යෙදුමෙන් කියවන්න

චතුත්‍ථසඞ‍්ඝාදිසෙසො

2. 4.

2. 4.

චතුත්‍ථසඞ‍්ඝාදිසෙසො

චතුර්‍ත්‍ථ සඞ්ඝාදිශේෂය

1. තෙන සමයෙන බුද‍්ධො භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිණ‍්ඩිකස‍්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන චණ‍්ඩකාළී භික‍්ඛුනී භණ‍්ඩනකාරිකා හොති කලහකාරිකා විවාදකාරිකා භස‍්සකාරිකා සංඝෙ අධිකරණකාරිකා. ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී තස‍්සා කම‍්මෙ කයිරමානෙ තෙ පටික‍්කොසති.

1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි චණ්ඩකාලි භික්‍ෂුණී තොමෝ ඩබර කරන්නී කලහකරන්නී විරුද්ධවාද කරන්නී බහින්බස් වන්නී සඞ්‍ඝයා කෙරෙහි අධිකරණ කරන්නී වෙයි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඇයට කර්‍ම කරන කල්හි ඔවුනට පටහැණි වැ කරුණු කියයි.

තෙන ඛො පන සමයෙන ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී ගාමකං අගමාසි, කෙනචිදෙව කරණීයෙන. අථ ඛො භික‍්ඛුනිසඞ‍්ඝො ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී පක‍්කන‍්තාති චණ‍්ඩකාළිං භික‍්ඛුනිං ආපත‍්තියා අදස‍්සනෙ උක‍්ඛිපි. ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී ගාමකෙ තං කරණීයං තීරෙත්‍වා පුනදෙව සාවත්‍ථිං පච‍්චාගච‍්ඡි. චණ‍්ඩකාළී භික‍්ඛුනී ථුල‍්ලනන්‍දාය භික‍්ඛුනියා ආගච‍්ඡන‍්තියා නෙව ආසනං පඤ‍්ඤාපෙසි න පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික‍්ඛිපි. න පච‍්චුග‍්ගන‍්ත්‍වා පත‍්තචීවරං පටිග‍්ගහෙසි න පානීයෙන ආපුච‍්ඡි. ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී චණ‍්ඩකාළිං භික‍්ඛුනිං එතදවොච: “කිස‍්ස ත්‍වං අය්‍යෙ මයි ආගච‍්ඡන‍්තියා නෙව ආසනං පඤ‍්ඤාපෙසි න පාදොදකං පාදපීඨං පාදකඨලිකං උපනික‍්ඛිපි, න පච‍්චුග‍්ගන‍්ත්‍වා පත‍්තචීවරං පටිග‍්ගහෙසි, න පානීයෙන ආපුච‍්ඡී”ති එවං හෙතං අය්‍යෙ හොති. යථා තං අනාථායාති. කිස‍්ස පන ත්‍වං අය්‍යෙ අනාථාති. ඉමා මං අය්‍යෙ භික‍්ඛුනියො අයං අනාථා අප‍්පඤ‍්ඤාතා නත්‍ථි ඉමිස‍්සා කොචි පටිවත‍්තාති ආපත‍්තියා අදස‍්සනෙ උක‍්ඛිපිංසූති. ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී බාලා එතා අව්‍යත‍්තා එතා, නෙතා ජානන‍්ති කම‍්මං වා කම‍්මදොසං වා කම‍්මවිපත‍්තිං වා කම‍්මසම‍්පත‍්තිං වා. මයං ඛො ජානාම කම‍්මම‍්පි කම‍්මදොසම‍්පි කම‍්මවිපත‍්තිම‍්පි කම‍්මසම‍්පත‍්තිම‍්පි. මයං ඛො අකතං වා කම‍්මං කාරෙය්‍යාම කතං වා කම‍්මං කොපෙය්‍යාමාති ලහුං ලහුං භික‍්ඛුනිසඞ‍්ඝං සන‍්නිපාතාපෙත්‍වා චණ‍්ඩකාළිං භික‍්ඛුනිං ඔසාරෙසි.

එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ කිසියම් ඇවැසි කටයුත්තක් හේතු කොට ගෙන ගමකට ගියා යැ. එකල්හි භික්‍ෂුණී සඞ්‍ඝ තෙමේ ථුල්ලනන්‍දා භික්‍ෂුණිය බැහැර ගියා යැයි චණ්ඩකාලී මෙහෙණහට ඇවැත් හෙයින් නො දැක්මෙහි උත්ක්‍ෂේපණීය කර්‍මය කෙළේයැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ගමෙහි ඒ ඇවැසි කටයුත්ත තීරණය කොට යළිදු සැවැතට පෙරළා පැමිණියා යැ. චණ්ඩකාලී භික්‍ෂුණී තොමෝ එන ථුල්ලනන්‍දා මෙහෙණහට අසුනක් නො මැ පැනවූ යැ. පා දෝනා දිය පාපුටුව පා උලන පුවරුව නො මැ වෙතැ තැබූ යැ. පෙරැගමන් කොට පා සිවුරු නො පිළිගතු. පැනින් නො පිළිවූසු. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ චණ්ඩකාළී මෙහෙණහට මෙය කිවූ යැ: “ආර්‍ය්‍යාවෙනි, තෝ කුමක් හෙයින් මා පැමිණෙන කල්හි අසුනක් නො මැ පැනවුව, පාදෝනාදිය පාපුටුව පා උලන පුවරුව නො මැ වෙත තැබුව, පෙරැ ගමන් කොට පාසිවුරු නො පිළිගතුව, පැනින් නො පිළිවුසුවැ” යි. “ආර්‍ය්‍යාවෙනි, පිළිසරණ නැතියකට යම්සේ නම් එසේ ම මැයට ද වේ” යැයි. ආර්‍ය්‍යාවෙනි, තෝ කුමක් හෙයින් පිළිසරණ නැතියක් වීහි ද? ආර්‍ය්‍යාවෙනි, මේ භික්‍ෂුණීහු “මැය පිළිසරණ නැත්තියක අප්‍රසිද්ධ යැ, මැය පිළිබඳ කිසියම් පටහැණිවැ කියන්නෙක් නැතැ”යි ඇවැත් හෙයින් නො දැක්මෙහි උකෙච්නීකම් කළහ යි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ “මොව්හු බාල යැ මොව්හු අවියත්හු යැ මොව්හු කර්‍මය හෝ කර්‍මදෝෂය හෝ කර්‍මවිපත්තිය හෝ කර්‍මසම්පත්තිය හෝ නො දනිති, ඇපි වනාහි කර්‍මය ද කර්‍මදෝෂය ද කර්‍මවිපත්තිය ද කර්‍මසම්පත්තිය ද දැනුම්හ, ඇපි වනාහි නො කළ කර්‍මය හෝ කරන්නම්හ, කළ කර්‍මය හෝ කෝපනය කරන්නම්හ” යි යුහු යුහු වැ භික්‍ෂුණී සඞ්‍ඝයා රැස්කරවා ලා චණ්ඩකාලී මෙහෙණ අවසාරණය (යළි ඇතුළත් කිරීම) කැරැවූ යැ.

2. යා තා භික‍්ඛුනියො අප‍්පිච‍්ඡා -පෙ- තා උජ‍්ඣායන‍්ති ඛීයන‍්ති විපාචෙන‍්ති, “කථං හි නාම අය්‍යා ථුල‍්ලනන්‍දා සමග‍්ගෙන සඞ‍්ඝෙන උක‍්ඛිත‍්තං භික‍්ඛුනිං ධම‍්මෙන විනයෙන සත්‍ථුසාසනෙන අනපලොකෙත්‍වා කාරකසඞ‍්ඝං අනඤ‍්ඤාය ගණස‍්ස ඡන්‍දං ඔසාරෙස‍්සතී”ති -පෙ- සච‍්චං කිර භික‍්ඛවෙ ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී සමග‍්ගෙන සඞ‍්ඝෙන උක‍්ඛිත‍්තං භික‍්ඛුනිං ධම‍්මෙන විනයෙන සත්‍ථුසාසනෙන අනපලොකෙත්‍වා කාරකසඞ‍්ඝං අනඤ‍්ඤාය ගණස‍්ස ඡන්‍දං ඔසාරෙසීති. සච‍්චං භගවා විගරහි බුද‍්ධො භගවා -පෙ- කථං හි නාම භික‍්ඛවෙ ථුල‍්ලනන්‍දා භික‍්ඛුනී සමග‍්ගෙන සඞ‍්ඝෙන උක‍්ඛිත‍්තං භික‍්ඛුනිං ධම‍්මෙන විනයෙන සත්‍ථුසාසනෙන අනපලොකෙත්‍වා කාරකසඞ‍්ඝං අනඤ‍්ඤාය ගණස‍්ස ඡන්‍දං ඔසාරෙස‍්සති. නෙතං භික‍්ඛවෙ අප‍්පසන‍්නානං වා පසාදාය -පෙ- එවඤ‍්ච පන භික‍්ඛවෙ භික‍්ඛුනියො ඉමං සික‍්ඛාපදං උද‍්දිසන‍්තු:

2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ සමඟ සඟහු විසින් ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙච්නී කම් කරන ලද මෙහෙණක කාරකසඞ්‍ඝයා නො පිළිවිසැ ගණයාගේ ඡන්‍දය නො දැනැ අවසාරණය කළා” දැයි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සමඟ සඟහු විසින් ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙච්නී කම් කරන ලද මෙහෙණක කාරකසඞ්‍ඝයා නො පිළිවිසැ ගණයාගේ ඡන්‍දය නො දැනැ (සඟමැදට) ඇතුළත් කළා දැයි, සැබැව භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ. ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සමඟ සඟහු විසින් ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙච්නී කම් කරන ලද මෙහෙණක කාරකසඞ්‍ඝයා නො පිළිවිසැ ගණයාගේ ඡන්‍දය නො දැනැ ඇතුළත් කළා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... තව ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය මෙසේ උදෙසත්වා.

“යා පන භික‍්ඛුනී සමග‍්ගෙන සඞ‍්ඝෙන උක‍්ඛිත‍්තං භික‍්ඛුනිං ධම‍්මෙන විනයෙන සත්‍ථුසාසනෙන අනපලොකෙත්‍වා කාරකසඞ‍්ඝං අනඤ‍්ඤාය ගණස‍්ස ඡන්‍දං ඔසාරෙය්‍ය, අයම‍්පි භික‍්ඛුනී පඨමාපත‍්තිකං ධම‍්මං ආපන‍්නා නිස‍්සාරණීයං සඞ‍්ඝාදිසෙස”න‍්ති.

“යම් මෙහෙණක් තොමෝ සමඟ සඟහු විසින් ධර්‍මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙච්නී කම් කරන ලද මෙහෙණක කාරකසඞ්‍ඝයා නො පිළිවිසැ ගණයාගේ ඡන්‍දය නො දැනැ ඇතුළත් කරන්නී නම් මේ මෙහෙණ තොමෝත් පළමු (විකුම් කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ” යයි.

3. යා පනාති: යා යාදිසා -පෙ- භික‍්ඛුනීති: -පෙ- අයං ඉමස‍්මිං අත්‍ථෙ අධිප‍්පෙතා භික‍්ඛුනීති.

3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.

සමග‍්ගො නාම සඞ‍්ඝො සමානසංවාසකො සමානසීමායං ඨිතො.

සමග්‍ග නම්: සමානසංවාසක වූ සමාන සීමායෙහි සිටි සඞ්‍ඝ තෙමේ යි.

උක‍්ඛිත‍්තා නාම: ආපත‍්තියා අදස‍්සනෙ වා අප‍්පටිකම‍්මෙ වා අප‍්පටිනිස‍්සග‍්ගෙ වා උක‍්ඛිත‍්තා.

උක්ඛිත්තා නම්: ඇවැත් හෙයින් නො දැක්මෙහි හෝ නො පිළියම් කිරීමෙහි හෝ නො බැහැරැ කිරීමෙහි හෝ උකෙච්නී කම් කරන ලද්දී යැ.

ධම‍්මෙන විනයෙනාති: යෙන ධම‍්මෙන යෙන විනයෙන.

ධම්මෙන විනයෙන: යම් ධර්‍මයෙකින් යම් විනයයෙකින්.

සත්‍ථුසාසනෙනාති: ජිනසාසනෙන බුද‍්ධසාසනෙන.

සත්‍ථුසාසනෙන: ජිනශාසනයෙන් බුද්ධශාසනයෙන්.

අනපලොකෙත්‍වා කාරකසඞ‍්ඝන‍්ති: කම‍්මකාරකසඞ‍්ඝං අනාපුච‍්ඡා.

අනපලෝකෙත්‍වා කාරකසඞ්‍ඝං: කර්‍මය කරන සඟහු නො පිළිවිසැ.

අනඤ‍්ඤාය ගණස‍්ස ඡන්‍දන‍්ති: ගණස‍්ස ඡන්‍දං අජානිත්‍වා, ඔසාරෙස‍්සාමීති ගණං වා පරියෙසති, සීමං වා සම‍්මන‍්නති ආපත‍්ති දුක‍්කටස‍්ස. ඤත‍්තියා දුක‍්කටං ද‍්වීහි කම‍්මවාචාහි ථුල‍්ලච‍්චයා කම‍්මවාචාපරියොසානෙ ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස.

අනඤ්ඤාය ගණස්ස ඡන්‍දං: ගණයාගේ ඡන්‍දය නො දැනැ ඇතුළත් කරන්නෙමි යි ගණයා සොයා නම් සීමාව හෝ සම්මත කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි, ඥප්තියෙන් දුකුළා යැ, දෙ කම් වදනින් තුලැසි යැ. කම් වදන් පිරියතැ සඟවෙසෙස් ඇවැත් වේ.

අයම‍්පීති: පුරිමායො උපාදාය වුච‍්චති.

අයම්පි: පළමු මෙහෙණන් ගෙනැ කියනු ලැබෙයි.

පඨමාපත‍්තිකන‍්ති: සහවත්‍ථජ‍්ඣාචාරා ආපජ‍්ජති අසමනුභාසනාය.

පඨමාපත්තිකං: වස්තුව්‍යතික්‍රමණය සමඟ මැ පැමිණෙයි, සමනුභාෂණකර්‍මයෙන් නො වෙයි.

නිස‍්සාරණීයන‍්ති: සඞ‍්ඝම‍්හා නිස‍්සාරීයති.

නිස්සාරණීයං: සඟහු කෙරෙන් නෙරනු ලැබෙයි.

සඞ‍්ඝාදිසෙසොති -පෙ- තෙනපි වුච‍්චති සඞ‍්ඝාදිසෙසොති.

සඞ්ඝාදිසේසො: ... එයිනුදු සඞ්ඝාදිසේස යැයි කියනු ලැබේ.

ධම‍්මකම‍්මෙ ධම‍්මකම‍්මසඤ‍්ඤා ඔසාරෙති ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස. ධම‍්මකම‍්මෙ වෙමතිකා ඔසාරෙති ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස. ධම‍්මකම‍්මෙ අධම‍්මකම‍්මසඤ‍්ඤා ඔසාරෙති, ආපත‍්ති සඞ‍්ඝාදිසෙසස‍්ස. අධම‍්මකම‍්මෙ ධම‍්මකම‍්මසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස. අධම‍්මකම‍්මෙ වෙමතිකා ආපත‍්ති දුක‍්කටස‍්ස. අධම‍්මකම‍්මෙ අධම‍්මකම‍්මසඤ‍්ඤා ආපත‍්ති දුක‍්කටස‍්ස.

ධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී ඇතුළත් කෙරේ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, ධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී ඇතුළත් කෙරේ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, ධර්‍මකර්‍මයෙහි අධර්‍ම කර්‍මසංඥා ඇත්තී ඇතුළත් කෙරේ නම් සඟවෙසෙස් ඇවැත් වෙයි, අධර්‍මකර්‍මයෙහි ධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි, අධර්‍මකර්‍මයෙහි විමති ඇත්තී නම් දුකුළා ඇවැත් වෙයි, අධර්‍මකර්‍මයෙහි අධර්‍මකර්‍මසංඥා ඇත්තී නම් දුකුළා ඇවැත් වේ.

අනාපත‍්ති: කම‍්මකාරකසඞ‍්ඝං අපලොකෙත්‍වා ඔසාරෙති, ගණස‍්ස ඡන්‍දං ජානිත්‍වා ඔසාරෙති, වත‍්තෙ වත‍්තන‍්තිං ඔසාරෙති අසන‍්තෙ කම‍්මකාරකසඞ‍්ඝෙ ඔසාරෙති, උම‍්මත‍්තිකාය -පෙ- ආදිකම‍්මිකායාති.

කර්‍මය කරන සඞ්‍ඝයා පිළිවිසැ ඇතුළත් කෙරේ නම්, ගණයාගේ ඡන්‍දය දැනැ ඇතුළත් කෙරේ නම් වතෙහි වැටෙන්නිය ඇතුළත් කෙරේ නම් කර්‍මය කරන සඞ්‍ඝයා නැති කල්හි ඇතුළත් කෙරේ නම් උම්මත්තිකාවහට ... අදිකම්මිකාවහට ඇවැත් නැති.

චතුත්‍ථසඞ‍්ඝාදිසෙසො

චතුර්‍ත්‍ථ සඞ්ඝාදිශේෂ යි.