යෙදුමෙන් කියවන්න

නන්‍දත්‍ථෙරසික‍්ඛාපදං

6. 9. 10.

6. 9. 10.

නන්‍දත්‍ථෙරසික‍්ඛාපදං

නන්‍දත්‍ථේර ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස‍්මා නන්‍දො භගවතො මාතුච‍්ඡාපුත‍්තො අභිරූපො හොති දස‍්සනීයො පාසාදිකො චතුරඞ‍්ගුලොමකො භගවතො. සො සුගතචීවරප‍්පමාණං චීවරං ධාරෙති: අද‍්දසංසු ඛො ථෙරා භික‍්ඛූ ආයස‍්මන‍්තං නන්‍දං දූරතොව ආගච‍්ඡන‍්තං. දිස‍්වා භගවා ආගච‍්ඡතීති ආසනා උට‍්ඨහිත්‍වා තෙ උපගතෙ සඤ‍්ජානිත්‍වා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති– කථං හි නාම ආයස‍්මා නන්‍දො සුගතචීවරප‍්පමාණං චීවරං ධාරෙස‍්සතී”ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. අථ ඛො භගවා ආයස‍්මන‍්තං නන්‍දං පටිපුච‍්ඡි, සච‍්චං කිර ත්‍වං නන්‍ද සුගතචීවරප‍්පමාණං චීවරං ධාරෙසීති, සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම ත්‍වං නන්‍ද සුගතචීවරප‍්පමාණං චීවරං ධාරෙස‍්සසි නෙතං නන්‍ද අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භාග්‍යවතුන් ගේ සුළුමවගේ පුත්‍ර වූ ආයුෂ්මත් නන්‍දස්ථවිර තෙමේ විශිෂ්ටරූප ඇතියේ දැකුම්කලු වූයේ පැහැදුම් එළවනුයේ භාග්‍යවතුන්හට සතරඟුලෙකින් මිටි වූයේ වෙයි. හේ සුගත්සිවුරුපමණ සිවුරක් දරයි. ස්ථවිර භික්‍ෂූහු දුර දී මැ එන්නාවූ ආයුෂ්මත් නන්‍දතෙරහු දුටුහු දැකැ භාග්‍යවතුන් වහන්සේ වඩනාසේකැ යි හුනස්නෙන් නැගිට ඔහුවෙතැ එළැඹි කල්හි හැඳිනැ ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආයුෂ්මත් නන්‍දස්ථවිර තෙමේ සුගත්සිවුරුපමණ සිවුරක් දැරී දැ යි. භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නන්‍දතෙරහු පුළුවුත් සේකැ. සැබෑ ද නන්‍දයෙනි, තෙපි සුගත්සිවුරුපමණ සිවුරක් දරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරැහූහ ... කෙසේ නම් නන්‍දයෙනි, තෙපි සුගත්සිවුරුපමණ සිවුරක් දැරුවහු ද? නන්‍දයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:

යො පන භික‍්ඛු සුගතචීවරප‍්පමාණං චීවරං කාරාපෙය්‍ය අතිරෙකං වා ඡෙදනකං පාචිත‍්තියං තත්‍රිදං සුගතස‍්ස සුගතචීවරප‍්පමාණං දීඝසො නව විදත්‍ථියො සුගතවිදත්‍ථියා තිරියං ඡවිදත්‍ථියො ඉදං සුගතස‍්ස සුගතචීවරප‍්පමාණන‍්ති.

යම් මහණෙන් සුගත්සිවුරුපමණ හෝ අයිරා කොට හෝ සිවුරක් කරවන්නේ නම් ඡේදනක පචිති ඇවැත් වෙයි. එහි මේ සුගත්හුගේ සුගත්සිවුරෙහි පමණ යැ, දිගින් සුගත්වියතින් නවවියතෙකැ, සරසින් සවියතෙකි. මේ සුගතයන්ගේ සුගත් සිවුරෙහි පමණ යි.

2. යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

2. යො පන: යම්, යම්බඳු ... භික්ඛු: මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.

සුගතචීවරං නාම: දීඝසො නව විදත්‍ථියො සුගතවිදත්‍ථියා තිරියං ඡවිදත්‍ථියො.

සුගතවිවර නම්: දිගින් සුගත්වියතින් නවවියතෙකැ, සරසින් සවියතෙකි.

කාරාපෙය්‍යාති: කරොති වා කාරාපෙති වා පයොගෙ දුක‍්කටං. පටිලාභෙන ඡින්‍දිත්‍වා පාචිත‍්තියං දෙසෙතබ‍්බං.

කාරාපෙය්‍ය: කෙරේ නම් හෝ කරවා නම් හෝ පියෝහි දුකුළා වේ. ලැබීමෙන් සිඳැලා පචිති දෙසිය යුතු යි.

අත‍්තනා විප‍්පකතං අත‍්තනා පරියොසාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. අත‍්තනා විප‍්පකතං පරෙහි පරියොසාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. පරෙහි විප‍්පකතං අත‍්තනා පරියොසාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස. පරෙහි විප‍්පකතං පරෙහි පරියොසාපෙති ආපත‍්ති පාචිත‍්තියස‍්ස.

තමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. තමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද තෙමේ නිමාම් කෙරේ නම් පචිති ඇවැත් වෙයි. මෙරමා විසින් නිමාම් නො කරන ලද්ද මෙරමා ලවා නිමාම් කරවා නම් පචිති ඇවැත් වේ.

අඤ‍්ඤස‍්සත්‍ථාය කරොති වා කාරාපෙති වා ආපත‍්ති දුක‍්කටස‍්ස. අඤ‍්ඤෙන කතං පටිලභිත්‍වා පරිභුඤ‍්ජති ආපත‍්ති දුක‍්කටස‍්ස.

මෙරමා සඳහා කෙරේ නම් හෝ කරවා නම් හෝ දුකුළා ඇවැත් වෙයි. මෙරමා විසින් කරන ලද්දක් ලැබ පිරිබෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: ඌනකං කරොති. අඤ‍්ඤෙන කතං පටිලභිත්‍වා ඡින්‍දිත්‍වා පරිභුඤ‍්ජති, විතානං වා භූමත්‍ථරණං වා සාණිපාකාරං වා භිසිං වා බිබ‍්බොහනං වා කරොති, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

උනු කොට කෙරේ නම් මෙරමා විසින් කරන ලද්දක් ලැබ සිඳැලා පිරිබෝ කෙරේ නම්, වියනක් හෝ බුමුතුරුණක් හෝ කඩතුරාවක් හෝ බිස්සක් හෝ මාවුලාවක් හෝ කෙරේ නම් ඇවැත් නැති. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.

නන්‍දත්‍ථෙරසික‍්ඛාපදං දසමං.

දස වැනි නන්‍දත්‍ථේරශික්‍ෂාපද යි.

රාජවග‍්ගො නවමො.

නවවන රාජවර්‍ගය යි.

තස‍්සුද‍්දානං:

එහි උදානය:

රඤ‍්ඤො ච රතනං සන‍්තං සූචි මඤ‍්චඤ‍්ච තූලිකං; නිසීදනඤ‍්ච කණ‍්ඩු ච වස‍්සිකං සුගතෙන චාති.

රාජන්තෙපුර යැ රතන යැ (සන්ත) විකාලෙ ගාමප්පවේසන යැ සූචීඝර යැ මඤ්ච යැ තුලෝනද්ධ යැ නිසීදන යැ කණ්ඩුපටිච්ඡාදි යැ වස්සිකසාටික යැ [සුගතචීවරය නිසා පැන වූ] නන්‍දත්‍ථේරසිඛයෙන් දැ යි. වර්‍ගය වේ.

වග‍්ගුද‍්දානං :

වර්ගෝද්දානය:

මුසා භූතඤ‍්ච ඔවාදො භොජනං චෙලකෙන ච සූරා සප‍්පාණකා ධම‍්මා රාජවග‍්ගෙන තෙ නව

මුසාවාද යැ භූතගාම යැ භික්ඛුනෝවාද යැ භෝජන යැ අවෙලකය සමඟ සුරාපාන යැ සප්පාණක යැ සහධම්මික යැ රාජවර්‍ගය සමඟ ඒ වර්‍ග නවයෙකි.

උද‍්දිට‍්ඨා ඛො ආයස‍්මන‍්තො ද‍්වෙනවුති පාචිත‍්තියා ධම‍්මා, තත්‍ථායස‍්මන‍්තෙ පුච‍්ඡාමි, කච‍්චිත්‍ථ පරිසුද‍්ධා, දුතියම‍්පි පුච‍්ඡාමි කච‍්චිත්‍ථ පරිසුද‍්ධා, තතියම‍්පි පුච‍්ඡාමි කච‍්චිත්‍ථ පරිසුද‍්ධා. පරිසුද‍්ධෙත්‍ථායස‍්මන‍්තො තස‍්මා තුණ‍්හී, එවමෙතං ධාරයාමීති.

ආයුෂ්මත්නි, දෙඅනූ පාචිත්තිධර්‍මයෝ උදෙසනලදහු මැ යි. එහි ලා ආයුෂ්මතුන් පුළුවුස්මි, කිම පිරිසුදුවහු ද? දෙවනවට දු පුළුවුස්මි, කිම පිරිසුදුවහු ද? තෙවනවට දු පුළුවුස්මි. කිම පිරිසුදුවහු ද? මෙහි ලා ආයුෂ්මත්හු පිරිසුදුහ. එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි.

ඛුද‍්දකං සමත‍්තං.

ඛුද්දකය සමාප්ත යි.