රතනවග්ගො අට්ඨකථා
රාජ වර්ගය
අන්තෙපුරසික්ඛාපදවණ්ණනා
රාජන්තෙපුර ශික්ෂාපද වර්ණනාව
රාජවග්ගස්ස පඨමසික්ඛාපදෙ – ඔරකොති පරිත්තකො. උපරිපාසාදවරගතොති පාසාදවරස්ස උපරිගතො. අය්යානං වාහසාති අය්යානං කාරණා; තෙහි ජානාපිතත්තා ජානාමීති වුත්තං හොති.
රාජවර්ගය පිළිබඳ ප්‍රථම ශික්‍ෂාපදයෙහි - “ඔරකො” ස්වල්පමාත්‍රය. “උපරි පාසාදවරගතො” ප්‍රාසාදයෙහි මතු මහලට නැංගේ. “අය්යානං වාහසා” ආර්‍ය්‍යයන් කරණ කොට, ඒ ආර්‍ය්‍යයන් විසින් දන්වන ලද බැවින් දනිමි’යි කියන ලද්දේ වේ.
පිතරං පත්ථෙතීති අන්තරං පස්සිත්වා ඝාතෙතුං ඉච්ඡති. රාජන්තෙපුරං හත්ථිසම්මද්දන්තිආදීසු හත්ථීහි සම්මද්දො එත්ථාති හත්ථිසම්මද්දං; හත්ථිසම්බාධන්ති අත්ථො. අස්සරථසම්මද්දපදෙපි එසෙව නයො. “සම්මත්ත”න්ති කෙචි පඨන්ති, තං න ගහෙතබ්බං. “රඤ්ඤො අන්තෙපුරෙ හත්‍ථිසම්මද්ද”න්තිපි පාඨො, තත්ථ හත්ථීනං සම්මද්දං හත්ථිසම්මද්දන්ති අත්ථො, රඤ්ඤො අන්තෙපුරෙ හත්ථිසම්මද්දො අත්ථීති වුත්තං හොති. එස නයො සෙසපදෙසුපි. රජනීයානීති තස්මිං අන්තෙපුරෙ එදිසානි රූපාදීනි.
“පිතරං පත්ථෙති” සිදුරක් දැක නසන්නට කැමැති වේ. “රාජන්තෙපුරංහත්ථිසම්මද්දං” යනාදිතන්හි ඇතුන් විසින් කරනලද මැඩීම මෙහි වේය’යි ‘හත්‍ථිසම්මද්ද’ නම. හස්තිසම්බාධය යන අර්‍ත්‍ථයි. “අස්සරථසම්මද්ද” පදයෙහිද මේ නයම වේ. කිසි කෙනෙක් ‘සම්මත’ය හදාරත්. ඒ හැදෑරීම නොගත යුතුය. “රඤ්ඤො අන්තෙපුරෙ හත්ථිසම්මද්දං”යි ද පාඨයෙක් වේ. එහි ඇතුන්ගේ මැඩීම ‘හත්‍ථිසම්මද්ද’යි අර්ත්ථය වේ. රජුගේ අන්තඃපුරයෙහි ඇතුන්ගේ මැඩීම ‘හත්‍ථිසම්මද්ද’යි අර්ත්ථය වේ. රජුගේ අන්තඃපුරයෙහි ඇතුන්ගේ මැඩීමක් ඇත්තේයයි කියන ලද්දේ. සෙසු පදයන්හිද මෙම නයය. ‘රජනීයානි’ ඒ අන්තඃපුරයෙහි මෙබඳු රූපාදීහුය.
මුද්ධාවසිත්තස්සාති මුද්ධනි අවසිත්තස්ස. අනික්ඛන්තො රාජා ඉතොති අනික්ඛන්තරාජකං, තස්මිං අනික්ඛන්තරාජකෙ; සයනිඝරෙති අත්ථො. රතනං වුච්චති මහෙසී, නිග්ගතන්ති නික්ඛන්තං, අනිග්ගතං රතනං ඉතොති අනිග්ගතරතනකං, තස්මිං අනිග්ගතරතනකෙ; සයනිඝරෙති අත්ථො. සෙසමෙත්ථ උත්තානමෙව.
“මුද්ධාවසිත්තස්ස” මුදුනෙහි අභිෂෙක කරනලද. රජතෙමේ මෙයින් නොනික්මුනේයයි අනික්ඛන්තරාජක නමි. නොනික්මුනු රජ ඇති යහන්ගෙයි යන අර්‍ත්‍ථයි. මෙහෙසි තොමෝ රතනැයි කියනු ලැබේ. නික්මුනෙ ‘නිභත’ නම. මෙහෙසිය මෙයින් නොනික්මුනී අනීභතරතනය. ඒ නොනික්මුනු මෙහෙසිය ඇති යහන්ගෙයි යන අර්‍ත්‍ථයි. මෙහි සෙස්ස ප්‍රකටමය.
කථිනසමුට්ඨානං – කායවාචතො කායවාචාචිත්තතො ච සමුට්ඨාති, කිරියාකිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
කඨින සමුත්‍ථානිකය. කායවාචායෙන්ද, කායවාචාචිත්තයෙන්ද හටගණියි. ක්‍රියාක්‍රිය සමුත්ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
අන්තෙපුරසික්ඛාපදං පඨමං.
පළමුවන රාජන්තෙපුර ශික්‍ෂාපදයයි
රතනසික්ඛාපදවණ්ණනා
රතන ශික්ෂාපද වර්ණනාව
දුතියෙ – විස්සරිත්වාති පමුස්සිත්වා. පුණ්ණපත්තං නාම සතතො පඤ්ච කහාපණා. ක්යාහං කරිස්සාමීති කිං අහං කරිස්සාමි. ආභරණං ඔමුඤ්චිත්වාති මහාලතං නාම නවකොටිඅග්ඝනකං අලඞ්කාරං අපනෙත්වා.
ද්විතීය ශික්‍ෂාපදයෙහි - “විස්සරීත්වා” තදින් සිහිමුළාවී පුණ්ණපත්තං පූර්ණපාත්ර නම් සියයෙන් පස්කහවණුය. “ක්යාහං කරිස්සාමි” මම කුමක් කරන්නෙම්ද, “ආභරණං ඔමුඤ්චිත්වා” නව කෙළක් අගනා මහලිය පලඳනාව ගලවා.
අන්තෙවාසීති පරිචාරකො.
“අන්තෙවාසි” මෙහෙකරුවන්.
අපරික්ඛිත්තස්ස උපචාරොති එත්ථ උපචාරො නාම ආරාමස්ස ද්වෙ ලෙඩ්ඩුපාතා – “ආවසථස්ස පන සුප්පපාතො වා මුසලපාතො වා”ති මහාපච්චරියං වුත්තං. උග්ගණ්හාති ආපත්ති පාචිත්තියස්සාති එත්ථ ජාතරූපරජතං අත්තනො අත්ථාය උග්ගණ්හන්තස්ස වා උග්ගණ්හාපෙන්තස්ස වා නිස්සග්ගියං පාචිත්තියං, සඞ්ඝගණපුග්ගලචෙතියනවකම්මානං අත්ථාය දුක්කටං, අවසෙසං මුත්තාදිරතනං අත්තනො වා සඞ්ඝාදීනං වා අත්ථාය උග්ගණ්හන්තස්ස වා උග්ගණ්හාපෙන්තස්ස වා දුක්කටං. කප්පියවත්ථු වා අකප්පියවත්ථු වා හොතු, අන්තමසො මාතු කණ්ණපිළන්ධනතාළපණ්ණම්පි ගිහිසන්තකං භණ්ඩාගාරිකසීසෙන පටිසාමෙන්තස්ස පාචිත්තියමෙව.
“අපරික්ඛිත්තස්ස උපචාරො” මෙහි උපචාර නම් ආරාමය පිළිබඳ ලෙඩ්ඩුපාත දෙකෙකි. ආවාසයෙහි වනාහි කුල්ල හෙලූ තැන හේ මෝල හෙලූ තැන හෝ යයි මහාපච්චරියෙහි කියනලදී. “උග්ගණ්හාති ආපත්ති පාචිත්තියස්ස” මෙහි රන්රිදී මසු කහවණු තමන්ගේ ප්‍රයොජනය පිණිස ගන්නා මහණහුට හා ගන්වන මහණහුටද නිස්සග්ගියපාචිත්තිය වේ. සඞ්ඝ ගණ පුද්ගල චෛත්යනවකර්මාන්ත පිණිස ගන්නා මහණහුට දුක්කටය වේ. කප්පිය වස්තුවක් හෝ වේවා, අකප්පිය වස්තුවක් හෝ වේවා. යටත්පිරිසෙයින් මවුගේ කන්පලඳනාවක් හෝ ගිහියන් සතුවූ තල්පතක් හෝ භාණ්ඩාගාරික ශීර්ෂයෙන් රක්නා මහණහුට පාචිත්තියම වේ.
සචෙ පන මාතාපිතූනං සන්තකං අවස්සං පටිසාමෙතබ්බං කප්පියභණ්ඩං හොති, අත්තනො අත්ථාය ගහෙත්වා පටිසාමෙතබ්බං. “ඉදං පටිසාමෙත්වා දෙහී”ති වුත්තෙ පන “න වට්ටතී”ති පටික්ඛිපිතබ්බං. සචෙ “පටිසාමෙහී”ති පාතෙත්වා ගච්ඡන්ති, පලිබොධො නාම හොති, පටිසාමෙතුං වට්ටති. විහාරෙ කම්මං කරොන්තා වඩ්ඪකීආදයො වා රාජවල්ලභා වා අත්තනො උපකරණභණ්ඩං වා සයනභණ්ඩං වා “පටිසාමෙත්වා දෙථා”ති වදන්ති, ඡන්දෙනපි භයෙනපි න කාතබ්බමෙව, ගුත්තට්ඨානං පන දස්සෙතුං වට්ටති. බලක්කාරෙන පාතෙත්වා ගතෙසු ච පටිසාමෙතුං වට්ටති.
ඉදින් මවුපියන් සතු එකාන්තයෙන් රැකිය යුතුවූ කැප බඩුවද, තමන්ගේ ප්‍රයෝජනය පිණිස ගෙණ රැකිය යුතුය. ‘මෙය රැක දෙව’යි කියූ කල්හි නොවටීයයි ප්රතික්ෂෙප කටයුතුය. ඉදින් රකුව’යි හෙළායෙත්ද, මෙය පළිබොධයෙක් නම්වේ. රකින්නට වටියි. විහාරයෙහි කර්මාන්ත කරන්නාවූ වඩු ආදීහු හෝ රජුට ප්රියවූවෝ හෝ තමන්ගේ උපකරණ භාණ්ඩයක් හෝ යහන් බඩුවක් හෝ රැක දෙවු’යි කියත්ද, වඩුආදීන් කෙරෙහි ආලයෙන්ද රාජප්රියාදීන් කෙරෙහි බියෙන්ද, නොකටයුත්තේමය. ගුප්තස්ථානයක් දැක්වීම වටියි. බලාත්කාරයෙන් වෙලා ගිය කල්හිද රැකීම වටියි.
අජ්ඣාරාමෙ වා අජ්ඣාවසථෙ වාති එත්ථ සචෙ මහාවිහාරසදිසො මහාරාමො හොති, තත්ථ පාකාරපරික්ඛිත්තෙ පරිවෙණෙ යත්ථ භික්ඛූහි වා සාමණෙරෙහි වා ගහිතං භවිස්සතීති සඞ්කා උප්පජ්ජති, තාදිසෙ එව ඨානෙ උග්ගණ්හිත්වා වා උග්ගණ්හාපෙත්වා වා ඨපෙතබ්බං. මහාබොධිද්වාරකොට්ඨකඅම්බඞ්ගණසදිසෙසු පන මහාජනසඤ්චරණට්ඨානෙසු න ගහෙතබ්බං, පලිබොධො න හොති. කුරුන්දියං පන වුත්තං “එකො මග්ගං ගච්ඡන්තො නිමනුස්සට්ඨානෙ කිඤ්චි භණ්ඩං පස්සති, ආකිණ්ණමනුස්සෙපි ජාතෙ මනුස්සා තමෙව භික්ඛුං ආසඞ්කන්ති, තස්මා මග්ගා ඔක්කම්ම නිසීදිතබ්බං. සාමිකෙසු ආගතෙසු තං ආචික්ඛිතබ්බං. සචෙ සාමිකෙ න පස්සති පතිරූපං කරිස්සතී”ති.
“අජ්ඣාරාමෙ වා අජ්ඣාවසථෙ වා” යන මෙහි ඉදින් අනුරාධපුර මහාවිහාරය සමානවූ මහත් ආරාමයෙක්වේද, එහි පවුරෙන් වටකළ පිරිවෙණෙහි යම් කිසි තැනක හික්ෂූන් විසින් හෝ හෙරණුන් විසින් හෝ ගන්නා ලද්දේ වන්නේයයි සැකයක් උපදී නම්, එබඳුම තන්හි ගෙණ හෝ අන්හු ලවා ගන්වා හෝ තැබිය යුතුය. අනුරාධපුරයෙහි මහබෝදොර කොටුව අම්බඞ්ගණය සමානවූ මහජනයා හැසිරෙන තන්හිදී නොගත යුතුය. කුරුන්දියෙහි වනාහි තනිව මග යනුයේද, මිනිසුන් නැති තැන්හි කිසි බඩුවක් දකීද, මිනිසුන්ගෙන්ද, ගැවසී ගත්කල්හි මිනිස්සු එම මහණහු ගැන සැක කෙරෙත්ද, එහෙයින් මගින් ඉවත්ව හිඳිය යුතුය. හිමියන් ආකල්හි ඒ බඩු කියයුතුය. දැක්විය යුතුය. ඉදින් හිමියන් නොදක්නේ නම්, සුදුස්සක් කරන්නේය’යි කියනලදී.
රූපෙන වා නිමිත්තෙන වා සඤ්ඤාණං කත්වාති එත්ථ රූපං නාම අන්තොභණ්ඩිකාය භණ්ඩං; තස්මා භණ්ඩිකං මුඤ්චිත්වා ගණෙත්වා එත්තකා කහාපණා වා ජාතරූපරජතං වාති සල්ලක්ඛෙතබ්බං. නිමිත්තන්ති ලඤ්ඡනාදි; තස්මා ලඤ්ඡිතාය භණ්ඩිකාය මත්තිකාලඤ්ඡනන්ති වා ලාඛාලඤ්ඡනන්ති වා නීලපිලොතිකාය භණ්ඩිකා කතාති වා සෙතපිලොතිකාය කතාති වා එවමාදි සබ්බං සල්ලක්ඛෙතබ්බං.
“රූපෙන වා නිමිත්තෙන වා සඤ්ඤාණං කත්වා” යන මෙහි රූප නම්, පොදිය තුළ තිබෙන බඩුවයි. එහෙයින් පොදිය මුදා, ලිහා ගණන් කොට මෙපමණ කහවණු හෝය. මෙපමණ රන්රිදී හෝ යි සලකා සැලකිය යුතුය. නිමිත්ත යනු සලකුණු ආදියය. එහෙයින් සලකුණු කළ බඩු පොදියෙහි මැටියෙන් මුද්දර ගැසීමකැයි හෝ, ලාකඩයෙන් මුද්දර තැබීමකැයි හෝ, නිල් රෙදිකඩකින් බඩුපොදිය බඳින ලදැයි හෝ සුදුරෙදි කඩකින් බඳින ලදැයි හෝ, යන මේ ආදි සියල්ල සැලකිය යුතුය.
භික්ඛූ පතිරූපාති ලජ්ජිනො කුක්කුච්චකා. ලොලජාතිකානඤ්හි හත්ථෙ ඨපෙතුං න ලභති. යො පන නෙව තම්හා ආවාසා පක්කමති, න සාමිකෙ පස්සති, තෙනාපි අත්තනො චීවරාදිමූලං න කාතබ්බං; ථාවරං පන සෙනාසනං වා චෙතියං වා පොක්ඛරණී වා කාරෙතබ්බා. සචෙ දීඝස්ස අද්ධුනො අච්චයෙන සාමිකො ආගච්ඡති, “උපාසක තව සන්තකෙන ඉදං නාම කතං, අනුමොදාහී”ති වත්තබ්බො. සචෙ අනුමොදති, ඉච්චෙතං කුසලං; නො චෙ අනුමොදති, “මම ධනං දෙථා”ති චොදෙතියෙව, අඤ්ඤං සමාදපෙත්වා දාතබ්බං.
“භික්ඛූ පතිරූපා” ලජ්ජා ඇතියෝය. කුකුස් ඇතියෝය. ලොල් සැහැවි ඇති මහණුන්ගේ අතෙහි තබන්නට නොලබයි. යම් මහණෙක් වනාහි තමන් වසන ඒ ආවාසයෙන් නොම යේද, හිමියන් නොදකීද, ඔහු විසිනුදු තමන්ගේ සිවුරු ආදි මිලයක් නොකටයුතුය. ස්ථිර වූ සෙනාසනයක් හෝ චෛත්‍යයක් හෝ පොකුණක් හෝ කරවිය යුතුය. ඉදින් බොහෝ කලක්හුගේ ඇවෑමෙන් හිමියා ඒද, ‘උපාසක’ තා සතුදෙයින් මෙනම් වැඩක් කරන ලදය, අනුමෝදන් වෙව’යි කියයුතුය. ඉදින් අනුමෝදන් වේනම්, මෙසේ මේ කරුණ මැනැව. අනුමෝදන් නොවේනම් ‘මාගේ ධනය දෙව’යි චොදනා කෙරේය. අනිකකු සමාදන් කරවා දිය යුතුය.
රතනසම්මතං විස්සාසං ගණ්හාතීතිආදීසු ආමාසමෙව සන්ධාය වුත්තං. අනාමාසං න වට්ටතියෙව. සෙසමෙත්ථ උත්තානමෙව. ඡසමුට්ඨානං – කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
“රතනසම්මතං විස්සාසං ගණ්හාති” යනාදිතන්හි ආමෂණය කටයුතු දෙයම සඳහා කියනලදී. ආමෂණය නොකටයුතු දෙය ගන්නට නොවටියි. මෙහි සෙස්ස ප්‍රකටමය. ෂඩ්සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
රතනසික්ඛාපදං දුතියං.
දෙවන රතනශික්ෂාපදයයි
විකාලගාමප්පවිසනසික්ඛාපදවණ්ණනා
විකාලෙ ගාමප්පවේසන ශික්ෂාපද වර්ණනාව
තතියෙ – තිරච්ඡානකථන්ති අරියමග්ගස්ස තිරච්ඡානභූතං කථං. රාජකථන්ති රාජපටිසංයුත්ත කථං. චොරකථාදීසුපි එසෙව නයො.
තෘතීය ශික්‍ෂාපදයෙහි - “තිරච්ඡානකථං” ආර්ය්යමාර්ගය වළහන කථාව. “රාජකථං” මහාමන්ධාතු ධර්මාශොකාදි රජුන් ඇරැබැ පැවැති කථාව. චොරකථාදීන්හිද මේ නයමවේ.
සන්තං භික්ඛුන්ති එත්ථ යං වත්තබ්බං , තං චාරිත්තසික්ඛාපදෙ වුත්තමෙව. සචෙ සම්බහුලා කෙනචි කම්මෙන ගාමං පවිසන්ති, “විකාලෙ ගාමප්පවෙසනං ආපුච්ඡාමී”ති සබ්බෙහි අඤ්ඤමඤ්ඤං ආපුච්ඡිතබ්බං. තස්මිං ගාමෙ තං කම්මං න සම්පජ්ජතීති අඤ්ඤං ගාමං ගච්ඡන්ති, ගාමසතම්පි හොතු, පුන ආපුච්ඡනකිච්චං නත්ථි. සචෙ පන උස්සාහං පටිප්පස්සම්භෙත්වා විහාරං ගච්ඡන්තා අන්තරා අඤ්ඤං ගාමං පවිසිතුකාමා හොන්ති, පුන ආපුච්ඡිතබ්බමෙව.
“සන්තං භික්ඛුං” යන මෙහි යමක් කියයුත්තේද, ඒ කියයුත්ත චාරිත්‍ර ශික්‍ෂාපදයෙහි කියනලද නයමය. ඉදින් බොහෝ භික්ෂූහු කිසි කටයුත්තක් හේතුකොට ගමට පිවිසෙත්ද, ‘විකාලෙ ගාමප්පවෙසනං ආපුච්ඡිස්සාමි’යි සියල්ලන් විසින් ඔවුනොවුන් විචාරිය යුත්තේය. ඒ ගමෙහිදී ඒ කෘත්‍යය නොසැපයේයයි අන්ගමකට යෙත්ද ගම් සියයක් නමුදු වේවා, නැවැත විචාරණ කෘත්‍යයෙක් නැත්තේය. උත්සාහය සංසිඳුවා වෙහෙරට යනුවෝ අතර අන් ගමකට පිවිසෙනු කැමැත්තාහු වෙත්ද, නැවැත විචාරිය යුත්තේමය.
කුලඝරෙ වා ආසනසාලාය වා භත්තකිච්චං කත්වා තෙලභික්ඛාය වා සප්පිභික්ඛාය වා චරිතුකාමො හොති, සචෙ පස්සෙ භික්ඛු අත්ථි, ආපුච්ඡිත්වා ගන්තබ්බං. අසන්තෙ නත්ථීති ගන්තබ්බං. වීථිං ඔතරිත්වා භික්ඛුං පස්සති, ආපුච්ඡනකිච්චං නත්ථි, අනාපුච්ඡිත්වාපි චරිතබ්බමෙව. ගාමමජ්ඣෙන මග්ගො හොති, තෙන ගච්ඡන්තස්ස තෙලාදිභික්ඛාය චරිස්සාමීති චිත්තෙ උප්පන්නෙ සචෙ පස්සෙ භික්ඛු අත්ථි, ආපුච්ඡිත්වා චරිතබ්බං. මග්ගා අනොක්කම්ම භික්ඛාය චරන්තස්ස පන ආපුච්ඡනකිච්චං නත්ථි, අපරික්ඛිත්තස්ස ගාමස්ස උපචාරො අදින්නාදානෙ වුත්තනයෙනෙව වෙදිතබ්බො.
කුලගෙයක හෝ අසුන්හලෙක හෝ බත්කිසකොට තෙල් සිඳුනු පිණිස හෝ ගිතෙල් සිඟනු පිණිස හෝ හැසිරෙනු කැමැත්තේ වේද, පියවිබස් ඇසීමට සුදුසු පසෙක්හි මහණෙක් ඇත්තේද, විචාරා යායුතුය. නැතිකල්හි නැතැයි යායුතුය. වීථියට බැසීමෙන් පසු මහණකු දකීද, විචාරීමෙක් නැත්තේය. නොවිචාරාද හැසිරිය යුතුමය. ගම මැදින් මගෙක් වේද, ඒ මගින් යන මහණහුට තෙල් ආදිය සිඟීම පිණිස හැසිරෙන්නෙමි’යි සිතක් උපන් කල්හි පියවිබස් ඇසෙන තැනක මහණෙක් ඇත්තේනම්, විචාරා හැසිරිය යුතුය. මගින් බැහැර නොව පිඬු පිණිස හැසිරෙන මහණහුට විචාරීමෙක් නැත්තේය. වට නොකළ ගමෙහි උපචාරය අදින්නාදාන ශික්‍ෂාපදයෙහි කියූනයින්ම මෙහි දෙවන ලෙඩ්ඩුපාතයයි දතයුතුය.
අන්තරාරාමන්තිආදීසු න කෙවලං අනාපුච්ඡා කායබන්ධනං අබන්ධිත්වා සඞ්ඝාටිං අපාරුපිත්වා ගච්ඡන්තස්සපි අනාපත්ති. ආපදාසූති සීහො වා බ්‍යග්ඝො වා ආගච්ඡති, මෙඝො වා උට්ඨෙති, අඤ්ඤො වා කොචි උපද්දවො උප්පජ්ජති, අනාපත්ති. එවරූපාසු ආපදාසු බහිගාමතො අන්තොගාමං පවිසිතුං වට්ටති. සෙසමෙත්ථ උත්තානමෙව.
“අන්තරාරාමං” යනාදිතන්හි හුදෙක් නොවිචාරා යෑමෙන් පමණක් අනාපත්ති නොවේ. පටිය නොබැඳ සඟළ සිවුර නොපොරොවා යන මහණහුටද ඇවැත් නොවේ. “ආපදාසු” යන මෙහි සිංහයෙක් හෝ ව්‍යාඝ්‍රයෙක් හෝ ඒ ද, මෙඝය හෝ නගීද, අන්කිසි උපද්‍රවයෙක් හෝ උපදීද, ඇවැත් නොවේ. මෙබඳු ආපදාවන්හි පිටතගමින් ඇතුළුගමට පිවිසෙනු වටියි. සෙස්ස ප්‍රකටමය.
කථිනසමුට්ඨානං – කායවාචතො කායවාචාචිත්තතො ච සමුට්ඨාති, කිරියාකිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
කඨින සමුත්‍ථානිකය. කායවාචායෙන්ද කායවාචාචිත්තයෙන්ද, හටගනියි. ක්‍රියාක්‍රියසමුත්‍ථානය නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
විකාලගාමප්පවිසනසික්ඛාපදං තතියං.
තෙවන විකාලෙ ග්රාමප්රවෙශන ශික්‍ෂාපදයයි.
සූචිඝරසික්ඛාපදවණ්ණනා
සූචිඝර ශික්ෂාපද වර්ණනාව
චතුත්ථෙ – භෙදනමෙව භෙදනකං; තං අස්ස අත්ථීති භෙදනකමෙව. අරණිකෙති අරණිධනුකෙ. විධෙති වෙධකෙ. සෙසමෙත්ථ උත්තානමෙව. ඡසමුට්ඨානං – කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
චතුර්ත්ථ ශික්‍ෂාපදයෙහි - බිඳීමම භෙදනක නම. ඒ බිඳීම මේ පාචිත්තියට ඇත්තේයයි භෙදනකම වේ. “අරණිකෙ” ගිනිදඬු දුන්නෙහි. “විඨෙ” පටියෙහි මුවපිට සටුනා ගැටයෙහි මෙහි සෙස්ස ප්‍රකටමය. ෂඩ් සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
සූචිඝරසික්ඛාපදං චතුත්ථං.
සිවුවන සූචිසර ශික්‍ෂාපදයයි
මඤ්චසික්ඛාපදවණ්ණනා
මඤ්ච ශික්ෂාපද වර්ණනාව
පඤ්චමෙ – ඡෙදනකං වුත්තනයමෙව.
පඤ්චම ශික්‍ෂාපදයෙහි - “ඡෙදනකං” යනු කියූ නයමය. (පමණ ඉකුත් කොට කරන කරවනලද ඇඳපුටු ආදීන්ගේ සිඳීම ඇති)
ඡින්දිත්වා පරිභුඤ්ජතීති එත්ථ සචෙ න ඡින්දිතුකාමො හොති, භූමියං නිඛණිත්වා පමාණං උපරි දස්සෙති, උත්තානං වා කත්වා පරිභුඤ්ජති, උක්ඛිපිත්වා වා තුලාසඞ්ඝාටෙ ඨපෙත්වා අට්ටං කත්වා පරිභුඤ්ජති, සබ්බං වට්ටති. සෙසමෙත්ථ උත්තානමෙව. ඡසමුට්ඨානං.
“ඡින්දිත්වා පරිභුඤ්ජති” මෙහි ඉදින් පමණ ඉකුත්වූ උස ඇති ඇඳපුටු නොසිඳිනු කැමැත්තේ වේද, බිම කැන වැඩිපමණ බිම යටලා නියම පමණ මතුවෙහි දක්වයි. උඩුකුරු හෝ කොට පරිභොග කෙරේද, ඔසොවා හෝ මැස්සක තබා අටල්ලක් කොට පරිභොග කෙරේද, සියල්ල වටියි. සෙස්ස ප්‍රකටමය. ෂඩ් සමුත්‍ථානිකය.
මඤ්චසික්ඛාපදං පඤ්චමං.
පස්වන මඤ්චපීඨ ශික්‍ෂාපදයයි
තූලොනද්ධසික්ඛාපදවණ්ණනා
තුලෝනද්ධ ශික්ෂාපද වර්ණනාව
ඡට්ඨෙ – තූලං ඔනද්ධමෙත්ථාති තූලොනද්ධං; තූලං පක්ඛිපිත්වා උපරි චිමිලිකාය ඔනද්ධන්ති වුත්තං හොති. සෙසමෙත්ථ උත්තානමෙව. ඡසමුට්ඨානං.
ෂෂ්ඨ ශික්‍ෂාපදයෙහි - පුලුන් දමා මසන ලද්ද, මේ ඇඳපුටුවලැයි තුලොනද්ධ සම් යටකඩරෙදි අතුරා පුලුන් බහා මතුවෙහි කඩරෙද්දකින් මසන ලද්දේය’යි කියන ලද්දේ වේ. මෙහි සෙස්ස ප්‍රකටමය. ෂඩ් සමුත්‍ථානිකය.
තූලොනද්ධසික්ඛාපදං ඡට්ඨං.
සවන තුලොනද්ධ ශික්‍ෂාපදයයි
නිසීදනසික්ඛාපදවණ්ණනා
නිසීදන ශික්ෂාපද වර්ණනාව
සත්තමෙ – නිසීදනං අනුඤ්ඤාතං හොතීති කත්ථ අනුඤ්ඤාතං? චීවරක්ඛන්ධකෙ පණීතභොජනවත්ථුස්මිං. වුත්තඤ්හි තත්ථ – “අනුජානාමි, භික්ඛවෙ, කායගුත්තියා චීවරගුත්තියා සෙනාසනගුත්තියා නිසීදන”න්ති (මහාව· 353). සෙය්යථාපි පුරාණාසිකොට්ඨොති යථා නාම පුරාණචම්මකාරොති අත්ථො. යථා හි චම්මකාරො චම්මං විත්ථතං කරිස්සාමීති ඉතො චිතො ච සමඤ්ඡති, කඩ්ඪති; එවං සොපි තං නිසීදනං. තෙන තං භගවා එවමාහ – “නිසීදනං නාම සදසං වුච්චතී”ති සන්ථතසදිසං සන්ථරිත්වා එකස්මිං අන්තෙ සුගතවිදත්ථියා විදත්ථිමත්තෙ පදෙසෙ ද්වීසු ඨානෙසු ඵාලෙත්වා තිස්සො දසා කරියන්ති, තාහි දසාහි සදසං නාම වුච්චති. සෙසමෙත්ථ උත්තානමෙව. ඡසමුට්ඨානං.
සප්තම ශික්‍ෂාපදයෙහි - “නිසීදනං අනුඤ්ඤාතං හොති” කොතැන්හිදී අනුදන්නා ලද්දේද, යත්:- චීවරක්ඛන්ධකයෙහි පණීතභොජන වස්තුවෙහිදී අනුදන්නා ලදී. ඒ ප්‍රණීත භොජන වස්තුවෙහිදී ‘මහණෙනි’ කායගොපනය පිණිස චීවරගොපනය පිණිස සෙනාසන ගොපනය පිණිස නිසීදනචීවරය අනුදනිමි’යි වදාරන ලදමය. “සෙය්යථාපි පුරණාසි කොට්ඨො” පැරණි සම්කරු තෙමේ යම්සේද, එසේය යන අර්‍ත්‍ථයි. යම්සේ වනාහි සම්කරු තෙමේ සම පලල් කරන්නෙමි’යි එහා මෙහා ඵලාද, අදීද, මෙසේ ඒ උදායි ස්ථවිර තෙමේද, ඒ නිසීදනය (එහා මෙහා ඇද්දේය) එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ඕහට මෙසේ වදාළ සේක. “නිසීදනං නාම සදසං වුච්චති” ඇතිරිය සමානව අතුරා එක් කෙළවරක සුගත් වියතින් වියතක් පමණ පෙදෙසෙහි දෙතැනෙක්හි පලා දාවලු තුනක් කරනු ලැබේ. ඒ දාවලු කරණකොට සදස නමැයි කියනු ලැබේ. මෙහි සෙස්ස ප්‍රකටමය. ෂඩ්සමුත්‍ථානිකය.
නිසීදනසික්ඛාපදං සත්තමං.
සත්වන නිසීදන ශික්‍ෂාපදයයි
කණ්ඩුපටිච්ඡාදිසික්ඛාපදවණ්ණනා
කණ්ඩුපටිච්ඡාදි ශික්ෂාපද වර්ණනාව
අට්ඨමෙ – කණ්ඩුපටිච්ඡාදි අනුඤ්ඤාතා හොතීති කත්ථ අනුඤ්ඤාතා? චීවරක්ඛන්ධකෙ බෙලට්ඨසීසවත්ථුස්මිං. වුත්තඤ්හි තත්ථ – “අනුජානාමි, භික්ඛවෙ, යස්ස කණ්ඩු වා පිළකා වා අස්සාවො වා ථුල්ලකච්ඡු වා ආබාධො තස්ස කණ්ඩුපටිච්ඡාදි”න්ති (මහාව· 354).
අෂ්ටම ශික්‍ෂාපදයෙහි - “කණ්ඩුපටිච්ඡාදි අනුඤ්ඤතා හොති” කොතැන්හිදී අනුදන්නා ලද්දේද, යත්:- චීවරක්ඛන්ධකයෙහි බෙලට්ඨිසීස වස්තුවෙහිදීය. එහි ‘මහණෙනි’ යම් මහණක්හට කැසීමෙක් හෝ පිළිකා හෝ අරිසස් භගන්දරා ප්රමෙහාදීන්ගේ වසයෙන් ලේ වැගිරීමක් හෝ මහ කුෂ්ට ආබාධයක් හෝ වේද, කුෂ්ට පිළිසන ඒ මහණහුට අනුදනිමි’යි වදාරන ලදමය.
යස්ස අධොනාභි උබ්භජාණුමණ්ඩලන්ති යස්ස භික්ඛුනො නාභියා හෙට්ඨා ජාණුමණ්ඩලානං උපරි. කණ්ඩූති කච්ඡු. පිළකාති ලොහිතතුණ්ඩිකා සුඛුමපිළකා. අස්සාවොති අරිසභගන්දරමධුමෙහාදීනං වසෙන අසුචිපග්ඝරණකං. ථුල්ලකච්ඡු වා ආබාධොති මහාපිළකාබාධො වුච්චති. සෙසමෙත්ථ උත්තානමෙව. ඡසමුට්ඨානං.
“යස්ස අධොනාභි උබ්හජාණු මණ්ඩලං” යම් මහණක්හුගේ නැබෙන් යට, දණමඬලින් උඩ “කණ්ඩු” කැසීමය. “පිළිකා” ලේවන් තුඩු ඇති සියුම් පිළිකාය. “අස්සාවො” අරිසස් භගන්දරා මධුමෙහාදීන්ගේ වසයෙන් හෝ අශුවි වැගිරීමය. “ථුල්ලකච්ඡු වා ආබාධො” මහාපිළිකාබාධය කියනු ලැබේ. මෙහි සෙස්ස ප්‍රකටමය. ෂඩ්සමුත්‍ථානිකය.
කණ්ඩුපටිච්ඡාදිසික්ඛාපදං අට්ඨමං.
අටවන කණ්ඩුපටිච්ඡාදි ශික්‍ෂාපදයයි
වස්සිකසාටිකසික්ඛාපදවණ්ණනා
වස්සකාටික ශික්ෂාපද වර්ණනාව
නවමෙ – වස්සිකසාටිකා අනුඤ්ඤාතා හොතීති කත්ථ අනුඤ්ඤාතා? චීවරක්ඛන්ධකෙ විසාඛාවත්ථුස්මිං. වුත්තඤ්හි තත්ථ – “අනුජානාමි, භික්ඛවෙ, වස්සිකසාටික”න්ති (මහාව· 352). සෙසමෙත්ථ උත්තානමෙව. ඡසමුට්ඨානං.
නවම ශික්‍ෂාපදයෙහි “වස්සිකසාටිකා අනුඤ්ඤතා හොති” කොතැන්හිදී අනුදන්නා ලද්දේද, යත්: චීවරක්ඛන්ධකයෙහි විශාඛා වස්තුවෙහිදීය. එහි ‘මහණෙනි’ වැසිසළුසිවුර අනුදනිමි’යි වදාරන ලදමය. මෙහි සෙස්ස ප්‍රකටමය. ෂඩ් සමුත්‍ථානිකය.
වස්සිකසාටිකසික්ඛාපදං නවමං.
නවවන වස්සිකසාටික ශික්‍ෂාපදයයි
නන්දත්ථෙරසික්ඛාපදවණ්ණනා
නන්‍දත්‍ථේර ශික්ෂාපද වර්ණනාව
දසමෙ – චතුරඞ්ගුලොමකොති චතූහි අඞ්ගුලෙහි ඌනකප්පමාණො. සෙසං උත්තානමෙව. ඡසමුට්ඨානං.
දශම ශික්‍ෂාපදයෙහි - “චතුරඞ්ගුලොපමො” සතරඟුලකින් අඩුපමණ ඇත්තේය. සෙස්ස ප්‍රකටමය. ෂඩ් සමුත්‍ථානිකය.
නන්දත්ථෙරසික්ඛාපදං දසමං.
දසවන නන්දත්ථෙර ශික්‍ෂාපදයයි
සමත්තො වණ්ණනාක්කමෙන රතනවග්ගො නවමො.
වර්ණනා ක්‍රමයෙන් නවවැනිවූ රාජවර්ගය නිමි.
උද්දිට්ඨා ඛොතිආදි වුත්තනයමෙවාති.
“උද්දිට්ඨා ඛො” යනාදිය කියූ නයමවේ.
සමන්තපාසාදිකාය විනයසංවණ්ණනාය ඛුද්දකවණ්ණනා සමත්තා.
විනයවිවෘති නම්වූ සිංහලසමන්තපාසාදිකාවෙහි ඛුද්දක වර්ණනා නිමි.
පාචිත්තියකණ්ඩං නිට්ඨිතං.