බෙ භාසතීති අත්‍ථො. කතමෙ පඤ‍්චානිසංසෙ ලභතීති? අත‍්තනො සීලක‍්ඛන්‍ධසුගුත‍්තිආදිකෙ . වුත‍්තඤ‍්හෙතං –

ද්විතීය ශික්‍ෂාපදයෙහි - “විනයකථං කථෙති” විනයකථා නම් කප්පිය අකප්පිය ආපත්ති අනාපත්ති සංවර පහාණ යන මෙයින් යුක්තකථාය. ඒ විනයකථාව කියයි. “විනයස්ස වණ්ණං භාසති” විනය පිළිබඳ වර්‍ණනා නම් පස්වැදෑරුම්වූද, සත්වැදෑරුම්වූද, ආපත්තිස්කන්‍ධයන්ගේ වසයෙන් මාතෘකා තබා පදභාජනයෙන් වර්‍ණනා කිරීමය. එය කියයි. “විනයපරියත්තියා වණ්ණං භාසති” විනය පුහුණු කරන්නවුන්ගේ විනය පර්‍ය්‍යාප්තිය මුල්කොට සිටි වර්‍ණනාව ගුණය ආනිසංසය කියයි. විනයධර තෙමේ වනාහි විනයපර්‍ය්‍යාප්තිය මුල්කොට අනුසස් පසක් අනුසස් සයක් අනුසස් සතක්, අනුසස් අටක්, අනුසස් නවයක්, අනුසස් දසයක්, අනුසස් එකොළොසක් ලබයි. ඒ සියලු අනුසස් කියාය යන අර්‍ත්‍ථයි. කවර නම් පස් අනුසයක් ලබාද, යත්:- තමාගේ ශීලස්කන්‍ධගොපනාදී වූ පස් අනුසසක් ලබයි.

“පඤ‍්චිමෙ, භික‍්ඛවෙ, ආනිසංසා විනයධරෙ පුග‍්ගලෙ – අත‍්තනො සීලක‍්ඛන්‍ධො සුගුත‍්තො හොති සුරක‍්ඛිතො, කුක‍්කුච‍්චපකතානං පටිසරණං හොති, විසාරදො සඞ‍්ඝමජ‍්ඣෙ වොහරති, පච‍්චත්‍ථිකෙ සහධම‍්මෙන සුනිග‍්ගහිතං නිග‍්ගණ‍්හාති, සද‍්ධම‍්මට‍්ඨිතියා පටිපන‍්නො හොතී”ති (පරි· 325).

‘මහණෙනි’ විනයධර පුද්ගලයා කෙරෙහි මේ අනුසස් පසෙක් වේ. තමාගේ ශීලස්කන්‍ධය, කරඩුවක ලූ මැණික යම්සේ නොනැසේද, විපතට නොපැමිණේද, එසේ මොනවට ගොපනය කරන ලද්දේ මොනවට රක්නා ලද්දේ වේ. කැප අකැප නිසා උපන් කුකුසෙන් මඩනා ලද්දවුන්ට පිළිසරණ වේ. සඟමැද විශාරදව කථා කරන්නේය. කරුණු සහිත වචනයෙන් සතුරන් තෙජස් රහිත කොට ඔවුන්ට මනා නිගැන්මෙන් නිගා කරයි. සද්ධර්‍මස්ථිතිය පිණිස පිළිපන්නේ වේ’යි මෙය වදාරන ලද්දේය.

කථමස‍්ස අත‍්තනො සීලක‍්ඛන්‍ධො සුගුත‍්තො හොති සුරක‍්ඛිතො? ඉධෙකච‍්චො භික‍්ඛු ආපත‍්තිං ආපජ‍්ජන‍්තො ඡහාකාරෙහි ආපජ‍්ජති – අලජ‍්ජිතා, අඤ‍්ඤාණතා, කුක‍්කුච‍්චපකතතා, අකප‍්පියෙ කප‍්පියසඤ‍්ඤිතා, කප‍්පියෙ අකප‍්පියසඤ‍්ඤිතා, සතිසම‍්මොසාති.

කෙසේ මොහු විසින් තමාගේ ශීලස්කන්‍ධය මනාකොට ගොපනය කරන ලද්දේ මනාකොට රක්නා ලද්දේ වේද, යත්:- මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් තෙමේ ඇවැතට පැමිණෙනුයේ අලජ්ජිතා, අඤ්ඤාණතා, කුක්කුච්චපකතතා, අකප්පියෙ කප්පියසඤ්ඤිතා, කප්පියෙ අකප්පියසඤ්ඤිතා, සතිසම්මොසා යන සයඅයුරෙන් පැමිණේ.

කථං අලජ‍්ජිතාය ආපත‍්තිං ආපජ‍්ජති? අකප‍්පියභාවං ජානන‍්තොයෙව මද‍්දිත්‍වා වීතික‍්කමං කරොති. වුත‍්තම‍්පි චෙතං –

අලජ්ජිතාවෙන් කෙසේ පැමිණේද, යත්:- නොකැපබව දන්නේම ශික්‍ෂාව මැඩ වස්තුව්‍යතික්‍රමය කරයි. මෙය වදාරන ලදී :-

“සඤ‍්චිච‍්ච ආපත‍්තිං ආපජ‍්ජති, ආපත‍්තිං පරිගූහති; අගතිගමනඤ‍්ච ගච‍්ඡති, එදිසො වුච‍්චති අලජ‍්ජිපුග‍්ගලො”ති. (පරි· 359);

‘දැන සිතා ඇවතට පැමිණේද, පැමිණි ඇවැත සඟවාද, අගතියට යේද, මෙබඳු පුද්ගලයා තෙමේ අලජ්ජියි කියනු ලැබේ’යි.

කථං අඤ‍්ඤාණතාය ආපජ‍්ජති? අඤ‍්ඤාණපුග‍්ගලො හි මන්‍දො මොමූහො කත‍්තබ‍්බාකත‍්තබ‍්බං අජානන‍්තො අකත‍්තබ‍්බං කරොති, කත‍්තබ‍්බං විරාධෙති; එවං අඤ‍්ඤාණතාය ආපජ‍්ජති.

අඤ්ඤණතාවෙන් කෙසේ පැමිණේද යත්? අඥාන පුද්ගල තෙමේ අඥානභාවයෙන් මන්‍දවූයේ අවිසදභාවයෙන් මූඪ වූයේ කටයුතු නොකටයුතු නොදන්නේ නොකටයුතු කරයි. කටයුතු වරදයි. වළකයි. මෙසේ අඥානභාවයෙන් ඇවැතට පැමිණේ.

කථං කුක‍්කුච‍්චපකතතාය ආපජ‍්ජති? කප‍්පියාකප‍්පියං නිස‍්සාය කුක‍්කුච‍්චෙ උප‍්පන‍්නෙ විනයධරං පුච‍්ඡිත්‍වා කප‍්පියඤ‍්චෙ කත‍්තබ‍්බං සියා, අකප‍්පියඤ‍්චෙ න කත‍්තබ‍්බං, අයං පන “වට‍්ටතී”ති මද‍්දිත්‍වා වීතික‍්කමතියෙව; එවං කුක‍්කුච‍්චපකතතාය ආපජ‍්ජති.

කුකුසෙන් මැඩුනු බැවින් කෙසේ ඇවැතට පැමිණේද, [missing trans]

කථං අකප‍්පියෙ කප‍්පියසඤ‍්ඤිතාය ආපජ‍්ජති? අච‍්ඡමංසං සූකරමංසන‍්ති ඛාදති, දීපිමංසං මිගමංසන‍්ති ඛාදති, අකප‍්පියභොජනං කප‍්පියභොජනන‍්ති භුඤ‍්ජති, විකාලෙ කාලසඤ‍්ඤාය භුඤ‍්ජති, අකප‍්පියපානකං කප‍්පියපානකන‍්ති පිවති; එවං අකප‍්පියෙ කප‍්පියසඤ‍්ඤිතාය ආපජ‍්ජති.

අකැපයෙහි කැපයි සන් ඇති බැවින් කෙසේ ඇවැතට පැමිණේද, යත්:- වලස්මස්, හූරුමස්යි අනුභව කරයි. දිවිමස්, මුවමස්යි, අනුභව කරයි. අකැප බොජුන්, කැපබොජුන්යි බුදියි. නොකාලයෙහි කාලයි හැඟීමෙන් බුදියි. අකැප පැන්, කැප පැන්යි බොයි. මෙසේ අකැපයෙහි කැපයි සන් ඇති බැවින් ඇවැතට පැමිණේ.

කථං කප‍්පියෙ අකප‍්පියසඤ‍්ඤිතාය ආපජ‍්ජති? සූකරමංසං අච‍්ඡමංසන‍්ති ඛාදති, මිගමංසං දීපිමංසන‍්ති ඛාදති, කප‍්පියභොජනං අකප‍්පියභොජනන‍්ති භුඤ‍්ජති, කාලෙ විකාලසඤ‍්ඤාය භුඤ‍්ජති, කප‍්පියපානකං අකප‍්පියපානකන‍්ති පිවති; එවං කප‍්පියෙ අකප‍්පියසඤ‍්ඤිතාය ආපජ‍්ජති.

කැපයෙහි අකැපයි සන් ඇති බැවින් මෙසේ පැවැතට පැමිණේද, යත්:- හූරුමස්, වලස්මස්යි කයි. මුවමස්, දිවිමස්යි කයි. කැපබොජුන් අකැප බොජුන්යි බුදියි. කාලයෙහි නොකාලයි බුදියි. කැප පැන්, අකැප පැන්යි බොයි. මෙසේ කැපයෙහි අකැපයි සන් ඇති බැවින් ඇවතට පැමිණේ.

කථං සතිසම‍්මොසාය ආපජ‍්ජති? සහසෙය්‍යචීවරවිප‍්පවාසභෙසජ‍්ජචීවරකාලාතික‍්කමනපච‍්චයා ආපත‍්තිඤ‍්ච සතිසම‍්මොසාය ආපජ‍්ජති; එවමිධෙකච‍්චො භික‍්ඛු ඉමෙහි ඡහාකාරෙහි ආපත‍්තිං ආපජ‍්ජති.

සිහිමුළාවෙන් කෙසේ ඇවැතට පැමිණේද, යත්:- සහසෙය්‍ය චීවරවිප්පවාස භෙසජ්ජ චීවරකාලයන් ඉක්මවීම් හේතුවෙන් සිහිමුළාවෙන් ඇවතට පැමිණේ. මෙසේ මේ ශාසනයෙහි ඇතැම් මහණෙක් තෙමේ මේ සයයුරෙන් ඇවැතට පැමිණේ.

විනයධරො පන ඉමෙහි ඡහාකාරෙහි ආපත‍්තිං නාපජ‍්ජති. කථං ලජ‍්ජිතාය නාපජ‍්ජති? සො හි “පස‍්සථ භො, අයං කප‍්පියාකප‍්පියං ජානන‍්තොයෙව පණ‍්ණත‍්තිවීතික‍්කමං කරොතී”ති ඉමං පරූපවාදං රක‍්ඛන‍්තොපි නාපජ‍්ජති; එවං ලජ‍්ජිතාය නාපජ‍්ජති. සහසා ආපන‍්නම‍්පි දෙසනාගාමිනිං දෙසෙත්‍වා වුට‍්ඨානගාමිනියා වුට‍්ඨහිත්‍වා සුද‍්ධන‍්තෙ පතිට‍්ඨාති. තතො –

විනයධරතෙමේ වනාහි මේ සයයුරෙන් ඇවැතට නොපැමිණේ. අලජ්ජීභාවයෙන් කෙසේ ඇවතට නොපැමිණේද, යත්:- ඒ විනයධර තෙමේ වනාහි ‘පින්වත්නි’ බලනු මැනැවැ, මෙතෙමේ කැප අකැප බව දන්නේම ශික්‍ෂාපදව්‍යතික්‍රමය කෙරේය’යි මේ පරොපවාද රක්නේද, ඇවැතට නොපැමිණේ. මෙසේ අලජ්ජිභාවයෙන් ඇවැතට නොපැමිණේ. ඉක්මන්කම නිසා පැමිණියාවූද, දෙසීමෙන් පිරිසිදුබවට පැමිණෙන්නාවූද, ඇවැත දෙසා වුට්ඨානගාමිනී වූ ඇවැතින් නැගිට පිරිසිදුබවෙහි පිහිටා ගනියි. එහෙයින් -

“සඤ‍්චිච‍්ච ආපත‍්තිං න ආපජ‍්ජති, ආපත‍්තිං න පරිගූහති; අගතිගමනඤ‍්ච න ගච‍්ඡති, එදිසො වුච‍්චති ලජ‍්ජිපුග‍්ගලො”ති. (පරි· 359)

‘දැන සිතා ඇවතට නොපැමිණේ. පැමිණි ඇවැත නොවසයි. අගතියටද නොයයි. මෙබඳු පුද්ගල තෙමේ ලජ්ජියි කියනු ලැබේ.

ඉමස‍්මිං ලජ‍්ජිභාවෙ පතිට‍්ඨිතොව හොති.

මේ ලජ්ජිභාවයෙහි පිහිටියේම වේ.

කථං ඤාණතාය නාපජ‍්ජති? සො හි කප‍්පියාකප‍්පියං ජානාති, තස‍්මා කප‍්පියමෙව කරොති, අකප‍්පියං න කරොති; එවං ඤාණතාය නාපජ‍්ජති.

අඥානභාවයෙන් කෙසේ ඇවැතට නොපැමිණේද, යත්:- ඒ විනයධර තෙමේ වනාහි කැප අකැපය දනියි. එහෙයින් කැපවූවක්ම කරයි. අකැපයක් නොකරයි. මෙසේ අඥානභාවයෙන් ඇවැතට නොපැමිණේ.

කථං අකුක‍්කුච‍්චපකතතාය නාපජ‍්ජති? සො හි කප‍්පියාකප‍්පියං නිස‍්සාය කුක‍්කුච‍්චෙ උප‍්පන‍්නෙ වත්‍ථුං ඔලොකෙත්‍වා මාතිකං පදභාජනං අන‍්තරාපත‍්තිං ආපත‍්තිං අනාපත‍්තිඤ‍්ච ඔලොකෙත්‍වා කප‍්පියඤ‍්චෙ හොති කරොති, අකප‍්පියඤ‍්චෙ න කරොති; එවං අකුක‍්කුච‍්චපකතතාය නාපජ‍්ජති.

කුකුසෙන් මැඩුන බැවින් කෙසේ ඇවතට නොපැමිණේද, යත්:- ඒ විනයධරතෙමේ වනාහි කැප අකැපය නිසා කුකුසක් උපන් කල්හි වස්තුව බලා මාතෘකාවද, පදභාජනයද, අන්තරාපත්තියද, ආපත්තියද, අනාපත්තියද බලා කැප වේ නම්, කරන්නේය. අකැප වේ නම් නොකරන්නේය. මෙසේ කුකුසෙන් මැඩුනු බැවින් ඇවැතට නොපැමිණේ.

කථං අකප‍්පියාදිසඤ‍්ඤිතාය නාපජ‍්ජති? සො හි කප‍්පියාකප‍්පියං ජානාති, තස‍්මා අකප‍්පියෙ කප‍්පියසඤ‍්ඤී න හොති, කප‍්පියෙ අකප‍්පියසඤ‍්ඤී න හොති; සුප‍්පතිට‍්ඨිතා චස‍්ස සති හොති, අධිට‍්ඨාතබ‍්බං අධිට‍්ඨෙති, විකප‍්පෙතබ‍්බං විකප‍්පෙති. ඉති ඉමෙහි ඡහාකාරෙහි ආපත‍්තිං නාපජ‍්ජති. ආපත‍්තිං අනාපජ‍්ජන‍්තො අඛණ‍්ඩසීලො හොති පරිසුද‍්ධසීලො; එවමස‍්ස අත‍්තනො සීලක‍්ඛන්‍ධො සුගුත‍්තො හොති සුරක‍්ඛිතො.

අකැපයෙහි කැපයි හැඟීම් ආදියෙන් කෙසේ ඇවැතට පැමිණේද, යත්- ඒ විනයධර තෙමේ වනාහි කැප අකැප බව දනියි. එහෙයින් අකැපයෙහි කැප හැඟීම් ඇත්තේ නොවේ. කැපයෙහි අකැප සන් ඇත්තේ නොවේ. මොහුගේ සිහිය මැනැවින් පිහිටියා වේ. ඉටිය යුත්ත ඉටයි. විකපනය කටයුත්ත විකපනය කරයි. මෙසේ මේ සයයුරෙන් ඇවැතට නොපැමිණේ. ඇවැතට නොපැමිණෙන්නේ නොකඩවූ සිල් ඇත්තේ පිරිසිදු සිල් ඇත්තේ වේ. මෙසේ මොහු විසින් තමන්ගේ ශීලස්කන්‍ධය මොනවට ගොපනය කරන ලද්දේ, මොනවට රක්නා ලද්දේ වේ.

කථං කුක‍්කුච‍්චපකතානං පටිසරණං හොති? තිරොරට‍්ඨෙසු තිරොජනපදෙසු ච උප‍්පන‍්නකුක‍්කුච‍්චා භික‍්ඛූ “අසුකස‍්මිං කිර විහාරෙ විනයධරො වසතී”ති දූරතොපි තස‍්ස සන‍්තිකං ආගන‍්ත්‍වා කුක‍්කුච‍්චං පුච‍්ඡන‍්ති, සො තෙහි කතස‍්ස කම‍්මස‍්ස වත්‍ථුං ඔලොකෙත්‍වා ආපත‍්තානාපත‍්තිගරුකලහුකාදිභෙදං සල‍්ලක‍්ඛෙත්‍වා දෙසනාගාමිනිං දෙසාපෙත්‍වා වුට‍්ඨානගාමිනියා වුට‍්ඨාපෙත්‍වා සුද‍්ධන‍්තෙ පතිට‍්ඨාපෙති; එවං කුක‍්කුච‍්චපකතානං පටිසරණං හොති.

කුකුසෙන් මඩනා ලද්දවුන්ට කෙසේ පිළිසරණ වේද, යත්: පිටත රටවලද පිටත දනවුවලද උපන් කුකුස් ඇති භික්‍ෂූහු ‘අසුවල් නම් වෙහෙරෙහි විනයධරයෙක් වසා’යි දුරිනිදු ඔහු වෙතට පැමිණ කුකුස් විචාරත් ඒ විනයධර තෙමේ ඔවුන් විසින් කළ කර්‍මයෙහි වස්තුව බලා, ආපත්ති අනාපත්ති ගරුකලහුකාදිභෙද සලකා, දෙසනාගාමිනී ඇවැත දෙසවා, වුට්ඨානගාමිනී ඇවතින් නැගිටුවා පිරිසිදු බැව්හි පිහිටුවාලයි. මෙසේ කුකුසෙන් මැඩුනවුන්ට පිළිසරණ වේ.

විසාරදො සඞ‍්ඝමජ‍්ඣෙ වොහරතීති අවිනයධරස‍්ස හි සඞ‍්ඝමජ‍්ඣෙ කථෙන‍්තස‍්ස භයං සාරජ‍්ජං ඔක‍්කමති, විනයධරස‍්ස තං න හොති. කස‍්මා? “එවං කථෙන‍්තස‍්ස දොසො හොති; එවං න දොසො”ති ඤත්‍වා කථනතො.

“විසාරදො සඞ්ඝමජ්ඣෙ වොහරති” සඟමැද කතා කරන විනය නොදන්නහුට බිය හා තැතිගැණීම පැමිණේ. විනයධරයාට වනාහි ඒ බිය හා තැතිගැණීම නොවේ. කුමක් හෙයින්ද, යත් ‘මෙසේ කියන්නහුට දොසෙක් වේ, මෙසේ දොසෙක් නොවේය’යි දැන කියන බැවිනි.

පච‍්චත්‍ථිකෙ සහධම‍්මෙන සුනිග‍්ගහිතං නිග‍්ගණ‍්හාතීති එත්‍ථ ද‍්විධා පච‍්චත්‍ථිකා නාම – අත‍්තපච‍්චත්‍ථිකා ච සාසනපච‍්චත්‍ථිකා ච. තත්‍ථ මෙත‍්තියභුම‍්මජකා ච භික‍්ඛූ වඩ‍්ඪො ච ලිච‍්ඡවී අමූලකෙන අන‍්තිමවත්‍ථුනා චොදෙසුං, ඉමෙ අත‍්තපච‍්චත්‍ථිකා නාම. යෙ වා පනඤ‍්ඤෙපි දුස‍්සීලා පාපධම‍්මා, සබ‍්බෙ තෙ අත‍්තපච‍්චත්‍ථිකා. විපරීතදස‍්සනා පන අරිට‍්ඨභික‍්ඛුකණ‍්ටකසාමණෙරවෙසාලිකවජ‍්ජිපුත‍්තකා පරූපහාරඅඤ‍්ඤාණකඞ‍්ඛාපරවිතරණාදිවාදා මහාසඞ‍්ඝිකාදයො ච අබුද‍්ධසාසනං “බුද‍්ධසාසන”න‍්ති වත්‍වා කතපග‍්ගහා සාසනපච‍්චත්‍ථිකා නාම. තෙ සබ‍්බෙපි සහධම‍්මෙන සකාරණෙන වචනෙන යථා තං අසද‍්ධම‍්මං පතිට‍්ඨාපෙතුං න සක‍්කොන‍්ති, එවං සුනිග‍්ගහිතං කත්‍වා නිග‍්ගණ‍්හාති.

“පච්චත්‍ථිකෙ සහධම්මෙන සුනිග්ගහිතං නිග්ගණ්හාති” මෙහි සතුරෝ තමාට තමා සතුරුවූවෝද, සසුනට සතුරු වූවෝදැයි දෙපරිදි වෙත්. එහි මෙත්තිය භුම්මජක භික්‍ෂූහුද, වඩ්ඪ නම් ලිච්ඡවීද, අමූලික වූ අන්තිම වස්තුවෙන් චොදනා කළහ. මොවුහු තමාට තමා සතුරු වූවෝය. දුශ්ශීලවූ ලාමක ස්වභාව ඇත්තාවූ අන්‍යවූද, යම් කෙනෙක් වෙත්ද, ඒ සියල්ලෝ තම තමන්ට සතුරු වූවෝය. විපරිත දැකුම් ඇති අරිෂ්ට භික්‍ෂු, කණ්ටකසාමණෙර, විශාලාමහනුවර වැසි වජ්ජිපුත්‍රක භික්‍ෂූහු හා පරූපහාර අඤ්ඤාණ කඞ්ඛාපරවිතාරණාදි වාද ඇති මහාසඞ්ඝිකාදීහුද යන නොබුදුවූවන්ගේ අවවාදය බුදුවූවන්ගේ අවවාදයයි කළ රුකුල්දිම් ඇත්තාහු සසුනට සතුරෝ වෙති. ඒ සියල්ලෝම සහධර්‍මයෙන් කරුණු සහිත වචනයෙන් යම්සේ අසද්ධර්‍මය පිහිටුවන්නට නොහැකිවෙත්ද, එසේ හිස ඔසොවන්නට නොදී, ඔවුන්ට තදින් නිග්‍රහ කරයි.

සද‍්ධම‍්මට‍්ඨිතියා පටිපන‍්නො හොතීති එත්‍ථ පන තිවිධො සද‍්ධම‍්මො පරියත‍්තිපටිපත‍්තිඅධිගමවසෙන. තත්‍ථ තෙපිටකං බුද‍්ධවචනං පරියත‍්තිසද‍්ධම‍්මො නාම. තෙරස ධුතඞ‍්ගගුණා චුද‍්දස ඛන්‍ධකවත‍්තානි ද‍්වෙඅසීති මහාවත‍්තානීති අයං පටිපත‍්තිසද‍්ධම‍්මො නාම. චත‍්තාරො මග‍්ගා ච ඵලානි චාති අයං අධිගමසද‍්ධම‍්මො නාම.

“සද්ධම්මට්ඨිතියා පටිපන්තො හොති” මෙහි ත්‍රිපිටක බුද්ධවචනය පර්‍ය්‍යාප්තිසද්ධර්‍ම නම්වේ. තෙළෙස් දුහඟගුණ, තුදුස් කඳුවත්, දෙයාසූ මහවත් යන මෙය ප්‍රතිපත්තිසද්ධර්‍ම නම්වේ. [missing trans]

තත්‍ථ කෙචි ථෙරා “යො වො, ආනන්‍ද, මයා ධම‍්මො ච විනයො ච දෙසිතො පඤ‍්ඤත‍්තො, සො වො මමච‍්චයෙන සත්‍ථා”ති (දී· නි· 2.216) ඉමිනා සුත‍්තෙන “සාසනස‍්ස පරියත‍්ති මූල”න‍්ති වදන‍්ති. කෙචි ථෙරා “ඉමෙ ච සුභද‍්ද භික‍්ඛූ සම‍්මා විහරෙය්‍යුං, අසුඤ‍්ඤො ලොකො අරහන‍්තෙහි අස‍්සා”ති (දී· නි· 2.214) ඉමිනා සුත‍්තෙන “සාසනස‍්ස පටිපත‍්තිමූල”න‍්ති වත්‍වා “යාව පඤ‍්ච භික‍්ඛූ සම‍්මා පටිපන‍්නා සංවිජ‍්ජන‍්ති, තාව සාසනං ඨිතං හොතී”ති ආහංසු. ඉතරෙ පන ථෙරා පරියත‍්තියා අන‍්තරහිතාය සුප‍්පටිපන‍්නස‍්සපි ධම‍්මාභිසමයො නත්‍ථී”ති ආහංසු. සචෙ පඤ‍්ච භික‍්ඛූ චත‍්තාරි පාරාජිකානි රක‍්ඛණකා හොන‍්ති, තෙ සද‍්ධෙ කුලපුත‍්තෙ පබ‍්බාජෙත්‍වා පච‍්චන‍්තිමෙ ජනපදෙ උපසම‍්පාදෙත්‍වා දසවග‍්ගං ගණං පූරෙත්‍වා මජ‍්ඣිමෙ ජනපදෙපි උපසම‍්පදං කරිස‍්සන‍්ති, එතෙනුපායෙන වීසතිවග‍්ගගණං සඞ‍්ඝං පූරෙත්‍වා අත‍්තනොපි අබ‍්භානකම‍්මං කත්‍වා සාසනං වුඩ‍්ඪිං විරූළ‍්හිං වෙපුල‍්ලං ගමයිස‍්සන‍්ති. එවමයං විනයධරො තිවිධස‍්සාපි සද‍්ධම‍්මස‍්ස චිරට‍්ඨිතියා පටිපන‍්නො හොතීති එවමයං විනයධරො ඉමෙ තාව පඤ‍්චානිසංසෙ පටිලභතීති වෙදිතබ‍්බො.

එහි ඇතැම් ස්ථවිරයන් වහන්සේලා ‘ආනන්‍ද’ මා විසින් තොපට යම් ධර්‍මයක් විනයක් දෙසන ලදද, පනවන ලදද, ඒ ධර්‍මවිනය තෙමේ මාගේ ඇවෑමෙන් තොපට ශාස්තෲ වන්නේය යන මේ සූත්‍රයෙන් ශාසනයට මුල පර්‍ය්‍යාප්තියයිද, ඇතැම් ස්ථවිරයන් වහන්සේලා ‘සුභද්‍ර’ මේ භික්‍ෂූහු මැනැවින් වසන්නාහු නම්, ලොකය රහතුන්ගෙන් ශුන්‍ය නොවන්නේය, යන මේ සූත්‍රයෙන් ශාසනයට ප්‍රතිපත්තිය මූලයයිද කියා යම්තාක් කල් මොනවට පිළිපන් පස්නමක් භික්‍ෂූහු විද්‍යාමාන වෙත්ද, ඒතාක් ශාසනය සිටියේ වේයයි කීහ. අනික් තෙරහු පර්‍ය්‍යාප්තිය අතුරුදහන් වූ කල්හි මොනවට පිළිපන්නහුටද ධර්‍මාවබෝධය නැතැ’යි කීහ. ඉදින් පස්නමක් භික්‍ෂූහු සතර පරිජි රකින්නාහු වෙත්ද, ඔවුහු කුලපුත්‍රයන් පැවිදිකොට පසල්දනව්වෙහි උපසම්පදා කොට, දශවර්ගික ගණයා පුරවා මද්ධ්‍යමජනපදයෙහි උපසම්පදා කරන්නාහුද, මේ උපායයෙන් විංශදවර්ගික සඞ්ඝයා පුරවා තමන්ගේද අබ්හානකර්‍ම කොට ශාසනය වැඩීමට මුල්බැසගත් බවට මහත්බවට පමුණුවන්නාහුය. මෙසේ මේ විනයධර තෙමේ තෙවැදෑරුම්වූම සද්ධර්‍මයාගේ චිරස්ථිතිය පිණිස පිළිපන්නේ වේ. මෙසේ මේ විනයධර තෙමේ ඒතාක් මේ අනුසස් පස ලබායයි දතයුතුය.

කතමෙ ඡ ආනිසංසෙ ලභතීති? තස‍්සාධෙය්‍යො උපොසථො, පවාරණා, සඞ‍්ඝකම‍්මං, පබ‍්බජ‍්ජා, උපසම‍්පදා, නිස‍්සයං දෙති සාමණෙරං උපට‍්ඨාපෙති.

කවර නම් අනුසස් සයක් ලබාද, යත්:- උපොසථ, පවාරණ, සඞ්ඝකර්‍ම, ප්‍රව්‍රජ්‍යා, උපසම්පදා, යන මොවුහු විනයධරයාහට අයත් වන්නාහ. නිස දෙන්නේය. හෙරණුන් ලවා උවැටන් කරවන්නේය.

යෙ ඉමෙ චාතුද‍්දසිකො, පන‍්නරසිකො, සාමග‍්ගිඋපොසථො, සඞ‍්ඝෙ උපොසථො, ගණෙ පුග‍්ගලෙ උපොසථො, සුත‍්තුද‍්දෙසො, පාරිසුද‍්ධි, අධිට‍්ඨානඋපොසථොති නව උපොසථා, සබ‍්බෙ තෙ විනයධරායත‍්තා.

චාතුද්දසික උපොසථ, පණ්ණරසිකඋපොසථ, සාමග්ගිඋපොසථ, සංඝඋපොසථ, ගණඋපොසථ, පුග්ගල උපොසථ, සුත්තූද්දෙසඋපොසථ, පාරිසුද්ධි උපොසථ, අධිට්ඨාන උපොසථයි යම් මේ නව උපොසථ කෙනෙක් වෙත්ද, ඒ සියලු උපොසථයෝ විනයධරයාහට අයත් වන්නාහුය.

යාපි ච ඉමා චාතුද‍්දසිකා පන‍්නරසිකා, සාමග‍්ගිපවාරණා, සඞ‍්ඝෙ පවාරණා ගණෙ පුග‍්ගලෙ පවාරණා, තෙවාචිකා, ද‍්වෙවාචිකා, සමානවස‍්සිකා පවාරණාති නව පවාරණායො, තාපි විනයධරායත‍්තා එව, තස‍්ස සන‍්තකා, සො තාසං සාමී.

චාතුද්දසිකපවාරණ, පණ්ණරසිකපවාරණ, සාමග්ගිපවාරණ, සඞ්ඝපවාරණ, ගණපවාරණ, පුග්ගලපවාරණ, තෙවාචිකපවාරණ, ද්වෙවාචිකපවාරණ, සමානවස්සිකපවාරණ, යන යම් මේ නව පවාරණ කෙනෙක් වෙත්ද, ඒ නව පවාරණයෝද, විනයධරයාහට අයත් වන්නාහුය. ඔහු සතු වන්නාහුය. හෙතෙමේ ඒ පවාරණයන්ට ස්වාමි වේ.

යානිපි ඉමානි අපලොකනකම‍්මං ඤත‍්තිකම‍්මං ඤත‍්තිදුතියකම‍්මං ඤත‍්තිචතුත්‍ථකම‍්මන‍්ති චත‍්තාරි සඞ‍්ඝකම‍්මානි, තානි විනයධරායත‍්තානි.

අපලොකනකර්‍ම, ඥත්තිකර්‍ම, ඥත්තිදුතියකර්‍ම, ඥත්තිචතුත්‍ථකර්‍ම යන යම් මේ සිවු වැදෑරුම් වූ සඞ්ඝකර්‍ම කෙනෙක් වෙත්ද, ඒ සිවුවැදෑරුම් කර්‍මයෝ විනයධරයාහට අයත් වන්නාහුය.

යාපි චායං උපජ‍්ඣායෙන හුත්‍වා කුලපුත‍්තානං පබ‍්බජ‍්ජා ච උපසම‍්පදා ච කාතබ‍්බා, අයම‍්පි විනයධරායත‍්තාව. න හි අඤ‍්ඤො ද‍්විපිටකධරොපි එතං කාතුං ලභති. සො එව නිස‍්සයං දෙති, සාමණෙරං උපට‍්ඨාපෙති. අඤ‍්ඤො නෙව නිස‍්සයං දාතුං ලභති, න සාමණෙරං උපට‍්ඨාපෙතුං. සාමණෙරූපට‍්ඨානං පච‍්චාසීසන‍්තො පන විනයධරස‍්ස සන‍්තිකෙ උපජ‍්ඣං ගාහාපෙත්‍වා වත‍්තපටිපත‍්තිං සාදිතුං ලභති. එත්‍ථ ච නිස‍්සයදානඤ‍්චෙව සාමණෙරූපට‍්ඨානඤ‍්ච එකමඞ‍්ගං.

උපාද්ධ්‍යායව කුලපුත්‍රයන්ගේ යම් ප්‍රව්‍රජ්‍යාවක්, යම් උපසම්පදාවක් කටයුත්තීද, මෝතොමෝද විනයධරයාහටම අයත් වන්නීය. අනික් ද්විපිටකධර තෙමේද මේ අපලොනකර්‍මාදිය කිරීම නොලබන්නේය. ඒ විනයධර තෙමේම නිස දෙන්නේය. හෙරණුන් ලවා උවැටන් කරවන්නේය. අනිකෙක් නිස දීම නොලබන්නේය. හෙරණුන් ලවා උවැටන් කරවීම නොලබන්නේය. හෙරණුන් ලවා උවැටන් කරවීම බලාපොරොත්තු වනුයේ වනාහි විනයධරයා වෙත උපාද්ධ්‍යායග්‍රහණය කරවා වත්පිළිවෙත් ඉවසීම ලබන්නේය. මෙහිද නිසදීම හා හෙරණුන් ලවා උවැටන් කරවා ගැනීම එක් අඞ්ගයෙකි.

ඉති ඉමෙසු ඡසු ආනිසංසෙසු එකෙන සද‍්ධිං පුරිමා පඤ‍්ච ඡ හොන‍්ති, ද‍්වීහි සද‍්ධිං සත‍්ත, තීහි සද‍්ධිං අට‍්ඨ, චතූහි සද‍්ධිං නව, පඤ‍්චහි සද‍්ධිං දස, සබ‍්බෙහි පෙතෙහි සද‍්ධිං එකාදසාති එවං විනයධරො පුග‍්ගලො පඤ‍්ච ඡ සත‍්ත අට‍්ඨ නව දස එකාදස ච ආනිසංසෙ ලභතීති වෙදිතබ‍්බො. එවං භගවා ඉමෙ ආනිසංසෙ දස‍්සෙන‍්තො විනයපරියත‍්තියා වණ‍්ණං භාසතීති වෙදිතබ‍්බො.

මෙසේ මේ අනුසස් සය අතුරෙහි එක් අනුසසක් සමග පළමු අනුසස් පස, සයෙක් වේ. අනුසස් දෙකක් සමග සතෙක් වේ. තුනක් සමග අටෙක් වේ. සතරක් සමග නවයෙක් වේ. පසක් සමග දසයෙක් වේ. මේ සියල්ල සමග එකොළොස් අනුසස් කෙනෙක් වෙත්. මෙසේ විනයධර පුද්ගල නෙමේ පසක් සයක් සතක්, අටක්, නවයක්, දසයක්, එකොළොසක්, අනුසස් ලබායයි දතයුතුය. මෙසේ භාග්‍යවතුන් වහන්සේ මේ අනුසස් දක්වමින් විනයපර්‍ය්‍යාප්තියෙහි ගුණය වදාරන සේකැයි දතයුතුය.

ආදිස‍්ස ආදිස‍්සාති පුනප‍්පුනං වවත්‍ථපෙත්‍වා විසුං විසුං කත්‍වා. ආයස‍්මතො උපාලිස‍්ස වණ‍්ණං භාසතීති විනයපරියත‍්තිං නිස‍්සාය උපාලිත්‍ථෙරස‍්ස ගුණං භාසති ථොමෙති පසංසති. කස‍්මා? අප‍්පෙව නාම මම වණ‍්ණනං සුත්‍වාපි භික‍්ඛූ උපාලිස‍්ස සන‍්තිකෙ විනයං උග‍්ගහෙතබ‍්බං පරියාපුණිතබ‍්බං මඤ‍්ඤෙය්‍යුං, එවමිදං සාසනං අද‍්ධනියං භවිස‍්සති, පඤ‍්චවස‍්සසහස‍්සානි පවත‍්තිස‍්සතීති.

“ආදිස්ස ආදිස්ස” නැවැත නැවැත ව්‍යවස්ථා කරවා වෙන්වෙන්කොට “ආයස්මතො උපාලි වණ්ණං භාසති” විනයපර්‍ය්‍යාප්තිය නිසා උපාලි ස්ථවිරයන් වහන්සේගේ ගුණය කියයි. ස්තුති කරයි. පසසයි. කුමක් හෙයින, යත්:- මාගේ ගුණ වැණීම අසාද භික්‍ෂූහු ‘උපාලි තෙරුන් වෙත විනය උගතයුතුය. විනය පුහුණු කටයුතුය’යි සිතන්නාහු නම් ඉතාම මැනැවැ’යි මෙසේ ඇති කල්හි මේ සාසනය බොහෝකල් සිටින්නේ වන්නේය. පන්දහසක් හවුරුදු මුළුල්ලෙහි පවතින්නේය.

තෙධ බහූ භික‍්ඛූති තෙ ඉමං භගවතො වණ‍්ණනං සුත්‍වා “ඉමෙ කිරානිසංසෙ නෙව සුත‍්තන‍්තිකා න ආභිධම‍්මිකා ලභන‍්තී”ති යථාපරිකිත‍්තිතානිසංසාධිගමෙ උස‍්සාහජාතා බහූ භික‍්ඛූ ථෙරා ච නවා ච මජ‍්ඣිමා ච ආයස‍්මතො උපාලිස‍්ස සන‍්තිකෙ විනයං පරියාපුණන‍්තීති අයමෙත්‍ථ අත්‍ථො. ඉධාති නිපාතමත‍්තමෙව.

“තෙධ බහු භික්‍ඛු” ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ ගුණ වැණීම අසා ‘මේ අනුසස් සූත්‍රාන්තිකයෝ නොලබන්නාහුය. ආභිධර්මිකයෝ නොලබන්නාහුයයි ඇති සැටියෙන් වර්‍ණනා කළ අනුසස් ලැබීමෙහි උපන් උත්සාහ ඇති ස්ථවිරවූද, නවකවූද, මද්ධ්‍යම වූද, බොහෝ භික්‍ෂූහු ආයුෂ්මත් උපාලි තෙරුන් වෙත විනය පුහුණු කෙරෙත්යි මේ මෙහි අර්‍ත්‍ථය වේ. ‘ඉධ’ යන මේ පදය නිපාතමාත්‍රයෙක්මය.

උද‍්දිස‍්සමානෙති ආචරියෙන අන‍්තෙවාසිකස‍්ස උද‍්දිස‍්සමානෙ, සො පන යස‍්මා ආචරියෙ අත‍්තනො රුචියා උද‍්දිසන‍්තෙ වා ආචරියං යාචිත්‍වා අන‍්තෙවාසිකෙන උද‍්දිසාපෙන‍්තෙ වා යො නං ධාරෙති, තස‍්මිං සජ‍්ඣායං කරොන‍්තෙ වා උද‍්දිස‍්සමානො නාම හොති, තස‍්මා “උද‍්දිසන‍්තෙ වා උද‍්දිසාපෙන‍්තෙ වා සජ‍්ඣායං වා කරොන‍්තෙ”ති පදභාජනං වුත‍්තං. ඛුද‍්දානුඛුද‍්දකෙහීති ඛුද‍්දකෙහි ච අනුඛුද‍්දකෙහි ච. යාවදෙවාති තෙසං සංවත‍්තනමරියාදපරිච‍්ඡෙදවචනං. ඉදං වුත‍්තං හොති – එතානි හි යෙ උද‍්දිසන‍්ති, උද‍්දිසාපෙන‍්ති සජ‍්ඣායන‍්ති වා, තෙසං තාව සංවත‍්තන‍්ති යාව “කප‍්පති නු ඛො, න කප‍්පති නු ඛො”ති කුක‍්කුච‍්චසඞ‍්ඛාතො විප‍්පටිසාරො විහෙසා විචිකිච‍්ඡාසඞ‍්ඛාතො මනොවිලෙඛො ච උප‍්පජ‍්ජතියෙව. අථ වා යාවදෙවාති අතිසයවවත්‍ථාපනං; තස‍්ස සංවත‍්තන‍්තීති ඉමිනා සම‍්බන්‍ධො, කුක‍්කුච‍්චාය විහෙසාය විලෙඛාය අතිවිය සංවත‍්තන‍්තියෙවාති වුත‍්තං හොති. උපසම‍්පන‍්නස‍්ස විනයං විවණ‍්ණෙතීති උපසම‍්පන‍්නස‍්ස සන‍්තිකෙ තස‍්ස තස‍්මිං විමතිං උප‍්පාදෙතුකාමො විනයං විවණ‍්ණෙති නින්‍දති ගරහති. සෙසමෙත්‍ථ උත‍්තානමෙව.

“උද්දිස්සමානෙ” ඇදුරහු විසින් අතවැස්සාහට උදෙසනු ලබන කල්හි. හෙතෙමේ යම්හෙයකින් ඇදුරහු තමන්ගේ රුචියෙන් උදෙසන කල්හි හෝ, ඇදුරහු යාඥා කොට අතවැසියන්ට උදෙසවා ගන්නා කල්හි හෝ යම් මහණෙක් තෙමේ ඒ උදෙසීම දරාද, ඔහු හදාරන කල්හි හෝ උදෙසන්නේ නම්වේ. එහෙයින් ‘උද්දිසන්තෙ වා උද්දිසාපෙන්තෙවා සජ්ඣායං වා කරොන්තෙ”යි පදභාජනය වදාරන ලද්දේය. “ඛුද්දානුඛුද්දකෙහි” දුක්කට සඞ්ඛ්‍යාත ක්‍ෂුද්‍රාපත්තීන්ගෙන්ද දුබ්භාසිත සඞ්ඛ්‍යාත අනුක්‍ෂුද්‍රාපත්තීන්ගෙන්ද, “යාවදෙව” ඔවුන්ගේ පැවැත්මෙහි ඉම පිරිසිදීම් වචනයි. මෙය කියන ලද්දේ වේ. යම් කෙනෙක් තුමූ මේ ක්‍ෂුද්‍රානුක්‍ෂුද්‍රා ශික්‍ෂාපදයන් උදෙසත්ද, උදෙසවත්ද, හදාරත්ද නොහොත් ඒතාක් කල් ඔවුන් අතුරෙහි පවතිත්ද යම්තාක් කැපවේද, කැපනොවේදැයි කුක්කුච්චසඞ්ඛ්‍යාත විප්‍රතිසාරය, වෙහෙසීම විචිකිත්සාසඞ්ඛ්‍යාත මනොවිලෙඛය තෙමේද, උපදීමය නොහොත් “යාවදෙව” යනු අතිශයින් නිශ්චය කිරීමය. “තස්ස සංවත්තන්ති” යන මේ හා සම්බන්‍ධ වේ. කුකුස් පිණිස චිත්ත පීඩාව පිණිස චිත්තසංසය පිණිස බොහෝසෙයින් පවතිත්මැයි කියන ලද්දේ වේ. “උපසම්පන්නස්ස විනයං විවණ්ණෙති” උපසම්පන්නයකු වෙත ඔහුට මේ විනයයෙහි විමති උපදවනු කැමැත්තේ විනයෙහි නුගුණ කියයි. නින්‍දා කරයි. ගරහයි. මෙහි සෙස්ස ප්‍රකටයමය.

තිසමුට‍්ඨානං – කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, අකුසලචිත‍්තං, දුක‍්ඛවෙදනන‍්ති.

ත්‍රිසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.

විලෙඛනසික‍්ඛාපදං දුතියං.

දෙවන විලෙඛන ශික්‍ෂාපදයයි