යෙදුමෙන් කියවන්න

සූචිඝරසික‍්ඛාපදං

6. 9. 4.

6. 9. 4.

සූචිඝරසික‍්ඛාපදං

සූචිඝර ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සක‍්කෙසු විහරති කපිලවත්‍ථුස‍්මිං නිග්‍රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරෙන දන‍්තකාරෙන භික‍්ඛූ පවාරිතා හොන‍්ති යෙසං අය්‍යානං සූචිඝරෙන අත්‍ථො අහං සූචිඝරෙනාති. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ බහූ සූචිඝරෙ විඤ‍්ඤාපෙන‍්ති. යෙසං ඛුද‍්දකා සූචිඝරා තෙ මහන‍්තෙ සූචිඝරෙ විඤ‍්ඤාපෙන‍්ති, යෙසං මහන‍්තා සූචිඝරා තෙ ඛුද‍්දකෙ සූචිඝරෙ විඤ‍්ඤාපෙන‍්ති, අථ ඛො සො දන‍්තකාරො භික‍්ඛූනං බහූ සූචිඝරෙ කරොන‍්තො න සක‍්කොති අඤ‍්ඤං වික‍්කායිකං භණ‍්ඩං කාතුං, අත‍්තනාපි න යාපෙති, පුත‍්තදාරාපිස‍්ස කිලමන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති, “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා න මත‍්තං ජානිත්‍වා බහූ සූචිඝරෙ විඤ‍්ඤාපෙස‍්සන‍්ති. අයං ඉමෙසං බහූ සූචිඝරෙ කරොන‍්තො න සක‍්කොති අඤ‍්ඤං වික‍්කායිකං භණ‍්ඩං කාතුං අත‍්තනාපි න යාපෙති පුත‍්තදාරොපිස‍්ස කිලමන‍්තීති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත්පුරැ නුගඅරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි එක්තරා දළකම්කරුවකු විසින් භික්‍ෂූහු පවරන ලද්දාහු වෙති. යම් හිමි කෙනකුන්හට හිදිගුළායෙන් ප්‍රයෝජනයෙක් වේ නම් හිදිගුළායෙන් මම පවරමැ යි. එසමයෙහි වනාහි භික්‍ෂුහු බොහෝ හිදිගුළා විනවති. යම් කෙනකුන්හට කුඩා හිදිගුළා වෙත් නම් ඔහු මහත් හිදිගුළා විනවති. යම් කෙනකුන්හට මහත් හිදිගුළා වෙත් නම් ඔහු කුඩා හිදිගුළා විනවත්. එකල්හි ඒ දළකම්කරු තෙමේ මහණුන් හට බොහෝ හිදිගුළා කරනුයේ අන් විකිණිය යුතු බඩුවක් කරන්නට නො හැකි වෙයි. තෙමේත් නො යැපෙයි. ඔහුගේ අඹුදරුවෝත් මිරිකෙත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ පමණ නො දැනැ බොහෝ හිදිගුළා විනවූහු”ද? මෙතෙමේ මොවුනට බොහෝ හිදිගුළා කරනුයේ අන් විකිණිය යුතු බඩුවක් කරන්නට නො හැකි වෙයි. තෙමේත් නො යැපෙයි. මොහුගේ අඹුදරුවෝත් මිරිකෙත්”යයි.

2. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති. “කථං හි නාම භික‍්ඛූ න මත‍්තං ජානිත්‍වා බහූ සූචිඝරෙ විඤ‍්ඤාපෙස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛූ න මත‍්තං ජානිත්‍වා බහූ සූචිඝරෙ විඤ‍්ඤාපෙන‍්තීති. සච‍්චං භගවා විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තෙ භික‍්ඛවෙ මොඝපුරිසා න මත‍්තං ජානිත්‍වා බහූ සූචිඝරෙ විඤ‍්ඤාපෙස‍්සන‍්ති, නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

2. භික්‍ෂූහු ලමුකොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්” කෙසේ නම් භික්‍ෂූහු පමණ නො දැනැ බොහෝ හිදිගුළා විනවූහු දැ යි ... සැබෑ ද මහණෙනි භික්‍ෂූහු පමණ නො දැනැ බොහෝ හිදිගුළා විනවද්දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් මහණෙනි, ඒ හිස් පුරුෂයෝ පමණ නො දැනැ බොහෝ හිදිගුළා විනවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:

යො පන භික‍්ඛු අට‍්ඨිමයං වා දන‍්තමයං වා විසාණමයං වා සූචිඝරං කාරාපෙය්‍ය භෙදනකං පාචිත‍්තියන‍්ති.

යම් මහණෙක් ඇටමුවා හෝ දළමුවා හෝ අංමුවා හෝ හිදිගුළාවක් කරවා නම් භේදනක පචිති ඇවැත් වේ යයි.

3. යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති; -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.

අට‍්ඨි නාම: යං කිඤ‍්චි අට‍්ඨි.

අට්ඨි නම්: යම් කිසි ඇටයෙක්;

දන‍්තො නාම: හත්‍ථිදන‍්තො වුච‍්චති.

දන්ත නම්: ඇත්දතැයි කියනු ලැබේ.

විසාණං නාම: යං කිඤ‍්චි විසාණං.

විසාණ නම්: යම් කිසි හඟෙක්;

කාරාපෙය්‍යාති: කරොති වා කාරාපෙති වා පයොගෙ දුක‍්කටං. පටිලාභෙන භින්‍දිත්‍වා පාචිත‍්තියං දෙසෙතබ‍්බං.

කාරාපෙය්‍ය කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වෙයි. ලැබීමෙන් බිඳ පියා පචිති ඇවැත් දෙසිය යුතු.

අත‍්තනා විප‍්පකතං අත‍්තනා පරියොසාපෙති, ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අත‍්තනා විප‍්පකතං පරෙහි පරියොසාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. පරෙහි විප‍්පකතං අත‍්තනා පරියොසාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. පරෙහි විප‍්පකතං පරෙහි පරියොසාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

තමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.

අඤ‍්ඤස‍්සත්‍ථාය කරොති වා කාරාපෙති වා ආපත‍්ති දුක‍්කටස‍්ස. අඤ‍්ඤෙන කතං පටිලභිත්‍වා පරිභුඤ‍්ජති ආපත‍්ති දුක‍්කටස‍්ස.

මෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්ද ලැබ පරිභෝග කෙරේ නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති ගණ‍්ඨිකාය අරණිකෙ, වීඨෙ, අඤ‍්ජනියා, අඤ‍්ජනිසලාකාය, වාසිජටෙ, උදකපුඤ‍්ඡනියා, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

ගණ්ඨියෙහි අරණියෙහි (ගිනිගානාදඬුයෙහි) කාබාන් විටුයෙහි අඳුන් තලයෙහි, අඳුන් ලහයෙහි, වෑදඬියෙහි, දියපිස්නෙහි ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.

සූචිඝරසික‍්ඛාපදං චතුත්‍ථං.

සතරවැනි සූවිඝර ශික්‍ෂාපද යි.