චතුත්ථපාරාජිකං
1. 4.
1. 4.
චතුත්ථපාරාජිකං
චතුර්ත්ථ පාරාජිකය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛුනියො අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථගහණම්පි සාදියන්ති සඞ්ඝාටිකණ්ණගහණම්පි සාදියන්ති, සන්තිට්ඨන්තිපි. සල්ලපන්තිපි සඞ්කෙතම්පි ගච්ඡන්ති. පුරිසස්සපි අබ්භාගමනං සාදියන්ති. ඡන්නම්පි අනුපවිසන්ති කායම්පි තදත්ථාය උපසංහරන්ති, එතස්ස අසද්ධම්මස්ස පතිසෙවනත්ථාය.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එකල්හි වනාහි සවග මෙහෙණෝ රාගයෙන් තෙත්වූවාහු රාගයෙන් තෙත් වූ පිරිමි පුඟුලක්හුගේ අත් ගැන්ම ද ඉවසති. සඟළකොන් ගැන්ම ද ඉවසති, වැළතට පැමිණ ද සිටිති. සල්ලාප ද කෙරෙති, සලකුණු කළ තැනට ද යෙති, තමන් වෙතට පිරිම්නියක්හුගේ පැමිණීම ද ඉවසති, පිළිසන් තැනට ද පිවිසෙති, තෙල මෙවුන්දම් සෙවුනා පිණිස ඔහු සඳහා (තමන්ගේ) ශරීරය ද එළවත්.
2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, “කථං හි නාම ඡබ්බග්ගියා භික්ඛුනියො අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථගහණම්පි සාදියිස්සන්ති. සඞ්ඝාටිකණ්ණගහණම්පි සාදියිස්සන්ති. සන්තිට්ඨිස්සන්තිපි. සල්ලපිස්සන්තිපි. සඞ්කෙතම්පි ගච්ඡිස්සන්ති. පුරිසස්සපි අබ්භාගමනං සාදියිස්සන්ති. ඡන්නම්පි අනුපවිසිස්සන්ති. කායම්පි තදත්ථාය උපසංහරිස්සන්ති, එතස්ස අසද්ධම්මස්ස පතිසෙවනත්ථායාති -පෙ- සච්චං කිර භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛුනියො අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථගහණම්පි සාදියන්ති. සඞ්ඝාටිකණ්ණගහණම්පි සාදියන්ති. සන්තිට්ඨන්තිපි. සල්ලපන්තිපි සඞ්කෙතම්පි ගච්ඡන්ති. පුරිසස්සපි අබ්භාගමනං සාදියන්ති. ඡන්නම්පි අනුපවිසන්ති. කායම්පි තදත්ථාය උපසංහරන්ති, එතස්ස අසද්ධම්මස්ස පතිසෙවනත්ථායාති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ-
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මෙහෙණෝ රාගයෙන් තෙත්වූවාහු රාගයෙන් තෙත් වූ පිරිමි පුඟුලක්හුගේ අත් ගැන්මත් ඉවසූහු ද? සඟළ කොන් ගැන්මත් ඉවසූහු ද? වැළතට පැමිණ සිටීමත් කොළෝ ද? සල්ලාපත් කොළෝ ද? සලකුණු කළ තැනටත් ගියෝ ද? තමන් වෙතට පිරිම්නියක්හුගේ පැමිණීමත් ඉවසූ ද? පිළිසන් තැනටත් පිවිසියෝ ද? තෙල මෙවුන්දම් සෙවුනා පිණිස ඔහු සඳහා ශරීරයත් එළවූහු දැයි. ... සැබෑ ද මහණෙනි සවග මෙහෙණෝ රාගයෙන් තෙත් වූවාහු රාගයෙන් තෙත් වූ පිරිමි පුඟුලක්හුගේ අත් ගැන්මත් ඉවසත් ද? සඟළකොන් ගැන්මත් ඉවසත් ද? වැළතට පැමිණ සිටීමත් කෙරෙත් ද? සල්ලාපත් කෙරෙත් ද? සලකුණු කළ තැනටත් යෙත් ද? තමන් වෙතට පිරිම්නියක්හුගේ පැමිණීමත් ඉවසත් ද? පිළිසන් තැනටත් පිවිසෙත් ද? තෙල මෙවුන්දම් සෙවුනා පිණිස ඔහු සඳහා ශරීරයත් එළවත් දැයි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ...
කථං හි නාම භික්ඛවෙ ඡබ්බග්ගියා භික්ඛුනියො අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථගහණම්පි සාදියිස්සන්ති සඞ්ඝාටිකණ්ණගහණම්පි සාදියිස්සන්ති සන්තිට්ඨිස්සන්තිපි සල්ලපිස්සන්තිපි සඞ්කෙතම්පි ගච්ඡිස්සන්ති. පුරිසස්සපි අබ්භාගමනං සාදියිස්සන්ති. ඡන්නම්පි අනුපවිසිස්සන්ති, කායම්පි තදත්ථාය උපසංහරිස්සන්ති එතස්ස අසද්ධම්මස්ස පතිසෙවනත්ථාය. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
කෙසේ නම් සවග මෙහෙණෝ රාගයෙන් තෙත් වූවාහු රාගයෙන් තෙත් වූ පිරිමි පුඟුලක්හුගේ අත් ගැන්මත් ඉවසූහු ද? සඟළකොන් ගැන්මත් ඉවසූහු ද? වැළතට පැමිණ සිටීමත් කොළෝ ද? සල්ලාපත් කොළෝ ද? සලකුණු කළ තැනටත් ගියෝ ද? තමන් වෙතට පිරිම්නියක්හුගේ පැමිණීමත් ඉවසූහු ද? පිළිසන් තැනටත් පිවිසියෝ ද? තෙල මෙවුන්දම් සෙවුනා පිණිස ඔහු සඳහා ශරීරයත් එළවූහු ද? මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
යා පන භික්ඛුනී අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථගහණං වා සාදියෙය්ය සඞ්ඝාටිකණ්ණගහණං වා සාදියෙය්ය සන්තිට්ඨෙය්ය වා සල්ලපෙය්ය වා සංකෙතං වා ගච්ඡෙය්ය පුරිසස්ස වා අබ්භාගමනං සාදියෙය්ය ඡන්නං වා අනුපවිසෙය්ය කායං වා තදත්ථාය උපසංහරෙය්ය එතස්ස අසද්ධම්මස්ස පතිසෙවනත්ථාය අයම්පි පාරාජිකා හොති අසංවාසා අට්ඨවත්ථුකාති.
යම් මෙහෙණක් රාගයෙන් තෙත්වූවාහු රාගයෙන් තෙත් වූ පිරිමි පුඟුලක්හුගේ අත් ගැන්ම හෝ ඉවසන්නී නම් සඟළකොන් ගැන්ම හෝ ඉවසන්නී නම් වැළැතට පැමිණ සිටින්නී නම් හෝ සල්ලාප හෝ කරන්නී නම් සලකුණු කළ තැනට හෝ යන්නී නම් තමා වෙතට පිරිම්නියක්හුගේ පැමිණීම හෝ ඉවසන්නී නම් පිළිසන් තැනට හෝ පිවිසෙන්නී නම් තෙල මෙවුන්දම් සෙවුනා පිණිස ඔහු සඳහා ශරීරය හෝ එළවන්නී නම් මෝ තොමෝ පරිජි වූවා සහවාසයට නො නිසි වූවා වෙයි – අට්ඨවත්‍ථුකා යැ.
3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
අවස්සුතා නාම: සාරත්තා අපෙක්ඛවතී පටිබද්ධචිත්තා.
අවස්සුතා නම්: (කායසංසර්ගරාගයෙන්) මොනොවට රත් වූ (පිරිම්නියක්හු කෙරෙහි) අපේක්ෂායෙන් යුක්ත වූ පිළිබඳ සිත් ඇත්තී යැ.
අවස්සුතො නාම: සාරත්තො අපෙක්ඛවා පටිබද්ධචිත්තො.
අවස්සුත නම්: (කායසංසර්ගරාගයෙන්) මොනොවට රත් වූ (මාගමක කෙරෙහි) අපේක්ෂායෙන් යුක්ත වූ පිළිබඳ සිත් ඇත්තේ යැ.
පුරිසපුග්ගලො නාම: මනුස්සපුරිසො, න යක්ඛො න පෙතො න තිරච්ඡානගතො විඤ්ඤූ පටිබලො කායසංසග්ගං සමාපජ්ජිතුං.
පුරිසපූග්ගල නම්: මිනිස් පිරිම්නියෙකි. යක්ෂයෙක් නො වෙයි. ප්‍රේතයෙක් නො වෙයි. තිරිසන්ගියෙක් නො වේ. කායසංසර්‍ගයට සමවදින්නට දැනුමැති ප්‍රතිබලයෙකි.
හත්ථගහණං වා සාදියෙය්යාති: හත්ථො නාම: කප්පරං උපාදාය යාව අග්ගනඛා, එතස්ස අසද්ධම්මස්ස පතිසෙවනත්ථාය උබ්භක්ඛකං අධොජාණුමණ්ඩලගහණං සාදියති ආපත්ති ථුල්ලච්චයස්ස.
හත්ථගහණං වා සාදියෙය්ය: හත්ථ නම් වැළමිට පටන් නිය අග තෙක් යැ. තෙල මෙවුන්දම් සෙවුනා පිණිස අකුඇටෙන් මතු දණමඬලෙන් යටැ ගැන්ම ඉවසා නම් තුලැසි ඇවැත් වේ.
සඞ්ඝාටිකණ්ණගහණං වා සාදියෙය්යාති: එතස්ස අසද්ධම්මස්ස පතිසෙවනත්ථාය නිවත්ථං වා පාරුතං වා ගහණං සාදියති ආපත්ති ථුල්ලච්චයස්ස.
සඞ්ඝාටිකණ්ණගහණං වා සාදිසෙය්‍ය: තෙල මෙවුන්දම් සෙවුනා පිණිස හැඳිවත හෝ පොරෝනාව හෝ ගැන්ම ඉවසා නම් තුලැසි ඇවැත් වේ.
සන්තිට්ඨෙය්ය වාති: එතස්ස අසද්ධම්මස්ස පතිසෙවනත්ථාය පුරිසස්ස හත්ථපාසෙ තිට්ඨති ආපත්ති ථුල්ලච්චයස්ස.
සන්තිටෙඨය්ය වා: තෙල මෙවුන්දම් සෙවුනා පිණිස පිරිම්නියක් හුගේ වැළතෙහි සිටී නම් තුලැසි ඇවැත් වේ.
සල්ලපෙය්ය වාති: එතස්ස අසද්ධම්මස්ස පතිසෙවනත්ථාය පුරිසස්ස හත්ථපාසෙ ඨිතා සල්ලපති ආපත්ති ථුල්ලච්චයස්ස.
සල්ලපෙය්ය වා: තෙල මෙවුන්දම් සෙවුනා පිණිස පිරිම්නියක්හුගේ වැළතෙහි සිටියා කතාබහ කෙරේ නම් තුලැසි ඇවැත් වේ.
සංකෙතං වා ගච්ඡෙය්යාති: එතස්ස අසද්ධම්මස්ස පතිසෙවනත්ථාය පුරිසෙන ඉත්ථන්නාමං ඔකාසං ආගච්ඡාති වුත්තා ගච්ඡති පදෙ පදෙ ආපත්ති දුක්කටස්ස. පුරිසස්ස හත්ථපාසං ඔක්කන්තමත්තෙ ආපත්ති ථුල්ලච්චයස්ස.
සංකෙතං වා ගච්ඡෙය්ය: තෙල මෙවුන්දම් සෙවුනා පිණිස පිරිම්නියක්හු විසින් ‘මෙ නම් ඇති පෙදෙසට එව’යි කියන ලද්දී යා නම් පියෙහි පියෙහි දුකුළා ඇවැත් වෙයි. පිරිම්නියාගේ අත්පසට පැමිණි කෙණෙහි තුලැසි ඇවැත් වේ.
පුරිසස්ස වා අබ්භාගමනං සාදියෙය්යාති: එතස්ස අසද්ධම්මස්ස පතිසෙවනත්ථාය පුරිසස්ස අබ්භාගමනං සාදියති ආපත්ති දුක්කටස්ස. හත්ථපාසං ඔක්කන්තමත්තෙ ආපත්ති ථුල්ලච්චයස්ස.
පුරිසස්ස වා අබ්භාගමනං සාදියෙය්ය: තෙල මෙවුන්දම් සෙවුනා පිණිස තමා වෙතට පිරිම්නියක්හුගේ පැමිණීම ඉවසා නම් දුකුළා ඇවැත් වෙයි. අත්පසට පැමිණි කෙණෙහි තුලැසි ඇවැත් වේ.
ඡන්නං වා අනුපවිසෙය්යාති: එතස්ස අසද්ධම්මස්ස පතිසෙවනත්ථාය යෙන කෙනචි පටිච්ඡන්නං ඔකාසං පවිට්ඨමත්තෙ ආපත්ති ථුල්ලච්චයස්ස.
ඡන්නං වා අනුපවිසෙය්ය: තෙල මෙවුන්දම් සෙවුනා පිණිස යම් කිසිවකිනුදු පිළිසන් පියෙසකට පිවිසි කෙණෙහි තුලැසි ඇවැත් වේ.
කායං වා තදත්ථාය උපසංහරෙය්යාති: එතස්ස අසද්ධම්මස්ස පතිසෙවනත්ථාය පුරිසස්ස හත්ථපාසෙ ඨිතා කායං උපසංහරති ආපත්ති ථුල්ලච්චයස්ස.
කායං වා තදත්ථාය උපසංහරෙය්ය: තෙල මෙවුන්දම් සෙවුනා පිණිස පිරිම්නියක්හුගේ වැළැතෙහි සිටියා ශරීරය එළවා නම් තුලැසි ඇවැත් වේ.
අයම්පීති: පුරිමායො උපාදාය වුච්චති.
අයම්පි: පළමු පරිජි වූ මෙහෙණන් ගෙනැ කියනු ලැබෙයි.
පාරාජිකා හොතීති: සෙය්යථාපි නාම තාලො මත්ථකච්ඡින්නො අභබ්බො පුන විරූළ්හියා එවමෙව භික්ඛුනී අට්ඨමං වත්ථුං පරිපූරෙන්තී අස්සමණී හොති අසක්යාධීතා, තෙන වුච්චති පාරාජිකා හොතීති.
පාරාජිකා හොති: යම් සේ මුදුන්සුන් තල්රුකෙක් යළි වැඩුමට නො නිසි වේද, එසේ මැ මෙහෙණ අටවැනි වස්තුව පුරවන්නී නො මෙහෙණක් වූවා නො සැහැ දුවක් වූවා වෙයි. එහෙයින් පාරාජිකා හොති යැයි කියනු ලැබේ.
අසංවාසාති: සංවාසො නාම: එකකම්මං එකුද්දෙසො සමසික්ඛතා එසො සංවාසො නාම. සො තාය සද්ධිං නත්ථි, තෙන වුච්චති අසංවාසාති.
අසංවාසා: සංවාස නම් එක් වැ විනයකර්ම කිරීම යැ. එක් වැ පාමොක් උදෙසීම යැ, සමසික ඇති බව යි, තෙලෙ සංවාස නම් වේ. ඒ සංවාස ඇය සමග නැති, එහෙයින් අසංවාසා යැයි කියනු ලැබේ.
අනාපත්ති: අසඤ්චිච්ච අසතියා අජානන්තියා අසාදියන්තියා උම්මත්තිකාය ඛිත්තචිත්තාය වෙදනට්ටාය ආදිකම්මිකායාති.
නො සිතා කරන්නියට නො සිහියෙන් කරන්නියට නො දන්නියට නො ඉවසන්නියට උම්මත්තිකාවට ක්ෂිප්තචිත්තාවට වේදනාර්තාවට අදිකම්මිකාවට ඇවැත් නැති.
චතුත්ථපාරාජිකං නිට්ඨිතං.
චතුර්ත්ථ පාරාජිකය නිමි.
4. උද්දිට්ඨා ඛො අය්යායො අට්ඨපාරාජිකා ධම්මා. යෙසං භික්ඛුනී අඤ්ඤතරං වා අඤ්ඤතරං වා ආපජ්ජිත්වා න ලභති භික්ඛුනීහි සද්ධිං සංවාසං යථා පුරෙ තථා පච්ඡා, පාරාජිකා හොති අසංවාසා. තත්ථාය්යායො පුච්ඡාමි, කච්චිත්ථ පරිසුද්ධා දුතියම්පි පුච්ඡාමි කච්චිත්ථ පරිසුද්ධා. තතියම්පි පුච්ඡාමි. කච්චිත්ථ පරිසුද්ධා. පරිසුද්ධෙත්ථාය්යායො තස්මා තුණ්හී, එවමෙතං ධාරයාමීති.
4. ආර්‍ය්‍යාවෙනි අට පරිජි ඇවැත්හු උදෙසන ලදහු මැ යි. මෙහෙණක් තොමෝ යම් පරිජි කෙනකුන් අතුරෙන් එක්තරා එක්තරා ඇවැතකට පැමිණ මෙහෙණන් සමඟ සංවාසය නො ලබා ද, පෙරැ යම් සේ නම් පසු වැ එසේ සංවාසය නැත්තී පරිජි වූවා වෙයි. එහි ලා ආර්ය්යාවන් පිළිවිසිමි. කිම පිරිසුදුවහු ද? දෙවනවටදු පිළිවිසිමි, කිම පිරිසුදුවහු ද? තෙවනවටදු පිළිවිසිමි, කිම පිරිසුදුවහු ද? මෙහි ලා ආර්‍ය්‍යාවෝ පිරිසුදු හ. එහෙයින් නිහඬ වෙති. මෙසේ මෙය දරමි යි.
පාරාජිකකණ්ඩො නිට්ඨිතො.
පාරාජික කාණ්ඩය නිමියේ යි.