යෙදුමෙන් කියවන්න

තතිය පාටිදෙසනීය සික‍්ඛාපදං

7. 3.

7. 3.

තතිය පාටිදෙසනීය සික‍්ඛාපදං

තුන්වැනි පාටිදේසනීය ශික්‍ෂාපදය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සාවත්‍ථියං අඤ‍්ඤතරං කුලං උභතො පසන‍්නං හොති. සද‍්ධාය වඩ‍්ඪති භොගෙන හායති. යං තස‍්මිං කුලෙ උප‍්පජ‍්ජති පුරෙභත‍්තං ඛාදනීයං වා භොජනීයං වා තං සබ‍්බං භික‍්ඛූනං විස‍්සජ‍්ජෙත්‍වා අප‍්පෙකදා අනසිතා අච‍්ඡන‍්ති. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති. “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා න මත‍්තං ජානිත්‍වා පටිග‍්ගහෙස‍්සන‍්ති ඉමෙ ඉමෙසං දත්‍වා අප‍්පෙකදා අනසිතා අච‍්ඡන‍්තී”ති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර අනේපිඬුසිටුහු කරවා දුන් දෙව්රම් වෙහෙරෙහි වැඩවෙසෙති. එසමයෙහි සැවැත් නුවර එක්තරා කුලයක් උවසු උවැසි දෙපසින් පහන් වූයේ වෙයි. සැදැහැයෙන් වැඩෙයි, භෝගයෙන් පිරිහෙයි. ඒ කුලයෙහි පෙරබත් වේලෙහි යම් ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ උපදී ද එ හැම භික්‍ෂූනට විසඳා (බෙදා දී) ඇතැම් දවසෙක නිරාහාර වැ ද හිඳිති. මිනිස්සු අවමන් කෙරෙති, නුගුණ කියති, නුගුණ පතුරුවති: “කෙසේ නම් ශ්‍රමණශාක්‍යපුත්‍රයෝ පමණ නො දැනැ පිළිගන්නාහු ද මොවුනට දී ඇතැම් දවසෙක නිරාහාර වැ ද හිඳිති” යි. භික්‍ෂූහු අවමන් කරන නුගුණ කියන නුගුණ පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. එසඳ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ දැන්වූහ.

2. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි “අනුජානාමි භික‍්ඛවෙ යං කුලං සද‍්ධාය වඩ‍්ඪති භොගෙන හායති, එවරූපස‍්ස කුලස‍්ස ඤත‍්තිදුතියෙන කම‍්මෙන සෙඛසම‍්මුතිං දාතුං” එවඤ‍්ච පන භික‍්ඛවෙ දාතබ‍්බා. ව්‍යත‍්තෙන භික‍්ඛුනා පටිබලෙන සඞ‍්ඝො ඤාපෙතබ‍්බො. –

2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ තෙල නිදානයෙහි තෙල කරුණෙහි දැහැමි කථා වදාරා භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, යම් කුලයක් සැදැහැයෙන් වැඩේ ද භෝගයෙන් පිරිහේ ද මෙවන් කුලයට ඤත්තිදුතිය කර්‍මයෙන් ‘සේඛසම්මුති’ දෙන්නට අනුදනිමි”. මහණෙනි මෙසේ දියයුතු යැ. ප්‍රතිබල සම්‍පන්න ව්‍යක්ත මහණක්හු විසින් සඞ්ඝයා ඥාපන කළ (දැන්විය) යුත්තේ යැ.

3. සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමං කුලං සද‍්ධාය වඩ‍්ඪති භොගෙන හායති. යදි සඞ‍්ඝස‍්ස පත‍්තකල‍්ලං සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමස‍්ස කුලස‍්ස සෙඛසම‍්මුතිං දදෙය්‍ය, එසා ඤත‍්ති.

3. “වහන්ස සඞ්ඝයා මාගේ වචන අසාවා. මෙ නම් කුලය සැදැහැයෙන් වැඩෙයි, භෝගයෙන් පිරිහෙයි. ඉදින් සඞ්ඝයාට ප්‍රාප්තකාල වී නම් සඞ්ඝයා මෙ නම් කුලයට ‘සේඛසම්මුති’ දෙන්නේ යැ. මේ ඥප්ති යි.

සුණාතු මෙ භන‍්තෙ සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමං කුලං සද‍්ධාය වඩ‍්ඪති භොගෙන හායති. සඞ‍්ඝො ඉත්‍ථන‍්නාමස‍්ස කුලස‍්ස සෙඛ‍්සම‍්මුතිං දෙති. යස‍්සායස‍්මතො ඛමති ඉත්‍ථන‍්නාමස‍්ස කුලස‍්ස සෙඛසම‍්මුතියා දානං, සො තුණ‍්හස‍්ස, යස‍්ස නක‍්ඛමති සො භාසෙය්‍ය.

වහන්ස, සඞ්ඝයා මාගේ වචන අසාවා. මෙ නම් කුලය සැදැහැයෙන් වැඩෙයි. භෝගයෙන් පිරිහෙයි. සඞ්ඝයා මෙ නම් කුලයට ‘සේඛසම්මුති’ දෙයි. යම් ආයුෂ්මත් කෙනකුන්ට මෙ නම් කුලයට ‘සේඛසම්මුති’ දීම රිසියෙයි නම්, ඒ ආයුෂ්මත් තුෂ්ණීම්භූත වේවා. යමක්හට නො රිසි යෙයි නම් හේ කියන්නේ යැ.

දින‍්නා සඞ‍්ඝෙන ඉත්‍ථන‍්නාමස‍්ස කුලස‍්ස සෙඛසම‍්මුති. ඛමති සඞ‍්ඝස‍්ස, තස‍්මා තුණ‍්හී එවමෙතං ධාරයාමීති.

සඞ්ඝයා විසින් මෙ නම් කුලයට ‘සේඛසම්මුති’ දෙන ලදු. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් තුෂ්ණීම්භූත වී. තෙල මෙසේ ධරමි” යි

එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

මහණෙනි, මේ ශික්‍ෂාපදය මෙසේ උදෙසවු:

යානි ඛො පන තානි සෙඛසම‍්මතානි කුලානි යො පන භික‍්ඛු තථාරූපෙසු සෙඛසම‍්මතෙසු කුලෙසු ඛාදනීයං වා භොජනීයං වා සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා ඛාදෙය්‍ය වා භුඤ‍්ජෙය්‍ය වා පටිදෙසෙතබ‍්බං තෙන භික‍්ඛුනා: ගාරය‍්හං ආවුසො ධම‍්මං ආපජ‍්ජිං අසප‍්පායං පාටිදෙසනීයං තං පටිදෙසෙමී”ති.

“යම් ‘සේඛසම්මත’ කුල කෙනෙක් ඇද්ද, යම් මහණෙක් එබඳු සේඛසම්මත කුලයෙහි ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙනැ කන්නේ නම් හෝ බුදින්නේ නම් හෝ ඒ මහණහු විසින් ඇවැත්නි, නොසරුප් වූ පිළිදෙස්නී වූ ගැරැහිය යුතු ඇවැතකට අවන්මි. එය පිළිදෙසමි’ යි පිළිදෙසියැ යුතු”.

එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේත් මේ සිකපදය පනවන ලදී.

4. තෙන ඛො පන සමයෙන සාවත්‍ථියං උස‍්සවො හොති. මනුස‍්සා භික‍්ඛූ නිමන‍්තෙත්‍වා භොජෙන‍්ති. තම‍්පි ඛො කුලං භික‍්ඛූ නිමන‍්තෙසි. භික‍්ඛූ කුක‍්කුච‍්චායන‍්තා නාධිවාසෙන‍්ති. පටික‍්ඛිත‍්තං භගවතා සෙඛසම‍්මතෙසු කුලෙසු ඛාදනීයං වා භොජනීයං වා සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා ඛාදිතුං භුඤ‍්ජිතු”න‍්ති. තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “කින‍්නුඛො නාම අම‍්හාකං ජීවිතෙන යං අය්‍යා අම‍්හාකං න පතිගණ‍්හන‍්තී”ති. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

4. එසමයෙහි සැවැත්නුවර උත්සවයෙක් වෙයි. මිනිස්සු භික්‍ෂූන් නිමන්ත්‍රණ කොට වළඳවති. ඒ (සේඛසම්මත) කුලය ද භික්‍ෂූන් නිමන්ත්‍රණ කෙළේ යැ. භික්‍ෂූහු කුකුස් කරන්නාහු “භාග්‍යවතුන් විසින් සේඛසම්මත කුලයෙහි ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කන්නට බුදින්නට ප්‍රතික්‍ෂේප කරන ලදැ” යි නො ඉවසති. ඔහු අවමන් කෙරෙති, නුගුණ කියති, නුගුණ පතුරුවති: “යම් හෙයෙකින් ආර්‍ය්‍යයෝ අපගේ නිමන්ත්‍රණ නො පිළිගනිත් නම් අපගේ ජීවිතයෙන් කවර අර්‍ත්‍ථයෙක් දැ” යි. භික්‍ෂූහු ඒ මිනිසුන් අවමන් කරනුවන් නුගුණ කියනුවන්, නුගුණ පතුරනුවන්ගේ බස් ඇසූහ. ඉක්බිති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ.

5. අථඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි. “අනුජානාමි භික‍්ඛවෙ නිමන‍්තිතෙන සෙඛසම‍්මතෙසු කුලෙසු ඛාදනීයං වා භොජනීයං වා සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා ඛාදිතුං භුඤ‍්ජිතුං” එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

5. එසඳ භාග්‍යවතුන් වහන්සේ තෙල නිදානයෙහි තෙල කරුණෙහි ලා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමැතූ සේක: “මහණෙනි, නිමන්ත්‍රණ කරන ලදුවහු විසින් සේඛසම්මත කුලයෙහි ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කන්නට බුදින්නට අනුදනිමි”. මහණෙනි මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:

“යානි ඛො පන තානි සෙඛසම‍්මතානි කුලානි. යො පන භික‍්ඛු තථාරූපෙසු සෙඛසම‍්මතෙසු කුලෙසු පුබ‍්බෙ අනිමන‍්තිතො ඛාදනීයං වා භොජනීයං වා සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා ඛාදෙය්‍ය වා භුඤ‍්ජෙය්‍ය වා පටිදෙසෙතබ‍්බං තෙන භික‍්ඛුනා ගාරය‍්හං ආවුසො ධම‍්මං ආපජ‍්ජිං අසප‍්පායං පාටිදෙසනීයං තං පටිදෙසෙමී”ති.

“යම් ඒ සේඛසම්මත කුල කෙනෙක් ඇද්ද යම් මහණෙක් එබඳු සේඛසම්මත කුලයෙහි පෙර නිමන්ත්‍රණ නො කරන ලද්දේ ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කා නම් හෝ බුදී නම් හෝ ඒ මහණහු විසින්, ඇවැත්නි, ගැරැහිය යුතු අසත්ප්‍රාය වූ පාටිදේසනීය ඇවැතකට පැමිණියෙමි. එය වෙන් කොට දෙසමි” යි පාටිදේසනා කළ යුතු.

එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේත් මේ සිකපදය පනවන ලදී.

6. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො භික‍්ඛු තස‍්ස කුලස‍්ස කුලූපගො හොති. අථ ඛො සො භික‍්ඛු පුබ‍්බන‍්හසමයං නිවාසෙත්‍වා පත‍්තචීවරං ආදාය යෙන තං කුලං තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා පඤ‍්ඤත‍්තෙ ආසනෙ නිසීදි. තෙන ඛො පන සමයෙන සො භික‍්ඛු ගිලානො හොති. අථ ඛො තෙ මනුස‍්සා තං භික‍්ඛුං එතදවොචුං භුඤ‍්ජථ භන‍්තෙති. අථ ඛො සො භික‍්ඛු භගවතා පටික‍්ඛිත‍්තං අනිමන‍්තිතෙන සෙක‍්ඛසම‍්මතෙසු කුලෙසු ඛාදනීයං වා භොජනීයං වා සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා ඛාදිතුං භුඤ‍්ජිතු”න‍්ති කුක‍්කුච‍්චායන‍්තො න පටිග‍්ගහෙසි. නාසක‍්ඛි පිණ‍්ඩාය චරිතුං ඡින‍්නභත‍්තො අහොසි. අථ ඛො සො භික‍්ඛු ආරාමං ගන‍්ත්‍වා භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසි. භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

6. එසමයෙහි එක්තරා මහණෙක් ඒ කුලයට කුලුපග වෙයි. එසඳ ඒ මහණ පෙරවරුයෙහි හැඳැපෙරෙවැ පාසිවුරු ගෙන ඒ කුලය කරා එළැඹියේ යැ, එළැඹැ පැනවූ අස්නෙහි හින. එසමයෙහි ඒ මහණ ගිලන් වෙයි. එසඳ ඒ මිනිස්සු ඒ මහණහට තෙල කීහ: “වහන්ස ‘වළඳව’ යි එසඳ එ මහණ භාග්‍යවතුන් විසින් “නිමන්ත්‍රණ නො කරන ලදහු විසින් සේඛසම්මත කුලයෙහි ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කනු හෝ බුදිනු ප්‍රතික්‍ෂිප්ත යැ” යි කුකුස් කරනුයේ නො පිළිගත. පිඬුසිඟා යන්නට නො හැකි වී. සුන්බත් වී. ඉක්බිති එ මහණ අරමට ගොස් භික්‍ෂුනට තෙල කරුණ දැන්වී. භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ.

7. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි “අනුජානාමි භික‍්ඛවෙ ගිලානෙන භික‍්ඛුනා සෙඛසම‍්මතෙසු කුලෙසු ඛාදනීයං වා භොජනීයං වා සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා ඛාදිතුං භුඤ‍්ජිතුං.”

7. එසඳ භාග්‍යවතුන් වහන්සේ තෙල නිදානයෙහි තෙල කරුණෙහි දැහැමි කථා කොට මහණුන් ඇමැතූ සේක: “මහණෙනි, ගිලන් මහණහු විසින් සේඛසම්මත කුලයෙහි ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කන්නට බුදින්නට අනුදනිමි”.

එවඤ‍්ච පන, භික‍්ඛවෙ, ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

මහණෙනි මෙසේත් මේ ශික්‍ෂාපදය උදෙසවු:

“යානි ඛො පන තානි සෙඛසම‍්මතානි කුලානි, යො පන භික‍්ඛු තථාරූපෙසු සෙඛසම‍්මතෙසු කුලෙසු පුබ‍්බෙ අනිමන‍්තිතො අගිලානො ඛාදනීයං වා භොජනීයං වා සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා ඛාදෙය්‍ය වා භුඤ‍්ජෙය්‍ය වා පටිදෙසෙතබ‍්බං තෙන භික‍්ඛුනා: ගාරය‍්හං ආවුසො ධම‍්මං ආපජ‍්ජිං අසප‍්පායං පාටිදෙසනීයං තං පටිදෙසෙමී”ති.

“යම් ඒ සේඛසම්මත කුල කෙනෙක් ඇද්ද, යම් මහණෙක් එබඳු සේඛසම්මත කුලයෙහි පෙර නිමන්ත්‍රණ නො කරන ලද්දේ නො ගිලන් වූයේ ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කා නම් හෝ බුදී නම් හෝ ඒ මහණහු විසින් “ඇවැත්නි, ගැරැහිය යුතු අසත්ප්‍රාය වූ පාටිදේසනීය ඇවැතකට පැමිණියෙමි. එය වෙන් කොට දෙසමි” යි පාටිදේසනා කළ යුතු.

8. යානි ඛො පන තානි සෙඛසම‍්මතානි කුලානීති: සෙක‍්ඛසම‍්මතං නාම කුලං යං කුලං සද‍්ධාය වඩ‍්ඪති භොගෙන හායති එවරූපස‍්ස කුලස‍්ස ඤත‍්තිදුතියෙන කම‍්මෙන සෙඛසම‍්මුති දින‍්නා හොති.

8. යානි ඛො පන සේඛසම්මතානි කුලානි යනු: සේඛසම්මත කුල නම්: යම් කුලයක් ශ්‍රද්ධායෙන් වැඩේ ද, භෝගයෙන් පිරිහේ ද, එබඳු කුලයට ‘ඤත්තිදුතිය’ කර්‍මයෙන් සේඛසම්මුති දෙන ලද වෙයි.

යො පනාති: යො යාදිසො -පෙ- භික‍්ඛූති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතො භික‍්ඛූති.

‘යො පන’ යනු: යමෙක් යම්බඳුයෙක් ... ‘භික්‍ඛු’ යනු: ... මේ තෙම මේ අර්‍ත්‍ථයෙහි ‘භික්‍ඛු’ යයි අදහස් කරනලද්දේ යැ.

තථාරූපෙසු සෙක‍්ඛසම‍්මතෙසු කුලෙසූති: එවරූපෙසු සෙඛසම‍්මතෙසු කුලෙසු.

තථාරූපෙසූ සේඛසම්මතේසු කුලෙසු යනු: මෙබඳු වූ සෙඛසමමත කුලයෙහි.

අනිමන‍්තිතො නාම: අජ‍්ජතනාය වා ස‍්වාතනාය වා අනිමන‍්තිතො ඝරූපචාරං ඔක‍්කන‍්තෙ නිමන‍්තෙති එසො අනිමන‍්තිතො නාම.

අනිමන්තිත නම්: අද දවසට හෝ සෙට දවසට නිමන්ත්‍රණ නො කරන ලද්දේ යැ. ගෘහොපචාරයට බස්නා කල්හි නිමන්ත්‍රණ කෙරෙද්ද තෙල තැනැත්තේ අනිමන්තිත නම් වෙයි.

නිමන‍්තිතො නාම: අජ‍්ජතනාය වා ස‍්වාතනාය වා නිමන‍්තිතො ඝරූපචාරං අනොක‍්කමන‍්තෙ නිමන‍්තෙති, එසො නිමන‍්තිතො නාම.

නිමන්තිත නම්: අද දවසට හෝ සෙට දවසට නිමන්ත්‍රණ කරන ලද්දේ යැ. ගෘහොපචාරයට නො පැමිණි කල්හි නිමන්ත්‍රණ කෙරෙද්ද තෙල තැනැත්තේ නිමන්තිත නම් වේ.

අගිලානො නාම: සක‍්කොති පිණ‍්ඩාය චරිතුං.

අගිලාන නම්: පිඬුසිඟා යන්නට හැකි වූයේ වෙයි.

ගිලානො නාම: න සක‍්කොති පිණ‍්ඩාය චරිතුං.

ගිලාන නම්: පිඬුසිඟා යන්නට නො හැකි වූයේ ය.

ඛාදනීයං නාම: පඤ‍්ච භොජනානි යාමකාලිකං සත‍්තාහකාලිකං යාවජීවිකං ඨපෙත්‍වා අවසෙසං ඛාදනීයං නාම.

ඛාදනීය නම්: පඤ්චභෝජනයෝ යි. යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය තබා සෙස්ස ඛාදනීය නම.

භොජනීයං නාම: පඤ‍්ච භොජනානි ඔදනො කුම‍්මාසො සත‍්තු මච‍්ඡො මංසං. අනිමන‍්තිතො අගිලානො ඛාදනීයං වා භොජනීයං වා ඛාදිස‍්සාමි භුඤ‍්ජිස‍්සාමීති පතිගණ‍්හාති, ආපත‍්ති දුක‍්කටස‍්ස . අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති පාටිදෙසනීයස‍්ස.

භෝජනීය නම්: පඤ්චභෝජනයෝ යැ. බත් යැ කොමු යැ. අත්සුණු යැ. දියමස් යැ. ගොඩමස් යැ. නිමන්ත්‍රණ නො කරන ලද්දේ නො ගිලන් වූයේ ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ ‘කමි’ යි ‘බුදිමි’ යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පාටිදේසනීය ඇවැත් වේ.

සෙඛසම‍්මතෙ සෙක‍්ඛසම‍්මතසඤ‍්ඤී අනිමන‍්තිතො අගිලානො ඛාදනීයං වා භොජනීයං වා සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා ඛාදති වා භුඤ‍්ජති වා ආපත‍්ති පාටිදෙසනීයස‍්ස. සෙඛසම‍්මතෙ වෙමතිකො අනිමන‍්තිතො අගිලානො ඛාදනීයං වා භොජනීයං වා සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා ඛාදති වා භුඤ‍්ජති වා ආපත‍්ති පාටිදෙසනීයස‍්ස. සෙඛසම‍්මතෙ අසෙඛසම‍්මතසඤ‍්ඤී අනිමන‍්තිතො අගිලානො ඛාදනීයං වා භොජනීයං වා සහත්‍ථා පටිග‍්ගහෙත්‍වා ඛාදති වා භුඤ‍්ජති වා ආපත‍්ති පාටිදෙසනීයස‍්ස.

සේඛසම්මත කුලයෙහි සේඛසම්මත යැ යන සංඥා ඇතියේ නිමන්ත්‍රණ නො කරන ලදු වැ නො ගිලන් වැ ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කන්නේ නම් හෝ බුදින්නේ නම් හෝ පාටිදේසනීය ඇවැත් වෙයි. සේඛසම්මතයෙහි විමති ඇතියේ නිමන්ත්‍රණ නො කරන ලදු වැ නො ගිලන්වැ ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කන්නේ නම් හෝ බුදින්නේ නම් හෝ පාටිදේසනීය ඇවැත් වෙයි. සේඛසම්මතයෙහි සෙඛසම්මතසංඥා නැතියේ නිමන්ත්‍රණ නො කරන ලදු වැ නො ගිලන් වැ ඛාද්‍යයක් හෝ භෝජ්‍යයක් හෝ සියතින් පිළිගෙන කන්නේ නම් හෝ බුදින්නේ නම් හෝ පාටිදේසනීය ඇවැත් වෙයි.

යාමකාලිකං සත‍්තාහකාලිකං යාවජීවිකං ආහාරත්‍ථාය පතිගණ‍්හාති ආපත‍්ති දුක‍්කටස‍්ස. අජ‍්ඣොහාරෙ අජ‍්ඣොහාරෙ ආපත‍්ති දුක‍්කටස‍්ස.

යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය ආහාර පිණිස පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වේ.

අසෙක‍්ඛසම‍්මතෙ සෙඛසම‍්මතසඤ‍්ඤී ආපත‍්ති දුක‍්කටස‍්ස. අසෙඛසම‍්මතෙ වෙමතිකො ආපත‍්ති දුක‍්කටස‍්ස. අසෙඛසම‍්මතෙ අසෙඛසම‍්මතසඤ‍්ඤී අනාපත‍්ති.

අසේඛසම්මතයෙහි සෙඛසම්මතසංඥා ඇතියේ දුකුළා ඇවැත් වෙයි. අසේඛසම්මතයෙහි විමති ඇතියේ දුකුළා ඇවැත් වෙයි. අසේඛසම්මතයෙහි අසේඛසම්මතසංඥා ඇතියේ ඇවැත් නැති.

අනාපත‍්ති: නිමන‍්තිතස‍්ස, ගිලානස‍්ස, නිමන‍්තිතස‍්ස වා ගිලානස‍්ස වා, සෙසකං භුඤ‍්ජති, අඤ‍්ඤෙසං භික‍්ඛා තත්‍ථ පඤ‍්ඤත‍්තා හොති, ඝරතො නීහරිත්‍වා දෙන‍්ති, නිච‍්චභත‍්තෙ, සලාකභත‍්තෙ, පක‍්ඛිකෙ, උපොසථිකෙ, පාටිපදිකෙ, යාමකාලිකං සත‍්තාහකාලිකං යාවජීවිකං සති පච‍්චයෙ පරිභුඤ‍්ජති දෙති, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

අනාපත්ති: නිමන්ත්‍රිතයාහට, ගිලනාහට, නිමන්ත්‍රිතයාගේ හෝ ගිලනාගේ හෝ ශේෂය වළඳනුයේ නම් ඔහුට, එහි අන්‍යයන්ට භික්‍ෂා පනවන ලද වේ ද, ගෘහයෙන් බැහැරැ කොට දෙත් ද එහි නිතිබත්හි, ලහබත්හි, පක්‍ෂයට වරක් දෙන බත්හි, පොහෝබත්හි, පැළවියදවස් දෙන බත්හි, යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය ප්‍රත්‍ය ඇති කල්හි වළඳා නම් දේ නම් ඔහුට, උමතුවූවහුට, ආදිකාර්මිකයාට ඇවැත් නැති.

තතිය පාටිදෙසනීයං

තුන්වැනි පාටිදේසනීය යි.