යෙදුමෙන් කියවන්න

පාරාජිකකණ‍්ඩං අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

1. පාරාජිකකාණ්ඩය

යො භික‍්ඛූනං විභඞ‍්ගස‍්ස, සඞ‍්ගහිතො අනන‍්තරං; භික‍්ඛුනීනං විභඞ‍්ගස‍්ස, තස‍්ස සංවණ‍්ණනාක‍්කමො.

යො භික්‍ඛූනං විභඞ්ගස්ස - සඞ්ගහීතො අනත්තරං භික්‍ඛුණීනං විභඞ්ගස්ස - තස්ස සංවණ්ණනාක්කමො

පත‍්තො යතො තතො තස‍්ස, අපුබ‍්බපදවණ‍්ණනං; කාතුං පාරාජිකෙ තාව, හොති සංවණ‍්ණනා අයං.

පත්තො යතො තතො තස්ස - අපුබ්බපදවණ්ණනං කාතුං පාරාජිකෙ තාව - හොති සංවණ්ණනා අයං

පඨමපාරාජිකසික‍්ඛාපදවණ‍්ණනා

පළමුවන පරිජිය වර්ණනාව

තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති…පෙ… සාළ‍්හො මිගාරනත‍්තාති එත්‍ථ සාළ‍්හොති තස‍්ස නාමං; මිගාරමාතුයා පන නත‍්තා හොති, තෙන වුත‍්තං – “මිගාරනත‍්තා”ති. නවකම‍්මිකන‍්ති නවකම‍්මාධිට‍්ඨායිකං. පණ‍්ඩිතාති පණ‍්ඩිච‍්චෙන සමන‍්නාගතා. බ්‍යත‍්තාති වෙය්‍යත‍්තිකෙන සමන‍්නාගතා. මෙධාවිනීති පාළිග‍්ගහණෙ සතිපුබ‍්බඞ‍්ගමාය පඤ‍්ඤාය අත්‍ථග‍්ගහණෙ පඤ‍්ඤාපුබ‍්බඞ‍්ගමාය සතියා සමන‍්නාගතා. දක‍්ඛාති ඡෙකා; අවිරජ‍්ඣිත්‍වා සීඝං කත‍්තබ‍්බකාරිනීති අත්‍ථො. අනලසාති ආලසියවිරහිතා. තත්‍රුපායායාති තෙසු තෙසු කම‍්මෙසු උපායභූතාය. වීමංසායාති කත‍්තබ‍්බකම‍්මුපපරික‍්ඛාය . සමන‍්නාගතාති සම‍්පයුත‍්තා. අලං කාතුන‍්ති සමත්‍ථා තං තං කම‍්මං කාතුං. අලං සංවිධාතුන‍්ති එවඤ‍්ච එවඤ‍්ච ඉදං හොතූති එවං සංවිදහිතුම‍්පි සමත්‍ථා. කතාකතං ජානිතුන‍්ති කතඤ‍්ච අකතඤ‍්ච ජානිතුං. තෙති තෙ උභො; සා ච සුන්‍දරීනන්‍දා සො ච සාළ‍්හොති අත්‍ථො. භත‍්තග‍්ගෙති පරිවෙසනට‍්ඨානෙ. නිකූටෙති කොණසදිසං කත්‍වා දස‍්සිතෙ ගම‍්භීරෙ. විස‍්සරො මෙ භවිස‍්සතීති විරූපො මෙ සරො භවිස‍්සති; විප‍්පකාරසද‍්දො භවිස‍්සතීති අත්‍ථො. පතිමානෙන‍්තීති අපෙක‍්ඛමානා. ක්‍යාහන‍්ති කිං අහං. ජරාදුබ‍්බලාති ජරාය දුබ‍්බලා. චරණගිලානාති පාදරොගෙන සමන‍්නාගතා.

භික්‍ෂු විභඞ්ගයට අනතුරුව යම් භික්ෂුණී විභඞ්ගයක් සඞ්ග්‍රහ කරන ලද්දේ ද, ඒ භික්‍ෂුණී විභඞ්ගය පිළිබඳ සංවර්‍ණනා ක්‍රමය යම්හෙයකින් පැමිණියේද, එහෙයින් ඒ භික්‍ෂුණී විභඞ්ගය පිළිබඳ පෙර නොකියූ පදවැණුම කරන්නට පාරාජිකයෙහි පළමුකොට මේ සංවර්‍ණනා තොමෝ වන්නීය. “තෙන සමයෙන බුද්ධො භගවා සාවත්‍ථියං විහරති -පෙ- සාළ්හො මිගාරනත්තා” යන මෙහි “සාළ්හො” යනු ඔහුගේ නාමය වේ. මිගාරමාතෘ වූ විශාඛාවගේ මුණුඹුරු වේ. එහෙයින් ‘මිගාරනත්තා’යි කියනලදී. ‘නවකම්මිකං’ නවකර්‍මාන්ත විධානය කරන්නාවූ. “පණ්ඩිතා” පාණ්ඩිත්‍යයෙන් යුක්ත වූ. “ව්‍යත්තා” ව්‍යක්තභාවයෙන් යුක්තවූ, “මෙධාවිනී” පෙළගැන්මෙහි සිහිය පෙරටුකොට සිටි ප්‍රඥාවෙන්ද, අරුත් ගැන්මෙහි ප්‍රඥාව පෙරටු කොට සිටි සිහියෙන්ද යුක්තවූ. “දක්‍ඛා” ඡෙකවූ. නොවරදවා වහා කටයුතු කරනසුලු වූ යන අර්‍ත්‍ථයි. “අනලසා” අලස බවින් තොරවූ. “තත්‍රෑපායාය” ඒ ඒ කර්‍මයන්හි උපායභූත වූ. “විමංසාය” කටයුතු කර්‍ම පුනපුනා සිහිකිරීමෙන් - “සමන්නාගතා” යුක්ත වූ. “අලං කාතුං” ඒ ඒ කර්‍ම කරන්නට සමර්‍ත්‍ථ වූ. “අලං සංවිධාතුං” මෙසේද මෙසේද මේ කෘත්‍යය වේවා’යි මෙසේ සංවිධාන කරන්නටද සමර්‍ත්‍ථ වූ. “කතාකතං ජානිතුං” කරන ලද්ද නොකරන ලද්ද දැනගන්නට. “තෙ” ඔවුහු දෙදෙනය. ඒ සුන්‍දරීනන්‍දා නම් භික්‍ෂුණී තොමෝද, ඒ සාළහ තෙමේද යන අර්‍ත්‍ථයි. “භත්තග්ගෙ” වලදවන තන්හි “නිකූටෙ” කොන් සමාන කොට දැක්වූ ගැඹුරෙහි “විස්සරො මෙ භවිස්සති” මාගේ ස්වරය විරූපවන්නේය. විප්‍රකාර ශබ්දයෙක් වන්නේය යන අර්‍ත්‍ථයි. “පතිමානෙන්තී” බලාපොරොත්තුවෙමින්. “ක්‍යාහං”, මම “ජරාදුබ්බලා” ජරාවෙන් දුර්‍වල වූ. “චරණගිලානා” පාදරොගයෙන් යුක්ත වූ.

අවස‍්සුතාති කායසංසග‍්ගරාගෙන අවස‍්සුතා; තින‍්තා කිලින‍්නාති අත්‍ථො. පදභාජනෙ පනස‍්ස තමෙව රාගං ගහෙත්‍වා “සාරත‍්තා”තිආදි වුත‍්තං. තත්‍ථ සාරත‍්තාති වත්‍ථං විය රඞ‍්ගජාතෙන කායසංසග‍්ගරාගෙන සුට‍්ඨු රත‍්තා. අපෙක‍්ඛවතීති තස‍්සෙව රාගස‍්ස වසෙන තස‍්මිං පුරිසෙ පවත‍්තාය අපෙක‍්ඛාය සමන‍්නාගතා. පටිබද‍්ධචිත‍්තාති තෙන රාගෙන තස‍්මිං පුරිසෙ බන්‍ධිත්‍වා ඨපිතචිත‍්තා විය. එස නයො දුතියපදවිභඞ‍්ගෙපි. පුරිසපුග‍්ගලස‍්සාති පුරිසසඞ‍්ඛාතස‍්ස පුග‍්ගලස‍්ස. අධක‍්ඛකන‍්ති අක‍්ඛකානං අධො. උබ‍්භජාණුමණ‍්ඩලන‍්ති ජාණුමණ‍්ඩලානං උපරි. පදභාජනෙ පන පදපටිපාටියා එව “හෙට‍්ඨක‍්ඛකං උපරිජාණුමණ‍්ඩල”න‍්ති වුත‍්තං. එත්‍ථ ච උබ‍්භකප‍්පරම‍්පි උබ‍්භජාණුමණ‍්ඩලෙනෙව සඞ‍්ගහිතං. සෙසං මහාවිභඞ‍්ගෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. පුරිමායො උපාදායාති සාධාරණපාරාජිකෙහි පාරාජිකායො චතස‍්සො උපාදායාති අත්‍ථො. උබ‍්භජාණුමණ‍්ඩලිකාති ඉදං පන ඉමිස‍්සා පාරාජිකාය නාමමත‍්තං, තස‍්මා පදභාජනෙ න විචාරිතං.

“අවස්සුතා” කායසංසර්‍ග රාගයෙන් මැඩුණු. තින්තා තෙත්වූ යන අර්‍ත්‍ථයි. මේ ශික්‍ෂාපදයාගේ පදභාජනයෙහි එම රාගයම ගෙණ “සාරත්තා” යනාදිය වදාරන ලදී. එහි “සාරත්තා” යනු රඳින්යුත් වස්ත්‍රයක් මෙන් කායසංසර්‍ගරාගයෙන් ඉතා රත්වූ “අපෙක්‍ඛවතී” ඒ රාගයාගේම වසයෙන් ඒ පුරුෂයා කෙරෙහි පැවැති බලාපොරොත්තුවෙන් යුක්තවූ. “පටිබද්ධචිත්තා” ඒ රාගය කරණකොට ඒ පුරුෂයා කෙරෙහි බැඳ තැබූ සිත් ඇත්තියක මෙන් දෙවන පදවිභඞ්ගයෙහිද මේ නයමවේ. “පුරිසපුග්ගලස්ස” පුරුෂ සඞ්ඛ්‍යාත පුද්ගලයාගේ. “අධක්‍ඛකං” අකුයෙන් යට “උබ්හජානුමණ්ඩලං” දණමඬලින් උඩ. පදභාජනයෙහි වනාහි පදපිළිවෙළින්ම ‘හෙට්ඨක්‍ඛකං උපරිජාණුමණ්ඩලං’යි වදාරන ලදී. මෙහිද වැලමිටින් උඩද උබ්හජානුමණ්ඩලයෙන්ම සඞ්ග්‍රහ කරන ලදී. සෙස්ස මහා විභඞ්ගයෙහි කියූ නයින්ම දතයුතුය. “පුරිමායො උපාදාය” සාධාරණපාරාජිකාපත්තියෙන් පරිජීවූ මෙහෙණහු සිවු දෙන යන අර්‍ත්‍ථයි. “උබ්හජාණුමණ්ඩලිකා” මේ වනාහි මේ පාරාජිකාවගේ නාමමාත්‍රයෙකි. එහෙයින් පදභාජනයෙහි විචාරණය කරන ලද්දේ නොවේ.

එවං උද‍්දිට‍්ඨසික‍්ඛාපදං පදානුක‍්කමෙන විභජිත්‍වා ඉදානි අවස‍්සුතාදිභෙදෙන ආපත‍්තිභෙදං දස‍්සෙතුං “උභතොඅවස‍්සුතෙ”තිආදිමාහ. තත්‍ථ උභතොඅවස‍්සුතෙති උභතොඅවස‍්සවෙ; භික‍්ඛුනියා චෙව පුරිසස‍්ස ච කායසංසග‍්ගරාගෙන අවස‍්සුතභාවෙ සතීති අත්‍ථො. කායෙන කායං ආමසතීති භික‍්ඛුනී යථාපරිච‍්ඡින‍්නෙන කායෙන පුරිසස‍්ස යංකිඤ‍්චි කායං පුරිසො වා යෙන කෙනචි කායෙන භික‍්ඛුනියා යථාපරිච‍්ඡින‍්නං කායං ආමසති, උභයථාපි භික‍්ඛුනියා පාරාජිකං. කායෙන කායපටිබද‍්ධන‍්ති වුත‍්තප‍්පකාරෙනෙව අත‍්තනො කායෙන පුරිසස‍්ස කායපටිබද‍්ධං. ආමසතීති එත්‍ථ සයං වා ආමසතු, තස‍්ස වා ආමසනං සාදියතු, ථුල‍්ලච‍්චයමෙව. කායපටිබද‍්ධෙන කායන‍්ති අත‍්තනො වුත‍්තප‍්පකාරකායපටිබද‍්ධෙන පුරිසස‍්ස කායං. ආමසතීති ඉධාපි සයං වා ආමසතු, තස‍්ස වා ආමසනං සාදියතු, ථුල‍්ලච‍්චයමෙව. අවසෙසපදෙසුපි ඉමිනාව නයෙන විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

මෙසේ උදෙසූ ශික්‍ෂාපදය පදපිළිවෙළින් විභාගකොට දැන් අවස්සුතාදිභෙදයෙන් ආපත්තිභෙදය දක්වන්නට “උභතො අවස්සුතෙ” යනාදිය කීය. එහි ‘උභතො අවස්සුතෙ’ දෙදෙන කායසංසර්‍ගරාගයෙන් තෙත්වූ කල්හි මෙහෙණගේද පුරුෂයාගේද කායසංසර්‍ග රාගය කරණකොට තෙත්බව ඇති කල්හිය යන අර්‍ත්‍ථයි. “කායෙන කායං ආමසති” මෙහෙණතොමෝ යම්සේ පිරිසිඳි කයින් පුරුෂයාගේ යම්කිසි කයක්, පුරුෂතෙමේ හෝ යම්කිසි කයකින් මෙහෙණගේ යම්සේ පිරිසිඳ කය ආමර්‍ෂණය කෙරේද, දෙයයුරෙන්ම මෙහෙණට පරිජි ඇවැත වේ. “කායෙන කායපටිබද්ධං” කියූ අයුරින්ම තමන්ගේ කයින් පුරුෂයාගේ කය පිළිබඳ වූ පුරුෂයාගේ කය ‘ආමසති’ මෙහි තොමෝ හෝ ආමර්‍ෂණය කෙරේවා. ඒ පුරුෂයාගේ හෝ ආමර්‍ෂණය ඉවසාවා ථුල්ලච්චයම වේ. සෙසු පදයන්හිද මේ නයින්ම විනිශ්චය දතයුතුය.

සචෙ පන භික‍්ඛු චෙව භික‍්ඛුනී ච හොති, තත්‍ර චෙ භික‍්ඛුනී ආමසති, භික‍්ඛු නිච‍්චලො හුත්‍වා චිත‍්තෙන සාදියති, භික‍්ඛු ආපත‍්තියා න කාරෙතබ‍්බො. සචෙ භික‍්ඛු ආමසති, භික‍්ඛුනී නිච‍්චලා හුත්‍වා චිත‍්තෙනෙව අධිවාසෙති, කායඞ‍්ගං අචොපයමානාපි පාරාජිකක‍්ඛෙත‍්තෙ පාරාජිකෙන, ථුල‍්ලච‍්චයක‍්ඛෙත‍්තෙ ථුල‍්ලච‍්චයෙන, දුක‍්කටක‍්ඛෙත‍්තෙ දුක‍්කටෙන කාරෙතබ‍්බා. කස‍්මා? “කායසංසග‍්ගං සාදියෙය්‍යා”ති වුත‍්තත‍්තා. අයං අට‍්ඨකථාසු විනිච‍්ඡයො. එවං පන සති කිරියාසමුට‍්ඨානතා න දිස‍්සති, තස‍්මා තබ‍්බහුලනයෙන සා වුත‍්තාති වෙදිතබ‍්බා.

ඉදින් මහණෙක්ද මෙහෙණක්ද වේනම්, එහි මෙහෙණතොමෝ ආමර්‍ෂණය කරානම් මහණතෙමේ නිසලව සිතින් ඉවසානම් මහණතෙමේ, ඇවැතින් නොකරවිය යුත්තේය. ඉදින් මහණතෙමේ ආමර්‍ෂණය කෙරේනම් මෙහෙණ නිසලව සිතින්ම ඉවසානම් සිරුරු අවයවයක් නොසලන්නීද පාරාජිකක්‍ෂෙත්‍රයෙහි පාරාජිකයෙන්ද ථුල්ලච්චක්‍ෂෙත්‍රයෙහි ථුල්ලච්චයෙන්ද දුක්කටක්‍ෂෙත්‍රයෙහි දුක්කටයෙන්ද කරවිය යුත්තේය. කුමක් හෙයින, යත්:- “කායසංසග්ගං සාදියෙය්‍ය”යි වදාළ බැවිනි. මේ අර්‍ත්‍ථකථාවන්හි විනිශ්චයයි. මෙසේ ඇති කල්හි ක්‍රියාසමුත්‍ථාන භාවයෙක් නොදක්නා ලැබේ. එහෙයින් ඕ තත්බහුල නයින් කියන ලදැයි දතයුතුය.

උබ‍්භක‍්ඛකන‍්ති අක‍්ඛකානං උපරි. අධොජාණුමණ‍්ඩලන‍්ති ජාණුමණ‍්ඩලානං හෙට‍්ඨා. එත්‍ථ ච අධොකප‍්පරම‍්පි අධොජාණුමණ‍්ඩලෙනෙව සඞ‍්ගහිතං.

“උබ්හක්‍ඛකං” අකුයෙන් උඩ. මෙහිද වැලිමිටෙන් යටද ‘අධොජානුමණ්ඩලයෙන්ම සඞ්ග්‍රහ කරණ ලද්දේය.

එකතොඅවස‍්සුතෙති එත්‍ථ කිඤ‍්චාපි එකතොති අවිසෙසෙන වුත‍්තං, තථාපි භික‍්ඛුනියා එව අවස‍්සුතෙ සති අයං ආපත‍්තිභෙදො වුත‍්තොති වෙදිතබ‍්බො.

“එකතො අවස්සුතෙ” මෙහි එකතොයි විශෙෂයක් නොතබා කියන ලද්දේ ද, එසේ වුවද මෙහෙණහට කායසංසර්‍ගරාගයෙන් තෙත්වීම ඇති කල්හි මේ ආපත්තිභෙදය කියන ලදැයි දතයුතුය.

තත්‍රායං ආදිතො පට‍්ඨාය විනිච‍්ඡයො – භික‍්ඛුනී කායසංසග‍්ගරාගෙන අවස‍්සුතා, පුරිසොපි තථෙව. අධක‍්ඛකෙ උබ‍්භජාණුමණ‍්ඩලෙ කායප‍්පදෙසෙ කායසංසග‍්ගසාදියනෙ සති භික‍්ඛුනියා පාරාජිකං. භික‍්ඛුනියා කායසංසග‍්ගරාගො, පුරිසස‍්ස මෙථුනරාගො වා ගෙහස‍්සිතපෙමං වා සුද‍්ධචිත‍්තං වා හොතු, ථුල‍්ලච‍්චයමෙව. භික‍්ඛුනියා මෙථුනරාගො, පුරිසස‍්ස කායසංසග‍්ගරාගො වා මෙථුනරාගො වා ගහෙස‍්සිතපෙමං වා සුද‍්ධචිත‍්තං වා හොතු, දුක‍්කටං. භික‍්ඛුනියා ගෙහස‍්සිතපෙමං, පුරිසස‍්ස වුත‍්තෙසු චතූසු යං වා තං වා හොතු, දුක‍්කටමෙව. භික‍්ඛුනියා සුද‍්ධචිත‍්තං, පුරිසස‍්ස වුත‍්තෙසු චතූසු යං වා තං වා හොතු, අනාපත‍්ති.

එහි මේ මුලපටන් විනිශ්චයයි. මෙහෙණ තොමෝ කායසංසර්‍ගරාගයෙන් තෙත් වූවා, පුරුෂතෙමේත් එසේමය. අකුයෙන් යට දණමඩලින් උඩ කායප්‍රදෙශයෙහි කායසංසර්‍ගයාගේ ඉවසීම ඇති කල්හි මෙහෙණට පාරාජිකය වේ. මෙහෙණට කායසංසර්‍ගරාගය හෝ පුරුෂයාහට මෛථුනරාගය හෝ ගෘහනිශ්‍රිත ප්‍රේමය හෝ ශුද්ධචිත්තය හෝ වේවා ථුල්ලච්චයම වේ. මෙහෙණට මෛථුනරාගය හෝ පුරුෂයාහට කායසංසර්‍ගරාගය හෝ මෛථුනරාගය හෝ ගෘහනිශ්‍රිත ප්‍රේමය හෝ ශුද්ධචිත්තය හෝ වේවා, දුක්කටය වේ. මෙහෙණට ගෘහනිශ්‍රිත ප්‍රේමය හෝ පුරුෂයාහට කියනලද සතරින් යම් ඒ එකෙක් හෝ වේවා දුක්කටයම වේ. මෙහෙණට ශුද්ධචිත්තය හෝ වේවා පුරුෂයාහට කියනලද සතරින් යම් ඒ එකෙක් හෝ වේවා. ඇවැත් නොවේ.

සචෙ පන භික‍්ඛු චෙව හොති භික‍්ඛුනී ච උභින‍්නං කායසංසග‍්ගරාගො, භික‍්ඛුස‍්ස සඞ‍්ඝාදිසෙසො, භික‍්ඛුනියා පාරාජිකං. භික‍්ඛුනියා කායසංසග‍්ගරාගො, භික‍්ඛුස‍්ස මෙථුනරාගො වා ගෙහස‍්සිතපෙමං වා, භික‍්ඛුනියා ථුල‍්ලච‍්චයං, භික‍්ඛුස‍්ස දුක‍්කටං. උභින‍්නං මෙථුනරාගො වා ගෙහස‍්සිතපෙමං වා, උභින‍්නම‍්පි දුක‍්කටමෙව. යස‍්ස යත්‍ථ සුද‍්ධචිත‍්තං, තස‍්ස තත්‍ථ අනාපත‍්ති. උභින‍්නම‍්පි සුද‍්ධචිත‍්තං, උභින‍්නම‍්පි අනාපත‍්ති.

ඉදින් මහණෙක් වේද, මෙහෙණක් වේද, දෙදෙනාගේ කායසංසර්‍ගරාගය වේද මහණහුට සඞ්ඝාදිසෙසය වේ. මෙහෙණට පාරාජිකය වේ. මෙහෙණගේ කායසංසර්‍ගරාගය වේද, මහණහුගේ මෛථුනරාගය හෝ ගෘහනිශ්‍රිත ප්‍රේමය හෝ වේද, මෙහෙණට ථුල්ලච්චය වේ. මහණහුට දුක්කටය වේ. දෙදෙනාහට මෛථුනරාගය හෝ ගෘහනිශ්‍රිත ප්‍රේමය හෝ වේද, දෙදෙනාහටම දුක්කටයම වේ. යමක්හුගේ යම්තැනක ශුද්ධ චිත්තය වේද, ඔහුට එහි ඇවැත් නොවේ. දෙදෙනාහටම ශුද්ධචිත්තය වේද, දෙදෙනාහටම ඇවැත් නොවේ.

අනාපත‍්ති අසඤ‍්චිච‍්චාතිආදීසු විරජ‍්ඣිත්‍වා වා ආමසන‍්තියා අඤ‍්ඤවිහිතාය වා “අයං පුරිසො වා ඉත්‍ථී වා”ති අජානන‍්තියා වා තෙන ඵුට‍්ඨායපි තං ඵස‍්සං අසාදියන‍්තියා වා ආමසනෙපි සති අනාපත‍්ති. සෙසං සබ‍්බත්‍ථ උත‍්තානමෙව .

“අනාපත්ති අසඤ්චිච්ච” යනාදි තන්හි වැරදී හෝ ආමර්‍ෂණය කරන්නියටද, අන්‍යවිහිතවූ මෙහෙණහටද ‘මේ පුරුෂය, මෝ ස්ත්‍රියයි නොදන්නියටද ඒ පුරුෂයා විසින් පැහැසූ තැනැත්තියහටද ඒ පහස නොඉවසන්නියහටද ආමර්‍ෂණය ඇති කල්හිද, ඇවැත් නොවේ. සෙස්ස සියලු තන්හි ප්‍රකටමය.

පඨමපාරාජිකසමුට‍්ඨානං – කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, අකුසලචිත‍්තං, ද‍්විවෙදනන‍්ති.

ප්‍රථම පාරාජිකසමුත්‍ථානිකය. ක්‍රියසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. අකුශලචිත්තයි. ද්විවෙදනයයි.

පඨමපාරාජිකං.

පළමුවන පාරාජික ශික්‍ෂාපදයයි

දුතියපාරාජිකසික‍්ඛාපදවණ‍්ණනා

ද්වීතිය පාරාජිකය වර්ණනාව

දුතියෙ පාරාජිකෙ – කච‍්චි නො සාති කච‍්චි නු සා. අවණ‍්ණොති අගුණො. අකිත‍්තීති නින්‍දා. අයසොති පරිවාරවිපත‍්ති; පරම‍්මුඛගරහා වා.

ද්විතීය පාරාජිකයෙහි - “කච්චිනො සා” කිම, ඕතොමෝ, “අවණ්ණො” අගුණ “අකිත්ති නින්‍දා අයසො” පරිවාරවිපත්ති නොහොත් අනභිමුඛයෙහි ගැරහීම.

වජ‍්ජපටිච‍්ඡාදිකාති ඉදම‍්පි ඉමිස‍්සා පාරාජිකාය නාමමත‍්තමෙව, තස‍්මා පදභාජනෙ න විචාරිතං. සෙසමෙත්‍ථ උත‍්තානමෙව.

“වජ්ජපටිච්ඡාදිකා” මෙද මේ පාරාජිකාවගේ නාමමාත්‍රයෙක්ම වේ. එහෙයින් පදභාජනයෙහි නොවිචාරණ ලද්දේය. මෙහි සෙස්ස ප්‍රකටමය.

සා වා ආරොචෙතීති යා පාරාජිකං ආපන‍්නා, සා සයං ආරොචෙති. අට‍්ඨන‍්නං පාරාජිකානං අඤ‍්ඤතරන‍්ති භික‍්ඛූහි සාධාරණානං චතුන‍්නං අසාධාරණානඤ‍්ච චතුන‍්නමෙව අඤ‍්ඤතරං. ඉදඤ‍්ච පාරාජිකං පච‍්ඡා පඤ‍්ඤත‍්තං, තස‍්මා “අට‍්ඨන‍්න”න‍්ති විභඞ‍්ගෙ වුත‍්තං. පුරිමෙන පන සද‍්ධිං යුගළත‍්තා ඉමස‍්මිං ඔකාසෙ ඨපිතන‍්ති වෙදිතබ‍්බං. ධුරං නික‍්ඛිත‍්තමත‍්තෙති ධුරෙ නික‍්ඛිත‍්තමත‍්තෙ. විත්‍ථාරකථා පනෙත්‍ථ සප‍්පාණකවග‍්ගම‍්හි දුට‍්ඨුල‍්ලසික‍්ඛාපදෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බා. තත්‍ර හි පාචිත‍්තියං, ඉධ පාරාජිකන‍්ති අයමෙව විසෙසො. සෙසං තාදිසමෙව. වජ‍්ජපටිච‍්ඡාදිකාති ඉදම‍්පිඉමිස‍්සා පාරාජිකාය නාමමත්‍ථාමෙව, තස‍්මා පදභාජනෙ න විචාරිතං. සෙසමෙත්‍ථ උත‍්තානමෙව.

“සා වා ආරොචෙති” යම් මෙහෙණක් තෙමේ පාරාජිකයට පැමිණියාද, ඕ, තොමෝ සැලකරයි. “අට්ඨන්නං පාරාජිකානං අඤ්ඤතරං” මහණුන් හා සාධාරණ සතරින්. අසාධාරණ සතරින්ද එක්තරා එකක්. මේ පාරාජිකයද පසුව පණවන ලද්දේය. එහෙයින් “අට්ඨන්නං”යි විභඞ්ගයෙහි වදාරණ ලදී. ප්‍රථම ශික්‍ෂාපදය සමග යුගල කළ බැවින් මේ අවකාශයෙහි තබන ලදැයි දතයුතුය. “ධුරං නික්‍ඛිත්තමත්තෙ” ධුරනික්‍ෂෙප කළ මාත්‍රයෙහි. මෙහි විස්තර කථාව සප්‍රාණක වර්‍ගයෙහි දුට්ඨුල්ල ශික්‍ෂාපදයෙහි කියූ නයින්ම දතයුතුය. එහි වනාහි පාචිත්තියය. මෙහි පාරාජිකය යන මෙම වෙනස වේ. සෙස්ස එබඳුමය. “වජ්ජපටිච්ඡාදිකා” මෙද මේ පාරාජිකාවගේ නාමමාත්‍රයෙක්ම වේ. එහෙයින් පදභාජනයෙහි නොවිචාරණ ලද්දේය. මෙහි සෙස්ස ප්‍රකටමය.

ධුරනික‍්ඛෙපසමුට‍්ඨානං – කායවාචාචිත‍්තතො සමුට‍්ඨාති, අකිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, අකුසලචිත‍්තං, දුක‍්ඛවෙදනන‍්ති.

ධුරනික්‍ෂෙප සමුත්‍ථානිකය. කායවාචාචිත්තයෙන් හටගනියි. අක්‍රියසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුක්‍ඛවෙදනයි.

දුතියපාරාජිකං.

දෙවන පාරාජික ශික්‍ෂාපදයයි.

තතියපාරාජිකසික‍්ඛාපදවණ‍්ණනා

තෘතීය පාරාජිකය වර්ණනාව

තතියෙ – ධම‍්මෙනාති භූතෙන වත්‍ථුනා. විනයෙනාති චොදෙත්‍වා සාරෙත්‍වා. පදභාජනං පනස‍්ස “යෙන ධම‍්මෙන යෙන විනයෙන උක‍්ඛිත‍්තො සුඋක‍්ඛිත‍්තො හොතී”ති ඉමංඅධිප‍්පායමත‍්තං දස‍්සෙතුං වුත‍්තං. සත්‍ථුසාසනෙනාති ඤත‍්තිසම‍්පදාය චෙව අනුසාවනසම‍්පදාය ච. පදභාජනෙ පනස‍්ස “ජිනසාසනෙන බුද‍්ධසාසනෙනා”ති වෙවචනමත‍්තමෙව වුත‍්තං. සඞ‍්ඝං වා ගණං වාතිආදීසු යෙන සඞ‍්ඝෙන කම‍්මං කතං, තං සඞ‍්ඝං වා තත්‍ථ සම‍්බහුලපුග‍්ගලසඞ‍්ඛාතං ගණං වා, එකපුග‍්ගලං වා තං කම‍්මං වා න ආදියති, න අනුවත‍්තති, න තත්‍ථ ආදරං ජනෙතීති අත්‍ථො. සමානසංවාසකා භික‍්ඛූ වුච‍්චන‍්ති සහායා, සො තෙහි සද‍්ධිං නත්‍ථීති එත්‍ථ “එකකම‍්මං එකුද‍්දෙසො සමසික‍්ඛතා”ති අයං තාව සංවාසො; සමානො සංවාසො එතෙසන‍්ති සමානසංවාසකා.එවරූපා භික‍්ඛූ භික‍්ඛුස‍්ස තස‍්මිං සංවාසෙ සහ අයනභාවෙන සහායාති වුච‍්චන‍්ති. ඉදානි යෙන සංවාසෙන තෙ සමානසංවාසකාති වුත‍්තා, සො සංවාසො තස‍්ස උක‍්ඛිත‍්තකස‍්ස තෙහි සද‍්ධිං නත්‍ථි. යෙහි ච සද‍්ධිං තස‍්ස සො සංවාසො නත්‍ථි, න තෙන තෙ භික‍්ඛූ අත‍්තනො සහායා කතා හොන‍්ති. තස‍්මා වුත‍්තං “සමානසංවාසකා භික‍්ඛූ වුච‍්චන‍්ති සහායා, සො තෙහි සද‍්ධිං නත්‍ථි, තෙන වුච‍්චති අකතසහායො”ති. සෙසං සඞ‍්ඝභෙදසික‍්ඛාපදාදීසු වුත‍්තනයත‍්තා උත‍්තානත්‍ථමෙව.

තෘතීය ශික්‍ෂාපදයෙහි “ධම්මෙන” විද්‍යාමාන වස්තුවෙන්. “විනයෙන” චොදනාකොට සිහිකරවා. මේ ශික්‍ෂාපදයාගේ පදභාජනය වනාහි ‘යෙන ධම්මෙන යෙන විනයෙන උක්‍ඛිත්තො සුඋක්‍ඛිත්තො හොති’ යන මේ අභිප්‍රාය පමණක් දක්වනු පිණිස වදාරන ලදී. “සත්‍ථුසාසනෙන” ඤත්තිසම්පත්තියෙන්ද, අනුසාවනසම්පත්තියෙන්ද. මේ ශික්‍ෂාපදයාගේ පදභාජනයෙහි “ජිනසාසනෙන බුද්ධසාසනෙන” ජිනසාසනෙන බුද්ධසාසනෙනයි වෙවචනමාත්‍රයක්ම වදාරණලදී. “සඞ්ඝං වා ගණං වා” යනාදිතන්හි යම් සඞ්ඝ කෙනකුන් විසින් කර්‍මය කරණ ලද්දේ ද, ඒ සඞ්ඝයා හෝ එහි බොහෝවූ පුද්ගලසඞ්ඛ්‍යාත ගණයා හෝ එක් පුද්ගලයකු හෝ ඒ කර්‍මය හෝ නොගණියි. නොඅනුව පවතී. එහි ආදරය නොඋපදවයි යන අර්‍ත්‍ථයි. “සමානසංවාසකා භික්‍ඛූ වුච්චන්ති සහායා” සමාන සංවාසක භික්‍ෂූහු යහළුවෝයයි කියනු ලැබෙත්. “සො තෙහි සද්ධිං නත්‍ථි” යන මෙහි එක කර්‍ම එකුද්දෙස සමසික්‍ඛතා යන මේ වනාහි සංවාසයය. ඒ මේ සමානවූ සංවාසය මොවුන්ගේනුයි සමානසංවාසකයහ. මෙබඳු භික්‍ෂූහු මහණක්හු පිළිබඳ ඒ සංවාසයෙහි එක්ව පවත්නා බැවින් සහායහයි කියනු ලැබෙත්. දැන් යම් සංවාසයක් කරණකොට ඔවුහු සමානසං සංවාසකයහය කියන ලද්දාහුද, ඒ ඉවත්කරනු ලැබූ ඔහුට ඔවුන් සමග ඒ සංවාසය නැත්තේය. යම්කෙනකුන් සමග ඒ සංවාසය ඔහුට නැත්තේද, ඔහු විසින් ඒ භික්‍ෂූහු තමන්ගේ සහායකයෝ නොකරණ ලද්දාහුද එහෙයින් ‘සමානසංවාසකා භික්‍ඛූ වුච්චන්ති සහායා, සො තෙහි සද්ධිං නත්‍ථි, තෙන වුච්චති අකතසහායො’යි කියන ලදී. සෙස්ස සඞ්ඝභෙද ශික්‍ෂාපදාදීන් අතුරෙහි කියූ නය බැවින් ප්‍රකට අර්‍ත්‍ථ ඇත්තේමය.

සමනුභාසනසමුට‍්ඨානං – කායවාචාචිත‍්තතො සමුට‍්ඨාති, අකිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, අකුසලචිත‍්තං, දුක‍්ඛවෙදනන‍්ති.

සමනුභාසනසමුත්‍ථානිකය. කායවාචාචිත්තයෙන් හටගනියි. අක්‍රියසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මය. වාක්කර්‍මයි. අකුශලචිත්තයි. දුඃඛවෙදනයි.

තතියපාරාජිකං.

තෙවන පාරාජික ශික්‍ෂාපදයයි

චතුත්‍ථපාරාජිකසික‍්ඛාපදවණ‍්ණනා

චතුර්‍ත්‍ථ පාරාජිකය වර්ණනාව

චතුත්‍ථෙ – අවස‍්සුතාති ලොකස‍්සාදමිත‍්තසන්‍ථවවසෙන කායසංසග‍්ගරාගෙන අවස‍්සුතා. දුතියපදෙපි එසෙව නයො. පුරිසපුග‍්ගලස‍්ස හත්‍ථග‍්ගහණං වාතිආදීසු පන යං පුරිසපුග‍්ගලෙන හත්‍ථෙ ගහණං කතං, තං පුරිසපුග‍්ගලස‍්ස හත්‍ථග‍්ගහණන‍්ති වුත‍්තං. එසෙව නයො සඞ‍්ඝාටිකණ‍්ණග‍්ගහණෙපි. හත්‍ථග‍්ගහණන‍්ති එත්‍ථ ච හත්‍ථග‍්ගහණඤ‍්ච අඤ‍්ඤම‍්පි අපාරාජිකක‍්ඛෙත‍්තෙ ගහණඤ‍්ච එකජ‍්ඣං කත්‍වා හත්‍ථග‍්ගහණන‍්ති වුත‍්තන‍්ති වෙදිතබ‍්බං. තෙනෙවස‍්ස පදභාජනෙ “හත්‍ථග‍්ගහණං වා සාදියෙය්‍යාති හත්‍ථො නාම කප‍්පරං උපාදාය යාව අග‍්ගනඛා, එතස‍්ස අසද‍්ධම‍්මස‍්ස පටිසෙවනත්‍ථාය උබ‍්භක‍්ඛකං අධොජාණුමණ‍්ඩලං ගහණං සාදියති, ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්සා”ති වුත‍්තං. එත්‍ථ ච අසද‍්ධම‍්මොති කායසංසග‍්ගො වෙදිතබ‍්බො, න මෙථුනධම‍්මො. න හි මෙථුනස‍්ස සාමන‍්තා ථුල‍්ලච‍්චයං හොති. “විඤ‍්ඤූ පටිබලො කායසංසග‍්ගං සමාපජ‍්ජිතුන‍්ති වචනම‍්පි චෙත්‍ථ සාධකං.

චතුර්‍ත්‍ථ ශික්‍ෂාපදයෙහි - “අවස්සුතා” ලොකාස්වාද සඞ්ඛ්‍යාත වූ මිත්‍රසන්‍ථවයාගේ වසයෙන් කායසංසර්‍ගරාගයෙන් තෙත්ව දෙවන පදයෙහිද මේ නයමවේ. “පුරිසපුග්ගලස්ස හත්‍ථගහණං වා” යනාදිතන්හි පුරුෂ පුද්ගලයා විසින් අතින් යම් ගැනීමෙක් කරණ ලද්දේ ද, එය පුරුෂ පුද්ගලයාගේ අතින් ගැණීමයයි කියන ලද්දේය. සඟළ සිවුරෙහි කොණ අල්ලා ගැණීමේද මේ නයවේ. “හත්‍ථගහණං” යන මෙහි හස්ත්‍රග්‍රහණයද අන්‍යවූද අපාරාජික ක්‍ෂෙත්‍රයෙහි ගැණීමද එක්කොට හස්තග්‍රහණයයි කියන ලද්දේයයි දතයුතුය. එහෙයින්ම මේ ශික්‍ෂාපදයාගේ පදභාජනයෙහි “හත්‍ථගහණං වා සාදියෙය්‍ය” යනු අතනම් වැලමිට පටන් නියඅග දක්වා. මේ අසද්ධර්‍මයාගේ ප්‍රතිසෙවනය පිණිස අකුවෙන් උඩ දණමඩලින් යට ගැනීම ඉවසාද ථුල්ලච්චයට පැමිණීම වේයයි වදාරණ ලදී. මෙහිද “අසද්ධම්මො” යනු කායසංසර්‍ග රාගයයි දතයුතුය. මෛථුනධර්‍මය නොදතයුතුය. මෛථුනය ලඟ ථුල්ලච්චයෙක් නොවේ. “විඤ්ඤූ පටිබලො කායසංසග්ගං සමාපජ්ජිතුං” යන වචනයද මෙහි සාධකය.

“තිස‍්සිත්‍ථියො මෙථුනං තං න සෙවෙ, තයො පුරිසෙ තයො ච අනරියපණ‍්ඩකෙ; න චාචරෙ මෙථුනං බ්‍යඤ‍්ජනස‍්මිං, ඡෙජ‍්ජා සියා මෙථුනධම‍්මපච‍්චයා; පඤ‍්හා මෙසා කුසලෙහි චින‍්තිතා”ති. (පරි· 481);

‘තිස්සො ඉත්‍ථියො මෙථුනං තං න සෙවෙ, තයො පුරිසෙ තයො ච අනරියපණ්ඩකෙ’ න චාචරෙ මෙථුනං ව්‍යඤ්ජනස්මිං ඡෙජ්ජා සියා මෙථුන ධම්මපච්චයා පඤ්හා මෙසා කුසලෙහි චින්තිතා”

මිනිස් අමිනිස් තිරිසන් වසයෙන් ස්ත්‍රීහු කියන ලද්දාහුද ඔවුන් පිළිබඳ මෛථුන සෙවනය නොකරන්නේය. මිනිස් අමිනිස් තිරිසන් යන පුරුෂයන් තිදෙන කරාද එළැඹැ මෛථුන සෙවනය නොකරන්නේය. අනාර්‍ය්‍ය වූ උභතොඛ්‍යඤ්ජනකයන් තිදෙන හා පණ්ඩකයන් තිදෙන යන සදෙන කරාද එළැඹැ මෛථුනසෙවනය නොකරන්නේය. මුදුපිට්ඨිලම්ධී ආදි අනුලොම් පාරාජික වස්තුවෙහි තමාගේ නිමිත්තෙහි මෙවුන්දම් නොහැසිරෙන්නේය. මෛථුන ධර්‍මප්‍රත්‍යයයෙන් පරිජි වන්නේය. මේ ප්‍රශ්නය නුවණැතියන් විසින් සිතිය යුතුය’යි

ඉමාය පරිවාරෙ වුත‍්තාය සෙදමොචකගාථාය විරුජ‍්ඣතීති චෙ? න; මෙථුනධම‍්මස‍්ස පුබ‍්බභාගත‍්තා. පරිවාරෙයෙව හි “මෙථුනධම‍්මස‍්ස පුබ‍්බභාගො ජානිතබ‍්බො”ති “වණ‍්ණාවණ‍්ණො කායසංසග‍්ගො දුට‍්ඨුල‍්ලවාචා අත‍්තකාමපාරිචරියාගමනුප‍්පාදන”න‍්ති එවං සුක‍්කවිස‍්සට‍්ඨිආදීනි පඤ‍්ච සික‍්ඛාපදානි මෙථුනධම‍්මස‍්ස පුබ‍්බභාගොති වුත‍්තානි. තස‍්මා කායසංසග‍්ගො මෙථුනධම‍්මස‍්ස පුබ‍්බභාගත‍්තා පච‍්චයො හොති. ඉති ඡෙජ‍්ජා සියා මෙථුනධම‍්මපච‍්චයාති එත්‍ථ ඉමිනා පරියායෙන අත්‍ථො වෙදිතබ‍්බො. එතෙනුපායෙන සබ‍්බපදෙසු විනිච‍්ඡයො වෙදිතබ‍්බො. අපිච “සඞ‍්කෙතං වා ගච‍්ඡෙය්‍යා”ති එතස‍්ස පදභාජනෙ “ඉත්‍ථන‍්නාමං ආගච‍්ඡා”ති. එවංනාමකං ඨානං ආගච‍්ඡාති අත්‍ථො.

පරිවාරයෙහි කියනලද සෙදමොචන ගාථාව හා විරුද්ධ වේදයත්: විරුද්ධ නොවේ. මෛථුන ධර්‍මයට පූර්‍වභාග බැවිනි. වර්‍ණය, අවර්‍ණය වශයෙන් සුක්කවිසට්ඨිය කියනලදී. කායසංසර්‍ගය දුට්ඨුල්ලාවාචාය. අත්තකාමපාරිචර්‍ය්‍යාය. සඤ්චරිත්තයයි මෙසේ සුක්කවිසට්ඨිය ආදිකොට ඇති පඤ්ච ශික්‍ෂාපදයෝ මෛථුන ධර්‍මයට පූර්‍වභාගයයි කියන ලදහ. එහෙයින් කායසංසර්‍ගය මෛථුන ධර්‍මයට පූර්‍වභාග බැවින් ප්‍රත්‍යය වේ. මෙසේ සිඳීමවන්නේය. මෙථුනධම්මපච්චයා යන මෙහි මේ කරුණෙන් අර්‍ත්‍ථය දතයුත්තේය. සඞ්ඝාටිකණ්ණගහණාදි සියලු පදයන්හිද මේ ක්‍රමයෙන් විනිශ්චය දතයුතුය. අනිකක්ද ඇත්තේය. “සඞ්කෙතං වා ගච්ඡෙය්‍ය” යන මෙහි පදභාජනයෙහි “ඉත්‍ථං නාමං ආගච්ඡ” මෙ නම් තැනට එව’ යන අර්‍ත්‍ථය.

අට‍්ඨමං වත්‍ථුං පරිපූරෙන‍්තී අස‍්සමණී හොතීති අනුලොමතො වා පටිලොමතො වා එකන‍්තරිකාය වා යෙන තෙන නයෙන අට‍්ඨමං වත්‍ථුං පරිපූරෙන‍්තීයෙව අස‍්සමණී හොති. යා පන එකං වා වත්‍ථුං සත‍්ත වා වත්‍ථූනි සතක‍්ඛත‍්තුම‍්පි පූරෙති, නෙව අස‍්සමණී හොති. ආපන‍්නා ආපත‍්තියො දෙසෙත්‍වා මුච‍්චති. අපිචෙත්‍ථ ගණනූපිකා ආපත‍්ති වෙදිතබ‍්බා. වුත‍්තඤ‍්හෙතං “අත්‍ථාපත‍්ති දෙසිතා ගණනූපිකා, අත්‍ථාපත‍්ති දෙසිතා න ගණනූපිකා”ති. තත්‍රායං විනිච‍්ඡයො – ඉදානි නාපජ‍්ජිස‍්සාමීති ධුරනික‍්ඛෙපං කත්‍වා දෙසිතා ගණනූපිකා දෙසිතගණනං උපෙති පාරාජිකස‍්ස අඞ‍්ගං න හොති. තස‍්මා යා එකං ආපන‍්නා ධුරනික‍්ඛෙපං කත්‍වා දෙසෙත්‍වා පුන කිලෙසවසෙන ආපජ‍්ජති, පුන දෙසෙති, එවං අට‍්ඨ වත්‍ථූනි පූරෙන‍්තීපි පාරාජිකා න හොති. යා පන ආපජ‍්ජිත්‍වා පුනපි අඤ‍්ඤං වත්‍ථුං ආපජ‍්ජිස‍්සාමීති සඋස‍්සාහාව දෙසෙති, තස‍්සා සා ආපත‍්ති නගණනූපිකා, දෙසිතාපි අදෙසිතා හොති, දෙසිතගණනං න ගච‍්ඡති, පාරාජිකස‍්සෙව අඞ‍්ගං හොති. අට‍්ඨමෙ වත්‍ථුම‍්හි පරිපුණ‍්ණමත‍්තෙ පාරාජිකා හොති. සෙසං උත‍්තානමෙවාති.

“අට්ඨමං වත්‍ථුං පරිපූරෙන්ති අස්සමණී හොති” අනුලොම් විසින් හෝ පිළිලොම් විසින් හෝ එක් අතරකින් හෝ යන යම්කිසි ක්‍රමයකින් අටවන වස්තුව පුරන්නීම අශ්‍රමණිය වේ. යම් මෙහෙණක් තොමෝ එක් වස්තුවක් හෝ වස්තුසතක් හෝ බොහෝ වරක් නමුදු පුරාද, අශ්‍රමණී නොවේමය. පැමිණි ඇවැත් දෙසා මිදෙන්නීය. තවද මෙහි දෙසූ ගණනට පැමිණෙන ඇවැත් දතයුතුය. ‘අත්‍ථාපත්ති දෙසිතා ගණනූපිකා අත්‍ථාපත්ති දෙසිතා න ගණනුපිකා’යි මෙය වදාරණ ලද්දේය. එහි මේ විනිශ්චයයි. ‘දැන් මේ ඇවැතට නොපැමිණෙන්නෙමි’යි ධුර නික්‍ෂෙපය කොට දෙසන ලද්දී දෙසූ ගණනට පැමිණෙන ඇවැත් දතයුතුය. පාරාජිකයට අඞ්ගයෙක් නොවේ. එහෙයින් යම් මෙහෙණක් තොමෝ එක් ඇවතකට පැමිණියා ධුරනික්‍ෂෙපය කොට දෙසා නැවැත කෙලෙස් විසින් පැමිණෙන්නීද නැවත දෙසාද, මෙසේ වස්තු අට පුරන්නීද, පරිජි නොවන්නීය. යම් මෙහෙණක් තෙමේ ඇවැතට පැමිණ නැවැතද ‘අන් වස්තුවකට පැමිණෙන්නෙමි’යි උත්සාහ ඇත්තීම දෙසාද, ඇයගේ ඒ ඇවැත පිළිගැනීම සුදුසු නොවන්නී නොවේ. දෙසන ලද්දීද, නොදෙසන ලද්දීද වේ. දෙසූ ගණනට නොපැමිණෙන්නීය. පාරාජිකයටම අඞ්ග වේ. අටවැනි වස්තුව පිරුණු ඇසිල්ලෙහිම පාරාජිකා වන්නීය. සෙස්ස ප්‍රකටමය.

ධුරනික‍්ඛෙපසමුට‍්ඨානං – කායවාචාචිත‍්තතො සමුට‍්ඨාති, කිරියං, සඤ‍්ඤාවිමොක‍්ඛං, සචිත‍්තකං, ලොකවජ‍්ජං, කායකම‍්මං, වචීකම‍්මං, අකුසලචිත‍්තං, ද‍්විවෙදනන‍්ති.

ධුරනික්‍ෂෙප සමුත්‍ථානිකය. කායවාචාචිත්තයෙන්ද හටගණියි. ක්‍රියාසමුත්‍ථානය. සංඥාවිමොක්‍ෂය. සචිත්තකය. ලොකවද්‍යය. කායකර්‍මයි. වාක්කර්‍මයි. අකුශල චිත්තයි. ද්විවෙදනයි.

චතුත්‍ථපාරාජිකං.

වර්‍ණනා ක්‍රමයෙන් චතුර්‍ත්‍ථ ශික්‍ෂාපදය නිමි.

උද‍්දිට‍්ඨා ඛො අය්‍යායො අට‍්ඨ පාරාජිකා ධම‍්මාති භික‍්ඛූ ආරබ‍්භ පඤ‍්ඤත‍්තා සාධාරණා චත‍්තාරො ඉමෙ ච චත‍්තාරොති එවං පාතිමොක‍්ඛුද‍්දෙසමග‍්ගෙන උද‍්දිට‍්ඨා ඛො අය්‍යායො අට‍්ඨ පාරාජිකා ධම‍්මාති එවමෙත්‍ථ අත්‍ථො දට‍්ඨබ‍්බො. සෙසං මහාවිභඞ‍්ගෙ වුත‍්තනයමෙවාති.

“උද්දිට්ඨා ඛො අය්‍යායො අට්ඨ පාරාජිකා ධම්මා”යි භික්‍ෂූන් අරබයා පණවනලද සාධාරණවූ සතරය, මේ සතරයයි මෙසේ ප්‍රාතිමොක්‍ෂොද්දෙශ මාර්‍ගයෙන් ‘උද්දිට්ඨා ඛො අය්‍යායො අට්ඨ පාරාජිකා ධම්මා’යි මෙසේ මෙහි අර්‍ත්‍ථ දතයුතුය. සෙස්ස මහාවිභඞ්ගයෙහි කියූනයමය.

සමන‍්තපාසාදිකාය විනයසංවණ‍්ණනාය භික‍්ඛුනීවිභඞ‍්ගෙ පාරාජිකකණ‍්ඩවණ‍්ණනා නිට‍්ඨිතා.

විනයවිවෘති නම්වූ සිංහල සමන්තපාසාදිකාවෙහි භික්‍ෂුණී විභඞ්ගයෙහි පාරාජිකකාණ්ඩ වර්‍ණනාව නිමි.

පාරාජිකකණ‍්ඩං නිට‍්ඨිතං.