යෙදුමෙන් කියවන්න

කණ‍්ඩුප‍්පටිච‍්ඡාදිසික‍්ඛාපදං

6. 9. 8.

6. 9. 8.

කණ‍්ඩුප‍්පටිච‍්ඡාදිසික‍්ඛාපදං

කණ්ඩුපටිච්ඡාදි ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවතා භික‍්ඛූනං කණ‍්ඩුප‍්පටිච‍්ඡාදි අනුඤ‍්ඤාතා හොති. ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ භගවතා කණ‍්ඩුප‍්පටිච‍්ඡාදි අනුඤ‍්ඤාතාති අප‍්පමාණිකායො කණ‍්ඩුපටිච‍්ඡාදියො ධාරෙන‍්ති, පුරතොපි පච‍්ඡතොපි ආකඩ‍්ඪන‍්තා ආහිණ‍්ඩන‍්ති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භාග්‍යවතුන් විසින් මහණුන්හට කස්පිළිසනෙක් අනුදන්නා ලද්දේ වෙයි. සවග මහණහු භාග්‍යවතුන් විසින් කස්පිළිසනෙක් අනුදන්නා ලදැ යි පමණ ඉක්මවූ කස් පිළිසන් දරති. ඉදිරියෙනුදු පස්සෙනුදු අදිමින් ඇවිදිත්. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්:

“කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අප‍්පමාණිකායො කණ‍්ඩුපටිච‍්ඡාදියො ධාරෙස‍්සන‍්තීති” -පෙ- සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ අප‍්පමාණිකායො කණ‍්ඩුපටිච‍්ඡාදියො ධාරෙථාති. සච‍්චං භගවා, විගරහි බුද‍්ධො භගවා: -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා අප‍්පමාණිකායො කණ‍්ඩුපටිච‍්ඡාදියො ධාරෙස‍්සථ. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

“කෙසේ නම් සවග මහණහු පමණ ඉක්මවූ කස් පිළිසන් දැරුහු දැ යි ... සැබෑද මහණෙනි, තෙපි පමණ ඉක්මවූ කස් පිළිසන් දරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු නොයෙක් අයුරින් ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි පමණ ඉක්මවූ කස් පිළිසන් දැරුවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මේ සිකපදය උදෙසවු:

කණ‍්ඩුප‍්පටිච‍්ඡාදිං පන භික‍්ඛුනා කාරයමානෙන පමාණිකා කාරෙතබ‍්බා තත්‍රිදං පමාණං, දීඝසො චතස‍්සො විදත්‍ථියො සුගතවිදත්‍ථියා තිරියං ද‍්වෙ විදත්‍ථියො තං අතික‍්කාමයතො ඡෙදනකං පාචිත‍්තියන‍්ති.

කස්පිළිසනක් කරවනු කැමැති මහණහු විසින් පමණින් යුතු කොට කැරැවිය යුතු යැ. එහි මේ පමණ යැ දිගින් සුගත වියතින් සිවු වියතෙකැ. සරසින් දෙවියතෙකි. එය ඉක්මවන්නාහට ඡේදනක පචිති වේ යයි.

2. කණ‍්ඩුපටිච‍්ඡාදි නාම: යස‍්ස අධොනාභි උබ‍්භජාණුමණ‍්ඩලං කණ‍්ඩු වා පිළකා වා අස‍්සාවො වා ථුල‍්ලකච‍්ඡු වා ආබාධො තස‍්ස පටිච‍්ඡාදනත්‍ථාය.

2. කණ්ඩුපටි ඡාදි නම්: යමක්හුගේ නැබෙන් යට දණමඬලෙන් උඩ කැසිල්ලෙක් හෝ පොළෙක් හෝ මලවැහීමෙක් හෝ මහත් කස් ආබාධයෙක් හෝ වේ නම් ඒ ආබාධයාගේ වැසීම පිණිස.

කාරයමානෙනාති: කරොන‍්තො වා කාරාපෙන‍්තො වා. පමාණිකා කාරෙතබ‍්බා: තත්‍රිදං පමාණං දීඝසො චතස‍්සො විදත්‍ථියො සුගතවිදත්‍ථියා තිරියං ද‍්වෙ විදත්‍ථියො. තං අතික‍්කාමෙත්‍වා කරොති වා කාරාපෙති වා පයොගෙ දුක‍්කටං. පටිලාභෙන ඡින්‍දිත්‍වා පාචිත‍්තියං දෙසෙතබ‍්බං.

කාරයමානෙන: කරන්නේ හෝ කරවන්නේ හෝ; පමණින් යුතු කොට කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ දිගින් සුගත් වියතින් සිවු වියතෙකැ. සරසින් දෙවියතෙකි. එය ඉක්මවා කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වේ. ලැබීමෙන් සිඳලා පචිති දෙසිය යුතු යි.

අත‍්තනා විප‍්පකතං අත‍්තනා පරියොසාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අත‍්තනා විප‍්පකතං පරෙහි පරියොසාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. පරෙහි විප‍්පකතං අත‍්තනා පරියොසාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. පරෙහි විප‍්පකතං පරෙහි පරියොසාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

තමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.

අඤ‍්ඤස‍්සත්‍ථාය කරොති වා කාරාපෙති වා ආපත‍්ති දුක‍්කටස‍්ස. අඤ‍්ඤෙන කතං පටිලභිත්‍වා පරිභුඤ‍්ජති ආපත‍්ති දුක‍්කටස‍්ස.

මෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්දක් ලැබ පරිභෝග කෙරේ නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: පමාණිකං කරොති, ඌනකං කරොති, අඤ‍්ඤෙන කතං පමාණාතික‍්කන‍්තං පටිලභිත්‍වා ඡින්‍දිත්‍වා පරිභුඤ‍්ජති, විතානං වා භූමත්‍ථරණං වා සාණිපාකාරං වා භිසිං වා බිබ‍්බොහනං වා කරොති උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

පමණින් යුතු කොට කෙරේ නම් උනු කොට කෙරේ නම් මෙරමා විසින් කරන ලද පමණ ඉක්මවූවක් ලැබ සිඳැලා පරිභෝග කෙරේ නම් වියනක් හෝ බුමුතුරුණක් හෝ කඩතුරාවක් හෝ බිස්සක් හෝ මාවුලාවක් හෝ කෙරේ නම්, ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.

කණ‍්ඩුපටිච‍්ඡාදිසික‍්ඛාපදං අට‍්ඨමං.

අටවැනි කණ්ඩුපටිච්ඡාදි ශික්‍ෂාපද යි.