යෙදුමෙන් කියවන්න

විකාලෙ ගාමප‍්පවෙසනසික‍්ඛාපදං

6. 9. 3.

6. 9. 3.

විකාලෙ ගාමප‍්පවෙසනසික‍්ඛාපදං

විකාලෙ ගාමප්පවේසන ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ විකාලෙ ගාමං පවිසිත්‍වා සභායං නිසීදිත්‍වා අනෙකවිහිතං තිරච‍්ඡානකථං කථෙන‍්ති, සෙය්‍යථිදං? රාජකථං චොරකථං මහාමත‍්තකථං සෙනාකථං භයකථං යුද‍්ධකථං අන‍්නකථං පානකථං වත්‍ථකථං සයනකථං මාලාකථං ගන්‍ධකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්‍ථිකථං පුරිසකථං සූරකථං විසිඛාකථං කුම‍්භට‍්ඨානකථං පුබ‍්බපෙතකථං නානත‍්තකථං ලොකක‍්ඛායිකං සමුද‍්දක‍්ඛායිකං ඉතිභවාභවකථං ඉති වා. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති, “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා විකාලෙ ගාමං පවිසිත්‍වා සභායං නිසීදිත්‍වා අනෙකවිහිතං තිරච‍්ඡානකථං කථෙස‍්සන‍්ති සෙය්‍යථිදං රාජකථං චොරකථං -පෙ- ඉතිභවාභවකථං ඉති වා. සෙය්‍යථාපි ගිහී කාමභොගිනොති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු විකාලයෙහි ගමට පිවිස සභායෙහි හිඳ නානා ප්‍රකාර වූ තිරශ්චීනකථා කියති. හේ මෙසේ යැ: රාජකථා යැ චෝරකථා යැ මහාමාත්‍රකථා යැ සේනාකථා යැ භයකථා යැ යුද්ධකථා යැ අන්නකථා යැ පානකථා යැ වස්ත්‍රකථා යැ ශයනකථා යැ මාලාකථා යැ ගන්‍ධකථා යැ ඥාතිකථා යැ යානකථා යැ ග්‍රාමකථා යැ නිගමකථා යැ නගරකථා යැ ජනපදකථා යැ ස්ත්‍රීකථා යැ පුරුෂකථා යැ සූරකථා යැ විශිඛාකථා යැ කුම්භස්ථානකථා යැ පූර්‍වප්‍රේතකථා යැ නානාත්‍වකථා යැ ලෝකාඛ්‍යායිකා යැ සමුද්‍රාඛ්‍යායිකා යැ ඉතිභවාභවකථා යනාදී හු යැ. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවති: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ විකාලයෙහි ගමට පිවිස සභායෙහි හිඳ කාමභෝගී ගිහියන් මෙන් නානාප්‍රකාර වූ තිරශ්චීනකථා කීහු ද? ඔහු මෙසේ යැ; රාජකථා යැ චෝරකථා යැ ... ඉතිභාවාභවකථා යැ යනාදීහු යි.

2. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති, කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ විකාලෙ ගාමං පවිසිත්‍වා සභායං නිසීදිත්‍වා අනෙකවිහිතං තිරච‍්ඡානකථං කථෙස‍්සන‍්ති, සෙය්‍යථිදං රාජකථං චොරකථං -පෙ- ඉතිභවාභවකථං ඉතිවාති. -පෙ- සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ විකාලෙ ගාමං පවිසිත්‍වා සභායං නිසීදිත්‍වා අනෙකවිහිතං තිරච‍්ඡානකථං කථෙථ, සෙය්‍යථිදං රාජකථං චොරකථං -පෙ- ඉතිභවාභවකථං ඉති වාති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා විකාලෙ ගාමං පවිසිත්‍වා සභායං නිසීදිත්‍වා අනෙකවිහිතං තිරච‍්ඡානකථං කථෙස‍්සථ, සෙය්‍යථිදං රාජකථං චොරකථං -පෙ- ඉතිභවාභවකථං ඉති වා. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්:” කෙසේ නම් සවග මහණෝ විකාලයෙහි ගමට පිවිස සභායෙහි හිඳ නානා ප්‍රකාර වූ තිරශ්චීනකථා කීහු ද? හෙ මෙසේ යැ. රාජකථා යැ චෝරකථා යැ ... ඉතිභවාභවකථා යැ යනාදීහු යි. සැබෑ ද මහණෙනි, තෙපි විකාලයෙහි ගමට පිවිස සභායෙහි හිඳ නානාප්‍රකාර වූ තිරශ්චීනකථා කියවු ද? හෙ මෙසේ යැ. රාජකථා යැ චෝරකථා යැ ... ඉතිභවාභවකථා යැ යනාදීහු යැ. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි විකාලයෙහි ගමට පිවිස සභායෙහි හිඳ නානා ප්‍රකාර වූ තිරශ්චීන කථා කීවාහු ද? ඔහු මෙසේ යැ රාජකථා යැ චෝරකථා යැ ... ඉතිභවාභවකථා යැ යනාදීහු යැ. හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වේ යි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:

යො පන භික‍්ඛු විකාලෙ ගාමං පවිසෙය්‍ය පාචිත‍්තියන‍්ති.

යම් මහණෙක් විකාලයෙහි ගම් වදනේ නම් පචිති වේ ය යි.

එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.

3. තෙන ඛො පන සමයෙන සම‍්බහුලා භික‍්ඛූ කොසලෙසු ජනපදෙ සාවත්‍ථිං ගච‍්ඡන‍්තා සායං අඤ‍්ඤතරං ගාමං උපගච‍්ඡිංසු මනුස‍්සා තෙ භික‍්ඛූ පස‍්සිත්‍වා එතදවොචුං: “පවිසථ භන‍්තෙ”ති . අථ ඛො තෙ භික‍්ඛූ භගවතා පටික‍්ඛිත‍්තං විකාලෙ ගාමං පවිසිතුන‍්ති කුක‍්කුච‍්චායන‍්තා න පාවිසි. චොරා තෙ භික‍්ඛූ අච‍්ඡින්‍දිංසු. අථ ඛො තෙ භික‍්ඛූ සාවත්‍ථිං ගන‍්ත්‍වා භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසුං. භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි. “අනුජානාමි භික‍්ඛවෙ ආපුච‍්ඡා විකාලෙ ගාමං පවිසිතුං” එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

3. එසමයෙහි වනාහි බොහෝ භික්‍ෂූහු කොසොල් දනව්වෙහි සිට සැවැතට යන්නාහු සවසැ එක්තරා ගමක් වෙත පැමිණියහ. මිනිස්සු ඒ මහණුන් දැකැ තෙල කීහු: “වහන්ස, පිවිසෙනු මැනැවැ” යි. එකල්හි ඒ භික්‍ෂූහු විකාලයෙහි ගම් වදනට භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුසනුවෝ නො පිවිසියහ. සොරු ඒ මහණුන් අසිඳගත්හ. එකල්හි ඒ භික්‍ෂූහු සැවැතට ගොස් මහණුන්හට තෙල කරුණ දැන්වූහු. භික්‍ෂූහු භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේකැ. “මහණෙනි, පිළිවිසැ විකාලයෙහි ගම් වදනට අනුදනිමි” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:

යො පන භික‍්ඛු අනාපුච‍්ඡා විකාලෙ ගාමං පවිසෙය්‍ය පාචිත‍්තියන‍්ති.

යම් මහණෙක් නො පිළිවිසැ විකාලයෙහි ගම් වදනේ නම් පචිති වේ යයි.

එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.

4. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු කොසලෙසු ජනපදෙ සාවත්‍ථිං ගච‍්ඡන‍්තො සායං අඤ‍්ඤතරං ගාමං උපගච‍්ඡි. මනුස‍්සා තං භික‍්ඛුං පස‍්සිත්‍වා එතදවොචුං: “පවිසථ භන‍්තෙ”ති. අථ ඛො සො භික‍්ඛු භගවතා පටික‍්ඛිත‍්තං අනාපුච‍්ඡා විකාලෙ ගාමං පවිසිතුන‍්ති කුක‍්කුච‍්චායන‍්තො න පාවිසි. චොරා තං භික‍්ඛුං අච‍්ඡින්‍දිංසු. අථ ඛො සො භික‍්ඛු සාවත්‍ථිං ගන‍්ත්‍වා භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසි. භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි. “අනුජානාමි භික‍්ඛවෙ සන‍්තං භික‍්ඛුං ආපුච‍්ඡා විකාලෙ ගාමං පවිසිතුං” එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

4. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි සිට සැවැතට යන්නේ සවසැ එක්තරා ගමකට පැමිණියේ යැ. මිනිස්සු එමහණ දැක තෙල කීහු: “වහන්සැ පිවිසෙන්නැ”යි එකල්හි ඒ මහණ නො පිළිවිසැ විකාලයෙහි ගම් වදනට භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැයි කුකුසනුයේ නො පිවිසියේ යැ. සොරු ඒ මහණහු අසිඳගත්හ. එකල්හි ඒ මහණ සැවැතට ගොස් මහණුන්හට තෙල කරුණ දැන්වී යැ. භික්‍ෂූහු භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූසේකැ. “මහණෙනි, ඇති මහණක්හු පිළිවිසැ විකාලයෙහි ගම් වදින්නට අනුදනිමි” මෙසේ ද මහණෙනි මේ සිකපදය උදෙසවු:

යො පන භික‍්ඛු සන‍්තං භික‍්ඛුං අනාපුච‍්ඡා විකාලෙ ගාමං පවිසෙය්‍ය පාචිත‍්තියන‍්ති.

යම් මහණෙක් ඇති මහණක්හු නො පිළිවැසැ විකාලයෙහි ගම් වදනේ නම් පචිති වේ යයි.

එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.

5. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු අහිනා දට‍්ඨො හොති. අඤ‍්ඤතරො භික‍්ඛු අග‍්ගිං ආහරිස‍්සාමීති ගාමං ගච‍්ඡති. අථ ඛො සො භික‍්ඛු භගවතා පටික‍්ඛිත‍්තං සන‍්තං භික‍්ඛුං අනාපුච‍්ඡා විකාලෙ ගාමං පවිසිතුන‍්ති කුක‍්කුච‍්චායන‍්තො න පාවිසි. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි, “අනුජානාමි භික‍්ඛවෙ තථාරූපෙ අච‍්චායිකෙ කරණීයෙ සන‍්තං භික‍්ඛුං අනාපුච‍්ඡා විකාලෙ ගාමං පවිසිතුං” එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ.

5. එසමයෙහි වනාහි එක්තරා මහණෙක් සර්‍පයකු විසින් දෂ්ට කරන ලද්දේ වෙයි. එක්තරා මහණෙක් ගිනි ගෙනැ එන්නෙමැ යි ගමට යෙයි. එකල්හි ඒ මහණ ඇති මහණක්හු නො පිළිවිසැ විකාලයෙහි ගමට පිවිසෙන්නට භාග්‍යවතුන් විසින් ප්‍රතික්‍ෂේප කරන ලදැ යි කුකුසනුයේ නො පිවිසියේ යැ. භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූසේකැ. “මහණෙනි, එබඳු අත්‍යායික කාර්‍ය්‍යයක් ඇති කල්හි මහණක්හු නො පිළිවිසැ විකාලයෙහි ගම් වදනට අනු දනිමි” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු

යො පන භික‍්ඛු සන‍්තං භික‍්ඛුං අනාපුච‍්ඡා විකාලෙ ගාමං පවිසෙය්‍ය අඤ‍්ඤත්‍ර තථාරූපා අච‍්චායිකා කරණීයා පාචිත‍්තියන‍්ති.

යම් මහණෙක් එබඳු අත්‍යායික කාර්‍ය්‍යයක් තබා ඇති මහණක්හු නො පිළි විසැ විකාලයෙහි ගම් වදනේ නම් පචිති වේ යයි.

6. යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

6. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.

සන‍්තො නාම භික‍්ඛු: සක‍්කා හොති ආපුච‍්ඡා පවිසිතුං.

සන්තභික්ඛු නම්: පිළිවිසැ පිවිසෙන්නට සමර්‍ත්‍ථ වෙයි;

අසන‍්තො නාම භික‍්ඛු: න සක‍්කා හොති ආපුච‍්ඡා පවිසිතුං.

අසන්ත භික්ඛු නම්: පිළිවිසැ පිවිසෙන්නට අසමර්‍ත්‍ථ වෙයි;

විකාලො නාම මජ‍්ඣන‍්හිකෙ වීතිවත‍්තෙ යාව අරුණුග‍්ගමනා.

විකාල නම්: මද්දහන ඉක්මුණු කල්හි අරුණ නැඟීම දක්වා;

ගාමං පවිසෙය්‍යාති: පරික‍්ඛිත‍්තස‍්ස ගාමස‍්ස පරික‍්ඛෙපං අතික‍්කමන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අපරික‍්ඛිත‍්තස‍්ස ගාමස‍්ස උපචාරං ඔක‍්කමන‍්තස‍්ස ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

ගාමං පවිසෙය්‍ය; පරික්‍ෂිප්ත ග්‍රාමයාගේ පරික්‍ෂේපය ඉක්මවන්නාහට පචිති ඇවැත් වෙයි. අපරික්‍ෂිප්ත ග්‍රාමයාගේ උපචාරයට බස්නාහට පචිති ඇවැත් වේ.

අඤ‍්ඤත්‍ර තථාරූපා අච‍්චායිකා කරණීයාති: ඨපෙත්‍වා තථාරූපං අච‍්චායිකං කරණීයං.

අඤ්ඤත්‍ර තථාරූපා අච්චායිකා කරණීයා: එබඳු අත්‍යායික කාර්‍ය්‍යයක් තබා;

විකාලෙ විකාලසඤ‍්ඤී සන‍්තං භික‍්ඛුං අනාපුච‍්ඡා ගාමං පවිසති අඤ‍්ඤත්‍ර තථාරූපා අච‍්චායිකා කරණීයා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. විකාලෙ වෙමතිකො සන‍්තං භික‍්ඛුං අනාපුච‍්ඡා ගාමං පවිසති අඤ‍්ඤත්‍ර තථාරූපා අච‍්චායිකා කරණීයා ආපත‍්ති පාචිත‍්තියස‍්ස. විකාලෙ කාලසඤ‍්ඤී සන‍්තං භික‍්ඛුං අනාපුච‍්ඡා ගාමං පවිසති අඤ‍්ඤත්‍ර තථාරූපා අච‍්චායිකා කරණීයා ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

විකල්හි විකල්සන් ඇතියේ එබඳු ඉක්මන් කටයුත්තක් තබා විද්‍යමාන මහණක්හු නො පිළිවිසැ ගම් වදී නම් පචිති ඇවැත් වෙයි. විකල්හි විමති ඇතියේ එබඳු ඉක්මන් කටයුත්තක් තබා ඇති මහණක්හු නො පිළිවිසැ ගම් වදී නම් පචිති ඇවැත් වෙයි. විකල්හි කල්සන් ඇතියේ එබඳු ඉක්මන් කටයුත්තක් තබා ඇති මහණක්හු නො පිළිවිසැ ගම් වදී නම් පචිති ඇවැත් වේ.

කාලෙ විකාලසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. කාලෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. කාලෙ කාලසඤ‍්ඤී අනාපත‍්ති.

කල්හි විකල්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි, කල්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. කල්හි කල්සන් ඇතියේ නම් ඇවැත් නැති.

අනාපත‍්ති: තථාරූපෙ අච‍්චායිකෙ කරණීයෙ සන‍්තං භික‍්ඛුං ආපුච‍්ඡා පවිසති, අසන‍්තං භික‍්ඛුං අනාපුච‍්ඡා පවිසති, අන‍්තරාරාමං ගච‍්ඡති, භික‍්ඛුනූපස‍්සයං ගච‍්ඡති, තිත්‍ථියසෙය්‍යං ගච‍්ඡති, පටික‍්කමනං ගච‍්ඡති, ගාමෙන මග‍්ගො හොති, ආපදාසු, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

එබඳු ඉක්මන් කටයුත්තක් ඇති කල්හි නම්, විද්‍යමාන මහණක්හු පිළිවිසැ පිවිසේ නම්, නැති මහණක්හු නො පිළිවිසැ පිවිසේ නම්, අන් අරමකට යේ නම්, මෙහෙණවරකට යේ නම්, අන් තොටු සෙනසුනකට යේ නම්, දන් වළඳන තැනට යේ නම්, ගමින් මඟ වේ නම් ඇවැත් නැති. ආපදාවෙහි, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.

විකාලෙ ගාමප‍්පවිසනසික‍්ඛාපදං තතියං.

තුන්වැනි විකාලෙ ගාමප්පවේසන ශික්‍ෂාපද යි.