මඤ්චසික්ඛාපදං
6. 9. 5.
6. 9. 5.
මඤ්චසික්ඛාපදං
මඤ්ච ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා උපනන්දො සක්යපුත්තො උච්චෙ මඤ්චෙ සයති. අථ ඛො භගවා සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං සෙනාසනචාරිකං ආහිණ්ඩන්තො යෙනායස්මතො උපනන්දස්ස සක්යපුත්තස්ස විහාරො තෙනුපසඞ්කමි. අද්දසා ඛො ආයස්මා උපනන්දො සක්යපුත්තො භගවන්තං දූරතොව ආගච්ඡන්තං, දිස්වාන භගවන්තං එතදවොච: ආගච්ඡතු මෙ භන්තෙ භගවා සයනං පස්සතූති. අථ ඛො භගවා තතො ව පටිනිවත්තිත්වා භික්ඛූ ආමන්තෙසි, ආසයතො භික්ඛවෙ මොඝපුරිසො වෙදිතබ්බොති, අථ ඛො භගවා ආයස්මන්තං උපනන්දං සක්යපුත්තං අනෙකපරියායෙන විගරහිත්වා දුභරතාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ආයුෂ්මත් උපනන්ද ශාක්‍ය පුත්‍ර උස් හැඳෙකැ හොවී. එකල්හි භාග්‍යවතුන් වහන්සේ බොහෝ මහණුන් සමග සේනාසන චාරිකායෙහි ඇවිදිනා සේක් ආයුෂ්මත් උපනන්ද ශාක්යපුත්රගේ වෙහෙර වෙතැ එළැඹිසේකි. ආයුෂ්මත් උපනන්ද ශාක්‍ය පුත්‍ර දුර දී මැ වඩනා වූ භාග්‍යවතුන් දුටුවේ යි. දැකැ භාග්‍යවතුන්හට මෙය කී යැ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වඩනා සේක්වා මාගේ යහන බලන සේක්ව යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එතැනින් මැ පෙරළා වැඩ මහණුන් ඇමැතූ සේකැ. මහණෙනි ආශ්‍රයස්ථානයෙන් හිස් පුරුෂයා දත යුත්තේ යි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍රයහට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව් පිණිස ... මෙසේ ද මහණෙනි මේ සිකපදය උදෙසවු,
නවං පන භික්ඛුනා මඤ්චං වා පීඨං වා කාරයමානෙන අට්ඨඞ්ගුලපාදකං කාරෙතබ්බං සුගතඞ්ගුලෙන අඤ්ඤත්ර හෙට්ඨිමාය අටනියා. තං අතික්කාමයතො ඡෙදනකං පාචිත්තියන්ති.
“අළුත් හැඳක් හෝ පුටුවක් හෝ කරවන මහණහු විසින් හැඳවතෙහි යටැ කොටස තබා සුගත් අඟුලෙන් අටඟුල් පා ඇති සේ කැරවිය යුතු යි. එය ඉක්මවන්නාහට ඡේදනක පචිති ඇවැත් වේ”යයි.
2. නවං නාම: කරණං උපාදාය වුච්චති.
2. නව නම්: කිරීම නිසා කියනු ලැබේ.
මඤ්චො නාම: චත්තාරො මඤ්චා මසාරකො බුන්දිකාබද්ධො කුළීරපාදකො ආහච්චපාදකො.
මඤ්ච නම්: මසාරක යැ බුන්දිකාබද්ධ යැ කුළීරපාදක යැ ආහච්චපාදක යැ යි සතර හැඳෙකි.
පීඨං නාම: චත්තාරි පීඨානි මසාරකං බුන්දිකාබද්ධං කුළීරපාදකං ආහච්චපාදකං.
පීඨ නම්: මසාරක යැ බුන්දිකාබද්ධ යැ කුළීරපාදක යැ ආහච්චපාදක යැ යි සතර පුටුවෙකි.
කාරයමානෙනාති: කරොන්තො වා කාරාපෙන්තො වා.
කාරයමානෙන; කරන්නේ හෝ කරවන්නේ හෝ;
අට්ඨඞ්ගුලපාදකං කාරෙතබ්බං සුගතඞ්ගුලෙන, අඤ්ඤත්ර හෙට්ඨිමාය අටනියාති ඨපෙත්වා හෙට්ඨිමං අටනිං. තං අතික්කාමෙත්වා කරොති වා කාරාපෙති වා, පයොගෙ දුක්කටං. පටිලාභෙන ඡින්දිත්වා පාචිත්තියං දෙසෙතබ්බං.
අට්ඨඞ්ගුලපාදකං කාරෙතබ්බං සුගතඞ්ගුලෙන අඤ්ඤත්ර හෙට්ඨිමාය අටනියා: යට හැඳවත තබා; එය ඉක්මවා කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වේ. ලැබීමෙන් සිඳැ පචිති ඇවැත් දෙසිය යුතු
අත්තනා විප්පකතං අත්තනා පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස. අත්තනා විප්පකතං පරෙහි පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස. පරෙහි විප්පකතං අත්තනා පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස. පරෙහි විප්පකතං පරෙහි පරියොසාපෙති ආපත්ති පාචිත්තියස්ස.
තමා විසින් නිමාම් නොකරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නොකරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.
අඤ්ඤස්සත්ථාය කරොති වා කාරාපෙති වා ආපත්ති දුක්කටස්ස. අඤ්ඤෙන කතං පටිලභිත්වා පරිභුඤ්ජති ආපත්ති දුක්කටස්ස.
මෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්දක් ලැබ පිරිබෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: පමාණිකං කරොති, ඌනකං කරොති, අඤ්ඤෙන කතං පමාණාතික්කන්තං පටිලභිත්වා ඡින්දිත්වා පරිභුඤ්ජති, උම්මත්තකස්ස, ආදිකම්මිකස්සාති.
පමණින් යුතු කොට කෙරේ නම්, උනු කොට කෙරේ නම්, මෙරමා විසින් කරන ලද පමණ ඉක්මවූවක් ලැබ සිඳ පිරිබෝ කෙරේ නම්, ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
මඤ්චසික්ඛාපදං පඤ්චමං.
පස්වැනි මඤ්ච ශික්ෂාපද යි.