පඤ්චමසඞ්ඝාදිසෙසො
2. 5.
2. 5.
පඤ්චමසඞ්ඝාදිසෙසො
පඤ්චම සඞ්ඝාදිශේෂය
1. තෙන සමයෙන බුද්ධො භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන සුන්දරීනන්දා භික්ඛුනී අභිරූපා හොති දස්සනීයා පාසාදිකා. මනුස්සා භත්තග්ගෙ සුන්දරීනන්දං භික්ඛුනිං පස්සිත්වා අවස්සුතා අවස්සුතාය සුන්දරීනන්දාය භික්ඛුනියා අග්ගමග්ගානි භොජනානි දෙන්ති. සුන්දරීනන්දා භික්ඛුනී යාවදත්ථං භුඤ්ජති, අඤ්ඤා භික්ඛුනියො න චිත්තරූපං ලභන්ති.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති, එසමයෙහි වනාහි සුන්දරීනන්දා භික්ෂුණී තොමෝ විශිෂ්ට රූ ඇත්තී දැකුම්කලු වූවා පැහැදුම් එළවන්නී වෙයි, මිනිස්සු බතගෙහි සුන්දරීනන්දා මෙහෙණ දැක රාගයෙන් තෙත් වූවාහු රාගයෙන් තෙත්වූ සුන්දරීනන්දා මෙහෙණහට උතුම් උතුම් බොජුන් දෙති. සුන්දරීනන්දා මෙහෙණ තොමෝ රිසියෙන තාක් වළඳයි. අන් මෙහෙණෝ සිත්සේ නො ලබත්.
2. යා තා භික්ඛුනියො අප්පිච්ඡා -පෙ- තා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, “කථං හි නාම අය්යා සුන්දරීනන්දා අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථතො ඛාදනීයං භොජනීයං සහත්ථා පටිග්ගහෙත්වා ඛාදිස්සති භුඤ්ජිස්සතී”ති -පෙ- සච්චං කිර භික්ඛවෙ සුන්දරීනන්දා භික්ඛුනී අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථතො ඛාදනීයං භොජනීයං සහත්ථා පටිග්ගහෙත්වා ඛාදති භුඤ්ජතීති. සච්චං භගවා. විගරහි බුද්ධො භගවා -පෙ- කථං හි නාම භික්ඛවෙ සුන්දරීනන්දා භික්ඛුනී අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථතො ඛාදනීයං භොජනීයං සහත්ථා පටිග්ගහෙත්වා ඛාදිස්සති භුඤ්ජිස්සති, නෙතං භික්ඛවෙ අප්පසන්නානං වා පසාදාය -පෙ- එවඤ්ච පන භික්ඛවෙ භික්ඛුනියො ඉමං සික්ඛාපදං උද්දිසන්තු.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමුකොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය සුන්දරීනන්දා තොමෝ රාගයෙන් තෙත් වූවා රාගයෙන් තෙත් වූ පිරිම්නියක්හුගේ අතින් කෑයුත්තක් බිදිය යුත්තක් සියතින් පිළිගෙන කෑවා ද වැළඳූ දැ” යි ... සැබෑ ද මහණෙනි, සුන්දරීනන්දා භික්ෂුණී තොමෝ රාගයෙන් තෙත් වූවා රාගයෙන් තෙත් වූ පිරිම්නියක්හුගේ අතින් කෑ යුත්තක් බුදිය යුත්තක් සියතින් පිළිගෙන කා ද වළඳා දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, සුන්දරීනන්දා භික්ෂුණී තොමෝ රාගයෙන් තෙත් වූවා රාගයෙන් තෙත් වූ පිරිම්නියක්හුගේ අතින් කෑ යුත්තක් බිදිය යුත්තක් සියතින් පිළිගෙන කෑවා ද වැළඳූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
යා පන භික්ඛුනී අවස්සුතා අවස්සුතස්ස පුරිසපුග්ගලස්ස හත්ථතො ඛාදනීයං භොජනීයං සහත්ථා පටිග්ගහෙත්වා ඛාදෙය්ය වා භුඤ්ජෙය්ය වා අයම්පි භික්ඛුනී පඨමාපත්තිකං ධම්මං ආපන්නා නිස්සාරණීයං සඞ්ඝාදිසෙස”න්ති.
“යම් මෙහෙණක් තොමෝ රාගයෙන් තෙත් වූවා රාගයෙන් තෙත් වූ පිරිම්නියක්හුගේ අතින් කෑ යුත්තක් හෝ බිදිය යුත්තක් හෝ සියතින් පිළිගෙනැ කා නම් හෝ වළඳා නම් හෝ මේ මෙහෙණ තොමෝත් පළමු (විකුම් කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ” යැයි.
3. යා පනාති: යා යාදිසා -පෙ- භික්ඛුනීති: -පෙ- අයං ඉමස්මිං අත්ථෙ අධිප්පෙතා භික්ඛුනීති.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
අවස්සුතා නාම: සාරත්තා අපෙක්ඛවතී පටිබද්ධචිත්තා.
අවස්සුතා නම්: රාගයෙන් මොනවට රත් වූ (පිරිම්නියක්හු කෙරෙහි) අපේක්ෂායෙන් යුක්ත වූ පිළිබඳසිත් ඇත්තී යැ.
අවස්සුතො නාම: සාරත්තො අපෙක්ඛවා පටිබද්ධචිත්තො.
අවස්සුත නම්: රාගයෙන් මොනොවට රත් වූ (මාගමක කෙරෙහි) අපේක්ෂායෙන් යුක්ත වූ පිළිබඳසිත් ඇත්තේ යැ.
පුරිසපුග්ගලො නාම: මනුස්සපුරිසො න යක්ඛො න පෙතො න තිරච්ඡානගතො විඤ්ඤූ පටිබලො සාරජ්ජිතුං.
පුරිසපුග්ගල නම්: මිනිස් පිරිම්නියෙකි, යකෙක් නො වෙයි, ප්‍රේතයෙක් නො වෙයි, තිරිසන් ගියෙක් නො වේ, රාගයෙන් ඇලෙන්නට දැනුමැති ප්‍රතිබලයෙකි.
ඛාදනීයං නාම: පඤ්චභොජනානි උදකදන්තපොණං ඨපෙත්වා අවසෙසං ඛාදනීයං නාම.
ඛාදනීය නම්: පස් බොජුන් ද දිය හා දැහැටු ද තබා සෙස්ස ඛාදනීය නම් වේ.
භොජනීයං නාම: පඤ්චභොජනානි ඔදනො කුම්මාසො සත්තු මච්ඡො මංසං, ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති ථුල්ලච්චයස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති සඞ්ඝාදිසෙසස්ස.
භෝජනීය නම්: බත් යැ කොමු යැ අත්සුණු යැ දියමස් යැ ගොඩමස් යැ යන පස් බොජුනි, කන්නෙමි බුදින්නෙමි යි පිළිගනී නම් තුලැසි ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි සඟවෙසෙස් ඇවැත් වේ.
අයම්පීති: පුරිමායො උපාදාය වුච්චති.
අයම්පි: පළමු මෙහෙණන් ගෙනැ කියනු ලැබෙයි.
පඨමාපත්තිකන්ති: සහවත්ථජ්ඣාචාරා ආපජ්ජති අසමනුභාසනාය.
පඨමාපත්තිකං: වස්තුව්‍යතික්‍රමණය සමඟ මැ පැමිණෙයි, සමනුභාෂණකර්‍මයෙන් නො වෙයි.
නිස්සාරණීයන්ති: සඞ්ඝම්හා නිස්සාරීයති.
නිස්සාරණීයං: සඟහු කෙරෙන් නෙරනු ලබයි.
සඞ්ඝාදිසෙසොති: -පෙ- තෙනපි වුච්චති සඞ්ඝාදිසෙසොති. උදකදන්තපොණං පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස.
සඞ්ඝාදිසේසො: ... එයිනුදු සඞ්ඝාදිසේස යැ යි කියනු ලැබෙයි, දිය හා දැහැටු පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
එකතො අවස්සුතෙ ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති ථුල්ලච්චයස්ස. උදකදන්තපොණං පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස.
එකක්හු විසින් රාගයෙන් තෙත් වූ කල්හි කන්නෙමි බුදින්නෙමියි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරගලායෙහි පරගලායෙහි තුලැසි ඇවැත් වෙයි. පැන් හා දැහැටු පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
උභතො අවස්සුතෙ යක්ඛස්ස වා පෙතස්ස වා පණ්ඩකස්ස වා තිරච්ඡානගතමනුස්සවිග්ගහස්ස වා හත්ථතො ඛාදනීයං වා භොජනීයං වා ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති ථුල්ලච්චයස්ස. උදකදන්තපොණං පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස.
දෙදෙනා විසින් රාගයෙන් තෙත් වූ කල්හි යක්ෂයකුගේ හෝ ප්‍රේතයකුගේ හෝ පණ්ඩකයකුගේ හෝ තිර්ය්යග්ගතමනුෂ්ය ශරිරියකුගේ හෝ අතින් කෑ යුත්තක් හෝ බිඳිය යුත්තක් හෝ කන්නෙමි බුදින්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි තුලැසි ඇවැත් වෙයි, පැන් හා දැහැටු පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
එකතො අවස්සුතෙ ඛාදිස්සාමි භුඤ්ජිස්සාමීති පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස. අජ්ඣොහාරෙ අජ්ඣොහාරෙ ආපත්ති දුක්කටස්ස. උදකදන්තපොණං පතිගණ්හාති ආපත්ති දුක්කටස්ස.
එකක්හු විසින් රාගයෙන් තෙත් වූ කල්හි කන්නෙමි බුදින්නෙමි යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි, පරගලායෙහි පරගලායෙහි දුකුළා ඇවැත් වෙයි, පැන් හා දැහැටු පිළිගනී නම් දුකුළා ඇවැත් වේ.
අනාපත්ති: උභතො අනවස්සුතා හොන්ති, අනවස්සුතොති ජානන්තී පතිගණ්හාති, උම්මත්තිකාය -පෙ- ආදිකම්මිකායාති.
දෙදෙනා විසින් රාගයෙන් තෙත් නො වූවාහු වෙත් නම්, රාගයෙන් තෙත් නො වූයේ යැ යි දන්නී පිළිගනී නම්, උම්මත්තිකාවට ... අදිකම්මිකාවහට ඇවැත් නැති.
පඤ්චම සඞ්ඝාදිසෙසො
පඤ්චම සඞ්ඝාදිශේෂ යි.