යෙදුමෙන් කියවන්න

තතියසඞ‍්ඝාදිසෙසො

2. 3.

2. 3.

තතියසඞ‍්ඝාදිසෙසො

තෘතීය සංඝාදිශේෂය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භද‍්දාය කාපිලානියා අන‍්තෙවාසිකා භික‍්ඛුනී භික‍්ඛුනීහි සද‍්ධිං භණ‍්ඩිත්‍වා ගාමකං ඤාතිකුලං අගමාසි. භද‍්දා කාපිලානී තං භික‍්ඛුනිං අපස‍්සන‍්තී භික‍්ඛුනියො පුච‍්ඡි, “කහං ඉත්‍ථන‍්නාමා, න දිස‍්සතී”ති. භික‍්ඛුනීහි සද‍්ධිං අය්‍යෙ භණ‍්ඩිත්‍වා න දිස‍්සතීති. අම‍්මා අමුකස‍්මිං ගාමකෙ2 එතිස‍්සා ඤාතිකුලං, තත්‍ථ ගන‍්ත්‍වා විචිනථාති. භික‍්ඛුනියො තත්‍ථ ගන‍්ත්‍වා තං භික‍්ඛුනිං පස‍්සිත්‍වා එතදවොචු: “කිස‍්ස ත්‍වං අය්‍යෙ එකිකා ආගතා, කච‍්චිසි අප‍්පධංසිතා”ති, අප‍්පධංසිතාම‍්හි අය්‍යෙති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති, එසමයෙහි වනාහි භද්‍රා කාපිලානියගේ අතැවැසි මෙහෙණක් මෙහෙණන් සමග ඩබර කොට ගම්බද නෑකුලයකට ගියා යැ. භද්‍රා කාපිලානී තොමෝ එ මෙහෙණ නො දක්නී මෙහෙණන් පිළිවුසූ යැ. “මෙනම් ඇත්තී කොහිදැයි නො දක්නා ලැබේ” යැයි. ආර්‍ය්‍යාවෙනි, මෙහෙණන් සමග ඩබර කොට නො දක්නා ලැබේ යැයි. මෑණිවරුනි, අසුවල් ගමෙහි මැයගේ නෑ කුලයෙක් වෙයි. එහි ගොස් සොයා බලව යි කිවු යැ. මෙහෙණෝ එහි ගොස් එ මෙහෙණ දැක මෙය කීහු. “ආර්‍ය්‍යාවෙනි, තෝ කුමකට හුදෙකලා වැ අවු ද? කිම නො නසනලදු දැයි, ආර්‍ය්‍යාවෙනි, නො නසන ලදුයෙම් වෙමැයි (කිවුයැ.)

2. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති “කථං හි නාම භික‍්ඛුනී එකා ගාමන‍්තරං ගච‍්ඡිස‍්සතී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛුනී එකා ගාමන‍්තරං ගච‍්ඡතීති, සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ භික‍්ඛුනී එකා ගාමන‍්තරං ගච‍්ඡිස‍්සති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු.

2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා අන්ගමකට ගියා” දැයි ... ... සැබෑ ද මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා අන්ගමකට යා දැයි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ “කෙසේ නම් මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා අන්ගමකට ගියා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි, ... මෙසේ ද වනාහි මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.

යා පන භික‍්ඛුනී එකා ගාමන‍්තරං ගච‍්ඡෙය්‍ය අයම‍්පි භික‍්ඛුනී පඨමාපත‍්තිකං ධම‍්මං ආපන‍්නා නිස‍්සාරණීයං සඞ‍්ඝාදිසෙසන‍්ති.

යම් මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා අන් ගමකට යා නම් මේ මෙහෙණ තොමෝත් පළමු (විකුම් කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ යැයි.

එවඤ‍්චිදං භගවතා භික‍්ඛුනීනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

මෙසේ මේ සිකපදය භාග්‍යවතුන් විසින් මෙහෙණන්හට පනවන ලද්දේ වෙයි.

3. තෙන ඛො පන සමයෙන ද‍්වෙ භික‍්ඛුනියො සාකෙතා සාවත්‍ථිං අද‍්ධානමග‍්ගප‍්පටිපන‍්නා හොන‍්ති, අන‍්තරාමග‍්ගෙ නදී තරිතබ‍්බා හොති. අථ ඛො තා භික‍්ඛුනියො නාවිකෙ උපසඞ‍්කමිත්‍වා එතදවොචුං, “සාධු නො ආවුසො තාරෙථා”ති. නාය්‍යෙ, සක‍්කා උභො එකතො සකිං තාරෙතුන‍්ති එකො එකං උත‍්තාරෙසි, උත‍්තිණ‍්ණො උත‍්තිණ‍්ණං දූසෙසි, අනුත‍්තිණ‍්ණො අනුත‍්තිණ‍්ණං දූසෙසි. තා පච‍්ඡා සමාගන‍්ත්‍වා පුච‍්ඡිංසු. කච‍්චිසි අය්‍යෙ අප‍්පධංසිතාති, පධංසිතම‍්හි අය්‍යෙ ත්‍වං පන අය්‍යෙ අප‍්පධංසිතාති, පධංසිතම‍්හි, අය්‍යෙති.

3. එසමයෙහි මෙහෙණෝ දෙදෙනෙක් සාකේතයෙන් සැවැතට (යනු පිණිස) අදන්මඟට පිළිපන්නාහු වෙති, අතරැමඟෙහි නදියක් තරණය කළ යුතු වෙයි, එකල්හි ඒ මෙහෙණෝ නැවියන් වෙත එළැඹ මෙය කීහු, “ඇවැත්නි, අප එතර කරවන්නහු නම් මැනැවැ” යි, ආර්‍ය්‍යාවෙනි, දෙදෙන එක්වැ වරකට එතර කරවන්නට නො හැක්කැයි. එකෙක් එකක එතර කැරැවීයැ. එතර වූයේ එතර වූවහු දූෂණය කෙළේ යැ, එතර නො වූයේ එතර නො වූවහු දූෂණය කෙළේ යි, ඔහු පසුවැ එකතු වැ පිළිවුසූහු. කිම, ආර්‍ය්‍යාවෙනි, නො නසන ලද දැයි, ආර්‍ය්‍යාවෙනි, නසන ලදුයෙම් වෙමි, ආර්‍ය්‍යාවෙනි, තෙපි නො නසන ලද්දවු දැයි, ආර්‍ය්‍යාවෙනි, නසන ලදුයෙම් වෙමි යි කිවු යැ.

4. අථ ඛො තා භික‍්ඛුනියො සාවත්‍ථිං ගන‍්ත්‍වා භික‍්ඛුනීනං එතමත්‍ථං ආරොචෙසුං: යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනී එකා නදීපාරං ගච‍්ඡිස‍්සතී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛුනී එකා නදීපාරං ගච‍්ඡතීති, සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා. -පෙ- කථං හි නාම භික‍්ඛවෙ භික‍්ඛුනී එකා නදීපාරං ගච‍්ඡිස‍්සතීති නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

4. ඉක්බිති ඒ මෙහෙණෝ සැවැතට ගොස් මෙහෙණන්හට තෙල කරුණ සැලකළහ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා (ගඟෙකින් එතෙරට) ගියා” දැයි ... සැබෑ ද මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා ගඟෙකින් එතෙරට යා දැයි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... “කෙසේ නම් මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා ගඟෙකින් එතෙරට ගියා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි, ... මෙසේ මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.

යා පන භික‍්ඛුනී එකා වා ගාමන‍්තරං ගච‍්ඡෙය්‍ය, එකා වා නදීපාරං ගච‍්ඡෙය්‍ය අයම‍්පි භික‍්ඛුනී පඨමාපත‍්තිකං ධම‍්මං ආපන‍්නා නිස‍්සාරණීයං සඞ‍්ඝාදිසෙසන‍්ති.

යම් මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා අන්ගමකට යා නම් හෝ හුදෙකලා වූවා ගඟෙකින් එතෙරට යා නම් මේ මෙහෙණ තොමෝත් පළමු (විකුම් කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ යැයි.

එවඤ‍්චිදං භගවතා භික‍්ඛුනීනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

මෙසේ මේ සිකපදය භාග්‍යවතුන් විසින් මෙහෙණන්හට පනවන ලද්දේ වෙයි.

5. තෙන ඛො පන සමයෙන සම‍්බහුලා භික‍්ඛුනියො කොසලෙසු ජනපදෙ සාවත්‍ථිං ගච‍්ඡන‍්තා සායං අඤ‍්ඤතරං ගාමං උපගච‍්ඡිංසු. තත්‍ථ අඤ‍්ඤතරා භික‍්ඛුනී අභිරූපා හොති දස‍්සනීයා පාසාදිකා, අඤ‍්ඤතරො පුරිසො තස‍්සා භික‍්ඛුනියා සහදස‍්සනෙන පටිබද‍්ධචිත‍්තො අහොසි. අථ ඛො සො පුරිසො තාසං භික‍්ඛුනීනං සෙය්‍යං පඤ‍්ඤාපෙන‍්තො තස‍්සා භික‍්ඛුනියා සෙය්‍යං එකමන‍්තං පඤ‍්ඤාපෙසි. අථ ඛො සා භික‍්ඛුනී සල‍්ලක‍්ඛෙත්‍වා පරියුට‍්ඨිතො අයං පුරිසො සචෙ රත‍්තිං ආගච‍්ඡිස‍්සති විස‍්සරො මෙ භවිස‍්සතීති භික‍්ඛුනියො අනාපුච‍්ඡා අඤ‍්ඤතරං කුලං ගන‍්ත්‍වා සෙය්‍යං කප‍්පෙසි. අථ ඛො සො පුරිසො රත‍්තිං ආගන‍්ත්‍වා තං භික‍්ඛුනිං ගවෙසන‍්තො භික‍්ඛුනියො ඝට‍්ටෙසි. භික‍්ඛුනියො තං භික‍්ඛුනිං අපස‍්සන‍්තියො එවමාහංසු, නිස‍්සංසයං ඛො සා භික‍්ඛුනී පුරිසෙන සද‍්ධිං නික‍්ඛන‍්තාති. අථ ඛො සා භික‍්ඛුනී තස‍්සා රත‍්තියා අච‍්චයෙන යෙන තා භික‍්ඛුනියො තෙනුපසඞ‍්කමි භික‍්ඛුනියො තං භික‍්ඛුනිං එතදවොචුං: කිස‍්ස ත්‍වං අය්‍යෙ පුරිසෙන සද‍්ධිං නික‍්ඛන‍්තාති. නාහං අය්‍යෙ පුරිසෙන සද‍්ධිං නික‍්ඛන‍්තාති. භික‍්ඛුනීනං එතමත්‍ථං ආරොචෙසි.

5. එසමයෙහි වනාහි බොහෝ මෙහෙණෝ කොසොල් දනව්වෙහි සිට සැවැතට යන්නාහු සවස එක්තරා ගමකට එළඹියහ. ඔවුනතුරෙහි එක්තරා මෙහෙණෙක් තොමෝ විශිෂ්ට රූ ඇත්තී දැකුම්කලු වූවා පැහැදුම් දනවන්නී වෙයි, එක්තරා පුරුෂයෙක් එ මෙහෙණ දක්නා හා මැ පිළිබඳ සිත් ඇත්තේ විය. එකල්හි ඒ පුරුෂ තෙමේ ඒ මෙහෙණන්හට සෙනසුන් පනවන්නේ ඒ මෙහෙණහට සෙනසුනක් එකත්පසෙකැ පැනවීයැ. එකල්හි ඒ මෙහෙණ තොමෝ ‘මේ පුරුෂ (රාග) පර්‍ය්‍යුත්‍ථි යැ, ඉදින් රැයෙහි එන්නේ නම් මාහට වියරුහඬෙක් වන්නේ යැයි සලකා මෙහෙණන් නො පිළිවිසැ එක්තරා කුලයකට ගොස් ශයනය කළා යැ. එකල්හි ඒ පුරුෂ තෙමේ රැයෙහි අවුත් එ මෙහෙණ සොයන්නේ මෙහෙණන් ගටාලී යැ. මෙහෙණෝ එ මෙහෙණ නො දක්නාහු මෙසේ කීහු, “නිසැකයෙන් මැ ඒ මෙහෙණ තොමෝ පිරිම්නියක්හු සමග නික්මගතු” යැයි, ඉක්බිති ඒ මෙහෙණ තොමෝ එරැය ඇවෑමෙන් ඒ මෙහෙණන් වෙත එළැඹියා යැ. මෙහෙණෝ ඒ මෙහෙණහට මෙය කීහු, ආර්‍ය්‍යාවෙනි, තෝ කුමකට පිරිම්නියක්හු සමග නික්මගතු දැයි, ආර්‍ය්‍යාවෙනි, මම් පිරිම්නියක්හු සමග නො නික්මගතිමි යි මෙහෙණන්හට තෙල කරුණ සැලකළා යැ.

6. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති: “කථං හි නාම භික‍්ඛුනී එකා රත‍්තිං විප‍්පවසිස‍්සතී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛුනී එකා රත‍්තිං විප‍්පවසීති සච‍්චං භගවා විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ භික‍්ඛුනී එකා රත‍්තිං විප‍්පවසිස‍්සති නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

6. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා රැයෙහි වෙන්වැ වුසූ” දැයි ... සැබෑ ද මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා රැයෙහි වෙන් වැ වුසූ දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා රැයෙහි වෙන්වැ වුසූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි, ... මෙසේ වනාහි මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.

යා පන භික‍්ඛුනී එකා වා ගාමන‍්තරං ගච‍්ඡෙය්‍ය එකා වා නදීපාරං ගච‍්ඡෙය්‍ය එකා වා රත‍්තිං විප‍්පවසෙය්‍ය අයම‍්පි භික‍්ඛුනී පඨමාපත‍්තිකං ධම‍්මං ආපන‍්නා නිස‍්සාරණීයං සඞ‍්ඝාදිසෙසන‍්ති.

යම් මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා අන්ගමකට යා නම් හෝ හුදෙකලා වූවා ගඟෙකින් එතෙරට යා නම් හෝ හුදෙකලා වූවා රැයෙහි වෙන් වැ වසා නම් හෝ මේ මෙහෙණ තොමෝත් පළමු (විකුම් කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ යැයි.

එවඤ‍්චිදං භගවතා භික‍්ඛුනීනං සික‍්ඛාපදං පඤ‍්ඤත‍්තං හොති.

මෙසේ මේ සිකපදය භාග්‍යවතුන් විසින් මෙහෙණන්හට පනවන ලද්දේ වෙයි.

7. තෙන ඛො පන සමයෙන සම‍්බහුලා භික‍්ඛුනියො කොසලෙසු ජනපදෙ සාවත්‍ථිං අද‍්ධානමග‍්ගප‍්පටිපන‍්නා හොන‍්ති. තත්‍ථ අඤ‍්ඤතරා භික‍්ඛුනී වච‍්චෙන පීළිතා එකිකා ඔහීයිත්‍වා පච‍්ඡා අගමාසි මනුස‍්සා තං භික‍්ඛුනිං පස‍්සිත්‍වා දූසෙසුං. අථ ඛො සා භික‍්ඛුනී යෙන තා භික‍්ඛුනියො තෙනුපසඞ‍්කමි, භික‍්ඛුනියො තං භික‍්ඛුනිං එතදවොචුං: “කිස‍්ස ත්‍වං අය්‍යෙ එකිකා ඔහීනා කච‍්චිසි අප‍්පධංසිතාති. පධංසිතාම‍්හි අය්‍යෙති.

7. එසමයෙහි වනාහි බොහෝ මෙහෙණෝ කොසොල් දනව්වෙහි සිට සැවැතටැ (යනු පිණිස) අදන්මඟට පිළිපන්නාහු වෙති. ඔවුනතුරෙහි එක්තරා මෙහෙණක් තොමෝ මහවටනින් පෙළුණී හුදෙකලා වූවා (ගණයා කෙරෙන්) වෙන්වැ පසු වැ ගියා යැ. මිනිස්සු එ මෙහෙණ දැක දූෂණය කළහ. ඉක්බිති ඒ මෙහෙණ තොමෝ ඒ මෙහෙණන් වෙත එළඹියා යැ, මෙහෙණෝ ඒ මෙහෙණහට මෙය කීහු. “ආර්‍ය්‍යාවෙනි, කුමකට තෝ හුදෙකලා වූවා පසුවූවා ද? කීම! නො නසන ලදු” දැයි, ආර්‍ය්‍යාවෙනි, නසන ලදුයෙම් වෙමැයි (කිවුයැ).

8. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති, “කථං හි නාම භික‍්ඛුනී එකා ගණම‍්හා ඔහීයිස‍්සතී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ භික‍්ඛුනී එකා ගණම‍්හා ඔහීයීති සච‍්චං භගවා. විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ භික‍්ඛුනී එකා ගණම‍්හා ඔහීයිස‍්සති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු.

8. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා ගණයා කෙරෙන් වෙන්වූ දැ” යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා ගණයා කෙරෙන් වෙන්වූ දැයි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා ගණයා කෙරෙන් වෙන්වූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි, ... මෙසේ වනාහි මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.

යා පන භික‍්ඛුනී එකා වා ගාමන‍්තරං ගච‍්ඡෙය්‍ය එකා වා නදීපාරං ගච‍්ඡෙය්‍ය එකා වා රත‍්තිං විප‍්පවසෙය්‍ය එකා වා ගණම‍්හා ඔහීයෙය්‍ය අයම‍්පි භික‍්ඛුනී පඨමාපත‍්තිකං ධම‍්මං ආපන‍්නා නිස‍්සාරණීයං සඞ‍්ඝාදිසෙසන‍්ති.

යම් මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා අන්ගමකට යා නම් හෝ හුදෙකලා වූවා ගඟකින් එතෙරට යා නම් හෝ හුදෙකලා වූවා රැයෙහි වෙන් වැ වසා නම් හෝ හුදෙකලා වූවා ගණයා කෙරෙන් වෙන් වේ නම් හෝ මේ මෙහෙණ තොමෝත් පළමු (විකුම් කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ යැයි.

9. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

9. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි ය යි.

එකා වා ගාමන‍්තරං ගච‍්ඡෙය්‍යාති: පරික‍්ඛිත‍්තස‍්ස ගාමස‍්ස පරික‍්ඛෙපං පඨමං පාදං අතික‍්කාමෙන‍්තියා ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. දුතියං පාදං අතික‍්කාමෙන‍්තියා ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස. අපරික‍්ඛිත‍්තස‍්ස ගාමස‍්ස උපචාරං පඨමං පාදං අතික‍්කාමෙන‍්තියා ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. දුතියං පාදං අතික‍්කාමෙන‍්තියා ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස.

ඒකා වා ගාමන්තරං ගච්ඡෙය්‍ය: පරික්‍ෂිප්ත ග්‍රාමයාගේ පරික්‍ෂේපය පළමු පයින් ඉක්මවන්නියට තුලැසි ඇවැත් වෙයි, දෙවන පයින් ඉක්මවන්නියට සඟවෙසෙස් ඇවැත් වෙයි, අපරික්‍ෂිප්තග්‍රාමයාගේ උපචාරය පළමු පයින් ඉක්මවන්නියට තුලැසි ඇවැත් වෙයි, දෙවන පයින් ඉක්මවන්නියට සඟවෙසෙස් ඇවැත් වේ.

එකා වා නදීපාරං ගච‍්ඡෙය්‍යාති: නදී නාම තිමණ‍්ඩලං පටිච‍්ඡාදෙත්‍වා යත්‍ථ කත්‍ථචි උත‍්තරන‍්තියා භික‍්ඛුනියා අන‍්තරවාසකො තෙමියති, පඨමං පාදං උත‍්තරන‍්තියා ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. දුතියං පාදං උත‍්තරන‍්තියා ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස.

ඒකා වා නදීපාරං ගච්ඡෙය්‍ය: නදී නම් තෙමඬුලු වසා යම් කිසි තැනෙකැ එතර වන්නා වූ මෙහෙණකගේ හඳනාසිවුර තෙමෙනු ලැබේ නම් එය යි, පළමු පියෙන් එතර වන්නියට තුලැසි ඇවැත් වෙයි, දෙවන පියෙන් එතර වන්නියට සඟවෙසෙස් ඇවැත් වේ.

එකා වා රත‍්තිං විප‍්පවසෙය්‍යාති: සහ අරුණුග‍්ගමනා දුතියිකාය භික‍්ඛුනියා හත්‍ථපාසං විජහන‍්තියා ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස විජහිතෙ ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස.

ඒකා වා රත්තිං විප්පවසෙය්‍ය: අරුණ නැඟීම සමඟ මැ දෙවැනි මෙහෙණකගේ අත්පස හරින්නියට තුලැසි ඇවැත් වෙයි, හළ කල්හි සඟවෙසෙස් ඇවැත් වේ.

එකා වා ගණම‍්හා ඔහීයෙය්‍යාති: අගාමකෙ අරඤ‍්ඤෙ දුතියිකාය භික‍්ඛුනියා දස‍්සනූපචාරං වා සවණූපචාරං වා විජහන‍්තියා ආපත‍්ති ථුල‍්ලච‍්චයස‍්ස. විජහිතෙ ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස.

ඒකා වා ගණමහා ඔහීයෙය්‍ය: නො ගම් අරන්හි දෙවැනි මෙහෙණකගේ දසුන්උවසර හෝ සවන්උවසර හෝ හරින්නියට තුලැසි ඇවැත් වෙයි, හළ කල්හි සඟවෙසෙස් ඇවැත් වේ.

අයම‍්පීති: පුරිමායො උපාදාය වුච‍්චති.

අයම්‍පි: පළමු සඟවෙසෙස් අවන් මෙහෙණන් ගෙනැ කියනු ලැබෙයි.

පඨමාපත‍්තිකන‍්ති: සහවත්‍ථජ‍්ඣාචාරා ආපජ‍්ජති අසමනුභාසනාය.

පඨමාපත්‍තිකං: වස්තුව්‍යතික්‍රමණය සමග මැ පැමිණෙයි, සමනුභාෂණකර්‍මයෙන් නො වෙයි.

නිස‍්සාරණීයන‍්ති: සඞ‍්ඝම‍්හා නිස‍්සාරීයති.

නිස්‍සාරණීයං: සඟහු කෙරෙන් නෙරනු ලබයි.

සඞ‍්ඝාදිසෙසොති -පෙ- තෙනපි වුච‍්චති සඞ‍්ඝාදිසෙසොති.

සඞ්ඝාදිසේසො: එයිනුදු සඞ්ඝාදිසේස යැයි කියනු ලැබේ.

අනාපත‍්ති: දුතියිකා භික‍්ඛුනී පක‍්කන‍්තා වා හොති විබ‍්භන‍්තා වා කාලකතා වා පක‍්ඛසංකන‍්තා වා, ආපදාසු, උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

දෙවැනි මෙහෙණ ගියා හෝ ගිහිවූවා හෝ කලුරිය කළා හෝ තොටුපසට ගියා හෝ වේ නම් ඇවැත් නොවේ. ආපදායෙහි, උම්මත්තිකාවට ... අදිකම්මිකාවට ඇවැත් නැති.

තතියසඞ‍්ඝාදිසෙසො

තෘතීය සඞ්ඝාදිශේෂ යි.