යෙදුමෙන් කියවන්න

නිසීදනසික‍්ඛාපදං

6. 9. 7.

6. 9. 7.

නිසීදනසික‍්ඛාපදං

නිසීදන ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවතා භික‍්ඛූනං නිසීදනං අනුඤ‍්ඤාතං හොති. ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ භගවතා නිසීදනං අනුඤ‍්ඤාන‍්ති අප‍්පමාණිකානි නිසීදනානි ධාරෙන‍්ති මඤ‍්චස‍්සපි පීඨස‍්සපි පුරතොපි පච‍්ඡතොපි ඔලම‍්බෙන‍්ති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති, කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අප‍්පමාණිකානි නිසීදනානි ධාරෙස‍්සන‍්තීති -පෙ- සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ අප‍්පමාණිකානි නිසීදනානි ධාරෙථාති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා අප‍්පමාණිකානි නිසීදනානි ධාරෙස‍්සථ. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භාග්‍යවතුන් විසින් මහණුන්හට නිසීදනයෙක් අනුදන්නා ලද්දේ වෙයි. සවග මහණහු භාග්‍යවතුන් විසින් නිසීදනය අනුදන්නා ලදැ යි පමණ ඉක්ම වූ නිසීදනයන් ධරත්. හැඳෙහි දු පුටුවෙහි දු ඉදිරියෙනුදු පස්සෙනුදු එල්බෙත්. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මහණහු පමණ ඉක්මවූ නිසීදනයන් ධැරූහු දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි පමණ ඉක්මවූ නිසීදනයන් ධරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි පමණ ඉක්මවූ නිසීදනයන් දැරුවහු ද? හිස් පුරුෂයෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙ සිකපදය උදෙසවු:

නිසීදනං පන භික‍්ඛුනා කාරයමානෙන පමාණිකං කාරෙතබ‍්බං තත්‍රිදං පමාණං දීඝසො ද‍්වෙ විදත්‍ථියො සුගතවිදත්‍ථියා තිරියං දියඩ‍්ඪං. තං අතික‍්කාමයතො ඡෙදනකං පාචිත‍්තියන‍්ති.

නිසීදනයක් කරවනු කැමැති මහණහු විසින් පමණින් යුතු කොට කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ: දිගින් සුගත් වියතින් දෙවියතෙකැ සරසින් යෙළවියතෙකි. එය ඉක්මවන්නාහට ඡේදනක පාචිත්තිය ඇවැත් වේ යයි.

එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මෙ සිකපදය පනවන ලද්දේ වෙයි.

2. තෙන ඛො පන සමයෙන ආයස‍්මා උදායී මහාකායො හොති. සො භගවතො පුරතො නිසීදනං පඤ‍්ඤපෙත්‍වා සමන‍්තතො සමඤ‍්ඡමානො නිසීදි. අථ ඛො භගවා ආයස‍්මන‍්තං උදායිං එතදවොච: කිස‍්ස ත්‍වං උදායි නිසීදනං පඤ‍්ඤාපෙත්‍වා සමන‍්තතො සමඤ‍්ඡසි සෙය්‍යථාපි පුරාණාසිකොට‍්ඨොති. තථා හි පන භන‍්තෙ භගවතා භික‍්ඛූනං අතිඛුද‍්දකං නිසීදනං අනුඤ‍්ඤාතන‍්ති. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි “අනුජානාමි භික‍්ඛවෙ නිසීදනස‍්ස දසං විදත්‍ථිං” එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

2. එසමයෙහි වනාහි ආයුෂ්මත් උදායී මහත් සිරිරි ඇතියේ වෙයි. හේ භාග්‍යවතුන් පෙරටුයෙහි නිසීදනය පනවා හාත්පසින් අදිමින් හුන්නේ යැ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උදායිහට මෙය වදාළ සේකැ. කුමකට තෙපි උදායි, නිසීදනය පනවා පැරැණි සොම්මරකු මෙන් හාත්පසින් අදනෙහි දැ? යි. ස්වාමීනි, භාග්‍යවතුන් විසින් මහණුන්හට එබඳු ඉතා කුඩා නිසීදනයෙක් අනුදන්නා ලද්දේ මැ නු? ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙඅවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමැතූ සේකැ. “මහණෙනි, නිසීදනයාගේ දහවලු වියතක් අනුදනිමි.” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:

නිසීදනං පන භික‍්ඛුනා කාරයමානෙන පමාණිකං කාරෙතබ‍්බං තත්‍රිදං පමාණං, දීඝසො ද‍්වෙ විදත්‍ථියො සුගතවිදත්‍ථියා. තිරියං දියඩ‍්ඪං, දසා විදත්‍ථි, තං අතික‍්කාමයතො ඡෙදනකං පාචිත‍්තියන‍්ති.

නිසීදනයක් කරවනු කැමැති මහණහු විසින් පමණින් යුතු කොට කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ දිගින් සුගත් වියතින් දෙවියතෙකැ සරසින් යෙළ වියතෙකැ. දහවලුව වියතෙකි. එය ඉක්මවන්නාහට ඡේදනක පචිති වේ යයි.

3. නිසීදනං නාම: සදසං වුච‍්චති.

3. නිසීදන නම්: දහවලු සහිතය කියනු ලැබේ.

කාරයමානෙනාති: කරොන‍්තො වා කාරාපෙන‍්තො වා. පමාණිකං කාරෙතබ‍්බං. තත්‍රිදං පමාණං දීඝසො ද‍්වෙ විදත්‍ථියො සුගතවිදත්‍ථියා තිරියං දියඩ‍්ඪං. දසා විදත්‍ථි තං අතික‍්කාමෙත්‍වා කරොති වා කාරාපෙති වා පයොගෙ දුක‍්කටං. පටිලාභෙන ඡින්‍දිත්‍වා පාචිත‍්තියං දෙසෙතබ‍්බං.

කාරයමානෙන: කරන්නේ හෝ කරවන්නේ හෝ, පමණින් යුතු කොට කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ. දිගින් සුගත් වියතින් දෙවියතෙකැ, සරසින් යෙළ විය තෙකැ, දහවලුව වියතෙකි. එය ඉක්මවා කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වේ. ලැබීමෙන් සිඳලා පචිති දෙසිය යුතු යි.

අත‍්තනා විප‍්පකතං අත‍්තනා පරියොසාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අත‍්තනා විප‍්පකතං පරෙහි පරියොසාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. පරෙහි විප‍්පකතං අත‍්තනා පරියොසාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස, පරෙහි විප‍්පකතං පරෙහි පරියොසාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

තමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.

අඤ‍්ඤස‍්සත්‍ථාය කරොති වා කාරාපෙති වා ආපත‍්ති දුක‍්කටස‍්ස. අඤ‍්ඤෙන කතං පටිලභිත්‍වා පරිභුඤ‍්ජති ආපත‍්ති දුක‍්කටස‍්ස.

මෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්දක් ලැබ පිරිබෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: පමාණිකං කරොති, ඌනකං කරොති, අඤ‍්ඤෙන කතං පමාණාතික‍්කන‍්තං පටිලභිත්‍වා ඡින්‍දිත්‍වා පරිභුඤ‍්ජති, විතානං වා භූමත්‍ථරණං වා සාණිපාකාරං වා භිසිං වා බිබ‍්බොහනං වා කරොති, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

පමණින් යුතු කොට කෙරේ නම් උනු කොට කෙරේ නම් මෙරමා විසින් කරන ලද පමණ ඉක්මවූවක් ලැබ සිඳලා පිරිබෝ කෙරේ නම්, වියනක් හෝ බුමුතුරුණක් හෝ කඩතුරාවක් හෝ බිස්සක් හෝ මාවුලාවක් හෝ කෙරේ නම්, ඇවැත් නැත. උම්මත්තකයහට ආදි කම්මිකයහට ඇවැත් නැති.

නිසීදනසික‍්ඛාපදං සත‍්තමං.

සත්වැනි නිසීදන ශික්‍ෂාපද යි.