මොහනසික්ඛාපදවණ්ණනා අට්ඨකථා
මොහනසික්ඛාපදවණ්ණනා
මෝහන ශික්ෂාපද වර්ණනාව
තතියෙ – අන්වද්ධමාසන්ති අනුපටිපාටියා අද්ධමාසෙ අද්ධමාසෙ; යස්මා පන සො උපොසථදිවසෙ උද්දිසියති, තස්මා “අනුපොසථික”න්ති පදභාජනෙ වුත්තං. උද්දිස්සමානෙති උද්දිසියමානෙ . යස්මා පන සො පාතිමොක්ඛුද්දෙසකෙ උද්දිසන්තෙ උද්දිසියමානො නාම හොති, තස්මා “උද්දිසන්තෙ”ති පදභාජනෙ වුත්තං. යඤ්ච තත්ථ ආපත්තිං ආපන්නොති තස්මිං අනාචාරෙ චිණ්ණෙ යං ආපත්තිං ආපන්නො. යථාධම්මො කාරෙතබ්බොති අඤ්ඤාණෙන ආපන්නත්තා තස්සා ආපත්තියා මොක්ඛො නත්ථි, යථා පන ධම්මො ච විනයො ච ඨිතො, තථා කාරෙතබ්බො. දෙසනාගාමිනිඤ්චෙ ආපන්නො හොති, දෙසාපෙතබ්බො, වුට්ඨානගාමිනිඤ්චෙ, වුට්ඨාපෙතබ්බොති අත්ථො. සාධුකන්ති සුට්ඨු. අට්ඨිංකත්වාති අත්ථිකභාවං කත්වා; අත්ථිකො හුත්වාති වුත්තං හොති.
තෘතීය ශික්ෂාපදයෙහි - “අන්වද්ධමාසං” අනුපිළිවෙළින් අඩමසක් අඩමසක් පාසා. යම්හෙයකින් ඒ ප්රාතිමොක්ෂය තෙමේ උපොසථ දිනයෙහි උදෙසනු ලැබේද, එහෙයින් “අනුපොසථික”යි පදභාජනයෙහි වදාරනලදී. “උද්දිස්සමානෙ” උදෙසනු ලබන කල්හි, යම් හෙයකින් වනාහි ඒ ප්රාතිමොක්ෂය තෙමේ පාමොක් උදෙසන්නහු විසින් උදෙසනු ලබන කල්හි උදෙසනු ලබන්නේ නම් වේද එහෙයින් “උද්දිසන්තෙ”යි පදභාජනයෙහි වදාරන ලදී. “යං ච තත්ථ ආපත්තිං ආපන්නො” ඒ පුරුදු වූ අනාචාරයෙහිදී යම් ඇවැතකට පැමිණියේ ද, ඒ ය. “යථා ධම්මො කාරෙතබ්බො” නොදැනීමෙන් පැමිණි බැවින් ඒ ඇවැතින් මිදීමෙක් නැත්තේය. යම්සේ වනාහි ධර්මවිනය සිටියේද, එසේ කරවිය යුත්තේය. දෙසීමෙන් පිරිසිදු වන ඇවතකට පැමිණියේ නම් දෙසවිය යුත්තේය. අබ්හානකර්මයෙන් පිරිසිදුබවට පැමිණෙන ඇවැතකට පැමිණියේ නම් එයින් නංවාලිය යුත්තේය යන අර්ත්ථයි. “සාධුකං” මනාකොට “අට්ඨිකත්වා” අර්ත්ථකොට ප්රයොජන ඇත්තෙක්යැයි කියන ලද්දේ වේ.
ධම්මකම්මෙතිආදීසු මොහාරොපනකම්මං අධිප්පෙතං. සෙසමෙත්ථ උත්තානමෙව. තිසමුට්ඨානං – කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං, දුක්ඛවෙදනන්ති.
“ධම්මකම්මෙ” යනාදිතන්හි මොහාරොපණ කර්මය අදහස් කරන ලදී. මෙහි සෙස්ස ප්රකටමය. ත්රිසමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
මොහනසික්ඛාපදං තතියං.
තෙවන මොහන ශික්ෂාපදයයි.
පහාරසික්ඛාපදවණ්ණනා
පහාර ශික්ෂාපද වර්ණනාව
චතුත්ථෙ – පහාරං දෙන්තීති “ආවුසො පීඨකං පඤ්ඤපෙථ, පාදධොවනං ආහරථා”තිආදීනි වත්වා තථා අකරොන්තානං පහාරං දෙන්ති.
චතුර්ත්ථ ශික්ෂාපදයෙහි - “පහාරං දෙන්ති” ඇවැත්නි’ පුටුවක් පනවවු, පා දෝනා පැන් ආදිය ගෙණෙවු, යනාදිය කියා සප්තදශවර්ගික භික්ෂූන්ට සප්තදශවර්ගික භික්ෂූහු පහර දෙත්.
පහාරං දෙති ආපත්ති පාචිත්තියස්සාති එත්ථ පහරිතුකාමතාය පහාරෙ දින්නෙ සචෙපි මරති පාචිත්තියමෙව. පහාරෙන හත්ථො වා පාදො වා භිජ්ජති, සීසං වා භින්නං හොති, පාචිත්තියමෙව. “යථායං සඞ්ඝමජ්ඣෙ න විරොචති, තථා නං කරොමී”ති එවං විරූපකරණාධිප්පායෙන කණ්ණං වා නාසං වා ඡින්දති, දුක්කටං.
“පහාරං දෙති ආපත්ති පාචිත්තියස්ස” මෙහි පහර දෙනු කැමැති බැවින් පහර දුන් කල්හි මැරේද, පාචිත්තියටම පැමිණේමය. දෙනලද පහර කරණකොට අත හෝ පය හෝ බිඳේද, හිස හෝ සිදුරු වේද, පාචිත්තියටම පැමිණේ. ‘යම්සේ මෙතෙමේ සඟමැද නොබලාද, ඔහුට එසේ කරන්නෙමි’යි මෙසේ විරූප කරන අදහසින් කණ හෝ නාසය හෝ සිඳීද, දුක්කටය වේ.
අනුපසම්පන්නස්සාති ගහට්ඨස්ස වා පබ්බජිතස්ස වා ඉත්ථියා වා පුරිසස්ස වා අන්තමසො තිරච්ඡානගතස්සාපි පහාරං දෙති, දුක්කටං. සචෙ පන රත්තචිත්තො ඉත්ථිං පහරති, සඞ්ඝාදිසෙසො.
“අනුපසම්පන්නස්ස” ගිහියකුට හෝ පැවිද්දකුට හෝ ස්ත්රියක පහරදේද, සඞ්ඝාදිසෙසය වේ. [missing trans]
කෙනචි විහෙඨියමානොති මනුස්සෙන වා තිරච්ඡානගතෙන වා විහෙඨියමානො. මොක්ඛාධිප්පායොති තතො අත්තනො මොක්ඛං පත්ථයමානො. පහාරං දෙතීති කායකායපටිබද්ධනිස්සග්ගියානං අඤ්ඤතරෙන පහාරං දෙති, අනාපත්ති. සචෙපි අන්තරාමග්ගෙ චොරං වා පච්චත්ථිකං වා විහෙඨෙතුකාමං දිස්වා “උපාසක, එත්ථෙව තිට්ඨ, මා ආගමී”ති වත්වා වචනං අනාදියිත්වා ආගච්ඡන්තං “ගච්ඡ රෙ”ති මුග්ගරෙන වා සත්ථකෙන වා පහරිත්වා යාති, සො චෙ තෙන පහාරෙන මරති, අනාපත්තියෙව. වාළමිගෙසුපි එසෙව නයො. සෙසමෙත්ථ උත්තානමෙව. සමුට්ඨානාදීනි පනස්ස පඨමපාරාජිකසදිසානි, ඉදං පන දුක්ඛවෙදනන්ති.
“කෙනචි විහෙඨියමානො” මිනිසකු විසින් හෝ තිරිසන්ගියකු විසින් හෝ වෙහෙසනු ලබන්නේ. “මොක්ඛාධිප්පායො” එයින් තමන්ගේ මිදීම පතමින්. “පහාරං දෙති” කාය ප්රතිබද්ධ - නිස්සග්ගිය යන මොවුන්ගෙන් එක්තරා එකෙකින් පහර දේද, ඇවැත් නොවේ. ඉදින් අතරමගදී වෙසෙනු කැමැති වූ සොරකු හෝ පසමිතුරකු ‘උපාසක’ මෙහිම සිටුව, නොඑව’යි කියා, ඒ වචනය නොගෙණ නොසලකා එන්නහුට ‘කොල යව’යි මුගුරකින් හෝ අතින් හෝ පහර දී යේද, හෙතෙමේ ඒ පහරින් මැරේද, ඇවැත් නොවේ. ව්යාල මෘගයන් කෙරෙහිද, මේ නයම වේ. මෙහි සෙස්ස ප්රකටය. මේ ශික්ෂාපදයාගේ සමුත්ථානාදීහු ප්රථම පාරාජික ශික්ෂාපදය සමාන වෙත්. මේ ශික්ෂාපදය වනාහි දුඃඛවෙදනයි.
පහාරසික්ඛාපදං චතුත්ථං.
සිවුවන පහාර ශික්ෂාපදයයි.
තලසත්තිකසික්ඛාපදවණ්ණනා
තලසත්තික ශික්ෂාපද වර්ණනාව
පඤ්චමෙ – තලසත්තිකං උග්ගිරන්තීති පහාරදානාකාරං දස්සෙත්වා කායම්පි කායපටිබද්ධම්පි උච්චාරෙන්ති. තෙ පහාරසමුච්චිතා රොදන්තීති තෙ පහාරපරිචිතා පුබ්බෙපි ලද්ධපහාරත්තා ඉදානි ච පහාරං දස්සන්තීති මඤ්ඤමානා රොදන්තීති අත්ථො. “පහාරස්ස මුච්චිතා”තිපි සජ්ඣායන්ති, තත්ථ “පහාරස්ස භීතා”ති අත්ථො.
පඤ්චම ශික්ෂාපදයෙහි - “තලසත්තිතං උග්ගිරන්ති” පහරදෙන අයුරු දක්වා කයද කයපිළිබඳයක්ද නගත්. “තෙ පහාරසමුචිතා රොදන්ති” පහර කා පුරුදු වූ ඒ සප්තදශවර්ගික භික්ෂූහු පෙරද ලද පහර ඇති බැවින් දැනුදු පහර දෙන්නාහුය’යි සිතමින් හඬත්, යන අර්ත්ථයි. “පහාරස්ස මුච්ඡිතා”යිද හදාරති. එහි පහරින් බිය ඇත්තාහ යන අර්ත්ථයි.
උග්ගිරති ආපත්ති පාචිත්තියස්සාති එත්ථ සචෙ උග්ගිරිත්වා විරද්ධො පහාරං දෙති, අවස්සං ධාරෙතුං අසක්කොන්තස්ස පහාරො සහසා පතති, න පහරිතුකාමතාය දින්නත්තා දුක්කටං. තෙන පහාරෙන හත්ථාදීසු යංකිඤ්චි භිජ්ජති, දුක්කටමෙව.
“උග්ගිරති ආපත්ති පාචිත්තියස්ස” මෙහි නගා වැරදී පහර දේද, ඒකාන්තයෙන් දරන්නට නොහැක්කහුගේ පහර වහා වදීද, පහර නොදෙනු කැමැති බැවින් දුන් බැවින් දුක්කටය වේ. පහරින් අත් ආදීන් අතුරෙහි යම් කිසිවක් බිඳේද, දුක්කටයම වේ.
මොක්ඛාධිප්පායො තලසත්තිකං උග්ගිරතීති එත්ථ පුබ්බෙ වුත්තෙසු වත්ථූසු පුරිමනයෙනෙව තලසත්තිකං උග්ගිරන්තස්ස අනාපත්ති. සචෙපි විරජ්ඣිත්වා පහාරං දෙති, අනාපත්තියෙව. සෙසං පුරිමසදිසමෙව සද්ධිං සමුට්ඨානාදීහීති.
“මොක්ඛාධිප්පායො තලසත්තිකං උග්ගිරති” මෙහි පෙර කියූ වස්තූන් අතුරෙහි පෙර නයින්ම අත්පා නගන්නහුට ඇවැත් නොවේ. ඉදින් වැරදී පහර දේනම් ඇවැත් නොවේමය. සමුත්ථානාදිය සමග සෙස්ස පළමු ප්රහාරශික්ෂාපදය සමානම වේ.
තලසත්තිකසික්ඛාපදං පඤ්චමං.
පස්වන තලසත්තික ශික්ෂාපදයය
අමූලකසික්ඛාපදවණ්ණනා
අමූලක ශික්ෂාපද වර්ණනාව
ඡට්ඨෙ – අනුද්ධංසෙන්තීති තෙ කිර සයං ආකිණ්ණදොසත්තා “එවං භික්ඛූ අම්හෙ නෙව චොදෙස්සන්ති, න සාරෙස්සන්තී”ති අත්තපරිත්තාණං කරොන්තා පටිකච්චෙව භික්ඛූ අමූලකෙන සඞ්ඝාදිසෙසෙන චොදෙන්ති. සෙසමෙත්ථ තෙරසකම්හි අමූලකසික්ඛාපදෙ වුත්තනයත්තා උත්තානමෙව.
ෂෂ්ඨ ශික්ෂාපදයෙහි - “අනුද්ධංසෙන්ති” ඒ ෂඩ්වර්ගික භික්ෂූහු තුමූ ආකීර්ණ දොෂ ඇති බැවින් ‘මෙසේ ඇති කල්හි භික්ෂූහු අපට චොදනා කරන්නාහුය, ඇවැත සිහි නොකරවන්නාහුය, ආත්මාරක්ෂාව කරමින් පළමුකොටම භික්ෂූන්ට අමූලික සඞ්ඝාදිසෙසයෙන් චොදනා කරත්. මෙහි සෙස්ස තෙරසකසඞ්ඝාදිසෙසකාණ්ඩයෙහි අමූලකශික්ෂාපදයෙහි කියූ නය ඇති බැවින් ප්රකටමය.
තිසමුට්ඨානං – කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං, දුක්ඛවෙදනන්ති.
ත්රිසමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මය. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
අමූලකසික්ඛාපදං ඡට්ඨං.
සවන අමූලක ශික්ෂාපදයයි
සඤ්චිච්චසික්ඛාපදවණ්ණනා
සඤ්විච්ච ශික්ෂාපද වර්ණනාව
සත්තමෙ – උපදහන්තීති උප්පාදෙන්ති. කුක්කුච්චං උපදහති ආපත්ති පාචිත්තියස්සාති වාචාය වාචාය ආපත්ති. අනුපසම්පන්නස්සාති සාමණෙරස්ස . මාතුගාමෙන සද්ධිං රහො මඤ්ඤෙ තයා නිසින්නං නිපන්නං භුත්තං පීතං, සඞ්ඝමජ්ඣෙ ඉදඤ්චිදඤ්ච කතන්තිආදිනා නයෙන කුක්කුච්චං උපදහති, වාචාය වාචාය දුක්කටං. සෙසමෙත්ථ උත්තානමෙව. සමුට්ඨානාදීනිපි අමූලකසදිසානෙවාති.
සප්තම ශික්ෂාපදයෙහි “උපදහන්ති” උපදවත්. “කුක්කුච්චං උපදහති ආපත්ති පාචිත්තියස්ස” වචනයක් වචනයක් පාසා පාචිත්තියාපත්තියි. “අනුපසම්පන්නස්ස” හෙරණක්හට ‘තා, මාගමක සමග රහසිව හිඳින ලද්දේය. නිදන ලද්දේය. කන ලද්දේය. බොන ලද්දේය. සඟමැද මේ මේ කරන ලදැයි මේ ආදිනයින් කුකුස් උපදවාද වචනයක් වචනයක් පාසා දුක්කට වේ. මෙහි සෙස්ස ප්රකටමය. සමුත්ථානාදීහුද අමූලකශික්ෂාපදය හා සමානම වූවාහුය.
සඤ්චිච්චසික්ඛාපදං සත්තමං.
සත්වන සඤ්චිච්ච ශික්ෂාපදයයි
උපස්සුතිසික්ඛාපදවණ්ණනා
උපස්සුති ශික්ෂාපද වර්ණනාව
අට්ඨමෙ – අධිකරණජාතානන්ති එතෙහි භණ්ඩනාදීහි උප්පන්නවිවාදාධිකරණානං. උපස්සුතින්ති සුතිසමීපං; යත්ථ ඨත්වා සක්කා හොති තෙසං වචනං සොතුං, තත්ථාති අත්ථො. ගච්ඡති ආපත්ති දුක්කටස්සාති එත්ථ පදවාරෙ පදවාරෙ දුක්කටං. මන්තෙන්තන්ති අඤ්ඤෙන සද්ධිං අඤ්ඤස්මිං මන්තයමානෙ; “මන්තෙන්තෙ”ති වා පාඨො, අයමෙවත්ථො.
අෂ්ටම ශික්ෂාපදයෙහි - “අධිකරණජාතානං” මේ භණ්ඩනාදිය කරණකොට උපන් විවාදාධිකරණය ඇත්තවුන්ගේ “උපස්සුතිං” බස් ඇසෙන තරම් සමීපයෙහි. යම් තැනක සිට ඔවුන්ගේ බස් අසන්නට හැකිවේද, එහිය යන අර්ත්ථයි. “ගච්ඡති ආපත්ති දුක්කටස්ස” මෙහි විවාදයට පැමිණි භික්ෂූහු කුමක් කියත්දැයි අසනු පිණිස යන මහණහුට පියවරක් පියවරක් පාසා දුක්කට වේ. “මෙන්තෙන්තං” අනිකකු සමග අනිකකු මන්ත්රණය කරන කල්හි “මන්තෙන්තෙ”යි හෝ පාඨයෙක් වේ. මේ අර්ත්ථමැයි
වූපසමිස්සාමීති උපසමං ගමිස්සාමි, කලහං න කරිස්සාමි. අත්තානං පරිමොචෙස්සාමීති මම අකාරකභාවං කථෙත්වා අත්තානං මොචෙස්සාමි. සෙසමෙත්ථ උත්තානමෙව.
“වූපසමෙස්සාමි” සංසිඳීමට යන්නෙමි. කලහ නොකරන්නෙමි. “අත්තානං පරිමොචෙස්සාමි” තමන්ගේ අකාරකභාවය කියා තමන් මුදන්නෙමි. මෙහි සෙස්ස ප්රකටමය.
ථෙය්යසත්ථසමුට්ඨානං – කායචිත්තතො කායවාචාචිත්තතො ච සමුට්ඨාති, සියා කිරියං සොතුකාමතාය ගමනවසෙන, සියා අකිරියං ඨිතට්ඨානං ආගන්ත්වා මන්තයමානානං අජානාපනවසෙන, රූපියං අඤ්ඤවාදකං උපස්සුතීති ඉමානි හි තීණි සික්ඛාපදානි එකපරිච්ඡෙදානි, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං, දුක්ඛවෙදනන්ති.
ථෙය්යසත්ථසමුත්ථානිකය. කායචිත්තයෙන්ද කායවාචාචිත්තයෙන්ද හටගනියි. සිටිතැනට අවුත් මන්ත්රණය කරන්නවුන්ට නොදැන්වීම් වසයෙන් කිසිකලෙක අක්රියසමුත්ථානය රුපියශික්ෂාපදය, අඤ්ඤවාදක ශික්ෂාපදය, උපස්සුති ශික්ෂාපදය යන මේ ශික්ෂාපද තුන කිසි කලෙක ක්රියාවෙන්ද, කිසිකලෙක අක්රියාවෙන්ද සමුත්ථානය වන බැවින් එක් පිරිසිඳීමක් ඇත්තේය. සංඥාවිමොක්ෂය සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
උපස්සුතිසික්ඛාපදං අට්ඨමං.
අටවන උපස්සුති ශික්ෂාපදයයි
කම්මපටිබාහනසික්ඛාපදවණ්ණනා
කම්මපටිබාහන ශික්ෂාපද වර්ණනාව
නවමෙ – සචෙ ච මයං ජානෙය්යාමාති සචෙ මයං ජානෙය්යාම; චකාරො පන නිපාතමත්තමෙව. ධම්මිකානන්ති ධම්මෙන විනයෙන සත්ථුසාසනෙන කතත්තා ධම්මා එතෙසු අත්ථීති ධම්මිකානි; තෙසං ධම්මිකානං චතුන්නං සඞ්ඝකම්මානං. ඛිය්යති ආපත්ති පාචිත්තියස්සාති එත්ථ වාචාය වාචාය පාචිත්තියං . සෙසං උත්තානමෙව. තිසමුට්ඨානං – කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං, දුක්ඛවෙදනන්ති.
නවම ශික්ෂාපදයෙහි - “සචෙ ච මයං ජානෙය්යාම” ඉදින් අපි දන්නමෝ නම්. චකාරය නිපාත මාත්රයෙක්මය. “ධම්මිකානං” ධර්මයෙන් විනයෙන් ශාස්තෲ ශාසනයෙන් කළ බැවින් ධර්මයෝ මොවුන් කෙරෙහි ඇත්තාහයි, ධම්මිකනම්. ධාර්මික වූ සිවුවැදෑරුම් වූ ඒ සඞ්ඝකර්මයන්ගේ “ඛීයති ආපත්තිපාචිත්තියස්ස” මෙහි වචනයක් වචනයක් පාසා පාචිත්තිය වේ. සෙස්ස ප්රකටමය. ත්රිසමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
කම්මපටිබාහනසික්ඛාපදං නවමං.
නවවනකම්මපටිබාහන ශික්ෂාපදයයි
ඡන්දංඅදත්වාගමනසික්ඛාපදවණ්ණනා
ඡන්දංඅදත්වාගමන ශික්ෂාපද වර්ණනාව
දසමෙ – වත්ථු වා ආරොචිතන්ති චොදකෙන ච චුදිතකෙන ච අත්තනො කථා කථිතා, අනුවිජ්ජකො සම්මතො, එත්තාවතාපි වත්ථුමෙව ආරොචිතං හොති. සෙසමෙත්ථ උත්තානමෙව.
දශම ශික්ෂාපදයෙහි - “වත්ථුං වා ආරොචිතං” චොදකයා විසින්ද චුදිතකයා විසින්ද තම තමන්ගේ කථා තොමෝ කියන ලදද, අනුවිජ්ජක තෙමේ සම්මත කරන ලදද, මෙපමණකින් වස්තුවම සැලකරන ලද්දේ වේ. මෙහි සෙස්ස ප්රකටමය.
ධුරනික්ඛෙපසමුට්ඨානං – කායවාචාචිත්තතො සමුට්ඨාති, කිරියාකිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං , අකුසලචිත්තං, දුක්ඛවෙදනන්ති.
ධුරනික්ෂෙප සමුත්ථානිකය. කායවාචාචිත්තයෙන් හටගනියි. ක්රියාක්රියසමුත්ථානයි. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
ඡන්දං අදත්වා ගමනසික්ඛාපදං දසමං.
දසවන ඡන්දං අදත්වා ගමන ශික්ෂාපදයයි
දුබ්බලසික්ඛාපදවණ්ණනා
දබ්බ ශික්ෂාපද වර්ණනාව
එකාදසමෙ – යථාමිත්තතාති යථාමිත්තතාය; යො යො මිත්තො, තස්ස තස්ස දෙතීති වුත්තං හොති. එස නයො සබ්බපදෙසු. සෙසං උජ්ඣාපනකාදීසු වුත්තනයත්තා උත්තානත්ථමෙව.
එකාදශම ශික්ෂාපදයෙහි - “යථාමිත්තතා” යහලුකම් ලෙසින් ‘යමෙක් මා සමග මිත්රවේනම්, ඔහුට, ඔහුට දෙව’යි කියන ලද්දේ වේ. සියලු පදයන්හි මේ නයවේ. සෙස්ස උජ්ඣාපනකාදි ශික්ෂාපදයන්හි කියූ නය ඇති බැවින් ප්රකට අර්ත්ථ ඇත්තේමය.
තිසමුට්ඨානං – කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං අකුසලචිත්තං, දුක්ඛවෙදනන්ති.
ත්රිසමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.
දුබ්බලසික්ඛාපදං එකාදසමං.
එකොළොස්වන දබ්බශික්ෂාපදයයි
පරිණාමනසික්ඛාපදවණ්ණනා
පරිණාමන ශික්ෂාපද වර්ණනාව
ද්වාදසමෙ – යං වත්තබ්බං සියා, තං සබ්බං තිංසකෙ පරිණාමනසික්ඛාපදෙ වුත්තනයමෙව. අයමෙව හි විසෙසො – තත්ථ අත්තනො පරිණාමිතත්තා නිස්සග්ගියං පාචිත්තියං, ඉධ පුග්ගලස්ස පරිණාමිතත්තා සුද්ධිකපාචිත්තියන්ති.
ද්වාදශම ශික්ෂාපදයෙහි - යමක් කිය යුතුවන්නේද, ඒ සියල්ල තිංසක කාණ්ඩයෙහි පරිණාමන ශික්ෂාපදයෙහි කියූ නයමවේ. මේම වනාහි වෙනස වේ. ඒ පරිණාමන ශික්ෂාපදයෙහි තමාට පිරිනැමූ බැවින් නිස්සග්ගිය පාචිත්තිය වේ. මේ ශික්ෂාපදයෙහිලා පුද්ගලයාහට පිරිනැමූ බැවින් සුද්ධිකපාචිත්තිය වේ.
තිසමුට්ඨානං – කිරියං, සඤ්ඤාවිමොක්ඛං, සචිත්තකං, ලොකවජ්ජං, කායකම්මං, වචීකම්මං, අකුසලචිත්තං, තිවෙදනන්ති.
ත්රිසමුත්ථානිකය. ක්රියාසමුත්ථානය. සංඥාවිමොක්ෂය. සචිත්තකය. ලොකවද්යය. කායකර්මයි. වාක්කර්මයි. අකුශලචිත්තයි. ත්රිවෙදනයි.
පරිණාමනසික්ඛාපදං ද්වාදසමං.
දොළොස්වන පරිණාමනශික්ෂාපදයයි
සමත්තො වණ්ණනාක්කමෙන සහධම්මිකවග්ගො අට්ඨමො.
වර්ණනා ක්රමයෙන් අටවැනිවූ සහධාර්මිකවර්ගය නිමි.