චතුත්‍ථපාටිදෙසනීයසික‍්ඛාපදං
7. 4.
7. 4.
චතුත්‍ථපාටිදෙසනීයසික‍්ඛාපදං
සතරවැනි පාටිදේසනීය ශික්‍ෂාපදය
1. තෙන සමයෙන බුද‍්ධො භගවා සක‍්කෙසු විහරති කපිලවත්‍ථුස‍්මිං නිග්‍රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන සාකියදාසකා අවරුද‍්ධා හොන‍්ති. සාකියානියො ඉච‍්ඡන‍්ති ආරඤ‍්ඤකෙසු සෙනාසනෙසු භත‍්තං කාතුං. අස‍්සොසුං ඛො සාකියදාසකා සාකියානියො කිර ආරඤ‍්ඤකෙසු සෙනාසනෙසු භත‍්තං කත‍්තුකාමාති. තෙ මග‍්ගෙ පරියුට‍්ඨිංසු. සාකියානියො පණීතං ඛාදනීයං භොජනීයං ආදාය ආරඤ‍්ඤකං සෙනාසනං අගමංසු. සාකියදාසකා නික‍්ඛමිත්‍වා සාකියානියො අච‍්ඡින්‍දිංසු ච දූසෙසුඤ‍්ච. සාකියා නික‍්ඛමිත්‍වා තෙ චොරෙ සභණ‍්ඩෙ ගහෙත්‍වා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “කථං හි නාම භදන‍්තා ආරාමෙ චොරෙ පටිවසන‍්තෙ නාරොචෙස‍්සන‍්තී”ති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං සාකියානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං -පෙ- අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශාක්‍යජනපදයෙහි කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි ශාක්‍යදාසයෝ විරුද්ධ වූවාහු වෙති. සැහැකුල කාන්තාවෝ වනසෙනසුන්හි දනක් දෙන්නට රිසි වෙති. “සැහැකුල කාන්තාවෝ වනසෙනසුන්හි දනක් දෙනු රිසිවූහ ල’ යි ශාක්‍යදාසයෝ ඇසූහ. ඔහු මග අවුරාසිටියහ. සැහැකුල කාන්තාවෝ ප්‍රණීත වූ ඛාද්‍ය භෝජ්‍ය ගෙනැ වනසෙනසුනට ගියහ. සැහැකුල මෙහෙකරුවෝ නික්ම සැහැකුල කාන්තාවන් පැහැර ගත්හ. දූෂණ ද කළහ. ශාක්‍යයෝ නික්ම ඒ බඩු සහිත හොරුන් අල්වාගෙනැ අවමන් කෙරෙති, නුගුණ කියති, නුගුණ පතුරවති: “කිසේ නම් වහන්දැවරු ආරාමයෙහි සොරකු වසනා කල්හි ආරොචන නො කෙරෙත් දැ” යි. භික්‍ෂූහු ඒ අවමන් කරන නුගුණ කියන නුගුණ පතුරුවන ශාක්‍යයන්ගේ බස් ඇසූහ. ... එසඳ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ.
2. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි. තෙන හි භික‍්ඛවෙ භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤපෙස‍්සාමි දස අත්‍ථවසෙ පටිච‍්ච සඞ‍්ඝසුට‍්ඨුතාය -පෙ- සද‍්ධම‍්මට‍්ඨිතියා විනයානුග‍්ගහාය. එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:
2. එසඳ භාග්‍යවතුන් වහන්සේ තෙල නිදානයෙහි තෙල කරුණෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක. එකරුණින් මහණෙනි, දසඅර්‍ත්‍ථ විශේෂයන් පිණිස භික්‍ෂූන්ට ශික්‍ෂාපද පනවන්නෙමි. සඞ්‍ඝයාගේ මනාබව පිණිස යැ ... සද්ධර්‍මස්ථිතිය පිණිස යැ විනයට උපස්ථම්භ පිණිස යි. මහණෙනි, මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
“යානි ඛො පන තානි ආරඤ‍්ඤකානි සෙනාසනානි සාසඞ‍්කසම‍්මතානි සප‍්පටිභයානි. යො පන භික‍්ඛු තථාරූපෙසු සෙනාසනෙසු විහරන‍්තො පුබ‍්බෙ අප‍්පටිසංවිදිතං ඛාදනීයං වා භොජනීයං වා අජ‍්ඣාරාමෙ සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා ඛාදෙය්‍ය වා භුඤ‍්ජෙය්‍ය වා, පටිදෙසෙතබ‍්බං තෙන භික‍්ඛුනා ගාරය‍්හං ආවුසො ධම‍්මං ආපජ‍්ජිං අසප‍්පායං පාටිදෙසනීයං තං පටිදෙසෙමී”ති.
“යම් ඒ සැක සහිත යැ යි සම්මත වූ ප්‍රතිභය සහිත වූ වන සෙනසුන් කෙනෙක් ඇද්ද, යම් මහණෙක් එබඳු සෙනසුන්හි වාස කරන්නේ පළමු නොදන්වා ගෙනෙන ලද ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ඇතුළුඅරම්හි දී සියතින් පිළිගෙන කා නම් හෝ බුදී නම් හෝ ඒ මහණහු විසින්: ඇවැත්නි, ගැරැහියැයුතු අසත්ප්‍රාය වූ පාටිදේසනීය ඇවැතකට පැමිණියෙමි. එය වෙන් කොට දෙසමි” යි.
එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.
භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේත් මේ ශික්‍ෂාපදය පනවන ලද වේ.
3. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු ආරඤ‍්ඤකෙසු සෙනාසනෙසු ගිලානො හොති . මනුස‍්සා ඛාදනීයං වා භොජනීයං වා ආදාය ආරඤ‍්ඤකං සෙනාසනං අගමංසු. අථ ඛො තෙ මනුස‍්සා තං භික‍්ඛුං එතදවොචුං භුඤ‍්ජථ භන‍්තෙති. අථ ඛො සො භික‍්ඛු භගවතා පටික‍්ඛිත‍්තං ආරඤ‍්ඤකෙසු සෙනාසනෙසු ඛාදනීයං වා භොජනීයං වා සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා ඛාදිතුං භුඤ‍්ජිතු”න‍්ති කුක‍්කුච‍්චායන‍්තො න පටිග‍්ගහෙසි නාසක‍්ඛි පිණ‍්ඩාය චරිතුං ඡින‍්නභත‍්තො අහොසි. අථ ඛො සො භික‍්ඛු භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසි. භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.
3. එසමයෙහි එක්තරා මහණෙක් වනසෙනසුන්හි ගිලන්වූයේ වෙයි. මිනිස්සු ඛාද්‍ය භෝජ්‍ය ගෙන වනසෙනසුනට ගියහ. එසඳ ඒ මිනිස්සු ඒ මහණහට තෙල කරුණ කීහ; “වහන්ස, වළඳව’ යි. එසඳ ඒ මහණ භාග්‍යවතුන් විසින් වනසෙනසුන්හි දී ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කනු බුදිනු ප්‍රතික්‍ෂේප කරන ලදැ’ යි කුකුස් කරන්නේ නොපිළිගත. පිඬුසිඟායන්නට නොහැකි විය. සුන්බත් වී. ඉක්බිති ඒ මහණ, තෙල කරුණ මහණුන්ට ආරොචන කළේ. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ.
4. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි. “අනුජානාමි භික‍්ඛවෙ ගිලානෙන භික‍්ඛුනා ආරඤ‍්ඤකෙසු සෙනාසනෙසු ඛාදනීයං වා භොජනීයං වා සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා ඛාදිතුං භුඤ‍්ජිතුං” එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:
4. එසඳ භාග්‍යවතුන් වහන්සේ තෙල නිදානයෙහි තෙල කාරණයෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, ගිලන් මහණහු විසින් වනසෙනසුන්හි දී කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ සියතින් පිළිගෙන කනු බොනු අනුදනිමි”. මහණෙනි මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:
“යානි ඛො පන තානි ආරඤ‍්ඤකානි සෙනාසනානි සාසඞ‍්කසම‍්මතානි සප‍්පටිභයානි, යො පන භික‍්ඛු තථාරූපෙසු සෙනාසනෙසු විහරන‍්තො පුබ‍්බෙ අප‍්පටිසංවිදිතං ඛාදනීයං වා භොජනීයං වා අජ‍්ඣාරාමෙ සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා අගිලානො ඛාදෙය්‍ය වා භුඤ‍්ජෙය්‍ය වා, පටිදෙසෙතබ‍්බං තෙන භික‍්ඛුනා: ගාරය‍්හං ආවුසො ධම‍්මං ආපජ‍්ජිං අසප‍්පායං පාටිදෙසනීයං තං පටිදෙසෙමී”ති.
“යම් ඒ සැක සහිත යැ යි සම්මත වූ ප්‍රතිභය සහිත වූ වන සෙනසුන් කෙනෙක් ඇද්ද, යම් මහණෙක් එබඳු සෙනසුන්හි වාස කරන්නේ නො ගිලන් වැ පළමු නො දන්වා ගෙනෙන ලද කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ ඇතුළුඅරම්හි දී සියතින් පිළිගෙන කා නම් හෝ බුදී නම් හෝ ඒ මහණහු විසින් ඇවැත්නි, ගැරැහිය යුතු අසත්ප්‍රාය වූ පාටිදේසනීය ඇවැතකට පැමිණියෙමි. එය වෙන් කොට දෙසමි’ යි පටිදේසනා කළයුතු” යි.
5. යානි ඛො පන තානි ආරඤ‍්ඤකානි සෙනාසනානීති: ආරඤ‍්ඤකං නාම: සෙනාසනං පඤ‍්චධනුසතිකං පච‍්ඡිමං.
5. යානි ඛො පන තානි ආරඤ්ඤකානි සේනාසනානි යනු: ආරණ්‍යක සේනාසන නම්: පශ්චිමය දුනු පන්සියයක් දුර වූයේ යි.
සාසඞ‍්කං නාම: ආරාමෙ වා ආරාමූපචාරෙ වා චොරානං නිවිට‍්ඨොකාසො දිස‍්සති භුත‍්තොකාසො දිස‍්සති ඨිතොකාසො දිස‍්සති නිසින‍්නොකාසො දිස‍්සති නිපන‍්නොකාසො දිස‍්සති.
සාසඞ්ක නම්: ආරාමයෙහි හෝ ආරාමොපචාරයෙහි හෝ සොරුන් පිවිසි තැන් පැනෙයි. බත් බිදිතැන් පැනෙයි. සිටි තැන් පැනෙයි. හුන්තැන් පැනෙයි. වැදහොත් තැන් පැනේ.
සප‍්පටිභයං නාම: ආරාමෙ වා ආරාමූපචාරෙ වා චොරෙහි මනුස‍්සා හතා දිස‍්සන‍්ති, විලුත‍්තා දිස‍්සන‍්ති ආකොටිතා දිස‍්සන‍්ති.
සප්පටිභය නම්: ආරාමයෙහි හෝ ආරාමොපචාරයෙහි හෝ සොරුන් විසින් මිනිස්සු නසනලද්දාහු පැනෙති. වොලොගන්නා ලද්දාහු පැනෙති, පහර දෙන ලද්දාහු පැනෙත්.
යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.
යො පන යනු: යමෙක් යම් බඳුයෙක් ... භික්ඛු යනු: ... මේ තෙම මේ අර්‍ත්‍ථයෙහි ‘භික්ඛු’ යයි අදහස් කරන ලද්දේ යි.
තථාරූපෙසු සෙනාසනෙසූති: එවරූපෙසු සෙනාසනෙසු.
තථාරූපෙසු සේනාසනේසු යනු: මෙබඳු සෙනසුන්හි.
අප‍්පටිසංවිදිතං නාම: පඤ‍්චන‍්නං පටිසංවිදිතං එතං අප‍්පටිසංවිදිතං නාම. ආරාමං ආරාමූපචාරං ඨපෙත්‍වා පටිසංවිදිතං එතම‍්පි අප‍්පටිසංවිදිතං නාම.
අප්පටිසංවිදිත නම්: පස් සහදැමින් අතුරෙන් කිසිවකු යවා දන්වන ලද්දේ යැ. තෙල අප්පටිසංවිදිත නම. ආරාමය ආරාමොපචාරය තබා (හැරපියා) (අතරමග දුටු හෝ ගමට පැමිණි මහණහට) දන්වන ලද්දේ යැ. තෙල දැන්වීම ද අප්පටිසංවිදිත නම.
පටිසංවිදිතං නාම: යො කොචි ඉත්‍ථි වා පුරිසො වා ආරාමං ආරාමූපචාරං ආගන‍්ත්‍වා ආරොචෙති ඉත්‍ථන‍්නාමස‍්ස කුලස‍්ස භන‍්තෙ ඛාදනීයං වා භොජනීයං වා ආහරිස‍්සතීති. සචෙ සාසඞ‍්කං හොති, සාසඞ‍්කන‍්ති ආචික‍්ඛිතබ‍්බං. සචෙ සප‍්පටිභයං හොති, සප‍්පටිභයන‍්ති ආචික‍්ඛිතබ‍්බං සචෙ හොතු භන‍්තෙ ආහරීයිස‍්සතීති භණති. චොරා වත‍්තබ‍්බා මනුස‍්සා ඉධූපචරන‍්ති අපසක‍්කථාති. යාගුයා පටිසංවිදිතෙ තස‍්සා පරිවාරො ආහරීයති එතං පටිසංවිදිතං නාම. භත‍්තෙන පටිසංවිදිතෙ තස‍්ස පරිවාරො ආහරීයති එතං පටිසංවිදිතං නාම. ඛාදනීයෙන පටිසංවිදිතෙ තස‍්ස පරිවාරො ආහරීයති එතං පටිසංවිදිතං නාම. කුලෙන පටිසංවිදිතෙ යො තස‍්මිං කුලෙ මනුස‍්සො ඛාදනීයං වා භොජනීයං වා ආහරති එතං පටිසංවිදිතං නාම. ගාමෙන පටිසංවිදිතෙ යො තස‍්මිං ගාමෙ මනුස‍්සො ඛාදනීයං වා භොජනීයං වා ආහරති එතං පටිසංවිදිතං නාම. පූගෙන පටිසංවිදිතෙ යො තස‍්මිං පූගෙ මනුස‍්සො ඛාදනීයං වා භොජනීයං වා ආහරති එතං පටිසංවිදිතං නාම.
පටිසංවිදිත නම්: යම්කිසි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ ආරාමයට ආරාමොපචාරයට අවුත් වහන්ස, මෙනම් කුලයෙන් ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ගෙන එන්නේ යයි ආරොචන කෙරේ ද ඉදින් (ආරාමය) සැක සහිත වේ නම් ‘සැක සහිත යැ’ කිවයුතු යැ. ඉදින් ප්‍රතිභය සහිත වේ නම් ‘ප්‍රතිභය සහිත යැ’ යි කිව යුතු යැ. ඉදින් වහන්ස වේවා, ‘ගෙනෙන්නෙ’ යැයි කියා ද ‘මිනිස්සු මෙහි අසල හැසිරෙති ‘පහව යව’ යි සොරුනට කිවයුතු යැ. කැඳින් ආරොචන කළ කල්හි එහි පරිවාර (කැවුම් බත් ආදිය) ගෙන එනු ලැබෙ ද, තෙල පටිසංවිදිත නම. ඛාද්‍යයෙන් ආරොචන කළ කල්හි එහි පිරිවර ගෙන එනු ලැබේද, තෙල පටිසංවිදිත නම. කුලයක් විසින් ආරොචන කළ කල්හි එකුලයෙහි යම් මනුෂ්‍යයෙක් ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ගෙන ඒ ද, තෙල පටිසංවිදිත නම. ගමෙකින් පටිසංවේදන කළ කල්හි එගම යම් මිනිසෙක් ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ගෙන ඒ ද, තෙල පටිසංවිදිත නම. සමාගමෙකින් ප්‍රතිසංවිදිත කල්හි එ සමාගමයෙහි යම් මිනිසෙක් ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ගෙන ඒ ද තෙල පටිසංවිදිත නම් වේ.
7. ඛාදනීයං නාම: පඤ‍්ච භොජනානි යාමකාලිකං සත‍්තාහකාලිකං යාවජීවිකං ඨපෙත්‍වා අවසෙසං ඛාදනීයං නාම.
7. ඛාදනීය නම්: පඤ්චභෝජනයෝ යි. යාවකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය තබා (හැර) සෙස්ස ඛාදනීය නම.
භොජනීයං නාම: පඤ‍්ච භොජනානි ඔදනො කුම‍්මාසො සත‍්තු මච‍්ඡො මංසං.
භෝජනීය නම්: පඤ්චභෝජනයෝ යි. බත් යැ කොමු යැ අත්සුණු යැ දියමස් යැ ගොඩමසි.
අජ‍්ඣාරාමො නාම: පරික‍්ඛිත‍්තස‍්ස ආරාමස‍්ස අන‍්තො ආරාමො අපරික‍්ඛිත‍්තස‍්ස උපචාරො.
අජ්ඣාරාම නම්: පිරිකෙව් කරන ලද ආරාමයෙහි ඇතුළු අරමි. පිරිකෙව් නො කරනලද්දෙහි උපචාරය යි.
අගිලානො නාම: සක‍්කොති පිණ‍්ඩාය චරිතුං.
අගිලාන නම්: පිඬුසිඟා යන්නට හැකි වූයේ ය.
ගිලානො නාම: න සක‍්කොති පිණ‍්ඩාය චරිතුං.
ගිලාන නම්: පිඬුසිඟායන්නට නො හැකියේ ය.
අප‍්පටිසංවිදිතං අගිලානො ඛාදිස‍්සාමි භුඤ‍්ජිස‍්සාමීති පතිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස. අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාටිදෙසනීයස‍්ස.
නො ගිලන් වැ අප්පටිසංවිදිතය කමී බුදිමී පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පාටිදේසනීය ඇවැත් වේ.
අප‍්පටිසංවිදිතෙ අප‍්පටිසංවිදිතසඤ‍්ඤී ඛාදනීයං වා භොජනීයං වා අජ‍්ඣාරාමෙ සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා අගිලානො ඛාදති වා භුඤ‍්ජති වා ආපත‍්ති පාටිදෙසනීයස‍්ස. අප‍්පටිසංවිදිතෙ වෙමතිකො ඛාදනීයං වා භොජනීයං වා අජ‍්ඣාරාමෙ සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා අගිලානො ඛාදති වා භුඤ‍්ජති වා ආපත‍්ති පාටිදෙසනීයස‍්ස. අප‍්පටිසංවිදිතෙ පටිසංවිදිතසඤ‍්ඤී ඛාදනීයං වා භොජනීයං වා අජ‍්ඣාරාමෙ සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා අගිලානො ඛාදති වා භුඤ‍්ජති වා ආපත‍්ති පාටිදෙසනීයස‍්ස.
අප්පටිසංවිදිතයෙහි අප්පටිසංවිදිතසංඥා ඇති වැ ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ආරාමය තුළ දී සියතින් පිළිගෙන නො ගිලන් වැ කා නම් හෝ බුදී නම් හෝ පාටිදේසනීය ඇවැත් වෙයි. අප්පටිසංවිදිතයෙහි විමති ඇති වැ ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ආරාමය තුළ දී සියතින් පිළිගෙන නො ගිලන් වැ කා නම් හෝ බුදී නම් හෝ පාටිදේසනීය ඇවැත් වෙයි. අප්පටිසංවිදිතයෙහි පටිසංවිදිතසංඥා ඇති වැ ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ආරාමය තුළ දී සියතින් පිළිගෙන නො ගිලන් වැ කා නම් හෝ බුදී නම් හෝ පාටිදේසනීය ඇවැත් වෙයි.
යාමකාලිකං සත‍්තාහකාලිකං යාවජීවිකං ආහාරත්‍ථාය පතිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස. අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති දුක‍්කටස‍්ස.
යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය ආහාර පිණිස පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වේ.
පටිසංවිදිතෙ අප‍්පටිසංවිදිතසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. පටිසංවිදිතෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. පටිසංවිදිතෙ පටිසංවිදිතසඤ‍්ඤී අනාපත‍්ති.
පටිසංවිදිතයෙහි අප්පටිසංවිදිතසංඥා ඇත්තේ දුකුළා ඇවැත් වෙයි. පටිසංවිදිතයෙහි විමති ඇතියේ දුකුළා ඇවැත් වෙයි. පටිසංවිදිතයෙහි පටිසංවිදිතසංඥා ඇතියේ ඇවැත් නැති.
අනාපත‍්ති: පටිසංවිදිතෙ, ගිලානස‍්ස පටිසංවිදිතෙ වා ගිලානස‍්ස වා සෙසකං භුඤ‍්ජති, බහාරාමෙ පටිග‍්ගහෙත්‍වා අන‍්තො ආරාමෙ පරිභුඤ‍්ජති, තත්‍ථ ජාතකං මූලං වා තචං වා පත‍්තං වා පුප‍්ඵං වා ඵලං වා පරිභුඤ‍්ජති, යාමකාලිකං සත‍්තාහකාලිකං යාවජීවිකං සති පච‍්චයෙ පරිභුඤ‍්ජති උම‍්මත‍්තකස‍්ස ආදිකම‍්මිකස‍්සාති.
අනාපත්ති: පටිසංවිදිතයෙහි, ගිලනාට පටිසංවිදිතයෙහි හෝ ගිලනාගේ හෝ අවශේෂය වළඳා නම් අරමින් පිටත්හි පිළිගෙන ඇතුළු අරම්හි දී වළඳා නම්, ඒ අරම්හි උපන් මුල් හෝ පොතු හෝ පත් හෝ මල් හෝ පල හෝ වළඳා නම්, ප්‍රත්‍යය ඇති කල්හි යාමකාලිකය, සත්තාහකාලිකය යාවජීවිකය වළඳා නම් (ඔවුනට) උම්මතකයාට, ආදිකාර්මිකහට ඇවැත් නැති.
චතුත්‍ථපාටිදෙසනීයං.
සතරවැනි පාටිදේසනීය යි.
තස‍්සුද‍්දානං:
එහි උද්දානය:
අඤ‍්ඤාතිකාය වොසාසං - සෙඛ ආරඤ‍්ඤකෙන ච, පාටිදෙසනීයා චත‍්තාරො - සම‍්බුද‍්ධෙන පකාසිතා,
නො නෑ මෙහෙණක අතින් ඇතුළුගම දී සියතින් බොජුන් පිළිගැනීමෙන් වූ ඇවැත යැ. ඇතුළුගම මෙහෙණක මෙහෙයවද්දී වැළදීමෙන් වූ ඇවැත යැ. සෙඛසම්මතකුලයෙහි සියතින් බොජුන් පිළිගෙන වැළදීමෙන් වූ ඇවැත යැ. සාසඞ්ක සෙනසුන්හි සියතින් බොජුන් පිළිගෙන වැළදීමෙන් වූ ඇවැත යැ යන මේ සතර පාටිදේසනීය ශික්‍ෂාවෝ සම්බුදුරදුන් විසින් වදාරන ලදහ.
උද‍්දිට‍්ඨා ඛො ආයස‍්මන‍්තො චත‍්තාරො පාටිදෙසනීයා ධම‍්මා. තත්‍ථායස‍්මන‍්තෙ පුච‍්ඡාමි කච‍්චිත්‍ථ පරිසුද‍්ධා දුතියම‍්පි පුච‍්ඡාමි කච‍්චිත්‍ථ පරිසුද‍්ධා තතියම‍්පි පුච‍්ඡාමි කච‍්චිත්‍ථ පරිසුද‍්ධා පරිසුද‍්ධෙත්‍ථායස‍්මන‍්තො තස‍්මා තුණ‍්හී, එවමෙතං ධාරයාමීති.
ඇවැත්නි, සතර පාටිදේසනීයධර්‍මයෝ උදෙසන ලදහ. එහි ලා ආයුෂ්මතුන් පුළුවුස්මි, කිම පිරිසුදු වවුද? දෙවනවට ද පුළුවුස්මි කිම පිරිසුදු වවුද? තෙවන වට ද පුළුවුස්මි කිම පිරිසුදු වවුද? මෙහි ලා ආයුෂ්මත්හු පරිශුද්ධයහ. එහෙයින් තූෂ්ණීම්භූත වවු, තෙල කරුණ මෙසේ ධරමි’යි.
පාටිදෙසනීයා නිට‍්ඨිතං.
පාටිදේසනීය ශික්‍ෂා නිමි.