යෙදුමෙන් කියවන්න

සක‍්කච‍්චවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

සක්කච්ච වර්‍ගය

8. 4. 1.

8. 4. 1.

තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අසක‍්කච‍්චං පිණ‍්ඩපාතං භුඤ‍්ජන‍්ති අභුඤ‍්ජිතුකාමා විය -පෙ-

එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි සවග මහණහු නො වළඳනු කැමැත්තවුන් මෙන් නො සකස් කොට වළඳත් ...

සක‍්කච‍්චං පිණ‍්ඩපාතං භුඤ‍්ජිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“සකසා පිඬුවා වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.

සක‍්කච‍්චං පිණ‍්ඩපාතො භුඤ‍්ජිතබ‍්බො. යො අනාදරියං පටිච‍්ච අසක‍්කච‍්චං පිණ‍්ඩපාතං භුඤ‍්ජති ආපත‍්ති දුක‍්කටස‍්ස.

සිහි එළවා පිඬුවා වැළඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස නො සකසා පිඬුවා වළඳා නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච අසතියා අජානන‍්තස‍්ස ගිලානස‍්ස ආපදාසු උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.

පඨමසික‍්ඛාපදං.

ප්‍රථම ශික්‍ෂාපද යි.

8. 4. 2.

8. 4. 2.

සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ තහං තහං ඔලොකෙන‍්තා පිණ‍්ඩපාතං භුඤ‍්ජන‍්ති ආකිරන‍්තෙපි අතික‍්කන‍්තෙපි න ජානන‍්ති -පෙ-

ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු තැනැ තැනැ බලමින් පිඬුවා වළඳත්. (පිඬුවා) දෙන කල්හි දු (පිඬුවා දී) ඉක්ම යන කල්හි දු නො දනිත් ...

පත‍්තසඤ‍්ඤී පිණ‍්ඩපාතං භුඤ‍්ජිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“පාත්‍රගත සංඥී වැ පිඬුවා වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.

පත‍්තසඤ‍්ඤිනා පිණ‍්ඩපාතො භුඤ‍්ජිතබ‍්බො. යො අනාදරියං පටිච‍්ච තහං තහං ඔලොකෙන‍්තො පිණ‍්ඩපාතං භුඤ‍්ජති ආපත‍්ති දුක‍්කටස‍්ස.

පාත්‍රසංඥීහු විසින් පිඬුවා වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස තැනැ තැනැ බලමින් පිඬුවා වළඳා නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච -පෙ- ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට ... ආදිකම්මිකහට ඇවැත් නැති.

දුතියසික‍්ඛාපදං.

ද්විතීය ශික්‍ෂාපද යි.

8. 4. 3.

8. 4. 3.

සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ තහං තහං ඔමසිත්‍වා පිණ‍්ඩපාතං භුඤ‍්ජන‍්ති -පෙ-

ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු තැනැ තැනැ පහසා පිඬුවා වළඳත් ...

සපදානං පිණ‍්ඩපාතං භුඤ‍්ජිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“තමා දෙස පටන් පිළිවෙළින් පිඬුවා වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.

සපදානං පිණ‍්ඩපාතො භුඤ‍්ජිතබ‍්බො. යො අනාදරියං පටිච‍්ච තහං තහං ඔමසිත්‍වා පිණ‍්ඩපාතං භුඤ‍්ජති ආපත‍්ති දුක‍්කටස‍්ස.

අනුපිළිවෙළින් පිඬුවා වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස තැනැ තැනැ පහසා පිඬුවා වළඳා නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච අසතියා අජානන‍්තස‍්ස ගිලානස‍්ස අඤ‍්ඤෙසං දෙන‍්තො ඔමසති, අඤ‍්ඤභාජනෙ ආකිරන‍්තො ඔමසති, උත‍්තරිභඞ‍්ගෙ, ආපදාසු උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නොදන්නහුට, ගිලනහුට, අනෙකක්හට දෙනුයේ පහසා නම්, අන්බඳුනෙක්හි ලන්නේ පහසා නම්, අවුළුපත් ගැනීමෙහි නම්, ඇවැත් නැත. ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.

තතියසික‍්ඛාපදං.

තෘතීය ශික්‍ෂාපද යි.

8. 4. 4.

8. 4. 4.

සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ පිණ‍්ඩපාතං භුඤ‍්ජන‍්තා සූපඤ‍්ඤෙව බහුං භුඤ‍්ජන‍්ති -පෙ-

ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු පිඬුවා වළඳන්නාහු සූප මැ බොහෝ කොට වළඳත් ...

සමසූපකං පිණ‍්ඩපාතං භුඤ‍්ජිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“සමසූපක පිඬුවා වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.

සූපො නාම: ද‍්වෙ සූපො මුග‍්ගසූපො, මාසසූපො හත්‍ථහාරියො. සමසූපකො පිණ‍්ඩපාතො භුඤ‍්ජිතබ‍්බො. යො අනාදරියං පටිච‍්ච සූපඤ‍්ඤෙව බහුං භුඤ‍්ජති ආපත‍්ති දුක‍්කටස‍්ස.

සූප නම්; අතින් ගෙන යා හැකි මුද්ගසූප යැ මාසසූපයැ යි සූප දෙකෙකි. සමසූපක පිඬුවා වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස සූප මැ බොහෝ කොට වළඳා නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච අසතියා අජානන‍්තස‍්ස ගිලානස‍්ස රසරසෙ ඤාතකානං පවාරිතානං අත‍්තනො ධනෙන ආපදාසු උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, රසරසයෙහි නම්, නෑයන්ගෙන් නම්, පැවරූවන්ගෙන් නම්, තම සතු ධනයෙන් නම් ඇවැත් නැත. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.

චතුත්‍ථසික‍්ඛාපදං.

චතුර්‍ත්‍ථ ශික්‍ෂාපද යි.

8. 4. 5.

8. 4. 5.

සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ථූපතො ඔමද‍්දිත්‍වා පිණ‍්ඩපාතං භුඤ‍්ජන‍්ති -පෙ-

ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු බත මැදතුරෙන් හනා පිඬුවා වළඳත් ...

න ථූපතො ඔමද‍්දිත්‍වා පිණ‍්ඩපාතං භුඤ‍්ජිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“බත මැදතුරෙන් හනා පිඬුවා නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.

න ථූපතො ඔමද‍්දිත්‍වා පිණ‍්ඩපාතො භුඤ‍්ජිතබ‍්බො. යො අනාදරියං පටිච‍්ච ථූපතො ඔමද‍්දිත්‍වා පිණ‍්ඩපාතං භුඤ‍්ජති ආපත‍්ති දුක‍්කටස‍්ස.

මැදතුරෙන් හනා පිඬුවා නො වැළඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස මැදතුරෙන් හනා පිඬුවා වළඳා නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච අසතියා අජානන‍්තස‍්ස ගිලානස‍්ස පරිත‍්තකෙ සෙසෙ එකතො සංකඩ‍්ඪිත්‍වා ඔමද‍්දිත්‍වා භුඤ‍්ජති, ආපදාසු උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ඉතිරි මඳ දැයෙහි නම්, එකට ඇද හනා වළඳා නම්, ඇවැත් නැත. උම්මත්තකයහට, ආදිකම්මිකයහට, ඇවැත් නැති.

පඤ‍්චමසික‍්ඛාපදං.

පඤ්චම ශික්‍ෂාපද යි.

8. 4. 6.

8. 4. 6.

සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ සූපම‍්පි බ්‍යඤ‍්ජනම‍්පි ඔදනෙන පටිච‍්ඡාදෙන‍්ති භිය්‍යොකම්‍යතං උපාදාය -පෙ-

ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු වැඩියෙන් ලබනු කැමැත්ත නිසා සූප ද බ්‍යඤ්‍ජන ද බතින් පිළිසන් කෙරෙත් ...

න සූපං වා බ්‍යඤ‍්ජනං වා ඔදනෙන පටිච‍්ඡාදෙස‍්සාමි භිය්‍යොකම්‍යතං උපාදායාති සික‍්ඛා කරණීයා’ති.

“වැඩියක් ලබනු කැමැත්ත නිසා සූප හෝ බ්‍යඤ්‍ජන හෝ බතින් පිළිසන් නොකරන්නෙමි යි හික්මියැ යුතු” යි.

න සූපං වා බ්‍යඤ‍්ජනං වා ඔදනෙන පටිච‍්ඡාදෙතබ‍්බං භිය්‍යොකම්‍යතං උපාදාය. යො අනාදරියං පටිච‍්ච සූපං වා බ්‍යඤ‍්ජනං වා ඔදනෙන පටිච‍්ඡාදෙති භිය්‍යොකම්‍යතං උපාදාය ආපත‍්ති දුක‍්කටස‍්ස.

වැඩියක් ලබනු කැමැත්ත නිසා සූප හෝ බ්‍යඤ්‍ජන හෝ බතින් පිළිසන් නො කළ යුතු යි. යමෙක් අනාදරිය පිණිස වැඩියක් ලබනු කැමැත්ත නිසා සූප හෝ බ්‍යඤ්‍ජන හෝ බතින් පිළිසන් කෙරේ නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච අසතියා අජානන‍්තස‍්ස සාමිකා පටිච‍්ඡාදෙත්‍වා දෙන‍්ති. න භිය්‍යොකම්‍යතං උපාදාය, ආපදාසු උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට, නොසිහියෙන් කරන්නහුට, නො දන්නහුට, හිමියෝ පිළිසන් කොට දෙත් නම්, වැඩියක් ලබනු කැමැත්ත නැති කල්හි නම්, ඇවැත් නැත. ආපදාවෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.

ඡට‍්ඨසික‍්ඛාපදං.

ෂෂ්ඨ ශික්‍ෂාපද යි.

8. 4. 7.

8. 4. 7.

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ සූපම‍්පි ඔදනම‍්පි අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා සූපම‍්පි ඔදනම‍්පි අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිස‍්සන‍්ති කස‍්ස සම‍්පන‍්නං න මනාපං කස‍්ස සාදුං න රුච‍්චතී’ති.

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු සූප ද බත් ද තමා පිණිස විනවා ගෙනැ වළඳත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ සූප ද බත් ද තමා පිණිස විනවාගෙනැ වැළඳූහු ද? කවරක්හට මිහිරි නො මැනැවි ද? කවරක්හට රසය නො රුස්නේ දැ” යි.

2. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං. විපාචෙන‍්තානං යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ සූපම‍්පි ඔදනම‍්පි අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිස‍්සන‍්තී”ති -පෙ- සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ සූපම‍්පි ඔදනම‍්පි අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිස‍්සථ. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ [අකිර්‍තතිශබ්දය] ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු සූප ද බත් ද තමා පිණිස විනවාගෙනැ වැළඳූහු දැ” යි ... සැබෑ ද මහණෙනි, තෙපි සූප ද බත් ද තමා පිණිස විනවාගෙනැ වළඳවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... හිස් පුරුෂයෙනි, කෙසේ නම් තෙපි සූප ද බත් ද තමා පිණිස විනවාගෙනැ වැළඳූහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:

“න සූපං වා ඔදනං වා අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිස‍්සාමීති සික‍්ඛා කරණීයා”ති.

“සූප හෝ බත් හෝ තමා පිණිස විනවාගෙනැ නො වළඳන්නෙමැ යි හික්මියැ යුතු” යි.

එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

මෙසේ භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.

3. තෙන ඛො පන සමයෙන භික‍්ඛූ ගිලානා හොන‍්ති. ගිලානපුච‍්ඡකා භික‍්ඛූ ගිලානෙ භික‍්ඛූ එතදවොචුං: “කච‍්චාවුසො ඛමනීයං කච‍්චි යාපනීය”න‍්ති. පුබ‍්බෙ මයං ආවුසො සූපම‍්පි ඔදනම‍්පි අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජාම. තෙන නො ඵාසු හොති. ඉදානි පන භගවතා පටික‍්ඛිත‍්තන‍්ති කුක‍්කුච‍්චායන‍්තා න විඤ‍්ඤාපෙම තෙන නො න ඵාසු හොතීති. භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛු ආමන‍්තෙසි. “අනුජානාමි භික‍්ඛවෙ ගිලානෙන භික‍්ඛුනා සූපම‍්පි ඔදනම‍්පි අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිතුං” එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

3. එසමයෙහි භික්‍ෂූහු ගිලන්වූවෝ වෙති. ගිලනුන් පුළුවුස්නා මහණහු ගිලනුන්ට මෙය කීහු. ඇවැත්නි, කිම ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? ඇවැත්නි, ඇපි පෙරැ සූප ද බත් ද තමා පිණිස විනවාගෙනැ වළඳම්හ. එහෙයින් අපට පහසු වෙයි. දැන් වූකලි භාග්‍යවතුන් විසින් පිළිකෙව් කරන ලදැ යි කුකුසන්නමෝ නො විනවම්හ. එහෙයින් අපට පහසු නො වෙයි. භික්‍ෂූහු භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමැතූසේකැ. “මහණෙනි, ගිලන් මහණහු විසින් සූප ද බත් ද තමා පිණිස විනවා ගෙනැ වළඳන්නට අනුදනිමි.” මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:

“න සූපං වා ඔදනං වා අගිලානො අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිස‍්සාමීති සික‍්ඛා කරණීයා”ති.

“නො ගිලන් වැ සූප හෝ බත් හෝ තමා පිණිස විනවා ගෙනැ නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.

න සූපං වා ඔදනං වා අගිලානෙන අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජිතබ‍්බං. යො අනාදරියං පටිච‍්ච සූපං වා ඔදනං වා අගිලානො අත‍්තනො අත්‍ථාය විඤ‍්ඤාපෙත්‍වා භුඤ‍්ජති ආපත‍්ති දුක‍්කටස‍්ස.

නො ගිලන් වැ සූප හෝ බත් හෝ තමා පිණිස විනවා ගෙනැ නො වැළඳියයුතු යි. යමෙක් අනාදරිය පිණිස සූප හෝ බත් හෝ නො ගිලන් වැ තමා පිණිස විනවාගෙනැ වළඳා නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච අසතියා අජානන‍්තස‍්ස ගිලානස‍්ස ඤාතකානං පවාරිතානං අඤ‍්ඤස‍්සත්‍ථාය අත‍්තනො ධනෙන ආපදාසු උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, නෑයන්ගෙන් නම්, පැවැරියන්ගෙන් නම්, අනෙකක්හු සඳහා නම්, තමසතු ධනයෙන් නම්, ඇවැත්, නැත. ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.

සත‍්තමසික‍්ඛාපදං.

සප්තම ශික්‍ෂාපද යි.

8. 4. 8.

8. 4. 8.

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උජ‍්ඣානසඤ‍්ඤී පරෙසං පත‍්තං ඔලොකෙන‍්ති -පෙ-

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු ලමු කොට සිතන සන් ඇති වැ අනුන්ගේ පාත්‍රය බලත් ...

න උජ‍්ඣානසඤ‍්ඤී පරෙසං පත‍්තං ඔලොකෙස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“කිපිසිත් ඇති වැ අනුන් වළඳන පාත්‍රය නො බලන්නෙමි යි හික්මියැ යුතු” යි.

2. න උජ‍්ඣානසඤ‍්ඤිනා පරෙසං පත‍්තො ඔලොකෙතබ‍්බො. යො අනාදරියං පටිච‍්ච උජ‍්ඣානසඤ‍්ඤී පරෙසං පත‍්තං ඔලොකෙති ආපත‍්ති දුක‍්කටස‍්ස.

2. කිපිසිත් ඇති වැ අනුන් වළඳන පාත්‍රය නො බැලිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස ලමු කොට සිතන සන් ඇතියේ අනුන්ගේ පාත්‍රය බලා නම් දුකුළා ඇවැත් වේ.

3. අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච අසතියා අජානන‍්තස‍්ස දස‍්සාමීති වා දාපෙස‍්සාමීති වා ඔලොකෙති න උජ‍්ඣානසඤ‍්ඤිස‍්ස ආපදාසු උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, දෙන්නෙමි යි හෝ දෙවන්නෙමි යි හෝ බලා නම්, ලමු කොට සිතන සන් නැත්තහුට, ආපදාවෙහි ඇවැත් නැත, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.

අට‍්ඨමසික‍්ඛාපදං.

අෂ්ටම ශික්‍ෂාපද යි.

8. 4. 9.

8. 4. 9.

සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ මහන‍්තං කබළං කරොන‍්ති -පෙ-

ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු මහත් කොට බත්පිඬු කෙරෙත් ...

නාතිමහන‍්තං කබළං කරිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“ඉමහත් කොට බත් පිඬු නො කරන්නෙමි යි හික්මියැ යුතු” යි.

නාතිමහන‍්තො කබළො කාතබ‍්බො. යො අනාදරියං පටිච‍්ච මහන‍්තං කබළං කරොති ආපත‍්ති දුක‍්කටස‍්ස.

ඉමහත් කොට බත්පිඬු නො කළ යුතු යි. යමෙක් අනාදරිය පිණිස මහත් කොට බත්පිඬු කෙරේ නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච අසතියා අජානන‍්තස‍්ස අගිලානස‍්ස ඛජ‍්ජකෙ ඵලාඵලෙ උත‍්තරිභඞ‍්ගෙ ආපදාසු උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, කැවිලියෙහි, පලවැළයෙහි, අවුළුපත්හි, ආපදාවෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.

නවමසික‍්ඛාපදං.

නවම ශික්‍ෂාපද යි.

8. 4. 10.

8. 4. 10.

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ දීඝං ආලොපං කරොන‍්ති -පෙ-

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු දිගැටි කොට බත්පිඬු කෙරෙත් ...

පරිමණ‍්ඩලං ආලොපං කරිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“පිරිමඬුලු කොට බත්පිඬු කරන්නෙමි යි හික්මියැ යුතු” යි.

2. පරිමණ‍්ඩලො ආලොපො කාතබ‍්බො. යො අනාදරියං පටිච‍්ච දීඝං ආලොපං කරොති ආපත‍්ති දුක‍්කටස‍්ස.

2. පිරිමඬුලු කොට බත්පිඬු කළයුතු යි. යමෙක් අනාදරිය පිණිස දිගැටි කොට බත්පිඬු කෙරේ නම් දුකුළා ඇවැත් වේ.

3. අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච අසතියා අජානන‍්තස‍්ස ගිලානස‍්ස ඛජ‍්ජකෙ ඵලාඵලෙ උත‍්තරිභඞ‍්ගෙ ආපදාසු උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, කැවිලියෙහි, පලවැළයෙහි, අවුළුපත්හි, ආපදාවෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.

දසමසික‍්ඛාපදං.

දශම ශික්‍ෂාපද යි.

සක‍්කච‍්චවග‍්ගො චතුත්‍ථො.

සතරවන සක්කච්ච වර්‍ග යි.