දුතියසඞ්ඝාදිසෙසො
2. 2.
2. 2.
දුතියසඞ්ඝාදිසෙසො
ද්විතීය සඞ්ඝාදිශේෂය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන වෙසාලියං අඤ්ඤතරස්ස ලිච්ඡවිස්ස පජාපති අතිචාරිනී හොති. අථ ඛො සො ලිච්ඡවි තං ඉත්ථිං එතදවොච: “සාධු විරමාහි අනත්ථං ඛො තෙ කරිස්සාමී”ති. එවම්පි සා වුච්චමානා නාදියි. තෙන ඛො පන සමයෙන වෙසාලියා ලිච්ඡවිගණො සන්නිපතිතො හොති කෙනචිදෙව කරණීයෙන. අථ ඛො සො ලිච්ඡවි තෙ ලිච්ඡවී එතදවොච: “එකං මෙ අය්යො ඉත්ථිං අනුජානාථා”ති. කා නාම සාති. මය්හං පජාපති අතිචරති, තං ඝාතෙස්සාමීති. පජානාහීති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි විසල්පුරැ එක්තරා ලිච්ඡවියකුගේ භාර්‍ය්‍යා තොමෝ ඉක්මවා හැසිරෙන්නී වෙයි, එකල්හි ඒ ලිච්ඡවි තෙමේ ඒ ස්ත්‍රියට මෙය කීයැ: “මැනැවි විරමණය වව, තාහට නපුරක් කරන්නෙමැ” යි, මෙසේත් කියනු ලබන්නී නො පිළිගතු. එසමයෙහි වනාහි විසල්පුරැ ලිච්ඡවි ගණයා කිසියම් කටයුත්තක් හේතු කොට ගෙන රැස්වූයේ වෙයි. එකල්හි ඒ ලිච්ඡවි තෙමේ ඒ ලිච්ඡවීනට මෙය කීයැ: “ආර්‍ය්‍යයෙනි, එක් ස්ත්‍රියක මාහට අනුදනුව” යි. හෝ නම් කවර යැ? මාගේ භාර්‍ය්‍යාව ඉක්මවා හැසිරෙයි. ඇය නසා ලන්නෙමැයි, දනුව යි (කීයැ.)
2. අස්සොසි ඛො සා ඉත්ථි “සාමිකො කිර මං ඝාතෙතුකාමො”ති. වරභණ්ඩං ආදාය සාවත්ථිං ගන්ත්වා තිත්ථියෙ උපසඞ්කමිත්වා පබ්බජ්ජංයාචි. තිත්ථියා න ඉච්ඡිංසු පබ්බාජෙතුං. භික්ඛුනියො උපසඞ්කමිත්වා පබ්බජ්ජං යාචි, භික්ඛුනියො පි න ඉච්ඡිංසු පබ්බාජෙතුං. ථුල්ලනන්දං භික්ඛුනිං උපසඞ්කමිත්වා භණ්ඩකං දස්සෙත්වා පබ්බජ්ජං යාචි, ථුල්ලනන්දා භික්ඛුනී භණ්ඩකං ගහෙත්වා පබ්බාජෙසි.
2. ඒ ස්ත්‍රී තොමෝ ‘සැමියා මා නසාලනු කැමැත්තේ ලැ’යි ඇසූයැ, වරබඩු රැගෙන සැවැතට ගොස් තොටුවන් වෙත එළඹ පැවිද්ද යැදූ යැ, තොටුවෝ පැවිදි කරවන්නට නො කැමැති වූහු. මෙහෙණන් වෙත එළඹ පැවිද්ද යැදූ යැ. මෙහෙණෝත් පැවිදි කරවන්නට නො කැමැති වූහු, ථුල්ලනන්දා භික්ෂුණිය වෙත එළඹ බඩුපොදිය දක්වා පැවිද්ද යැදූ යැ, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ බඩුපොදිය ගෙන පැවිදි කරවූ යැ.
3. අථ ඛො සො ලිච්ඡවි තං ඉත්ථිං පරියෙසන්තො සාවත්ථිං ගන්ත්වා භික්ඛුනීසු පබ්බජිතං දිස්වාන යෙන රාජා පසෙනදී කොසලො තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා රාජානං පසෙනදිං කොසලං එතදවොච: “පජාපති මෙ දෙව වරභණ්ඩං ආදාය සාවත්ථිං අනුප්පත්තා තං දෙවො අනුජානාතූ”ති. තෙන හි භණෙ විචිනිත්වා ආචික්ඛාති දිට්ඨා දෙව භික්ඛුනීසු පබ්බජිතාති. සචෙ භණෙ භික්ඛුනීසු පබ්බජිතා න සා ලබ්භා කිඤ්චි කාතුං, ස්වාක්ඛාතො ධම්මො චරතු බ්රහ්මචරියං සම්මාදුක්ඛස්ස අන්තකිරියායාති.
3. ඉක්බිති ඒ ලිච්ඡවි තෙමේ ඒ ස්ත්‍රිය සොයන්නේ සැවැතට ගොස් මෙහෙණන් කෙරෙහි පැවිදිවූවහු දැක පසේනදි කොසොල් රජු වෙත එළඹියේ යැ, එළඹ පසේනදි කොසොල් රජුහට මෙය කීයැ: “දේවයෙනි, භාර්‍ය්‍යාව වරබඩු රැගෙන සැවැතට පැමිණියා යැ, දේවතෙමේ ඇය අනුදනීව” යි, එසේ නම් කොළෙනි, සොයා කියවයි. දේවයෙනි, මෙහෙණන් කෙරෙහි පැවිදිවූවා දක්නා ලද්දී යැ. ඉදින් කොළෙනි, මෙහෙණන් කෙරෙහි පැවිදි වූ නම් ඕතොමෝ කිසිවක් කරන්නට නො ලබන්නී යැ, ධර්මය ස්වාඛ්‍යාත යැ, මැනැවින් දුක් කෙළවර කිරීම පිණිස බඹසර කෙරේව යි.
4. අථ ඛො සො ලිච්ඡවි උජ්ඣායති ඛීයති විපාචෙති: “කථං හි නාම භික්ඛුනියො චොරිං පබ්බාජෙස්සන්තී”ති. අස්සොසුං ඛො භික්ඛුනියො තස්ස ලිච්ඡවිස්ස උජ්ඣායන්තස්ස ඛීයන්තස්ස විපාචෙන්තස්ස.
4. එකල්හි ඒ ලිච්ඡවි තෙමේ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: “කෙසේ නම් මෙහෙණෝ සෙරක පැවිදි කරවූහු දැ” යි. භික්ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ ලිච්ඡවිහුගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු.
5. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “කථං හි නාම අය්යා ථුල්ලනන්දා චොරිං පබ්බාජෙස්සතී”ති? -පෙ- සච්චං කිර භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී චොරිං පබ්බාජෙසීති? සච්චං භගවා විගරහි බුද්ධො භගවා -පෙ- “කථං හි නාම භික්ඛවෙ ථුල්ලනන්දා භික්ඛුනී චොරිං පබ්බාජෙස්සති. නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
5. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ සෙරක පැවිදි කරවූ” දැයි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය සෙරක පැවිදි කරවූදැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය සෙරක පැවිදි කරවු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන් ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය මෙසේ උදෙසත්වා:
යා පන භික්ඛුනී ජානං චොරිං වජ්ඣං විදිතං අනපලොකෙත්වා රාජානං වා සඞ්ඝං වා ගණං වා පූගං වා සෙණිං වා අඤ්ඤත්ර කප්පා වුට්ඨාපෙය්ය අයම්පි භික්ඛුනී පඨමාපත්තිකං ධම්මං ආපන්නා නිස්සාරණීයං සඞ්ඝාදිසෙසන්ති.
යම් මෙහෙණක් තොමෝ දැනැ දැනැ වධයට සුදුසු වූ (එසේ) දන්නා ලද්දා වූ සෙරක රජහු හෝ සඟහු හෝ ගණයා හෝ මුළුව හෝ ශ්‍රේණිය හෝ නො පිළිවිසැ පෙර පැවිදි වූවක තබා උපසපන් කරවා නම් මේ මෙහෙණ තොමෝත් පළමු (විකුම් කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ යැයි.
6. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
6. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණිය යි.
ජානාති නාම: සාමං වා ජානාති අඤ්ඤෙ වා තස්සා ආරොචෙන්ති, සා වා ආරොචෙති.
ජානාති නම්: තොමෝ හෝ දනී, අන්හු හෝ ඇයට ඇරොජත්, ඕතොමෝ හෝ ඇරොජයි.
චොරී නාම: යා පඤ්චමාසකං වා අතිරෙකපඤ්චමාසකං වා අග්ඝනකං අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියති, එසා චොරී නාම.
චෝරී නම්: යමක් පස්මස්සක් හෝ අයිරා පස්මස්සක් හෝ අගනා නුදුන් දැයක් සොරසිතින් ගනී නම් මෝ තොමෝ සෙර නමු.
වජ්ඣා නාම: යං කම්මං කත්වා වජ්ඣප්පත්තා හොති.
වජ්ඣා නම්: යම් කර්මයක් කොට වධයට සුදුසු වූවා වෙයි.
විදිතා නාම: අඤ්ඤෙහි මනුස්සෙහි ඤාතා හොති වජ්ඣා එසාති.
විදිතා නම්: සෙසු මිනිසුන් විසින් ‘මෝ තොමෝ වධයට සුදුසු වූවා’ යැයි දන්නා ලද්දී වෙයි.
අනපලොකෙත්වාති: අනාපුච්ඡා.
අනපලෝකෙත්වා: නො පිළිවිසැ,
රාජා නාම: යත්ථ රාජා අනුසාසති, රාජා අපලොකෙතබ්බො.
රාජ නම්: යම් තැනෙක රජෙක් අනුශාසනය කෙරේ නම් රජතෙමේ පිළිවිසිය යුත්තේ යැ.
සඞ්ඝො නාම: භික්ඛුනිසඞ්ඝො වුච්චති, භික්ඛුනිසඞ්ඝො අපලොකෙතබ්බො.
සඞ්ඝ නම්: භික්‍ෂුණීසඞ්ඝයා කියනු ලැබෙයි. භික්‍ෂුණීසඞ්ඝ තෙමේ පිළිවිසිය යුත්තේ යැ.
ගණො නාම: යත්ථ ගණො අනුසාසති, ගණො අපලොකෙතබ්බො.
ගණ නම්: යම් තැනෙක (මල්ලගණාදි) ගණයෙක් අනුශාසනය කෙරේ නම් ගණයා පිළිවිසිය යුත්තේ යැ.
පූගො නාම: යත්ථ පූගො අනුසාසති, පූගො අපලොකෙතබ්බො.
පූග නම්: යම් තැනෙක පුඤ්ඤ කාරකාදි මුළුවෙක් අනුශාසනය කෙරේ නම් මුළුව පිළිවිසිය යුත්තේ යැ.
සෙණි නාම: යත්ථ සෙණි අනුසාසති, සෙණි අපලොකෙතබ්බො.
සෙණී නම්: යම් තැනෙක ගන්ධිකාදි ශ්රේණියෙක් අනුශාසනය කෙරේ නම් ශ්‍රේණිය පිළිවිසිය යුත්තේ යි.
අඤ්ඤත්ර කප්පාති: ඨපෙත්වා කප්පං, කප්පං නාම: ද්වෙ කප්පානි, තිත්ථියෙසු වා පබ්බජිතා හොති අඤ්ඤාසු වා භික්ඛුනීසු පබ්බජිතා අඤ්ඤත්ර කප්පා වුට්ඨාපෙස්සාමීති ගණං වා ආචරිනිං වා පත්තං වා චීවරං වා පරියෙසති සීමං වා සම්මන්නති, ආපත්ති දුක්කටස්ස. ඤත්තියා දුක්කටං, ද්වීහි කම්මවාචාහි ථුල්ලච්චයා, කම්මවාචාපරියොසානෙ උපජ්ඣායාය ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. ගණස්ස ච ආචරිනියා ච ආපත්ති දුක්කටස්ස.
අඤ්ඤත්ර කප්පා: කැප බවට ගියක තබා කප්ප නම්: දෙ කැපයෙකි තොටුවන් කෙරෙහි හෝ පැවිදිවූවා වෙයි, අන් මෙහෙණන් කෙරෙහි හෝ පැවිදිවූවා වෙයි, කැපබවට ගියක තබා උපසපන් කරවන්නෙ මැයි ගණයා හෝ ඇජරක හෝ පයක් හෝ සිවුරක් හෝ සොයා නම් සීමාවක් හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, ඥප්තියෙන් දුකුළා යැ දෙකම් වදනින් තුලැසි යැ, කම්වදන් පිරියතැ උවදෑ මෙහෙණහට සඟවෙසෙස් ඇවැත් වෙයි. ගණයාහට ද ඇජරහට දුකුළා ඇවැත් වේ.
අයම්පීති: පුරිමං උපාදාය වුච්චති.
අයම්පි: පළමු සඟවෙසෙස් අවනක ගෙන කියනු ලැබෙයි.
පඨමාපත්තිකන්ති: සහවත්ථජ්ඣාචාරා ආපජ්ජති අසමනුභාසනාය.
පඨමාපත්තිකං: වස්තුව්‍යතික්‍රමණය සමග මැ පැමිණෙයි, සමනුභාෂණ කර්මයෙන් නො වෙයි.
නිස්සාරණීයන්ති: සඞ්ඝම්හා නිස්සාරීයති.
නිස්සාරණීයං: සඟහු කෙරෙන් නෙරනු ලබයි.
සඞ්ඝාදිසෙසොති: සඞ්ඝොව තස්සා ආපත්තියා මානත්තං දෙති මූලාය පටිකස්සති අබ්භෙති න සම්බහුලා න එකා භික්ඛුනී තෙන වුච්චති සඞ්ඝාදිසෙසොති. තස්ස චෙව ආපත්තිනිකායස්ස නාමකම්මං අධිවචනං, තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසොති.
සඞ්ඝාදිසේසො: සඞ්ඝ තෙමේ මැ ඒ ඇවැතට මානත දෙයි, මූලාය පටිකස්සනය කෙරෙයි, අබ්භාන කර්ම කෙරෙයි. සම්බහුලයෝ නො වෙති, එක් මෙහෙණක් ද නො වෙයි, එහෙයින් සඞ්ඝාදිසේස යැයි කියනු ලැබෙයි, ඒ ආපත්ති සමූහයට මැ නාමකර්ම යැ අධිවචන යි. එයිනුදු සඞ්ඝාදිසේස යැයි කියනු ලැබේ.
චොරියා චොරිසඤ්ඤා අඤ්ඤත්ර කප්පා වුට්ඨාපෙති ආපත්ති සඞ්ඝාදිසෙසස්ස. චොරියා වෙමතිකා අඤ්ඤත්ර කප්පා වුට්ඨාපෙති ආපත්ති දුක්කටස්ස. චොරියා අචොරිසඤ්ඤා අඤ්ඤත්ර කප්පා වුට්ඨාපෙති, අනාපත්ති. අචොරියා චොරිසඤ්ඤා ආපත්ති දුක්කටස්ස. අචොරියා වෙමතිකා ආපත්ති දුක්කටස්ස. අචොරියා අචොරිසඤ්ඤා අනාපත්ති.
සෙරක කෙරෙහි සෙරකැයි සන් ඇතියා කැපබවට ගියක තබා උපසපන් කරවා නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, සෙරක කෙරෙහි විමති ඇතියා කැපබවට ගියක තබා උපසපන් කරවා නම් දුකුළා ඇවැත් වෙයි, සෙරක කෙරෙහි නො සෙර සන් ඇතියා කැපබවට ගියක තබා උපසපන් කරවා නම් ඇවැත් නැති, නො සෙර කෙරෙහි සෙරකැයි සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි, නො සෙර කෙරෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි, නො සෙර කෙරෙහි නො සෙර සන් ඇතියා නම් ඇවැත් නැති.
අනාපත්ති: අජානන්තී වුට්ඨාපෙති, අපලොකෙත්වා වුට්ඨාපෙති, කප්පකතං වුට්ඨාපෙති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
නො දන්නී උපසපන් කරවා නම්, පිළිවිසැ උපසපන් කරවා නම්, කැපබවට ගියක උපසපන් කරවා නම්, ඇවැත් නො වේ, උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.
දුතියසඞ්ඝාදිසෙසො
ද්විතීය සඞ්ඝාදිශේෂ යි.