දුතියපාටිදෙසනීය සික්ඛාපදං
7. 2.
7. 2.
දුතියපාටිදෙසනීය සික්ඛාපදං
දෙවන පාටිදේසනීය ශික්ෂාපදය
1. තෙන සමයෙන බුද්ධො භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන භික්ඛූ කුලෙසු නිමන්තිතා භුඤ්ජන්ති. ඡබ්බග්ගියා භික්ඛුනියො ඡබ්බග්ගියානං භික්ඛූනං වොසාසන්තියො ඨිතා හොන්ති. ඉධ සූපං දෙථ ඉධ ඔදනං දෙථාති ඡබ්බග්ගියා භික්ඛූ යාවදත්ථං භුඤ්ජන්ති. අඤ්ඤෙ භික්ඛූ න චිත්තරූපං ලභන්ති යෙ තෙ භික්ඛූ අප්පිච්ඡා -පෙ- තෙ උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛූ භික්ඛුනියො වොසාසන්තියො න නිවාරෙස්සන්තී”ති -පෙ- සච්චං කිර තුම්හෙ භික්ඛවෙ භික්ඛුනියො වොසාසන්තියො න නිවාරෙථාති සච්චං භගවා විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම තුම්හෙ මොඝපුරිසා භික්ඛුනියො වොසාසන්තියො න නිවාරෙස්සථ. නෙතං මොඝපුරිසා අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ ඉමං සික්ඛාපදං උද්දිසෙය්යාථ:
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහනුවර කලන්දක නිවාප නම් වූ වේළුවන විහාරයෙහි වැඩවෙසෙති. එසමයෙහි භික්ෂූහු කුලයෙහි නිමන්ත්‍රණ කරන ලද්දාහු වළඳති. සවග මෙහෙණහු මෙහි සූප දෙව මෙහි බත් දෙව යි සවග මහණුනට වොසාසන (විධාන) කම් කරමින් සිටියාහු වෙති. සවග මහණහු ඇති තාක් වළඳති. අන් මහණහු සිත්සේ නො ලැබෙති. යම් අල්පේච්ඡ භික්ෂූ කෙනෙක් ... ඔහු අවමන් කෙරෙති, නුගුණ කියති, නුගුණ පතුරුවති: “කෙසේ නම් සවග මහණහු වොසාසන කම් කරන මෙහෙණන් නො වළහන්නාහු” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි වොසාසන කම් කරන මෙහෙණන් නො වළහවූ ලැ” යි. සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් මෝඝපුරුෂයෙනි , තොපි වොසාසන කම් කරන මෙහෙණන් නො වළහවූ ද? හිස් පුරුෂයෙනි, තෙල අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේත් මේ ශික්ෂාපදය උදෙසවු:
“භික්ඛූ පනෙව කුලෙසු නිමන්තිතා භුඤ්ජන්ති තත්ර චෙ සා භික්ඛුනී වොසාසමානරූපා ඨිතා හොති “ඉධ සූපං දෙථ ඉධ ඔදනං දෙථා”ති. තෙහි භික්ඛූහි සා භික්ඛුනී අපසාදෙතබ්බා. අපසක්ක තාව භගිනි, යාව භික්ඛූ භුඤ්ජන්ති. එකස්සපි චෙ භික්ඛුනො නප්පටිභාසෙය්ය තං භික්ඛුනිං අපසාදෙතුං – අපසක්ක තාව භගිනි, යාව භික්ඛූ භුඤ්ජන්තී’ති. පටිදෙසෙතබ්බං තෙහි භික්ඛූහි – ගාරය්හං ආවුසො ධම්මං ආපජ්ජිම්හා අසප්පායං පාටිදෙසනීයං තං පටිදෙසෙමාති.
“මහණහු කුලයෙහි නිමන්ත්‍රණ කරන ලද්දාහු වළඳත් ද? ඉදින් එහි ඒ මෙහෙණ “මෙහි සූප දෙව මෙහි බත් දෙව” යි වොසාසන (විධාන) කම් කරන පියවින් සිටියා වේ ද, ඒ මහණුන් විසින් ඒ මෙහෙණ “නැගණියනි, භික්ෂූන් වළඳනා තාක් පහව යා” යි පහකළයුත්තී යැ. ඉදින් එක් මහණක්හට ද “නැගණියනි, භික්ෂූන් වළඳනා තාක් පහව යා” යි ඒ මෙහෙණ පහ කරන්නට නො වැටහේ නම් ඒ මහණුන් විසින් “ඇවැත්නි, ගැරැහියයුතු අසත්ප්‍රාය වූ පාටිදේසනීය ඇවැතකට පැමිණියම්හ. එය යළි දෙසම්හ” යි පිළිදෙසියයුතු”
2. භික්ඛූ පනෙව කුලෙසු නිමන්තිතා භුඤ්ජන්තීති: කුලං නාම චත්තාරි කුලානි – ඛත්තියකුලං බ්රාහ්මණකුලං වෙස්සකුලං සුද්දකුලං.
2. භික්ඛු පනෙව කුලෙසු නිමන්තිතා භුඤ්ජන්ති යනු: කුල නම් සතර කුලයෝ යි: ක්‍ෂත්‍රියකුල යැ බ්‍රාහ්මණකුල යැ වෛශ්‍යකුල යැ ශුද්‍රකුල යි.
නිමන්තිතා භුඤ්ජන්තීති: පඤ්චන්නං භොජනානං අඤ්ඤතරෙන භොජනෙන නිමන්තිතා භුඤ්ජන්ති.
නිමන්තිතා භුඤ්ජන්ති යනු: පස් බොජුන් අතුරෙන් එක්තරා බොජුනෙකින් නිමන්ත්‍රණ කරනලද්දහු වළඳති.
භික්ඛුනී නාම: උභතො සඞ්ඝෙ උපසම්පන්නා.
භික්ඛුනී නම්: උභතෝසඞ්ඝයා කෙරෙහි උපසපන් වූවා යි.
වොසාසන්තී නාම: යථාමිත්තතා යථාසන්දිට්ඨතා යථාසම්භත්තතා යථාසමානුපජ්ඣායකතා යථාසමානාචරියකතා “ඉධ සූපං දෙථ ඉධ ඔදනං දෙථා”ති. එසා වොසාසන්තී නාම.
වොසාසන්ති නම්: මිතුරු බව ඇති සේ දුටුමිතුරුබව ඇති සේ දැඩි මිතුරුබව ඇති සේ සමානෝපාධ්යායතා ඇති සේ සමානාචාර්ය්යතා ඇති සේ “මෙතන්හි සූප දෙව මෙතන්හි බත් දෙව” යි මෝ වොසාසන්ති නම.
තෙහි භික්ඛූහීති: භුඤ්ජමානෙහි භික්ඛූහි.
තෙහි භික්ඛුහි යනු: වළඳනා භික්ෂූන් විසින්.
සා භික්ඛුනීති: යා සා වොසාසන්තී භික්ඛුනී. තෙහි භික්ඛූහි සා භික්ඛුනී අපසාදෙතබ්බා. ‘අපසක්ක තාව භගිනි යාව භික්ඛූ භුඤ්ජන්තී’ති. එකස්ස චෙ භික්ඛුනො අනපසාදිතො ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති පාටිදෙසනීයස්ස.
සා භික්ඛුනී යනු: ඒ වොසාසන කම් කරන මෙහෙණ යි. ඒ මහණුන් විසින් ඒ මෙහෙණ අපසාදන කළයුත්තී යැ: “නැගැණියනි භික්ෂූන් වළඳනා තාක් පහව යා” යි ඉදින් එකද මහණක්හු අපසාදනා නො කළ කල්හි ‘කමි’ ‘බුදිමි’ පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
උපසම්පන්නාය උපසම්පන්නසඤ්ඤී වොසාසන්තියා න නිවාරෙති ආපත්ති පාටිදෙසනීයස්ස. උපසම්පන්නාය වෙමතිකො වොසාසන්තියා න නිවාරෙති ආපත්ති පාටිදෙසනීයස්ස. උපසම්පන්නාය අනුපසම්පන්නසඤ්ඤී වොසාසන්තියා න නිවාරෙති, ආපත්ති පාටිදෙසනීයස්ස.
‘උපසපනක’ යන සංඥා ඇත්තේ උපසපන් මෙහෙණ විධාන කරන කල්හි නො වළහා නම් පාටිදේසනීය ඇවැත් වෙයි. විමති ඇත්තේ උපසපන් මෙහෙණ විධාන කරන කල්හි නො වළහා නම් පාටිදේසනීය ඇවැත් වෙයි. ‘අනුපසපනක’ යන සංඥා ඇත්තේ උපසපන් මෙහෙණ විධාන කරන කල්හි නො වළහා නම් පාටිදේසනීය ඇවැත් වේ.
එකතො උපසම්පන්නාය වොසාසන්තියා න නිවාරෙති ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය උපසම්පන්නසඤ්ඤී, ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය වෙමතිකො, ආපත්ති දුක්කටස්ස. අනුපසම්පන්නාය අනුපසම්පන්නසඤ්ඤී අනාපත්ති.
භික්ෂුණීසංඝයා කෙරෙහි උපසපන් මෙහෙණ විධාන කරන කල්හි නො වළහා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපන ‘උපසපනක’ යන සංඥා ඇත්තේ දුකුළා ඇවැත් වෙයි. අනුපසපන (විධාන කරන කල්හි) විමති ඇත්තේ දුකුළා ඇවැත් වෙයි. අනුපසපන (විධාන කරන කල්හි) ‘අනුපසපනක’ යන සංඥා ඇත්තේ ඇවැත් නැති.
අනාපත්ති: අත්තනො භත්තං දාපෙති න දෙති, අඤ්ඤස්ස භත්තං දෙති න දාපෙති, යං න දින්නං තං දාපෙති, යත්ථ න දින්නං තත්ථ දාපෙති, සබ්බෙසං සමකං දාපෙති, සික්ඛමානාය වොසාසති, සාමණෙරාය වොසාසති, පඤ්ච භොජනානි ඨපෙත්වා සබ්බත්ථ අනාපත්ති උම්මත්තකස්ස ආදිකම්මිකස්සාති.
අනාපත්ති: තමාගේ බත දෙවවා ද නො දේ ද, මෙරමාගේ බත දේ ද නො දෙවා ද, යමක් නො දෙනලද නම් එහි දෙවවා ද, යම් තැනක නො දෙන ලද නම් එහි දෙවවා ද, හැමට සම වැ දෙවවා ද, සික්ඛමානාවට විධාන කෙරේ ද, හෙරණියට විධාන කෙරේ ද, පස්බොජුන් තබා හැමතන්හි ඇවැත් නැති. උමතුවූවහුට ආදිකාර්මිකයාට ඇවැත් නැති.
දුතිය පාටිදෙසනීය සික්ඛාපදං.
දෙවැනි පාටිදේසනීය යි.