යෙදුමෙන් කියවන්න

පඨමපාරාජිකං

1. 1.

1. 1.

පඨමපාරාජිකං

පළමුවන පරිජිය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සාළ‍්හො මිගාරනත‍්තා භික‍්ඛුනිසඞ‍්ඝස‍්ස විහාරං කත‍්තුකාමො හොති. අථ ඛො සාළ‍්හො මිගාරනත‍්තා භික‍්ඛුනියො උපසඞ‍්කමිත්‍වා එතදවොච: ඉච‍්ඡාමහං අය්‍යෙ භික‍්ඛුනීසඞ‍්ඝස‍්ස විහාරං කාතුං, දෙථ මෙ නවකම‍්මිකං භික‍්ඛුනින‍්ති. තෙන ඛො පන සමයෙන චතස‍්සො භගිනියො භික‍්ඛුනීසු පබ‍්බජිතා හොන‍්ති නන්‍දා නන්‍දවතී සුන්‍දරීනන්‍දා ථුල‍්ලනන්‍දාති. තාසු සුන්‍දරීනන්‍දා භික‍්ඛුනී තරුණපබ‍්බජිතා හොති, අභිරූපා දස‍්සනීයා පාසාදිකා පණ‍්ඩිතා ව්‍යත‍්තා මෙධාවිනී දක‍්ඛා අනලසා, තත්‍රූපායාය වීමංසාය සමන‍්නාගතා අලං කාතුං අලං සංවිධාතුං. අථ ඛො භික‍්ඛුනිසඞ‍්ඝො සුන්‍දරීනන්‍දං භික‍්ඛුනිං සම‍්මන‍්නිත්‍වා සාළ‍්හස‍්ස මිගාරනත‍්තුනො නවකම‍්මිකං අදාසි. තෙන ඛො පන සමයෙන සුන්‍දරීනන්‍දා භික‍්ඛුනී සාළ‍්හස‍්ස මිගාරනත‍්තුනො නිවෙසනං අභික‍්ඛණං ගච‍්ඡති. වාසිං දෙථ ඵරසුං දෙථ කුඨාරිං දෙථ කුද‍්දාලං, දෙථ නිඛාදනං දෙථාති. සාළ‍්හොපි මිගාරනත‍්තා භික‍්ඛුනූපස‍්සයං අභික‍්ඛණං ගච‍්ඡති කතාකතං ජානිතුං. තෙ අභිණ‍්හදස‍්සනෙන පටිබද‍්ධචිත‍්තා අහෙසුං. අථ ඛො සාළ‍්හො මිගාරනත‍්තා සුන්‍දරීනන්‍දං භික‍්ඛුනිං දූසෙතුං ඔකාසං අලභමානො එතදෙවත්‍ථාය භික‍්ඛුනිසඞ‍්ඝස‍්ස භත‍්තං අකාසි. අථ ඛො සාළ‍්හො මිගාරනත‍්තා භත‍්තග‍්ගෙ ආසනං පඤ‍්ඤපෙන‍්තො එත‍්තිකා භික‍්ඛුනියො අය්‍යාය සුන්‍දරීනන්‍දාය බුඩ‍්ඪතරාති එකමන‍්තං ආසනං පඤ‍්ඤාපෙසි, එත‍්තිකා නවකතරාති එකමන‍්තං ආසනං පඤ‍්ඤාපෙසි, පටිච‍්ඡන‍්නෙ ඔකාසෙ නිකූටෙ සුන්‍දරීනන්‍දාය භික‍්ඛුනියා ආසනං පඤ‍්ඤාපෙසි. යථා ථෙරා භික‍්ඛුනියො ජානෙය්‍යුං නවකානං භික‍්ඛුනීනං සන‍්තිකෙ නිසින‍්නාති, නවකාපි භික‍්ඛුනියො ජානෙය්‍යුං ථෙරානං භික‍්ඛුනීනං සන‍්තිකෙ නිසින‍්නාති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවරැ අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙරෙහි වැඩැවසන සේකැ. එසමයෙහි සාළ්හ මිගාරනප්තෘ තෙමේ භික්‍ෂුණීසඞ්ඝයාහට වෙහෙරක් කරනු කැමැත්තේ වෙයි. එකල්හි සාළ්හ මිගාරනප්තෘ තෙමේ මෙහෙණන් වෙත එළැඹැ තෙල කී යැ. “ආර්‍ය්‍යාවෙනි, මම භික්‍ෂුණී සඞ්ඝයාහට වෙහෙරක් කරනු කැමැත්තෙමි, මාහට නවකම් විදහන මෙහෙණක දෙනුමැනැව’ යි. එසමයෙහි වනාහි නන්‍දා යැ නන්‍දවතී යැ සුන්‍දරීනන්‍දා යැ ථුල්ලනන්‍දා යැ යි සතර බුහුන කෙනෙක් මෙහෙණන් කෙරෙහි පැවිදි වූවාහු වෙති. ඔවුනතුරෙන් සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ තුරුණුවියෙහි පැවිදිවූවා වෙයි. විශිෂ්ට රූ ඇත්තී දැකුම්කලු වූවා පැහැදුම් එළවන්නී පණ්ඩිත වූවා ව්‍යක්ත වූවා නුවණැති වූවා දක්‍ෂ වූවා අනලස් වූවා වෙයි. ඒ ඒ කර්‍මවිෂයෙහි උපාය වූ කළයුතු කම්හි විමසුම් නුවණින් යුතු වූවා ඒ ඒ කර්‍ම කරන්නට ද සංවිධාන කරන්නට ද සමර්‍ත්‍ථ වූවා වෙයි. ඉක්බිති භික්‍ෂුණීසඞ්ඝ තෙමේ සුන්‍දරීනන්‍දා භික්‍ෂුණිය සම්මත කොට සාළ්හ මිගාරනප්තෘ හට නවකැමියක කොට දුන්නේ යැ. එසමයෙහි වනාහි සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ සාළ්හ මිගාරනප්තෘහුගේ නිවෙසට නිතර නිතර යයි. ‘වෑයක් දෙව, පොරොවක් දෙව, කෙටේරියක් දෙව, උදැල්ලක් දෙව, නියනක් දෙව’ යි, සාළ්හ මිගාරනප්තෘ තෙමේත් කළදැය නො කළ දැය දැනගන්නට මෙහෙණවරට නිතර නිතර යයි. ඔහු දෙදෙන නිතර නිතර දැක්මෙන් පිළිබඳ සිත් ඇතියෝ වූහු. එකල්හි සාළ්හ මිගාරනප්තෘ තෙමේ සුන්‍දරීනන්‍දා භික්‍ෂුණිය දූෂණය කරන්නට අවසරයක් නො ලබන්නේ තෙල කරුණ මැ සඳහා භික්‍ෂුණීසඞ්ඝයාට බතක් (පිළියෙළ) කෙළේ යැ. එකල්හි සාළ්හ මිගාරනප්තෘ තෙමේ භක්තාග්‍රයෙහි අසුන් පනවන්නේ මෙතෙක් භික්‍ෂුණීහු ආර්‍ය්‍යා සුන්‍දරීනන්‍දාවට වැඩිමහලු හයි එකත්පසෙකැ අසුන් පැනැවීයැ. මෙතෙක් දෙනා නවක තරහයි එකත්පසෙකැ අසුන් පැනැවී යැ. ස්ථවිර භික්‍ෂුණීහු (ඕතොමෝ) නවක භික්‍ෂුණීන්ගේ සමීපයෙහි හිනැයි යම්සේ දන්නාහු නම් නවක භික්‍ෂුණී හුදු (ඕතොමෝ) ස්ථවිර භික්‍ෂුණීන්ගේ සමීපයෙහි හිනැයි යම්සේ දන්නාහු නම් එසේ සුන්‍දරීනන්‍දා මෙහෙණහට පිළිසන් අගුකොන් පෙදෙසෙකැ අසුනක් පැනවී යැ.

2. අථ ඛො සාළ‍්හො මිගාරනත‍්තා භික‍්ඛුනිසඞ‍්ඝස‍්ස කාලං ආරොචාපෙසි, කාලො අය්‍යෙ නිට‍්ඨිතං භත‍්තන‍්ති. සුන්‍දරීනන්‍දා භික‍්ඛුනී සල‍්ලක‍්ඛෙත්‍වා න බහුකතො සාළ‍්හො මිගාරනත‍්තා භික‍්ඛුනිසඞ‍්ඝස‍්ස භත‍්තං අකාසි. මං සො දූසෙතුකාමො, සචාහං ගමිස‍්සාමි විස‍්සරො මෙ භවිස‍්සතීති අන‍්තෙවාසිනිං භික‍්ඛුනිං ආණාපෙසි, ගච‍්ඡ මෙ පිණ‍්ඩපාතං නීහර, යො ච මං පුච‍්ඡති, ගිලානාති පටිවෙදෙහීති. එවං අය්‍යෙති ඛො සා භික‍්ඛුනී සුන්‍දරීනන්‍දාය භික‍්ඛුනියා පච‍්චස‍්සොසි.

2. ඉක්බිති සාළ්හ මිගාරනප්තෘ තෙමේ “ආර්‍ය්‍යාවෙනි, බත (පිළියෙළ කොට) නිමවන ලදී, (එයට) සුදුසු කලැ’යි භික්‍ෂුණී සඞ්ඝයාහ කල් දැන්වීයැ. සුන්‍දරීනන්‍දා භික්‍ෂුණි තොමෝ (නුවණින්) සලකා “සාළ්හ මිගාරනප්තෘ තෙමේ කළ බුහුමන් ඇතියේ භික්‍ෂුණී සඞ්ඝයාහට බත පිළියෙළ නො කෙළේ යැ. හේ මා දූෂණය කරනු කැමැත්තේ වෙයි. ඉදින් මම යන්නෙම් නම් මාගේ විප්‍රකාර ශබ්දය වන්නේ” යි අතැවැසි මෙහෙණකට ඇණවූයැ: යා, මා හට පිණ්ඩපාතය ගෙනැ එව, යමෙකුත් මා ගැන පිළිවිසී නම් ගිලනැයි (ඔහුට) දන්වාලව යි. එසේ යැ ආර්‍ය්‍යාවෙනි යි ඒ මෙහෙණ සුන්‍දරීනන්‍දා මෙහෙණට පිළිවදන් දුන්නා යැ.

3. තෙන ඛො පන සමයෙන සාළ‍්හො මිගාරනත‍්තා බහිද‍්වාරකොට‍්ඨකෙ ඨිතො හොති සුන්‍දරීනන්‍දං භික‍්ඛුනිං පටිපුච‍්ඡන‍්තො “කහං අය්‍යෙ අය්‍යා සුන්‍දරීනන්‍දා”ති. කහං අය්‍යෙ අය්‍යා සුන්‍දරීනන්‍දා”ති එවං වුත‍්තෙ සුන්‍දරීනන්‍දාය භික‍්ඛුනියා අන‍්තෙවාසිනී භික‍්ඛුනී සාළ‍්හං මිගාරනත‍්තාරං එතදවොච ගිලානා ආවුසො පිණ‍්ඩපාතං නීහරිස‍්සාමීති. අථ ඛො සාළ‍්හො මිගාරනත‍්තා යම‍්පාහං අත්‍ථාය භික‍්ඛුනීසඞ‍්ඝස‍්ස භත‍්තං අකාසිං, අය්‍යාය සුන්‍දරීනන්‍දාය කාරණාති. මනුස‍්සෙ ආණාපෙත්‍වා භික‍්ඛුනීසඞ‍්ඝං භත‍්තෙන පරිවිසථාති වත්‍වා යෙන භික‍්ඛුනූපස‍්සයො තෙනුපසඞ‍්කමි.

3. එසමයෙහි සාළ්හ මිගාරනප්තෘ තෙමේ බිහිදොර කොටුයෙහි සුන්‍දරීනන්‍දා මෙහෙණ පිළිවිසිමින් සිටියේ වෙයි: “ආර්‍ය්‍යාවෙනි, ආර්‍ය්‍යා සුන්‍දරීනන්‍දා කොහි ද? ආර්‍ය්‍යාවෙනි, ආර්‍ය්‍යා සුන්‍දරීනන්‍දා කොහි” දැයි. මෙසේ කී කල්හි සුන්‍දරීනන්‍දා මෙහෙණගේ අතැවැසි මෙහෙණ තොමෝ සාළ්හ මිගාරනප්තෘහට තෙල කිවු යැ: “ඇවැත, ගිලන් යැ පිණ්ඩපාතය ගෙන යන්නෙමි’ යි. එකල්හි සාළ්හ මිගාරනප්තෘ තෙමේ යමක සඳහා මම මෙහෙණසඟනට බත (පිළියෙළ) කෙළෙම් ද (ඒ) සුන්‍දරීනන්‍දා ආර්‍ය්‍යාව සඳහා යී මිනිසුන් අණවා බතින් මෙහෙණසඟන වළඳවවු’ යි කියා මෙහෙණවර වෙතැ එළැඹියේ යැ.

4. තෙන ඛො පන සමයෙන සුන්‍දරීනන්‍දා භික‍්ඛුනී බහාරාමකොට‍්ඨකෙ ඨිතා හොති සාළ‍්හං මිගාරනත‍්තාරං පතිමානෙන‍්තී, අද‍්දසා ඛො සුන්‍දරීනන්‍දා භික‍්ඛුනී සාළ‍්හං මිගාරනත‍්තාරං දූරතොව ආගච‍්ඡන‍්තං දිස‍්වාන උපස‍්සයං පවිසිත්‍වා සසීසං පාරුපිත්‍වා මඤ‍්චකෙ නිපජ‍්ජි. අථ ඛො සාළ‍්හො මිගාරනත‍්තා යෙන සුන්‍දරීනන්‍දා භික‍්ඛුනී තෙනුපසඞ‍්කමි, උපසඞ‍්කමිත්‍වා සුන්‍දරීනන්‍දං භික‍්ඛුනිං එතදවොච: කින‍්තෙ අය්‍යෙ අඵාසු කිස‍්ස නිපන‍්නාසීති. එවඤ‍්හෙතං ආවුසො හොති යා අනිච‍්ඡන‍්තං ඉච‍්ඡතීති. ක්‍යාහං තං අය්‍යෙ න ඉච‍්ඡිස‍්සාමි. අපිචාහං ඔකාසං න ලභාමි තං දූසෙතුන‍්ති. අවස‍්සුතො අවස‍්සුතාය සුන්‍දරීනන්‍දාය භික‍්ඛුනියා කායසංසග‍්ගං සමාපජ‍්ජි.

4. එසමයෙහි සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ සාළ්හ මිගාරනප්තෘහු බලාපොරොත්තු වන්නී අරමැ පවුරෙන් පිටතැ සිටියා වෙයි. සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ සාළ්හ මිගාරනප්තෘහු එන්නහු දුර දී මැ දැකැ මෙහෙණවරට පිවිස හිස සහිත වැ පෙරෙවැ ඇඳෙහි හොත්තා යැ. එකල්හි සාළ්හ මිගාරනප්තෘ තෙමේ සුන්‍දරීනන්‍දා මෙහෙණ වෙතැ එළඹියේ යැ. එළැඹ සුන්‍දරීනන්‍දා මෙහෙණට තෙල කී යැ: “ආර්‍ය්‍යාවෙනි, ඔබට අපහසු කිමැ, කුමට හෝ වී” දැයි. ඇවැත්නි, තෙල නො රිසියකු කැමැති වන්නකුට සේ යැයි, ආර්‍ය්‍යාවෙනි, කිම මම තොප නො කැමැතියෙම් ද? වැළිදු මම දූෂණයට අවකාශ නො ලබමි යි කා සසඟරායෙන් තෙත් වූයේ කා සසඟරායෙන් තෙත්වූ සුන්‍දරීනන්‍දා මෙහෙණ හා කායසංසර්‍ගයට පැමිණියේ යි.

5. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරා භික‍්ඛුනී ජරාදුබ‍්බලා චරණගිලානා සුන්‍දරීනන්‍දාය භික‍්ඛුනියා අවිදූරෙ නිසින‍්නා හොති. අද‍්දසා ඛො සා භික‍්ඛුනී සාළ‍්හං මිගාරනත‍්තාරං අවස‍්සුතං අවස‍්සුතාය සුන්‍දරීනන්‍දාය භික‍්ඛුනියා කායසංසග‍්ගං සමාපජ‍්ජන‍්තං, දිස‍්වාන උජ‍්ඣායති ඛිය්‍යති විපාචෙති: “කථං හි නාම අය්‍යා සුන්‍දරීනන්‍දා අවස‍්සුතා අවස‍්සුතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස කායසංසග‍්ගං සාදියිස‍්සතීති.

5. එසමයෙහි එක්තරා මෙහෙණක් ජරායෙන් දුබලවූවා ගිලන්පා ඇතියා සුන්‍දරීනන්‍දා මෙහෙණට නුදුරුතන්හි උන්නා වෙයි. ඒ මෙහෙණ රාගයෙන් තෙත් වූ සාළ්හ මිගාරනප්තෘහු රාගයෙන් තෙත් වූ සුන්‍දරීනන්‍දා මෙහෙණ හා කායසංසර්‍ගයට සමවදනහු දුටුවා යැ. දැකැ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි “කෙසේ නම් රාගයෙන් තෙත්වූ සුන්‍දරීනන්‍දා ආර්‍ය්‍යා තොමෝ රාගයෙන් තෙත් වූ පිරිම්නියක්හුගේ කායසංසර්‍ගය ඉවසූ” දැයි.

6. අථ ඛො සා භික‍්ඛුනී භික‍්ඛුනීනං එතමත්‍ථං ආරොචෙසි: යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා සන‍්තුට‍්ඨා ලජ‍්ජිනියො කුක‍්කුච‍්චිකා සික‍්ඛාකාමා තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති. “කථං හි නාම අය්‍යා සුන්‍දරීනන්‍දා අවස‍්සුතා අවස‍්සුතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස කායසංසග‍්ගං සාදියිස‍්සතී”ති අථ ඛො තා භික‍්ඛුනියො භික‍්ඛූනං එතමත්‍ථං ආරොචෙසුං. යෙ තෙ භික‍්ඛූ අප‍්පිච‍්ඡා සන‍්තුට‍්ඨා ලජ‍්ජිනො කුක‍්කුච‍්චකා සික‍්ඛාකාමා තෙ උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම සුන්‍දරීනන්‍දා භික‍්ඛුනී අවස‍්සුතා අවස‍්සුතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස කායසංසග‍්ගං සාදියිස‍්සතී”ති. අථ ඛො තෙ භික‍්ඛූ භගවතො එතමත්‍ථං ආරොචෙසුං.

6. ඉක්බිති ඒ මෙහෙණ මෙහෙණන්හට තෙල කරුණ දැන්වූ යැ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ සතොස් ගුණැති යෝ ලජ්ජනියෝ හටගත් කුකුස් ඇතියෝ ශික්‍ෂාකාමිනියෝ වෙද්ද ඔහු තුමූ ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවති: “කෙසේ නම් සුන්‍දරීනන්‍දා ආර්‍ය්‍යා තොමෝ රාගයෙන් තෙත්වූවා රාගයෙන් තෙත් වූ පිරිම්නියක්හුගේ කායසංසර්‍ගය ඉවසූ”දැයි. එකල්හි ඒ මෙහෙණෝ මහණුන් හට තෙල කරුණ දැන්වූහු. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවෝ සතොස් ගුණැතියෝ ලජ්ජා ඇතියෝ හටගත් කුකුස් ඇත්තෝ ශික්‍ෂාකාමීහු වෙද්ද, ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත් “කෙසේ නම් සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ රාගයෙන් තෙත්වූවා රාගයෙන් තෙත් වූ පිරිම්නියක්හුගේ කායසංසර්‍ගය ඉවසූ” දැයි. එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්හට තෙල කරුණ සැලකළහ.

7. අථ ඛො භගවා එතස‍්මිං නිදානෙ එතස‍්මිං පකරණෙ භික‍්ඛුසඞ‍්ඝං සන‍්නිපාතාපෙත්‍වා භික‍්ඛූ පටිපුච‍්ඡි: සච‍්චං කිර භික‍්ඛවෙ සුන්‍දරීනන්‍දා භික‍්ඛුනී අවස‍්සුතා අවස‍්සුතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස කායසංසග‍්ගං සාදියිතී. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා අනනුච‍්ඡවියං භික‍්ඛවෙ සුන්‍දරීනන්‍දාය භික‍්ඛුනියා අනනුලොමිකං අප‍්පතිරූපං අස‍්සාමණකං අකප‍්පියං අකරණීයං. “කථං හි නාම භික‍්ඛවෙ සුන්‍දරීනන්‍දා භික‍්ඛුනී අවස‍්සුතා අවස‍්සුතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස කායසංසග‍්ගං සාදියිස‍්සතීති නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය පසන‍්නානං වා භිය්‍යොභාවාය, අථඛ‍්වෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං චෙව අප‍්පසාදාය පසන‍්නානඤ‍්ච එකච‍්චානං අඤ‍්ඤථත‍්තායාති. අථ ඛො භගවා සුන්‍දරීනන්‍දං භික‍්ඛුනිං අනෙකපරියායෙන විගරහිත්‍වා දුභරතාය දුප‍්පොසතාය මහිච‍්ඡතාය අසන‍්තුට‍්ඨියා සඞ‍්ගණිකාය කොසජ‍්ජස‍්ස අවණ‍්ණං භාසිත්‍වා අනෙකපරියායෙන සුභරතාය සුප‍්පොසතාය අප‍්පිච‍්ඡස‍්ස සන‍්තුට‍්ඨස‍්ස සල‍්ලෙඛස‍්ස ධුතස‍්ස පාසාදිකස‍්ස අපචයස‍්ස වීරියාරම‍්භස‍්ස වණ‍්ණං භාසිත්‍වා භික‍්ඛූනං තදනුච‍්ඡවිකං තදනුලොමිකං ධම‍්මිං කථං කත්‍වා භික‍්ඛූ ආමන‍්තෙසි.

7. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙහි ලා භික්‍ෂු සඞ්ඝයා රැස්කරවා භික්‍ෂූන් පිළිවුසූ සේකැ සැබෑද මහණෙනි: සුන්‍දරීනන්‍දා මෙහෙණ රාගයෙන් තෙත් වූවා රාගයෙන් තෙත්වූ පිරිම්නියක්හුගේ කායසංසර්‍ගය ඉවසූ දැයි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ. මහණෙනි, සුන්‍දරීනන්‍දා මෙහෙණ විසින් කරන ලද්ද නො සුදුසු යැ, නො අනුලොම් යැ, නො නිසි යැ, නො මහණකම් යැ, නො කැප යැ, නො කළයුතු යැ. “කෙසේ නම් මහණෙනි රාගයෙන් තෙත් වූ සුන්‍දරීනන්‍දා මෙහෙණ රාගයෙන් තෙත්වූ පිරිම්නියක්හුගේ කායසංසර්‍ගය ඉවසූ” දැයි. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ ප්‍රසන්නයන්ගේ අතිරේක ප්‍රසාදය පිණිස හෝ නො වේ මැයි. මහණෙනි හුදෙක් මේ වනාහි අප්‍රසන්නයන්ගේ අප්‍රසාදය පිණිස ද ප්‍රසන්නයන් කෙරෙනුදු ඇතැම් කෙනෙකුන්ගේ වෙනස්බව පිණිස ද (කරුණු) වේ මැයි. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සුන්‍දරීනන්‍දා මෙහෙණට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව්හි දුපුස්නා බැව්හි මහත් ගිජුබැව්හි නො සතුටුබැව්හි මුළුබැඳගැනුම්හි අලසබැව්හි නුගුණ වදාරා නොයෙක් කරුණෙන් සුබරබැව්හි සුපුස්නා බැව්හි අපිස්බැව්හි සතුටුබැව්හි සලේපැවැතුම්හි කෙලෙස් කැපුම්හි පැහැදුම් එළවීමෙහි නිවනෙහි වැර ඇරඹුම්හි ගුණ වදාරා මහණුන්හට එයට සරිලන එයට අනුලොම්වන දැහැමි කථා කොට මහණුන් ඇමතූසේකැ:

8. තෙන හි භික‍්ඛවෙ භික‍්ඛුනීනං සික‍්ඛාපදං පඤ‍්ඤාපෙස‍්සාමි දස අත්‍ථවසෙ පටිච‍්ච: සඞ‍්ඝසුට‍්ඨුතාය සඞ‍්ඝඵාසුතාය දුම‍්මඞ‍්කූනං භික‍්ඛුනීනං නිග‍්ගහාය පෙසලානං භික‍්ඛුනීනං ඵාසුවිහාරාය දිට‍්ඨධම‍්මිකානං ආසවානං සංවරාය සම‍්පරායිකානං ආසවානං පටිඝාතාය අප‍්පසන‍්නානං පසාදාය පසන‍්නානං භිය්‍යොභාවාය සද‍්ධම‍්මට‍්ඨිතියා විනයානුග‍්ගහාය. එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු.

8. එහෙයින් මහණෙනි, මෙහෙණන්හට දසකරුණක් පිණිස සිකපද පනවන්නෙමි. සඟුන්ගේ මනා පිළිගැනුම, සඟුන්ගේ පහසු බව, දුසිල්පුඟුලනට නිගැන්ම, සුසිල් මහණුන්ගේ පහසු විසුම, මෙලෝ ගැහැට වළකාලීම, පරලෝ ගැහැට වැනසීම, නො පැහැදුනවුන්ගේ පැහැදීම, පැහැදුනවුන්ගේ අයිරා පැහැදීම, සසුන් පැවැත්ම, විනයට රුකුල්දීම පිණිස යැ. මහණෙනි, මෙසේත් මේ සිකපදය මෙහෙණෝ උදෙසත්වා:

යා පන භික‍්ඛුනී අවස‍්සුතා අවස‍්සුතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අධක‍්ඛකං උබ‍්භජාණුමණ‍්ඩලං ආමසනං වා පරාමසනං වා ගහණං වා ඡුපනං වා පටිපීළනං වා සාදියෙය්‍ය, අයම‍්පි පාරාජිකා හොති අසංවාසා, උබ‍්භජාණුමණ‍්ඩලිකාති.

යම් මෙහෙණක් රාගයෙන් තෙත්වූවා රාගයෙන් තෙත් වූ පිරිම්නියක්හුගේ අකුඇටයෙන් යටැ දණමඬලෙන් මතු ආමර්‍ශනය හෝ පරාමර්‍ශනය හෝ ග්‍රහණය හෝ ස්පර්‍ශමාත්‍රය හෝ ප්‍රතිපීඩනය හෝ ඉවසා නම් මෝ තොමෝත් පරිජිවූවා සහවාසයට නො නිසි වූවා වෙයි, උඛ්හජාණුමණ්ඩලිකා යැ.

9. යා පනාති: යා යාදිසා යථායුත‍්තා යථාජච‍්චා යථානාමා යථාගොත‍්තා යථාසීලා යථාවිහාරිනී යථාගොචරා ථෙරා වා නවා වා මජ‍්ඣිමා වා, එසා වුච‍්චති යා පනාති.

9. යා පන: යම් යම්බඳු, යම්බඳු යෙදීම් ඇති යම්බඳු ජාති ඇති යම්බඳු නම් ඇති යම්බඳු ගෝත්‍ර ඇති යම්බඳු සැහැවි ඇති යම්බඳු විහරණ ඇති යම්බඳු පැවැතුම් ඇති ස්ථවිර වූවක් හෝ නවක වූවක් හෝ මධ්‍යම වූවක් හෝ වෙයි නම්, මෝ තොමෝ යා පන යැයි කියනු ලැබේ.

භික‍්ඛුනීති: භික‍්ඛකාති භික‍්ඛුනී, භික‍්ඛාචරියං අජ‍්ඣූපගතාති භික‍්ඛුනී භින‍්නපටධරාති භික‍්ඛුනී සමඤ‍්ඤාය භික‍්ඛුනී පටිඤ‍්ඤාය භික‍්ඛුනී එහිභික‍්ඛුනීති භික‍්ඛුනී තීහි සරණගමනෙහි උපසම‍්පන‍්නාති භික‍්ඛුනී භද්‍රා භික‍්ඛුනී සාරා භික‍්ඛුනී සෙඛා භික‍්ඛුනී අසෙඛා භික‍්ඛුනී සමග‍්ගෙන උභතොසඞ‍්ඝෙන ඤත‍්තිචතුත්‍ථෙන කම‍්මෙන අකුප‍්පෙන ඨානාරහෙන උපසම‍්පන‍්නාති භික‍්ඛුනී, තත්‍ර යායං භික‍්ඛුනී සමග‍්ගෙන උභතොසඞ‍්ඝෙන ඤත‍්තිචතුත්‍ථෙන කම‍්මෙන අකුප‍්පෙන ඨානාරහෙන උපසම‍්පන‍්නා අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

භික්ඛුනී: සිඟානුයි භික්ඛුනී යැ, පිඬු සිඟා පැමිණියා නුයි භික්ඛුනී යැ, බුන් පිළි දරානුයි භික්ඛුනී යැ, බැවහරයෙන් භික්ඛුනී යැ, පිළින කිරීමෙන් භික්ඛුනී යැ, එව මෙහෙණැයි භික්ඛුනී යැ, තුන් සරණ ගමනින් උපසපන්වූවා නුයි භික්ඛුනී යැ. (ශීලාදීන්) භද්‍ර වූවා නුයි භික්ඛුනී යැ, (ශීලාදීන්) සාරවූවා නුයි භික්ඛුනී යැ, හික්මෙනුයි භික්ඛුනී යැ. (මත්තෙහි හික්මිය යුත්තක් නැතිවන බැවින්) අශෛක්‍ෂ වූවා නුයි භික්ඛුනී යැ, සමග වූ දෙ සඟුන් විසින් අකෝප්‍ය වූ ශාස්තෘශාසනාර්‍හ වූ ඥප්තිචතුර්‍ත්‍ථ කර්‍මයෙන් උපසපන් කරන ලද නුයි භික්ඛුනී යැ, එහි යම් මේ මෙහෙණක් සමග වූ දෙසඟුන් විසින් අකෝප්‍ය වූ ශාස්තෘශාසනාර්‍හ වූ ඥප්ති චතුර්‍ත්‍ථකර්‍මයෙන් උපසපන් කරන ලද නම් මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස්කරන ලද භික්‍ෂුණි යි.

අවස‍්සුතා නාම: සාරත‍්තා අපෙක‍්ඛවතී පටිබද‍්ධචිත‍්තා.

අවස්සුතා නම්: (කායසංසර්‍ගරාගයෙන්) මොනොවට රත්වූ (පිරිම්නියක් හු කෙරෙහි) අපේක්‍ෂායෙන් යුක්ත වූ පිළිබඳ සිත් ඇත්තී යැ.

අවස‍්සුතො නාම: සාරත‍්තො අපෙක‍්ඛවා පටිබද‍්ධචිත‍්තො.

අවස්සුත නම්: (කායසංසර්‍ගරාගයෙන්) මොනොවට රත්වූ (මාගමකකෙරෙහි) අපේක්‍ෂායෙන් යුක්ත වූ පිළිබඳ සිත් ඇත්තේ යැ.

පුරිසපුග‍්ගලො නාම: මනුස‍්සපුරිසො, න යක‍්ඛො න පෙතො න තිරච‍්ඡානගතො විඤ‍්ඤූ පටිබලො කායසංසග‍්ගං සමාපජ‍්ජිතුං.

පුරිසපුග්ගල නම්: මිනිස් පිරිම්නියෙකි, යකෙක් නො වෙයි, ප්‍රේතයෙක් නො වෙයි, තිරිසන්ගියෙක් නො වෙයි, කායසංසර්‍ගරාගයට පැමිණෙන්නට දැනුමැති ප්‍රතිබලයෙකි.

අධක‍්ඛකන‍්ති: හෙට‍්ඨක‍්ඛකං.

අධක්ඛකං: අකුඇටයෙන් යටැ.

උබ‍්භජාණුමණ‍්ඩලන‍්ති: උපරිජාණුමණ‍්ඩලං.

උබ්හජාණුමණ්ඩලං: දණමඬලෙන් මත්තෙහි.

ආමසනං නාම: ආමට‍්ඨමත‍්තං.

ආමසන නම්: පිරිමැදීම් පමණ යැ.

පරාමසනං නාම: ඉතොචිතො ච සඤ‍්චොපනං.

පරාමසන නම්: ඔබ මොබ පිරිමැදීම යැ.

ගහණං නාම: ගහිතමත‍්තං.

ගහණ නම් ගැනීම් පමණ යැ.

ඡුපනං නාම: ඵුට‍්ඨමත‍්තං.

ඡුපන නම්: පහැසීම් පමණ යැ.

පටිපීළනං වා සාදියෙය්‍යාති: අඞ‍්ගං ගහෙත්‍වා නිප‍්පීළනං සාදියති.

පතිපීළනං වා සාදිසෙය්‍ය: අවයවයක් ගෙන දැඩිවැ පෙළීම ඉවසයි.

අයම‍්පීති පුරිමායො උපාදාය වුච‍්චති.

අයම්පි: පළමු පරිජි වූ මෙහෙණන් ගෙනැ කියනු ලැබෙයි.

පාරාජිකා හොතීති: සෙය්‍යථාපි නාම පුරිසො සීසච‍්ඡින‍්නො අභබ‍්බො තෙන සරීරබන්‍ධනෙන ජීවිතුං, එවමෙව භික‍්ඛුනී අවස‍්සුතා අවස‍්සුතස‍්ස පුරිසපුග‍්ගලස‍්ස අධක‍්ඛකං උබ‍්භජාණුමණ‍්ඩලං ආමසනං වා පරාමසනං වා ගහණං වා ඡුපනං වා පටිපීළනං වා සාදියන‍්තී අස‍්සමණී හොති අසක්‍යධීතා. තෙන වුච‍්චති පාරාජිකා හොතීති.

පාරාජිකා හොති: යම්සේ හිස සුන් පුරුෂයෙක් ඒ සිරිරිබැම්මෙන් දිවිවටන්නට අභව්‍ය වේද, එසේ මැ රාගයෙන් තෙත් වූ මෙහෙණක් රාගයෙන් තෙත් වූ පිරිම්නියක්හුගේ අකුඇටෙන් යටැ දණමඬලෙන් මතු ආමර්‍ශනය හෝ පරාමර්‍ශනය හෝ ග්‍රහණය හෝ ස්පර්‍ශමාත්‍රය හෝ ප්‍රතිපීඩනය හෝ ඉවසන්නී නම් නො මෙහෙණක් වූවා නො සැහැදුවක් වූවා වෙයි. එහෙයින් පාරාජිකා හොති යැයි කියනු ලැබේ.

අසංවාසාති: සංවාසො නාම එකකම‍්මං එකුද‍්දෙසො සමසික‍්ඛතා එසො සංවාසො නාම. සො තාය සද‍්ධිං නත්‍ථි, තෙන වුච‍්චති අසංවාසාති.

අසංවාසා: සංවාස නම් එක්වැ විනයකර්‍ම කිරීම යැ, එක්වැ පාමොක් උදෙසීම යැ, සමසික ඇතිබව යි, තෙලෙ සංවාස නම් වේ. ඒ සංවාසය ඇය සමග නැති, එහෙයින් (ඕ) අසංවාසා යැයි කියනු ලැබේ.

උභතො අවස‍්සුතෙ අධක‍්ඛකං උබ‍්භජාණුමණ‍්ඩලං කායෙන කායං ආමසති ආපත‍්ති පාරාජිකස‍්ස. කායෙන කායපටිබද‍්ධං ආමසති ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. කායපටිබද‍්ධෙන කායං ආමසති ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. කායපටිබද‍්ධෙන කායපටිබද‍්ධං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. නිස‍්සග‍්ගියෙන කායං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. නිස‍්සග‍්ගියෙන කායපටිබද‍්ධං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. නිස‍්සග‍්ගියෙන නිස‍්සග‍්ගියං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. උබ‍්භක‍්ඛකං අධොජාණුමණ‍්ඩලං කායෙන කායං ආමසති ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. කායෙන කායපටිබද‍්ධං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. කායපටිබද‍්ධෙන කායං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. කායපටිබද‍්ධෙන කායපටිබද‍්ධං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. නිස‍්සග‍්ගියෙන කායං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. නිස‍්සග‍්ගියෙන කායපටිබද‍්ධං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. නිස‍්සග‍්ගියෙන නිස‍්සග‍්ගියං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස.

(මෙහෙණකගේ හා පිරිම්නියක්හුගේ) දෙදෙනාගේ රාගයෙන් තෙත් වූ බව ඇති කල්හි අකුඇටෙන් යටැ දණමඬලෙන් මතු කයින් කය පිරිමදී නම් පරිජි ඇවැත් වෙයි. කයින් කය පිළිබැඳියක් පිරිමදී නම් තුලැසි ඇවැත් වෙයි. කය පිළිබැඳියෙකින් කය පිරිමදී නම් තුලැසි ඇවැත් වෙයි. කය පිළිබැඳියෙකින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කයපිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් නිසැගියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, අකුඇටෙන් මතු දණමඬලෙන් යටැ කයින් කය පිරිමදී නම් තුලැසි ඇවැත් වෙයි. කයින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. කය පිළිබැඳියෙකින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. කය පිළිබැඳියෙකින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් නිසැගියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වේ.

එකතො අවස‍්සුතෙ අධක‍්ඛකං උබ‍්භජාණුමණ‍්ඩලං කායෙන කායං ආමසති ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. කායෙන කායපටිබද‍්ධං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. කායපටිබද‍්ධෙන කායං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. කායපටිබද‍්ධෙන කායපටිබද‍්ධං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. නිස‍්සග‍්ගියෙන කායං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. නිස‍්සග‍්ගියෙන කායපටිබද‍්ධං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. නිස‍්සග‍්ගියෙන නිස‍්සග‍්ගියං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. උබ‍්භක‍්ඛකං අධොජාණුමණ‍්ඩලං කායෙන කායං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. කායෙන කායපටිබද‍්ධං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. කායපටිබද‍්ධෙන කායං ආමසතිආපත‍්ති දුක‍්කටස‍්ස. කායපටිබද‍්ධෙන කායපටිබද‍්ධං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. නිස‍්සග‍්ගියෙන කායං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. නිස‍්සග‍්ගියෙන කායපටිබද‍්ධං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. නිස‍්සග‍්ගියෙන නිස‍්සග‍්ගියං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස.

එකක්හුගේ (මෙහෙණකගේ) රාගයෙන් තෙත් වූ බව ඇති කල්හි අකුඇටෙන් යටැ දණමඬලෙන් මතු කයින් කය පිරිමදී නම් තුලැසි ඇවැත් වෙයි, කයින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. කය පිළිබැඳියෙකින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, කය පිළිබැඳියෙකින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, නිසැගියෙන් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් නිසැගියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. අකුඇටෙන් මතු දණමඬලෙන් යටැ කයින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. කයින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, කය පිළිබැඳියෙකින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, කය පිළිබැඳියෙකින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, නිසැගියෙන් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, නිසැගියෙන් නිසැගියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වේ.

උභතො අවස‍්සුතෙ යක‍්ඛස‍්ස වා පෙතස‍්ස වා පණ‍්ඩකස‍්ස වා තිරච‍්ඡානගතමනුස‍්සවිග‍්ගහස‍්ස වා අධක‍්ඛකං උබ‍්භජාණුමණ‍්ඩලං කායෙන කායං ආමසති ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. කායෙන කායපටිබද‍්ධං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. කායපටිබද‍්ධෙන කායපටිබද‍්ධං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. කායපටිබද‍්ධෙන කායපටිබද‍්ධං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. නිස‍්සග‍්ගියෙන කායං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. නිස‍්සග‍්ගියෙන කායපටිබද‍්ධං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. නිස‍්සග‍්ගියෙන නිස‍්සග‍්ගියං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. උබ‍්භක‍්ඛකං අධොජාණුමණ‍්ඩලං කායෙන කායං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. කායෙන කායපටිබද‍්ධං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. කායපටිබද‍්ධෙන කායං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. කායපටිබද‍්ධෙන කායපටිබද‍්ධං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. නිස‍්සග‍්ගියෙන කායං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. නිස‍්සග‍්ගියෙන කායපටිබද‍්ධං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. නිස‍්සග‍්ගියෙන නිස‍්සග‍්ගියං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස.

දෙදෙනාගේ රාගයෙන් තෙත් වූ බව ඇති කල්හි යක්‍ෂයකුගේ හෝ ප්‍රේතයකුගේ හෝ පණ්ඩයකුගේ හෝ තිරිසන්ගිය මිනිස් සිරුර දැරුවකුගේ හෝ අකුඇටෙන් යටැ දණමඬලෙන් මතු කයින් කය පිරිමදී නම් තුලැසි ඇවැත් වෙයි. කයින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. කය පිළිබැඳියෙකින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. කය පිළිබැඳියෙකින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, නිසැගියෙන් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, නිසැගියෙන් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් නිසැගියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. අකුඇටෙන් මතු දණමඬලෙන් යටැ කයින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, කයින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, කය පිළිබැඳියෙකින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, කය පිළිබැඳියෙකින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, නිසැගියෙන් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, නිසැගියෙන් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් නිසැගියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වේ.

එකතො අවස‍්සුතෙ අධක‍්ඛකං උබ‍්භජාණුමණ‍්ඩලං කායෙන කායං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. කායෙන කායපටිබද‍්ධං ආමසති,ආපත‍්ති දුක‍්කටස‍්ස. කායපටිබද‍්ධෙන කායං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. කායපටිබද‍්ධෙන කායපටිබද‍්ධං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. නිස‍්සග‍්ගියෙන කායං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. නිස‍්සග‍්ගියෙන කායපටිබද‍්ධං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. නිස‍්සග‍්ගියෙන නිස‍්සග‍්ගියං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. උබ‍්භක‍්ඛකං අධොජාණුමණ‍්ඩලං කායෙන කායං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. කායෙන කායපටිබද‍්ධං ආමසති, ආපත‍්ති දුක‍්කටස‍්ස. කායපටිබද‍්ධෙන කායං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. කායපටිබද‍්ධෙන කායපටිබද‍්ධං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. නිස‍්සග‍්ගියෙන කායං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. නිස‍්සග‍්ගියෙන කායපටිබද‍්ධං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස. නිස‍්සග‍්ගියෙන නිස‍්සග‍්ගියං ආමසති ආපත‍්ති දුක‍්කටස‍්ස.

එකක්හුගේ (මෙහෙණකගේ) රාගයෙන් තෙත් වූ බව ඇති කල්හි අකුඇටෙන් යටැ දණමඬලෙන් මතු කයින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. කයින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, කය පිළිබැඳියෙකින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. කය පිළිබැඳියෙකින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් නිසැගියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. අකුඇටෙන් මතු දණමඬලෙන් යටැ කයින් කය පිරිමදී නම් දුකුළාඇවැත් වෙයි. කයින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි. කය පිළිබැඳියෙකින් කය පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, කය පිළිබැඳියෙකින් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, නිසැගියෙන් කය පිළිබැඳියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වෙයි, නිසැගියෙන් නිසැගියක් පිරිමදී නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: අසඤ‍්චිච‍්ච, අසතියා, අජානන‍්තියා, අසාදියන‍්තියා, උම‍්මත‍්තිකාය, ඛිත‍්තචිත‍්තාය, වෙදනට‍්ටාය, ආදිකම‍්මිකායාති.

නො සිතා කරන්නියට නො සිහියෙන් කරන්නියට නො දන්නියට නො ඉවසන්නියට උම්මත්තිකාවට ක්‍ෂිප්තචිත්තාවට වේදනාර්තාවට අදිකම්මිකාවට ඇවැත් නැති.

පඨමපාරාජිකං නිට‍්ඨිතං

ප්‍රථම පාරාජිකය නිමි.