යෙදුමෙන් කියවන්න

වස‍්සිකසාටිකාසික‍්ඛාපදං

6. 9. 9.

6. 9. 9.

වස‍්සිකසාටිකාසික‍්ඛාපදං

වස්සකාටික ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවතා භික‍්ඛූනං වස‍්සිකසාටිකා අනුඤ‍්ඤාතා හොති. ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ භගවතා වස‍්සිකසාටිකා අනුඤ‍්ඤාතාති අප‍්පමාණිකායො වස‍්සිකසාටිකායො ධාරෙන‍්ති පුරතොපි පච‍්ඡතොපි ආකඩ‍්ඪන‍්තා ආහිණ‍්ඩන‍්ති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති, “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අප‍්පමාණිකායො වස‍්සිකසාටිකායො ධාරෙස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ අප‍්පමාණිකායො වස‍්සිකසාටිකායො ධාරෙථාති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා අප‍්පමාණිකායො වස‍්සික සාටිකායො ධාරෙස‍්සථ. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භාග්‍යවතුන් විසින් මහණුන්හට වැසිසළු අනුදන්නා ලද වෙයි. සවග මහණහු භාග්‍යවතුන් විසින් වැසිසළු අනුදන්නා ලදැ යි පමණ ඉක්මවූ වැසිසළු දරති. ඉදිරියෙනුදු පස්සෙනුදු අදිමින් ඇවිදිත්. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු පමණ ඉක්මවූ වැසිසළු දැරුහු දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි පමණ ඉක්මවූ වැසිසළු දරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි පමණ ඉක්මවූ වැසිසළු දැරුවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු;

වස‍්සිකසාටිකං පන භික‍්ඛුනා කාරයමානෙන පමාණිකා කාරෙතබ‍්බා. තත්‍රිදං පමාණං දීඝසො ඡවිදත්‍ථියො සුගතවිදත්‍ථියා තිරියං අඩ‍්ඪතෙය්‍යා තං අතික‍්කාමයතො ඡෙදනකං පාචිත‍්තියන‍්ති.

වැසිසළුවක් කරවනු කැමැති මහණහු විසින් පමණින් යුතු කොට කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ, දිගින් සුගත්වියතින් සවියතෙකැ, සරසින් යෙළ තුන්වියතෙකි. එය ඉක්මවන්නාහට සිඳැලීම් ඇති පචිති වේ යයි.

2. වස‍්සිකසාටිකා නාම: වස‍්සානස‍්ස චතුමාසත්‍ථාය.

2. වස්සාටිකා නම්: වසන්හි සිවුමස පිරිබෝ පිණිස යැ,

කාරයමානෙනාති: කරොන‍්තො වා කාරාපෙන‍්තො වා. පමාණිකා කාරෙතබ‍්බා. තත්‍රිදං පමාණං දීඝසො ඡවිදත්‍ථියො සුගතවිදත්‍ථියා. තිරියං අඩ‍්ඪතෙය්‍යා. තං අතික‍්කාමෙත්‍වා කරොති වා කාරාපෙති වා, පයොගෙ දුක‍්කටං. පටිලාභෙන ඡින්‍දිත්‍වා පාචිත‍්තියං දෙසෙතබ‍්බං.

කාරයමානෙන: කරන්නේ හෝ කරවන්නේ හෝ; පමණින් යුතු කොට කැරැවිය යුතු යි. එහි මේ පමණ යැ: දිගින් සුගත්වියතින් සවියතෙකැ. සරසින් යෙළ තුන්වියතෙකි. එය ඉක්මවා කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වේ. ලැබීමෙන් සිඳැලා පචිති දෙසිය යුතු යි.

අත‍්තනා විප‍්පකතං අත‍්තනා පරියොසාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අත‍්තනා විප‍්පකතං පරෙහි පරියොසාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. පරෙහි විප‍්පකතං අත‍්තනා පරියොසාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. පරෙහි විප‍්පකතං පරෙහි පරියොසාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

තමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නොකරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි, මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.

අඤ‍්ඤස‍්සත්‍ථාය කරොති වා කාරාපෙති වා ආපත‍්ති දුක‍්කටස‍්ස. අඤ‍්ඤෙන කතං පටිලභිත්‍වා පරිභුඤ‍්ජති ආපත‍්ති දුක‍්කටස‍්ස.

මෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්දක් ලැබ පිරිබෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: පමාණිකං කරොති, ඌනකං කරොති අඤ‍්ඤෙන කතං පමාණාතික‍්කන‍්තං පටිලභිත්‍වා ඡින්‍දිත්‍වා පරිභුඤ‍්ජති, විතානං වා භූමත්‍ථරණං වා සාණිපාකාරං වා භිසිං වා බිබ‍්බොහනං වා කරොති, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

පමණින් යුතු කොට කෙරේ නම්, උනු කොට කෙරේ නම්, මෙරමා විසින් කරන ලද පමණ ඉක්මවූවක් ලැබ සිඳැලා පිරිබෝ කෙරේ නම්, වියනක් හෝ බුමුතුරුණක් හෝ කඩතුරාවක් හෝ බිස්සක් හෝ මාවුලාවක් හෝ කෙරේ නම්, ඇවැත් නැති. උම්මත්තකයහට ආදි කම්මිකයහට ඇවැත් නැති.

වස‍්සිකසාටිකසික‍්ඛාපදං නවමං.

නවවැනි වස්සිකසාටික ශික්‍ෂාපද යි.