යෙදුමෙන් කියවන්න

සෙඛියකණ‍්ඩං අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

සේඛිය කාණ්ඩය

පරිමණ‍්ඩලවග‍්ගවණ‍්ණනා

පරිමණ්ඩල වර්‍ගය

යානි සික‍්ඛිතසික‍්ඛෙන, සෙඛියානීති තාදිනා; භාසිතානි අයං දානි, තෙසම‍්පි වණ‍්ණනාක‍්කමො.

යානි සික්‍ඛිතසික්‍ඛෙන - සෙඛියානීති තාදිනා භාසිතානි අයංදානි - තෙසම්පි වණ්ණනාක්කමො

චතුර්විධ මාර්‍ගයෙන් ත්‍රිවිධ ශික්‍ෂාවෙහි හික්මුනාවූ මුළුමනින් නිමවූ කටයුතු ඇති අෂ්ටලොකධර්‍මයෙන් කම්පිත නොවන අර්‍ත්‍ථයෙන් තාදීවූ භාග්‍යවතුන් වහන්සේ විසින් හික්මිය යුතු යයි යම් ධර්‍ම කෙනෙක් වදාරන ලද්දාහුද, දැන් ඒ හික්මිය යුතු ධර්‍මයන්ගේද, මේ මතු ප්‍රකාශ වන්නේ වර්‍ණනා ක්‍රමය වේ.

තත්‍ථ පරිමණ‍්ඩලන‍්ති සමන‍්තතො මණ‍්ඩලං. නාභිමණ‍්ඩලං ජාණුමණ‍්ඩලන‍්ති උද‍්ධං නාභිමණ‍්ඩලං අධො ජාණුමණ‍්ඩලං පටිච‍්ඡාදෙන‍්තෙන ජාණුමණ‍්ඩලස‍්ස හෙට‍්ඨා ජඞ‍්ඝට‍්ඨිකතො පට‍්ඨාය අට‍්ඨඞ‍්ගුලමත‍්තං නිවාසනං ඔතාරෙත්‍වා නිවාසෙතබ‍්බං, තතො පරං ඔතාරෙන‍්තස‍්ස දුක‍්කටන‍්ති වුත‍්තං. යථා නිසින‍්නස‍්ස ජාණුමණ‍්ඩලතො හෙට‍්ඨා චතුරඞ‍්ගුලමත‍්තං පටිච‍්ඡන‍්නං හොතීති මහාපච‍්චරියං වුත‍්තං; එවං නිවාසෙන‍්තස‍්ස පන නිවාසනං පමාණිකං වට‍්ටති. තත්‍රිදං පමාණං – දීඝතො මුට‍්ඨිපඤ‍්චකං, තිරියං අඩ‍්ඪතෙය්‍යහත්‍ථං. තාදිසස‍්ස පන අලාභෙ තිරියං ද‍්විහත්‍ථපමාණම‍්පි වට‍්ටති ජාණුමණ‍්ඩලපටිච‍්ඡාදනත්‍ථං, නාභිමණ‍්ඩලං පන චීවරෙනාපි සක‍්කා පටිච‍්ඡාදෙතුන‍්ති. තත්‍ථ එකපට‍්ටචීවරං එවං නිවත්‍ථම‍්පි නිවත්‍ථට‍්ඨානෙ න තිට‍්ඨති, දුපට‍්ටං පන තිට‍්ඨති.

ඒ සෙඛියාධිකාරයෙහි - “පරිමණ්ඩලං” හාත්පසින් වටකොට “නාභිමණ්ඩලං ජාණුමණ්ඩලං” නැබමඩලින් උඩ, දණමඩලින් යට. වසන්නහු විසින් දණමඩලින් යට දඟ ඇටය පටන් අටඟුලක් පමණ අඳනය යටට බස්වා හැන්ද යුතුය. ඉන් පහත බස්වා හඳින මහණහුට දුක්කටයයි මහාර්‍ත්‍ථකථාවෙහි කියනලදී. යම් පරිද්දෙකින් හුන්නහුගේ දණමඩලින් යට සතරඟුලක් පමණ ප්‍රතිච්ඡන්න යයි මහාපච්චරියෙහි කියනලදී. මෙසේ හඳින මහණහුට වනාහි හඳනය පමණ ඇතිව වටියි. එහි මේ පමණය: දිගින් මුෂ්ටිපංචකයෙකි. හෙවත් සිවුරියනක් හා එක් මිටි රියෙනෙකි. පළල දෙරියනක් පමණද දණමඩල වැසීම පිණිස වටියි. නැබමඩල සිවුරෙන්ද වසන්නට හැකිය. එහි එක් පටක් ඇති සිවුර මෙසේ හඳනා ලද්දේ ද හැන්දාසේ නොසිටියි. දෙපට සිවුර වනාහි හැන්දාසේ සිටියි.

ඔලම‍්බෙන‍්තො නිවාසෙති ආපත‍්ති දුක‍්කටස‍්සාති එත්‍ථ න කෙවලං පුරතො ච පච‍්ඡතො ච ඔලම‍්බෙත්‍වා නිවාසෙන‍්තස‍්සෙව දුක‍්කටං, යෙ පනඤ‍්ඤෙ “තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ගිහිනිවත්‍ථං නිවාසෙන‍්ති හත්‍ථිසොණ‍්ඩකං මච‍්ඡවාලකං චතුක‍්කණ‍්ණකං තාලවණ‍්ටකං සතවලිකං නිවාසෙන‍්තී”තිආදිනා (චූළව· 280) නයෙන ඛන්‍ධකෙ නිවාසනදොසා වුත‍්තා, තථා නිවාසෙන‍්තස‍්සාපි දුක‍්කටමෙව. තෙ සබ‍්බෙ වුත‍්තනයෙන පරිමණ‍්ඩලං නිවාසෙන‍්තස‍්ස න හොන‍්ති. අයමෙත්‍ථ සඞ‍්ඛෙපො, විත්‍ථාරතො පන තත්‍ථෙව ආවි භවිස‍්සති.

“ඔලම්බෙන්තො නිවාසෙති ආපත්ති දුක්කටස්ස” මෙහි හුදෙක් ඉදිරියෙන්ද, පස්සෙන්ද, එල්වා හඳින මහණහුටම පමණක් දුක්කටය නොවේ. ‘තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්‍ඛූ ගිහීනිවත්‍ථං නිවායෙන්ති: හත්‍ථිසොණ්ඩකං මච්ඡවාළංකං චතුක්කණ්ණකං තාලවණ්ටකං සතවල්ලිකං නිවාසෙන්ති’ යනාදි නයින් ඛුද්දකවත්‍ථුක්‍ඛන්‍ධකයෙහි යම් අන්‍යවූ නිවාසනදොෂයෝ කියන ලද්දාහුද එසේ හඳින මහණහටත් දුක්කටයම වේ. ඒ සියලු දොෂයෝ කියූ නයින් හාත්පසින් වටකොට හඳින මහණහුට නොවෙත්. මේ මෙහි සඞ්ක්‍ෂෙපයයි. විස්තරය වනාහි ඒ ඛුද්දකවත්‍ථුක්‍ඛන්‍ධකයෙහිම පහළ වන්නේය.

අසඤ‍්චිච‍්චාති පුරතො වා පච‍්ඡතො වා ඔලම‍්බෙත්‍වා නිවාසෙස‍්සාමීති එවං අසඤ‍්චිච‍්ච; අථ ඛො පරිමණ‍්ඩලංයෙව නිවාසෙස‍්සාමීති විරජ‍්ඣිත්‍වා අපරිමණ‍්ඩලං නිවාසෙන‍්තස‍්ස අනාපත‍්ති. අස‍්සතියාති අඤ‍්ඤවිහිතස‍්සාපි තථා නිවාසෙන‍්තස‍්ස අනාපත‍්ති. අජානන‍්තස‍්සාති එත්‍ථ නිවාසනවත‍්තං අජානන‍්තස‍්ස මොක‍්ඛො නත්‍ථි. නිවාසනවත‍්තඤ‍්හි සාධුකං උග‍්ගහෙතබ‍්බං, තස‍්ස අනුග‍්ගහණමෙවස‍්ස අනාදරියං. තං පන සඤ‍්චිච‍්ච අනුග‍්ගණ‍්හන‍්තස‍්ස යුජ‍්ජති, තස‍්මා උග‍්ගහිතවත‍්තොපි යො ආරුළ‍්හභාවං වා ඔරුළ‍්හභාවං වා න ජානාති, තස‍්ස අනාපත‍්ති. කුරුන්‍දියං පන “පරිමණ‍්ඩලං නිවාසෙතුං අජානන‍්තස‍්ස අනාපත‍්තී”ති වුත‍්තං. යො පන සුක‍්ඛජඞ‍්ඝො වා මහාපිණ‍්ඩිකමංසො වා හොති, තස‍්ස සාරුප‍්පත්‍ථාය ජාණුමණ‍්ඩලතො අට‍්ඨඞ‍්ගුලාධිකම‍්පි ඔතාරෙත්‍වා නිවාසෙතුං වට‍්ටති.

“අසඤ්චිච්ච” ඉදිරියෙන්ද පස්සෙන්ද එල්වා හඳින්නෙමි’යි මෙසේ නොසිතා. එතකුදු වුවත් හාත්පසින් වටකොටම හඳින්නෙමි’යි වැරද නොපිරිමඬුලු කොට හඳින මහණහුට ඇවැත් නොවේ. “අසතියා” අන්‍යවිහිතව ඉදිරියෙන් හා පස්සෙන් එල්වා. එසේ හඳින මහණහුට ඇවැත් නොවේ. “අජානන්තස්ස” මෙහි හඳින වත නොදන්නා මහණහුට ඇවැතින් මිදීමෙක් නැත්තේය. හඳිනවත මැනැවින් උගතයුතුමය. ඒ හඳිනවත නොඉගෙණීමම මෙයට අනාදරය වේ. ඒ අනාදරය දැන නොඋගන්නා මහණහුටම යෙදේ. එහෙයින් උගත් වත් ඇත්තාවූද යම් මහණෙක් තෙමේ සිවුර උස්වූ බව හෝ සිවුර පහත් වූ බව හෝ නොදනීද, ඒ මහණහුට ඇවැත් නොවේ. කුරුන්‍දියෙහි වනාහි හාත්පසින් වටකොට හඳින්නට නොදත් මහණහුට අනාපත්තියි කියන ලදී. යම් මහණෙක් කෘශ වූ දඟ ඇත්තේ හෝ මහත් පිඩුමස් ඇත්තේ හෝ වේද, ඒ මහණහු සරුපබව පිණිස දණමඩලින් අටඟුලට වැඩිවද යටට බස්වා හැඳීම වටියි.

ගිලානස‍්සාති ජඞ‍්ඝාය වා පාදෙ වා වණො හොති, උක‍්ඛිපිත්‍වා වා ඔතාරෙත්‍වා වා නිවාසෙතුං වට‍්ටති. ආපදාසූති වාළමිගා වා චොරා වා අනුබන්‍ධන‍්ති, එවරූපාසු ආපදාසු අනාපත‍්ති. සෙසමෙත්‍ථ උත‍්තානමෙව.

“ගිලානස්ස” දඟෙහි හෝ පයෙහි හෝ ව්‍රණයෙක් වේද, එකල්හි නගා හෝ බහා හැඳීම වටියි. “ආපදාසු” ව්‍යාල මෘගයෝ හෝ සොරු හෝ ලුහුබැඳ එත්ද, මෙබඳු විපත් ඇතිකල්හි උස්පහත් කොට හඳින පොරවන මහණහුට ඇවැත් නොවේ. මෙහි සෙස්ස ප්‍රකටමය.

පඨමපාරාජිකසමුට‍්ඨානං – කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, අකුසලචිත‍්තං, දුක‍්ඛවෙදනන‍්ති. ඵුස‍්සදෙවත්‍ථෙරො “අචිත‍්තකං, පණ‍්ණත‍්තිවජ‍්ජං, තිවෙදන”න‍්ති ආහ. උපතිස‍්සත්‍ථෙරො පන “අනාදරියං පටිච‍්චා”ති වුත‍්තත‍්තා “ලොකවජ‍්ජං, අකුසලචිත‍්තං, දුක‍්ඛවෙදන”න‍්ති ආහ.

ප්‍රථම පාරාජික සමුත්‍ථානිකය. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. අකුශල චිත්තයි. දුඃඛවෙදනයි. ඵුස්සදෙව ස්ථවිරයන් වහන්සේ සචිත්තකය. ප්‍රඥප්තිවද්‍යය. ත්‍රිවෙදනයයි කීහ. උපතිස්ස ස්ථවිරයන් වහන්සේ වනාහි අනාදරය නිසා කියූ බැවින් ලොකවද්‍යය. අකුශලචිත්තය. දුඃඛවෙදනයයි කීහ.

පරිමණ‍්ඩලං පාරුපිතබ‍්බන‍්ති “තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ගිහිපාරුතං පාරුපන‍්තී”ති (චූළව· 280) එවං වුත‍්තං අනෙකප‍්පකාරං ගිහිපාරුපනං අපාරුපිත්‍වා ඉධ වුත‍්තනයෙනෙව උභො කණ‍්ණෙ සමං කත්‍වා පාරුපනවත‍්තං පූරෙන‍්තෙන පරිමණ‍්ඩලං පාරුපිතබ‍්බං. ඉමානි ච ද‍්වෙ සික‍්ඛාපදානි අවිසෙසෙන වුත‍්තානි. තස‍්මා විහාරෙපි අන‍්තරඝරෙපි පරිමණ‍්ඩලමෙව නිවාසෙතබ‍්බඤ‍්ච පාරුපිතබ‍්බඤ‍්චාති. සමුට‍්ඨානාදීනි පඨමසික‍්ඛාපදෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බානි සද‍්ධිං ථෙරවාදෙන.

“පරිමණ්ඩලං පාරුපිතබ්බං” ‘තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්‍ඛූ ගිහීපාරුතං පාරුපන්ති’යි මෙසේ කියනලද නන්වැදෑරුම් වූ ගිහි පෙරවීම් නොපොරොවා මෙහි කියූසේම දෙකොණ සමකොට පොරෝනා වත පුරන්නහු විසින් හාත්පසින් වටකොට පෙරවිය යුතුය. මේ ශික්‍ෂාපද දෙක විශෙෂයක් නොතබා වදාරන ලද්දේය. එහෙයින් විහාරයෙහිද ඇතුළුගමෙහිද හාත්පසින් වටකොටම හැන්ද යුත්තේද, වේ. පෙරවිය යුත්තේද, වේ. ස්ථවිරවාදය සමග සමුත්‍ථානදීහු ප්‍රථම ශික්‍ෂාපදයෙහි කියූ නය ඇත්තාහුය.

කායං විවරිත්‍වාති ජත‍්තුම‍්පි උරම‍්පි විවරිත්‍වා. සුප‍්පටිච‍්ඡන‍්නෙනාති න සසීසං පාරුතෙන; අථ ඛො ගණ‍්ඨිකං පටිමුඤ‍්චිත්‍වා අනුවාතන‍්තෙන ගීවං පටිච‍්ඡාදෙත්‍වා උභො කණ‍්ණෙ සමං කත්‍වා පටිසංහරිත්‍වා යාව මණිබන්‍ධං පටිච‍්ඡාදෙත්‍වා අන‍්තරඝරෙ ගන‍්තබ‍්බං. දුතියසික‍්ඛාපදෙ – ගලවාටකතො පට‍්ඨාය සීසං මණිබන්‍ධතො පට‍්ඨාය හත්‍ථෙ පිණ‍්ඩිකමංසතො ච පට‍්ඨාය පාදෙ විවරිත්‍වා නිසීදිතබ‍්බං.

“කායං විවරීත්‍වා” උරහිසද ලයද විවෘත කොට. “සුපටිච්ඡන්නෙන” හිස වසා නොපොරොවන්නහු විසින්. එතකුදු වුවත් ගණ්ඨිය පාසෙයෙහිලා අවුණා නුවා කෙළවරින් බෙල්ල වසා දෙකොණ සමකොට හකුළා මණිබන්‍ධය දක්වා වසා ඇතුළු ගමෙහි යායුතුය. ද්විතීය ශික්‍ෂාපදයෙහි - බෙල්ලෙහි වළ පටන් හිසද මණිබන්‍ධය පටන් දෙඅතද පිඩුමස පටන් දෙපයද නොවසා හින්ද යුතුය.

වාසූපගතස‍්සාති වාසත්‍ථාය උපගතස‍්ස රත‍්තිභාගෙ වා දිවසභාගෙ වා කායං විවරිත්‍වාපි නිසීදතො අනාපත‍්ති.

“වාසූපගතස්ස” ඇතුළු ගැබ්හි විසීම පිණිස එළැඹි රාත්‍රිකාලයෙහි හෝ දවල් කාලයෙහි හෝ කය විවෘතකොටද හිඳින මහණහුට ඇවැත් නොවේ.

සුසංවුතොති හත්‍ථං වා පාදං වා අකීළාපෙන‍්තො; සුවිනීතොති අත්‍ථො.

‘සුසංවුතො’ අත හෝ පය හෝ නොනටවමින් මොනවට හික්මුනෙක්ව යන අර්‍ත්‍ථයි.

ඔක‍්ඛිත‍්තචක‍්ඛූති හෙට‍්ඨා ඛිත‍්තචක‍්ඛු හුත්‍වා. යුගමත‍්තං පෙක‍්ඛමානොති යුගයුත‍්තකො හි දන‍්තො ආජානෙය්‍යො යුගමත‍්තං පෙක‍්ඛති, පුරතො චතුහත්‍ථප‍්පමාණං භූමිභාගං; ඉමිනාපි එත‍්තකං පෙක‍්ඛන‍්තෙන ගන‍්තබ‍්බං. යො අනාදරියං පටිච‍්ච තහං තහං ඔලොකෙන‍්තොති යො තංතංදිසාභාගං පාසාදං කූටාගාරං වීථිං ඔලොකෙන‍්තො ගච‍්ඡති, ආපත‍්ති දුක‍්කටස‍්ස. එකස‍්මිං පන ඨානෙ ඨත්‍වා හත්‍ථිඅස‍්සාදිපරිස‍්සයාභාවං ඔලොකෙතුං වට‍්ටති. නිසීදන‍්තෙනාපි ඔක‍්ඛිත‍්තචක‍්ඛුනාව නිසීදිතබ‍්බං.

“ඔක්‍ඛිත්තචක්‍ඛු” යට හෙළු ඇස් ඇතිව. “යුගමත්තං පෙක්‍ඛමානො” වියගසෙහි යෙදූ දැමුනු ආජානීය අශ්ව තෙමේ ඉදිරියෙහි යුගමාත්‍ර වූ. වඩුරියනෙන් සිවුරියන් පමණ වූ භූමිභාගය බලයි. මේ කරුණෙන්ද මෙපමණ බලන්නහු විසින් ඇතුළුගම්හි යායුතුය. “යො අනාදරියං පටිච්ච තහං තහං ඔලොකෙන්තො” යම් මහණෙක් ඒ ඒ දිශාභාගයෙහි ප්‍රසාද කුටාගාර විථි බලමින් යේද, දුක්කටාපත්තිය වේ. එක් තැනක සිට ඇත් අස් ආදීන්ගේ උවදුරු රහිතබව බැලීම වටියි. ඇතුළු ගම්හි හිඳින්නහු විසින්ද, යටහෙළු ඇස් ඇත්තහු විසින්ම හිඳිය යුතුය.

උක‍්ඛිත‍්තකායාති උක‍්ඛෙපෙන; ඉත්‍ථම‍්භූතලක‍්ඛණෙ කරණවචනං එකතො වා උභතො වා උක‍්ඛිත‍්තචීවරො හුත්‍වාති අත්‍ථො. අන‍්තොඉන්‍දඛීලතො පට‍්ඨාය න එවං ගන‍්තබ‍්බං. නිසින‍්නකාලෙ පන ධමකරණං නීහරන‍්තෙනාපි චීවරං අනුක‍්ඛිපිත්‍වාව නීහරිතබ‍්බන‍්ති.

‘උක්‍ඛිත්තකායා’ නැගීම කරණකොට. ඉත්‍ථම්භූත ලක්‍ෂණයෙහි කරණවචනයි. එක් උරහිසකින් හෝ උරහිස් දෙකින් හෝ නැහැ සිවුරු ඇත්තෙක්ව යන අත්ථයි. ගම්දොර තුළ එලිපත් කණුව පටන් සිවුරු නගා මෙසේ නොයායුතුය. හුන්කල්හි ඩබරාව තුබූ තැනින් හැරගන්නහු විසින්ද සිවුරනොනගාම හැරගත යුතුය.

පඨමො වග‍්ගො.

ප්‍රථම වර්‍ගයයි.

උජ‍්ජග‍්ඝිකවග‍්ගවණ‍්ණනා

උජ්ජග්ඝික වර්‍ගය

උජ‍්ජග‍්ඝිකායාති මහාහසිතං හසන‍්තො. වුත‍්තනයෙනෙවෙත්‍ථ කරණවචනං.

“උජ්ඣග්ඝිකාය” මහසිනාවෙන් සිනාසෙමින් කියූ නයින්ම මෙහි කරණවචනයි.

අප‍්පසද‍්දො අන‍්තරඝරෙති එත්‍ථ කිත‍්තාවතා අප‍්පසද‍්දො හොති? ද‍්වාදසහත්‍ථෙ ගෙහෙ ආදිම‍්හි සඞ‍්ඝත්‍ථෙරො, මජ‍්ඣෙ දුතියත්‍ථෙරො, අන‍්තෙ තතියත්‍ථෙරොති එවං නිසින‍්නෙසු සඞ‍්ඝත්‍ථෙරො දුතියෙන සද‍්ධිං මන‍්තෙති, දුතියත්‍ථෙරො තස‍්ස සද‍්දඤ‍්චෙව සුණාති, කථඤ‍්ච වවත්‍ථපෙති. තතියත්‍ථෙරො පන සද‍්දමෙව සුණාති, කථං න වවත්‍ථපෙති. එත‍්තාවතා අප‍්පසද‍්දො හොති. සචෙ පන තතියත්‍ථෙරො කථං වවත්‍ථපෙති, මහාසද‍්දො නාම හොති.

“අප්පසද්දො අන්තරඝරෙ” මෙහි කොපමණින් අල්පශබ්දය වේද, යත්: දොළොස්රියන්ගෙයි ආදියෙහි සඞ්ඝ ස්ථවිරතෙමේය. මද්ධ්‍යයෙහි දෙවන ස්ථවිර තෙමේය. කෙළවර තෙවන ස්ථවිර තෙමේය. මෙසේ හුන්කල්හි සඞ්ඝ ස්ථවිරතෙමේ දෙවන තෙරුන් සමග කථාකරයි. දෙවන තෙරතෙමේ ඒ සංඝ ස්ථවිරයන්ගේ ශබ්දයද අසයි. කථාවද ව්‍යවස්ථා කරයි. තෙවන තෙර තෙමේ වනාහි ශබ්දය පමණක්ම අසයි. කථාව ව්‍යවස්ථා නොකරයි. මෙපමණින් අල්පශබ්දය වේ. ඉදින් තෙවන තෙරතෙමේ කථාව ව්‍යවස්ථා කෙරේ නම් මහාශබ්දය නම්වේ.

කායං පග‍්ගහෙත්‍වාති නිච‍්චලං කත්‍වා උජුකෙන කායෙන සමෙන ඉරියාපථෙන ගන‍්තබ‍්බඤ‍්චෙව නිසීදිතබ‍්බඤ‍්ච.

“කායං පග්ගහෙත්‍වා” කය නිසලකොට. සෘජුවූ කයින් ශාන්ත වූ ඊර්‍ය්‍යාපථයෙන් යායුත්තේද හිඳිය යුත්තේද වේ.

බාහුං පග‍්ගහෙත්‍වාති නිච‍්චලං කත්‍වා.

“ඛාහං පග්ගහෙත්‍වා” අත නිසලකොට

සීසං පග‍්ගහෙත්‍වාති නිච‍්චලං උජුං ඨපයිත්‍වා.

“සීසං පග්ගහෙත්‍වා” හිස නිසලව ඍජු කොට තබා.

දුතියො වග‍්ගො.

ද්විතීය වර්‍ගයයි.

ඛම‍්භකතවග‍්ගවණ‍්ණනා

ඛම්භකත වර්‍ගය

ඛම‍්භකතො නාම කටියං හත්‍ථං ඨපෙත්‍වා කතඛම‍්භො. ඔගුණ‍්ඨිතොති සසීසං පාරුතො.

“ඛම්හකතො” ඛම්හකත නම් කටියෙහි අත තබා. උකුළෙහි තැබූ අත් ඇත්තේ “ඔගුණ්ඨිතො” හිස වසා පෙරවූයේ.

උක‍්කුටිකායාති එත්‍ථ උක‍්කුටිකා වුච‍්චති පණ‍්හියො උක‍්ඛිපිත්‍වා අග‍්ගපාදෙහි වා, අග‍්ගපාදෙ වා උක‍්ඛිපිත්‍වා පණ‍්හීහියෙව වා භූමිං ඵුසන‍්තස‍්ස ගමනං. කරණවචනං පනෙත්‍ථ වුත‍්තලක‍්ඛණමෙව.

“උක්කුටිකාය” යන මෙහි විළුම් දෙක ඔසොවා පා අගින් හෝ පා අග ඔසොවා විළුඹෙන්ම හෝ පොළොව පහසන්නහුගේ ගමන උක්කුටිකායි කියනු ලැබේ. කරණවචනය. මෙහි කියූ ලක්‍ෂණම වේ.

දුස‍්සපල‍්ලත්‍ථිකායාති එත්‍ථ ආයොගපල‍්ලත්‍ථිකාපි දුස‍්සපල‍්ලත්‍ථිකා එව.

‘දුස්සපල්ලත්‍ථිකාය’ මෙහි අතින් අකවටු ඇවිලීම පිළියෙන් අකවටු ඇවිලීමැයි කියනු ලැබේ.

සක‍්කච‍්චන‍්ති සතිං උපට‍්ඨපෙත්‍වා.

“සක්කච්චං” සිහි එළවා.

ආකිරන‍්තෙපීති පිණ‍්ඩපාතං දෙන‍්තෙපි. පත‍්තසඤ‍්ඤීති පත‍්තෙ සඤ‍්ඤං කත්‍වා.

“ආකිරන්තෙපි” පිණ්ඩපාතය දෙන කල්හිද, “පත්තසඤ්ඤී” පාත්‍රයෙහි හැඟීම උපදවා.

සමසූපකො නාම යත්‍ථ භත‍්තස‍්ස චතුත්‍ථභාගප‍්පමාණො සූපො හොති. මුග‍්ගසූපො මාසසූපොති එත්‍ථ කුලත්‍ථාදීහි කතසූපාපි සඞ‍්ගහං ගච‍්ඡන‍්තියෙවාති මහාපච‍්චරියං වුත‍්තං. රසරසෙති එත්‍ථ ඨපෙත්‍වා ද‍්වෙ සූපෙ අවසෙසානි ඔලොණීසාකසූපෙය්‍යමච‍්ඡරසමංසරසාදීනි රසරසාති වෙදිතබ‍්බානි. තං රසරසං බහුම‍්පි ගණ‍්හන‍්තස‍්ස අනාපත‍්ති.

සමසූපක නම් යම් තැනක බතට සිවුවන කොටස පමණවූ සූපයෙක් වේද, ඒය. මුග්ගසූප මාසසූප යන මෙහි මං කොල්ලු ආදියෙන් කළ සූපයෝද සඞ්ග්‍රහවට යෙත්මැයි මහාපච්චරියෙහි කියනලදී. “රසරසෙ” යන මෙහි මුද්ග මාසසූප දෙක හැර සෙසු ඔලොණි නම් ව්‍යඤ්ජනය පලාවලින් කළ ව්‍යඤ්ජනය. මාලුරස මස්රස යනාදිය රසරසැයි දතයුතුය. ඒ රසරසය බොහෝ කොට ගන්නා මහණහට ඇවිත් නොවේ.

සමතිත‍්තිකන‍්ති සමපුණ‍්ණං සමභරිතං. ථූපීකතං පිණ‍්ඩපාතං පටිග‍්ගණ‍්හාති, ආපත‍්ති දුක‍්කටස‍්සාති එත්‍ථ ථූපීකතො නාම පත‍්තස‍්ස අන‍්තොමුඛවට‍්ටිලෙඛං අතික‍්කමිත්‍වා කතො; පත‍්තෙ පක‍්ඛිත‍්තො රචිතො පූරිතොති අත්‍ථො. එවං කතං අගහෙත්‍වා අන‍්තොමුඛවට‍්ටිලෙඛාසමප‍්පමාණො ගහෙතබ‍්බො.

“සමතිත්තිකං” ඉටූ පොහොනා පාත්‍රය තුළ මුවවිට රෙඛාව නොඉක්මවා පිරුනු මුවවිටින් යට රෙඛාව හා සමකොට පිරුනු “ථූපීකතං පිණ්ඩපාතං පතිගණාති ආපත්ති දුක්කටස්ස” මෙහි මුදුන් කරන ලද්දේ නම්, පාත්‍රය තුළ මුවවිට රෙඛාව ඉක්මවා කරන ලද්දේය. පාත්‍රයෙහි බහන ලද්දේය. කරන ලද්දේය. පුරන ලද්දේය, යන අර්‍ත්‍ථයි. මෙසේ මුදුන් කරන ලද පාත්‍රය නොපිළිගෙණ මුවවිටතුළ රෙඛාව හා සමප්‍රමාණය පිළිගත යුතුය.

තත්‍ථ ථූපීකතං නාම “පඤ‍්චහි භොජනෙහි කත”න‍්ති අභයත්‍ථෙරො ආහ. තිපිටකචූළනාගත්‍ථෙරො පන “පිණ‍්ඩපාතො නාම යාගුපි භත‍්තම‍්පි ඛාදනීයම‍්පි චුණ‍්ණපිණ‍්ඩොපි දන‍්තකට‍්ඨම‍්පි දසිකසුත‍්තම‍්පී”ති ඉදං සුත‍්තං වත්‍වා දසිකසුත‍්තම‍්පි ථූපීකතං න වට‍්ටතීති ආහ. තෙසං වාදං සුත්‍වා භික‍්ඛූ රොහණං ගන‍්ත්‍වා චූළසුමනත්‍ථෙරං පුච‍්ඡිංසු – “භන‍්තෙ ථූපීකතපිණ‍්ඩපාතො කෙන පරිච‍්ඡින‍්නො”ති? තෙසඤ‍්ච ථෙරානං වාදං ආරොචෙසුං. ථෙරො සුත්‍වා ආහ – “අහො, චූළනාගො සාසනතො භට‍්ඨො, අහං එතස‍්ස සත‍්තක‍්ඛත‍්තුං විනයං වාචෙන‍්තො න කදාචි එවං අවචං, අයං කුතො ලභිත්‍වා එවං වදසී”ති. භික‍්ඛූ ථෙරං යාචිංසු – “කථෙථ දානි, භන‍්තෙ, කෙන පරිච‍්ඡින‍්නො”ති? “යාවකාලිකෙනාවුසො”ති ථෙරො ආහ. තස‍්මා යංකිඤ‍්චි යාගුභත‍්තං වා ඵලාඵලං වා ආමිසජාතිකං සමතිත‍්තිකමෙව ගහෙතබ‍්බං. තඤ‍්ච ඛො අධිට‍්ඨානුපගෙන පත‍්තෙන, ඉතරෙන පන ථූපීකතම‍්පි වට‍්ටති. යාමකාලිකසත‍්තාහකාලිකයාවජීවිකානි පන අධිට‍්ඨානුපගපත‍්තෙපි ථූපීකතානි වට‍්ටන‍්ති. ද‍්වීසු පත‍්තෙසු භත‍්තං ගහෙත්‍වා එකස‍්මිං පූරෙත්‍වා විහාරං පෙසෙතුං වට‍්ටතීති මහාපච‍්චරියං පන වුත‍්තං. යං පත‍්තෙ පක‍්ඛිපියමානං පූවඋච‍්ඡුඛණ‍්ඩඵලාඵලාදි හෙට‍්ඨා ඔරොහති, තං ථූපීකතං නාම න හොති. පූවවටංසකං ඨපෙත්‍වා පිණ‍්ඩපාතං දෙන‍්ති, ථූපීකතමෙව හොති. පුප‍්ඵවටංසකතක‍්කොලකටුකඵලාදිවටංසකෙ පන ඨපෙත්‍වා දින‍්නං ථූපීකතං න හොති. භත‍්තස‍්ස උපරි ථාලකං වා පත‍්තං වා ඨපෙත්‍වා පූරෙත්‍වා ගණ‍්හාති, ථූපීකතං නාම න හොති. කුරුන්‍දියම‍්පි වුත‍්තං – “ථාලකෙ වා පණ‍්ණෙ වා පක‍්ඛිපිත්‍වා තං පත‍්තමත්‍ථකෙ ඨපෙත්‍වා දෙන‍්ති, පාටෙක‍්කභාජනං වට‍්ටතී”ති.

එහි මුදුන්කරන ලද්දේනම් ඔදනාදිපංචවිධ භොජනයන්ගෙන් කරන ලද්දේයයි අභය ස්ථවිරතෙමේ කීයේය. ත්‍රිපිටක චූළනාග ස්ථවිරතෙමේ වනාහි ‘පිණ්ඩපාතොනාම යාගුපි භත්තම්පි ඛාදනීයම්පි චුණ්ණපිණ්ඩොපි දන්තකට්ඨම්පි දසිකසුත්තම්පි, මේ සුත්‍රය දක්වා දාවලුහයක් නමුදු මුදුන් කරන ලදුයේ නොවටීයයි කීය. ඒ තෙරුන්ගේ වාදය අසා භික්‍ෂූහු රුහුනට ගොස් චූලසුම්ම තෙරුන් අතින් ‘ස්වාමීනි’ මුදුන් කරනලද පිණ්ඩපාතය කුමකින් පිරිසිඳින ලද්දේදැයි විචාළාහුය. ඒ තෙරුන්ගේ වාදයද සැලකළහ. චූලසුම්ම ස්ථවිර තෙමේ එය අසා ‘අනේ, චූළනාගතෙමේ සසුනෙන් ගිලිහුනේය. මම මොහුට සත්වරක් විනය කියවනුයෙම්, කිසිකලෙකත් මෙසේ නොකීමි. මෙතෙමේ කොයින් ලැබ මෙසේ කියාදැයි කීය. ඉක්බිති භික්‍ෂූහු ‘ස්වාමීනි’ දැන් කියනු මැනැවැ, කුමකින් පිරිසිඳින ලද්දේදැයි තෙරුන්ගෙන් ඉල්ලූහ. ස්ථවිර තෙමේ ‘ඇවැත්නි’ යාවකාලිකයෙකැ’යි කීහ. එහෙයින් යම්කිසි කැඳබතක් හෝ කුදුමහත් ඵලයක් හෝ ඉටීමට පොහොනා පාත්‍රයෙහි යටිමුව රෙඛාව නොයික්මවාම ගතයුතුය. එද ඉටීමට පොහොනා පාත්‍රයකිනි. අනික් පාත්‍රයකින් වනාහි මුදුන් කරන ලද්දේ ද වටියි. යාමකාලික සත්තාහකාලික යාවජීවිකයෝ වනාහි ඉටීමට පොහෝනා පාත්‍රයෙහිද, මුදුන් කරන ලද්දාහු වටිත්. පාත්‍ර දෙකක බත් ගෙණ එකක පුරවා වෙහෙරට යවන්නට හැකියයි මහාපච්චරියෙහි කියන ලදී. පාත්‍රයෙහි මුවපිටින් මතුකොට මැදබහන යම්පූ උක්කැබලි කුදුමහත් ඵලාදිය වටින් ඉඩ ඇති බැවින් අතින් සොලොවන ලදුව යටට බසීද, එය මුදුන් කරන ලද්දේ නොවේ. පූවැලක් තබා පිණ්ඩපාතය දෙත්ද, මුදුන් කරන ලද්දේම වේ. මල්කැන් තකුල් කුළු පලාදිකැන් ලබා දෙන ලද්ද මුදුන් කරන ලද්දේ නොවේ. බත් මතුවෙහි තල්ලක් හෝ පාත්‍රයක් හෝ තබා පුරවාගණීද මුදුන් කරන ලද්දේ නම් නොවේ. කුරුන්‍දියෙහිද තළුවෙක හෝ පත්‍රයක හෝ බහා එය පාමතුවෙහි තබා දෙත්ද, වෙන්වෙන් බදුන වටීය’යි කියන ලදී.

ඉධ අනාපත‍්තියං ගිලානො න ආගතො, තස‍්මා ගිලානස‍්සපි ථූපීකතං න වට‍්ටති. සබ‍්බත්‍ථ පන පටිග‍්ගහෙතුමෙව න වට‍්ටති. පටිග‍්ගහිතං පන සුපටිග‍්ගහිතමෙව හොති, පරිභුඤ‍්ජිතුං වට‍්ටතීති.

මෙහි ඇවැත් නොවේ. ගිලන් තෙමේ නොආයේය. එහෙයින් ගිලන්හටත් යමක් මුදුන්කරන ලද්දේ ද, එය නොවටියි. සියලු තන්හිම පිළිගැණීමම නොසුදුසුය. පිළිගන්නා ලද්දේ වනාහි මැනැවින් පිළිගන්නා ලද්දේම වේ. පරිභොග කිරීම වටියි.

තතියො වග‍්ගො.

තෘතීය වර්‍ගයයි.

සක‍්කච‍්චවග‍්ගවණ‍්ණනා

සක්කච්ච වර්‍ගය

සක‍්කච‍්චන‍්ති එත්‍ථාපි අසක‍්කච‍්චං පටිග‍්ගහණෙයෙව ආපත‍්ති, පටිග‍්ගහිතං පන සුපටිග‍්ගහිතමෙව. සක‍්කච‍්චන‍්ති ච පත‍්තසඤ‍්ඤීති චාති උභයං වුත‍්තනයමෙව.

“සක්කච්චං” යන මෙහි නොසකස්ව පිළිගැණීමෙහිම ඇවැත් වේ. පිළිගන්නා ලද්දේ වනාහි මැනැවින් පිළිගන්නා ලද්දේම වේ. “සක්කච්චං”යිද, පත්තසඤ්ඤීයිද යන ශික්‍ෂාපද දෙක කියූ නයමය.

සපදානන‍්ති තත්‍ථ තත්‍ථ ඔධිං අකත්‍වා අනුපටිපාටියා. සමසූපකෙ වත‍්තබ‍්බං වුත‍්තමෙව.

“සපදානං” ඒ ඒ තන්හි පිරිසිදීම නොදක්වා අනුපිළිවෙළින් ‘සමසූපකං පිණ්ඩපාතං භුඤ්ජිස්සාමි’ යන ශික්‍ෂාපදයෙහි සමසූපය පිළිබඳ කියයුත්ත කියන ලද්දේමය.

ථූපකතොති මත්‍ථකතො; වෙමජ‍්ඣතොති අත්‍ථො.

“ථූපතො” මුදුන පටන් මැදින් යන අර්‍ත්‍ථයි.

පටිච‍්ඡාදෙත්‍වා දෙන‍්තීති මාඝාතසමයාදීසු පටිච‍්ඡන‍්නං බ්‍යඤ‍්ජනං කත්‍වා දෙන‍්ති. විඤ‍්ඤත‍්තියං වත‍්තබ‍්බං නත්‍ථි.

“පටිච්ඡාදෙත්‍වා” ප්‍රාණඝාත නොකළ යුතුයයි. රජුන් විසින් නියමකළ කාලයන්හි ව්‍යඤ්ජනය වසාදෙත්. සූපොදන විඤ්ඤප්ති ශික්‍ෂාපදයෙහි කියයුත්තෙක් නැත්තේය.

උජ‍්ඣානසඤ‍්ඤීසික‍්ඛාපදෙපි ගිලානො න මුච‍්චති.

උජ්ඣානසඤ්ඤී ශික්‍ෂාපදයෙහි ගිලන් තෙමේ නොමිදේ.

නාතිමහන‍්තො කබළොති මයූරණ‍්ඩං අතිමහන‍්තං, කුක‍්කුටණ‍්ඩං අතිඛුද‍්දකං, තෙසං වෙමජ‍්ඣප‍්පමාණො. ඛජ‍්ජකෙති එත්‍ථ මූලඛාදනීයාදි සබ‍්බං ගහෙතබ‍්බං.

“නාති මහන්තො කබලො” මොනරබිජුවට ඉතාමහත්ය. කිකිළි බිජුවට ඉතා කුඩාය. ඒ බිජුවටයන්ගේ මද්ධ්‍යම ප්‍රමාණ පිණ්ඩය පමණ වේ. ‘ඛජ්ජකෙ’ යන මෙහි කෑයුතු මුල් ආදි සියල්ල ගතයුතුය.

චතුත්‍ථො වග‍්ගො.

චතුර්ථ වර්‍ගයයි.

කබළවග‍්ගවණ‍්ණනා

කබළ වර්‍ගය

අනාහටෙති අනාහරිතෙ; මුඛද‍්වාරං අසම‍්පාපිතෙති අත්‍ථො.

‘අනාහටෙ’ නොගෙණනලද කල්හි. මුවදොරට නොපැමිණවූ කල්හිය යන අර්‍ත්‍ථයි.

සබ‍්බං හත්‍ථන‍්ති සකලහත්‍ථං.

“සබ්බං භත්‍ථං” සියලු අත.

සකබළෙනාති එත්‍ථ ධම‍්මං කථෙන‍්තො හරීතකං වා ලට‍්ඨිමධුකං වා මුඛෙ පක‍්ඛිපිත්‍වා කථෙති. යත‍්තකෙන වචනං අපරිපුණ‍්ණං න හොති, තත‍්තකෙ මුඛම‍්හි සන‍්තෙ කථෙතුං වට‍්ටති.

“සකබළෙන” යන මෙහි දහම් කියනුයේ අරළුකඩක් හෝ වැල්මීකඩක් හෝ මුවෙහි බහා කියාද, යම්පමණකින් වචන අපරිපූර්‍ණ නොවේද, එපමණක් මුවෙහි ඇති කල්හි කීම වටියි.

පිණ‍්ඩුක‍්ඛෙපකන‍්ති පිණ‍්ඩං උක‍්ඛිපිත්‍වා උක‍්ඛිපිත්‍වා.

“පිණ්ඩුක්‍ඛෙපකං” පිඩ උඩ දමදමා.

කබළාවච‍්ඡෙදකන‍්ති කබළං අවච‍්ඡින්‍දිත්‍වා අවච‍්ඡින්‍දිත්‍වා.

“කබළාවච්ඡෙදකං” ආලොපය සිඳ සිඳ.

අවගණ‍්ඩකාරකන‍්ති මක‍්කටො විය ගණ‍්ඩෙ කත්‍වා කත්‍වා.

“අවගණ්ඩකාරකං” වඳුරකු මෙන් කොපුලෙහි කොට කොට.

හත්‍ථනිද‍්ධුනකන‍්ති හත්‍ථං නිද‍්ධුනිත්‍වා නිද‍්ධුනිත්‍වා.

“හත්‍ථනිද්ධූනකං” අත සලසලා.

සිත්‍ථාවකාරකන‍්ති සිත්‍ථානි අවකිරිත්‍වා අවකිරිත්‍වා.

“සිත්‍ථාවකාරකං” බත්උලු වගුර වගුරා

ජිව‍්හානිච‍්ඡාරකන‍්ති ජිව‍්හං නිච‍්ඡාරෙත්‍වා නිච‍්ඡාරෙත්‍වා.

‘ජීව්හානිච්ඡාරකං’ දිව පිටතට නෙරනෙරා.

චපුචපුකාරකන‍්ති චපු චපූති එවං සද‍්දං කත්‍වා කත්‍වා.

‘චපුචපුකාරකං’ චපුචපුයි මෙසේ ශබ්ද නගනගා.

පඤ‍්චමො වග‍්ගො.

පඤ්චම වර්‍ගයයි

සුරුසුරුවග‍්ගවණ‍්ණනා

සුරුසුරු වර්‍ගය

සුරුසුරුකාරකන‍්ති සුරුසුරූති එවං සද‍්දං කත්‍වා කත්‍වා. දවොති පරිහාසවචනං; තං යෙන කෙනචි පරියායෙන “කිං බුද‍්ධො , සිලකබුද‍්ධො, පටිබුද‍්ධො; කිං ධම‍්මො, ගොධම‍්මො, අජධම‍්මො; කිං සඞ‍්ඝො, මිගසඞ‍්ඝො, පසුසඞ‍්ඝො”තිආදිනා නයෙන තීණි රතනානි ආරබ‍්භ න කාතබ‍්බන‍්ති අත්‍ථො.

“සුරුසුරුකාරකං” ‘සුරුසුරුයි’ මෙසේ ශබ්ද නගනගා ‘දවො’ නින්දාවචනයි. ඒ නින්‍දා වචනය. යම්කිසි වෛර වචනයකින් ‘කිනම් බුද්ධද, සීලක බුද්ධද, ප්‍රතිබුද්ධද, කිනම් ධර්‍මයෙක්ද, ගොධර්‍මයෙක්ද, අජධර්‍මයෙක්ද, කිනම් සඞ්ඝද, මෘගසමූහයෙක්ද, සිවුවාසමූහයෙක්ද, යනාදි නයින් තෙරුවන් ඇරැබැ නොකටයුතුය. යන අර්‍ත්‍ථයි.

හත්‍ථනිල‍්ලෙහකන‍්ති හත්‍ථං නිල‍්ලෙහිත්‍වා නිල‍්ලෙහිත්‍වා. භුඤ‍්ජන‍්තෙන හි අඞ‍්ගුලිමත‍්තම‍්පි නිල‍්ලෙහිතුං න වට‍්ටති. ඝනයාගුඵාණිතපායාසාදිකෙ පන අඞ‍්ගුලීහි ගහෙත්‍වා අඞ‍්ගුලියො මුඛෙ පවෙසෙත්‍වා භුඤ‍්ජිතුං වට‍්ටති. පත‍්තනිල‍්ලෙහකඔට‍්ඨනිල‍්ලෙහකෙසුපි එසෙව නයො. තස‍්මා එකඞ‍්ගුලියාපි පත‍්තො න නිල‍්ලෙහිතබ‍්බො, එකඔට‍්ඨොපි ජිව‍්හාය න නිල‍්ලෙහිතබ‍්බො, ඔට‍්ඨමංසෙහි එව පන ගහෙත්‍වා අන‍්තො පවෙසෙතුං වට‍්ටති.

“හත්‍ථනිල්ලෙහකං” අත ලෙවලෙව, අනුභව කරන්නහු විසින් ඇඟිල්ල පමණ නමුදු ලෙවින්නට නොවටියි. උකුකැඳ පැණි කිරිබත් ආදිය ඇඟිලිවලින් ගෙණ ඇඟිලි මුවෙහි බහ බහා අනුභව කිරීම නොසුදුසු නොවේ. පාත්‍රය ලෙවීම් තොල්ලෙවීම් ආදියෙහිද මෙම නයවේ. එහෙයින් එක් ඇඟිල්ලකින් නමුදු පත්‍රය නොලෙවිය යුතුය. එක් තොලක් නමුදු දිවෙන් නොලෙවිය යුතුය. තොල්මසින්ම ගෙණ මුව තුළට ඇතුල්කිරීමෙහි වරදෙක් නැත්තේය.

කොකනදෙති එවංනාමකෙ. කොකනදන‍්ති පදුමං වුච‍්චති, සො ච පාසාදො පදුමසණ‍්ඨානො, තෙනස‍්ස කොකනදොත්‍වෙව නාමං අකංසු. න සාමිසෙන හත්‍ථෙන පානීයථාලකන‍්ති එතං පටික‍්කූලවසෙන පටික‍්ඛිත‍්තං, තස‍්මා සඞ‍්ඝිකම‍්පි පුග‍්ගලිකම‍්පි ගිහිසන‍්තකම‍්පි අත‍්තනො සන‍්තකම‍්පි සඞ‍්ඛම‍්පි සරාවම‍්පි ථාලකම‍්පි න ගහෙතබ‍්බමෙව, ගණ‍්හන‍්තස‍්ස දුක‍්කටං. සචෙ පන හත්‍ථස‍්ස එකදෙසො ආමිසමක‍්ඛිතො න හොති, තෙන පදෙසෙන ගහෙතුං වට‍්ටති.

“කොකනදෙ” මෙනම් ඇති. පද්මය කොකනදයි කියනු ලැබේ. ඒ පහය පියුම් සටහන් ඇත්තේය. එහෙයින් මේ පහයට කොකනදැයිම නම් කළහ. “න සාමිසෙන හත්‍ථෙන පානීයථලකං” ආමිස සහිත අතින් පැන්තළුව නොගතයුතුය යන මෙය පිළිකුල් වසයෙන් ප්‍රතික්‍ෂෙප කරන ලදී. එහෙයින් සඟසතුවූද, පුද්ගලයන් සතු වූද, ගිහින් සතු වූද, තමන් සතුවූද, සකක්ද, දියගන්නා බඳුනක්ද, තලියක්ද, ඉඳුල්සහිත අතින් නොපිළිගත යුත්තේමය. ගන්නා මහණහුට දුක්කටය වේ. යම් ලෙසකින් අතෙහි එක් පෙදෙසෙක් ඉඳුල් මැකුනේ නොවේද, ඒ පෙදෙසින් ගැණීම වරද නොවේ.

උද‍්ධරිත්‍වා වාති සිත්‍ථානි උදකතො උද‍්ධරිත්‍වා එකස‍්මිං ඨානෙ රාසිං කත්‍වා උදකං ඡඩ‍්ඩෙති. භින්‍දිත්‍වා වාති සිත්‍ථානි භින්‍දිත්‍වා උදකගතිකානි කත්‍වා ඡඩ‍්ඩෙති. පටිග‍්ගහෙ වාති පටිග‍්ගහෙන පටිච‍්ඡන‍්තො නං පටිග‍්ගහෙ ඡඩ‍්ඩෙති. නීහරිත්‍වාති බහි නීහරිත්‍වා ඡඩ‍්ඩෙති; එවං ඡඩ‍්ඩෙන‍්තස‍්ස අනාපත‍්ති.

“උද්ධරිත්‍වා” බත්උලු දියෙන් නගා එක්තැනක රැස්කොට දිය බැහැරකරයි. “භින්‍දිත්‍වා” බත්උලු, දියහා මැඩ උදකගතික කොට බැහැර කරයි. “පටිග්ගහෙ වා” ඉඳුල් අත් දෝනා බඳුනකින් පිළිගන්නේ එය ඉඳුල්දිය වක්කරන බඳුනෙක වක්කෙරේද, “නීහරිත්‍වා” ගෙයින් පිටතට ගෙණලාද මෙසේ ලන මහණහුට ඇවැත් නොවේ.

සෙතච‍්ඡත‍්තන‍්ති වත්‍ථපලිගුණ‍්ඨිතං පණ‍්ඩරච‍්ඡත‍්තං. කිලඤ‍්ජච‍්ඡත‍්තන‍්ති විලීවච‍්ඡත‍්තං. පණ‍්ණච‍්ඡත‍්තන‍්ති තාලපණ‍්ණාදීහි යෙහි කෙහිචි කතං. මණ‍්ඩලබද‍්ධං සලාකබද‍්ධන‍්ති ඉදං පන තිණ‍්ණම‍්පි ඡත‍්තානං පඤ‍්ජරදස‍්සනත්‍ථං වුත‍්තං. තානි හි මණ‍්ඩලබද‍්ධානි චෙව හොන‍්ති සලාකබද‍්ධානි ච. යම‍්පි තත්‍ථජාතකදණ‍්ඩකෙන කතං එකපණ‍්ණච‍්ඡත‍්තං හොති, තම‍්පි ඡත‍්තමෙව. එතෙසු යංකිඤ‍්චි ඡත‍්තං පාණිම‍්හි අස‍්සාති ඡත‍්තපාණි. සො තං ඡත‍්තං ධාරයමානො වා අංසෙ වා කත්‍වා ඌරුම‍්හි වා ඨපෙත්‍වා යාව හත්‍ථෙන න මුච‍්චති, තාවස‍්ස ධම‍්මං දෙසෙතුං න වට‍්ටති, දෙසෙන‍්තස‍්ස වුත‍්තනයෙන දුක‍්කටං. සචෙ පනස‍්ස අඤ‍්ඤො ඡත‍්තං ධාරෙති, ඡත‍්තපාදුකාය වා ඨිතං හොති, හත්‍ථතො අපගතමත‍්තෙ ඡත‍්තපාණි නාම න හොති. තස‍්ස ධම‍්මං දෙසෙතුං වට‍්ටති. ධම‍්මපරිච‍්ඡෙදො පනෙත්‍ථ පදසොධම‍්මෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

“සෙතච්ඡත්තං” සුදුවතින් වසා කළ ශ්වෙතච්ඡත්‍රය. “කිලඤ්ජච්ඡත්තං” හුණබට පතුරෙන් කළ ඡත්‍රය. “පණ්ණච්ඡත්තං” තල්පත් ආදීවූ යම් කිසිවකින් කරන ලද්දය. “මණ්ඩලබද්ධංසලාක බද්ධා” මේ වනාහි ත්‍රිවිධවූම ඡත්‍රයන්ගේ නතමැදිරිය දක්වනු පිණිස කියන ලද්දේය. ඒ වනාහි මණ්ඩලාකාරයෙන් බඳින ලද්දාහුද, කූරුවලින් බඳින ලද්දහුද වෙත්, යම් ඡත්‍රයක් වනාහි දණ්ඩ සහිතව සිඳගත් තල්පත් ආදියෙන් කළ එක පර්ණච්ඡත්‍රයක් වේද, එද ඡත්‍රයම වේ. මේ ඡත්‍ර අතුරෙහි යම්කිසි ඡත්‍රයෙක් මොහුගේ අත්ලෙහි වේනම් ඡත්තපාණි නම්වේ. හෙතෙමේ ඒ ඡත්‍රය දරණුයේ හෝ අංශයෙහිකොට හෝ කලවයෙහි තබා හෝ යම්තාක් අතින් නොමුදාද, ඒතාක් මොහුට දහම් දෙසීම සුදුසු නොවේ. දෙසන්නහුට කියූනයින් දුක්කටය වේ. ඉදින් මොහුට අනෙකෙක් ඡත්‍රයක් දරාද යම්තැනක ඡත්‍රයෙහි දඬු කොණ සිටුවා ඡත්‍රය කෙලින්කොට තබා එහි යට හිඳිත්ද, සිටිත්ද, එබඳු ඡත්‍රාධාරයෙක්හි තුබූ ඡත්‍රයෙක්වේද, එය අතින් පහවූ ඇසිල්ලෙහි ඡත්තපාණි නම් නොවේ. ඔහුට දහම් දෙසීමෙහි වරදෙක් නැත්තේය. මෙහි ධර්‍මපරිච්ඡෙදය වනාහි පදසොධම්ම ශික්‍ෂාපදයෙහි කියූනයින්ම දතයුතුය.

දණ‍්ඩපාණිස‍්සාති එත්‍ථ දණ‍්ඩො නාම මජ‍්ඣිමස‍්ස පුරිසස‍්ස චතුහත්‍ථප‍්පමාණො දණ‍්ඩපාණිභාවො පනස‍්ස ඡත‍්තපාණිම‍්හි වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො.

“දණ්ඩපාණිස්ස” මෙහි දණ්ඩ නම් මද්ධ්‍යම පුරුෂයක්හුගේ සිවුරියනක් පමණ දිග්වූ දණ්ඩයයි. මොහුගේ දණ්ඩපාණිභාවය ඡත්තපාණි පුද්ගලයා කෙරෙහි කියූ නයින්ම දතයුතුය.

සත්‍ථපාණිම‍්හිපි එසෙව නයො. අසිං සන‍්නහිත්‍වා ඨිතොපි හි සත්‍ථපාණිසඞ‍්ඛ්‍යං න ගච‍්ඡති.

සත්‍ථපාණි පුද්ගලයා කෙරෙහිද, මෙම නයවේ. කඩුව බැඳගෙන සිටියේද සත්‍ථපාණිසඞ්ඛ්‍යාවට නොයයි.

ආවුධපාණිස‍්සාති එත්‍ථ කිඤ‍්චාපි වුත‍්තං – “ආවුධං නාම චාපො කොදණ‍්ඩො”ති, අථ ඛො සබ‍්බාපි ධනුවිකති සද‍්ධිං සරවිකතියා ආවුධන‍්ති වෙදිතබ‍්බං. තස‍්මා සද‍්ධිං වා සරෙන ධනුං ගහෙත්‍වා සුද‍්ධධනුං වා සුද‍්ධසරං වා සජියධනුං වා නිජ‍්ජියධනුං වා ගහෙත්‍වා ඨිතස‍්ස වා නිසින‍්නස‍්ස වා ධම‍්මො දෙසෙතුං න වට‍්ටති. සචෙ පනස‍්ස ධනුං කණ‍්ඨෙපි පටිමුක‍්කං හොති, යාව හත්‍ථෙන න ගණ‍්හාති, තාව ධම‍්මං දෙසෙතුං වට‍්ටතියෙවාති.

“ආයුධපාණිස්ස” යන මෙහි ආයුධය නම් මැදින් වක්වූ දණ්ඩක් සමානවූ දුනු විකෘතිය. වටවූ දඬු ඇති දුනු විකෘතියයි කියන ලද්දේ ද එතකුදු වුවත් ශරවිකෘතිය සමග සියලුම දුනුවිකෘති ආයුධැයි දතයුතුය. එහෙයින් ඊය සමග හෝ දුන්න ගෙණ. ඊය නැති දුන්න හෝ දුන්න නැති ඊය හෝ දුනුදිය සහිත දුන්න හෝ දුනුදිය රහිත දුන්න හෝ ගෙණ සිටියහුට හෝ හුන්නහුට හෝ දහම් දෙසීම නොවටියි. ඉදින් වනාහි දුන්න මොහුගේ බොටුවෙහි එල්වන ලද්දේ වේද, යම්තාක් අතින් නොගණීද, ඒතාක් දහම් දෙසීමෙහි වරදෙක් නැත්තේය.

ඡට‍්ඨො වග‍්ගො.

ෂෂ්ඨ වර්‍ගයයි

පාදුකවග‍්ගවණ‍්ණනා

පාදුකා වර්‍ගය

අක‍්කන‍්තස‍්සාති ඡත‍්තදණ‍්ඩකෙ අඞ‍්ගුලන‍්තරං අප‍්පවෙසෙත්‍වා කෙවලං පාදුකං අක‍්කමිත්‍වා ඨිතස‍්ස. පටිමුක‍්කස‍්සාති පටිමුඤ‍්චිත්‍වා ඨිතස‍්ස. උපාහනායපි එසෙව නයො. ඔමුක‍්කොති පනෙත්‍ථ පණ‍්හිකබද‍්ධං ඔමුඤ‍්චිත්‍වා ඨිතො වුච‍්චති.

“අක්කන්තස්ස” ඡත්‍රදණ්ඩ ඇඟිලි අතරට ප්‍රවෙශ නොකොට හුදෙක් පාදුකාව මැඩසිටියක්හට. “පටිමුක්කස්ස” පාදුකාවලා (දමා) සිටියක්හට. පාවහන්හිද මේනයම වේ. “ඔමුක්තො” යන මෙහි විලුම් වැටිය මුදා සිටියේ කියනු ලැබේ.

යානගතස‍්සාති එත්‍ථ සචෙපි ද‍්වීහි ජනෙහි හත්‍ථසඞ‍්ඝාටෙන ගහිතො, සාටකෙ වා ඨපෙත්‍වා වංසෙන වය‍්හති, අයුත‍්තෙ වා වය‍්හාදිකෙ යානෙ , විසඞ‍්ඛරිත්‍වා වා ඨපිතෙ චක‍්කමත‍්තෙපි නිසින‍්නො යානගතොත්‍වෙව සඞ‍්ඛ්‍යං ගච‍්ඡති. සචෙ පන ද‍්වෙපි එකයානෙ නිසින‍්නා හොන‍්ති, වට‍්ටති. විසුං නිසින‍්නෙසුපි උච‍්චෙ යානෙ නිසින‍්නෙන නීචෙ නිසින‍්නස‍්ස දෙසෙතුං වට‍්ටති, සමප‍්පමාණෙපි වට‍්ටති. පුරිමෙ යානෙ නිසින‍්නෙන පච‍්ඡිමෙ නිසින‍්නස‍්ස වට‍්ටති. පච‍්ඡිමෙ පන උච‍්චතරෙපි නිසින‍්නෙන දෙසෙතුං න වට‍්ටති.

“යානගතස්ස” යන මෙහි දෙදෙනකු විසින් අත්පුටුවෙන් ගන්නා ලදුයේ නොහොත් සළුවක තබා හුණදඩුවකින් උසුලන ලැබේද, නොයොදන ලද්දාවූ හෝ සකපමණක් ගලවා තැබූ වය්හාදී වූ යානයෙක හුන්නේද, යහන්ගතමැයි ගිණීමට යන්නේය. ඉදින් දහම් දෙසන, දහම් අසන දෙදෙනම එක් යානයෙක්හි හුන්නාහුම වෙත් නම් දහම් දෙසීමෙහි වරද නැත. වෙන්ව හුන්කල්හිද, උස් යානයෙහි හුන්නහු විසින් මිටියානයෙහි හුන්නහුට දහම් දෙසීම වටියි. සම පමණකල්හිද වරද නැත. ඉදිරි යානයෙහි පසු යානයෙහි හුන්නහුට දහම් දෙසීම වටියි. ඉතා උස්වූ පසු යානයෙහිද හුන්නහු විසින් දහම් දෙසීම වරද සහිතය.

සයනගතස‍්සාති අන‍්තමසො කටසාරකෙපි පකතිභූමියම‍්පි නිපන‍්නස‍්ස උච‍්චෙපි මඤ‍්චපීඨෙ වා භූමිපදෙසෙ වා ඨිතෙන නිසින‍්නෙන වා දෙසෙතුං න වට‍්ටති. සයනගතෙන පන සයනගතස‍්ස උච‍්චතරෙ වා සමප‍්පමාණෙ වා නිපන‍්නෙන දෙසෙතුං වට‍්ටති. නිපන‍්නෙන ච ඨිතස‍්ස වා නිසින‍්නස‍්ස වා දෙසෙතුං වට‍්ටති, නිසින‍්නෙනාපි ඨිතස‍්ස වා නිසින‍්නස‍්ස වා වට‍්ටති. ඨිතෙන ඨිතස‍්සෙව වට‍්ටති.

“සයනගතස්ස” යටත් පිරිසයින් බිම එලාලූ කළලයක හෝ පියවිබිම හෝ හොත්තහුට උස් ඇඳක හෝ පුටුවක හෝ බිම හෝ සිටියහු විසින් හෝ හුන්නහු විසින් හෝ දහම් දෙසීම නොවටියි. ඉතාඋස්වූ හෝ සමපමණ වූ හෝ යහනෙක හොත්තහු විසින් යහන්ගතයාහට දහම් දෙසීම වරදෙක් නොවේ. හුන්නහු විසින්ද සිටියහුටද හුන්නහුටද දහම් දෙසීම සුදුසුය. හුන්නහු විසින්ද සිටියහුටද හුන්නහුටද වටියි. සිටියහු විසින් සිටියහුටම වටියි.

පල‍්ලත්‍ථිකායාති ආයොගපල‍්ලත්‍ථිකාය වා හත්‍ථපල‍්ලත්‍ථිකාය වා දුස‍්සපල‍්ලත්‍ථිකාය වා යාය කායචි පල‍්ලත්‍ථිකාය නිසින‍්නස‍්ස අගිලානස‍්ස දෙසෙතුං න වට‍්ටති.

“පල්ලතථිකාය” ගිලන්පටියෙන් අකවටු අවුළුවා හිඳීමෙන් හෝ, දෙඅතින් අකවටු අවුළුවා හිඳීමෙන් හෝ, වස්ත්‍රයෙන් අකවටු අවුළුවා හිඳීමෙන් හෝ යන යම්කිසි පල්ලත්‍ථිකයකින් යුක්තව හුන් නොගිලනක්හට දහම් දෙසීම නොවටියි.

වෙඨිතසීසස‍්සාති දුස‍්සවෙඨනෙන වා මොළිආදීහි වා යථා කෙසන‍්තො න දිස‍්සති; එවං වෙඨිතසීසස‍්ස.

“වෙඨිතසීසස්ස” රෙදි වෙළුමකින් හෝ, මොලි ආදියකින් හෝ කෙසාන්තය යම්සේ නොපෙනේද, මෙසේ වෙළුහිස් ඇතියක්හට.

ඔගුණ‍්ඨිතසීසස‍්සාති සසීසං පාරුතස‍්ස.

“ඔගුණ්ඨිතසීසස්ස” හිස වසා පෙරවියක්හට.

ඡමායං නිසින‍්නෙනාති භූමියං නිසින‍්නෙන. ආසනෙ නිසින‍්නස‍්සාති අන‍්තමසො වත්‍ථම‍්පි තිණානිපි සන්‍ථරිත්‍වා නිසින‍්නස‍්ස.

“ඡමාය නිසින්නෙන” බිම හුන්නහු විසින්. “ආසනෙ නිසින්නස්ස” යටත් පිරිසයින් වස්ත්‍රයක් නමුත් තෘණ නමුත් අතුරා හුන්නහුට

ඡපකස‍්සාති චණ‍්ඩාලස‍්ස. ඡපකීති චණ‍්ඩාලී. නිලීනොති පටිච‍්ඡන‍්නො හුත්‍වා. යත්‍ර හි නාමාති යො හි නාම. සබ‍්බමිදං චරිමං කතන‍්ති තත්‍ථෙව පරිපතීති “සබ‍්බො අයං ලොකො සඞ‍්කරං ගතො නිම‍්මරියාදො”ති ඉමං වචනං වත්‍වා තත්‍ථෙව තෙසං ද‍්වින‍්නම‍්පි අන‍්තරා රුක‍්ඛතො පතිතො. පතිත්‍වා ච පන උභින‍්නම‍්පි පුරතො ඨත්‍වා ඉමං ගාථං අභාසි –

“ඡපකස්ස” සැඩොලකුගේ. ‘ඡපකී’ සැඩොලිය. “නිලීනො” සැඟවුනෙක්ව. “යත්‍ර හි නාම” යමෙක් තෙමේ නම් “සබ්බමිදඤ්ච මරිගතන්ති තත්‍ථෙව පරිපති” මේ සියලු ලෝවැසි තෙමේ සංකරත්‍වයට ගියේය. ආචාරසීමාව නැත්තේයයි මේ වචනය අසා එහිම මන්ත්‍ර ඉගෙනීම පිණිස එම අඹරුක වෙත උස් අසුනෙහි උන් රජුද ඉගැන්වීම පිණිස මිටි අසුනෙහි හුන් පුරෝහිත බමුණාද යන දෙදෙන අතර ඒ සැඩොල් තෙමේ එල්බ සිටි අත්ත බිඳගෙණ රුකෙන් වැටුනේය. වැටීද රජු පෙරවි යන දෙදෙන ඉදිරියෙහි සිට,

“උභො අත්‍ථං න ජානන‍්ති…පෙ… අස‍්මා කුම‍්භමිවාභිදා”ති.

“උභො අත්‍ථං න ජානන්ති - උභො ධම්මං න පස්සරෙ යො චායං මන්තං වාචෙති - අස්මා කුම්භමිවාභිදා” යන මේ ගාථාව කීයේය.

තත්‍ථ උභො අත්‍ථං න ජානන‍්තීති ද‍්වෙපි ජනා පාළියා අත්‍ථං න ජානන‍්ති. ධම‍්මං න පස‍්සරෙති පාළිං න පස‍්සන‍්ති. කතමෙ තෙ උභොති? “යො චායං මන‍්තං වාචෙති, යො චාධම‍්මෙනධීයතී”ති. එවං බ්‍රාහ‍්මණඤ‍්ච රාජානඤ‍්ච උභොපි අධම‍්මිකභාවෙ ඨපෙසි.

එහි “උභො අත්‍ථං නජානන්ති” රජු හා පෙරවි බමුණුද යන දෙදෙනම තමන්ගේ ආචාර ප්‍රකාශක ග්‍රන්‍ථයෙහි අර්‍ත්‍ථය නොදනිත්. “ධම්මං න පස්සරෙ” පෙල නොදනිත්. ඔවුහු දෙදෙන කවරහුද, යත්: මේ යමෙක් උස් අසුනෙහි හිඳ මන්ත්‍රය හදාරවාද, යමෙක් මිටි අසුනෙහි හිඳ හදාරාද, මොවුහු දෙදෙනය. මෙසේ බමුණුද රජුද යන දෙදෙනම නොදැහැමි බැව්හි තැබීය.

තතො බ්‍රාහ‍්මණො සාලීනන‍්ති ගාථමාහ. තස‍්සත්‍ථො – ජානාමහං භො “අයං අධම‍්මො”ති; අපි ච ඛො මයා දීඝරත‍්තං සපුත‍්තදාරපරිජනෙන රඤ‍්ඤො සන‍්තකො සාලීනං ඔදනො භුත‍්තො. සුචිමංසූපසෙචනොති නානප‍්පකාරවිකතිසම‍්පාදිතං සුචිමංසූපසෙචනං මිස‍්සීකරණමස‍්සාති සුචිමංසූපසෙචනො. තස‍්මා ධම‍්මෙ න වත‍්තාමීති යස‍්මා එවං මයා රඤ‍්ඤො ඔදනො භුත‍්තො, අඤ‍්ඤෙ ච බහූ ලාභා ලද‍්ධා, තස‍්මා ධම‍්මෙ අහං න වත‍්තාමි උදරෙ බද‍්ධො හුත්‍වා, න ධම‍්මං අජානන‍්තො. අයඤ‍්හි ධම‍්මො අරියෙහි වණ‍්ණිතො පසත්‍ථො ථොමිතොති ජානාමි.

ඉන්පසු බමුණු තෙමේ “සාලීනං” යන ගාථාව කීයේය. ඒ ගාථාවෙහි අර්‍ත්‍ථය: ‘පින්වත’ මම මේ ධර්‍මැයි දනිමි, එතකුදුවුවත් මා විසින් බොහෝ කලක් මුළුල්ලෙහි අඹුදරුවන් සහිත පිරිවර දෙනා සමග රජු සතුවූ හැල්බත අනුභව කරන ලද්දේය. “සුචිමංසූපසෙවතො” නානාප්‍රකාර වූ විකෘතියෙන් සැපයූ පිවිතුරුමස් සෙවුම, මුසු කිරීම මොහුටනුයි. “සුචිමංසූපසෙවන” නම. (නානාප්‍රකාර මාංස විකෘතියෙන් යුක්ත වූ පිරිසිදු බොජුන් අනුභව කෙරෙමි) යන අර්‍ත්‍ථයි. ‘තස්මා ධම්මෙ න වත්තාමි’ යම්හෙයකින් මෙසේ මා විසින් රජුගේ බත අනුභව කරන ලද්දේ ද, අන්‍යවූ බොහෝ ලාභයෝ ලබන ලද්දාහුද, එහෙයින් මම ධර්‍මයෙහි නොපවතිමි. උදරයෙහි බැදුනෙක්ව හෙවත් උදරපොෂණය කරුණුකොට ධර්‍මය නොදන්නේ ‘මේ ආචාරධර්‍මය තෙමේ ආර්‍ය්‍යයන් විසින් වර්‍ණනා කරන ලද්දේය. පසසන ලද්දේය. ස්තුති කරන ලද්දේයයි දනිමි.

අථ නං ඡපකො “ධිරත්‍ථූ”තිආදිනා ගාථාද‍්වයෙන අජ‍්ඣභාසි. තස‍්සත්‍ථො – යො තයා ධනලාභො ච යසලාභො ච ලද‍්ධො, ධිරත්‍ථු තං ධනලාභං යසලාභඤ‍්ච බ්‍රාහ‍්මණ. කස‍්මා? යස‍්මා අයං තයා ලද‍්ධො ලාභො ආයතිං අපායෙසු විනිපාතනහෙතුනා සම‍්පති ච අධම‍්මචරණෙන වුත‍්ති නාම හොති. එවරූපා යා වුත‍්ති ආයතිං විනිපාතෙන ඉධ අධම‍්මචරණෙන වා නිප‍්පජ‍්ජති, කිං තාය වුත‍්තියා? තෙන වුත‍්තං –

ඉක්බිති ඒ පෙරවිහට සැඩොල් තෙමේ “ධිරන්‍ථු” යනාදි ගාථා දෙකින් කීයේය. ඒ ගාථාවෙහි අර්‍ත්‍ථය: බමුණ ‘තා විසින් යම් ධන ලාභයෙක් යම් යශස් ලාභයෙක් ලදද, ඒ ධන ලාභයටද යශස් ලාභයටද නින්‍දා වේවා. කුමක් හෙයින, යත්: යම්හෙයකින් මා විසින් මේ ලැබූ ලාභය මත්තෙහි අපායයන්හි විනිපතනයට හෙතු වශයෙන් පවත්නේද, දැනුදු අධර්‍ම චරණයෙන් වෘත්තිනම් වේද, එහෙයිනි. මෙබඳු වූ යම් වෘත්තියක් මත්තෙහි විනිපතනයට හෙතු බැවින් මෙහි අර්‍ධම චරණය හෙතුකොටගෙණ හෝ නිපදී ද, ඒ වෘත්තියෙන් කවරප්‍රයොජනයෙක්ද,

“ධිරත්‍ථු තං ධනලාභං, යසලාභඤ‍්ච බ්‍රාහ‍්මණ; යා වුත‍්ති විනිපාතෙන, අධම‍්මචරණෙන වා”ති.

ධිරත්‍ථු තං ධනලාභං - යසලාභඤ්ච බ්‍රාහ්මණ යා වුත්ති විනිපාතෙන - අධම්මචරණෙන වා”

යන මේ ගාථාව ඒ සැඬෙලහු විසින් කියනලදී.

පරිබ‍්බජ මහාබ්‍රහ‍්මෙති මහාබ්‍රාහ‍්මණ ඉතො දිසා සීඝං පලායස‍්සු. පචන‍්තඤ‍්ඤෙපි පාණිනොති අඤ‍්ඤෙපි සත‍්තා පචන‍්ති චෙව භුඤ‍්ජන‍්ති ච; න කෙවලං ත්‍වඤ‍්චෙව රාජා ච. මා ත්‍වං අධම‍්මො ආචරිතො අස‍්මා කුම‍්භමිවාභිදාති සචෙ හි ත්‍වං ඉතො අපරිබ‍්බජිත්‍වා ඉමං අධම‍්මං ආචරිස‍්සසි , තතො ත්‍වං සො අධම‍්මො එවං ආචරිතො යථා උදකකුම‍්භං පාසාණො භින්‍දෙය්‍ය; එවං භෙච‍්ඡති, තෙන මයං තං වදාම –

“පරිබ්බජ මහාබ්‍රහ්මෙ” මහබමුණ මෙදෙසින් වහා පලායව. “පචන්තඤ්ඤෙපි පාණිනො” අන්‍ය සත්ත්‍වයෝද පිසීමද කෙරෙත්. අනුභවයද කෙරෙත්. හුදෙක් තෝ ද රජුද යන දෙදෙන පිස අනුභව නොකෙරෙත්මය. “මා ත්‍වං අධම්මො ආචරිතො අස්මා කුම්හමිවාදා” ඉදින් තෝ මෙතැනින් නොපහව, මේ අධර්‍මයෙහි හැසිරෙන්නෙහිද, එයින් තෝ, ඒ අධර්‍මයතෙමේ හැසිරෙන ලද්දේ පාෂණය තෙමේ පැන්කළය යම්සේ බිඳින්නේද, එසේ නොබිඳුව, එයින් අපි තට

“පරිබ‍්බජ මහාබ්‍රහ‍්මෙ, පචන‍්තඤ‍්ඤෙපි පාණිනො; මා ත්‍වං අධම‍්මො ආචරිතො, අස‍්මා කුම‍්භමිවාභිදා”ති.

“පරිබ්බජ මහාබ්‍රහ්මෙ - පචන්තඤ්ඤෙපි පාණිනො මා ත්‍වං අධම්මො ආචරිතො - අස්මා කුම්හමිවාභිදා’ යි කියමු.

උච‍්චෙ ආසනෙති අන‍්තමසො භූමිප‍්පදෙසෙපි උන‍්නතට‍්ඨානෙ නිසින‍්නස‍්ස දෙසෙතුං න වට‍්ටති.

“උච්චෙ ආසනෙ” යටත්පිරිසෙයින් උස්තැන්හිවූ බිම් පෙදෙසෙක හුන්නහුට මිටි අසුනෙහි හුන්නහු විසින් දහම් දෙසීම නොවටියි.

න ඨිතො නිසින‍්නස‍්සාති සචෙපි ථෙරුපට‍්ඨානං ගන‍්ත්‍වා ඨිතං දහරභික‍්ඛුං ආසනෙ නිසින‍්නො මහාථෙරො පඤ‍්හං පුච‍්ඡති, න කථෙතබ‍්බං. ගාරවෙන පන ථෙරං උට‍්ඨහිත්‍වා පුච‍්ඡථාති වත‍්තුං න සක‍්කා, පස‍්සෙ ඨිතභික‍්ඛුස‍්ස කථෙමීති කථෙතුං වට‍්ටති.

“න ඨිතෙන නිසින්නස්ස” තෙරුන්ගේ උවැටනට ගොස් සිටි තරුණ මහණකුගෙන් අසුනෙහි හුන් මහාස්ථවිර තෙමේ ප්‍රශ්නයක් විචාරාද, නොකිය යුතුය. තෙරුන්ට ගෞරවයෙන් නැගිට විචාළ මැනැවැ’යි කියන්නට නොහැක්කේද, පසෙක සිටි මහණක්හට කියමි’යි කීම වටියි.

න පච‍්ඡතො ගච‍්ඡන‍්තෙනාති එත්‍ථ සචෙ පුරතො ගච‍්ඡන‍්තො පච‍්ඡතො ගච‍්ඡන‍්තං පඤ‍්හං පුච‍්ඡති, න කථෙතබ‍්බං. පච‍්ඡිමස‍්ස භික‍්ඛුනො කථෙමීති කථෙතුං වට‍්ටති. සද‍්ධිං උග‍්ගහිතධම‍්මං පන සජ‍්ඣායිතුං වට‍්ටති. සමධුරෙන ගච‍්ඡන‍්තස‍්ස කථෙතුං වට‍්ටති.

“න පච්ඡනො ගච්ඡන්තෙන” ඉදින් මෙහි ඉදිරියෙහි යමින් පස්සෙන් යන්නකු අතින් ප්‍රශ්නයක් විචාරාද නොකිය යුතුය. පැසුළු මහණහුට කියන්නෙමියි කියයුතුය. එක්ව උගත් ධර්‍මය හැදෑරීම කළ හැකිය. සමව පෙළට යන්නක්හට කීම වටියි.

න උප‍්පථෙනාති එත්‍ථාපි සචෙ ද‍්වෙපි සකටපථෙ එකෙකචක‍්කපථෙන වා උප‍්පථෙන වා සමධුරං ගච‍්ඡන‍්ති, වට‍්ටති.

“නඋප්පථෙන” මෙහිද ඉදින් දෙදෙනම ගැල්මගින් හෝ එක් එක් සක්මගින් හෝ නොමගින් හෝ පෙළට යෙත්ද, වටියි.

අසඤ‍්චිච‍්චාති පටිච‍්ඡන‍්නට‍්ඨානං ගච‍්ඡන‍්තස‍්ස සහසා උච‍්චාරො වා පස‍්සාවො වා නික‍්ඛමති, අසඤ‍්චිච‍්ච කතො නාම අනාපත‍්ති.

“අසඤ්චිච්ච” පිළිපන් තැනකට යන මහණහුගෙන් වහා මල හෝ මුත්‍ර හෝ අතරතුරදී නික්මේද, නොසිතා කෙළේ නම්වේ. ඒ මහණහුට ඇවැත් නොවේ.

න හරිතෙති එත්‍ථ යම‍්පි ජීවරුක‍්ඛස‍්ස මූලං පථවියං දිස‍්සමානං ගච‍්ඡති, සාඛා වා භූමිලග‍්ගා ගච‍්ඡති, සබ‍්බං හරිතසඞ‍්ඛාතමෙව. ඛන්‍ධෙ නිසීදිත්‍වා අප‍්පහරිතට‍්ඨානෙ පාතෙතුං වට‍්ටති. අප‍්පහරිතට‍්ඨානං ඔලොකෙන‍්තස‍්සෙව සහසා නික‍්ඛමති, ගිලානට‍්ඨානෙ ඨිතො හොති, වට‍්ටති. අප‍්පහරිතෙ කතොති අප‍්පහරිතං අලභන‍්තෙන තිණණ‍්ඩුපකං වා පලාලණ‍්ඩුපකං වා ඨපෙත්‍වා කතොපි පච‍්ඡා හරිතං ඔත්‍ථරති, වට‍්ටතියෙව. ඛෙළෙන චෙත්‍ථ සිඞ‍්ඝාණිකාපි සඞ‍්ගහිතාති මහාපච‍්චරියං වුත‍්තං.

“නහරිතෙ” මෙහි යම් පණ ඇති රුකක මුලක් පොළොවෙහි පෙනෙන්නේද, නොහොත් අත්තක් බිම ඇලී පවත්නීද, සියල්ල හරිත සඞ්ඛ්‍යාවටමයයි. නොමළ රුකක කදෙහිඳ නිල්තණ ආදිය නැති තැන, මලමූ හෙළීම වරදෙක් නොවේ. නිල්තණ නැති තැනක් බලන්නහුගෙන්ම වහා මලමූ නික්මේද, ගිලන්තැන සිටියේ වේ. එහෙයින් වටියි. “අප්පහරිතෙ කතො” නිල්තණ නැති තැනක් නොලබන්නහු විසින් තණසුඹුලක් හෝ පිදුරු සුඹුලුවක් හෝ තබා මලමූකළ කල්හිද පසුව නිල් ඇතිතැනට ගලායේද, එහි වරදෙක් නොවේමය. මෙහි ඛෙල (කෙළ) යන වචනයෙන්ම සොටුද සඞ්ග්‍රහ කරන ලද්දේයයි මහාපච්චරියෙහි කියනලදී.

න උදකෙති එතං පරිභොගඋදකමෙව සන්‍ධාය වුත‍්තං, වච‍්චකුටිසමුද‍්දාදිඋදකෙසු පන අපරිභොගෙසු අනාපත‍්ති. දෙවෙ වස‍්සන‍්තෙ සමන‍්තතො උදකොඝො හොති, අනුදකට‍්ඨානං ඔලොකෙන‍්තස‍්සෙව නික‍්ඛමති, වට‍්ටති. මහාපච‍්චරියං වුත‍්තං – “එතාදිසෙ කාලෙ අනුදකට‍්ඨානං අලභන‍්තෙන කාතුං වට‍්ටතී”ති. සෙසං සබ‍්බසික‍්ඛාපදෙසු උත‍්තානත්‍ථමෙව.

“න උදකෙ” මෙය පරිභොග ජලය සඳහාම කියනලදී. පරිභොග කටයුතු නොවූ වැසිකිළි මුහුදු ආදියෙහි ඇති දියෙහි ඇවැත් නොවේ. වැසි වස්නා කල්හි හාත්පසින් දියසැඩ පහර වේද, දිය නැති තැනක් බලත්ම මලමූ නික්මේද, එහි වරදෙක් නොවන්නේය. මහාපච්චරියෙහි වනාහි මෙබඳු වැසිකාලයෙහි දිය නැති තැනක් නොලබන්නහු විසින්ද දියෙහි මලමූ කිරීම වටීයයි කියන ලදී. සියලු ශික්‍ෂාපදයන්හි නොකියූ සෙසු සියල්ල ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.

සත‍්තමො වග‍්ගො.

සප්තම වර්‍ගයයි

සමුට‍්ඨානාදිදීපනත්‍ථාය පනෙත්‍ථ ඉදං පකිණ‍්ණකං – උජ‍්ජග‍්ඝිකඋච‍්චාසද‍්දපටිසංයුත‍්තානි චත‍්තාරි, සකබළෙන මුඛෙන බ්‍යාහරණං එකං, ඡමානීචාසනඨානපච‍්ඡතොගමනඋප‍්පථගමනපටිසංයුත‍්තානි පඤ‍්චාති ඉමානි දස සික‍්ඛාපදානි සමනුභාසනසමුට‍්ඨානානි කායවාචාචිත‍්තතො සමුට‍්ඨහන‍්ති, කිරියානි, සඤ‍්ඤාවිමොක‍්ඛානි , සචිත‍්තකානි, ලොකවජ‍්ජානි, කායකම‍්මවචීකම‍්මානි, අකුසලචිත‍්තානි, දුක‍්ඛවෙදනානීති.

සමුත්‍ථානාදිය දක්වනු පිණිස මේ වනාහි ප්‍රකීර්ණය වේ. උජ්ජග්ඝික උච්චාසද්ද පටිසංයුක්ත වූ ශික්‍ෂාපද සතරද, සකබළෙන මුඛෙන බ්‍යාහරණං යන එක් ශික්‍ෂාපදයද, ඡමානීවාසනට්ඨාන පච්ඡන්තොගමන උප්පථගමන පටිසංයුක්ත වූ ශික්‍ෂාපද පසදැයි යන මේ දශශික්‍ෂාපදයෝ සමනුභාසනසමුත්‍ථානිකයෝය. කායවාචාචිත්තයෙන් හටගණිත්. ක්‍රියාසමුත්‍ථානායෝය. සංඥාවිමොක්‍ෂයෝය. සචිත්තකයෝය. ලොකවද්‍යයෝය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුක්‍ඛවෙදනයි.

සූපොදනවිඤ‍්ඤත‍්තිසික‍්ඛාපදං ථෙය්‍යසත්‍ථසමුට‍්ඨානං කායචිත‍්තතො කායවාචාචිත‍්තතො ච සමුට‍්ඨාති, කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, අකුසලචිත‍්තං, දුක‍්ඛවෙදනන‍්ති.

සූපොදන විඤ්ඤත්ති ශික්‍ෂාපදය. ථෙය්‍යසත්‍ථසමුත්‍ථාහිකය. කායචිත්තයෙන්ද කායවාචාචිත්තයෙන්ද හටගණියි. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.

ඡත‍්තපාණිදණ‍්ඩපාණිසත්‍ථපාණිආවුධපාණිපාදුකඋපාහනයානසයනපල‍්ලත්‍ථිකවෙඨිතඔගුණ‍්ඨිතනාමකානි එකාදස සික‍්ඛාපදානි ධම‍්මදෙසනසමුට‍්ඨානානි වාචාචිත‍්තතො සමුට‍්ඨහන‍්ති, කිරියාකිරියානි, සඤ‍්ඤාවිමොක‍්ඛානි, සචිත‍්තකානි, ලොකවජ‍්ජානි, වචීකම‍්මානි, අකුසලචිත‍්තානි, දුක‍්ඛවෙදනානීති.

ඡත්තපාණි දණ්ඩපාණි සත්‍ථපාණි ආයුධපාණි පාදුක උපාහන යාන සයන පල්ලත්‍ථික වෙණ්ඨිත ඔගුන්‍ඩිත යන නම් ඇති එකොළොස් ශික්‍ෂාපදයෝ ධම්මදෙසන සමුත්‍ථානිකයෝය. වාචාචිත්තයෙන් හටගණිත්. ක්‍රියාක්‍රියසමුත්‍ථානායෝය. සංඥාවිමොක්‍ෂයෝය. සචිත්තකයෝය. ලොකවද්‍යයෝය. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.

අවසෙසානි තෙපණ‍්ණාස සික‍්ඛාපදානි පඨමපාරාජිකසමුට‍්ඨානානීති.

සෙසු තෙපණස් ශික්‍ෂාපදයෝ ප්‍රථම පාරාජිකසමුත්‍ථානිකයෝය.

සබ‍්බසෙඛියෙසු ආබාධපච‍්චයා අනාපත‍්ති, ථූපීකතපිණ‍්ඩපාතෙ සූපබ්‍යඤ‍්ජනෙන පටිච‍්ඡාදනෙ උජ‍්ඣානසඤ‍්ඤිම‍්හීති තීසු සික‍්ඛාපදෙසු ගිලානො නත්‍ථීති.

සියලු සෙඛිය ශික්‍ෂාපදයන්හි ආබාධප්‍රත්‍යයයෙන් ඇවැත් නොවේ. ථූපීකතපිණ්ඩපාතයෙහිද, සූපබ්‍යඤ්ජනපටිච්ඡාදනයෙහිද, උජණ්ජානසඤ්ඤියෙහිද යන ත්‍රිවිධ ශික්‍ෂාපදයන්හි ගිලෙනෙක් නැත්තේය.

සෙඛියවණ‍්ණනා නිට‍්ඨිතා.

සෙඛිය වර්‍ණනාව නිමි.

සෙඛියකණ‍්ඩං නිට‍්ඨිතං.