යෙදුමෙන් කියවන්න

පඨම පාටිදෙසනීය සික‍්ඛාපදං

7. 1.

7. 1.

පඨම පාටිදෙසනීය සික‍්ඛාපදං

පළමුවන පාටිදේසනීය ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරා භික‍්ඛුනී සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා පටික‍්කමනකාලෙ අඤ‍්ඤතරං භික‍්ඛුං පස‍්සිත්‍වා එතදවොච හන්‍දය්‍ය භික‍්ඛං පතිගණ‍්හාහීති. සුට‍්ඨු භගිනීති සබ‍්බෙව අග‍්ගහෙසි. සා උපකට‍්ඨෙ කාලෙ නාසක‍්ඛි පිණ‍්ඩාය චරිතුං ඡින‍්නභත‍්තා අහොසි. අථ ඛො සා භික‍්ඛුනී දුතියම‍්පි දිවසං -පෙ- තතියම‍්පි දිවසං සාවත්‍ථියං පිණ‍්ඩාය චරිත්‍වා පටික‍්කමනකාලෙ නං භික‍්ඛුං පස‍්සිත්‍වා එතදවොච හන්‍දය්‍ය භික‍්ඛං පතිගණ‍්හාහීති. සුට‍්ඨු භගිනීති සබ‍්බෙව අග‍්ගහෙසි. සා උපකට‍්ඨෙ කාලෙ නාසක‍්ඛි පිණ‍්ඩාය චරිතුං ඡින‍්නභත‍්තා අහොසි.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර ‘ජේතවන’ නම් වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩැ වෙසෙති. එසමයෙහි එක්තරා මෙහෙණක් සැවැත්නුවර පිඬුසිඟා ඇවිද පෙරළා එන කල්හි එක්තරා මහණක්හු දැක මෙසේ කිව. “ආර්‍ය්‍යයෙනි, භික්‍ෂාව පිළිගනු මැනැව” යි. “මැනැවැ නැගණියෙනි” යි සියල්ල මැ ගත්තේ යැ. ඕ වේලා ආසන්න කල්හි පිඬුසිඟා යන්නට නො හැකි වූ, එහෙයින් මැ සුන්බත් වූ යැ. එකල්හි ඒ මෙහෙණ දෙවන දවස්හි දු තුන්වන දවස්හි දු සැවැත්නුවර පිඬුසිඟා ඇවිද පෙරළා එන කල්හි ඒ මහණහු දැක තෙල කිව: “ආර්‍ය්‍යයෙනි, භික්‍ෂාව පිළිගනු මැනැවැ” යි. “මැනැවැ නැගණියෙනි” යි සියල්ල මැ පිළිගත. ඕ වේලා ආසන්න කල්හි පිඬුසිඟා යන්නට නොහැකි වූවා සුන්බත් වූ යැ.

2. අථ ඛො සා භික‍්ඛුනී චතුත්‍ථෙ දිවසෙ රථිකාය පවෙධෙන‍්තී ගච‍්ඡති. සෙට‍්ඨි ගහපති රථෙන පටිපථං ආගච‍්ඡන‍්තො තං භික‍්ඛුනිං එතදවොච අපෙහාය්‍යෙති. සා ඔක‍්කමන‍්තී තත්‍ථෙව පරිපති. සෙට‍්ඨි ගහපති තං භික‍්ඛුනිං ඛමාපෙසි ඛමාහාය්‍යෙ මයා නිපාතිතාති. නාහං ගහපති තයා නිපාතිතා අපි ච අහමෙව දුබ‍්බලාති. කිස‍්ස පන ත්‍වං අය්‍යෙ දුබ‍්බලාති. අථ ඛො සා භික‍්ඛුනී සෙට‍්ඨිස‍්ස ගහපතිස‍්ස එතමත්‍ථං ආරොචෙසි. සෙට‍්ඨි ගහපති තං භික‍්ඛුනිං ඝරං නෙත්‍වා භොජෙත්‍වා උජ‍්ඣායති ඛීයති විපාචෙති “කථං හි නාම භදන‍්තා භික‍්ඛුනියා හත්‍ථතො ආමිසං පටිග‍්ගහෙස‍්සන‍්ති කිච‍්ඡලාභො මාතුගාමොති.”

2. එසඳ ඒ මෙහෙණ සතරවන දවස්හි වීථියෙහි වෙවුළමින් යෙයි. සිටුගැහැවියෙක් රථයෙකින් පෙරමගට එන්නේ ඒ මෙහෙණට මෙය කී: “පහව යා ආර්‍ය්‍යාවෙනි” යි. ඕ බැහැරවන්නී එහි මැ ඇදැවැටුණා යැ. සිටුගැහැවි ඒ මෙහෙණ ක්‍ෂමා කරවී: “කමන්නැ ආර්‍ය්‍යාවෙනි, මා විසින් හෙළනලදු යැ” යි. “ගැහැවියෙනි, මම තොප විසින් නො හෙළන ලදුමු. වැළිත් මම් මැ දුබලයමු” යි. “ආර්‍ය්‍යාවෙනි, තෙපි කවර හෙයින් දුර්‍වල වූ දැ” යි. එකල්හි ඒ මෙහෙණ සිටු ගැහැවියහට තෙල කරුණ දැන්වූ. සිටුගැහැවි ඒ මෙහෙණ ගෙට පමුණුවා වළඳවා “කෙසේ නම් වහන්දෑවරු මෙහෙණ අතින් ආමිෂ පිළිගන්නාහු ද, මාගම දුකසේ ආමිෂ ලබන්නී යැ” යි අවමන් කරයි. අගුණ කියයි, නුගුණ පතුරුවයි.

3. අස‍්සොසුං ඛො භික‍්ඛූ තස‍්ස සෙට‍්ඨිස‍්ස ගහපතිස‍්ස උජ‍්ඣායන‍්තස‍්ස ඛීයන‍්තස‍්ස විපාචෙන‍්තස‍්ස. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “කථං හි නාම භික‍්ඛු භික‍්ඛුනියා හත්‍ථතො ආමිසං පටිග‍්ගහෙස‍්සතී”ති -පෙ- සච‍්චං කිර ත්‍වං භික‍්ඛු භික‍්ඛුනියා හත්‍ථතො ආමිසං පටිග‍්ගහෙසීති. සච‍්චං භගවා. ඤාතිකා තෙ භික‍්ඛු අඤ‍්ඤාතිකාති. අඤ‍්ඤාතිකා භගවා. අඤ‍්ඤාතකො මොඝපුරිස අඤ‍්ඤාතිකාය න ජානාති පතිරූපං වා අප‍්පතිරූපං වා සන‍්තං වා අසන‍්තං වා. කථං හි නාම ත්‍වං මොඝපුරිස අඤ‍්ඤාතිකාය භික‍්ඛුනියා හත්‍ථතො ආමිසං පටිග‍්ගහෙස‍්සසි නෙතං මොඝපුරිස අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ, ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

3. භික්‍ෂූහු අවමන් කරන අගුණ කියන නුගුණ පතුරුවන ඒ ගැහැවි සිටුහුගේ බස් ඇසූහ. යම් අල්පෙච්ඡ භික්‍ෂු කෙනෙක් ඇද්ද ඔහු “කෙසේ නම් මහණ මෙහෙණක අතින් ආමිෂ පිළිගත්තේ දැ” යි අවමන් කෙරෙති අයුණු කියති නුගුණ පතුරුවති. සැබැව ද මහණ, තෙපි මෙහෙණක අතින් ආමිෂ පිළිගත්තේ දැ’ යි. සැබෑව භාග්‍යවතුන් වහන්සැ’ යි. “මහණ, තොපගේ නෑ මෙහෙණක් ද? නොනෑ මෙහෙණක් දැ?” යි. “නොනෑ මෙහෙණක භාග්‍යවතුන් වහන්සැ” යි. තුච්ඡ පුරුෂය, නොනෑ මහණෙක් නොනෑ මෙහෙණකගේ නිසි බව හෝ නොනිසි බව හෝ ඇති බව හෝ නැති බව හෝ නො දනියි. තුච්ඡපුරුෂය, කෙසේනම් තෙපි නොනෑ මෙහෙණක අතින් ආමිෂ පිළිගත්තාහු දැ? තුච්ඡපුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:

“යො පන භික‍්ඛු අඤ‍්ඤාතිකාය භික‍්ඛුනියා අන‍්තරඝරං පවිට‍්ඨාය හත්‍ථතො ඛාදනීයං වා භොජනීයං වා සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා ඛාදෙය්‍ය වා භුඤ‍්ජෙය්‍ය වා පටිදෙසෙතබ‍්බං තෙන භික‍්ඛුනා, ගාරය‍්හං ආවුසො ධම‍්මං ආපජ‍්ජිං අසප‍්පායං පාටිදෙසනීයං තං පටිදෙසෙමී”ති.

“යම් මහණෙක් ඇතුළුගමට පිවිසි නොනෑ මෙහෙණක අතින් ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කන්නේ නම් හෝ බුදින්නේ නම් හෝ ඒ මහණහු විසින්: ඇවැත්නි, අසත්ප්‍රාය වූ පාටිදේසනීය වූ ගර්‍හනීය වූ ඇවැතකට පැමිණියෙමි. එය පෙරළා දෙසමි” පෙරළා දෙසියයුතු,

4. යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

4. යො පන යනු: යමෙක්, යම් බඳුයෙක් ... භික්ඛු යනු: ... මෙ තෙම මේ අර්‍ත්‍ථයෙහි ‘භික්‍ෂු’ යි අභිප්‍රේත යි.

අඤ‍්ඤාතිකා නාම: මාතිතො වා පිතිතො වා යාව සත‍්තමා පිතාමහයුගා අසම‍්බද‍්ධා.

අඤ්ඤාතිකා නම්: මව්පසින් හෝ පියපසින් හෝ සත්මුතු යුගය තෙක් අසම්බද්ධ වූවා යි.

භික‍්ඛුනී නාම: උභතො සඞ‍්ඝෙ උපසම‍්පන‍්නා.

භික්ඛුනී නම්: උභතෝසඞ්ඝයා කෙරෙහි උපසපන් වූවා ය.

අන‍්තරඝරං නාම: රථිකා බ්‍යූහං සිඞ‍්ඝාටකං ඝරං.

අන්තරඝර නම්: වීථි යැ විනිවිද නොගිය වීථි යැ සතරමංසන්‍ධි යැ කුලගේ යි.

ඛාදනීයං නාම: පඤ‍්ච භොජනානි යාමකාලිකං සත‍්තාහකාලිකං යාවජීවිකං ඨපෙත්‍වා අවසෙසං ඛාදනීයං නාම.

ඛාදනීය නම්: පස්බොජුන: යාමකාලික යැ සත්තාහකාලික යැ යාවජීවික යැ යන මේ හැර සෙස්ස ඛාදනීය නම.

භොජනීයං නාම: පඤ‍්ච භොජනානි ඔදනො කුම‍්මාසො සත‍්තු මච‍්ඡො මංසං, ඛාදිස‍්සාමි භුඤ‍්ජිස‍්සාමීති පතිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස, අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාටිදෙසනීයස‍්ස.

භෝජනීය නම්: පස්බොජුන: ඕදන යැ කොමු යැ අත්සුණු යැ දියමස් යැ, ගොඩමස් යැ. ‘කමි’ යි ‘බුදිමි’ යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.

අඤ‍්ඤාතිකාය අඤ‍්ඤාතිකසඤ‍්ඤී අන‍්තරඝරං පවිට‍්ඨාය හත්‍ථතො ඛාදනීයං වා භොජනීයං වා සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා ඛාදති වා භුඤ‍්ජති වා ආපත‍්ති පාටිදෙසනීයස‍්ස. අඤ‍්ඤාතිකාය වෙමතිකො අන‍්තරඝරං පවිට‍්ඨාය හත්‍ථතො ඛාදනීයං වා භොජනීයං වා සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා ඛාදති වා භුඤ‍්ජති වා ආපත‍්ති පාටිදෙසනීයස‍්ස. අඤ‍්ඤාතිකාය ඤාතිකසඤ‍්ඤී අන‍්තරඝරං පවිට‍්ඨාය හත්‍ථතො ඛාදනීයං වා භොජනීයං වා සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා ඛාදති වා භුඤ‍්ජති වා ආපත‍්ති පාටිදෙසනීයස‍්ස.

නොනෑ මෙහෙණෙක යන සංඥා ඇති වැ ඇතුළුගමට වන් නොනෑ මෙහෙණක අතින් ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කා නම් හෝ බුදී නම් හෝ ‘පාටිදේසනීය’ ඇවැත් වෙයි. විමති ඇති වැ ඇතුළුගමට වන් නොනෑ මෙහෙණ අතින් කෑයුතු හෝ බිදියයුතු දැයක් සියතින් පිළිගෙන කා නම් හෝ බුදී නම් ‘පාටිදේසනීය’ ඇවැත් වෙයි. නෑ මෙහෙණෙක යන සංඥා ඇති වැ ඇතුළුගමට වන් නොනෑ මෙහෙණක අතින් ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කා නම් හෝ බුදී නම් හෝ ‘පාටිදේසනීය’ ඇවැත් වෙයි.

යාමකාලිකං සත‍්තාහකාලිකං යාවජීවිකං ආහාරත්‍ථාය පතිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස. අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති දුක‍්කටස‍්ස එකතො උපසම‍්පන‍්නාය හත්‍ථතො ඛාදනීයං වා භොජනීයං වා ඛාදිස‍්සාමි භුඤ‍්ජිස‍්සාමීති පතිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස. අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති දුක‍්කටස‍්ස.

යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය ආහාර පිණිස පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වෙයි. භික්‍ෂුණීන් කෙරෙහි උපසපන් මෙහෙණක අතින් ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ‘කමි’ යි ‘බුදිමි’ යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වෙයි.

ඤාතිකාය අඤ‍්ඤාතිකසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. ඤාතිකාය වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. ඤාතිකාය ඤාතිකසඤ‍්ඤී අනාපත‍්ති.

නෑ මෙහෙණෙක අතින් නොනෑ මෙහෙණෙක යන සංඥා ඇති වැ පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. නෑ මෙහෙණෙක අතින් විමති ඇත්තේ දුකුළා ඇවැත් වෙයි. නෑ මෙහෙණෙක අතින් නෑ මෙහෙණෙක යන සංඥා ඇත්තේ අනාපත්ති වේ.

අනාපත‍්ති: ඤාතිකාය දාපෙති න දෙති උපනික‍්ඛිපිත්‍වා දෙති. අන‍්තරාරාමෙ, භික‍්ඛු නූපස‍්සයෙ, තිත්‍ථියසෙය්‍යාය, පටික‍්කමනෙ, ගාමතො නීහරිත්‍වා දෙති, යාමකාලිකං සත‍්තාහකාලිකං යාවජීවිකං සති පච‍්චයෙ පරිභුඤ‍්ජාති දෙති, සික‍්ඛමානාය, සාමණෙරාය උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

අනාපත්ති: නෑ මෙහෙණෙක අතින් නම්, අනෙකකු ලවා දෙවවා නම් (තොමෝ) නොදේ නම්, සමීපයෙහි තබා දේ නම්, ආරාමය තුළදී, මෙහෙණවරෙහි, තීර්‍ත්‍ථක අරමෙහි, පෙරළා ඊමෙහි, ගමින් බැහැර කොට දේ නම්, යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය ප්‍රත්‍යය ඇති කල්හි වළඳා යයි දේ නම් සික්ඛමානාවක හෙරණක අතින් ගනී නම් ඇවැත් නො වෙයි. උමතුවහට, ආදිකාර්මිකහට ඇවැත් නැති.

පඨමපාටිදෙසනීය සික‍්ඛාපදං.

පළමුවන පාටිදේසනීය යි.