යෙදුමෙන් කියවන්න

පඨමසඞ‍්ඝාදිසෙසො

2. 1.

2. 1.

පඨමසඞ‍්ඝාදිසෙසො

ප්‍රථම සඞ්ඝාදිශේෂය

ඉමෙ ඛො පනාය්‍යායො සත‍්තරස සඞ‍්ඝාදිසෙසා ධම‍්මා උද‍්දෙසං ආගච‍්ඡන‍්ති.

ආර්‍ය්‍යාවෙනි, මේ සතළොස් සඞ්ඝාදිසෙසධර්‍මයෝ උදෙසීමට පැමිණෙත්.

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ‍්ඤතරො උපාසකො භික‍්ඛුනීසඞ‍්ඝස‍්ස උද‍්දොසිතං දත්‍වා කාලකතො හොති. තස‍්ස ද‍්වෙ පුත‍්තා හොන‍්ති, එකො අස‍්සද‍්ධො අප‍්පසන‍්නො එකො සද‍්ධො පසන‍්නො, තෙ පෙත‍්තිකං සාපතෙය්‍යං විභජිංසු. අථ ඛො සො අස‍්සද‍්ධො අප‍්පසන‍්නො සද‍්ධං පසන‍්නං එතදවොච, අම‍්හාකං උද‍්දොසිතො, තං භාජෙමාති. එවං වුත‍්තෙ සො සද‍්ධො පසන‍්නො තං අස‍්සද‍්ධං අප‍්පසන‍්නං එතදවොච. “මාය්‍යො එවං අවච අම‍්හාකං පිතුනා භික‍්ඛුනිසඞ‍්ඝස‍්ස දින‍්නො”ති. දුතියම‍්පි ඛො සො අස‍්සද‍්ධො අප‍්පසන‍්නො තං සද‍්ධං පසන‍්නං එතදවොච: අම‍්හාකං උද‍්දොසිතො තං භාජෙමා”ති. දුතියම‍්පි සො සද‍්ධො පසන‍්නො තං අස‍්සද‍්ධං අප‍්පසන‍්නං එතදවොච: “මාය්‍යො එවං අවච “අම‍්හාකං පිතුනා භික‍්ඛුනිසඞ‍්ඝස‍්ස දින‍්නො”ති, තතියම‍්පි ඛො සො අස‍්සද‍්ධො අප‍්පසන‍්නො තං සද‍්ධං පසන‍්නං එතදවොච: “අම‍්හාකං උදොසිතො, තං භාජෙමාති. අථ ඛො සො සද‍්ධො පසන‍්නො සචෙ මය‍්හං භවිස‍්සති අහම‍්පි භික‍්ඛුනිසඞ‍්ඝස‍්ස දස‍්සාමීති තං අස‍්සද‍්ධං අප‍්පසන‍්නං එතදවොච භාජෙමාති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එකල්හි එක්තරා උපාසකයෙක් මෙහෙණසඟනට බඩුහලක් දී කලුරිය කෙළේ වෙයි. ඔහුට දෙපුත් කෙනෙක් වෙති. එකෙක් (බුදුසසුන්හි) සැදැහැ නැතියේ නො පහන් යැ. එකෙක් සැදැහැ ඇතියේ පහන් යැ. ඔහු පිය සතු ධනය බෙදූහු. එකල්හි ඒ සැදැහැ නැති නො පහන් පුත් ඒ සැදැහැ ඇති පහන් පුත්හට මෙය කීයැ: “අපගේ බඩුහලෙක් වෙයි. එය බෙදමු” යැයි. මෙසේ කී කල්හි ඒ සැදැහැ ඇති පහන්වූයේ ඒ සැදැහැ නැති නො පහන්වූවහුට මෙය කීයැ: “ආර්‍ය්‍ය තෙමේ මෙසේ නහමක් කියාවා: අපගේ පියහු විසින් මෙහෙණ සඟනට දෙන ලද්දේ” යැයි. දෙවනවටදු ඒ සැදැහැ නැති නො පහන්වූයේ ඒ සැදැහැ ඇති පහන්වූවහුට මෙය කීයැ; “අපගේ බඩුහලෙක් වෙයි. එය බෙදමු” යැයි. දෙවනවටදු ඒ සැදැහැ ඇති පහන්වූයේ ඒ සැදැහැ නැති නො පහන්වූවහුට මෙය කීයැ: “ආර්‍ය්‍ය තෙමේ මෙසේ නහමක් කියාවා: අපගේ පියහු විසින් මෙහෙණ සඟනට දෙන ලද්දේ” යැයි. තෙවනවටදු ඒ සැදැහැ නැති නොපහන්වූයේ ඒ සැදැහැ ඇති පහන්වූවහුට මෙය කීයැ: “අපගේ බඩුහලෙක් වෙයි. එය බෙදමු” යැයි. එකල්හි ඒ සැදැහැ ඇති පහන්වූයේ “ඉදින් මාහට වන්නේ නම් මමද මෙහෙණ සඟනට දෙන්නෙමැ” යි ඒ සැදැහැ නැති නොපහන්වූවහුට ‘බෙදම්හ’ යි කීයැ.

2. අථ ඛො සො උද‍්දොසිතො තෙහි භාජීයමානො තස‍්ස අස‍්සද‍්ධස‍්ස අප‍්පසන‍්නස‍්ස පාපුණි. අථ ඛො සො අස‍්සද‍්ධො අප‍්පසන‍්නො භික‍්ඛුනියො උපසඞ‍්කමිත්‍වා එතදවොච: “නික‍්ඛමථය්‍යෙ අම‍්හාකං උද‍්දොසිතො”ති. එවං වුත‍්තෙ ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී තං පුරිසං එතදවොච: “මාය්‍යො එවං අවච, තුම‍්හාකං පිතුනා භික‍්ඛුනිසඞ‍්ඝස‍්ස දින‍්නොති, දින‍්නො න දින‍්නොති වොහාරිකෙ මහාමත‍්තෙ පුච‍්ඡිංසු. මහාමත‍්තා එවමාහංසු: කො අය්‍යෙ ජානාති භික‍්ඛුනිසඞ‍්ඝස‍්ස දින‍්නොති එවං වුත‍්තෙ ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී තෙ මහාමත‍්තෙ එතදවොච. අපිනාය්‍යා තුම‍්හෙහි දිට‍්ඨං වා සුතං වා සක‍්ඛිං ඨපයිත්‍වා දානං දීයමානන‍්ති. අථ ඛො තෙ මහාමත‍්තා සච‍්චං ඛො අය්‍යා ආහාති තං උද‍්දොසිතං භික‍්ඛුනි සඞ‍්ඝස‍්ස අකංසු.

2. ඉක්බිති ඔවුන් විසින් බෙදනු ලබන ඒ බඩුහල ඒ සැදැහැ නැති නොපහන්වූවහුට පැමිණියේයැ, එකල්හි ඒ සැදැහැ නැති නොපහන්වූයේ මෙහෙණන් වෙත එළැඹැ තෙල කීයැ: “ආර්‍ය්‍යාවෙනි නික්මෙවු, බඩුහල අපගේ යැ” යි. මෙසේ කී කල්හි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඒ පුරුෂයාහට තෙල කිවූ යැ: ආර්‍ය්‍ය තෙමේ මෙසේ නහමක් කියාවා, තොපගේ පියහු විසින් මෙහෙණ සඟනට දෙන ලද්දේ” යැයි. දෙන ලද ද නො දෙන ලද ද දැයි අධිකරණ මහාමාත්‍රයන් පිළිවිසියහ. මහාමාත්‍රයෝ මෙසේ කීහු: “ආර්‍ය්‍යාවෙනි මෙහෙණ සඟනට දෙන ලදැයි කවරෙක් දනී” දැයි. මෙසේ කී කල්හි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඒ මහාමාත්‍රයන්හට මෙය කිවු යැ: “ආර්‍ය්‍යයෙනි තොප විසින් සාක්‍ෂ්‍ය තබාගෙන දෙනු ලබන දානයෙක් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේ” දැයි. එකල්හි ඒ මහාමාත්‍රයෝ ‘ආර්‍ය්‍යාව සැබැවක් කියා’යැයි ඒ බඩුහල මෙහෙණ සඟන සතු කළහ.

3. අථ ඛො සො පුරිසො පරාජිතො උජ‍්ඣායති ඛීයති විපාචෙති: “අස‍්සමණියො ඉමා මුණ‍්ඩා වන්‍ධකිනියො. කථං හි නාම අම‍්හාකං උද‍්දොසිතං අච‍්ඡින්‍දාපෙන‍්තී”ති. ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී මහාමත‍්තානං එතමත්‍ථං ආරොචෙසි, මහාමත‍්තා තං පුරිසං දණ‍්ඩාපෙසුං. අථ ඛො සො පුරිසො දණ‍්ඩිතො භික‍්ඛුනූපස‍්සයස‍්ස අවිදූරෙ ආජීවකසෙය්‍යං කාරාපෙත්‍වා ආජීවකෙ උය්‍යොජෙසි. එතා භික‍්ඛුනියො අච‍්චාවදථාති. ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී මහාමත‍්තානං එතමත්‍ථං ආරොචෙසි. මහාමත‍්තා තං පුරිසං බන්‍ධාපෙසුං. මනුස‍්සා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “පඨමං භික‍්ඛුනියො උද‍්දොසිතං අච‍්ඡින්‍දාපෙසුං, දුතියං දණ‍්ඩාපෙසුං තතියං බන්‍ධාපෙසුං, ඉදානි ඝාතාපෙස‍්සන‍්තී”ති. අස‍්සොසුං ඛො භික‍්ඛුනියො තෙසං මනුස‍්සානං උජ‍්ඣායන‍්තානං ඛීයන‍්තානං විපාචෙන‍්තානං.

3. ඉක්බිති ඒ පුරුෂ තෙම පැරැදුණේ ලමු කොට සිතයි. නුගුණ පවසයි, දොස් පතුරුවයි: “කෙසේ නම් මේ මුඩු වඳ නො මෙහෙණෝ අපගේ බඩුහල අසිඳගත්හුදැ”යි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ මහාමාත්‍රයනට තෙල කරුණ දැන්වූ යැ. මහාමාත්‍රයෝ ඒ පුරුෂයහට දඩ ගැස්සූහ. එකල්හි ඒ පුරුෂ තෙමේ දඩ ගසන ලදුයේ මෙහෙණවරට නුදුරු තන්හි ආජීවක සෙනස්නක් කරවා ‘තෙල මෙහෙණන්හට ආක්‍රෝශ කරවු’ යැයි ආජීවිකයන් නඟා යැවී යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ තෙල කරුණ මහාමාත්‍රයන්හට දැන්වූ යැ. මහාමාත්‍රයෝ ඒ පුරුෂයා දඟගෙහි ලැවූහ. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “මෙහෙණහු පළමු කොට බඩුහල අසිඳගත්හ, දෙවනුවැ දඩගැස්සූහ, තෙවනුවැ දඟගෙහි ලැවූහ. දැන් මරවන්නාහ” යි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන එ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු.

4. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “කථං හි නාම අය්‍යා ථුල‍්ලනන්‍දා උස‍්සයවාදිකා විහරිස‍්සතී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී උස‍්සයවාදිකා විහරතීති. සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී උස‍්සයවාදිකා විහරිස‍්සති, නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු.

4. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ අධිකරණ කරන්නී වුසූ” දැයි ... සැබෑ ද මහණෙනි ථුල්ලනන්‍දා තොමෝ භික්‍ෂුණී තොමෝ අධිකරණ කරන්නී වෙසේ දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ අධිකරණ කරන්නී වුසූ ද, මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නොවෙයි ... මෙසේ මහණෙනි මෙහෙණහු මේ සිකපදය උදෙසත්වා:

යා පන භික‍්ඛුනී උස‍්සයවාදිකා විහරෙය්‍ය ගහපතිනා වා ගහපතිපුත‍්තෙන වා දාසෙන වා කම‍්මකරෙන වා අන‍්තමසො සමණපරිබ‍්බාජකෙනාපි, අයං භික‍්ඛුනී පඨමාපත‍්තිකං ධම‍්මං ආපන‍්නා නිස‍්සාරණීයං සඞ‍්ඝාදිසෙසන‍්ති.

යම් මෙහෙණක් ගැහැවියකු හෝ ගැහැවිපුතකු හෝ දසකු හෝ කම්කරුවකු හෝ යටත්පිරිසෙයින් මහණ පිරිවැජියකුදු සමග අධිකරණ කරන්නී වෙසේ නම් මේ මෙහෙණ පළමු (විකුම්කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතුවූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ යැයි.

5. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

5. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණීයයි.

උස‍්සයවාදිකා නාම: අට‍්ටකාරිකා වුච‍්චති,

උස්සයවාදිකා නම්: අට්ටකාරිකා කියනු ලැබෙයි.

ගහපති නාම: යො කොචි අගාරං අජ‍්ඣාවසති.

ගහපති නම්: යම් කිසිවෙක් ගිහිගෙයි වෙසේ ද (හේ යැ.)

ගහපතිපුත‍්තො නාම: යෙ කොචි පුත‍්තභාතරො.

ගහපතිපුත්ත නම්: යම්කිසි දරුවන් හා බෑයන් ඇත්තෙකි.

දාසො නාම: අන‍්තො .... ජාතො ධනක‍්කිතො කරමරානීතො .

දාස නම්: අන්තොජාත යැ ධනක්කීත යැ කරමරානීත යි.

කම‍්මකරො: නාම: භතකො ආභතකො.

කම්මකර නම්: හතක යැ ආහතක යි.

සමණපරිබ‍්බාජකො නාම: භික‍්ඛුඤ‍්ච භික‍්ඛුනිඤ‍්ච සික‍්ඛමානඤ‍්ච සාමණෙරඤ‍්ච සාමණෙරිඤ‍්ච ඨපෙත්‍වා යො කොචි පරිබ‍්බාජකසමාපන‍්නො.

සමණපරිබ්බාජක නම්: මහණ ද මෙහෙණ ද සික්මනුව ද හෙරණ ද හෙරැණිය ද තබා යම් කිසි පිරිවැජිබවට පැමිණියෙකි.

අට‍්ටං කරිස‍්සාමීති දුතියං වා පරියෙසති ගච‍්ඡති වා ආපත‍්ති දුක‍්කටස‍්ස. එකස‍්ස ආරොචෙති ආපත‍්ති දුක‍්කටස‍්ස. දුතියස‍්ස ආරොචෙති ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. අට‍්ටපරියොසානෙ ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස.

අධිකරණයක් කරන්නෙ මැ යි දෙවැන්නකු සොයා නම් හෝ යේ නම් හෝ දුකුළා ඇවැත් වෙයි. එකක්හට ඇරොජා නම් දුකුළා ඇවැත් වෙයි. දෙවැන්නකුට ඇරොජා නම් ථුලැසි ඇවැත් වෙයි. අධිකරණය අවසන්හි සඟවෙසෙස් ඇවැත් වේ.

පඨමාපත‍්තිකන‍්ති: සහවත්‍ථජ‍්ඣාචාරා ආපජ‍්ජති අසමනුභාසනාය.

පඨමාපත්තිකං: වස්තුව්‍යතික්‍රමණය සමඟ මැ පැමිණෙයි, සමනුභාෂණකර්‍මයෙන් නො වේ.

නිස‍්සාරණීයන‍්ති: සඞ‍්ඝම‍්හා නිස‍්සාරීයති.

නිස්සාරණීයං: සඟහු කෙරෙන් නෙරනු ලබයි.

සඞ‍්ඝාදිසෙසන‍්ති: සඞ‍්ඝොව තස‍්සා ආපත‍්තියා මානත‍්තං දෙති මූලාය පටිකස‍්සති අබ‍්භෙති, න සම‍්බහුලා න එකා භික‍්ඛුනී, තෙන වුච‍්චති සඞ‍්ඝාදිසෙසොති තස‍්ස චෙව ආපත‍්තිනිකායස‍්ස නාමකම‍්මං අධිවචනං තෙනපි වුච‍්චති සඞ‍්ඝාදිසෙසොති.

සඞ්ඝාදිසේසො: සඞ්ඝ තෙමේ මැ ඒ ඇවැතට මානත දෙයි, මූලාය පටිකස්සන කර්‍ම කෙරෙයි, අබ්භාන කර්‍ම කෙරෙයි, කැඳවයි, සම්බහුලයෝ නො වෙති. එක් මෙහෙණක් ද නො වෙයි. එහෙයින් සඞ්ඝාදිසේස යැයි කියනු ලැබෙයි. ඒ ආපත්ති සමූහයට මැ නාමකර්‍ම යැ අධිවචන යි. එයිනුදු සඞ්ඝාදිසේස යැයි කියනු ලැබේ.

අනාපත‍්ති: මනුස‍්සෙහි ආකඩ‍්ඪීයමානා ගච‍්ඡති, රක‍්ඛං යාචති අනොදිස‍්ස ආචික‍්ඛති උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

මිනිසුන් විසින් අදනා ලබන්නී යා නම්, රැකවරණය යදී නම් නො උදෙසා කියා නම් ඇවැත් නො වේ, උම්මත්තිකාවහට ... අදිකම්මිකාවහට ඇවැත් නැති.

පඨමසඞ‍්ඝාදිසෙසො

ප්‍රථම සඞ්ඝාදිශේෂ යි.