යෙදුමෙන් කියවන්න

තූලොනද‍්ධසික‍්ඛාපදං

6. 9. 6.

6. 9. 6.

තූලොනද‍්ධසික‍්ඛාපදං

තුලෝනද්ධ ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ මඤ‍්චම‍්පි පීඨම‍්පි තූලොනද‍්ධං කාරාපෙන‍්ති. මනුස‍්සා විහාරචාරිකං ආහිණ‍්ඩන‍්තා පස‍්සිත්‍වා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා මඤ‍්චම‍්පි පීඨම‍්පි තූලොනද‍්ධං කාරාපෙස‍්සන‍්ති, සෙය්‍යථාපි ගිහී කාමභොගිනොති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු හැඳ ද පුටුව ද පුළුන් බහා වළඳනා ලද්දක් කොට කරවති. මිනිස්සු විහාරචාරිකායෙහි ඇවිදිනාහු දැකැ ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ කාමභෝගී ගිහියන් මෙන් හැඳ ද පුටුව ද පුළුන් බහා වළඳනා ලද්දක් කොට කැරැවූහු දැ යි.

2. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති, කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ මඤ‍්චම‍්පි පීඨම‍්පි තූලොනද‍්ධං කාරාපෙස‍්සන‍්තීති -පෙ- සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ මඤ‍්චම‍්පි පීඨම‍්පි තූලොනද‍්ධං කාරාපෙථාති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා මඤ‍්චම‍්පි පීඨම‍්පි තූලොනද‍්ධං කාරාපෙස‍්සථ, නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු හැඳ ද පුටුව ද පුළුන් බහා වළඳනා ලද්දක් කොට කැරැවූහු දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි හැඳ ද පුටුව ද පුළුන් බහා වළඳනා ලද්දක් කොට කරවවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු නොයෙක් අයුරින් ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි හැඳ ද පුටුව ද පුළුන් බහා වළඳනා ලද්දක් කොට කැරැවූහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:

යො පන භික‍්ඛු මඤ‍්චං වා පීඨං වා තූලොනද‍්ධං කාරාපෙය්‍ය උද‍්දාලනකං පාචිත‍්තිය”න‍්ති.

යම් මහණෙක් හැඳක් හෝ පුටුවක් හෝ පුළුන් බහා වළඳනා ලද්දක් කොට කරවන්නේ නම් විදැහීම් ඇති පචිති වේ යයි.

3. යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.

මඤ‍්චො නාම: චත‍්තාරො මඤ‍්චා මසාරකො බුන්‍දිකාබද‍්ධො කුළීරපාදකො ආහච‍්චපාදකො.

මඤ්ච නම්: මසාරක යැ බුන්‍දිකාබද්ධ යැ කුළීරපාදක යැ ආහච්ච පාදක යැ යි සතර හැඳෙකි.

පීඨං නාම: චත‍්තාරි පීඨානි මසාරකං බුන්‍දිකාබද‍්ධං කුළීරපාදකං ආහච‍්චපාදකං.

පීඨ නම්: මසාරක යැ බුන්‍දිකාබද්ධ යැ කුළීරපාදක යැ ආහච්ච පාදක යැ යි සතර පුටුවෙකි.

තූලං නාම: තීණිතූලානි රුක‍්ඛතූලං ලතාතූලං පොටකිතූලං.

තුල නම්: රුක් පුළුනැ ලියපුළුනැ තණපුළුනැ යි තුන් පුළුනෙකි.

කාරාපෙය්‍යාති කරොති වා කාරාපෙති වා පයොගෙ දුක‍්කටං. පටිලාභෙන උද‍්දාලෙත්‍වා පාචිත‍්තියං දෙසෙතබ‍්බං.

කාරාපෙය්‍ය: කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වේ. ලැබීමෙන් විදැ හෙළා පචිති දෙසිය යුතු යි.

අත‍්තනා විප‍්පකතං අත‍්තනා පරියොසාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අත‍්තනා විප‍්පකතං පරෙහි පරියොසාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. පරෙහි විප‍්පකතං අත‍්තනා පරියොසාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. පරෙහි විප‍්පකතං පරෙහි පරියොසාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

තමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.

අඤ‍්ඤස‍්සත්‍ථාය කරොති වා කාරාපෙති වා ආපත‍්ති දුක‍්කටස‍්ස. අඤ‍්ඤෙන කතං පටිලභිත්‍වා පරිභුඤ‍්ජති ආපත‍්ති දුක‍්කටස‍්ස.

මෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්දක් ලැබ පිරිබෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: ආයොගෙ කායබන්‍ධනෙ අංසවට‍්ටකෙ පත්‍ථවිකාය, පරිස‍්සාවනෙ බිබ‍්බොහනං කරොති අඤ‍්ඤෙන කතං පටිලභිත්‍වා උද‍්දාලෙත්‍වා පරිභුඤ‍්ජති, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

ආයෝගපට්ටයෙහි, කාබානෙහි, අංසවට්ටකයෙහි, පාත්‍රථවිකායෙහි, පෙරහනෙහි, මාවුලාවක් කෙරේ නම්, මෙරමා විසින් කරන ලද්දක් ලැබැ විදැ හෙළා පිරිබෝ කෙරේ නම් ඇවැත් නැත, උම්මත්තකයහට ආදි කම්මිකයහට ඇවැත් නැති.

තූලොනද‍්ධසික‍්ඛාපදං ඡට‍්ඨං.

සවැනි තුලෝනද්ධ ශික්‍ෂාපද යි.