යෙදුමෙන් කියවන්න

උජ‍්ජග‍්ඝිකවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

උජ්ජග්ඝික වර්‍ගය

8. 2. 1.

8. 2. 1.

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ මහාහසිතං හසන‍්තා අන‍්තරඝරෙ ගච‍්ඡන‍්ති -පෙ-

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු මහසිනා සෙමින් ඇතුළුගමෙහි යෙත් ...

“න උජ‍්ජග‍්ඝිකාය අන‍්තරඝරෙ ගමිස‍්සාමීති සික‍්ඛා කරණීයා”ති.

“මහසිනායෙන් යුතු වැ ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මියැ යුතු” යි.

2. න උජ‍්ජග‍්ඝිකාය අන‍්තරඝරෙ ගන‍්තබ‍්බං. යො අනාදරියං පටිච‍්ච මහාහසිතං හසන‍්තො අන‍්තරඝරෙ ගච‍්ඡති ආපත‍්ති දුක‍්කටස‍්ස.

2. මහසිනායෙන් යුතු වැ ඇතුළුගමෙහි නො යායුතු යි. යමෙක් අනාදරිය පිණිස මහසිනා සෙමින් ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච, අසතියා, අජානන‍්තස‍්ස, ගිලානස‍්ස, හසනීයස‍්මිං වත්‍ථුස‍්මිං මිහිතමත‍්තං කරොති, ආපදාසු, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, සිනාසිය යුතු වස්තුවෙහි මඳසිනා පමණක් කරන්නහුට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.

පඨම සික‍්ඛාපදං.

ප්‍රථම ශික්‍ෂාපද යි.

8. 2. 2.

8. 2. 2.

1. සාවත්‍ථිනිදානං - තෙන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ මහාහසිතං හසන‍්තා අන‍්තරඝරෙ නිසීදන‍්ති -පෙ-

1. ශ්‍රාවස්තිනිදාන යි - එසමයෙහි සවග මහණහු මහසිනා සෙමින් ඇතුළුගමෙහි හිඳිත් ...

“න උජ‍්ජග‍්ඝිකාය අන‍්තරඝරෙ නිසීදිස‍්සාමීති සික‍්ඛා කරණීයා”ති.

“මහසිනායෙන් යුතු වැ ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු යැ” යි.

2. න උජ‍්ජග‍්ඝිකාය අන‍්තරඝරෙ නිසීදිතබ‍්බං. යො අනාදරියං පටිච‍්ච මහාහසිතං හසන‍්තො අන‍්තරඝරෙ නිසීදති ආපත‍්ති දුක‍්කටස‍්ස.

2. මහසිනායෙන් යුතු වැ ඇතුළුගමෙහි නො හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස මහසිනා සෙමින් ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච, අසතියා, අජානන‍්තස‍්ස, ගිලානස‍්ස, හසනීයස‍්මිං වත්‍ථුස‍්මිං මිහිතමත‍්තං කරොති, ආපදාසු, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, සිනාසිය යුතු වස්තුවෙහි මඳසිනා පමණක් කරන්නහුට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.

දුතිය සික‍්ඛාපදං.

ද්විතීය ශික්‍ෂාපද යි.

8. 2. 3.

8. 2. 3.

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උච‍්චාසද‍්දං මහාසද‍්දං කරොන‍්තා අන‍්තරඝරෙ ගච‍්ඡන‍්ති -පෙ-

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු උස්හඬ මහහඬ කෙරෙමින් ඇතුළුගමෙහි යෙත් ...

“අප‍්පසද‍්දො අන‍්තරඝරෙ ගමිස‍්සාමීති සික‍්ඛා කරණීයා”ති.

“අල්පශබ්ද ඇතියෙම් ඇතුළුගමෙහි යන්නෙමි යි හික්මියැ යුතු” යි.

2. අප‍්පසද‍්දෙන අන‍්තරඝරෙ ගන‍්තබ‍්බං. යො අනාදරියං පටිච‍්ච උච‍්චාසද‍්දං මහාසද‍්දං කරොන‍්තො අන‍්තරඝරෙ ගච‍්ඡති ආපත‍්ති දුක‍්කටස‍්ස.

2. අල්පශබ්දයෙන් යුතු වැ ඇතුළුගමෙහි යායුතු යි. යමෙක් අනාදරිය පිණිස උස්හඬ මහහඬ කෙරෙමින් ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච, අසතියා, අජානන‍්තස‍්ස, ගිලානස‍්ස, ආපදාසු, උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.

තතිය සික‍්ඛාපදං.

තෘතීය ශික්‍ෂාපද යි.

8. 2. 4.

8. 2. 4.

සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උච‍්චාසද‍්දං මහාසද‍්දං කරොන‍්තා අන‍්තරඝරෙ නිසීදන‍්ති. -පෙ-

ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු උස්හඬ මහහඬ කෙරෙමින් ඇතුළුගමෙහි හිඳිත් ...

අප‍්පසද‍්දො අන‍්තරඝරෙ නිසීදිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“අල්පශබ්ද ඇතියෙම් ඇතුළුගමෙහි හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.

අප‍්පසද‍්දෙන අන‍්තරඝරෙ නිසීදිතබ‍්බං, යො අනාදරියං පටිච‍්ච උච‍්චාසද‍්දං මහාසද‍්දං කරොන‍්තො අන‍්තරඝරෙ නිසීදති ආපත‍්ති දුක‍්කටස‍්ස.

අල්පශබ්දයෙන් යුතු වැ ඇතුළුගමෙහි හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස උස්හඬ මහහඬ කෙරෙමින් ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච -පෙ- ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.

චතුත්‍ථ සික‍්ඛාපදං.

චතුර්‍ත්‍ථ ශික්‍ෂාපද යි.

8. 2. 5.

8. 2. 5.

සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ කායප‍්පචාලකං අන‍්තරඝරෙ ගච‍්ඡන‍්ති කායං ඔලම‍්බෙන‍්තා -පෙ-

ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු කය එල්වමින් කය සල සලා ඇතුළුගමෙහි යෙත් ...

න කායප‍්පචාලකං අන‍්තරඝරෙ ගමිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“කය සලමින් ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මියැ යුතු” යි.

න කායප‍්පචාලකං අන‍්තරඝරෙ ගන‍්තබ‍්බං. කායං පග‍්ගහෙත්‍වා ගන‍්තබ‍්බං. යො අනාදරියං පටිච‍්ච කායප‍්පචාලකං අන‍්තරඝරෙ ගච‍්ඡති කායං ඔලම‍්බෙන‍්තො, ආපත‍්ති දුක‍්කටස‍්ස.

කය සලමින් ඇතුළුගමෙහි නො යා යුතු යි. කය නිසල කොට ඍජු වැ තබා යායුතු යි. යමෙක් අනාදරිය පිණිස කය එල්වමින් කය සල සලා ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච -පෙ- ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.

පඤ‍්චම සික‍්ඛාපදං.

පඤ්චම ශික්‍ෂාපද යි.

8. 2. 6.

8. 2. 6.

සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ කායප‍්පචාලකං අන‍්තරඝරෙ නිසීදන‍්ති කායං ඔලම‍්බෙන‍්තා -පෙ-

ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු කය එල්වමින් කය සල සලා ඇතුළුගමෙහි හිඳිත් ...

න කායප‍්පචාලකං අන‍්තරඝරෙ නිසීදිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“කය සල සලා ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.

න කායප‍්පචාලකං අන‍්තරඝරෙ නිසීදිතබ‍්බං. කායං පග‍්ගහෙත්‍වා නිසීදිතබ‍්බං. යො අනාදරියං පටිච‍්ච කායප‍්පචාලකං අන‍්තරඝරෙ නිසීදති කායං ඔලම‍්බෙන‍්තො ආපත‍්ති දුක‍්කටස‍්ස.

කය සලමින් ඇතුළුගමෙහි නො හිඳියයුතු යි. කය නිසල කොට ඍජු වැ තබා හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස කය එල්වමින් කය සොලවමින් ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච, අසතියා, අජානන‍්තස‍්ස, ගිලානස‍්ස, වාසූපගතස‍්ස, ආපදාසු, උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතයහට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.

ඡට‍්ඨ සික‍්ඛාපදං.

ෂෂ්ඨ ශික්‍ෂාපද යි.

8. 2. 7.

8. 2. 7.

සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ බාහුප‍්පචාලකං අන‍්තරඝරෙ ගච‍්ඡන‍්ති, බාහුං ඔලම‍්බෙන‍්තා -පෙ-

ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු බාහුව එල්වමින් බාහුව සල සලා ඇතුළුගමෙහි යෙත් ...

න බාහුප‍්පචාලකං අන‍්තරඝරෙ ගමිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“අත් සල සලා ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මියැ යුතු” යි.

න බාහුප‍්පචාලකං අන‍්තරඝරෙ ගන‍්තබ‍්බං. බාහුං පග‍්ගහෙත්‍වා ගන‍්තබ‍්බං. යො අනාදරියං පටිච‍්ච බාහුප‍්පචාලකං අන‍්තරඝරෙ ගච‍්ඡති බාහුං ඔලම‍්බෙන‍්තො ආපත‍්ති දුක‍්කටස‍්ස.

බාහුව සලමින් ඇතුළුගමෙහි නො යායුතු යි. බාහුව නිසල කොට තබා යා යුතු යි. යමෙක් අනාදරිය පිණිස බාහුව එල්වමින් බාහුව සලමින් ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච -පෙ- ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.

සත‍්තමසික‍්ඛාපදං.

සප්තම ශික්‍ෂාපද යි.

8. 2. 8.

8. 2. 8.

සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ බාහුප‍්පචාලකං අන‍්තරඝරෙ නිසීදන‍්ති බාහුං ඔලම‍්බෙන‍්තා -පෙ-

ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණහු අත් එල්වමින් ඇතුළුගමෙහි හිඳිත් ...

න බාහුප‍්පචාලකං අන‍්තරඝරෙ නිසීදිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“අත් සල සලා ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.

න බාහුප‍්පචාලකං අන‍්තරඝරෙ නිසීදිතබ‍්බං. බාහුං පග‍්ගහෙත්‍වා නිසීදිතබ‍්බං. යො අනාදරියං පටිච‍්ච බාහුප‍්පචාලකං අන‍්තරඝරෙ නිසීදති බාහුං ඔලම‍්බෙන‍්තො ආපත‍්ති දුක‍්කටස‍්ස.

බාහුව සල සලා ඇතුළුගමෙහි නො හිඳියයුතු යි. බාහුව නිසල කොට තබා හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස බාහුව එල්වමින් බාහුව සලමින් ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච, අසතියා, අජානන‍්තස‍්ස, ගිලානස‍්ස, වාසූපගතස‍්ස, ආපදාසු, උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතහට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.

අට‍්ඨමසික‍්ඛාපදං.

අෂ්ටම ශික්‍ෂාපද යි.

8. 2. 9.

8. 2. 9.

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ සීසප‍්පචාලකං අන‍්තරඝරෙ ගච‍්ඡන‍්ති සීසං ඔලම‍්බෙන‍්තා -පෙ-

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණහු හිස එල්වමින් හිස සල සලා ඇතුළුගමෙහි යෙත් ...

න සීසප‍්පචාලකං අන‍්තරඝරෙ ගමිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“හිස සල සලා ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මියැ යුතු”.

2. න සීසප‍්පචාලකං අන‍්තරඝරෙ ගන‍්තබ‍්බං. සීසං පග‍්ගහෙත්‍වා ගන‍්තබ‍්බං. යො අනාදරියං පටිච‍්ච සීසප‍්පචාලකං අන‍්තරඝරෙ ගච‍්ඡති සීසං ඔලම‍්බෙන‍්තො ආපත‍්ති දුක‍්කටස‍්ස.

2. හිස සලමින් ඇතුළුගමෙහි නො යායුතු යි. හිස නිසල කොට ඍජු වැ තබා යායුතු යි. යමෙක් අනාදරිය පිණිස හිස එල්වමින් හිස සලමින් ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.

3. අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච -පෙ- ආදිකම‍්මිකස‍්සාති.

3. නො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.

නවමසික‍්ඛාපදං.

නවම ශික්‍ෂාපද යි.

8. 2. 10.

8. 2. 10.

සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ සීසප‍්පචාලකං අන‍්තරඝරෙ නිසීදන‍්ති සීසං ඔලම‍්බෙන‍්තා -පෙ-

ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු හිස එල්වමින් හිස සල සලා ඇතුළුගමෙහි හිඳිත් ...

න සීසප‍්පචාලකං අන‍්තරඝරෙ නිසීදිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“හිස සල සලා ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.

න සීසප‍්පචාලකං අන‍්තරඝරෙ නිසීදිතබ‍්බං. සීසං පග‍්ගහෙත්‍වා නිසීදිතබ‍්බං. යො අනාදරියං පටිච‍්ච සීසප‍්පචාලකං අන‍්තරඝරෙ නිසීදති සීසං ඔලම‍්බෙන‍්තො ආපත‍්ති දුක‍්කටස‍්ස.

හිස සල සලා ඇතුළුගමෙහි නො හිඳියයුතු යි. හිස නිසල කොට ඍජු වැ තබා හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස හිස එල්වමින් හිස සලමින් ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච, අසතියා, අජානන‍්තස‍්ස, ගිලානස‍්ස, වාසූපගතස‍්ස ආපදාසු උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතහට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.

දසම සික‍්ඛාපදං.

දශම ශික්‍ෂාපද යි.

උජ‍්ජග‍්ඝිකවග‍්ගො දුතියො.

දෙවන උජ්ජග්ඝික වර්‍ග යි.