යෙදුමෙන් කියවන්න

පරිමණ‍්ඩලවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

පරිමණ්ඩල වර්‍ගය

8. 1. 1.

8. 1. 1.

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ පුරතොපි පච‍්ඡතොපි ඔලම‍්බෙන‍්තා නිවාසෙන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති. “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා පුරතොපි පච‍්ඡතොපි ඔලම‍්බෙන‍්තා නිවාසෙස‍්සන‍්ති සෙය්‍යථාපි ගිහී කාමභොගිනො”ති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වමින් හඳිත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රීයයෝ කාමභෝගී ගිහියන් මෙන් ඉදිරිපසිනුදු පසුපසිනිදු එල්වමින් හැන්දාහු” දැ යි.

2. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ පුරතොපි පච‍්ඡතොපි ඔලම‍්බෙන‍්තා නිවාසෙස‍්සන‍්තී”ති. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතාපෙත්‍වා ඡබ‍්බග‍්ගියෙ භික‍්ඛූ පටිපුච‍්ඡි. සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ පුරතොපි පච‍්ඡතොපි ඔලම‍්බෙන‍්තා නිවාසෙථාති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා පුරතොපි පච‍්ඡතොපි ඔලම‍්බෙන‍්තා නිවාසෙස‍්සථ, නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්තිශබ්දය) ඇසූහු, යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වනුවන් වැ හඳනාහු” දැ යි. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙඅවසරයෙහි ලා දැහැමි කථා කොට භික්‍ෂු සඞ්ඝයා රැස් කරවා සවග මහණුන් පිළිවිසූසේකැ” සැබෑ ද මහණෙනි, තෙපි ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වනුවන් වැ හඳිවු දැ” යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... හිස් පුරුෂයෙනි, කෙසේ නම් තෙපි ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වනුවන් වැ හැන්දහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේ මේ සිකපදය උදෙසවු:

“පරිමණ‍්ඩලං නිවාසෙස‍්සාමීති සික‍්ඛා කරණීයා”ති.

“පිරිමඬුලු කොට හඳින්නෙමි යි හික්මියැ යුතු” යි.

3. පරිමණ‍්ඩලං නිවාසෙතබ‍්බං නාභිමණ‍්ඩලං ජාණුමණ‍්ඩලං පටිච‍්ඡාදෙන‍්තෙන. යො අනාදරියං පටිච‍්ච පුරතො වා පච‍්ඡතො වා ඔලම‍්බෙන‍්තො නිවාසෙති, ආපත‍්ති දුක‍්කටස‍්ස.

3. නැබමඬල දණමඬල වසන්නහු විසින් පිරිමඬුලු කොට හැන්ද යුතු යි, යමෙක් අනාදරිය පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් හඳී නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච, අසතියා, අජානන‍්තස‍්ස, ගිලානස‍්ස, ආපදාසු, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.

පඨමසික‍්ඛාපදං.

ප්‍රථම ශික්‍ෂාපද යි.

8. 1. 2.

8. 1. 2.

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ පුරතොපි පච‍්ඡතොපි ඔලම‍්බෙන‍්තා පාරුපන‍්ති -පෙ-

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ අනේපිඬුසිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු ඉදිරිපසිනුදු පසුපසිනුදු එල්වමින් පොරවත් ...

“පරිමණ‍්ඩලං පාරුපිස‍්සාමීති සික‍්ඛා කරණීයා”ති.

“පිරිමඬුලු කොට පොරවන්නෙමි යි හික්මියැ යුතු” යි.

2. පරිමණ‍්ඩලං පාරුපිතබ‍්බං උභො කණ‍්ණෙ සමං කත්‍වා පාරුපන‍්තෙන යො අනාදරියං පටිච‍්ච පුරතො වා පච‍්ඡතො වා ඔලම‍්බෙන‍්තො පාරුපති ආපත‍්ති දුක‍්කටස‍්ස.

2. පොරවන්නහු විසින් දෙකොන සම කොට පිරිමඬුලු කොට පෙරැවිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස ඉදිරිපසින් හෝ පසුපසින් හෝ එල්වමින් පොරවා නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච අසතියා අජානන‍්තස‍්ස. ගිලානස‍්ස, ආපදාසු, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.

දුතියසික‍්ඛාපදං.

ද්විතීය ශික්‍ෂාපද යි.

8. 1. 3.

8. 1. 3.

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ කායං විවරිත්‍වා අන‍්තරඝරෙ ගච‍්ඡන‍්ති -පෙ-

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති, එසමයෙහි සවග මහණහු කය විවර කොට ඇතුළුගමෙහි යෙත් ...

“සුපටිච‍්ඡන‍්නො අන‍්තරඝරෙ ගමිස‍්සාමීති සික‍්ඛා කරණීයා”ති.

“සුපිළිසන් වැ ඇතුළුගමෙහි යන්නෙමි යි හික්මියැයුතු” යි.

2. සුප‍්පටිච‍්ඡන‍්නෙන අන‍්තරඝරෙ ගන‍්තබ‍්බං. යො අනාදරියං පටිච‍්ච කායං විවරිත්‍වා අන‍්තරඝරෙ ගච‍්ඡති ආපත‍්ති දුක‍්කටස‍්ස.

2. සුපිළිසන් වූවහු විසින් ඇතුළුගමෙහි යායුතු යි. යමෙක් අනාදරිය පිණිස කය විවර කොට ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච, අස‍්සතියා, අජානන‍්තස‍්ස, ගිලානස‍්ස, ආපදාසු, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දත්තහුට, ගිලනහුට, ආපදායෙහි, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.

තතියසික‍්ඛාපදං.

තෘතීය ශික්‍ෂාපද යි.

8. 1. 4.

8. 1. 4.

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ කායං විවරිත්‍වා අන‍්තරඝරෙ නිසීදන‍්ති -පෙ-

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති, එසමයෙහි සවග මහණහු කය විවර කොට ඇතුළුගමෙහි හිඳිත් ...

“සුපටිච‍්ඡන‍්නො අන‍්තරඝරෙ නිසීදිස‍්සාමීති සික‍්ඛා කරණීයා”ති.

“සුපිළිසන් වැ ඇතුළුගමෙහි හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.

2. සුප‍්පටිච‍්ඡන‍්නෙන අන‍්තරඝරෙ නිසීදිතබ‍්බං. යො අනාදරියං පටිච‍්ච කායං විවරිත්‍වා අන‍්තරඝරෙ නිසීදති ආපත‍්ති දුක‍්කටස‍්ස.

2. සුපිළිසන් වූවහු විසින් ඇතුළුගමෙහි හිඳි යැ යුතු. යමෙක් අනදර නිසා කය විවර කොට ගෙන අතුරුගෙයෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච, අසතියා, අජානන‍්තස‍්ස, ගිලානස‍්ස, වාසූපගතස‍්ස, ආපදාසු, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතයහට, ආපදාවෙහි, උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.

චතුත්‍ථසික‍්ඛාපදං.

චතුර්‍ත්‍ථ ශික්‍ෂාපද යි.

8. 1. 5.

8. 1. 5.

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ හත්‍ථම‍්පි පාදම‍්පි කීළාපෙන‍්තා අන‍්තරඝරෙ ගච‍්ඡන‍්ති -පෙ-

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු අත ද පා ද කෙළවමින් ඇතුළුගමෙහි යෙත් ...

“සුසංවුතො අන‍්තරඝරෙ ගමිස‍්සාමීති සික‍්ඛා කරණීයා”ති.

“මොනවට සංවර වැ ඇතුළුගමෙහි යන්නෙමි යි හික්මියැ යුතු” යි.

2. සුසංවුතෙන අන‍්තරඝරෙ ගන‍්තබ‍්බං. යො අනාදරියං පටිච‍්ච හත්‍ථං වා පාදං වා කීළාපෙන‍්තො අන‍්තරඝරෙ ගච‍්ඡති ආපත‍්ති දුක‍්කටස‍්ස.

2. මොනවට සංවර වූවහු විසින් ඇතුළුගමෙහි යායුතු යි. යමෙක් අනාදරිය පිණිස අත හෝ පා හෝ කෙළවමින් ඇතුළු ගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච, අසතියා, අජානන‍්තස‍්ස, ගිලානස‍්ස, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.

පඤ‍්චම සික‍්ඛාපදං.

පඤ්චම ශික්‍ෂාපද යි.

8. 1. 6.

8. 1. 6.

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ හත්‍ථම‍්පි පාදම‍්පි කීළාපෙන‍්තා අන‍්තරඝරෙ නිසීදන‍්ති -පෙ-

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු අත ද පා ද කෙළවමින් ඇතුළුගම්හි හිඳිත් ...

“සුසංවුතො අන‍්තරඝරෙ නිසීදිස‍්සාමීති සික‍්ඛා කරණීයා”ති.

“මොනවට සංවර වැ ඇතුළුගමෙහි හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.

2. සුසංවුතෙන අන‍්තරඝරෙ නිසීදිතබ‍්බං. යො අනාදරියං පටිච‍්ච හත්‍ථං වා පාදං වා කීළාපෙන‍්තො අන‍්තරඝරෙ නිසීදති ආපත‍්ති දුක‍්කටස‍්ස.

2. මොනවට සංවර වූවහු විසින් ඇතුළුගමෙහි හිඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස අත හෝ පා හෝ කෙළවමින් ඇතුළු ගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.

3. අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච, අසතියා, අජානන‍්තස‍්ස, ගිලානස‍්ස, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.

ඡට‍්ඨ සික‍්ඛාපදං.

ෂෂ්ඨ ශික්‍ෂාපද යි.

8. 1. 7.

8. 1. 7.

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ තහං තහං ඔලොකෙන‍්තා අන‍්තරඝරෙ ගච‍්ඡන‍්ති -පෙ-

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු තැනැ තැනැ බලමින් ඇතුළුගමෙහි යෙත් ...

“ඔක‍්ඛිත‍්තචක‍්ඛූ අන‍්තරඝරෙ ගමිස‍්සාමීති සික‍්ඛා කරණීයා”ති.

“යටැ හෙළු ඇස් ඇති වැ ඇතුළුගමෙහි යන්නෙමි යි හික්මියැ යුතු” යි.

2. ඔක‍්ඛිත‍්තචක‍්ඛුනා අන‍්තරඝරෙ ගන‍්තබ‍්බං යුගමත‍්තං පෙක‍්ඛන‍්තෙන. යො අනාදරියං පටිච‍්ච තහං තහං ඔලොකෙන‍්තො අන‍්තරඝරෙ ගච‍්ඡති ආපත‍්ති දුක‍්කටස‍්ස.

2. වියදඬු පමණ බලන්නහු විසින් යටැ හෙලූ ඇස් ඇති වැ ඇතුළුගමෙහි යා යුතු යි. යමෙක් අනාදරිය පිණිස තැනැ තැනැ බලමින් ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච, අසතියා, අජානන‍්තස‍්ස, ගිලානස‍්ස, ආපදාසු, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.

සත‍්තම සික‍්ඛාපදං.

සප්තම ශික්‍ෂාපද යි.

8. 1. 8.

8. 1. 8.

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ තහං තහං ඔලොකෙන‍්තා අන‍්තරඝරෙ නිසීදන‍්ති -පෙ-

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි සවග මහණහු තැනැ තැනැ බලමින් ඇතුළුගමෙහි හිඳිත් ...

“ඔක‍්ඛිත‍්තචක‍්ඛූ අන‍්තරඝරෙ නිසීදිස‍්සාමීති සික‍්ඛා කරණීයා”ති.

“යටැ හෙළු ඇස් ඇති වැ ඇතුළුගමෙහි හිඳින්නෙමි යි හික්මියැ යුතු” යි.

2. ඔක‍්ඛිත‍්තචක‍්ඛුනා අන‍්තරඝරෙ නිසීදිතබ‍්බං යුගමත‍්තං පෙක‍්ඛන‍්තෙන, යො අනාදරියං පටිච‍්ච තහං තහං ඔලොකෙන‍්තො අන‍්තරඝරෙ නිසීදති ආපත‍්ති දුක‍්කටස‍්ස.

2. වියදඬු පමණ බලන්නහු විසින් යටැ හෙළු ඇස් ඇති වැ ඇතුළුගමෙහි හිඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස තැනැ තැනැ බලමින් ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.

3. අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච, අසතියා, අජානන‍්තස‍්ස, ගිලානස‍්ස, ආපදාසු, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.

අට‍්ඨමසික‍්ඛාපදං.

අෂ්ටම ශික්‍ෂාපද යි.

8. 1. 9.

8. 1. 9.

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උක‍්ඛිත‍්තකාය අන‍්තරඝරෙ ගච‍්ඡන‍්ති -පෙ-

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි සවග මහණහු ඔසවන ලද සිවුරින් යුතු වැ ඇතුළුගමෙහි යෙත් ...

“න උක‍්ඛිත‍්තකාය අන‍්තරඝරෙ ගමිස‍්සාමීති සික‍්ඛා කරණීයා”ති.

“ඔසවන ලද සිවුරෙන් යුතු වැ ඇතුළුගමෙහි නො යන්නෙමි යි හික්මිය යුතු” යි.

2. න උක‍්ඛිත‍්තකාය අන‍්තරඝරෙ ගන‍්තබ‍්බං. යො අනාදරියං පටිච‍්ච එකතො වා උභතො වා උක‍්ඛිපිත්‍වා අන‍්තරඝරෙ ගච‍්ඡති ආපත‍්ති දුක‍්කටස‍්ස.

2. ඔසවනලද සිවුරෙන් යුතු වැ ඇතුළුගමෙහි නො යා යුතු යි. යමෙක් අනාදරිය පිණිස එක්පසින් හෝ දෙපසින් හෝ (සිවුර) ඔසවා ඇතුළුගමෙහි යේ නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච, අසතියා, අජානන‍්තස‍්ස, ගිලානස‍්ස, ආපදාසු, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදාවෙහි, උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.

නවමසික‍්ඛාපදං.

නවම ශික්‍ෂාපද යි.

8. 1. 10.

8. 1. 10.

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උක‍්ඛිත‍්තකාය අන‍්තරඝරෙ නිසීදන‍්ති. -පෙ-

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු ඔසවන ලද සිවුරින් යුතු වැ ඇතුළුගමෙහි හිඳිත් ...

“න උක‍්ඛිත‍්තකාය අන‍්තරඝරෙ නිසීදිස‍්සාමීති සික‍්ඛා කරණීයා”ති.

“ඔසවන ලද සිවුරෙන් යුතු වැ ඇතුළුගමෙහි නො හිඳින්නෙමි යි හික්මියයුතු” යි.

2. න උක‍්ඛිත‍්තකාය අන‍්තරඝරෙ නිසීදිතබ‍්බං. යො අනාදරියං පටිච‍්ච එකතො වා උභතො වා උක‍්ඛිපිත්‍වා අන‍්තරඝරෙ නිසීදති ආපත‍්ති දුක‍්කටස‍්ස.

2. ඔසවනලද සිවුරෙන් යුතු වැ ඇතුළුගමෙහි නො හිඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස එක්පසින් හෝ දෙපසින් හෝ (සිවුර) ඔසවා ඇතුළුගමෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච, අසතියා, අජානන‍්තස‍්ස, ගිලානස‍්ස, වාසූපගතස‍්ස, ආපදාසු, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, වාසූපගතයහට, ආපදාවෙහි, ඇවැත් නැත. උම්මත්තකහට, ආදිකම්මිකහට ඇවැත් නැති.

දසමසික‍්ඛාපදං.

දශම ශික්‍ෂාපද යි.

පරිමණ‍්ඩලවග‍්ගො පඨමො.

පළමුවන පරිමණ්ඩල වර්‍ග යි.