රාජන්තෙපුරසික්ඛාපදං
6. 9. 1.
6. 9. 1.
රාජන්තෙපුරසික්ඛාපදං
රාජන්තෙපුර ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො උය්යානපාලං ආණාපෙසි ගච්ඡ භණෙ උය්යානං සොධෙහි උය්යානං ගමිස්සාමාති. එවං දෙවාති ඛො සො උය්යානපාලො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස පටිස්සුත්වා උය්යානං සොධෙන්තො අද්දස භගවන්තං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසින්නං, දිස්වාන යෙන රාජා පසෙනදි කොසලො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා රාජානං පසෙනදිං කොසලං එතදවොච: “සුද්ධං ද්වෙ උය්යානං අපි ච භගවා තත්ථ නිසින්නො”ති. හොතු භණෙ මයං භගවන්තං පයිරුපාසිස්සාමාති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ප්‍රසේනජිත් කෝශල රාජ තෙමේ උයන්පල්ලාට ‘යව කොලෙනි, උයනට යන්නෙමි උයන ශෝධනය කරව’යි අණ කෙළේ යැ. ‘එසේ යැ දේවයෙනි’යි ඒ උයන්පල් තෙමේ ප්‍රසේනජිත් කෝශල රාජයාහට පිළිවදන් දී උයන ශෝධනය කරන්නේ එක්තරා රුක්මුලෙකැ වැඩැහුන් භාග්‍යවතුන් දිටී. දැකැ ප්‍රසේනජිත් කෝශල රාජයා වෙතැ එළැඹියේ යැ. එළැඹැ ප්‍රසේනජිත් කෝශලරාජයාහට මෙය කී යැ. දේවයෙනි, උයන ශෝධනය කරන ලදි. තවද භාග්‍යවතුන් වහන්සේ වැඩැහුන් සෙයෙකැ යි. වේවා, බල, ඇපි භාග්‍යවතුන් පර්‍ය්‍යුපාසන කරම්හ යි.
2. අථ ඛො රාජා පසෙනදි කොසලො උය්යානං ගන්ත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො උපාසකො භගවන්තං පයිරුපාසන්තො නිසින්නො හොති. අද්දසා ඛො රාජා පසෙනදි කොසලො තං උපාසකං භගවන්තං පයිරුපාසන්තං නිසින්නං, දිස්වාන භීතො අට්ඨාසි. අථ ඛො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස එතදහොසි, නාරහතායං පුරිසො පාපො හොතුං යථා භගවන්තං පයිරුපාසතීති. යෙන භගවා තෙනුපසඞ්කමි උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. අථ ඛො සො උපාසකො භගවතො ගාරවෙන රාජානං පසෙනදිං කොසලං නෙව අභිවාදෙසි න පච්චුට්ඨාසි. අථ ඛො රාජා පසෙනදි කොසලො අනත්තමනො අහොසි, “කථං හි නාමායං පුරිසො මයි ආගතෙ නෙව අභිවාදෙස්සති න පච්චුට්ඨෙස්සතී”ති. අථ ඛො භගවා රාජානං පසෙනදිං කොසලං අනත්තමනං විදිත්වා රාජානං පසෙනදිං කොසලං එතදවොච, “එසො ඛො මහාරාජ උපාසකො බහුස්සුතො ආගතාගමො කාමෙසු වීතරාගො”ති.
2. ඉක්බිති ප්‍රසේනජිත් කෝශල රාජ තෙමේ උයනට ගොස් භාග්‍යවතුන් වෙතැ එළැඹියේ යැ. එසමයෙහි වනාහි එක්තරා උවසුවෙක් භාග්‍යවතුන් පර්‍ය්‍යුපාසන කරමින් හුන්නේ වෙයි. ප්‍රසේනජිත් කෝශල රාජ තෙමේ භාග්‍යවතුන් ඇසිරිකරමින් හුන් ඒ උවසුවා දිටි. දැකැ බියපත් වැ සිටියේ යි. එකල්හි ප්‍රසේනජිත් කෝශල රජහට මෙ සිත විය: මේ පුරුෂ තෙමේ යම් හෙයකින් භාග්‍යවතුන් ඇසිරි කෙරේ ද, එහෙයින් ලාමක වන්නට නො සුදුස්සෙකැ යි භාග්‍යවතුන් වෙතැ එළැඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ එකත් පසෙකැ හුන්නේ යැ. එකල්හි ඒ උවසු තෙමේ භාග්‍යවතුන්හට ගෞරවයෙන් ප්‍රසේනජිත් කෝශල රාජයා නො මැ වැන්දේ යැ. හුනස්නෙන් නො නැඟ සිටියේ යැ. එකල්හි ප්‍රසේනජිත් කෝශල රාජ තෙමේ නො සතුටු විය: “කෙසේ නම් මේ පුරුෂ තෙමේ මා ආ කල්හි නො මැ වැන්දේ ද? නො නැඟ සිටියේ”දැ යි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ප්‍රසේනජිත් කෝශල රාජයා නො සතුටුවූවහු දැනැ ප්‍රසේනජිත් කෝශල රාජයාහට මෙය වදාළසේ කැ. මහරජ තෙල උවසු බහුශ්‍රැතයෙකැ ආගතාගමයෙකැ කාමයෙහි වීතරාගයෙකැ යි.
3. අථ ඛො රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස එතදහොසි, නාරහතායං උපාසකො ඔරකො හොතුං, භගවාපි ඉමස්ස වණ්ණං භාසතීති. තං උපාසකං එතදවොච: “වදෙය්යාසි උපාසක යෙන අත්ථො”ති. සුට්ඨු දෙවාති. අථ ඛො භගවා රාජානං පසෙනදිං කොසලං ධම්මියා කථාය සන්දස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො රාජා පසෙනදි කොසලො භගවතා ධම්මියා කථාය සන්දස්සිතො සමාදපිතො සමුත්තෙජිතො සම්පහංසිතො උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි.
3. ඉක්බිති ප්‍රසේනජිත් කෝශල රාජයාහට මෙ සිත විය: මේ උවසු ලාමක වන්නට නො නිසි යැ, භාග්‍යවතුන් වහන්සේත් මොහුගේ ගුණ වනන සේකැ යි ඒ උවසුවාට මෙය කී යැ: උවුසුව, යමෙකින් වැඩෙක් වේ නම් කියන්නෙහි යැ යි යහපති දේවයෙනි යි (හේ කීය) එකල්හි භාග්‍යවතුන් වහන්සේ ප්‍රසේනජිත් කෝශල රාජයාට දැහැමි කථායෙන් මොනවට කරුණු දැක්වූ සේකැ, මොනවට කරුණු ගැන්වූ සේකැ, මොනවට තෙද ගැන්වූ සේකැ, මොනවට සතුටු කැරවූ සේකි. එකල්හි ප්‍රසේනජිත් කෝශලරාජ තෙමේ භාග්‍යවතුන් විසින් දැහැමි කථායෙන් මොනවට කරුණු දක්වන ලදුයේ මොනවට කරුණු ගන්වන ලදුයේ මොනවට තෙද ගන්වන ලදුයේ මොනවට සතුටු කරවන ලදුයේ හුනස්නෙන් නැඟිට භාග්‍යවතුන් සකසා වැඳ පැදකුණු කොට ඉවත් වැ ගියේ යි.
4. තෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො උපරිපාසාදවරගතො හොති. අද්දසා ඛො රාජා පසෙනදි කොසලො තං උපාසකං රථිකාය ඡත්තපාණිං ගච්ඡන්තං. දිස්වාන පක්කොසාපෙත්වා එතදවොච: “ත්වං කිර උපාසක බහුස්සුතො ආගතාගමො, සාධු උපාසක අම්හාකං ඉත්ථාගාරං ධම්මං වාචෙහී”ති. යම්පාහං දෙව ජානාමි අය්යානං වාහසා, අය්යාව දෙවස්ස ඉත්ථාගාරං ධම්මං වාචෙස්සන්තීති. අථ ඛො රාජා පසෙනදි කොසලො සච්චං ඛො උපාසකො ආහාති යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි, එකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: “සාධු භන්තෙ භගවා එකං භික්ඛුං ආණාපෙතු, යො අම්හාකං ඉත්ථාගාරං ධම්මං වාචෙස්සතී”ති. අථ ඛො භගවා රාජානං පසෙනදිං කොසලං ධම්මියා කථාය සන්දස්සෙසි -පෙ-. පදක්ඛිණං කත්වා පක්කාමි.
4. එසමයෙහි වනාහි ප්‍රසේනජිත් කෝශලරාජ තෙමේ මතු මහල් තලයට පැමිණියේ වෙයි. ප්‍රසේනජිත් කෝශල රාජ තෙමේ වීථියෙහි කුඩගත් අත් ඇති වැ යන්නා වූ ඒ උවසුවා දිටි. දැකැ කැඳවා මෙය කී යැ. උවසුව, තෙපි බහුශ්‍රුත වව ආගතාගම ඇත්තව, මැනැවැ උවසුව; අපගේ ඇතොවුරට බණ උගන්වව යි. දේවයෙනි, මම යමක් දනිම් නම් එය ද ආර්‍ය්‍යයන් කරුණු කොට ගෙන වෙයි. ආර්‍ය්‍යයෝ මැ දේවයන්ගේ ඇතොවුරට බණ උගන්වන්නාහ යි. එකල්හි ප්‍රසේනජිත් කෝශල රාජ තෙමේ ‘සැබැවක් මැ උවසු කියා යැ යි භාග්‍යවතුන් වෙතැ එළැඹියේ යැ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙකැ හුන්නේ යැ. එකත් පසෙකැ හුන්නා මැ වූ ප්‍රසේනජිත් කෝශලරාජ තෙමේ භාග්‍යවතුන්හට මෙය කී යැ: ස්වාමීනි, යමෙක් අපගේ ඇතොවුරට ධර්මය උගන්වන්නේ නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු එක් මහණක්හු අණවන සේක් නම් මැනැවැ’යි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ප්‍රසේනජිත් කෝශල රාජයා දැහැමි කථායෙන් මොනවට කරුණු දැක්වූසේකැ ... පැදකුණු කොට ඉවත් වැ ගියේ යි.
5. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි, තෙන හා’නන්ද රඤ්ඤො ඉත්ථාගාරං ධම්මං වාචෙහීති. එවං භන්තෙති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා කාලෙන කාලං පවිසිත්වා රඤ්ඤො ඉත්ථාගාරං ධම්මං වාචෙති. අථ ඛො ආයස්මා ආනන්දො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය යෙන රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන රාජා පසෙනදි කොසලො මල්ලිකාය දෙවියා සද්ධිං සයනගතො හොති. අද්දසා ඛො මල්ලිකා දෙවී ආයස්මන්තං ආනන්දං දූරතොව ආගච්ඡන්තං, දිස්වාන සහසා වුට්ඨාසි. පීතකමස්සා දුස්සං පභස්සිත්ථ. අථ ඛො ආයස්මා ආනන්දො තතොව පටිනිවත්තිත්වා ආරාමං ගන්ත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසි.
5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමතූ සේකැ. එසේ නම් ආනන්දයෙනි, රජහුගේ ඇතොවුරට බණ උගන්වවයි. එසේ යැ වහන්සැ යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන්හට පිළිවදන් දී කලින් කල පිවිස රජහුගේ ඇතොවුරට බණ උගන්වති. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ පෙරවරු හැඳ පෙරෙවැ පාසිවුරු ගෙනැ ප්‍රසේනජිත් කෝශල රාජයාගේ මැදුරට එළැඹියහ. එසමයෙහි වනාහි පසේනදි කොසොල් රජ මල්ලිකා දේවිය සමග ශයනගත වූයේ වෙයි. මල්ලිකා දේවී ආයුෂ්මත් අනඳ තෙරුන් දුරින් ම එනුවන් දැකැ යුහු වැ නැගී සිටියා යැ. ඇයගේ රන්වන් සළුව ගිලිහිණ, එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ එයින් මැ නැවැතී ආරාමයට ගොස් මහණුන්හට තෙල කරුණ දැන්වූහ.
6. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති. “කථං හි නාම ආයස්මා ආනන්දො පුබ්බෙ අප්පටිසංවිදිතො රඤ්ඤො අන්තෙපුරං පවිසිස්සතී’ති -පෙ-. සච්චං කිර ත්වං ආනන්ද පුබ්බෙ අප්පටිසංවිදිතො රඤ්ඤො අන්තෙපුරං පවිසසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා. -පෙ- කථං හි නාම ත්වං ආනන්ද පුබ්බෙ අප්පටිසංවිදිතො රඤ්ඤො අන්තෙපුරං පවිසිස්සසි. නෙතං ආනන්ද අප්පසන්නානං වා පසාදාය -පෙ- විගරහිත්වා ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි.
6. යම් මහණ කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් පෙරැ නො දන්වාලු ආයුෂ්මත් අනඳ තෙරණුවෝ රජහුගේ ඇතොවුරට පිවිසියාහු”දැ යි ... සැබෑ ද ආනන්දයෙනි, තෙපි පෙරැ නො දන්වන ලද්දහු රජහුගේ ඇතොවුරට පිවිසියහු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ .. කෙසේ නම් ආනන්දයෙනි, තෙපි පෙරැ නො දන්වන ලද්දාහු රජහුගේ ඇතොවුරට පිවිසියහු ද? ආනන්දයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූහු.
7. දස ඉමෙ භික්ඛවෙ ආදීනවා රාජන්තෙපුරප්පවෙසනෙ, කතමෙ දස: ඉධ භික්ඛවෙ රාජා මහෙසියා සද්ධිං නිපන්නො හොති, තත්ථ භික්ඛු පවිසති, මහෙසී වා භික්ඛුං දිස්වා සිතං පාතුකරොති, භික්ඛු වා මහෙසිං දිස්වා සිතං පාතුකරොති. තත්ථ රඤ්ඤො එවං හොති. “අද්ධා ඉමෙසං කතං වා කරිස්සන්ති වා”ති. අයං භික්ඛවෙ පඨමො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
7. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ ආදීනවයෝ දස දෙනෙකි. කවර දස දෙනෙක් ද යත්: මෙහි මහණෙනි, රජ තෙමේ මෙහෙසිය සමඟ හොත්තේ වෙයි. එහි මහණෙක් පිවිසෙයි. මෙහෙසිය හෝ මහණහු දැකැ සිනා පහළ කෙරෙයි. මහණ හෝ මෙහෙසිය දැකැ සිනා පහළ කෙරෙයි. එහි ලා රජහට මෙබඳු සිතෙක් වෙයි. එකැතින් මොවුන් විසින් ව්යතික්රම කරන ලදැ යි හෝ කරන්නහු හෝ වෙති යි. මහණෙනි, මේ රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි පළමුවන ආදීනව යි.
පුන චපරං භික්ඛවෙ රාජා බහුකිච්චො බහුකරණීයො අඤ්ඤතරං ඉත්ථිං ගන්ත්වා නස්සරති, සා තෙන ගබ්භං ගණ්හාති, තත්ථ රඤ්ඤො එවං හොති. “න ඛො ඉධ අඤ්ඤො කොචි පවිසති, අඤ්ඤත්ර පබ්බජිතෙන. සියා නු ඛො පබ්බජිතස්ස කම්ම”න්ති, අයං භික්ඛවෙ දුතියො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
තවද මහණෙනි, බොහෝ කිස ඇති බොහෝ කරණී ඇති රජ තෙමේ එක්තරා ස්ත්‍රියක වෙතැ ගොස් නො සිහි කෙරෙයි ඕ තොමෝ ඔහු කරණ කොට ගෙනැ ගැබ් ගනී. එහි ලා රජහට මෙසේ සිත් වෙයි. මෙහි පැවිද්දකු තබා අන් කිසිවෙක් නො පිවිසෙයි. පැවිද්දාගේ කර්මයෙක් වන්නේ හො යි. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ දෙවන ආදීනව යි.
පුන චපරං භික්ඛවෙ රඤ්ඤො අන්තෙපුරෙ අඤ්ඤතරං රතනං නස්සති. තත්ථ රඤ්ඤො එවං හොති. –“න ඛො ඉධ අඤ්ඤො කොචි පවිසති, අඤ්ඤත්ර පබ්බජිතෙන. සියා නුඛො පබ්බජිතස්ස කම්ම”න්ති, අයං භික්ඛවෙ තතියො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
තවද මහණෙනි, රජහුගේ ඇතොවුරෙහි එක්තරා මිණිරුවනෙක් නස්සී. එහිලා රජහට මෙසේ සිත් වෙයි. මෙහි පැවිද්දකු තබා අන් කිසිවෙක් නො පිවිසෙයි, පැවිද්දාගේ කර්මයෙක් වන්නේ හො යි. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ තෙවන ආදීනව යි.
පුන චපරං භික්ඛවෙ රඤ්ඤො අන්තෙපුරෙ අබ්භන්තරා ගුය්හමන්තා බහිද්ධා සම්භෙදං ගච්ඡන්ති. තත්ථ රඤ්ඤො එවං හොති. “න ඛො ඉධ අඤ්ඤො කොචි පවිසති, අඤ්ඤත්ර පබ්බජිතෙන. සියා නු ඛො පබ්බජිතස්ස කම්ම”න්ති. අයං භික්ඛවෙ චතුත්ථො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
තවද මහණෙනි, රජහුගේ ඇතොවුරෙහි ඇතුළත් වූ සැඟැවුණු රහස්හු පිටත්හි සම්භේදයට යෙති. එහි ලා රජහට මෙසේ සිත් වෙයි. මෙහි පැවිද්දකු තබා අන් කිසිවෙක් නො පිවිසෙයි. පැවිද්දාගේ කර්මයෙක් වන්නේ හො යි. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ සතරවන ආදීනව යි.
පුන චපරං භික්ඛවෙ රඤ්ඤො අන්තෙපුරෙ පුත්තො වා පිතරං පත්ථෙති, පිතා වා පුත්තං පත්ථෙති, තෙසං එවං හොති. “න ඛො ඉධ අඤ්ඤො කොචි පවිසති, අඤ්ඤත්ර පබ්බජිතෙන, සියා නු ඛො පබ්බජිතස්ස කම්ම”න්ති. අයං භික්ඛවෙ පඤ්චමො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
තවද මහණෙනි, රජහුගේ ඇතොවුරෙහි පුත්‍රයා හෝ පියහු (නසන්නට) කැමැති වෙයි. පියා හෝ පුත්හු (නසන්නට) කැමැති වෙයි. ඔවුනට මෙසේ සිත් වෙයි. මෙහි පැවිද්දකු තබා අන් කිසිවෙක් නො පිවිසෙයි. පැවිද්දාගේ කර්මයෙක් වන්නේ හො යි. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ පස්වන ආදීනව යි.
පුන චපරං, භික්ඛවෙ රාජා නීචට්ඨානියං උච්චෙ ඨානෙ ඨපෙති, යෙසං තං අමනාපං තෙසං එවං හොති. “රාජා ඛො පබ්බජිතෙන සංසට්ඨො. සියා නු ඛො පබ්බජිතස්ස කම්ම”න්ති. අයං භික්ඛවෙ ඡට්ඨො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
තවද මහණෙනි, රජ තෙමේ පහත්තන්හි සිටියහු උසස් තන්හි තබයි. එය යම් කෙනකුන්හට නො මැනැවි නම් ඔවුන්ට මෙසේ සිත් වෙයි. රජ තෙමේ වනාහි පැවිද්දහු සමඟ හැනී සිටියේ යැ. පැවිද්දාගේ කර්මයෙක් වන්නේ හො යි. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ සවන ආදීනව යි.
පුන චපරං භික්ඛවෙ රාජා උච්චට්ඨානියං නීචෙ ඨානෙ ඨපෙති. යෙසං තං අමනාපං තෙසං එවං හොති. “රාජා ඛො පබ්බජිතෙන සංසට්ඨො, සියා නු ඛො පබ්බජිතස්ස කම්ම”න්ති. අයං භික්ඛවෙ සත්තමො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
තවද මහණෙනි, රජ තෙමේ උසස් තන්හි සිටියහු පහත් තන්හි තබයි. එය යම් කෙනකුන්හට නො මැනැවි නම් ඔවුනට මෙසේ සිත් වෙයි. රජ තෙමේ වනාහි පැවිද්දහු සමඟ හැනී සිටියේ යැ, පැවිද්දාගේ කර්මයෙක් වන්නේ හො යි. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ සත්වන ආදීනව යි.
පුන චපරං භික්ඛවෙ රාජා අකාලෙ සෙනං උය්යොජෙති. යෙසං තං අමනාපං තෙසං එවං හොති, “රාජා ඛො පබ්බජිතෙන සංසට්ඨො සියා නු ඛො පබ්බජිතස්ස කම්ම”න්ති. අයං භික්ඛවෙ අට්ඨමො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
තවද මහණෙනි, රජ තෙමේ නො කල්හි සෙන් (යුදයට) නඟා යවයි. එය යම් කෙනකුන්හට නො මැනැවි නම් ඔවුනට මෙසේ සිත් වෙයි: රජතෙමේ වනාහි පැවිද්දහු සමඟ හැනී සිටියේ යැ. පැවිද්දාගේ කර්මයෙක් වන්නේ හො යි. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ අටවැනි ආදීනව යි.
පුන චපරං භික්ඛවෙ රාජා කාලෙ සෙනං උය්යොජෙත්වා අන්තරාමග්ගතො නිවත්තාපෙති, යෙසං තං අමනාපං තෙසං එවං හොති. “රාජා ඛො පබ්බජිතෙන සංසට්ඨො, සියා නු ඛො පබ්බජිතස්ස කම්ම”න්ති. අයං භික්ඛවෙ නවමො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ.
තවද මහණෙනි, රජතෙමේ කල්හි සෙන් නඟා යවා අතරමඟින් නවත්වාලයි. එය යම් කෙනකුන්හට නො මැනැවි නම් ඔවුනට මෙසේ සිත් වෙයි. රජ තෙමේ වනාහි පැවිද්දහු සමඟ හැනී සිටියේ යැ. පැවිද්දාගේ කර්මයෙක් වන්නේ හො යි. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ නවවන ආදීනව යි.
පුන චපරං භික්ඛවෙ රඤ්ඤො රාජන්තෙපුරං හත්ථිසම්මද්දං අස්සසම්මද්දං රථසම්මද්දං රජනීයානි රූපසද්දගන්ධරසඵොට්ඨබ්බානි යානි න පබ්බජිතස්ස සාරුප්පානි, අයං භික්ඛවෙ දසමො ආදීනවො රාජන්තෙපුරප්පවෙසනෙ. ඉමෙ ඛො භික්ඛවෙ දස ආදීනවා රාජන්තෙපුරප්පවෙසනෙ.
තවද මහණෙනි, රජහුගේ ඇතොවුරෙහි ඇත්ගැටුම් අස්ගැටුම් රියගැටුම් පැවිද්දහුට නො නිසි රාගයට කරුණු වූ රූ හඬ ගඳ රස පහස්හු වෙති. මහණෙනි, රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි මේ දසවන ආදීනව යි. මහණෙනි, මොහු වනාහි රජහුගේ ඇතොවුරට පිවිසීමෙහි දස ආදීනවයෝ යි.
8. අථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
8. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නොයෙක් කරුණෙන් ආයුෂ්මත් අනඳ තෙරුන් ගරහා දුබරබව පිණිස ... මෙසේ මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යො පන භික්ඛු රඤ්ඤො ඛත්තියස්ස මුද්ධාවසිත්තස්ස අනික්ඛන්තරාජකෙ අනීභතරතනකෙ පුබ්බෙ අප්පටිසංවිදිතො ඉන්දඛීලං අතික්කාමෙය්ය පාචිත්තිය”න්ති.
“යම් මහණෙක් පෙර නොදන්වන ලද්දේ රජු නික්ම නොගිය කල්හි මෙහෙසිය නික්ම නො ගිය කල්හි මුදුනෙහි බිසෙස් කළ ක්ෂත්රිය රජක්හුගේ යහන් ගෙයි එළිපත ඉක්මවා නම් පචිති වේ” යැ යි.
9. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
9. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
ඛත්තියො නාම: උභතො සුජාතො හොති මාතිතො ච පිතිතො ච සංසුද්ධගහණිකො, යාවසත්තමා පිතාමහයුගා අක්ඛිත්තො අනුපකුට්ඨො ජාතිවාදෙන.
ඛත්තිය නම් – මවුපසින් හා පියපසින් හා දෙපසින් මොනොවට දුනුයේ ද පිරිසිදු මවුකුස ඇතියේ ද සත්වන කුලපරවිටිය තෙක් ජාතිවාදයෙන් බැහැර නො කරන ලදුයේ ද අවමන් නො කරන ලදුයේ ද වෙයි.
මුද්ධාවසිත්තො නාම: ඛත්තියාභිසෙකෙන අභිසිත්තො හොති.
මුද්ධාවසිත්ත නම්: ක්ෂත්රියාභිෂේකයෙන් අභිෂික්ත වූයේ වෙයි.
අනික්ඛන්තරාජකෙති: රාජා සයනිඝරා අනික්ඛන්තො හොති.
අනික්ඛන්තරාජකෙ: රජ තෙමේ යහන්ගෙයින් නො නික්මුණේ වෙයි.
අනීහතරතනකෙති: මහෙසී සයනිඝරා අනික්ඛන්තා හොති. උභො වා අනික්ඛන්තා හොන්ති.
අනීභතරතනකෙ: මෙහෙසී තොමෝ යහන් ගෙයින් නො නික්මුණී වෙයි. දෙදෙන මැ හෝ නො නික්මුණාහු වෙත්.
පුබ්බෙ අප්පටිසංවිදිතොති: පුබ්බෙ අනිමන්තිතො.
පුබ්බේ අප්පටිසංවිදිතො: පෙරැ නිමන්ත්‍රණ නොකරන ලදුයේ,
ඉන්දඛීලො නාම: සයනිඝරස්ස උම්මාරො වුච්චති.
ඉන්දඛීල නම්: යහන් ගෙයි එළිපත කියනු ලැබෙයි.
සයනිඝරං නාම: යත්ථ කත්ථචි රඤ්ඤො සයනං පඤ්ඤත්තං හොති අන්තමසො සාණිපාකාරපරික්ඛිත්තම්පි.
සයනිඝර නම්: යම් කිසි තැනෙකැ රජහට යහනෙක් පනවන ලද වේ ද යටත්පිරිසෙයින් කඩතුරාවෙකින් වට කරන ලද්දෙකුත් වේ ද (එය යි).
ඉන්දඛීලං අතික්කාමෙය්යාති: පඨමං පාදං උම්මාරං අතික්කාමෙති ආපත්ති දුක්කටස්ස. දුතියං පාදං අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස.
ඉන්දඛීලං අතික්කාමෙය්ය: පළමු පිය එළිපත ඉක්මවා නම් දුකුළා ඇවැත් වෙයි. දෙවන පිය ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
අප්පටිසංවිදිතෙ අප්පටිසංවිදිතසඤ්ඤී ඉන්දඛීලං අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස. අප්පටිසංවිදිතෙ වෙමතිකො ඉන්දඛීලං අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස. අප්පටිසංවිදිතෙ පටිසංවිදිතසඤ්ඤී ඉන්දඛීලං අතික්කාමෙති ආපත්ති පාචිත්තියස්ස.
නො දන්වන ලදුයෙහි නො දන්වනලද සන් ඇතියේ එළිපත ඉක්මවා නම් පචිති ඇවැත් වෙයි. නො දන්වනලදුයෙහි විමති ඇතියේ එළිපත ඉක්මවා නම් පචිති ඇවැත් වෙයි. නො දන්වන ලදුයෙහි දන්වන ලද සන් ඇතියේ එළිපත ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
පටිසංවිදිතෙ අප්පටිසංවිදිතසඤ්ඤී ආපත්ති දුක්කටස්ස. පටිසංවිදිතෙ වෙමතිකො ආපත්ති දුක්කටස්ස. පටිසංවිදිතෙ පටිසංවිදිතසඤ්ඤී අනාපත්ති.
දන්වන ලදුයෙහි නො දන්වන ලද සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. දන්වන ලදුයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. දන්වන ලදුයෙහි දන්වන ලද සන් ඇතියේ නම් ඇවැත් නැති.
අනාපත්ති පටිසංවිදිතෙ න ඛත්තියො හොති, න ඛත්තියාභිසෙකෙන අභිසිත්තො හොති, රාජා වා සයනිඝරා නික්ඛන්තො හොතිමහෙසී වා1 සයනිඝරා නික්ඛන්තා හොති. උභො වා නික්ඛන්තා ච හොන්ති, න සයනිඝරෙ උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
දන්වන ලදුයෙහි, ක්ෂත්රියයෙක් නො වේ නම්, ක්ෂත්රියාභිෂේකයෙන් අභිෂික්තයෙක් නො වේ නම්, රජතෙමේ හෝ යහන්ගෙයින් නික්මුණේ වේ නම්, මෙහෙසී තොමෝ හෝ යහන්ගෙයින් නික්මුණි වේ නම්, දෙදෙන මැ හෝ නික්මුණෝ වෙත් නම්, නො යහන්ගෙයි නම්, (ඇවැත්නො වේ) උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
රාජන්තෙපුරසික්ඛාපදං පඨමං.
පළමුවැනි රාජන්තෙපුර ශික්ෂාපදයි.