යෙදුමෙන් කියවන්න

පාදුකවග‍්ගො

සම්පූර්ණ පරිච්ඡේදය

පාදුකා වර්‍ගය

8. 7. 1.

8. 7. 1.

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ පාදුකාරූළ‍්හස‍්ස ධම‍්මං දෙසෙන‍්ති. -පෙ-

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණෝ පයැ ලූ මිරිවැඩි ඇත්තාහට දහම් දෙසති ...

න පාදුකාරූළ‍්හස‍්ස අගිලානස‍්ස ධම‍්මං දෙසිස‍්සාමීති සික‍්ඛාකරණීයා”ති.

“පයැ ලූ මිරිවැඩි ඇති නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.

2. න පාදුකාරූළ‍්හස‍්ස අගිලානස‍්ස ධම‍්මො දෙසෙතබ‍්බො, යො අනාදරියං පටිච‍්ච අක‍්කන‍්තස‍්ස වා පටිමුක‍්කස‍්ස වා ඔමුක‍්කස‍්ස වා අගිලානස‍්ස ධම‍්මං දෙසෙති ආපත‍්ති දුක‍්කටස‍්ස.

2. පයැ ලූ මිරිවැඩි ඇති නො ගිලන්හට දහම් නො දෙසි ය යුතු යි. යමෙක් අනාදරිය පිණිස ඇක්මවූ හෝ ලාසිටි හෝ අඩක් ලාසිටි හෝ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච -පෙ- ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.

පඨමසික‍්ඛාපදං.

ප්‍රථම ශික්‍ෂාපදයි.

8. 7. 2.

8. 7. 2.

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උපාහනාරූළ‍්හස‍්ස ධම‍්මං දෙසෙන‍්ති. -පෙ-

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ පයැ ලූ වහන් ඇත්තාහට දහම් දෙසත් ...

න උපාහනාරූළ‍්හස‍්ස අගිලානස‍්ස ධම‍්මං දෙසිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“පයැ ලූ වහන් ඇති නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.

2. න උපාහනාරූළ‍්හස‍්ස අගිලානස‍්ස ධම‍්මො දෙසෙතබ‍්බො. යො අනාදරියං පටිච‍්ච අක‍්කන‍්තස‍්ස වා පටිමුක‍්කස‍්ස වා ඔමුක‍්කස‍්ස වා අගිලානස‍්ස ධම‍්මං දෙසෙති ආපත‍්ති දුක‍්කටස‍්ස.

2. පයැ ලූ වහන් ඇති නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස ඇක්මවූ හෝ ලාසිටි හෝ අඩක් ලාසිටි හෝ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.

3. අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච -පෙ- ආදිකම‍්මිකස‍්සාති.

3. නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.

දුතියසික‍්ඛාපදං.

ද්විතීය ශික්‍ෂාපද යි.

8. 7. 3.

8. 7. 3.

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ යානගතස‍්ස ධම‍්මං දෙසෙන‍්ති. -පෙ-

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ යානයෙහි හුන්නාහට දහම් දෙසති ...

න යානගතස‍්ස අගිලානස‍්ස ධම‍්මං දෙසිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“යානයෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.

2. යානං නාම: වය‍්හං රථො සකටං සන්‍දමානිකා සිවිකා පාටඞ‍්කී.

2. යාන නම්: වයහ යැ රථ යැ ශකට යැ ස්‍යන්‍දමානිකා යැ සිවිකා යැ පාටඞ්කීය යී.

න යානගතස‍්ස අගිලානස‍්ස ධම‍්මො දෙසෙතබ‍්බො. යො අනාදරියං පටිච‍්ච යානගතස‍්ස අගිලානස‍්ස ධම‍්මං දෙසෙති ආපත‍්ති දුක‍්කටස‍්ස.

යානයෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස යානයෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච -පෙ- ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.

තතියසික‍්ඛාපදං.

තෘතීය ශික්‍ෂාපද යි.

8. 7. 4.

8. 7. 4.

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ සයනගතස‍්ස ධම‍්මං දෙසෙන‍්ති -පෙ-

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ යහන්හි හොත්තාහට දහම් දෙසත් ...

න සයනගතස‍්ස අගිලානස‍්ස ධම‍්මං දෙසිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“යහන්හි හොත්තා වූ නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.

2. න සයනගතස‍්ස අගිලානස‍්ස ධම‍්මො දෙසෙතබ‍්බො. යො අනාදරියං පටිච‍්ච අන‍්තමසො ඡමායපි නිපන‍්නස‍්ස සයනගතස‍්ස අගිලානස‍්ස ධම‍්මං දෙසෙති ආපත‍්ති දුක‍්කටස‍්ස.

2. යහනෙහි හොත්තා වූ නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස යටත් පිරිසෙයින් බිමෙහි දු හොත්තා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.

3. අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච -පෙ- ආදිකම‍්මිකස‍්සාති.

3. නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.

චතුත්‍ථසික‍්ඛාපදං.

චතුර්‍ත්‍ථ ශික්‍ෂාපද යි.

8. 7. 5.

8. 7. 5.

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ පල‍්ලත්‍ථිකාය නිසින‍්නස‍්ස ධම‍්මං දෙසෙන‍්ති -පෙ-

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ අකවටු අවුළුවා හුන්නාහට දහම් දෙසත් ...

න පල‍්ලත්‍ථිකාය නිසින‍්නස‍්ස අගිලානස‍්ස ධම‍්මං දෙසිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“අකවටු අවුළුවා හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.

2. න පල‍්ලත්‍ථිකාය නිසින‍්නස‍්ස අගිලානස‍්ස ධම‍්මො දෙසෙතබ‍්බො. යො අනාදරියං පටිච‍්ච හත්‍ථපල‍්ලත්‍ථිකාය වා දුස‍්සපල‍්ලත්‍ථිකාය වා නිසින‍්නස‍්ස අගිලානස‍්ස ධම‍්මං දෙසෙති ආපත‍්ති දුක‍්කටස‍්ස.

2. අකවටු අවුළුවා හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස අත්අකවටුවෙන් හෝ වත්අකවටුවෙන් හෝ හුන්නා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.

3. අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච -පෙ- ආදිකම‍්මිකස‍්සාති.

3. නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.

පඤ‍්චමසික‍්ඛාපදං.

පඤ්චම ශික්‍ෂාපද යි.

8. 7. 6.

8. 7. 6.

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ වෙඨිතසීසස‍්ස ධම‍්මං දෙසෙන‍්ති -පෙ-

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ හිස මතු වෙළා සිටියහුට දහම් දෙසත් ...

න වෙඨිතසීසස‍්ස අගිලානස‍්ස ධම‍්මං දෙසිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“හිස වෙළා සිටි නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.

2. වෙඨිතසීසො නාම: කෙසන‍්තං න දස‍්සාපෙත්‍වා වෙඨිතො හොති.

2. වෙඨිතසීස නම්: කෙස්කොන් නො දක්වාවෙළන ලදුයේ වෙයි.

න වෙඨිතසීසස‍්ස අගිලානස‍්ස ධම‍්මො දෙසෙතබ‍්බො. යො අනාදරියං පටිච‍්ච වෙඨිතසීසස‍්ස අගිලානස‍්ස ධම‍්මං දෙසෙති, ආපත‍්ති දුක‍්කටස‍්ස.

හිස වෙළා සිටි නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස හිස වෙළා සිටි නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච, අසතියා, අජානන‍්තස‍්ස, ගිලානස‍්ස, කෙසන‍්තං විවරාපෙත්‍වා දෙසෙති, ආපදාසු, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට නො සිහියෙන් කරන්නහුට නො දන්නහුට ගිලනහුට කෙස්කොන් විවරවා දෙසා නම් ඇවැත් නැති. ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.

ඡට‍්ඨසික‍්ඛාපදං.

ෂෂ්ඨ ශික්‍ෂාපද යි.

8. 7. 7.

8. 7. 7.

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ඔගුණ‍්ඨිතසීසස‍්ස ධම‍්මං දෙසෙන‍්ති -පෙ-

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ හිස වසා පෙරෙවියහට දහම් දෙසත් ...

න ඔගුණ‍්ඨිතසීසස‍්ස අගිලානස‍්ස ධම‍්මං දෙසිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“හිස වසා පෙරෙවි නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.

ඔගුණ‍්ඨිතසීසො නාම: සසීසං පාරුතො වුච‍්චති.

ඔගුණ්ඨිතසීස නම්: හිස සහිත පෙරෙවියේ කියනු ලැබෙයි.

2. න ඔගුණ‍්ඨිතසීසස‍්ස අගිලානස‍්ස ධම‍්මො දෙසෙතබ‍්බො. යො අනාදරියං පටිච‍්ච ඔගුණ‍්ඨිතසීසස‍්ස අගිලානස‍්ස ධම‍්මං දෙසෙති ආපත‍්ති දුක‍්කටස‍්ස.

2. හිස වසා පෙරෙවි නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස හිස වසා පෙරෙවි නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච, අසතියා, අජානන‍්තස‍්ස, ගිලානස‍්ස, සීසං විවරාපෙත්‍වා දෙසෙති, ආපදාසු උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට නො සිහියෙන් කරන්නහුට නො දන්නහුට ගිලනහුට හිස විවර කරවා දෙසා නම්, ඇවැත් නැති. ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.

සත‍්තමසික‍්ඛාපදං.

සප්තම ශික්‍ෂාපද යි.

8. 7. 8.

8. 7. 8.

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ඡමාය නිසීදිත්‍වා ආසනෙ නිසින‍්නස‍්ස ධම‍්මං දෙසෙන‍්ති. -පෙ-

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ බිමෙහි හිඳ අස්නෙහි හුන්නහුට දහම් දෙසත් ...

න ඡමායං නිසීදිත්‍වා ආසනෙ නිසින‍්නස‍්ස අගිලානස‍්ස ධම‍්මං දෙසිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“බිමැ හිඳ අස්නෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.

2. න ඡමායං නිසීදිත්‍වා ආසනෙ නිසින‍්නස‍්ස අගිලානස‍්ස ධම‍්මො දෙසෙතබ‍්බො. යො අනාදරියං පටිච‍්ච ඡමායං නිසීදිත්‍වා ආසනෙ නිසින‍්නස‍්ස අගිලානස‍්ස ධම‍්මං දෙසෙති ආපත‍්ති දුක‍්කටස‍්ස.

2. බිමැ හිඳ අස්නෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස බිමැ හිඳ අස්නෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච -පෙ- ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.

අට‍්ඨමසික‍්ඛාපදං.

අෂ්ටම ශික්‍ෂාපද යි.

8. 7. 9.

8. 7. 9.

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ නීචෙ ආසනෙ නිසීදිත්‍වා උච‍්චෙ ආසනෙ නිසින‍්නස‍්ස ධම‍්මං දෙසෙන‍්ති. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති. “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ නීචෙ ආසනෙ නිසීදිත්‍වා උච‍්චෙ ආසනෙ නිසින‍්නස‍්ස ධම‍්මං දෙසෙස‍්සන‍්තී”ති. -පෙ- සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ නීචෙ ආසනෙ නිසීදිත්‍වා උච‍්චෙ ආසනෙ නිසින‍්නස‍්ස ධම‍්මං දෙසෙථාති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා. -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා නීචෙ ආසනෙ නිසීදිත්‍වා උච‍්චෙ ආසනෙ නිසින‍්නස‍්ස ධම‍්මං දෙසෙස‍්සථ. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- විගරහිත්‍වා ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි.

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නහුට දහම් දෙසත්, යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණෝ මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නහුට දහම් දෙසූහු” දැ යි. ... සැබෑ ද මහණෙනි, තෙපි මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නහුට දහම් දෙසවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නහුට දහම් දෙසවු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමතූහු.

2. භූතපුබ‍්බං භික‍්ඛවෙ බාරාණසියං අඤ‍්ඤතරස‍්ස ඡපකස‍්ස පජාපති ගබ‍්භිනී අහොසි. අථ ඛො භික‍්ඛවෙ සා ඡපකී තං ඡපකං එතදවොච. ගබ‍්භිනීම‍්හි අය්‍යපුත‍්ත ඉච‍්ඡාමි අම‍්බං ඛාදිතු”න‍්ති. නත්‍ථි අම‍්බො අකාලො අම‍්බස‍්සාති. සචාහං න ලභිස‍්සාමි මරිස‍්සාමීති. තෙන ඛො පන සමයෙන රඤ‍්ඤො අම‍්බො ධුවඵලො හොති. අථ ඛො භික‍්ඛවෙ සො ඡපකො යෙන සො අම‍්බො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා තං අම‍්බං අභිරූහිත්‍වා නිලීනො අච‍්ඡි.

2. මහණෙනි, පෙරැ වූවක් කියමි: බරණැස් නුවරැ එක්තරා සැඩොලක්හුගේ අඹුව ගැබිනි වූ යැ. එකල්හි මහණෙනි, ඒ සැඩොලී තොමෝ ඒ සැඩොල්හට මෙය කිවු යැ. ‘හිමිපුත, ගැබිනියක් වෙමි, අඹ කන්නට කැමැත්තෙමු’ යි, අඹ නැති. අඹ පිළිබඳ කාලය නො වෙයි, ඉදින් මම නො ලබම් නම් මැරෙමි යි. එසමයෙහි වනාහි රජුගේ අඹරුක නිතිපල ඇතියේ වෙයි. එකල්හි මහණෙනි, ඒ සැඩොල් තෙමේ ඒ අඹරුක වෙතැ එළඹියේ යැ. එළැඹැ ඒ අඹරුකට නැග සැඟවී හුන්නේ යි.

3. අථ ඛො භික‍්ඛවෙ රාජා පුරොහිතෙන බ්‍රාහ‍්මණෙන සද‍්ධිං යෙන සො අම‍්බො තෙනුපසඞ‍්කමි. උපසඞ‍්කමිත්‍වා උච‍්චෙ ආසනෙ නිසීදිත්‍වා මන‍්තං පරියාපුණාති. අථ ඛො භික‍්ඛවෙ තස‍්ස ඡපකස‍්ස එතදහොසි. යාව අධම‍්මිකො අයං රාජා යත්‍ර හි නාම උච‍්චෙ ආසනෙ නිසීදිත්‍වා මන‍්තං පරියාපුණිස‍්සති. අයඤ‍්ච බ්‍රාහ‍්මණො අධම‍්මිකො යත්‍ර හි නාම නීචෙ ආසනෙ නිසීදිත්‍වා උච‍්චෙ ආසනෙ නිසින‍්නස‍්ස මන‍්තං වාචෙස‍්සති. අහඤ‍්චම‍්හි අධම‍්මිකො යොහං ඉත්‍ථියා කාරණා රඤ‍්ඤො අම‍්බං අවහරාමි. සබ‍්බමිදං චමරිගතන‍්ති තත්‍ථෙව පරිපති.

3. ඉක්බිති මහණෙනි, රජ තෙමේ පෙරෙවි බමුණා සමග ඒ අඹරුක වෙතැ එළැඹියේ යැ. එළැඹැ උස් අස්නෙහි හිඳ මන්ත්‍ර පිරිවහයි. එකල්හි මහණෙනි, ඒ සැඩොල්හට මෙ සිත විය. යමෙක් උස් අස්නෙහි හිඳ මන්ත්‍ර පිරිවහා නම් මේ රජ තෙමේ කැලැ මැ නො දැහැමි යැ. යමෙක් මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නාහට මන්ත්‍ර හදාරවා නම් මේ බමුණු තෙමේත් නො දැහැමි යැ. යම්බඳු මම අඹුවගේ කරුණෙන් රජහුගේ අඹ සොරකම් කරම් නම් ඒ මමත් නො දැහැමි වෙමි, මේ මුළු ලොව මැ නො දැහැමිකමින් අවුල් වී යැ යි එහි මැ වැටුණේ යි.

“උභො අත්‍ථං න ජානන‍්ති උභො ධම‍්මං න පස‍්සරෙ, යො චායං මන‍්තං වාචෙති යො චාධම‍්මෙන’ධීයති.

යමෙකුත් මොහුට මන්ත්‍ර හදාරවා ද, යමෙකුත් අධර්‍මයෙන් හදාරා ද මේ දෙදෙන මැ අර්‍ත්‍ථය නො දනිති, ධර්‍මය නො බලත්.

සාලීනං ඔදනො භුත‍්තො සුචිමංසූපසෙචනො තස‍්මා ධම‍්මෙ න වත‍්තාමි ධම‍්මො අරියෙහි වණ‍්ණිතො.

(මා විසින් රජහුගේ) පිරිසුදු රසමසවුළෙන් යුතු හැල්බත වළඳන ලදී. එහෙයින් (බඩවියත තකා) ධර්‍මයෙහි නො පවතිමි. මේ ධර්‍මය ආර්‍ය්‍යන් විසින් පසස්නා ලදැ යි (දනිමි).

ධිරත්‍ථු තං ධනලාභං යසලාභඤ‍්ච බ්‍රාහ‍්මණ, යා වුත‍්ති විනිපාතෙන අධම‍්මචරණෙන වා.

බමුණ, (මෙසේ නො දැහැමින් ලත්) තාගේ යශෝලාභයට ද ධනලාභයට ද (මතු) අවාහි හෙන සේ අධර්‍මචරණයෙන් (දැන්) පැවැති දිවෙලට ද නින්‍දා වේවා.

පරිබ‍්බජ මහාබ්‍රහ‍්මෙ පචන‍්තඤ‍්ඤෙපි පාණිනො මා ත්‍වං අධම‍්මො ආචරිතො අස‍්මා කුම‍්භමිවාභිදා”ති.

මහබමුණ, (මෙදෙසින්) නැගී යා, සෙසු සත්තු ද පිසති, (කති). හැසිරෙන ලද මේ අධර්‍මය තෙමේ තා ගලින් කළයක් මෙන් නහමක් බිඳීවා.

4. තදාපි මෙ භික‍්ඛවෙ අමනාපා නීචෙ ආසනෙ නිසීදිත්‍වා උච‍්චෙ ආසනෙ නිසින‍්නස‍්ස මන‍්තං වාචෙතුං. කිමඞ‍්ග පන එතරහි න අමනාපා භවිස‍්සති නීචෙ ආසනෙ නිසීදිත්‍වා උච‍්චෙ ආසනෙ නිසින‍්නස‍්ස ධම‍්මං දෙසෙතුං. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

4. එදා දු මහණෙනි, මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නහුට මන්ත්‍ර හදාරවනු මට මනාප නො වෙයි. මෙකල්හි වනාහි මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නහුට දහම් දෙසනු මනාප නො වනු කියනුම කිම? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:

න නීචෙ ආසනෙ නිසීදිත්‍වා උච‍්චෙ ආසනෙ නිසින‍්නස‍්ස අගිලානස‍්ස ධම‍්මං දෙසිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නා වූ නො ගිලන් හට දහම් නො දෙසන්නෙමියි හික්මියැ යුතු” යි.

5. න නීචෙ ආසනෙ නිසීදිත්‍වා උච‍්චෙ ආසනෙ නිසින‍්නස‍්ස අගිලානස‍්ස ධම‍්මො දෙසෙතබ‍්බො. යො අනාදරියං පටිච‍්ච නීචෙ ආසනෙ නිසීදිත්‍වා උච‍්චෙ ආසනෙ නිසින‍්නස‍්ස අගිලානස‍්ස ධම‍්මං දෙසෙති ආපත‍්ති දුක‍්කටස‍්ස.

5. මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසි ය යුතු යි. යමෙක් අනාදරිය පිණිස මිටි අස්නෙහි හිඳ උස් අස්නෙහි හුන්නා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච -පෙ- ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.

නවමසික‍්ඛාපදං.

නවම ශික්‍ෂාපද යි.

8. 7. 10.

8. 7. 10.

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ඨිතා නිසින‍්නස‍්ස ධම‍්මං දෙසෙන‍්ති. -පෙ-

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ සිටියාහු හුන්නහුට දහම් දෙසත් ...

න ඨිතො නිසින‍්නස‍්ස අගිලානස‍්ස ධම‍්මං දෙසිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“සිටියෙම් හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.

2. න ඨිතෙන නිසින‍්නස‍්ස අගිලානස‍්ස ධම‍්මො දෙසෙතබ‍්බො. යො අනාදරියං පටිච‍්ච ඨිතො නිසින‍්නස‍්ස අගිලානස‍්ස ධම‍්මං දෙසෙති ආපත‍්ති දුක‍්කටස‍්ස.

2. සිටියහු විසින් හුන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසි ය යුතු යි. යමෙක් අනාදරිය පිණිස සිටියේ හුන්නා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.

3. අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච -පෙ- ආදිකම‍්මිකස‍්සාති.

3. නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.

දසමසික‍්ඛාපදං.

දශම ශික්‍ෂාපද යි.

8. 7. 11.

8. 7. 11.

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ පච‍්ඡතො ගච‍්ඡන‍්තා පුරතො ගච‍්ඡන‍්තස‍්ස ධම‍්මං දෙසෙන‍්ති. -පෙ-

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ පසු වැ යන්නාහු පෙරටු වැ යන්නහුට දහම් දෙසත් ...

න පච‍්ඡතො ගච‍්ඡන‍්තො පුරතො ගච‍්ඡන‍්තස‍්ස අගිලානස‍්ස ධම‍්මං දෙසිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“පසු වැ යන්නෙම් පෙරටු වැ යන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.

2. න පච‍්ඡතො ගච‍්ඡන‍්තෙන පුරතො ගච‍්ඡන‍්තස‍්ස අගිලානස‍්ස ධම‍්මො දෙසෙතබ‍්බො. යො අනාදරියං පටිච‍්ච පච‍්ඡතො ගච‍්ඡන‍්තො පුරතො ගච‍්ඡන‍්තස‍්ස අගිලානස‍්ස ධම‍්මං දෙසෙති ආපත‍්ති දුක‍්කටස‍්ස.

2. පසු වැ යන්නහු විසින් පෙරටු වැ යන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසි ය යුතු යි. යමෙක් අනාදරිය පිණිස පසු වැ යන්නේ පෙරටු වැ යන්නා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.

3. අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච -පෙ- ආදිකම‍්මිකස‍්සාති.

3. නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.

එකාදසමසික‍්ඛාපදං.

ඒකාදශ ශික්‍ෂාපද යි.

8. 7. 12.

8. 7. 12.

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උප‍්පථෙන ගච‍්ඡන‍්තා පථෙන ගච‍්ඡන‍්තස‍්ස ධම‍්මං දෙසෙන‍්ති. -පෙ-

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ නො මගින් යන්නාහු මගින් යන්නහුට දහම් දෙසත් ...

න උප‍්පථෙන ගච‍්ඡන‍්තො පථෙන ගච‍්ඡන‍්තස‍්ස අගිලානස‍්ස ධම‍්මං දෙසිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“නො මගින් යන්නෙම් මගින් යන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.

2. න උප‍්පථෙන ගච‍්ඡන‍්තෙන පථෙන ගච‍්ඡන‍්තස‍්ස අගිලානස‍්ස ධම‍්මො දෙසෙතබ‍්බො. යො අනාදරියං පටිච‍්ච උප‍්පථෙන ගච‍්ඡන‍්තො පථෙන ගච‍්ඡන‍්තස‍්ස අගිලානස‍්ස ධම‍්මං දෙසෙති ආපත‍්ති දුක‍්කටස‍්ස.

2. නො මගින් යන්නහු විසින් මගින් යන්නා වූ නො ගිලන්හට දහම් නො දෙසි ය යුතු යි. යමෙක් අනාදරිය පිණිස නො මගින් යන්නේ මගින් යන්නා වූ නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච -පෙ- ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.

ද‍්වාදසමසික‍්ඛාපදං.

ද්වාදශ ශික්‍ෂාපද යි.

8. 7. 13.

8. 7. 13.

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ ඨිතා උච‍්චාරම‍්පි පස‍්සාවම‍්පි කරොන‍්ති -පෙ-

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ සිටියාහු මහවටන ද සුළුවටන ද කෙරෙත් ...

න ඨිතො අගිලානො උච‍්චාරං වා පස‍්සාවං වා කරිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“සිටියෙම් නො ගිලන් වැ මහවටන් හෝ සුළුවටන් හෝ නො කරන්නෙමි යි හික්මියැ යුතු” යි.

2. න ඨිතෙන අගිලානෙන උච‍්චාරො වා පස‍්සාවො වා කාතබ‍්බො. යො අනාදරියං පටිච‍්ච ඨිතො අගිලානො උච‍්චාරං වා පස‍්සාවං වා කරොති, ආපත‍්ති දුක‍්කටස‍්ස.

2. සිටියා වූ නො ගිලන්හු විසින් මහවටන් හෝ සුළුවටන් හෝ නො කළ යුතු යි. යමෙක් අනාදරිය පිණිස සිටියේ නො ගිලන් වැ මහවටන් හෝ සුළුවටන් හෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච -පෙ- ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.

තෙරසමසික‍්ඛාපදං.

ත්‍රයොදශ ශික්‍ෂාපද යි.

8. 7. 14.

8. 7. 14.

1. සාවත්‍ථිනිදානං – තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ හරිතෙ උච‍්චාරම‍්පි පස‍්සාවම‍්පි ඛෙළම‍්පි කරොන‍්ති -පෙ-

1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ නිල් තණ ආදියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළ ගැසීම ද කෙරෙත් ...

න හරිතෙ අගිලානො උච‍්චාරං වා පස‍්සාවං වා ඛෙළං වා කරිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“නො ගිලන් වූයෙම් නිල් තණ ආදියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළ ගැසීම හෝ නො කරන්නෙමි යි හික්මියැ යුතු” යි.

2. න හරිතෙ අගිලානෙන උච‍්චාරො වා පස‍්සාවො වා ඛෙළො වා කාතබ‍්බො. යො අනාදරියං පටිච‍්ච හරිතෙ අගිලානො උච‍්චාරං වා පස‍්සාවං වා ඛෙළං වා කරොති ආපත‍්ති දුක‍්කටස‍්ස.

2. නො ගිලන්හු විසින් නිල් තණආදියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළ ගැසීම හෝ නො කළ යුතු යි. යමෙක් අනාදරිය පිණිස නො ගිලන් වැ නිල් තණ ආදියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළ ගැසීම හෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.

3. අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච, අසතියා, අජානන‍්තස‍්ස, ගිලානස‍්ස, අප‍්පහරිතෙ කතො හරිතං ඔත්‍ථරති, ආපදාසු, උම‍්මත‍්තකස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

3. නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, නො නිල්තණ ආදියෙහි කරන ලද දැයෙක් නිල් තණ වතුරුවා නම්, ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.

චුද‍්දසමසික‍්ඛාපදං.

චතුර්‍දශ ශික්‍ෂාපද යි.

8. 7. 15.

8. 7. 15.

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උදකෙ උච‍්චාරම‍්පි පස‍්සාවම‍්පි ඛෙළම‍්පි කරොන‍්ති, මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති. “කථං හි නාම සමණා සක්‍යපුත‍්තියා උදකෙ උච‍්චාරම‍්පි පස‍්සාවම‍්පි ඛෙළම‍්පි කරිස‍්සන‍්ති සෙය්‍යථාපි ගිහී කාමභොගිනො”ති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණෝ දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළ ගැසීම ද කෙරෙත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ කාමභෝගී ගිහියන් මෙන් දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළ ගැසීම ද කොළෝ” දැ යි.

2. අස‍්සොසුං ඛො භික‍්ඛූ තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා -පෙ- තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “කථං හි නාම ඡබ‍්බග‍්ගියා භික‍්ඛූ උදකෙ උච‍්චාරම‍්පි පස‍්සාවම‍්පි ඛෙළම‍්පි කරිස‍්සන‍්තී”ති. -පෙ- සච‍්චං කිර තුම‍්හෙ භික‍්ඛවෙ උදකෙ උච‍්චාරම‍්පි පස‍්සාවම‍්පි ඛෙළම‍්පි කරොථාති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම තුම‍්හෙ මොඝපුරිසා උදකෙ උච‍්චාරම‍්පි පස‍්සාවම‍්පි ඛෙළම‍්පි කරිස‍්සථ. නෙතං මොඝපුරිසා අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්‍තතිශබ්දය) ඇසූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණෝ දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළ ගැසීම ද කොළෝ” දැ යි. ... සැබෑ ද මහණෙනි, තෙපි දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළ ගැසීම ද කරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළ ගැසීම ද කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:

න උදකෙ උච‍්චාරං වා පස‍්සාවං වා ඛෙළං වා කරිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළගැසීම හෝ නො කරන්නෙමි යි හික්මියැ යුතු” යි.

එවඤ‍්චිදං භගවතා භික‍්ඛූනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.

3. තෙන ඛො පන සමයෙන ගිලානා භික‍්ඛූ උදකෙ උච‍්චාරම‍්පි පස‍්සාවම‍්පි ඛෙළම‍්පි කාතුං කුක‍්කුච‍්චායන‍්ති. භගවතො එතමත්‍ථං ආරොචෙසුං. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි. “අනුජානාමි භික‍්ඛවෙ ගිලානෙන භික‍්ඛුනා උදකෙ උච‍්චාරම‍්පි පස‍්සාවම‍්පි ඛෙළම‍්පි කාතුං” එවඤ‍්ච පන භික‍්ඛවෙ ඉමං සික‍්ඛාපදං උද‍්දිසෙය්‍යාථ:

3. එසමයෙහි ගිලන් වූ මහණෝ දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළගැසීම ද කරන්නට කුකුසත්. භාග්‍යවතුන්හට තෙල කරුණ දැන්වූහු. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට භික්‍ෂූන් ඇමැතූසේකැ. “මහණෙනි, ගිලන් මහණහු විසින් දියෙහි මහදියටනු ද සුළුදියටනු ද කෙළගැසීම ද කරන්නට අනුදනිමි”. මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:

න උදකෙ අගිලානො උච‍්චාරං වා පස‍්සාවං වා ඛෙළං වා කරිස‍්සාමීති සික‍්ඛා කරණීයා’ති.

“නො ගිලන්වූයෙම් දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළ ගැසීම හෝ නො කරන්නෙමි යි හික්මියැ යුතු” යි.

4. න උදකෙ අගිලානෙන උච‍්චාරො වා පස‍්සාවො වා ඛෙළො වා කාතබ‍්බො. යො අනාදරියං පටිච‍්ච උදකෙ අගිලානො උච‍්චාරං වා පස‍්සාවං වා ඛෙළං වා කරොති ආපත‍්ති දුක‍්කටස‍්ස.

4. නො ගිලන්හු විසින් දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළ ගැසීම හෝ නො කළයුතු යි. යමෙක් අනාදරිය පිණිස නො ගිලන් වැ දියෙහි මහදියටනු හෝ සුළුදියටනු හෝ කෙළ ගැසීම හෝ කෙරේ නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච, අසතියා, අජානන‍්තස‍්ස, ගිලානස‍්ස, ථලෙ කතො උදකං ඔත්‍ථරති, ආපදාසු, උම‍්මත‍්තකස‍්ස, ඛිත‍්තචිත‍්තස‍්ස, වෙදනට‍්ටස‍්ස, ආදිකම‍්මිකස‍්සාති.

නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ගොඩබිමැ කරන ලද දැයෙක් ජලය වතුරුවා නම්, ඇවැත් නැත. ආපදායෙහි, උම්මත්තකයහට, ක්‍ෂිප්තචිත්තයහට, වේදනාර්‍තයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.

පණ‍්ණරසමසික‍්ඛාපදං.

පඤ්චදශ ශික්‍ෂාපද යි.

පාදුකවග‍්ගො සත‍්තමො.

සත්වන පාදුකාවර්‍ග යි.

උද‍්දානං:

උද්දානය:

‘පරිමණ‍්ඩලං පටිච‍්ඡන‍්නං සුසංවුතොක‍්ඛිත‍්තචක‍්ඛුනා උක‍්ඛිත‍්තුජ‍්ජග‍්ඝිකප‍්පසද‍්දො තයො චෙව පචාලනා

පරිමණ්ඩල යැ සුපටිච්ඡන්න යැ සුසංවුත යැ ඔක්ඛිත්තචක්ඛුසිඛය සමග උක්ඛිත්තකාය යැ උජ්ජග්ඝිකාය යැ අප්පසද්‍ද යැ කායප්පචාලක - බාහුප්පචාලක - සීසප්පචාලක යන තිදෙන ද,

ඛම‍්හ ඔගුණ‍්ඨිතා චෙව කුටිපල‍්ලත්‍ථිකාය ච, සක‍්කච‍්චං පත‍්තසඤ‍්ඤී ච සමසූපසමතිත‍්තිකං.

ඛම්භකත යැ ඔගුණ්ඨිත යැ උක්කුටිකාය යැ පල්ලත්‍ථිකාය සිඛය සමග සක්කච්ච යැ පත්තසඤ්ඤි යැ සමසූපක යැ සමතිත්තිකය ද,

සක‍්කච‍්චං පත‍්තයසඤ‍්ඤි ච සපදාන සමසූපකං, ථූපතො ච පටිච‍්ඡන‍්නං විඤ‍්ඤත‍්තුජ‍්ඣානසඤ‍්ඤිනා.

සක්කච්ච යැ පත්තසඤ්ඤ යැ සපදාන යැ සමසූපක යැ ථූපතෝ සිඛය ද පටිච්ඡන්න යැ උජ්ඣානසඤ්ඤිසිඛය සමග විඤ්ඤත්තිය ද.

න මහන‍්තං මණ‍්ඩලං ද‍්වාරං සබ‍්බං හත්‍ථං න බ්‍යාහරරෙ, උක‍්ඛෙපො ඡෙදනං ගණ‍්ඩං ධුනං සිත්‍ථාවකාරකං.

නාතිමහන්ත යැ පරිමණ්ඩල යැ මුඛද්වාරය යැ සබ්බහත්‍ථ යැ බ්‍යාහරණ යැ පිණ්ඩුකෙඛපක යැ කබලාවච්ඡේදක යැ අවගණ්ඩකාරක යැ හත්‍ථනිද්ධුක යැ සිත්‍ථාවකාරක ය ද,

ජිව‍්හානිච‍්ඡාරකං චෙව වපුස‍්සුරු සුරෙන ච, හත්‍ථො පත‍්තො ච ඔට‍්ඨො ච සාමිසඤ‍්ච සසිත්‍ථකං.

ජිව්හානිච්ඡාරක යැ චපුචපුකාරක යැ සුරුසුරුකාරකය සමග හත්‍ථනිල්ලෙහක යැ පත්තිනිල්ලෙහක යැ ඔට්ඨනිල්ලෙහක යැ සාමිස යැ සසිත්‍ථකය ද,

ඡත‍්තපාණිස‍්ස සද‍්ධම‍්මං න දෙසෙන‍්ති තථාගතා, ඉච‍්චෙව දණ‍්ඩපාණිස‍්ස සත්‍ථආයුධපාණිනං.

තථාගතවරයෝ ඡත්තපාණියහට සදහම් නො දෙසත්, දණ්ඩපාණිහට ද සත්‍ථපාණිහට ද ආයුධපාණිහට ද මෙසෙයින් මැ නො දෙසත්,

පාදුකොපාහනා චෙව යානා සෙය්‍යගතස‍්ස ච, පල‍්ලත්‍ථිකා නිසින‍්නස‍්ස වෙඨිතොගුණ‍්ඨිතස‍්ස ච

පාදුකා - උපාහනාරූඪයහට ද යාන - සයනගතයහට ද පල්ලත්‍ථිකා නිසින්නයහට ද වෙඨිත - ඔගුණ්ඨිතසීසයහට ද නො දෙසත්.

ඡමා නීචාසනෙ ඨානං පච‍්ඡතො උප‍්පථෙන ච. ඨිතකෙන න කාතබ‍්බං හරිතෙ උදකම‍්හි චාති.

බිමැ හා මිටිඅස්නෙහි හුන්නහු විසින් ද සිටියහු විසින් ද පසු වැ යන්නහු විසින් ද නො මගින් යන්නහු විසින් ද දහම් නො දෙසිය යුතු යැ. නිල්තණ ආදියෙහි හා දියෙහි (මළ මූ ඈ) නො කළ යුතු යි.

තෙසං වග‍්ගානං උද‍්දානං:

ඒ වර්‍ගයන්ගේ උද්දානය:

පරිමණ‍්ඩලං උජ‍්ජගසි ඛම‍්භං සක‍්කච‍්චමෙව ච, කබළාසුරු සුරූ චෙව පාදුකෙන ච සත‍්තමාති.

පරිමණ්ඩල යැ උජ්ජග්ඝික යැ ඛම්භකත යැ සක්කචච්ච යැ කබළ යැ සුරුසුරු යැ සත්වන පාදුකාවර්‍ගයෙන් දැ යි.

පඤ‍්ඤත‍්තා අතිදෙවෙන ගොතමෙන යස‍්සසිනා, සාවකෙ සික‍්ඛනත්‍ථාය පඤ‍්චසත‍්තති සෙඛියාති.

අතිදේව වූ ගෞතම යශස්වීන් විසින් ශ්‍රාවකයන් හික්මවනු පිණිස පන්සැත්තෑ සේඛිය ධර්‍මයෝ පනවන ලදහු යි.

උද‍්දිට‍්ඨා ඛො ආයස‍්මන‍්තො සෙඛියා ධම‍්මා. තත්‍ථායස‍්මන‍්තෙ පුච‍්ඡාමි කච‍්චිත්‍ථ පරිසුද‍්ධා. දුතියම‍්පි පුච‍්ඡාමි කච‍්චිත්‍ථ පරිසුද‍්ධා. තතියම‍්පි පුච‍්ඡාමි කච‍්චිත්‍ථ පරිසුද‍්ධා. පරිසුද‍්ධෙත්‍ථායස‍්මන‍්තො තස‍්මා තුණ‍්හී එවමෙතං ධාරයාමීති.

ආයුෂ්මත්නි, සේඛියා ධර්‍මයෝ උදෙසන ලදහු. එහි ලා ආයුෂ්මතුන් පුලුවුස්මි, කීම පිරිසුදුවහු ද? දෙවනවට දු පුලුවුස්මි, කීම පිරිසුදුවහු ද? තෙවනවට දු පුලුවුස්මි, කිම පිරිසිදුවහු ද? මෙහි ලා ආයුෂ්මත්හු පිරිසුදුහ. එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි.

සෙඛියා.

සේඛියධර්‍මයෝ යි.

ඉමෙ ඛො පනායස‍්මන‍්තො සත‍්ත අධිකරණසමථා ධම‍්මා උද‍්දෙසං ආගච‍්ඡන‍්ති.

ආයුෂ්මත්නි, මේ සප්ත අධිකරණශමථධර්‍මයෝ උදෙසීමට පැමිණෙත්.

1. උප‍්පන‍්නුප‍්පන‍්නානං අධිකරණානං සමථාය වූපසමාය සම‍්මුඛාවිනයො දාතබ‍්බො, සතිවිනයො දාතබ‍්බො, අමූළ‍්හවිනයො දාතබ‍්බො, පටිඤ‍්ඤාය කාරෙතබ‍්බං, යෙභුය්‍යසිකා, තස‍්සපාපිය්‍යසිකා, තිණවත්‍ථාරකොති.

1. උපනුපන් (විවාදාදි) අධිකරණයන්ගේ ශමනය පිණිස ව්‍යුපශමය පිණිස සම්මුඛාවිනය දියයුත්තේ යැ, සතිවිනය දියයුත්තේ යැ, අමූළ්හවිනය දියයුත්තේ යැ, ප්‍රතිඥායෙන් කැරැවිය යුතු යැ, යේභුය්‍යසිකා යැ, තස්සපාපිය්‍යසිකා යැ, තිණවත්‍ථාරක යි.

2. උද‍්දිට‍්ඨා ඛො ආයස‍්මන‍්තො සත‍්ත අධිකරණසමථා ධම‍්මා. තත්‍ථායස‍්මන‍්තෙ පුච‍්ඡාමි කච‍්චිත්‍ථ පරිසුද‍්ධා. දුතියම‍්පි පුච‍්ඡාමි කච‍්චිත්‍ථ පරිසුද‍්ධා. තතියම‍්පි පුච‍්ඡාමි කච‍්චිත්‍ථ පරිසුද‍්ධා. පරිසුද‍්ධෙත්‍ථායස‍්මන‍්තො තස‍්මා තුණ‍්හී එවමෙතං ධාරයාමීති.

2. ආයුෂ්මත්නි, සප්ත අධිකරණශමථධර්‍මයෝ උදෙසන ලදහ. එහි ලා ආයුෂ්මතුන් පුලුවුස්මි, කිම පිරිසුදුවහු ද? දෙවනවටදු පුලුවුස්මි, කිම පිරිසුදුවහු ද? තෙවනවටදු පුලුවුස්මි, කිම පිරිසුදුවහු ද? මෙහි ලා ආයුෂ්මත්හු පිරිසුදුහ. එහෙයින් නිහඬයහ. මෙසේ මෙය දරමි.

අධිකරණසමථා.

අධිකරණශමථයෝ යි.

3. උද‍්දිට‍්ඨං ඛො ආයස‍්මන‍්තො නිදානං, උද‍්දිට‍්ඨා චත‍්තාරො පාරාජිකා ධම‍්මා. උද‍්දිට‍්ඨා තෙරස සඞ‍්ඝාදිසෙසා ධම‍්මා. උද‍්දිට‍්ඨා ද‍්වෙ අනියතා ධම‍්මා. උද‍්දිට‍්ඨා තිංස නිස‍්සග‍්ගියා පාචිත‍්තියා ධම‍්මා. උද‍්දිට‍්ඨා ද‍්වෙ නවුති පාචිත‍්තියා ධම‍්මා. උද‍්දිට‍්ඨා චත‍්තාරො පාටිදෙසනීයා ධම‍්මා. උද‍්දිට‍්ඨා සෙඛියා ධම‍්මා. උද‍්දිට‍්ඨා සත‍්ත අධිකරණසමථා ධම‍්මා. එත‍්තකං තස‍්ස භගවතො සුත‍්තාගතං සුත‍්තපරියාපන‍්නං අන්‍වද‍්ධමාසං උද‍්දෙසං ආගච‍්ඡති, තත්‍ථ සබ‍්බෙහෙව සමග‍්ගෙහි සම‍්මොදමානෙහි අවිවදමානෙහි සික‍්ඛිතබ‍්බන‍්ති.

3. ආයුෂ්මත්නි, නිදානය උදෙසන ලදී. සතර පාරාජිකධර්‍මයෝ උදෙසන ලදහ, තෙළෙස් සඞ්‍ඝාදිසේස ධර්‍මයෝ උදෙසන ලදහ. දෙ අනියත ධර්‍මයෝ උදෙසන ලදහ. තිස් නිස්සග්ගියපාචිත්තිය ධර්‍මයෝ උදෙසන ලදහ. දෙඅනූ පාචිත්තිය ධර්‍මයෝ උදෙසන ලදහ. සතර පාටිදේසනීය ධර්‍මයෝ උදෙසන ලදහ. සේඛිය ධර්‍මයෝ උදෙසන ලදහ. සප්ත අධිකරණසමථ ධර්‍මයෝ උදෙසන ලදහ. ඒ භාග්‍යවතුන්ගේ සූත්‍රසංඛ්‍යාත භික්‍ෂුවිභඞ්ගයෙහි ආවා වූ භික්‍ෂුවිභඞ්ගයට ඇතුළත් වූ මෙතෙක් (සිඛ) අඩමසක් පාසා උදෙසීමට පැමිණෙයි. සමග වූ සතුටු වන විවාද නො කරන හැමදෙනා විසින් මැ එහි ලා හික්මියැ යුතු යි.

භික‍්ඛුවිභඞ‍්ගො නිට‍්ඨිතො.

භික්ඛුවිභඞ්ය නිමියේ යි.