පාටිදෙසනීයකණ්ඩං අට්ඨකථා
පාටිදේසනීය කාණ්ඩය
පඨමපාටිදෙසනීයසික්ඛාපදවණ්ණනා
පළමුවන පාටිදේසනීය ශික්ෂාපද වර්ණනාව
පාටිදෙසනීයා ධම්මා, ඛුද්දකානං අනන්තරා; ඨපිතා යෙ අයං දානි, තෙසං භවති වණ්ණනා.
පාටිදෙසනියා ධම්මා - ඛුද්දකානං අනන්තරා ඨපිතා මේ අයන්දානි - තෙසං භවති වණ්ණනා
ක්ෂුද්රක වස්තූන්ට අනතුරුව තබන ලද යම් පාටිදෙසනීය ධර්ම කෙනෙක් වෙත්ද, දැන් ඒ පාටදෙසනීයයන්ගේ මේ වර්ණනා තොමෝ වන්නීය.
පඨමපාටිදෙසනීයෙ තාව පටික්කමනකාලෙති පිණ්ඩාය චරිත්වා පටිආගමනකාලෙ. සබ්බෙව අග්ගහෙසීති සබ්බමෙව අග්ගහෙසි. පවෙධෙන්තීති කම්පමානා. අපෙහීති අපගච්ඡ.
එහි ප්‍රථම පාටිදෙසනීයයෙහි පළමුකොට “පටික්කමනකාලෙ” පිඬු පිණිස හැසිර පෙරළා එන කල්හි. “සබ්බෙව අග්ගහෙසි” සියල්ලම ගත්තේය. “පවෙධෙන්තී” වෙවුලන්නී. “අපෙහි” පහවෙව.
ගාරය්හං ආවුසොතිආදි පටිදෙසෙතබ්බාකාරදස්සනං. රථිකාති රච්ඡා. බ්යූහන්ති අනිබ්බිජ්ඣිත්වා ඨිතා ගතපච්චාගතරච්ඡා. සිඞ්ඝාටකන්ති චතුක්කොණං වා තිකොණං වා මග්ගසමොධානට්ඨානං. ඝරන්ති කුලඝරං. එතෙසු යත්ථ කත්ථචි ඨත්වා ගණ්හන්තස්ස ගහණෙ දුක්කටං, අජ්ඣොහාරෙ අජ්ඣොහාරගණනාය පාටිදෙසනීයං. හත්ථිසාලාදීසු ගණ්හන්තස්සාපි එසෙව නයො. භික්ඛුනී රථිකාය ඨත්වා දෙති, භික්ඛු සචෙපි අන්තරාරාමාදීසු ඨත්වා ගණ්හාති, ආපත්තියෙව. “අන්තරඝරං පවිට්ඨායා”ති හි වචනතො භික්ඛුනියා අන්තරඝරෙ ඨත්වා දදමානාය වසෙනෙත්ථ ආපත්ති වෙදිතබ්බා, භික්ඛුස්ස ඨිතට්ඨානං පන අප්පමාණං. තස්මා සචෙපි වීථිආදීසු ඨිතො භික්ඛු අන්තරාරාමාදීසු ඨත්වා දදමානාය භික්ඛුනියා ගණ්හාති, අනාපත්තියෙව.
“ගාරය්හං ආවුසො” යනාදිය පිළිදෙසිය යුතු ආකාරය දැක්වීමය. “රථිකා” වීථිය. “බ්යුහං” විනිවිද නොගොස් සිටි ගියවුන් විසින් පසු ආයුතු වීථිය “සිඞ්ඝාටකං” සිවුකොණක් හෝ ඇති තුන් කොණක් හෝ ඇති මග එක්වූ තැන. “ඝරං” කුලගෙය මොවුන් අතුරෙහි යම්කිසි තැනක සිට නොනෑමෙහෙණ අතින් යම්කිසි කෑයුත්තක් බිදියයුත්තක් ගන්නා මහණහුට ගැණීම නිමිතිකොට දුක්කටය වේ. අනුභව කිරීම නිමිතිකොට අනුභව කරන පිඬු ගණනින් පාටිදෙසනීයාපත්තිය වේ. ඇත්හල් ආදියෙහිදී ගන්නා මහණහුටද මෙම නයයි. මෙහෙණක් තොමෝ වීථියෙහි සිට දේද, මහණතෙමේ ඇතුළු අරම් ආදියෙහි සිට ගණීද, පාටිදෙසනීයාපත්තිය වන්නීමය. “අන්තරඝරං පවිට්ඨාය”යි කී බැවින් ගමෙහි සිට දෙන මෙහෙණකගේ වසයෙන් මෙහි ආපත්ති තොමෝ දතයුත්තීය. මහණහු සිටිතැන වනාහි පමණ නොවේ. එහෙයින් ඉදින් වීථි ආදියෙහි සිටි මහණ තෙමේ ඇතුළු අරම් ආදියෙහි සිට දෙන මෙහෙණකගේ අතින් ගණීද, ඇවැත් නොවන්නීමය.
යාමකාලිකං සත්තාහකාලිකං යාවජීවිකං ආහාරත්ථාය පටිග්ගණ්හාති, ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති දුක්කටස්සාති ඉදං ආමිසෙන අසම්භින්නං සන්ධාය වුත්තං, සම්භින්නෙ පන එකරසෙ පාටිදෙසනීයමෙව. එකතො උපසම්පන්නායාති භික්ඛුනීනං සන්තිකෙ උපසම්පන්නාය. භික්ඛූනං සන්තිකෙ උපසම්පන්නාය පන යථාවත්ථුකමෙව.
යාමකාලිකය, සත්තාහකාලිකය, යාවජීවිකය ආහාර පිණිස පිළිගණීද, දුක්කටයට පැමිණීම වේ. “අජ්ඣොහාරෙ අජ්න්ධොහාරෙ ආපත්ති දුක්කටස්ස” යන මෙය ආමිසය සමග මිශ්‍ර නොවූ දෙය සඳහා කියනලදී. ආමිසය සමග මිශ්‍ර වූ එක් රසයෙහි පාටිදෙසනීයම වේ. “එකතො උපසම්පන්නාය” මෙහෙණන් වෙත උපසපනියකගේ. මහණුන් වෙත උපසපනියකගේ අතින් පිළිගන්නා මහණහුට යථාවස්තුකම වේ. හෙවත් පාටිදෙසනීයාපත්තිය වේමය.
දාපෙති න දෙතීති අඤ්ඤාතිකා අඤ්ඤෙන කෙනචි දාපෙති තං ගණ්හන්තස්ස අනාපත්ති. උපනික්ඛිපිත්වා දෙතීති භූමියං ඨපෙත්වා “ඉදං අය්ය තුම්හාකං දම්මී”ති දෙති, එවං දින්නං “සාධු භගිනී”ති සම්පටිච්ඡිත්වා තාය එව වා භික්ඛුනියා අඤ්ඤෙන වා කෙනචි පටිග්ගහාපෙත්වා භුඤ්ජිතුං වට්ටති. සික්ඛමානාය සාමණෙරියාති එතාසං දදමානානං ගණ්හන්තස්ස අනාපත්ති. සෙසමෙත්ථ උත්තානමෙව.
“දාපෙති න දෙති” නොනෑමෙහෙණක් තොමෝ අන් කිසිවකු ලවා දෙවයි. එය ගන්නා මහණහුට ඇවැත් නොවේ. “උපනික්ඛිපිත්වා දෙති” අතින් අතට නොදී බිම තබා ‘ආර්‍ය්‍යය’ මෙය ඔබ වහන්සේට දෙමි’යි දේද, මෙසේ දුන් දෙය, ‘මැනැව නැගනියෙනි’යි කියා පිළිගෙණ එම මෙහෙණ ලවා හෝ අන් කිසිවකු ලවා හෝ පිළිගන්වා ගෙණ වැලඳීම වටියි. “සික්ඛමානාය සාමණෙරාය” දෙන්නාවූ මේ සික්ඛමානා සාමණෙරී යන මොවුන්ගේ අතින් ගන්නා මහණහුට ඇවැත් නොවේ. මෙහි සෙස්ස ප්‍රකටමය.
එළකලොමසමුට්ඨානං – කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
එළකලොමසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
පඨමපාටිදෙසනීයං.
පළමුවන පාටිදෙසනීය ශික්‍ෂාපදයයි.
දුතියපාටිදෙසනීයසික්ඛාපදවණ්ණනා
දෙවන පාටිදේසනීය ශික්ෂාපද වර්ණනාව
දුතියෙ – අපසක්ක තාව භගිනීතිආදි අපසාදෙතබ්බාකාරදස්සනං.
ද්විතීය ශික්‍ෂාපදයෙහි - “අපසක්ක තාව භගිනි” යනාදිය පහකට යුතු ආකාර දැක්වීමය.
අත්තනො භත්තං දාපෙති න දෙතීති එත්ථ සචෙපි අත්තනො භත්තං දෙති, ඉමිනා සික්ඛාපදෙන අනාපත්තියෙව, පුරිමසික්ඛාපදෙන ආපත්ති. අඤ්ඤෙසං භත්තං දෙති න දාපෙතීති එත්ථ සචෙපි දාපෙය්ය, ඉමිනා සික්ඛාපදෙන ආපත්ති භවෙය්ය. දෙන්තියා පන නෙව ඉමිනා න පුරිමෙන ආපත්ති. සෙසමෙත්ථ උත්තානමෙව. කථිනසමුට්ඨානං – කිරියාකිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
“අත්තනො භත්තං දාපෙති න දෙති” මෙහි ඉදින් මෙහෙණ තමාගේ බත් දේද, මේ ශික්ෂාපදයෙන් ඇවැත් නොවේ. පළමු පාටිදෙසනීය ශික්ෂාපදයෙන් ඇවැත් වේ. “අඤ්ඤස්ස භත්තං දෙති න දාපෙති” මෙහි ඉදින් දෙවා නම් මේ ශික්ෂාපදයෙන් ඇවැත් වන්නීය. දෙන්නියට වනාහි මේ ශික්ෂාපදයෙන් ඇවැත් නොවන්නීමය. පළමු ශික්ෂාපදයෙන්ද ඇවැත් නොවන්නීය. මෙහි සෙස්ස ප්‍රකටමය. කඨිනසමුත්‍ථානිකය. ක්‍රියාක්‍රියසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
දුතියපාටිදෙසනීයං.
දෙවන පාටිදෙසනීය ශික්‍ෂාපදයයි
තතියපාටිදෙසනීයසික්ඛාපදවණ්ණනා
තුන්වැනි පාටිදේසනීය ශික්ෂාපද වර්ණනාව
තතියෙ – උභතොපසන්නන්ති ද්වීහි පසන්නං උපාසකෙනපි උපාසිකායපි. තස්මිං කිර කුලෙ උභොපි තෙ සොතාපන්නායෙව. භොගෙන හායතීති එදිසඤ්හි කුලං සචෙපි අසීතිකොටිධනං හොති, භොගෙහි හායතියෙව. කස්මා? යස්මා තත්ථ නෙව උපාසිකා න උපාසකො භොගෙ රක්ඛති.
තෘතීය ශික්‍ෂාපදයෙහි - “උභතො පසන්නං” උපාසකයා විසින්ද, උපාසිකාව විසින්ද යන දෙදෙන විසින් රතනත්‍රයට පැහැදුනේය. ඒ කුලයෙහි ඒ අඹුසැමි දෙදෙනම සෝවාන් වූවෝමය. “භොගෙන හායති” මෙබඳු කුලය වනාහි අසූකෙළක් ධනය ඇත්තේවේද, භොගයෙන් පිරිහේමය. කුමක් හෙයින, යත්:- යම්හෙයකින් ඒ කුලයෙහි උපාසිකා තොමෝ භොගයක් නොමරක්නීය. උපාසක තෙමේ නොරක්නේය.
ඝරතො නීහරිත්වා දෙන්තීති ආසනසාලං වා විහාරං වා ආනෙත්වා දෙන්ති. සචෙපි අනාගතෙ භික්ඛුම්හි පඨමංයෙව නීහරිත්වා ද්වාරෙ ඨපෙත්වා පච්ඡා සම්පත්තස්ස දෙන්ති, වට්ටති. භික්ඛුං පන දිස්වා අන්තොගෙහතො නීහරිත්වා දිය්යමානං න වට්ටතීති මහාපච්චරියං වුත්තං. සෙසමෙත්ථ උත්තානමෙව . එළකලොමසමුට්ඨානං – කිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, වචීකම්මං තිචිත්තං, තිවෙදනන්ති.
“ඝරතො නීහරීත්වා දෙන්ති” අසුන්හලට හෝ වෙහෙරට හෝ ගෙණවුත් දෙත්ද, මහණකු නොආකල්හි පළමු කොටම ගෙයින් බැහැර කොට දොරකඩ තබා පසුව පැමිණි මහණහුට දෙත්ද වටියි. මහණකු දැක ගේ තුළින් බැහැර කොට දෙනු ලබන්නක් නොවටීයයි මහාපච්චරියෙහි කියනලදී. මෙහි සෙස්ස ප්‍රකටමය. එළකලොමසමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
තතියපාටිදෙසනීයං.
තෙවන පාටිදෙසනීය ශික්‍ෂාපදයයි
චතුත්ථපාටිදෙසනීයසික්ඛාපදවණ්ණනා
සතරවැනි පාටිදේසනීය ශික්ෂාපද වර්ණනාව
චතුත්ථෙ – අවරුද්ධා හොන්තීති පටිවිරුද්ධා හොන්ති.
චතුර්ත්ථ ශික්‍ෂාපදයෙහි - “අවරුද්ධා හොන්ති” ප්රතිවිරුද්ධයෝ වෙත්.
පඤ්චන්නං පටිසංවිදිතන්ති පඤ්චසු සහධම්මිකෙසු යංකිඤ්චි පෙසෙත්වා ඛාදනීයං භොජනීයං ආහරිස්සාමාති පටිසංවිදිතං කතම්පි අප්පටිසංවිදිතමෙවාති අත්ථො. ආරාමං ආරාමූපචාරං ඨපෙත්වාති ආරඤ්ඤකසෙනාසනාරාමඤ්ච තස්ස උපචාරඤ්ච ඨපෙත්වා; උපචාරතො නික්ඛන්තං අන්තරාමග්ගෙ භික්ඛුං දිස්වා වා ගාමං ආගතස්ස වා පටිසංවිදිතං කතම්පි අප්පටිසංවිදිතමෙව හොතීති වෙදිතබ්බං. සචෙ සාසඞ්කං හොති සාසඞ්කන්ති ආචික්ඛිතබ්බන්ති කස්මා ආචික්ඛිතබ්බං? ආරාමෙ චොරෙ වසන්තෙ අම්හාකං නාරොචෙන්තීති වචනපටිමොචනත්ථං. චොරා වත්තබ්බා මනුස්සා ඉධූපචරන්තීති කස්මා වත්තබ්බං? අත්තනො උපට්ඨාකෙහි අම්හෙ ගණ්හාපෙන්තීති වචනපටිමොචනත්ථං.
“පඤ්චන්නං පටිසංවිදිතං” පස්සහදැහැමියන් අතුරෙහි යම්කිසිවක් යවා කෑ යුත්තක් හෝ බිඳිය යුත්තක් හෝ ගෙන එන්නෙමු’යි පළමුකොට දැන්වීමෙක් කරන ලදද පළමු නොදන්වන ලද්දේමය, යන අර්‍ත්‍ථයි. “ආරාමං ආරාමූපචාරං ඨපෙත්වා” අරණ්‍ය සෙනාසනාරාමයද, ඒ ආරාමයාගේ උපචාරයද තබා අතරමගදී උපචාරයෙන් නික්මුනු මහණකු දැක හෝ ගමට ආවකුහට හෝ පළමුකොට දැන්වීමෙක් කරන ලද්දේ ද, පළමුකොට නොදන්වන ලද්දේම වේයයි දතයුතුය. “සචෙ සාසඞ්කං හොති සාසඞ්කන්ති ආචික්ඛිතබ්බං” ඉදින් සැකසහිත වේද, සැකසහිතය’යි කියයුත්තේය. කුමක් හෙයින් කියයුත්තේද යත්: ආරාමයෙහි සොරකු වසන කල්හි අපට නොසැලකරත්ය, යන කීමෙන් මිදීම පිණිසය. ‘මිනිස්සු මෙහි සමීපයෙහි හැසිරෙත්’යි සොරහු කියයුත්තාහ. කුමක් හෙයින් කියයුත්තාහුද, යත්: තමන්ගේ උපස්ථායකයන් ලවා අප ගන්වත්ය යන කීමෙන් මිදීම පිණිසය.
යාගුයා පටිසංවිදිතෙ තස්සා පරිවාරො ආහරිය්යතීති යාගුයා පටිසංවිදිතං කත්වා “කිං සුද්ධයාගුයා දින්නාය පූවභත්තාදීනිපි එතිස්සා යාගුයා පරිවාරං කත්වා දස්සාමා”ති එවං යං කිඤ්චි ආහරන්ති, සබ්බං පටිසංවිදිතමෙව හොති. භත්තෙන පටිසංවිදිතෙතිආදීසුපි එසෙව නයො. අසුකං නාම කුලං පටිසංවිදිතං කත්වා ඛාදනීයාදීනි ගහෙත්වා ගච්ඡතීති සුත්වා අඤ්ඤානිපි තෙන සද්ධිං අත්තනො දෙය්යධම්මං ආහරන්ති, වට්ටති. යාගුයා පටිසංවිදිතං කත්වා පූවං වා භත්තං වා ආහරන්ති, එතම්පි වට්ටතීති කුරුන්දියං වුත්තං.
“යාගුයා පටිසංවිදිතෙ තස්සා පරිවාරො ආහරීය්යති” කැඳෙන් පළමු දන්වන ලද්දක් කොට ‘කිම, පිරිසිදු කැඳක් දුන් කල්හි, පූව හා බත්ද මේ කැඳට පිරිවරකොට දෙන්නෙමු’යි මෙසේ යම් කිසිවක් ගෙණ එත්ද, සියල්ල පළමුව දන්වන ලද්දේම වේ. “භත්තෙන පටිසංවිදිකෙ” යනාදි තන්හිද මේනයම වේ. අසුවල් නම් කුලය පළමු දන්වන ලද්දක් කොට කෑ යුතුදෙය ආදිය ගෙණ යේයයි අසා ඒ හා සමග තමතමන්ගේ අනිකුදු දියයුතුදෙය ගෙණ එත්ද, වටියි. කැඳෙන් පළමු දැන්වීම කොට හූප හෝ බත් හෝ ගෙණ එත්ද, මෙද වටීය’යි කුරුන්දියෙහි කියනලදී.
ගිලානස්සාති අප්පටිසංවිදිතෙපි ගිලානස්ස අනාපත්ති. පටිසංවිදිතෙ වා ගිලානස්ස වා සෙසකන්ති එකස්සත්ථාය පටිසංවිදිතං කත්වා ආහටං, තස්ස සෙසකං අඤ්ඤස්සාපි භුඤ්ජිතුං වට්ටති. චතුන්නං පඤ්චන්නං වා පටිසංවිදිතං කත්වා බහුං ආහටං හොති, අඤ්ඤෙසම්පි දාතුං ඉච්ඡන්ති, එතම්පි පටිසංවිදිතසෙසකමෙව, සබ්බෙසම්පි වට්ටති. අථ අධිකමෙව හොති, සන්නිධිං මොචෙත්වා ඨපිතං දුතියදිවසෙපි වට්ටති. ගිලානස්ස ආහටාවසෙසෙපි එසෙව නයො. යං පන අප්පටිසංවිදිතමෙව කත්වා ආභතං, තං බහිආරාමං පෙසෙත්වා පටිසංවිදිතං කාරෙත්වා ආහරාපෙතබ්බං, භික්ඛූහි වා ගන්ත්වා අන්තරාමග්ගෙ ගහෙතබ්බං. යම්පි විහාරමජ්ඣෙන ගච්ඡන්තා වා වනචරකාදයො වා වනතො ආහරිත්වා දෙන්ති, පුරිමනයෙනෙව පටිසංවිදිතං කාරෙතබ්බං. තත්ථජාතකන්ති ආරාමෙ ජාතකමෙව; මූලඛාදනීයාදිං අඤ්ඤෙන කප්පියං කත්වා දින්නං පරිභුඤ්ජතො අනාපත්ති. සචෙ පන තං ගාමං හරිත්වා පචිත්වා ආහරන්ති, න වට්ටති. පටිසංවිදිතං කාරෙතබ්බං. සෙසමෙත්ථ උත්තානමෙව.
“ගිලානස්ස” පළමු නොදැන්වීමෙහිද ගිලනාහට ඇවැත් නොවන්නීය. “පටිසංවිදිතෙ වා ගිලානස්ස වාසෙසකං” එකක්හට ප්‍රයොජනය පිණිස දැන්වීම කොට ගෙන එන ලද්දේ, ඔහුගේ ඉතිරි සෙස්ස අනිකක්හටද, වලඳන්නට වටියි. සිවුදෙනකුට හෝ පස්දෙනකුට හෝ දැන්වීම කොට බොහෝ කෑ යුතු බිදිය යුතුදෙය ගෙනෙන ලද්දේ වෙත්ද, අන්‍යයන්ටත් දෙනු කැමැති වෙත්ද, මේ පළමු දන්වන ලද්දෙන් සෙස්සමය. මේ සියල්ලම වටියි. එකල්හි වැඩියක්ම වේනම් සන්නියාය මුදා තබන ලද්ද දෙවන දිනයෙහිද වටියි. ගිලනක් හට ගෙණ ඉතිරි දෙයෙහිද මේ නයම වේ. යමක් වනාහි පළමු නොදන්වන ලද්දක්ම කොට ගෙනෙන ලද්දේ ද, ඒ දෙය ආරාමයෙන් පිටත යවා දන්වන ලද්දක් කරවා ගෙන්විය යුතුය. මහණුන් විසින් හෝ ගොස් අතරමගදී ගතයුතුය. යමක් වෙහෙර මැදින් යන්නෝ හෝ වනචරකාදීහු හෝ වනයෙන් ගෙණවුත් දෙත්ද, පෙරනයින්ම දැන්වීම කරවිය යුතුය. “තත්ථ ජාතකං” ආරාමයෙහි හටගන්නාවූම කෑ යුතු මුල් ආදියක් අනිකකු විසින් කැප කොට දෙන ලද්දේ ද, ඒ දෙය අනුභව කරන මහණහුට ඇවැත් නොවේ. ඉදින් ද්‍රව්‍යය ගමට යවා පිස ගෙණ එත්ද, නොවටියි. දැන්වීම කරවිය යුතුය. මෙහි සෙස්ස ප්‍රකටමය.
කථිනසමුට්ඨානං – කිරියාකිරියං, නොසඤ්ඤාවිමොක්ඛං, අචිත්තකං, පණ්ණත්තිවජ්ජං, කායකම්මං, වචීකම්මං, තිචිත්තං, තිවෙදනන්ති.
කඨිනසමුත්ථානික වේ. ක්‍රියාක්‍රියසමුත්‍ථානය. නොසංඥාවිමොක්‍ෂය. අචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. ත්‍රිචිත්තයි. ත්‍රිවෙදනයි.
චතුත්ථපාටිදෙසනීයං .
සිවුවන පාටිදෙසනීය ශික්‍ෂාපදයයි
සමන්තපාසාදිකාය විනයසංවණ්ණනාය පාටිදෙසනීයවණ්ණනා නිට්ඨිතා.
විනයවිවෘති නම්වූ සිංහලසමන්තපාසාදිකාවෙහි පාටිදෙසනීය වර්ණනාව නිමි
පාටිදෙසනීයකණ්ඩං නිට්ඨිතං.