යෙදුමෙන් කියවන්න

කබළවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

කබළ වර්‍ගය

8. 5. 1.

8. 5. 1.

තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අනාහටෙ කබළෙ මුඛද‍්වාරං විවරන‍්ති -පෙ-

එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි සවග මහණහු ආලෝපය නො එළවූ කල්හි මුවදොර විවෘත කෙරෙත් ...

න අනාහටෙ කබළෙ මුඛද‍්වාරං විවරිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“ආලෝපය නො එළවූ කල්හි මුවදොර විවෘත නො කරන්නෙමි යි හික්මියැ යුතු” යි.

න අනාහටෙ කබළෙ මුඛද‍්වාරං විවරිතබ‍්බං. යො අනාදරියං පටිච‍්ච අනාහටෙ කබළෙ මුඛද‍්වාරං විවරති ආපත‍්ති දුක‍්කටස‍්ස.

ආලෝපය නො එළවූ කල්හි මුවදොර විවෘත නො කළ යුතු යි. යමෙක් අනාදරිය පිණිස ආලෝපය නො එළවූ කල්හි මුවදොර විවෘත කෙරේ නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච -පෙ- ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.

පඨමසික‍්ඛාපදං.

ප්‍රථම ශික්‍ෂාපද යි.

8. 5. 2.

8. 5. 2.

සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ භුඤ‍්ජමානා සබ‍්බං හත්‍ථං මුඛෙ පක‍්ඛිපන‍්ති -පෙ-

ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ වළඳමින් මුළු අත මුවෙහි බහාලත් ...

න භුඤ‍්ජමානො සබ‍්බං හත්‍ථං මුඛෙ පක‍්ඛිපිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“වළඳමින් මුළු අත මුවෙහි නො බහාලන්නෙමි යි හික්මියැ යුතු” යි.

න භුඤ‍්ජමානෙන සබ‍්බො හත්‍ථො මුඛෙ පක‍්ඛිපිතබ‍්බො. යො අනාදරියං පටිච‍්ච භුඤ‍්ජමානො සබ‍්බං හත්‍ථං මුඛෙ පක‍්ඛිපති ආපත‍්ති දුක‍්කටස‍්ස.

වළඳන්නහු විසින් මුළු අත මුවෙහි නො බහා ලිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස වළඳමින් මුළු අත මුවෙහි බහා ලා නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච -පෙ- ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.

දුතියසික‍්ඛාපදං.

ද්විතීය ශික්‍ෂාපද යි.

8. 5. 3.

8. 5. 3.

සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ සකබළෙන මුඛෙන බ්‍යාහරන‍්ති -පෙ-

ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු ආලෝපය සහිත මුවින් බෙණෙත්. ...

න සකබළෙන මුඛෙන බ්‍යාහරිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“ආලෝපය සහිත මුවින් නො බණන්නෙමි යි හික්මියැ යුතු” යි.

න සකබළෙන මුඛෙන බ්‍යාහරිතබ‍්බං. යො අනාදරියං පටිච‍්ච සකබළෙන මුඛෙන බ්‍යාහරති ආපත‍්ති දුක‍්කටස‍්ස.

ආලෝපය සහිත මුවින් නො බිණිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස ආලෝපය සහිත මුවින් බෙණේ නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච -පෙ- ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.

තතියසික‍්ඛාපදං.

තෘතීය ශික්‍ෂාපද යි.

8. 5. 4.

8. 5. 4.

සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ පිණ‍්ඩුක‍්ඛෙපකං භුඤ‍්ජන‍්ති -පෙ-

ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු (මුවතුළට) පිඬු දමා ගසමින් වළඳත් ...

න පිණ‍්ඩුක‍්ඛෙපකං භුඤ‍්ජිස‍්සාමීති සික‍්ඛා කරණීයා.

“පිඬු මියෙහි දමා ගසමින් නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.

න පිණ‍්ඩුක‍්ඛෙපකං භුඤ‍්ජිතබ‍්බං. යො අනාදරියං පටිච‍්ච පිණ‍්ඩුක‍්ඛෙපකං භුඤ‍්ජති ආපත‍්ති දුක‍්කටස‍්ස.

පිඬු දමා ගසමින් නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස පිඬු දමා ගසමින් වළඳා නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච අසතියා අජානන‍්තස‍්ස ගිලානස‍්ස ඛජ‍්ජකෙ ඵලාඵලෙ ආපදාසු උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, කැවිලියෙහි, පලවැළෙහි, ආපදායෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.

චතුත්‍ථසික‍්ඛාපදං.

චතුර්‍ත්‍ථ ශික්‍ෂාපද යි.

8. 5. 5.

8. 5. 5.

සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ කබළාවච‍්ඡෙදකං භුඤ‍්ජන‍්ති -පෙ-

ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු ආලෝපය සිඳ සිඳ වළඳත් ...

න කබළාවච‍්ඡෙදකං භුඤ‍්ජිස‍්සාමීති සික‍්ඛා කරණීයා.

“ආලෝපය කඩ කඩා නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.

න කබළාවච‍්ඡෙදකං භුඤ‍්ජිතබ‍්බං. යො අනාදරියං පටිච‍්ච කබළාවච‍්ඡෙදකං භුඤ‍්ජති ආපත‍්ති දුක‍්කටස‍්ස.

ආලෝපය සිඳ සිඳ නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස ආලෝපය සිඳ සිඳ වළඳා නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච අසතියා අජානන‍්තස‍්ස ගිලානස‍්ස ඛජ‍්ජකෙ ඵලාඵලෙ උත‍්තරිභඞ‍්ගෙ ආපදාසු උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට නො සිහියෙන් කරන්නහුට නො දන්නහුට ගිලනහුට කැවිලියෙහි, පලවැළෙහි, අවුළුපත්හි, ආපදායෙහි, ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.

පඤ‍්චමසික‍්ඛාපදං.

පඤ්චම ශික්‍ෂාපද යි.

8. 5. 6.

8. 5. 6.

සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ අවගණ‍්ඩකාරකං භුඤ‍්ජන‍්ති -පෙ-

ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු හකුපුරා ගෙනැ වළඳත් ...

න අවගණ‍්ඩකාරකං භුඤ‍්ජිස‍්සාමීති සික‍්ඛා කරණීයා.

“පිඬු කොපුලැ රැස්කොට නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.

න අවගණ‍්ඩකාරකං භුඤ‍්ජිතබ‍්බං. යො අනාදරියං පටිච‍්ච එකතො වා උභතො වා ගණ‍්ඩං කත්‍වා භුඤ‍්ජති ආපත‍්ති දුක‍්කටස‍්ස.

හකු පුරා ගෙනැ නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස එක්පසින් හෝ දෙපසින් හෝ හකු පුරා ගෙනැ වළඳා නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච, අසතියා, අජානන‍්තස‍්ස, ගිලානස‍්ස, ඛජ‍්ජකෙ, ඵලාඵලෙ, ආපදාසු, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, කැවිලියෙහි, පලවැළෙහි, ආපදායෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.

ඡට‍්ඨසික‍්ඛාපදං.

ෂෂ්ඨ ශික්‍ෂාපද යි.

8. 5. 7.

8. 5. 7.

සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ හත්‍ථනිද‍්ධුනකං භුඤ‍්ජන‍්ති -පෙ-

ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු අත් සල සලා වළඳත් ...

න හත්‍ථනිද‍්ධුනකං භුඤ‍්ජිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“අත් සලසලා නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.

න හත්‍ථනිද‍්ධුනකං භුඤ‍්ජිතබ‍්බං. යො අනාදරියං පටිච‍්ච හත්‍ථනිද‍්ධුනකං භුඤ‍්ජති ආපත‍්ති දුක‍්කටස‍්ස.

අත් සලසලා නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස අත් සලසලා වළඳා නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච, අසතියා, අජානන‍්තස‍්ස, ගිලානස‍්ස, කචවරං ඡඩ‍්ඩෙන‍්තො හත්‍ථං නිද‍්ධුනාති, ආපදාසු, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, කසළ ඉවත ලමින් අත ගසාදමා නම්, ආපදායෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.

සත‍්තමසික‍්ඛාපදං.

සප්තම ශික්‍ෂාපද යි.

8. 5. 8.

8. 5. 8.

සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ සිත්‍ථාවකාරකං භුඤ‍්ජන‍්ති -පෙ-

ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු බත්හුළු විසුරුවමින් වළඳත්.

න සිත්‍ථාවකාරකං භුඤ‍්ජිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“බත්හුළු ඉසැ ඉසැ නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.

න සිත්‍ථාවකාරකං භුඤ‍්ජිතබ‍්බං. යො අනාදරියං පටිච‍්ච සිත්‍ථාවකාරකං භුඤ‍්ජති ආපත‍්ති දුක‍්කටස‍්ස.

බත්හුළු විසුරුවමින් නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස බත්හුළු විසුරුවමින් වළඳා නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච, අසතියා, අජානන‍්තස‍්ස, ගිලානස‍්ස, කචවරං ඡඩ‍්ඩෙන‍්තො සිත්‍ථං ඡඩ‍්ඪියති, ආපදාසු, උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති .

නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, කසළ ඉවතලමින් බත්හුළු ඉවත ලනු ලැබේ නම්, ආපදායෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.

අට‍්ඨමසික‍්ඛාපදං.

අෂ්ටම ශික්‍ෂාපද යි.

8. 5. 9.

8. 5. 9.

සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ජිව‍්හානිච‍්ඡාරකං භුඤ‍්ජන‍්ති -පෙ-

ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු දිව නෙරනෙරා වළඳත් ...

න ජිව‍්හානිච‍්ඡාරකං භුඤ‍්ජිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“දිව නෙරනෙරා නො වළඳන්නෙමියි හික්මියැ යුතු” යි.

න ජිව‍්හානිච‍්ඡාරකං භුඤ‍්ජිතබ‍්බං. යො අනාදරියං පටිච‍්ච ජිව‍්හානිච‍්ඡාරකං භුඤ‍්ජති ආපත‍්ති දුක‍්කටස‍්ස.

දිව නෙර නෙරා නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස දිව නෙර නෙරා වළඳා නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච, අසතියා, අජානන‍්තස‍්ස, ගිලානස‍්ස, ආපදාසු, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.

නවමසික‍්ඛාපදං.

නවම ශික්‍ෂාපද යි.

8. 5. 10.

8. 5. 10.

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ චපුචපුකාරකං භුඤ‍්ජන‍්ති -පෙ-

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි සවග මහණහු චපුචපු හඬ කෙරෙමින් වළඳති.

න චපුචපුකාරකං භුඤ‍්ජිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“චපුචපු හඬ කෙරෙමින් නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.

2. න චපුචපුකාරකං භුඤ‍්ජිතබ‍්බං. යො අනාදරියං පටිච‍්ච චපුචපුකාරකං භුඤ‍්ජති ආපත‍්ති දුක‍්කටස‍්ස.

2. චපුචපු හඬ කෙරෙමින් නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස චපු චපු හඬ කෙරෙමින් වළඳා නම් දුකුළා ඇවැත් වේ.

3. අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච, අසතියා, අජානන‍්තස‍්ස, ගිලානස‍්ස, ආපදාසු, උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.

3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.

දසමසික‍්ඛාපදං.

දශම ශික්‍ෂාපද යි.

කබළවග‍්ගො පඤ‍්චමො.

පස්වන කබළ වර්‍ග යි.