රතනසික්ඛාපදං
6. 9. 2.
6. 9. 2.
රතනසික්ඛාපදං
රතන ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු අචිරවතියා නදියා නහායති. අඤ්ඤතරොපි බ්රාහ්මණො පඤ්චසතානං ථවිකං ථලෙ නික්ඛිපිත්වා අචිරවතියා නදියා නහායිත්වා විස්සරිත්වා අගමාසි. අථ ඛො සො භික්ඛු තස්සායං බ්රාහ්මණස්ස ථවිකා මා ඉධ නස්සිති අග්ගහෙසි. අථ ඛො සො බ්රාහ්මණො සරිත්වා තුරිතතුරිතො ආධාවිත්වා තං භික්ඛුං එතදවොච: අපි මෙ භො ථවිකං පස්සෙය්යාසීති. හන්ද බ්රාහ්මණාති අදාසි. අථ ඛො තස්ස බ්රාහ්මණස්ස එතදහොසි. කෙන නු ඛො අහං උපායෙන ඉමස්ස භික්ඛුනො පුණ්ණපත්තං න දදෙය්යන්ති. න මෙ භො පඤ්චසතානි සහස්සං මෙති පලිබුද්ධිත්වා මුඤ්චි.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් අචිරවතී නදියෙහි ස්නාන කෙරෙයි. එක්තරා බමුණෙකුදු පන්සියයෙකින් පිරි පියැල්ලක් ගොඩබිමැ බහා තබා අචිරවතී නදියෙහි නහා නො සිහි කොට ගියේ යැ. එකල්හි එ මහණ ඒ බමුණාගේ මේ පියැල්ල මෙහි නහමක් නසීව යි ගත්තේ යැ. එකල්හි ඒ බමුණා සිහි කොට වෙළෙවි වෙළෙවි වැ දිවැ අවුත් එමහණහට ‘පින්වත, මාගේ පියැල්ල දක්නෙහි දැ’ යි මෙය කී යැ. ඉඳ බමණැයි දින. එකල්හි එ බමණහට මෙසිත විය; මම කිනම් උපායෙකින් මෙ මහණහට පූර්ණ පත්‍රය (සියයට පහ) නො දෙන්නෙම් දැ යි. පින්වත, මාගේ පන්සියයෙක් නො වෙයි. මාගේ දහසෙකැ යි වද දී මුදාලී යැ.
2. අථ ඛො සො භික්ඛු ආරාමං ගන්ත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසි. යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, “කථං හි නාම භික්ඛු රතනං උග්ගහෙස්සතී”ති -පෙ- සච්චං කිර ත්වං භික්ඛු රතනං උග්ගහෙසීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම ත්වං මොඝපුරිස රතනං උග්ගහෙස්සසි. නෙතං මොඝපුරිස අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
2. ඉක්බිති ඒ මහණ ආරාමයට ගොස් මහණුන්හට තෙල කරුණ දැන්වී යැ. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මහණෙක් රත්නයක් පිළිගත්තේ” දැ යි ... සැබෑ ද මහණ, තෙපි රත්නයක් පිළි ගත්තු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි රත්නයක් පිළිගත්තහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මේ සිකපදය උදෙසවු.
“යො පන භික්ඛු රතනං වා රතනසම්මතං වා උග්ගණ්හෙය්ය වා උග්ගණ්හාපෙය්ය වා, පාචිත්තිය”න්ති.
“යම් මහණෙක් රත්නයක් හෝ රත්න සම්මතයක් හෝ ගන්නේ නම් හෝ ගන්වන්නේ නම් හෝ පචිති වේ” යයි.
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
මෙසේ භාග්‍යවතුන් විසින් භික්ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. තෙන ඛො පන සමයෙන සාවත්ථියා උස්සවො හොති, මනුස්සා අලඞ්කතපටියත්තා උය්යානං ගච්ඡන්ති. විසාඛාපි මිගාරමාතා අලංකතප්පටියත්තා උය්යානං ගමිස්සාමීති ගාමතො නික්ඛමිත්වා “ක්යාහං කරිස්සාමි උය්යානං ගන්ත්වා යන්නූනාහං භගවන්තං පයිරුපාසෙය්ය”න්ති ආභරණං ඔමුඤ්චිත්වා උත්තරාසඞ්ගෙන භණ්ඩිකං බන්ධිත්වා දාසියා අදාසි, “හන්ද ජෙ ඉමං භණ්ඩිකං ගණ්හාහී”ති. අථ ඛො විසාඛා මිගාරමාතා යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො විසාඛං මිගාරමාතරං භගවා ධම්මියා කථාය සන්දස්සෙසි, සමාදපෙසි. සමුත්තෙජෙසි සම්පහංසෙසි. අථ ඛො විසාඛා මිගාරමාතා භගවතා ධම්මියා කථාය සන්දස්සිතා සමාදපිතා සමුත්තෙජිතා සම්පහංසිතා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො සා දාසී තං භණ්ඩිකං විස්සරිත්වා අගමාසි. භික්ඛූ පස්සිත්වා භගවතො එතමත්ථං ආරොචෙසුං තෙන හි භික්ඛවෙ උග්ගහෙත්වා නික්ඛිපථාති.
3. එසමයෙහි වනාහි සැවැතෙහි උත්සවයෙක් වෙයි. මිනිස්සු අබරණ ලා සැරසුණාහු උයනට යෙති. විශාඛා මිගාරමාතෘ තොමෝත් අබරණ ලා සැරසුණී උයනට යන්නෙමැ යි ගමින් නික්ම මම උයනට ගොස් කුමක් කෙරෙම් ද? යම් හෙයකින් මම භාග්‍යවතුන් වහන්සේ පර්‍ය්‍යුපාසන කරන්නෙම් නම් යෙහෙකැ යි අබරණ මුදාපියා උතුරු සළුවෙන් පොදියක් බැඳ “ඉඳ කෙල්ල! මේ පොදිය ගනුව”යි දස්සට දින. ඉක්බිති විශාඛා මිගාරමාතෘ තොමෝ භාග්‍යවතුන් වෙතැ එළැඹියා යැ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ එකත්පසෙකැ හුන්නී යැ. භාග්‍යවතුන් වහන්සේ එකත් පසෙක හුන් මිගාරමාතෘ වූ විසාඛාව දැහැමි කථායෙන් මොනවට කරුණු දැක්වූ සේකැ මොනවට කරුණු ගැන්වූ සේකැ, මොනවට තෙද ගැන්වූ සේකැ මොනවට සතුටු කැරවූ සේකි. ඉක්බිති මිගාරමාතෘ විසාඛා තොමෝ භාග්‍යවතුන් විසින් මොනවට කරුණු දක්වන ලදුවා මොනවට කරුණු ගන්වන ලදුවා මොනවට තෙද ගන්වන ලදුවා මොනවට සතුටු කරවන ලදුවා හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් සකසා වැඳ පැදකුණු කොට ඉවත් වැ ගියා යැ. එකල්හි ඒ දාසී තොමෝ ඒ පොදිය නො සිහි කොට ගියා යැ. භික්ෂූහු දැකැ භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු. එසේ නම් මහණෙනි, රැගෙනැ තැන්පත් කොට තබව යි.
4. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. අනුජානාමි භික්ඛවෙ රතනං වා රතනසම්මතං වා අජ්ඣාරාමෙ වා උග්ගහෙත්වා වා උග්ගහාපෙත්වා වා නික්ඛිපිතුං යස්ස භවිස්සති සො හරිස්සතීති. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූසේකැ. “මහණෙනි, රත්නයක් හෝ රත්නසම්මතයක් හෝ ඇතුළු අරමෙහි හෝ ඇතුළු අවසෙහි හෝ රැගෙනැ හෝ ගන්වා ගෙනැ හෝ ‘මේ යමක්හුගේ වන්නේ නම් හේ ගෙනැයන්නේ යැ යි නඟා තැබීමට අනුදනිමි.” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යො පන භික්ඛු රතනං වා රතනසම්මතං වා අඤ්ඤත්ර අජ්ඣාරාමා වා, උග්ගණ්හෙය්ය වා උග්ගණ්හාපෙය්ය වා පාචිත්තිය”න්ති.
යම් මහණෙක් රත්නයක් හෝ රත්නසම්මතයක් හෝ ඇතුළු අරම හෝ අවස හෝ තබා ගන්නේ නම් හෝ ගන්වන්නේ නම් හෝ පචිති වේ යැයි.
එවඤ්චිදං භගවතා භික්ඛූනං සික්ඛාපදං පඤ්ඤත්තං හොති.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
5. තෙන ඛො පන සමයෙන කාසීසු ජනපදෙ අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස කම්මන්තගාමො හොති. තෙන ච ගහපතිනා අන්තෙවාසී ආණත්තො හොති, සචෙ භදන්තා ආගච්ඡන්ති භත්තං කරෙය්යාසීති. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ කාසීසු ජනපදෙ චාරිකං චරමානා යෙන අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස කම්මන්තගාමො තෙනුපසඞ්කමිංසු. අද්දසා ඛො සො පුරිසො තෙ භික්ඛූ දූරතොව ආගච්ඡන්තෙ, දිස්වාන යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා තෙ භික්ඛූ අභිවාදෙත්වා එතදවොච. අධිවාසෙන්තු භන්තෙ අය්යා ස්වාතනාය ගහපතිනො භත්තන්ති. අධිවාසෙසුං ඛො තෙ භික්ඛූ තුණ්හීභාවෙන. අථ ඛො සො පුරිසො තස්සා රත්තියා අච්චයෙන පණීතං ඛාදනීයං භොජනීයං පටියාදාපෙත්වා කාලං ආරොචාපෙත්වා අඞ්ගුලිමුද්දිකං ඔමුඤ්චිත්වා තෙ භික්ඛූ භත්තෙන පරිවිසිත්වා අය්යා භුඤ්ජිත්වා ගච්ඡන්තු, අහම්පි කම්මන්තං ගමිස්සාමීති අඞ්ගුලිමුද්දිකං විස්සරිත්වා අගමාසි. භික්ඛූ පස්සිත්වා සචෙ මයං ගමිස්සාම නස්සිස්සතායං අඞ්ගුලිමුද්දිකාති තත්ථෙව අච්ඡිංසු. අථ ඛො සො පුරිසො කම්මන්තා ආගච්ඡන්තො තෙ භික්ඛූ පස්සිත්වා එතදවොච: “කිස්ස භන්තෙ අය්යා ඉධෙව අච්ඡන්තී”ති. අථ ඛො තෙ භික්ඛූ තස්ස පුරිසස්ස එතමත්ථං ආරොචෙත්වා සාවත්ථිං ගන්ත්වා භික්ඛූනං එතමත්ථං ආරොචෙසුං. භික්ඛූ භගවතො එතමත්ථං ආරොචෙසුං.
5. එසමයෙහි වනාහි කාසී ජනපදයෙහි අනේපිඬු ගැහැවිහුගේ කර්මාන්ත ග්‍රාමයෙක් වෙයි. ඒ ගැහැවි විසිනුදු අතැවැසි අණවන ලද්දේ වෙයි, ඉදින් හිමිවරු පැමිණෙත් නම් බත් (පිළියෙළ) කරන්නෙහි ය යි, එසමයෙහි වනාහි බොහෝ භික්ෂූහු කාසි ජනපදයෙහි සැරිසරණුවෝ අනේපිඬු ගැහැවිහුගේ කමත්ගමට එළැඹියහ. ඒ පුරුෂ තෙමේ දුර දී මැ එන්නා වූ ඒ මහණුන් දිට. දැකැ ඒ මහණුන් වෙතැ එළැඹියේ යැ. එළැඹැ ඒ මහණුන් සකසා වැඳ මෙය කී යැ. ස්වාමීනි, ආර්‍ය්‍යයෝ සෙට දවස පිණිස ගැහැවිහුගේ බත ඉවසත්වයි. ඒ භික්ෂූහු තූෂ්ණිම්භාවයෙන් ඉවසූහ. එකල්හි ඒ පුරුෂ තෙමේ එරැය ඇවෑමෙන් කෑ යුතු බුදිය යුතු පිණි දැය පිළිළෙ කරවා කල් දන්වා ඇඟිලිමුදුව මුදාපියා ඒ මහණුන් බතින් වළඳවා ආර්‍ය්‍යයෝ වළඳා නිමවා යෙත්වා මම ද කමතට යන්නෙමි යි ඇඟිලිමුදුව නො සිහි කොට ගියේ යැ. භික්ෂූහු දැකැ ඉදින් ඇපි යන්නෙමු නම් මේ ඇඟිලිමුදුව නැසෙන්නේ යැ යි එහි මැ හුන්හු. ඉක්බිති ඒ පුරුෂ තෙමේ කමතින් එන්නේ ඒ මහණුන් දැකැ මෙය කී යැ. කුමකට ස්වාමීනි” ආර්‍ය්‍යයෝ මෙහි මැ හිඳිද්දැ යි. එකල්හි ඒ භික්ෂූහු ඒ පුරුෂයහට තෙල කරුණ සැල කොට සැවැතට ගොස් මහණුන්හට තෙල කරුණ දැන්වූහු. භික්ෂූහු භාග්‍යවතුන්හට කරුණ දැන්වූහු.
6. අථ ඛො භගවා එතස්මිං නිදානෙ එතස්මිං පකරණෙ ධම්මිං කථං කත්වා භික්ඛූ ආමන්තෙසි. “අනුජානාමි භික්ඛවෙ රතනං වා රතනසම්මතං වා අජ්ඣාරාමෙ වා අජ්ඣාවසථෙ වා උග්ගහෙත්වා වා උග්ගහාපෙත්වා වා නික්ඛිපිතුං යස්ස භවිස්සති සො හරිස්සතී”ති. එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
6. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේකැ. “මහණෙනි, ඇතුළු අරමෙහි හෝ ඇතුළුගෙහි හෝ රත්නයක් හෝ රත්න සම්මතයක් හෝ රැගෙනැ හෝ ගන්වාගෙනැ හෝ මේ යමක්හුගේ වන්නේ නම් හේ රැගෙන යන්නේ යැ යි නඟා තැබීමට අනුදනිමි” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යො පන භික්ඛු රතනං වා රතනසම්මතං වා, අඤ්ඤත්ර අජ්ඣාරාමා වා අජ්ඣාවසථා වා උග්ගණ්හෙය්ය වා උග්ගණ්හාපෙය්ය වා පාචිත්තියං, රතනං වා පන භික්ඛුනා රතනසම්මතං වා අජ්ඣාරාමෙ වා අජ්ඣාවසථෙ වා උග්ගහෙත්වා වා උග්ගහාපෙත්වා වා නික්ඛිපිතබ්බං, යස්ස භවිස්සති සො හරිස්සතීති. අයං තත්ථ සාමීචීති.
යම් මහණෙක් ඇතුළු අරම හෝ ඇතුළුගෙය හෝ හැර රත්නයක් හෝ රත්නසම්මතයක් හෝ ගන්නේ නම් හෝ ගන්වන්නේ නම් හෝ පචිති වේ. මහණහු විසින් ඇතුළු අරමෙහි හෝ ඇතුළුගෙයි හෝ රත්නයක් හෝ රත්නසම්මතයක් හෝ රැගෙන හෝ ගන්වා ගෙනැ හෝ යමක්හුගේ වන්නේ නම් හෝ ගෙනැයන්නේ යැ යි නඟා තැබිය යුතු යි මේ එහි අනුධර්‍මතා යි.
7. යො පනාති: යො යාදිසො -පෙ- භික්ඛූති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතො භික්ඛූති.
7. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
රතනං නාම: මුත්තා මණි වෙළුරියො සඞ්ඛො සිලා පවාළං රජතං ජාතරූපං ලොහිතඞ්කො මසාරගල්ලං.
රතන නම්: මුතු යැ මිණි යැ වෙරළුමිණි යැ සක් යැ මුංවන්සල යැ පබළු යැ රිදී යැ පියුම්රාමිණි යැ මැසිරිගල් යැ.
රතනසම්මතං නාම: යං මනුස්සානං උපභොගපරිභොගං එතං රතනසම්මතං නාම.
රතනසම්මත නම්: යම් වතෙක් මිනිසුන්ගේ උපභෝග පරිභෝග නම් තෙලෙ රතනසම්මත නම් වේ.
අඤ්ඤත්ර අජ්ඣාරාමා වා අජ්ඣාවසථා වාති: ඨපෙත්වා අජ්ඣාරාමං අජ්ඣාවසථං.
අඤ්ඤත්ර අජ්ඣාරාමා වා අජ්ඣාවස්ථා වා: අධ්යාරාමය අධ්යාවසථය තබා;
අජ්ඣාරාමො නාම: පරික්ඛිත්තස්ස ආරාමස්ස අන්තො ආරාමො, අපරික්ඛිත්තස්ස උපචාරො.
අධ්යාරාමය නම් පරික්ෂිප්ත ආරාමයාගේ ඇතුළු අරම යැ, අපරික්ෂිප්තයාගේ උපචාරය යි.
අජ්ඣාවසථො නාම: පරික්ඛිත්තස්ස ආවසථස්ස අන්තො ආවසථො. අපරික්ඛිත්තස්ස උපචාරො.
අධ්යාවසථය නම්: පරික්ෂිප්ත ආවසථයාගේ ඇතුළු ආවාස යැ අපරික්ෂිප්තයාගේ උපචාරය යි.
උග්ගණ්හෙය්යාති: සයං ගණ්හාති, ආපත්ති පාචිත්තියස්ස.
උග්ගණ්හෙය්ය; තෙමේ ගනී නම් පචිති ඇවැත් වේ.
උග්ගණ්හාපෙය්යාති: අඤ්ඤං ගණ්හාපෙති ආපත්ති පාචිත්තියස්ස.
උග්ගණ්හාපෙය්ය; මෙරමා ලවා ගන්වා නම් පචිති ඇවැත් වේ.
8. රතනං වා පන භික්ඛුනා රතනසම්මතං වා අජ්ඣාරාමෙ වා අජ්ඣාවසථෙ වා උග්ගහෙත්වා වා උග්ගහාපෙත්වා වා නික්ඛිපිතබ්බන්ති රූපෙන වා නිමිත්තෙන වා සඤ්ඤාණං කත්වා නික්ඛිපිත්වා ආචික්ඛිතබ්බං යස්ස භණ්ඩං නට්ඨං සො ආගච්ඡතූති. සචෙ තත්ථ ආගච්ඡති, සො වත්තබ්බො ආවුසො කීදිසං තෙ භණ්ඩන්ති. සචෙ රූපෙන වා නිමිත්තෙන වා සම්පාදෙති දාතබ්බං. නො චෙ සම්පාදෙති විචිනාහි ආවුසොති වත්තබ්බො. තම්හා ආවාසා පක්කමන්තෙන යෙ තත්ථ හොන්ති භික්ඛූ පතිරූපා තෙසං හත්ථෙ නික්ඛිපිත්වා පක්කමිතබ්බං. නො චෙ හොන්ති භික්ඛූ පතිරූපා, යෙ තත්ථ හොන්ති ගහපතිකා පතිරූපා තෙසං හත්ථෙ නික්ඛිපිත්වා පක්කමිතබ්බං, අයං තත්ථ සාමීචීති අයං තත්ථ අනුධම්මතා.
8. රතනං වා පන භික්ඛුනා රතනසම්මතං වා අජ්ඣාරාමෙ වා අජ්ඣාවසථේ වා උග්ගහෙත්වා වා උග්ගහාපෙත්වා වා නික්ඛිපිතබ්බං; රූපයෙන් හෝ නිමිත්තෙන් හෝ සලකුණු කොට නඟා තබා කිය යුතු යි: යමක්හුගේ බඩුවෙක් නටුයේ නම් හේ පැමිණේව යි. ඉදින් එහි පැමිණේ නම් ඇවැත්නි, තොපගේ බඩුව කෙබඳු දැ යි හේ කියයුත්තේ යි. ඉදින් රූපයෙන් හෝ නිමිත්තෙන් හෝ සම කොට කියා නම් දිය යුතු යි. ඉදින් සම කොට නො කියා නම් “ඇවැත්නි” සොය යි කිය යුත්තේ යි. ඒ අවසින් ඉවත් වැ යන්නහු විසින් එහි යම් සුදුසු මහණ කෙනෙක් වෙත් නම් ඔවුන්ගේ අතෙහි නඟා තබා ඉවත් වැ යා යුතු යි. ඉදින් සුදුසු මහණ කෙනෙක් නො වෙත් නම් සුදුසු ගැහැවි කෙනෙක් වෙත් නම් ඔවුන්ගේ අතෙහි නඟා තබා ඉවත් වැ යා යුතු යි.
අයං තත්ථ සාමීචීති අයං තත්ථ අනුධම්මතා.
අයං තත්ථ සාමීචි: මේ එහි අනුධර්‍මතා යි.
අනාපත්ති: රතනං වා රතනසම්මතං වා අජ්ඣාරාමෙ වා අජ්ඣාවසථෙ වා උග්ගහෙත්වා වා උග්ගහාපෙත්වා වා නික්ඛිපති යස්ස භවිස්සති සො හරිස්සතීති. රතනසම්මතං විස්සාසං ගණ්හාති, තාවකාලිකං ගණ්හාති, පංසුකූලසඤ්ඤිස්ස, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
ඇතුළු අරමෙහි හෝ ඇතුළුගෙයි හෝ රත්නයක් හෝ රත්න සම්මතයක් හෝ රැගෙනැ හෝ ගන්වාගෙනැ හෝ යමක්හුගේ වන්නේ නම් හේ රැගෙන යන්නේ යැයි නඟා තබා නම්, රත්න සම්මතයක් විස්වස් වැ ගනී නම් තවුකැලි වැ ගනී නම් ඇවැත් නැති, පංසුකූල සඤ්ඤියහට උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
රතනසික්ඛාපදං දුතියං.
දෙවැනි රතන ශික්ෂාපද යි.