ඛම්භකතවග්ගො
ඛම්භකත වර්ගය
8. 3. 1.
8. 3. 1.
තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ඛම්භකතා අන්තරඝරෙ ගච්ඡන්ති -පෙ-
එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් වූ, අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි සවග මහණහු උකුළෙහි තැබූ අත් ඇති වැ ඇතුළුගමෙහි යෙත් ...
න ඛම්භකතො අන්තරඝරෙ ගමිස්සාමීති සික්ඛා කරණීයා’ති.
“උකුළෙහි තැබූ අත් ඇතියෙම් ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මියැ යුතු” යි.
න ඛම්භකතෙන අන්තරඝරෙ ගන්තබ්බං. යො අනාදරියං පටිච්ච එකතො වා උභතො වා ඛම්භං කත්වා අන්තරඝරෙ ගච්ඡති ආපත්ති දුක්කටස්ස.
උකුළෙහි තැබූ අතින් යුතු වැ ඇතුළුගමෙහි නො යායුතු යි. යමෙක් අනාදරිය පිණිස එක් පසින් හෝ දෙපසින් හෝ උකුළෙහි අත් තබා ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති - අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
නො සිතා කරන්නහුට ... උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
පඨමසික්ඛාපදං.
ප්‍රථම ශික්ෂාපද යි.
8. 3. 2.
8. 3. 2.
සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ඛම්භකතා අන්තරඝරෙ නිසීදන්ති -පෙ-
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු උකුළෙහි තැබූ අත් ඇති වැ ඇතුළුගමෙහි හිඳිත් ...
න ඛම්භකතො අන්තරඝරෙ නිසීදිස්සාමීති සික්ඛා කරණීයා’ති.
“උකුළෙහි තැබූ අත් ඇතියෙම් ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
න ඛම්භකතෙන අන්තරඝරෙ නිසීදිතබ්බං. යො අනාදරියං පටිච්ච එකතො වා උභතො වා ඛම්භං කත්වා අන්තරඝරෙ නිසීදති ආපත්ති දුක්කටස්ස.
උකුළෙහි තැබූ අත් ඇති වැ ඇතුළුගමෙහි නො හිඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස එක් පසින් හෝ දෙ පසින් හෝ උකුළෙහි අත් තබා ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: අසඤ්චිච්ච අසතියා අජානන්තස්ස ගිලානස්ස වාසූපගතස්ස ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතහට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
දුතියසික්ඛාපදං.
ද්විතීය ශික්ෂාපද යි.
8. 3. 3.
8. 3. 3.
සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සසීසං පාරුපිත්වා අන්තරඝරෙ ගච්ඡන්ති -පෙ-
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු හිස සහිත වැ පෙරෙවැ ඇතුළුගමෙහි යෙත් ...
න ඔගුණ්ඨිතො අන්තරඝරෙ ගමිස්සාමීති සික්ඛා කරණීයා’ති.
“හිස වසා පෙරෙවැ ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මියැ යුතු” යි.
න ඔගුණ්ඨිතෙන අන්තරඝරෙ ගන්තබ්බං. යො අනාදරියං පටිච්ච සසීසං පාරුපිත්වා අන්තරඝරෙ ගච්ඡති ආපත්ති දුක්කටස්ස.
හිස වසා පෙරෙවැ ඇතුළුගමෙහි නො යායුතු යි. යමෙක් අනාදරිය පිණිස හිස වසා පෙරෙවැ ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
නොසිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
තතියසික්ඛාපදං.
තෘතීය ශික්ෂාපද යි.
8. 3. 4.
8. 3. 4.
සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ සසීසං පාරුපිත්වා අන්තරඝරෙ නිසීදන්ති -පෙ-
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු හිස සහිත වැ පෙරෙ වැ ඇතුළුගමෙහි හිඳිත් ...
න ඔගුණ්ඨිතො අන්තරඝරෙ නිසීදිස්සාමීති සික්ඛා කරණීයා’ති.
“හිස වසා පෙරෙවැ ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
න ඔගුණ්ඨිතෙන අන්තරඝරෙ නිසීදිතබ්බං. යො අනාදරියං පටිච්ච සසීසං පාරුපිත්වා අන්තරඝරෙ නිසීදති ආපත්ති දුක්කටස්ස.
හිස වසා පෙරවැ ඇතුළුගමෙහි නො හිඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස හිස වසා පෙරවැ ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: අසඤ්චිච්ච අසතියා අජානන්තස්ස ගිලානස්ස වාසූපගතස්ස ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතහට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
චතුත්ථ සික්ඛාපදං.
චතුර්ත්ථ ශික්ෂාපද යි.
8. 3. 5.
8. 3. 5.
සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ උක්කුටිකාය අන්තරඝරෙ ගච්ඡන්ති -පෙ-
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු උළුලුයෙන් ඇතුළුගමෙහි යෙත් ...
“න උක්කුටිකාය අන්තරඝරෙ ගමිස්සාමීති සික්ඛා කරණීයා”ති.
“ඇතුළුගමෙහි උළුලුයෙන් නො යන්නෙමි යි හික්මියැ යුතු” යි.
න උක්කුටිකාය අන්තරඝරෙ ගන්තබ්බං. යො අනාදරියං පටිච්ච උක්කුටිකාය අන්තරඝරෙ ගච්ඡන්ති ආපත්ති දුක්කටස්ස.
උළුලුයෙන් ඇතුළුගමෙහි නො යායුතු යි. යමෙක් අනාදරිය පිණිස ඇතුළුගමෙහි උළුලුයෙන් යේ නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්ස.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
පඤ්චම සික්ඛාපදං.
පඤ්චම ශික්ෂාපද යි.
8. 3. 6.
8. 3. 6.
සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ පල්ලත්ථිකාය අන්තරඝරෙ නිසීදන්ති -පෙ-
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු අකවටු ඇවිළීමෙන් ඇතුළුගමෙහි ...
“න පල්ලත්ථිකාය අන්තරඝරෙ නිසීදිස්සාමීති සික්ඛා කරණීයා”ති.
“අකවටු ඇවිළීමෙන් ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.
න පල්ලත්ථිකාය අන්තරඝරෙ නිසීදිතබ්බං. යො අනාදරියං පටිච්ච හත්ථපල්ලත්ථිකාය වා දුස්සපල්ලත්ථිකාය වා අන්තරඝරෙ නිසීදති ආපත්ති දුක්කටස්ස.
අකවටු ඇවිළීමෙන් ඇතුළුගමෙහි නො හිඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස අතින් අකවටු ඇවිළීමෙන් හෝ පිළියෙන් අකවටු ඇවිළීමෙන් හෝ ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: අසඤ්චිච්ච අසතියා අජානන්තස්ස ගිලානස්ස වාසූපගතස්ස ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතහට, ආපදායෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
ඡට්ඨ සික්ඛාපදං.
ෂෂ්ඨ ශික්ෂාපද යි.
8. 3. 7.
8. 3. 7.
සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ අසක්කච්චං පිණ්ඩපාතං පටිගණ්හන්ති ඡඩ්ඩෙතුකාමා විය -පෙ-
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු බැහැරැ දමනු කැමැතියන් මෙන් නො සකසා (සිහි නො එළවා) පිඬුවා පිළිගනිත් ...
“සක්කච්චං පිණ්ඩපාතං පටිග්ගහෙස්සාමීති සික්ඛා කරණීයා”ති.
“සිහි එළවා පිඬුවා පිළිගන්නෙමි යි හික්මියැ යුතු” යි.
සක්කච්චං පිණ්ඩපාතො පටිග්ගහෙතබ්බො. යො අනාදරියං පටිච්ච අසක්කච්චං පිණ්ඩපාතං පටිගණ්හාති ඡඩ්ඩෙතුකාමො විය ආපත්ති දුක්කටස්ස.
සකසා පිඬුවා පිළිගතයුතු යි. යමෙක් අනාදරිය පිණිස බැහැරැ දමනු කැමැතියකු මෙන් නො සකසා පිඬුවා පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
නොසිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.
සත්තමසික්ඛාපදං.
සප්තම ශික්ෂාපද යි.
8. 3. 8.
8. 3. 8.
සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ තහං තහං ඔලොකෙන්තා පිණ්ඩපාතං පටිගණ්හන්ති ආකිරන්තෙපි අතික්කන්තෙපි න ජානන්ති -පෙ-
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු තැනැ තැනැ බලමින් පිඬුවා පිළිගනිත්. (පිඬුවා) දෙන කල්හි දු පිඬුවා දී ඉක්ම යන කල්හි දු නො දනිත් ...
“පත්තසඤ්ඤී පිණ්ඩපාතං පටිග්ගහෙස්සාමීති සික්ඛා කරණීයා”ති.
“පාත්‍රගත සංඥී වැ පිඬුවා පිළිගන්නෙමි යි හික්මියැ යුතු” යි.
පත්තසඤ්ඤිනා පිණ්ඩපාතො පටිග්ගහෙතබ්බො. යො අනාදරියං පටිච්ච තහං තහං ඔලොකෙන්තො පිණ්ඩපාතං පටිගණ්හාති ආපත්ති දුක්කටස්ස.
පාත්‍රගත සංඥා ඇතියහු විසින් පිඬුවා පිළිගත යුතු යි. යමෙක් අනාදරිය පිණිස තැනැ තැනැ බලමින් පිඬුවා පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: අසඤ්චිච්ච -පෙ- ආදිකම්මිකස්සාති.
නො සිතා කරන්නහුට ... ආදිකකම්මිකහට ඇවැත් නැති.
අට්ඨමසික්ඛාපදං.
අෂ්ටම ශික්ෂාපද යි.
8. 3. 9.
8. 3. 9.
සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ පිණ්ඩපාතං පටිගණ්හන්තා සූපඤ්ඤෙව බහුං පටිගණ්හන්ති -පෙ-
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු පිඬුවා පිළිගන්නෝ සූප මැ බොහෝ කොට පිළිගනිත් ...
“සමසූපකං පිණ්ඩපාතං පටිග්ගහෙස්සාමීති සික්ඛා කරණීයා”ති.
“බත සතරවන කොටසින් නො වැඩි සූප ඇති වැ පිණ්ඩපාතය පිළින්නෙමි යි හික්මියැ යුතු” යි.
සූපො නාම: ද්වෙ සූපා මුග්ගසූපො මාසසූපො හත්ථහාරියො. සමසූපකො පිණ්ඩපාතො පටිග්ගහෙතබ්බො. යො අනාදරියං පටිච්ච සූපඤ්ඤෙව බහුං පටිගණ්හාති ආපත්ති දුක්කටස්ස.
සූප නම්: අතින් ගෙන යා හැකි මුද්ගසූප යැ මාසසූප යැ යි සූප දෙකෙකි. සමසූපක පිණ්ඩපාතය පිළිගත යුතු යි. යමෙක් අනාදරිය පිණිස සූප මැ බොහෝ කොට පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
3. අනාපත්ති: අසඤ්චිච්ච, අසතියා, අජානන්තස්ස, ගිලානස්ස, රසරසෙ, ඤාතකානං, පවාරිතානං, අඤ්ඤස්සත්ථාය, අත්තනො ධනෙන, ආපදාසු, උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, රසරසයෙහි නම්, නෑයන්ගෙන් නම්, පැවැරියන්ගෙන් නම්, අනෙකක්හු සඳහා නම්, තමසතු ධනයෙන් නම්, ආපදායෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.
නවමසික්ඛාපදං.
නවම ශික්ෂාපද යි.
8. 3. 10.
8. 3. 10.
සාවත්ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛූ ථූපීකතං පිණ්ඩපාතං පටිගණ්හන්ති -පෙ-
ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු තුඹක් මෙන් කොට පිඬුවා පිළිගනිත් ...
“සමතිත්තිකං පිණ්ඩපාතං පටිග්ගහෙස්සාමීති සික්ඛා කරණීයා”ති.
“සමසේ පිරීගිය පිඬුවා පිළිගන්නෙමි යි හික්මියැ යුතු” යි.
සමතිත්තිකො පිණ්ඩපාතො පටිග්ගහෙතබ්බො. යො අනාදරියං පටිච්ච ථූපීකතං පිණ්ඩපාතං පටිගණ්හාති ආපත්ති දුක්කටස්ස.
පයෙහි ඇතුළු මෝවිට සමසේ පිරීගිය පිඬුවා පිළිගත යුතු යි. යමෙක් අනාදරිය පිණිස තුඹක් මෙන් කොට පිඬුවා පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: අසඤ්චිච්ච අසතියා අජානන්තස්ස ආපදාසු උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ආපදායෙහි, උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
දසම සික්ඛාපදං.
දශම ශික්ෂාපද යි.
ඛම්භකතවග්ගො තතියො.
තෙවන ඛම්භකත වර්ග යි.